أَلَمْ نَشْرَحْ لَكَ صَدْرَكَ ﴿١﴾
සැබැවින්ම නුඹේ හදවත අල්ලාහ් නුඹට පුළුල් කළේය. දේව පණිවිඩ ලැබීමේ ආශාව නුඹ වෙත ඇති කළේය. ووضعنا عنك وزرك
මුල් පිටුව›තෆ්සීර්›Ash-Sharh (94)
මක්කී · 8 වාක්‍ය
أَلَمْ نَشْرَحْ لَكَ صَدْرَكَ ﴿١﴾
සැබැවින්ම නුඹේ හදවත අල්ලාහ් නුඹට පුළුල් කළේය. දේව පණිවිඩ ලැබීමේ ආශාව නුඹ වෙත ඇති කළේය. ووضعنا عنك وزرك
وَوَضَعْنَا عَنكَ وِزْرَكَ ﴿٢﴾
ඉකුත් ව ගිය නුඹේ පාපයන් සඳහා අපි නුඹට සමාව දුනිමු. නුඹ සිටි අඥාන යුගයේ බර අපි නුඹගෙන් ඉවත් කළෙමු
ٱلَّذِىٓ أَنقَضَ ظَهْرَكَ ﴿٣﴾
එය ඔබේ කොන්ද කැඩෙන තරමට ඔබට දුෂ්කරතා ගෙන දෙන්නක් විය. ورفعنا لك ذكرك
وَرَفَعْنَا لَكَ ذِكْرَكَ ﴿٤﴾
අහෝ මුහම්මද්! ඔබ ගැන සිහිකිරීම අපි උසස් කළෙමු. එය අදාන් ඉකාමත් හා වෙනත් තැන්වලදී ඔබ ගැන සිහිපත් කරන තරමට විය
فَإِنَّ مَعَ ٱلْعُسْرِ يُسْرًا ﴿٥﴾
දැඩිබව හා දුෂ්කරත්වය සමඟ සැහැල්ලුව,පහසුව හා සහනය ඇත
إِنَّ مَعَ ٱلْعُسْرِ يُسْرًۭا ﴿٦﴾
දැඩිබව හා දුෂ්කරත්වය සමඟ සැහැල්ලුව, පහසුව හා සහනය ඇත. එය නුඹ වටහා ගත්තේ නම් නුඹේ ජනයාගේ පීඩාවන් නුඹව කම්පනයට පත් නො කරනු ඇත. අල්ලාහ් වෙත කෙරෙන ඇරයුමෙන් නුඹව නො වළක්වනු ඇත. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
فَإِذَا فَرَغْتَ فَٱنصَبْ ﴿٧﴾
ඔබේ කටයුතුවලින් ඔබ නිදහස් වී, ඒවා අවසන් කළ වහාම ඔබේ පරමාධිපතිට නැමදුම් කිරීමෙහි ඔබව නිරත කරනු
وَإِلَىٰ رَبِّكَ فَٱرْغَب ﴿٨﴾
ඔබේ කැමැත්ත හා ඔබේ අභිලාෂය අල්ලාහ් වෙතට පමණක්ම යොමු කරනු. මූලාශ්‍රය: අල්-මුඃතසර් ෆී තෆ්සීරිල් කුර්ආන්
අනුගමනය · පුනරාවර්තනය · පැවසීම · ලියාපදිංචිය අවශ්‍ය නැත