وَٱلْفَجْرِ ﴿١﴾
ශුවිසුද්ධ අල්ලාහ් අරුණෝදය මත දිවුරමින් ද وليال عشر
මුල් පිටුව›තෆ්සීර්›Al-Fajr (89)
මක්කී · 30 වාක්‍ය
وَٱلْفَجْرِ ﴿١﴾
ශුවිසුද්ධ අල්ලාහ් අරුණෝදය මත දිවුරමින් ද وليال عشر
وَلَيَالٍ عَشْرٍۢ ﴿٢﴾
දුල් හජ් මාසයේ ආරම්භ රාත්රී දහය මත දිවුරමින් ද
وَٱلشَّفْعِ وَٱلْوَتْرِ ﴿٣﴾
සියලු දෑහි ජෝඩු හා තනි යන දෑ මත දිවුරමින් ද
وَٱلَّيْلِ إِذَا يَسْرِ ﴿٤﴾
රාත්රිය පැමිණ, එය පැවතී, පසුව එය ගෙවී යන විට ඒ මත දිවුරමින් ද පවසා සිටියි. එසේ දිවුරා පවසා සිටින්නේ, ඔබ සැමගේ ක්රියාවන් අනුව ඔබ සැමට ප්රතිඵල දෙනු ලබනු ඇත යන්නයි. هل فى ذلك قسم لذىحجر
هَلْ فِى ذَٰلِكَ قَسَمٌۭ لِّذِى حِجْرٍ ﴿٥﴾
සඳහන් කරන ලද දෑහි බුද්ධිය ඇත්තන්හට ප්රමාණවත් දිවුරීම් තිබේ ද? ألم تركيف فعل ربك بعاد
أَلَمْ تَرَ كَيْفَ فَعَلَ رَبُّكَ بِعَادٍ ﴿٦﴾
හූද් නබිවරයාගේ සමූහයා වන ආද්, ඔවුන් වෙත එවනු ලැබූ දහම් දූතයාණන්ව බොරුකළ බැවින් ඔබේ පරමාධිපති ඔවුන් සමග ක්රියා කළ අයුරු ඔබ සිතා බලා තිබෙන්නේ ද?
إِرَمَ ذَاتِ ٱلْعِمَادِ ﴿٧﴾
ආද් සමූහයා වන ඔවුන් උස් කුළුණුවලින් යුත් ඉරම් නගරයේ මුතුන් මිත්තන් දක්වා දිවයන පරම්පරාවකට සම්බන්ධකම් ඇති ප්රජාවකි
ٱلَّتِى لَمْ يُخْلَقْ مِثْلُهَا فِى ٱلْبِلَـٰدِ ﴿٨﴾
මින් පෙර එවන් වූ සමූහයක් එම ප්රදේශයේ අල්ලාහ් මැව්වේ නැත
وَثَمُودَ ٱلَّذِينَ جَابُوا۟ ٱلصَّخْرَ بِٱلْوَادِ ﴿٩﴾
එසේම ගල් කඳු පළා, කුටි සහිත නිවෙස් සාදාගත් සාලිහ් නබිවරයාගේ සමූහයා සමඟ ඔබේ පරමාධිපති ක්රියා කළ ආකාරය ගැන ඔබ සිතා බලා තිබේ ද? بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
وَفِرْعَوْنَ ذِى ٱلْأَوْتَادِ ﴿١٠﴾
රිටි ආධාරයෙන් ජනයාහට දඬුවම් දෙමින් සිටි ෆිර්අවුන් සමග ඔබේ පරමාධිපති ක්රියා කළ ආකාරය ඔබ සිතා බලා තිබේ ද?
