මුල් පිටුවතෆ්සීර්Al-Lail (92)

තෆ්සීර් Al-Lail (92) — الليل

මක්කී · 21 වාක්‍ය

කියවන්න · අහන්නPDF ගොනුව

وَٱلَّيْلِ إِذَا يَغْشَىٰ ﴿١﴾

අහස හා පොළොව අතර ඇති දෑ රාත්රී අන්ධකාරයෙන් ආවරණය කරන විට අල්ලාහ් ඒ මත දිවුරා පවසයි

وَٱلنَّهَارِ إِذَا تَجَلَّىٰ ﴿٢﴾

දහවල නිරාවරණය වී හෙළිවන විට ඒ මත දිවුරා පවසයි

وَمَا خَلَقَ ٱلذَّكَرَ وَٱلْأُنثَىٰٓ ﴿٣﴾

ස්ත්රී හා පුරුෂ යන දෙවර්ගය මතද දිවුරා පවසයි. إن سعيكم لشت

إِنَّ سَعْيَكُمْ لَشَتَّىٰ ﴿٤﴾

අහෝ මිනිසාණෙනි! සැබැවින්ම නුඹලාගේ ක්රියාවන් විවිධය. ඒවා අතර ස්වර්ගයට පිවිසීමට හේතුවන යහකම් ද ඇත. එමෙන්ම නිරයට පිවිසීමට හේතුවන පාපකම්ද ඇත

فَأَمَّا مَنْ أَعْطَىٰ وَٱتَّقَىٰ ﴿٥﴾

එහෙයින් සකාත්, නඩත්තු වියදම්, වන්දි වැනි වියදම් කිරීමට අනිවාර්ය දෑ පිරිනමමින් අල්ලාහ් තහනම් කළ දැයින් වැළකී සිටින අය වනාහි,

وَصَدَّقَ بِٱلْحُسْنَىٰ ﴿٦﴾

එමෙන්ම, පසුවට ලබා දෙන බවට අල්ලාහ් පොරොන්දු වූ දෑ සැබෑවක් බව පවසා සිටි අය වනාහි, فسنيسره لليسر

فَسَنُيَسِّرُهُۥ لِلْيُسْرَىٰ ﴿٧﴾

දැහැමි කටයුතු කිරීමටත් අල්ලාහ්ගේ මාර්ගයේ වියදම් කිරීමටත් අපි ඔහුට පහසු කරන්නෙමු

وَأَمَّا مَنۢ بَخِلَ وَٱسْتَغْنَىٰ ﴿٨﴾

මසුරුකම්පා තම ධනය වියදම් කිරීමට අනිවාර්ය වන කටයුතු සඳහා වියදම් නොකොට එම ධනය بلغ අල්-කුර්ආන් · තෆ්සීර් හේතුවෙන් අල්ලාහ් අවශ්ය නොවන බව සිතා ඔහුගෙන් කිසිදු භාග්යයක් ඉල්ලා නොසිටින අය වනාහි,

وَكَذَّبَ بِٱلْحُسْنَىٰ ﴿٩﴾

එමෙන්ම පසුවට ලබා දෙන බවට අල්ලාහ් පොරොන්දු වූ දෑ ගැන ද අල්ලාහ්ගේ මාර්ගයේ තම ධනය වියදම් කිරීම හේතුවෙන් පිරිනැමෙන කුසල් ගැන ද බොරු යැයි පවසා සිටි අය වනාහි, فسنيسره للعسر

فَسَنُيَسِّرُهُۥ لِلْعُسْرَىٰ ﴿١٠﴾

නපුරු ක්රියා සිදු කිරීම සඳහා අපි ඔහුට පහසු කොට යහකම් කිරීම ඔහුට අසීරු කාර්යයක් බවට පත් කරන්නෙමු

وَمَا يُغْنِى عَنْهُ مَالُهُۥٓ إِذَا تَرَدَّىٰٓ ﴿١١﴾

කිසිවක් වියදම් නොකොට ඔහු මසුරුකමින් තබා ගත් ධනය, ඔහු විනාශ වී නිරයට පිවිසෙන විට කිසිදු ප්රයෝජනයක් ඔහුට එයින් ගෙන දෙන්නේ නැත. إن علينا للهد

