هَلْ أَتَىٰكَ حَدِيثُ ٱلْغَـٰشِيَةِ ﴿١﴾
අහෝ දූතය! භයානක අර්බුදවලින් මිනිසා ආවරණය කරන කියාමත් හෙවත් විනාශය සිදුවන දිනය පිළිබඳ පුවත ඔබ වෙත පැමිණියේ ද? وجوه يومئذ خشعة
මුල් පිටුව›තෆ්සීර්›Al-Ghaashiya (88)
මක්කී · 26 වාක්‍ය
هَلْ أَتَىٰكَ حَدِيثُ ٱلْغَـٰشِيَةِ ﴿١﴾
අහෝ දූතය! භයානක අර්බුදවලින් මිනිසා ආවරණය කරන කියාමත් හෙවත් විනාශය සිදුවන දිනය පිළිබඳ පුවත ඔබ වෙත පැමිණියේ ද? وجوه يومئذ خشعة
وُجُوهٌۭ يَوْمَئِذٍ خَـٰشِعَةٌ ﴿٢﴾
කියාමත් දිනයෙහි මිනිසා භාග්යවන්තයින් ලෙස ද අභාග්යවන්තයින් ලෙස ද වෙන්ව සිටිති. අභාග්යවන්තයින්ගේ මුහුණු මැලවී පහත්ව අවමානයෙන් යුතුව පෙළෙනු ඇත. عاملة ن اص بة
عَامِلَةٌۭ نَّاصِبَةٌۭ ﴿٣﴾
විලංගු දමන ලද විලංගුවල සහ බැද දමන ලද දංවැල්වල හිර වී මහත් විඩාවට පත්ව වෙහෙසව සිටිනු ඇත. تصل نارا حامية
تَصْلَىٰ نَارًا حَامِيَةًۭ ﴿٤﴾
දැඩි තාපය සහිත ගින්නට පිවිස එම මුහුණු දැවෙනු ඇත. تسق من عينءانية
تُسْقَىٰ مِنْ عَيْنٍ ءَانِيَةٍۢ ﴿٥﴾
නටන දැඩි උණුසුම් සහිත ජල උල්පතින් ඔවුන්ට පොවනු ලබයි. ليس لهم طعام إلا من ضريع
لَّيْسَ لَهُمْ طَعَامٌ إِلَّا مِن ضَرِيعٍۢ ﴿٦﴾
පෝෂණය දෙන තරමටවූ කිසිදු ආහාරයක් එහි ඔවුනට නොතිබෙනු ඇත. වියැළුණු විට විස බවට පත් වන ‘අෂ්- ෂිබ්රික්’ හෙවත් දුගඳ හමන පිළිකුල් පැලෑටි වර්ගයක් පමණක් ආහාරය සඳහා ඔවුනට එහිදී පිරිනමනු ලැබේ. لا يسمن ولا يغنى من جوع
لَّا يُسْمِنُ وَلَا يُغْنِى مِن جُوعٍۢ ﴿٧﴾
එය අනුභව කරන්නාගේ ශරීරය නොවඩන අතර ඔහුගේ කුසගින්න ද එමගින් නිවෙන්නේ නැත. وجوه يومئ ذ ن اعمة
وُجُوهٌۭ يَوْمَئِذٍۢ نَّاعِمَةٌۭ ﴿٨﴾
එදිනදී භාග්යවතුන්ගේ මුහුණුවල සතුට සොම්නස හා ප්රීතිය පිරී පවතිනු ඇත. එය ඔවුන් එහිදී අත්විදින සැපත හේතුවෙනි. لسعيها راض ية
لِّسَعْيِهَا رَاضِيَةٌۭ ﴿٩﴾
මෙලොව දැහැමියා කළ යහපත් කටයුතු පිළිගනු ලැබ, එම ක්රියාවන් සඳහා රැස් කර ඇති පින් සමඟ තවත් කිහිප ගුණයකින් යුතුව ඔහු ලබනු ඇත. بلغ අල්-කුර්ආන් · තෆ්සීර් فى جنة عالية