ٱلَّذِينَ طَغَوْا۟ فِى ٱلْبِلَـٰدِ ﴿١١﴾
මේ සෑම කෙනෙකුම බලය යෙදවීමෙහි හා අපරාධ කිරීමෙහි පමණ ඉක්මවා කටයුතු කළෝය. සියල්ලෝම තම ප්රදේශය තුළ සීමාව ඉක්මවා ක්රියා කළෝය
فَأَكْثَرُوا۟ فِيهَا ٱلْفَسَادَ ﴿١٢﴾
පාපකම් හා දෙවියන් ප්රතික්ෂේප කරන ක්රියාවන් රට පුරා පතුරුවා හැර, එහි අධික ලෙස කලහකම් කළෝය. فصب عليهم ربك سوط عذاب
فَصَبَّ عَلَيْهِمْ رَبُّكَ سَوْطَ عَذَابٍ ﴿١٣﴾
එහෙයින් අල්ලාහ් ඔවුන් හට දැඩි දඬුවම් දී විඳවන්නට සැළැස්වීය. මහපොළොවෙන් ඔවුන් ඇතුගා දැමීය
إِنَّ رَبَّكَ لَبِٱلْمِرْصَادِ ﴿١٤﴾
අහෝ දූතය! නියත වශයෙන්ම ඔබේ පරමාධිපති මිනිසුන් සිදු කරන සියලු ක්රියාවන් ගැන අවධානයෙන් නිරීක්ෂණය කරයි. දැහැමි කටයුතු කළවුන්ට ස්වර්ගය පිරිනමයි. නපුරුකම් කළවුනට නිරයේ වේදනාවන් පිරිනමයි
فَأَمَّا ٱلْإِنسَـٰنُ إِذَا مَا ٱبْتَلَىٰهُ رَبُّهُۥ فَأَكْرَمَهُۥ وَنَعَّمَهُۥ فَيَقُولُ رَبِّىٓ أَكْرَمَنِ ﴿١٥﴾
එහෙයින්, මිනිසා යනු: ඔහුගේ පරමාධිපති ඔහුට ධනය, දරුවන් හා හිසට නිවහනක් පිරිනමා ඔහුව ගරු කොට පරීක්ෂාවට ලක් කළ විට, අල්ලාහ් විසින් තමන්ට ගෞරවය පිරිනමනු ලැබ ඇතැයි සිතීම ඔහුගේ ස්වභාවයයි. එවිට ඔහු “මාගේ පරමාධිපති මට ගරු කොට ඇත. එය මාගේ තත්ත්වයට ගරු ගිරීමක් වශයෙන් පිරිනමා ඇත” යැයි පවසයි
وَأَمَّآ إِذَا مَا ٱبْتَلَىٰهُ فَقَدَرَ عَلَيْهِ رِزْقَهُۥ فَيَقُولُ رَبِّىٓ أَهَـٰنَنِ ﴿١٦﴾
නමුත් ඔහුගේ පෝෂණය සීමා කොට, ඔහු පරීක්ෂාවට ලක් කළ විට තම පරමාධිපති තමන් අවමානයට පත් කර ඇතැයි සිතයි. එවිට ඔහු “මාගේ පරමාධිපති මා අවමානයට පත් කොට ඇත” යැයි පවසයි
كَلَّا ۖ بَل لَّا تُكْرِمُونَ ٱلْيَتِيمَ ﴿١٧﴾
එසේ නොව, සැබැවින්ම ආශිර්වාද කර තිබීම ගැන දෙවියන් තම ගැත්තා පිළිබඳ තෘප්තියට පත්ව ඇතැයි යන්නට සාධකයක් ලෙස හෝ තමන්ට යම් අභාග්යයක් ඇති වූ විටෙක තම පරමාධිපති ඉදිරියේ ඔහු අවමානයට පත් වූ අයකු යැයි රූපණය කරන්නාක් මෙන් හෝ නැත. කෙසේ වෙතත් නුඹලාට අල්ලාහ් පිරිනැමූ පෝෂණයෙන් නුඹලා අනාථ දරුවන්හට ගරු නොකරන්නාහුය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
وَلَا تَحَـٰٓضُّونَ عَلَىٰ طَعَامِ ٱلْمِسْكِينِ ﴿١٨﴾
කුසට ආහාරයක් නොමැති දිළින්දන් හට ආහාරم සැපයීම සඳහා අන්යෝන්ය ලෙස අනෙකා උනන්දු නොකරන්නාහුය
وَتَأْكُلُونَ ٱلتُّرَاثَ أَكْلًۭا لَّمًّۭا ﴿١٩﴾
දුර්වල කාන්තාවන්, අනාථයින්ගේ උරුමයන්හි අනුමත භාවය පිළිබඳ කිසිදු සැලකිල්ලක් නොදක්වා දැඩි සේ අනුභව ب م කරන්නාහුය
وَتُحِبُّونَ ٱلْمَالَ حُبًّۭا جَمًّۭا ﴿٢٠﴾
අධික ලෙස ධනයට ප්රිය කරන්නාහුය.كස්වكකැමැත්තෙන් අල්ලාහ්ගේ මාර්ගයේ වියදම් කිරීමට මසුරුකම් පාන්නාහුය
