لَمْ يَكُنِ ٱلَّذِينَ كَفَرُوا۟ مِنْ أَهْلِ ٱلْكِتَـٰبِ وَٱلْمُشْرِكِينَ مُنفَكِّينَ حَتَّىٰ تَأْتِيَهُمُ ٱلْبَيِّنَةُ ﴿١﴾
යුදෙව්වන්, කිතුනුවන් හා දේව ආදේශකයින් අතුරින් දෙවියන් ප්රෙතික්ෂේප කළවුන්හට දේව ප්රතික්ෂේපය මත ඔවුන් එකතු වී ඒ සැමගේ එඟගත්වය පිහිටනු ලැබූනේත් පැහැදිළි සාක්ෂිය හා සාධකය පැමිණි පසුවය
رَسُولٌۭ مِّنَ ٱللَّهِ يَتْلُوا۟ صُحُفًۭا مُّطَهَّرَةًۭ ﴿٢﴾
ඒ පැහැදිලි සාක්ෂිය හා සාධකය වූයේ අල්ලාහ් විසින් එවන ලද දූතයාණන්ය. පාරිශුද්ධයින් මිස අන් කිසිවකු ස්පර්ශ නොකරන පවිත්ර වූ ලේඛනය එම දූතයාණන් විසින් කියවයි. فيها كتب قيمة
فِيهَا كُتُبٌۭ قَيِّمَةٌۭ ﴿٣﴾
මෙම ලේඛනයේ සත්යය හා සාධාරණ නීති පිළිබඳ තොරතුරු සඳහන්ව ඇත. එය මිනිසාගේ යහපත හා මඟපෙන්වීම කවර කරුණක් මත පිහිටන්නේ ද එය කරා යෑමට ඔවුනට මඟ පෙන්වනු ඇත
وَمَا تَفَرَّقَ ٱلَّذِينَ أُوتُوا۟ ٱلْكِتَـٰبَ إِلَّا مِنۢ بَعْدِ مَا جَآءَتْهُمُ ٱلْبَيِّنَةُ ﴿٤﴾
තව්රාතය දෙනු ලැබූ යුදෙව්වන් හා ඉන්ජීලය දෙනු ලැබූ කිතුනුවන් ඔවුන් වෙත අල්ලාහ් ඔහුගේ නබිවරයාණන් එවීමෙන් පසුව මිස වෙන්ව නොගියහ. නමුත් ඔවුන් අතර එය පිළිගත් අයද සිටියෝය. එමෙන්ම නබිවරයාගේ සත්යතාව දැන දැනත් එය ප්රතික්ෂේප කිරීමෙහි ඉක්මවා ගියවුන් ද සිටියෝය
وَمَآ أُمِرُوٓا۟ إِلَّا لِيَعْبُدُوا۟ ٱللَّهَ مُخْلِصِينَ لَهُ ٱلدِّينَ حُنَفَآءَ وَيُقِيمُوا۟ ٱلصَّلَوٰةَ وَيُؤْتُوا۟ ٱلزَّكَوٰةَ ۚ وَذَٰلِكَ دِينُ ٱلْقَيِّمَةِ ﴿٥﴾
යුදෙව්වන් හා කිතුනුවන්ගේ මුරණ්ඩුකම හා වැරැද්ද හෙළි විය. ඔවුන්ගේ දහම් ග්රන්ථවල සඳහන්ව ඇති පරිදි අල්ලාහ් පමණක් නැමදීම, දෙවිඳුන්හට සමානයන් තැබීමෙන් වැළකීම, بلغ අල්-කුර්ආන් · තෆ්සීර් සලාතය විධිමත්ව ඉටු කිරීම, සකාත් පිරිනැමීම යනාදිය මිස වෙන කිසිවක් මෙම අල් කුර්ආනයේ ඔවුනට අණ කරනු නොලැබීය. කිසිදු ඇදයක් නැති ඍජු දහම එයයි. ඒ හැර වෙනකක් අණ කරනු නොලැබීය
إِنَّ ٱلَّذِينَ كَفَرُوا۟ مِنْ أَهْلِ ٱلْكِتَـٰبِ وَٱلْمُشْرِكِينَ فِى نَارِ جَهَنَّمَ خَـٰلِدِينَ فِيهَآ ۚ أُو۟لَـٰٓئِكَ هُمْ شَرُّ ٱلْبَرِيَّةِ ﴿٦﴾
යුදෙව්වන් හා කිතුනුවන් අතුරින් ද දේව ආදේශකයින් අතුරින් ද දෙවියන් ප්රතික්ෂේප කරන්නන් වනාහි, ඔවුහු මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේදී නිරයට ඇතුළු වෙති. එහි සදාතනිකයෝ වෙති. ඔවුන් මැවීම් අතර සිටින නරකම අයයි. එය අල්ලාහ්ව ප්රතික්ෂේප කළ බැවින් හා ඔහුගේ දූතයාණන් ගැන ඔවුන් බොරු කළ බැවිනි
إِنَّ ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّـٰلِحَـٰتِ أُو۟لَـٰٓئِكَ هُمْ خَيْرُ ٱلْبَرِيَّةِ ﴿٧﴾
සැබැවින්ම අල්ලාහ්ව විශ්වාස කොට දැහැමි ක්රියාවන් කළවුන් වනාහි ඔවුන් මැවීම් අතුරින් ශ්රේෂ්ඨතම අය වෙති
جَزَآؤُهُمْ عِندَ رَبِّهِمْ جَنَّـٰتُ عَدْنٍۢ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَـٰرُ خَـٰلِدِينَ فِيهَآ أَبَدًۭا ۖ رَّضِىَ ٱللَّهُ عَنْهُمْ وَرَضُوا۟ عَنْهُ ۚ ذَٰلِكَ لِمَنْ خَشِىَ رَبَّهُۥ ﴿٨﴾
ඔවුන්ගේ පරමාධිපති අබියස ඔවුනට හිමි කුසල් වනුයේ, මාලිගා හා ගස් අතරින් ගලා බස්නා ගංගා සහිත ස්වර්ග උයන්ය. ඔවුහු එහි සදාතනිකයෝ වන්නාහුය. ඔවුන් අල්ලාහ්ව විශ්වාස කළ බැවින්ද ඔහුට ඔවුන් අවනත වූ බැවින්ද අල්ලාහ් ඔවුන්ව පිළිගත්තේය. ඔවුහු ද ඔහුගේ ආශිර්වාදය ලබා ගත් බැවින් තෘප්තියට පත් වූහ. එම ආශිර්වාදය ලබා ගන්නේ තම පරමාධිපතිට බිය වී ඔහුගේ අණ ක්රියාත්මක කොට ඔහු වැළැක්වූ දැයින් වැළකී සිටින්නන්ය. මූලාශ්‍රය: අල්-මුඃතසර් ෆී තෆ්සීරිල් කුර්ආන්