وَٱلْعَـٰدِيَـٰتِ ضَبْحًۭا ﴿١﴾
වේගවත් බව හේතුවෙන් උන් හති දමන හඬ ඇසෙන තරමට දිව යන අශ්වයින් මත දිවුරමින්ද
මුල් පිටුව›තෆ්සීර්›Al-Aadiyaat (100)
මක්කී · 11 වාක්‍ය
وَٱلْعَـٰدِيَـٰتِ ضَبْحًۭا ﴿١﴾
වේගවත් බව හේතුවෙන් උන් හති දමන හඬ ඇසෙන තරමට දිව යන අශ්වයින් මත දිවුරමින්ද
فَٱلْمُورِيَـٰتِ قَدْحًۭا ﴿٢﴾
දිව යන විට උන්ගේ කුර බලවත් ලෙස ගල්වල ගැටීමෙන් ගිනි පුපුරු නංවන අශ්වයින් මත දිවුරමින්ද
فَٱلْمُغِيرَٰتِ صُبْحًۭا ﴿٣﴾
අලුයම් කාලයෙහි සතුරන් වෙත කඩා පනින අශ්වයින් මත දිවුරමින්ද. .. فأثرن به نقعا
فَأَثَرْنَ بِهِۦ نَقْعًۭا ﴿٤﴾
එසේ දිව යන විට උන් දූවිලි අවුස්සාලයි. فوسطن به جمعا
فَوَسَطْنَ بِهِۦ جَمْعًا ﴿٥﴾
අශ්වාරෝහකයින් සමඟ කණ්ඩායම් වශයෙන් සතුරන් මැදට කඩා පනියි
إِنَّ ٱلْإِنسَـٰنَ لِرَبِّهِۦ لَكَنُودٌۭ ﴿٦﴾
මෙසේ අශ්වයින් මත දිවුරා සැබැවින්ම මිනිසා තම පරමාධිපති බලාපොරොත්තුවන අයුරින් තමන් කළ යුතුව ඇති යහපත් දෑ නොකොට ඉන් වැළකී සිටින බව අවධාරණය කරයි. وإنه عل ذلك لشهيد
وَإِنَّهُۥ عَلَىٰ ذَٰلِكَ لَشَهِيدٌۭ ﴿٧﴾
එසේ යහපත් දෑ සිදුකිරීමෙන් වැළකී සිටින ඔහුම එයට සාක්ෂිකරුවකි. එය පැහැදිළි කරන بلغ අල්-කුර්ආන් · තෆ්සීර් විට එය ප්රතික්ෂේප කරන්නට ඔහුට හැකියාවක් නොලැබෙන්නේය
وَإِنَّهُۥ لِحُبِّ ٱلْخَيْرِ لَشَدِيدٌ ﴿٨﴾
සැබැවින්ම ඔහු ධනයට කෑදරය. මසුරුය
۞ أَفَلَا يَعْلَمُ إِذَا بُعْثِرَ مَا فِى ٱلْقُبُورِ ﴿٩﴾
විනිශ්චය සඳහාත් ප්රතිඵල පිරිනැමීම සඳහාත් මියගිය ඇත්තන් මිනීවළවල් වලින් යළි අවදිකරවා මහපොළොවෙන් ඉවතට ගන්නා විට ඔවුන් කල්පනය කරන්නාක් මෙන් එම විෂය නොපවතිනු ඇතැයි මෙළොව ජීවිතය තෝරාගත් අය වටහා නොගන්නේ මන්ද?
وَحُصِّلَ مَا فِى ٱلصُّدُورِ ﴿١٠﴾
සිත් තුළ ඇති කරගත් ඔහුගේ සිතුවිලි, විශ්වාසයන් හා වෙනත් දෑ පැහැදිළි කරනු ලැබ, ඒවා එළියට ගෙන එනු ලැබේ. إن رب هم بهم يومئذ ل خبير
إِنَّ رَبَّهُم بِهِمْ يَوْمَئِذٍۢ لَّخَبِيرٌۢ ﴿١١﴾
සැබැවින්ම එදින ඔවුන්ගේ පරමාධිපති ඔවුන් පිළිබඳ සියලු තොරතුරු මැනවින් දැන සිටියි. ඔහුගේ ගැත්තන්ගේ කිසිදු කරුණක් ඔහුට සැඟවෙන්නේ නැත. ඒ අනුව ඔහු ඔවුනට ප්ර්තිඵල පිරිනමනු ඇත. මූලාශ්‍රය: අල්-මුඃතසර් ෆී තෆ්සීරිල් කුර්ආන්
අනුගමනය · පුනරාවර්තනය · පැවසීම · ලියාපදිංචිය අවශ්‍ය නැත