මුල් පිටුවතෆ්සීර්Ash-Shams (91)

තෆ්සීර් Ash-Shams (91) — الشمس

මක්කී · 15 වාක්‍ය

කියවන්න · අහන්නPDF ගොනුව

وَٱلشَّمْسِ وَضُحَىٰهَا ﴿١﴾

හිරු මත ද එය නැගෙනහිරෙන් උදා වීමෙන් අනතුරුව ඉහළට එන වේලාව මත ද දිවුරමින්

وَٱلْقَمَرِ إِذَا تَلَىٰهَا ﴿٢﴾

හිරු බැසගිය පසුව ඊට පරව එන සඳු මත ද දිවුරමින්

وَٱلنَّهَارِ إِذَا جَلَّىٰهَا ﴿٣﴾

ආලෝකය තුළින් මහපොළොවේ පවතින දෑ නිරාවරණය වන විට එම දහවල මත ද දිවුරමින්

وَٱلَّيْلِ إِذَا يَغْشَىٰهَا ﴿٤﴾

මහපොළොව අඳුරෙන් වසාගන්නා රාත්රිය මත ද දිවුරමින්

وَٱلسَّمَآءِ وَمَا بَنَىٰهَا ﴿٥﴾

අහස මත ද එහි ස්ථීර ලෙස ඉදි කර ඇති ආකාශ වස්තූන් මත ද දිවුරමින්

وَٱلْأَرْضِ وَمَا طَحَىٰهَا ﴿٦﴾

පොළොව මත ද එහි මිනිසාට වාසය කළ හැකි පරිදි ව්යාප්ත වී තිබීමේ ක්රියාවලිය මත ද දිවුරමින්. ونفس وماسو ها

وَنَفْسٍۢ وَمَا سَوَّىٰهَا ﴿٧﴾

සෑම ආත්මයක් මත ද එයට අනුකූලව මවා ඇති දෑ මත ද දිවුරමින්. بلغ අල්-කුර්ආන් · තෆ්සීර් فألهمها فجورها وتقوها

فَأَلْهَمَهَا فُجُورَهَا وَتَقْوَىٰهَا ﴿٨﴾

ආත්මය වැළකී සිටිය යුතු නපුරුකම් මොනවා ද? එය ගෙන ආ යුතු යහකම් මොනවාද? යන්න කිසිදු ඉගැන්වීමකින් තොරව ඔහු එයට වටහා දුන්නේය. قد أفلح من زك ىها

قَدْ أَفْلَحَ مَن زَكَّىٰهَا ﴿٩﴾

ඉහත සඳහන් කරුණු මත දිවුරා අල්ලාහ් මෙසේ පවසයි: තම ආත්මය උතුම් දැයින් පුරවා, පහත් දැයින් හිස්කර, පිවිතුරු කර ගත් අය ජය ලැබීය. وقد خاب من دس ىها

وَقَدْ خَابَ مَن دَسَّىٰهَا ﴿١٠﴾

රහසිගත ව තම ආත්මය පාපකම් හා අපරාධ තුළ ගිලෙන්නට ඉඩ හැර සිටි අය පරාජය ලැබීය

كَذَّبَتْ ثَمُودُ بِطَغْوَىٰهَآ ﴿١١﴾

සමූද් ජනයා සීමාව ඉක්මවා ගොස් පාපකම් හා අපරාධ කිරීමෙහි ගිලී සිටි හේතුවෙන් ඔවුහු ඔවුන්ගේ නබිවරයාණන් වූ සාලිහ් (අලෙය්හිස් සලාම්) තුමාට බොරු කළෝය

إِذِ ٱنۢبَعَثَ أَشْقَىٰهَا ﴿١٢﴾

තම පිරිස තමන්ට බලය පැවරූ පසු ඔවුන් අතර සිටි අභාග්යවන්තයා නැගී සිටි අවස්ථාවේදී

فَقَالَ لَهُمْ رَسُولُ ٱللَّهِ نَاقَةَ ٱللَّهِ وَسُقْيَـٰهَا ﴿١٣﴾

අල්ලාහ්ගේ දූත සාලිහ් අලෛහිස් සලාම් තුමා මෙසේ පැවසීය: නුඹලා අල්ලාහ්ගේ ඔටු දෙන හා නියමිත දිනයේදී එම ඔටුවා වතුර බොන ස්ථානය අතහැර දමනු. නොමනා අයුරින් ඌට බාධා නොකරනු. بلغ අල්-කුර්ආන් · තෆ්සීර් فكذبوهفعقروها فدمدمعليهم رب هم بذنبهم فسو ها

فَكَذَّبُوهُ فَعَقَرُوهَا فَدَمْدَمَ عَلَيْهِمْ رَبُّهُم بِذَنۢبِهِمْ فَسَوَّىٰهَا ﴿١٤﴾

නමුත් ඔටුවා සම්බන්ධයෙන් ඔවුහු ඔවුන්ගේ දූතයාණන්හට බොරු කළහ. ඔවුන් අතර සිටි එම අභාග්ය්වන්තයා තමන් සිදු කළ දේ ඔවුන් නිවැරැදි යැයි පිළිගැනීමත් සමගම ඔහු ඌ මරා දැමීය. අල්ලාහ් ඔවුන් කෙරෙහි දඬුවම ක්රිියාත්මක කළේය. ඔවුන්ගේ පාපකම් හේතුවෙන් මහා හඬකින් ඔහු ඔවුන් විනාශ කර දැමීය. ඔවුන් විනාශ කර දැමූ එම දඬුවමේදී ඔහු ඔවුන්ව සමතලාකර දැමීය. ولا يخاف عقبها

وَلَا يَخَافُ عُقْبَـٰهَا ﴿١٥﴾

ඔවුන් විනාශ කර දමමින් අල්ලාහ් ඔවුනට සිදු කළ මේ මහා දඬුවම, ඔහු අනුගමනය කළ අය ගැන පවා කිසිදු බියකින් තොරව ක්රියාත්මක කළේය. මූලාශ්‍රය: අල්-මුඃතසර් ෆී තෆ්සීරිල් කුර්ආන්

ඉගෙන ගන්න · Ash-Shams — الشمس

අනුගමනය · පුනරාවර්තනය · පැවසීම · ලියාපදිංචිය අවශ්‍ය නැත

තෆ්සීර් · 31 භාෂා