إِنَّ عَلَيْنَا لَلْهُدَىٰ ﴿١٢﴾

අසත්යයෙන් වෙන් වූ සත්යය මඟ පැහැදිළි කිරීම අප සතු වගකීමකි

وَإِنَّ لَنَا لَلْـَٔاخِرَةَ وَٱلْأُولَىٰ ﴿١٣﴾

මතුලොව ජීවිතය හා මෙලොව ජීවිතය අප සතුය. එබැවින් අප අභිමත කරනු ලබන පරිදි ඒ දෙක තුළ ක්රියා කරන්නට ඉඩ සලස්සන්නෙමු. අප හැර වෙන කිසිවකුට එහි කිසිදු අයිතියක් නැත. فأنذرتكم نارا تلظ

فَأَنذَرْتُكُمْ نَارًۭا تَلَظَّىٰ ﴿١٤﴾

එබැවින් අහෝ මිනිසාණෙනි! ඔබ අල්ලාහ්ට පිටුපාන්නේ නම් ඇවිළෙන නිරා ගින්න පිළිබඳ ප්රවේසමෙන් සිටිනු

لَا يَصْلَىٰهَآ إِلَّا ٱلْأَشْقَى ﴿١٥﴾

එම ගින්නේ උණුසුමෙන් අභාග්යවන්තයා මිස වෙන කිසිවකු විඳවන්නේ නැත. ඔහු දෙවියන්ව ප්රතික්ෂේප කරන්නෙකි. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

ٱلَّذِى كَذَّبَ وَتَوَلَّىٰ ﴿١٦﴾

ඔහු වනාහි, අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) ගෙන ආ දෑ බොරු කළේය. අල්ලාහ්ගේ නියෝග පිළිපැදීමෙන් පිටුපෑවේය

وَسَيُجَنَّبُهَا ٱلْأَتْقَى ﴿١٧﴾

ජනයා අතර වඩාත් බැතිමත් වූ අබූ බක්කර් (රළියල්ලාහු අන්හු) තුමා ඉන් දුරස් වනු ඇත

ٱلَّذِى يُؤْتِى مَالَهُۥ يَتَزَكَّىٰ ﴿١٨﴾

ඔහු පාපයෙන් පිවිතුරු වන්නට දැහැමි අයුරින් තම ධනය වියදම් කළේය

وَمَا لِأَحَدٍ عِندَهُۥ مِن نِّعْمَةٍۢ تُجْزَىٰٓ ﴿١٩﴾

තම ධනයෙන් වියදම් කරන කිසියම් හෝ දෙයක් වේවා, ඔහු එය වියදම් කරනුයේ කිසිවකු තමන් වෙත කිසියම් ප්රිති උපකාරයක් කිරීමේ බලාපොරොත්තුවෙන් නොවේ

إِلَّا ٱبْتِغَآءَ وَجْهِ رَبِّهِ ٱلْأَعْلَىٰ ﴿٢٠﴾

එසේ ඔහු තම ධනය වියදම් කිරීමෙන් අපේක්ෂා කළ ඒකායන අරමුණ, සියලු මැවීම්වලට වඩා ඉහළින් සිටින උත්තරීතර අල්ලාහ්ගේ තෘප්තිය සදහාම පමණි. ولسوف يرض

وَلَسَوْفَ يَرْضَىٰ ﴿٢١﴾

අල්ලාහ් ඔහුට පිරිනමන ගෞරවණීය සම්මාන හා ප්රතිඵල පිළිබඳ ඔහු මතු තෘප්තියට පත්වනු ඇත. මූලාශ්‍රය: අල්-මුඃතසර් ෆී තෆ්සීරිල් කුර්ආන්

ඉගෙන ගන්න · Al-Lail — الليل

අනුගමනය · පුනරාවර්තනය · පැවසීම · ලියාපදිංචිය අවශ්‍ය නැත

තෆ්සීර් · 31 භාෂා