මුල් පිටුවතෆ්සීර්Az-Zalzala (99)

තෆ්සීර් Az-Zalzala (99) — الزلزلة

මදනී · 8 වාක්‍ය

කියවන්න · අහන්නPDF ගොනුව

إِذَا زُلْزِلَتِ ٱلْأَرْضُ زِلْزَالَهَا ﴿١﴾

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේදී පොළොවට සිදුවන දැඩි කම්පනය හේතුවෙන් එය චලනය වන විට,

وَأَخْرَجَتِ ٱلْأَرْضُ أَثْقَالَهَا ﴿٢﴾

පොළොව තුළ වළදමා ඇති මිය ගිය ඇත්තන් හා වෙනත් දේවල් බැහැර කරනු ලබන විට,

وَقَالَ ٱلْإِنسَـٰنُ مَا لَهَا ﴿٣﴾

පොළොව මෙසේ කම්පනය වන්නට, එය චලනයට වන්නට හේතුව කුමක්දැ?යි මිනිසා වික්ෂිප්තව විමසයි. يومئ ذ تحدث أ خ بارها

يَوْمَئِذٍۢ تُحَدِّثُ أَخْبَارَهَا ﴿٤﴾

ඒ මහත්වූ දිනයේදී පොළොව තමන් මත සිදු වූ සියලු යහපත හා අයහපත පිළිබඳ තොරතුරු එළිපිට දන්වා සිටිනු ඇත. بأن ربك أوحى لها

بِأَنَّ رَبَّكَ أَوْحَىٰ لَهَا ﴿٥﴾

එය අල්ලාහ් එයට -පොළොවට- දැනුම් දී ඇති බැවින් හා ඒ ගැන නියෝග කර ඇති බැවිනි

يَوْمَئِذٍۢ يَصْدُرُ ٱلنَّاسُ أَشْتَاتًۭا لِّيُرَوْا۟ أَعْمَـٰلَهُمْ ﴿٦﴾

පොළොව කම්පනයට පත්වන ඒ මහත් වූ දිනයේ මෙලොවෙහි තමන් කළ ක්රියාවන් දැක ගනු පිණිස මිනිසා විනිශ්චය ස්ථානයෙන් පිටත්ව කණ්ඩායම් වශයෙන් පැමිණෙනු ඇත. بلغ අල්-කුර්ආන් · තෆ්සීර් فمن يعمل مثقال ذرةخيرا يره

فَمَن يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ خَيْرًۭا يَرَهُۥ ﴿٧﴾

එබැවින් කවරෙකු කුඩා කුහුඹුවකු තරම්වත් යහපත් උතුම් ක්රියාවක් කර ඇත්තේද ඔහු එය තමන් ඉදිරියේ දකිනු ඇත. ر ومن يعمل مثقال ذرة ش ايره

وَمَن يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍۢ شَرًّۭا يَرَهُۥ ﴿٨﴾

එමෙන්ම කවරෙකු කුඩා කුහුඹුවකු තරම්වත් අයහපත් නපුරු ක්රියාවක් කර ඇත්තේ ද ඔහු ද එය තමන් ඉදිරියේ දකිනු ඇත. මූලාශ්‍රය: අල්-මුඃතසර් ෆී තෆ්සීරිල් කුර්ආන්

ඉගෙන ගන්න · Az-Zalzala — الزلزلة

අනුගමනය · පුනරාවර්තනය · පැවසීම · ලියාපදිංචිය අවශ්‍ය නැත

තෆ්සීර් · 31 භාෂා