මුල් පිටුවතෆ්සීර්Al-Alaq (96)

තෆ්සීර් Al-Alaq (96) — العلق

මක්කී · 19 වාක්‍ය

කියවන්න · අහන්නPDF ගොනුව

ٱقْرَأْ بِٱسْمِ رَبِّكَ ٱلَّذِى خَلَقَ ﴿١﴾

අහෝ දූතය! ඔබ වෙත එවන ලද දේව පණිවුඩය, සියලු මැවීම් නිර්මාණය කළ ඔබේ පරමාධිපති අල්ලාහ්ගේ නාමයෙන් ආරම්භ කොට කියවනු

خَلَقَ ٱلْإِنسَـٰنَ مِنْ عَلَقٍ ﴿٢﴾

ශුක්ර බිඳුවක තත්ත්වයේ සිට පසුව කූඩැල්ලෙකුගේ ස්වරූපයෙන් දිස්වන ලේ කැටියක් බවට පත්කොට එමගින් ඔහු මිනිසාව මැව්වේය

ٱقْرَأْ وَرَبُّكَ ٱلْأَكْرَمُ ﴿٣﴾

අහෝ දූතය! ඔබ වෙත අල්ලාහ් පහළ කළ පණිවුඩය ඔබ කියවනු. ඔබේ පරමාධිපති අති ගෞරවනීයය. ඔහුගේ ගෞරවයට සමීප වන්නට වෙනත් කිසිදු ගෞරවනීය කෙනෙකු නොමැත. ඔහු මහත් ත්යා්ගශීලීය. මහත් සේ උපකාර කරන්නාය

ٱلَّذِى عَلَّمَ بِٱلْقَلَمِ ﴿٤﴾

ඔහු පන්හිඳෙන් අදින්නට හා ලියන්නට ඉගැන්වීය

عَلَّمَ ٱلْإِنسَـٰنَ مَا لَمْ يَعْلَمْ ﴿٥﴾

මිනිසා නොදැන සිටි දෑ ඔහු ඉගැන්වීය

كَلَّآ إِنَّ ٱلْإِنسَـٰنَ لَيَطْغَىٰٓ ﴿٦﴾

ඇත්තෙන්ම අබූ ජහල් වැනි පාපී මිනිසුන් අල්ලාහ්ගේ සීමාවන් ගැන තර්ක කරමින් ඒවා අබිබවා ගොස් කටයුතු කරති

أَن رَّءَاهُ ٱسْتَغْنَىٰٓ ﴿٧﴾

එය තමන් සතු නිල හා ධන බලය හේතුවෙන් තමන් ස්වාධීන යැයි ඔහු සිතූ බැවිනි. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

إِنَّ إِلَىٰ رَبِّكَ ٱلرُّجْعَىٰٓ ﴿٨﴾

අහෝ මිනිසාණෙනි! මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේදී නැවත හැරී යා යුත්තේ ඔබේ පරමාධිපති වෙතමය. එවිට සෑම කෙනෙකුටම ඔහු උපයාගත් දෑට උචිත වූ පරිදි ඔහු(අල්ලාහ්) ප්රතිඵල පිරිනමනු ඇත

أَرَءَيْتَ ٱلَّذِى يَنْهَىٰ ﴿٩﴾

(දහම් කටයුතුවලින්) වළක්වමින් සිටි අබූ ජහල්ගේ පුදුම සහගත හැසිරීම ඔබ දුටුවෙහිද?

عَبْدًا إِذَا صَلَّىٰٓ ﴿١٠﴾

අපගේ ගැත්තා වූ මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා කඃබා දේවස්ථානයේ සලාතය ඉටු කරමින් සිටි විට ඔහු ඔහුව වැළැක්වීය

أَرَءَيْتَ إِن كَانَ عَلَى ٱلْهُدَىٰٓ ﴿١١﴾

මෙසේ වළක්වන්නා තම පරමාධිපතිගෙන් වූ යම් සාධකයක් මත හෝ යහමග මත සිටිනු ඔබ දුටුවේද?

أَوْ أَمَرَ بِٱلتَّقْوَىٰٓ ﴿١٢﴾

එසේ නැතහොත් අල්ලාහ්ගේ නියෝගයන් පිළිපැද ඔහු වැළැක් වූ දැයින් වැළකී ඔහු කෙරෙහි බැතිමත් වී කටයුතු කරන මෙන් ඔහු මිනිසාට අණ කර සිටින්නේද? මෙසේ තිබියදී ඒ මත සිටින්නාව ඔහු වළක්වන්නේද?

