لَآ أُقْسِمُ بِهَـٰذَا ٱلْبَلَدِ ﴿١﴾
ශුද්ධ වූ මක්කා නගරය මත අල්ලාහ් දිවුරා පවසයි
මුල් පිටුව›තෆ්සීර්›Al-Balad (90)
මක්කී · 20 වාක්‍ය
لَآ أُقْسِمُ بِهَـٰذَا ٱلْبَلَدِ ﴿١﴾
ශුද්ධ වූ මක්කා නගරය මත අල්ලාහ් දිවුරා පවසයි
وَأَنتَ حِلٌّۢ بِهَـٰذَا ٱلْبَلَدِ ﴿٢﴾
අහෝ දූතය! ඔබ එහි සිදු කරන දෑ ඔබට අනුමතය. මරණ දඬුවමට නියමිත වූ අය වෙත මරණ දඬුවම දියත් කිරීමත්, සිරභාරයට ගන්නට සුදුසු අය සිර භාරයට ගැනීමටත් ඔබට අනුමැතිය ඇත. ووالد وما ولد
وَوَالِدٍۢ وَمَا وَلَدَ ﴿٣﴾
මිනිසාගේ පියා (ආදම්) මතද අල්ලාහ් දිවුරා පවසයි. එමෙන්ම ඔහුගෙන් දාව බිහිවන පරම්පරාව මත ද දිවුරා පවසයි
لَقَدْ خَلَقْنَا ٱلْإِنسَـٰنَ فِى كَبَدٍ ﴿٤﴾
සැබැවින්ම මිනිසා දුෂ්කර හා අසීරු ජීවන ක්රමයක් තුළ අපි මවා ඇත්තෙමු. මෙලොව ජීවත් වන විටදී බොහෝ පීඩාවන්ට ඔහු මුහුණ දෙයි. එහි ඔහු හිරවී සිටිනු ඇත. أيحسب أن لن يقدر عليه أحد
أَيَحْسَبُ أَن لَّن يَقْدِرَ عَلَيْهِ أَحَدٌۭ ﴿٥﴾
මිනිසා පාපකම්හි නියැළුණු විට කිසිවකු ඔහු මත බලය නොදරනු ඇතැයි හෝ ඔහුගෙන් පළි නොගනු ඇතැයි හෝ සිතන්නේ ද? ඔහුගේ පරමාධිපති ඔහුව මවා නිරීක්ෂණය කරමින් සිටියි. يقول أهلكت مالا لبدا
يَقُولُ أَهْلَكْتُ مَالًۭا لُّبَدًا ﴿٦﴾
“අධික ලෙස උද්දච්චකමේ ගිලී එක පිට එක මම ධනය වියදම් කර ඇත්තෙමි’යැයි ඔහු පවසයි. أيحسب أن لم يره أحد
أَيَحْسَبُ أَن لَّمْ يَرَهُۥٓ أَحَدٌ ﴿٧﴾
මෙසේ තමන් වියදම් කළ දෑ පිළිබඳ පුරසාරම් දොඩන්නා, තමන් දෙස අල්ලාහ් බලා නොසිටින بلغ අල්-කුර්ආන් · තෆ්සීර් බවත් ඔහුගේ ධනය සම්බන්ධයෙන්, එය ඉපැයුවේ කෙසේද? කුමක් සඳහා එය වියදම් කළේද යන්න පිළිබඳ ඔහු තමන්ගෙන් නොවිමසනු ඇතැයි ඔහු සිතන්නේ ද? ألم نجعل له عينين
أَلَمْ نَجْعَل لَّهُۥ عَيْنَيْنِ ﴿٨﴾
බලන්නට හැකිවන සේ අපි ඔහුට දෑස් ඇති නොකළෙමු ද? ولسانا وشفتين
وَلِسَانًۭا وَشَفَتَيْنِ ﴿٩﴾
කතා කරන්නට හැකිවන සේ දිවක් හා තොල් දෙකක් ඇති නොකළෙමු ද?
