මුල් පිටුවතෆ්සීර්Ad-Dhuhaa (93)

තෆ්සීර් Ad-Dhuhaa (93) — الضحى

මක්කී · 11 වාක්‍ය

කියවන්න · අහන්නPDF ගොනුව

وَٱلضُّحَىٰ ﴿١﴾

දහවල ආරම්භය මත දිවුරමින්

وَٱلَّيْلِ إِذَا سَجَىٰ ﴿٢﴾

රාත්රිය මත දිවුරමින් එය අන්ධකාරය පතුරුවා එහි මිනිසුන් තම කාර්යයන්ගෙන් ඉවත් ව සැනසුම ලබන විට. ما ودعك ربك وما قل

مَا وَدَّعَكَ رَبُّكَ وَمَا قَلَىٰ ﴿٣﴾

අහෝ දූතය! දේව පණිවිඩ නතර වූ කාලයේදී දෙවිඳුන්ට ආදේශ කරන්නන් පවසා සිටියාක් මෙන් ඔබේ පරමාධිපති ඔබව අතහැරියේ නැත. එමෙන්ම ඔබ සමඟ අමනාප වූයේ ද නැත

وَلَلْـَٔاخِرَةُ خَيْرٌۭ لَّكَ مِنَ ٱلْأُولَىٰ ﴿٤﴾

මතු නිවහන මෙලොවට වඩා ඔබට උතුම්ය. හේතුව, එහි නිමක් නැති සැප සම්පත් සදා පවතින බැවිනි

وَلَسَوْفَ يُعْطِيكَ رَبُّكَ فَتَرْضَىٰٓ ﴿٥﴾

ඔබට හා ඔබේ සමූහයාට පිරිනමන දෑ පිළිබඳ ඔබ තෘප්තිමත් වන තරමට ඔබට හා ඔබේ සමූහයාට ඉමහත්වූ ප්රතිඵල මතු පිරිනමනු ඇත. ألم يجدك يتيما فٔاو

أَلَمْ يَجِدْكَ يَتِيمًۭا فَـَٔاوَىٰ ﴿٦﴾

කුඩා අවදියේ පියාණන් අහිමි වූ තත්ත්වයේ ඔබ සිටියෙහිය. පසුව ඔබේ සීයා වන අබ්දුල් මුත්තලිබ්ගේ හා ඉන්පසුව ඔබේ මහප්පා වන අබූ තාලිබ්ගේ භාරයේ සෙනෙහසට පත් කොට ඔහු ඔබට පිළිසරණක් දුන්නේය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර් ل

وَوَجَدَكَ ضَآلًّۭا فَهَدَىٰ ﴿٧﴾

දේව ග්රන්ථය (කුර්ආනය) කුමක් ද, ඊමානය (දේව විශ්වාසය) කුමක්දැයි යන්න ඔබ දැන සිටියේ නැත. පසුව ඒතුළින් ඔබ නොදැන සිටි දෑ ඔහු ඔබට ඉගැන්වීය

وَوَجَدَكَ عَآئِلًۭا فَأَغْنَىٰ ﴿٨﴾

ඔබ දිළින්ඳෙකු ලෙස සිටියෙහිය. පසුව ඔහු ඔබව ස්වයංපෝෂිත කළේය

فَأَمَّا ٱلْيَتِيمَ فَلَا تَقْهَرْ ﴿٩﴾

එබැවින් ළමා අවදියේදී පියාණන් අහිමි වූ අනාථ දරුවන් සමඟ වූ ඇසුර පළුදු නොකරනු. ඔවුන්ව පහත් කොට නොසලකනු

وَأَمَّا ٱلسَّآئِلَ فَلَا تَنْهَرْ ﴿١٠﴾

අවශ්යතා ඉල්ලා පැමිණෙන අය පලවා නොහරිනු. وأم ابنعمة ربك فحدث

وَأَمَّا بِنِعْمَةِ رَبِّكَ فَحَدِّثْ ﴿١١﴾

ඔබ වෙත අල්ලාහ් පිරිනැමූ ආශිර්වාද සඳහා ඔබ තුති පුද කොට ඒවා ගැන මෙනෙහි කරනු. මූලාශ්‍රය: අල්-මුඃතසර් ෆී තෆ්සීරිල් කුර්ආන්

ඉගෙන ගන්න · Ad-Dhuhaa — الضحى

අනුගමනය · පුනරාවර්තනය · පැවසීම · ලියාපදිංචිය අවශ්‍ය නැත

තෆ්සීර් · 31 භාෂා