මුල් පිටුවතෆ්සීර්At-Tin (95)

තෆ්සීර් At-Tin (95) — التين

මක්කී · 8 වාක්‍ය

කියවන්න · අහන්නPDF ගොනුව

وَٱلتِّينِ وَٱلزَّيْتُونِ ﴿١﴾

අල්ලාහ් තීන් -අත්තික්කා- මත හා එම ශාක හටගන්නා ස්ථානය මත දිවුරා පවසයි. තවද සෙයිතූන් -ඔලිව්- මත හා එය බහුල ලෙස වැවී තිබූ පලස්තීනයේ ප්රදේශයක් මත ද දිවුරා පවසයි. ඊසා අලෛහිස් සලාම් තුමාව නබිවරයකු ලෙස එවනු ලැබූ දේශය එයයි. وطور سينين

وَطُورِ سِينِينَ ﴿٢﴾

මූසා අලෛහිස් සලාම් අල්ලාහ් අබියස කතා කළ සිනායි කන්ද මත ද දිවුරා පවසයි

وَهَـٰذَا ٱلْبَلَدِ ٱلْأَمِينِ ﴿٣﴾

කවරෙකු එහි පිවිසෙන්නේ ද ඔහු එහි ආරක්ෂාව ලබන, දූත මෙහෙවර සමඟ මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් එවනු ලැබූ ශුද්ධ වූ මක්කා නගරය මත දිවුරා පවසයි

لَقَدْ خَلَقْنَا ٱلْإِنسَـٰنَ فِىٓ أَحْسَنِ تَقْوِيمٍۢ ﴿٤﴾

සැබැවින්ම මිනිසා නිසි මැවීමකින් හා ශ්රේෂ්ඨ හැඩරුවකින් යුතුව අපි ඇති කළෙමු. ثم رددنه أسفل سفلين

ثُمَّ رَدَدْنَـٰهُ أَسْفَلَ سَـٰفِلِينَ ﴿٥﴾

පසුව අපි ඔහු මෙලොවෙහි වයෝවෘද්ධභාවයට හා ආබාධයකට නැවත ගෙන එන්නෙමු. එහෙයින් කෙනෙකුගේ ස්වභාවය අයහපත් වී නරකාදියට යෑම මඟින් ප්රයෝජනයක් ඔහුට හිමි නොවන්නේ කෙසේද, එසේම ඔහුගේ එම ශරීරය මඟින් මෙලොවෙහි ඔහු ප්රයෝජනයක් නොලබයි

إِلَّا ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّـٰلِحَـٰتِ فَلَهُمْ أَجْرٌ غَيْرُ مَمْنُونٍۢ ﴿٦﴾

නමුත් අල්ලාහ් ව විශ්වාස කොට දැහැමි ක්රියාවන් සිදු කළවුන් හැර. සැබැවින්ම ඔවුන් بلغ අල්-කුර්ආන් · තෆ්සීර් වනාහි වයෝවෘද්ධභාවයට පත් වුවද ඔවුනට අඛණ්ඩ ව සදා පවතින කුසල් හිමිය. එය ස්වර්ග උයනයි. එය ඔවුන් ඔවුන්ගේ ස්වභාව ධර්මය පිරිසිදු කර ගත් බැවිනි

فَمَا يُكَذِّبُكَ بَعْدُ بِٱلدِّينِ ﴿٧﴾

බොහෝ බලවත් සංඥා නුඹ දෑසින් දුටු පසුව ප්රතිඵල පිරිනමනු ලබන දිනය බොරු යැයි පැවසීමට නුඹව පොළඹවූයේ කවර කරුණක් ද?

أَلَيْسَ ٱللَّهُ بِأَحْكَمِ ٱلْحَـٰكِمِينَ ﴿٨﴾

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය ප්රතිඵල සඳහා වූ දිනයක් ලෙස පත් කිරීමෙන් අල්ලාහ් තීරකයින් අතර මහා තීරකයකු මෙන්ම වඩාත් සාධාරණනීය අයකු නොවී ද?! අල්ලාහ් තම ගැත්තන් අතර තීන්දු නොකර නිකරුණේ අතහැර දමනු ඇතැයි සිදුවේ ද? දැහැමියාට ඔහුගේ දැහැමිභාවය අනුවත්, දුෂ්ඨයාට ඔහුගේ දුෂ්ඨභාවය අනුවත් ප්රතිඵල පිරිනමනු ඇත. මූලාශ්‍රය: අල්-මුඃතසර් ෆී තෆ්සීරිල් කුර්ආන්

ඉගෙන ගන්න · At-Tin — التين

අනුගමනය · පුනරාවර්තනය · පැවසීම · ලියාපදිංචිය අවශ්‍ය නැත

තෆ්සීර් · 31 භාෂා