قُلْ أَعُوذُ بِرَبِّ ٱلنَّاسِ ﴿١﴾
අහෝ දූතය! ඔබ පවසන්න මම මිනිසුන්ගේ පරමාධිපතියාණන් වෙත ආරක්ෂාව පතමි. ඔහුගෙන් රැකවරණය පතමි
මුල් පිටුව›තෆ්සීර්›An-Naas (114)
මක්කී · 6 වාක්‍ය
قُلْ أَعُوذُ بِرَبِّ ٱلنَّاسِ ﴿١﴾
අහෝ දූතය! ඔබ පවසන්න මම මිනිසුන්ගේ පරමාධිපතියාණන් වෙත ආරක්ෂාව පතමි. ඔහුගෙන් රැකවරණය පතමි
مَلِكِ ٱلنَّاسِ ﴿٢﴾
ඔහු මිනිසුන්ගේ රජුය. ඔහු කැමති දේ ඔවුන් අතර ක්රියාත්මක කරවයි. ඔහු හැර වෙනත් කිසිදු හිමිකරුවකු ඔවුනට නොමැත
إِلَـٰهِ ٱلنَّاسِ ﴿٣﴾
ඔවුන් විසින් සැබෑ ලෙස නැමදුමට ලක් විය යුත්තාය. ඔහු හැර සැබෑ ලෙස නැමදුම් ලැබිය යුතු වෙනත් කිසිවකු ඔවුනට නොමැත
مِن شَرِّ ٱلْوَسْوَاسِ ٱلْخَنَّاسِ ﴿٤﴾
මිනිසා අල්ලාහ්ව මෙනෙහි කිරීමෙන් නොසළකා හැරුණු විට ඔහු තුළට කුකුස් හෙළන ෂෙයිතාන්ගේ හානියෙන් ආරක්ෂාව පතමි. මිනිසා අල්ලාහ්ව මෙනෙහි කළ විට ඔහු ආපස්සට යනු ඇත
ٱلَّذِى يُوَسْوِسُ فِى صُدُورِ ٱلنَّاسِ ﴿٥﴾
ඔහු මිනිසාගේ හදවත් වෙත ඔහුගේ කුකුස් හෙළයි
مِنَ ٱلْجِنَّةِ وَٱلنَّاسِ ﴿٦﴾
ඔහු ජින්නුන් අතර මෙන්ම මිනිසුන් අතරද වෙති. මූලාශ්‍රය: අල්-මුඃතසර් ෆී තෆ්සීරිල් කුර්ආන්
අනුගමනය · පුනරාවර්තනය · පැවසීම · ලියාපදිංචිය අවශ්‍ය නැත