මුල් පිටුවතෆ්සීර්Al-Qadr (97)

තෆ්සීර් Al-Qadr (97) — القدر

මක්කී · 5 වාක්‍ය

කියවන්න · අහන්නPDF ගොනුව

إِنَّآ أَنزَلْنَـٰهُ فِى لَيْلَةِ ٱلْقَدْرِ ﴿١﴾

රමළාන් මාසයේ කද්ර් රාත්රියේ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් හට අල් කුර්ආනය පහළ කිරීමට අපි ආරම්භ කළාක් මෙන්ම අල් කුර්ආනය මුළුමණින්ම එවැනි රාත්රියක අපි පහළ අහසට පහළ කළෙමු

وَمَآ أَدْرَىٰكَ مَا لَيْلَةُ ٱلْقَدْرِ ﴿٢﴾

අහෝ නබිවරය, එම රාත්රියේ ඇති යහපත හා අභිවෘද්ධිය කවරක්දැයි ඔබ දන්නෙහිද?

لَيْلَةُ ٱلْقَدْرِ خَيْرٌۭ مِّنْ أَلْفِ شَهْرٍۢ ﴿٣﴾

එම රාත්රිය, මහිමයෙන් පිරිණු බලගතු රාත්රියකි. එහි විශ්වාසයෙන් යුතුව හා කුසල් බලාපොරොත්තුවෙන් නැමදුම්වල නිරත වන්නන්හට මාස දහසකට වඩා උතුම් වූ රාත්රියක් බවට එය පත්වනු ඇත

تَنَزَّلُ ٱلْمَلَـٰٓئِكَةُ وَٱلرُّوحُ فِيهَا بِإِذْنِ رَبِّهِم مِّن كُلِّ أَمْرٍۢ ﴿٤﴾

මලක්වරුන් හා ජිබ්රීල් තුමා තම පරාමාධිපතියාණන්ගේ අනුමැතිය ඇතිව එම වර්ෂය තුළ අල්ලාහ් විසින් මිනිසාට තීන්දු කළ ආහාර හා සම්පත්, ඔහුගේ මරණය හා උපත සහ ඔහු විසින් තීන්දු කළ අනෙකුත් නිර්ණායකයන් සමඟ පහළ වනු ඇත

سَلَـٰمٌ هِىَ حَتَّىٰ مَطْلَعِ ٱلْفَجْرِ ﴿٥﴾

මෙම මුලු රාත්රියම එහි ආරම්භයේ සිට අලුයම උදාවේ අවසානය තෙක්ම සමෘද්ධියෙන් පිරී පවතින්නකි. මූලාශ්‍රය: අල්-මුඃතසර් ෆී තෆ්සීරිල් කුර්ආන්

ඉගෙන ගන්න · Al-Qadr — القدر

අනුගමනය · පුනරාවර්තනය · පැවසීම · ලියාපදිංචිය අවශ්‍ය නැත

තෆ්සීර් · 31 භාෂා