كَلَّآ إِذَا دُكَّتِ ٱلْأَرْضُ دَكًّۭا دَكًّۭا ﴿٢١﴾
මෙසේ නුඹලා කටයුතු කිරීම නුසුදුසුය. මහපොළොව දැඩි ලෙස සෙලවී කම්පනය වන විට එම අවස්ථාව ගැන මදක් ف ف බලන්න. සිතා
وَجَآءَ رَبُّكَ وَٱلْمَلَكُ صَفًّۭا صَفًّۭا ﴿٢٢﴾
අහෝ දූතය! ඔබේ පරමාධිපති තම ගැත්තන් අතර වෙන් කිරීම සඳහා පැමිණෙනු ඇත. මලක්වරුන් ද පෙළ ගැසී පෙළින් පෙළට පැමිණෙති
وَجِا۟ىٓءَ يَوْمَئِذٍۭ بِجَهَنَّمَ ۚ يَوْمَئِذٍۢ يَتَذَكَّرُ ٱلْإِنسَـٰنُ وَأَنَّىٰ لَهُ ٱلذِّكْرَىٰ ﴿٢٣﴾
එදින නිරය සමීපයට ගෙන එනු ලබයි. එයට දංවැල් දහසක් ඇත. සෑම දංවැලක්ම හැත්තෑ දහසක් මලක්වරු අල්ලාගෙන එය ඇද ගෙන එනු ඇත. එදින මිනිසා අල්ලාහ් වෙත සමීප වීමට අතපසු වූ කරුණු ගැන මෙනෙහි කරනු ඇත. නමුත් එදිනදී එසේ මෙනෙහි කිරීම ඔහුට කෙසේ නම් ඵල දෙනු ඇත් ද? හේතුව එය ප්රතිඵල දෙන දිනයක් මිස යහකම් කිරීමේ දිනයක් නොවන බැවිනි. يقول يليتنى قدمت لحياتى
يَقُولُ يَـٰلَيْتَنِى قَدَّمْتُ لِحَيَاتِى ﴿٢٤﴾
දැඩි කණස්සල්ලෙන් ඔහු (මිනිසා) “අහෝ මාගේ මේ සැබෑ මතුලොව ජීවිතය වෙනුවෙන් කල් ඇතිව යහකම් කරන්නට තිබුණා නොවේදැ”යි පවසා පසුතැවිලි වෙයි. فيومئذ لا يعذب عذابه أحد
فَيَوْمَئِذٍۢ لَّا يُعَذِّبُ عَذَابَهُۥٓ أَحَدٌۭ ﴿٢٥﴾
එදින අල්ලාහ් දඬුවම් කරන්නාක් මෙන් කිසිවකු දඬුවම් නොකරයි. හේතුව අල්ලාහ්ගේ දඬුවම ඉතා දරුණුය. නොකඩවා පවතින්නක්ය. ولا يوثق وثاقه أحد
وَلَا يُوثِقُ وَثَاقَهُۥٓ أَحَدٌۭ ﴿٢٦﴾
එහිදී දෙවියන් ප්රතික්ෂේප කරන්නන්ව දංවැල්වලින් බැඳ දමන්නාක් මෙන් කිසිවකු බැඳ නොදමනු ඇත. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
يَـٰٓأَيَّتُهَا ٱلنَّفْسُ ٱلْمُطْمَئِنَّةُ ﴿٢٧﴾
දෙවියන් විශ්වාස කළ එනම්: මුඃමින්වරයකුගේ ආත්මය වනාහි, එය මරණයට පත් වන විට හා මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන විටදී ආහෝ දේව විශ්වාසය තුළට පිවිස යහකම්කොට සැනසුමට පත් ආත්මය!” යැයි ආමන්ත්රණය කරමින් මෙසේ පවසනු ලැබේ
ٱرْجِعِىٓ إِلَىٰ رَبِّكِ رَاضِيَةًۭ مَّرْضِيَّةًۭ ﴿٢٨﴾
ඔබ විසින් හිමි කර ගත් මහඟු තිළිණ සම්බන්ධයෙන් ඔබේ පරමාධිපති ගැන ඔබ තෘප්තියට පත් වූ තත්ත්වයෙන් ද ඔබ කළ යහකම් හේතුවෙන් සුවිශුද්ධ අල්ලාහ් ඔබ ගැන තෘප්තියට පත් වූ තත්ත්වයෙන් ද ඔබ ඔබේ පරමාධිපති වෙත හැරී යනු
فَٱدْخُلِى فِى عِبَـٰدِى ﴿٢٩﴾
මාගේ දැහැමි ගැත්තන්ගේ කණ්ඩායමට ඔබත් ඇතුළු වනු
وَٱدْخُلِى جَنَّتِى ﴿٣٠﴾
ඔවුනට මා විසින් සූදානම් කර ඇති මාගේ ස්වර්ගයට ඔබ ද පිවිසෙනු. මූලාශ්‍රය: අල්-මුඃතසර් ෆී තෆ්සීරිල් කුර්ආන්
අනුගමනය · පුනරාවර්තනය · පැවසීම · ලියාපදිංචිය අවශ්‍ය නැත