وَهَدَيْنَـٰهُ ٱلنَّجْدَيْنِ ﴿١٠﴾
උතුම් මග හා වැරදි මග කුමක්දැ?යි යන්න අපි ඔහුට හඳුන්වා දුන්නෙමු
فَلَا ٱقْتَحَمَ ٱلْعَقَبَةَ ﴿١١﴾
තමන් ස්වර්ගයෙන් ඉවත් කරන, එයට බාධා පමුණුවන, එහි සීමාව ඉක්මවා යන අකබාව තරණය කිරීම ඔහුගෙන් අපේක්ෂා කෙරේ
وَمَآ أَدْرَىٰكَ مَا ٱلْعَقَبَةُ ﴿١٢﴾
අහෝ දූතය! ස්වර්ගයට පිවිසීමට බාධා පමුණුවන අකබාව කුමක්දැ? යි ඔබව දැනුවත් කළේ කුමක් ද? فك رقبة
فَكُّ رَقَبَةٍ ﴿١٣﴾
එය පුරුෂ වහලෙකු හෝ ස්ත්රී වහලියක නිදහස් කිරීමය. أو إطعم فى يوم ذى مسغبة
أَوْ إِطْعَـٰمٌۭ فِى يَوْمٍۢ ذِى مَسْغَبَةٍۢ ﴿١٤﴾
එසේ නැතිනම් ආහාර ලබා ගැනීමට දුෂ්කර, සාගින්නෙන් පෙළෙන දිනකදී ආහාර සැපයීමය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර් يتيما ذا مقربة
يَتِيمًۭا ذَا مَقْرَبَةٍ ﴿١٥﴾
එසේත් නැත්නම් ඔහුට නෑකමක් ඇති පියකු නැති දරුවකුට ආහාර සැපයීමය. أو مسكينا ذا متربة
أَوْ مِسْكِينًۭا ذَا مَتْرَبَةٍۢ ﴿١٦﴾
එසේත් නැතිනම් කිසිවක් හිමි නැති දිළින්ඳෙකුට ආහාර සැපයීමය
ثُمَّ كَانَ مِنَ ٱلَّذِينَ ءَامَنُوا۟ وَتَوَاصَوْا۟ بِٱلصَّبْرِ وَتَوَاصَوْا۟ بِٱلْمَرْحَمَةِ ﴿١٧﴾
පසුව ඔහු අල්ලාහ්ව විශ්වාස කරන්නන් අතුරින් කෙනෙක් වී, ඔහුට අවනත වීම, පාපකම්වලින් දුරුවීම, පරීක්ෂාවන්ට ලක්වන අවස්ථාවන්හිදී ඉවසීමෙන් කටයුතු කිරීම යනාදිය ගැන අන්යෝන්ය ලෙස උපදෙස් දෙමින් අල්ලාහ් තම ගැත්තන් හට ප්රධානය කර ඇති සිය මහා කාරුණික භාවය ගැන එකිනෙකා දැනුවත් කිරීමය
أُو۟لَـٰٓئِكَ أَصْحَـٰبُ ٱلْمَيْمَنَةِ ﴿١٨﴾
මෙම ගුණාංගවලින් වර්ණනා කරනු ලැබූවන්මය දකුණු පස ජනයා වනුයේ
وَٱلَّذِينَ كَفَرُوا۟ بِـَٔايَـٰتِنَا هُمْ أَصْحَـٰبُ ٱلْمَشْـَٔمَةِ ﴿١٩﴾
අපගේ දූතයාණන් හට පහළ කරනු ලැබූ අපගේ වදන් හා සාධක ප්රේතික්ෂේප කළවුන් වනාහි ඔවුන් වම්පස ජනයා වෙති. عليهم نار مؤصدة
عَلَيْهِمْ نَارٌۭ مُّؤْصَدَةٌۢ ﴿٢٠﴾
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේදී නිරා ගින්නෙන් ඔවුන් වසාගනු ලැබේ. එහි ඔවුන් දඬුවම් විදිති. මූලාශ්‍රය: අල්-මුඃතසර් ෆී තෆ්සීරිල් කුර්ආන්
අනුගමනය · පුනරාවර්තනය · පැවසීම · ලියාපදිංචිය අවශ්‍ය නැත