මුල් පිටුවතෆ්සීර්Al-Qaari'a (101)

තෆ්සීර් Al-Qaari'a (101) — القارعة

මක්කී · 11 වාක්‍ය

කියවන්න · අහන්නPDF ගොනුව

ٱلْقَارِعَةُ ﴿١﴾

අවසන් හෝරාවේදී සිදුවන මහා අර්බුද දැක මිනිසුන්ගේ හදවත් තිගැස්සෙන දිනයකි එය

مَا ٱلْقَارِعَةُ ﴿٢﴾

අවසන් හෝරාවේදී සිදුවන මහා අර්බුද දැක මිනිසුන්ගේ හදවත් තිගැස්සෙන ඒ දිනය කුමක්ද?

وَمَآ أَدْرَىٰكَ مَا ٱلْقَارِعَةُ ﴿٣﴾

අවසන් හෝරාවේදී සිදුවන මහා අර්බුද දැක මිනිසුන්ගේ හදවත් තිගැස්සෙන එම දිනය කුමක් දැයි අහෝ දූතය! ඔබට දැනුම් දුන්නේ කුමක්ද? එය යළි අවදි කරවන දිනයකි

يَوْمَ يَكُونُ ٱلنَّاسُ كَٱلْفَرَاشِ ٱلْمَبْثُوثِ ﴿٤﴾

මිනිසුන්ගේ හදවත් තිගැස්සෙන එදින ඔබ මොබ දුවන මේරුන් මෙන් ඔවුහු සැරිසරති

وَتَكُونُ ٱلْجِبَالُ كَٱلْعِهْنِ ٱلْمَنفُوشِ ﴿٥﴾

පීරන ලද පුළුන් මෙන් විතැන් වී ගොස් සැහැල්ලුවෙන් ගමන් කරන තත්ත්වයට කදු පත්වනු ඇත. فأما من ثقلت موزينه

فَأَمَّا مَن ثَقُلَتْ مَوَٰزِينُهُۥ ﴿٦﴾

තමන්ගේ අයහකම් වලට වඩා තමන් කළ යහකම් බරින් වැඩි වූ අය වනාහි, فهو فى عيشة ر اضية

فَهُوَ فِى عِيشَةٍۢ رَّاضِيَةٍۢ ﴿٧﴾

ස්වර්ගය හිමි කර ගනිමින් තෘප්තිමත් ජීවිතයක පසු වනු ඇත. بلغ අල්-කුර්ආන් · තෆ්සීර් وأما من خفت موزينه

وَأَمَّا مَنْ خَفَّتْ مَوَٰزِينُهُۥ ﴿٨﴾

තමන්ගේ යහකම් වලට වඩා තමන් කළ අයහකම් බරින් වැඩි වූ අය වනාහි, فأم ه هاوية

فَأُمُّهُۥ هَاوِيَةٌۭ ﴿٩﴾

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේදී ඔහුගේ නවාතැන ඔහුගේ වාසස්ථානය වන්නේ නිරයයි

وَمَآ أَدْرَىٰكَ مَا هِيَهْ ﴿١٠﴾

අහෝ දූතය! එය කුමක්දැයි ඔබව දැනුවත් කර සිටියේ කුමක්ද? نار حامية

نَارٌ حَامِيَةٌۢ ﴿١١﴾

එය දැඩි තාපයෙන් යුත් ගින්නකි. මූලාශ්‍රය: අල්-මුඃතසර් ෆී තෆ්සීරිල් කුර්ආන්

ඉගෙන ගන්න · Al-Qaari'a — القارعة

අනුගමනය · පුනරාවර්තනය · පැවසීම · ලියාපදිංචිය අවශ්‍ය නැත

තෆ්සීර් · 31 භාෂා