أَرَءَيْتَ إِن كَذَّبَ وَتَوَلَّىٰٓ ﴿١٣﴾

මෙසේ වළක්වන්නා, අල්ලාහ්ගේ දූතයාණන් ගෙන ආ දෑ බොරු කරමින්, එයට පිටුපාමින් සිටිනු ඔබ දුටුවේද? ඔහු අල්ලාහ්ට බිය විය යුතු නොවේද?

أَلَمْ يَعْلَم بِأَنَّ ٱللَّهَ يَرَىٰ ﴿١٤﴾

මෙම ගැත්තාව සලාතයෙන් වළක්වන්නා, සැබැවින්ම අල්ලාහ් තමන් සිදු කරන දෑ දකින බවත් ඔ بلغ අල්-කුර්ආන් · තෆ්සීර් හුට කිසිවක් සැඟවෙන්නේ නැති බවත් ඔහු නොදන්නේද?

كَلَّا لَئِن لَّمْ يَنتَهِ لَنَسْفَعًۢا بِٱلنَّاصِيَةِ ﴿١٥﴾

මෙම මෝඩ මිනිසා රූපණය කරන්නාක් මෙන් නොව, අපගේ ගැත්තාට හිංසා කිරීමෙන් හා ඔහු බොරුකාරයකු බවට පත් කිරීමෙන් ඔහු නොවැළකුණේ නම් අපි ඔහුගේ හිස ඉදිරිපස කෙස් රොදෙන් අල්ලා ගෙන නිරා ගින්න වෙත ඇඳගෙන යන්නෙමු. ناص يةكذبة خاطئة

نَاصِيَةٍۢ كَـٰذِبَةٍ خَاطِئَةٍۢ ﴿١٦﴾

හිස ඉදිරිපස මෙම කෙස් රොදට හිමිකම් කියන්නා තමන් පවසන ප්රකාශයෙහි බොරුකාරයකි. තමන් කරන ක්රියාවෙහි අපරාධකාරයෙකි. فليدع ناديه

فَلْيَدْعُ نَادِيَهُۥ ﴿١٧﴾

ඔහුගේ හිස ඉදිරියෙහි ඇති නළලේ තිබෙන කෙස් රොදින් ඔහු ග්රහණය කොට නිරය වෙත ගෙන යන විට, එම දඬුවමින් ආරක්ෂා වන්නට උදව් පතමින් ඔහු තම මිතුරන් හා ඔහුගේ සහායකයින් කැඳවත්වා!

سَنَدْعُ ٱلزَّبَانِيَةَ ﴿١٨﴾

අපි නිරයේ භාරකාර දරුණු මලක්වරුන් කැඳවන්නෙමු. ඔවුන් අල්ලාහ් අණ කළ කිසිවකට පිටු පාන්නේ නැත. ඔවුනට අණ කරනු ලබන පරිදිම ක්රිියා කරති. එවිට මෙම කණ්ඩායම් දෙකෙන් කවර කණ්ඩායමක් වඩාත් බලවත් හා ශක්තිමත් වන්නේ දැයි ඔහු හොඳින් බලත්වා

كَلَّا لَا تُطِعْهُ وَٱسْجُدْ وَٱقْتَرِب ۩ ﴿١٩﴾

අහෝ නබිවරය! මෙම අපරාධකාරයා ඔබට යම් නපුරක් කරතැයි ඔබ සැක කරන්නාක් මෙන් එම කරුණ නොමැත. එබැවින් ඔහු(අපරාධකරු) අණ කරන කිසිවකට ඔබ අවනත නොවනු. අල්ලාහ්ට ඔබ සුජූද් කරනු. ඔහුට අවනත වෙමින් ඔහු වෙත සමීප වනු. සැබැවින්ම එය ඔහු වෙතට සමීප කරවනු ඇත. මූලාශ්‍රය: අල්-මුඃතසර් ෆී තෆ්සීරිල් කුර්ආන්

ඉගෙන ගන්න · Al-Alaq — العلق

අනුගමනය · පුනරාවර්තනය · පැවසීම · ලියාපදිංචිය අවශ්‍ය නැත

තෆ්සීර් · 31 භාෂා