فِى جَنَّةٍ عَالِيَةٍۢ ﴿١٠﴾
පිහිටීමෙන් උසස් මෙන්ම තරාතිරමින් උසස් වූ ස්වර්ගයේ ඔහු වෙසෙනු ඇත. لا تسمع فيها لغية
لَّا تَسْمَعُ فِيهَا لَـٰغِيَةًۭ ﴿١١﴾
තහනම් ප්රකාශයකට සවන් නොදෙන්නා සේම ස්වර්ගයේ පුහු හෝ විහිළු කිසිදු වදනකට ඔවුන් සවන් දෙන්නේ නැත. فيها عين جارية
فِيهَا عَيْنٌۭ جَارِيَةٌۭ ﴿١٢﴾
පැළී ගලා යන දිය උල්පත් ද එම ස්වර්ගයේ දක්නට ඇත. තමන් කැමති පරිදි ඒවා තමන් වෙත හරවා ගනිති. فيها سرر مرفوعة
فِيهَا سُرُرٌۭ مَّرْفُوعَةٌۭ ﴿١٣﴾
එහි උස් කවිච්චි ද ඇත. وأك واب م وضوعة
وَأَكْوَابٌۭ مَّوْضُوعَةٌۭ ﴿١٤﴾
බීමට සූදානම් කොට තබන ලද බඳුන් ද විසිරී පවතී. ونمارق مص فوفة
وَنَمَارِقُ مَصْفُوفَةٌۭ ﴿١٥﴾
එකිනෙකට ළඟ තබන ලද කොට්ට ද ඇත. وزرابى مبثوثة
وَزَرَابِىُّ مَبْثُوثَةٌ ﴿١٦﴾
එහා මෙහා එළන ලද බුමුතුරුණු ද එහි ඇත
أَفَلَا يَنظُرُونَ إِلَى ٱلْإِبِلِ كَيْفَ خُلِقَتْ ﴿١٧﴾
ඔටුවා මවා ඇති අයුරු හා එය මිනිසාට හීලෑ කර දී ඇති අයුරු පිළිබඳ බුද්ධිමත් ලෙසින් ඔවුන් සිතා බැලිය යුතු නොවේද?
وَإِلَى ٱلسَّمَآءِ كَيْفَ رُفِعَتْ ﴿١٨﴾
එමෙන්ම ඔවුනට ඉහළින් අහස ඔසවා, එය ඔවුන් මත නොවැටෙන සේ ආරක්ෂිත වියනක් ලෙස සකසා තිබෙන අයුරු ඔවුන් සිතා බැලිය යුතු නොවේ ද?
وَإِلَى ٱلْجِبَالِ كَيْفَ نُصِبَتْ ﴿١٩﴾
තවද කඳු සිටුවා, එමගින් මිනිසා ජීවත්වීමට පහසු ලෙස පොළව චලනය නොවන පරිදි ශක්තිමත් කර තිබෙන අයුරු ඔවුන් සිතා බැලිය යුතු නොවේ ද? بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
وَإِلَى ٱلْأَرْضِ كَيْفَ سُطِحَتْ ﴿٢٠﴾
පොළොව මත මිනිසා පදිංචිවීමට සුදුසු අයුරින් එය ව්යාප්ත කර ඇත්තේ කෙසේ දැයි ඔවුන් සිතා බැලිය යුතු නොවේ ද?
فَذَكِّرْ إِنَّمَآ أَنتَ مُذَكِّرٌۭ ﴿٢١﴾
අහෝ දූතය! ඔබ මොවුනට උපදෙස් දෙන්න. අල්ලාහ්ගේ දඬුවම පිළිබඳ බිය ඇති කරවන්න. ඔබ මතක් කර දෙන්නෙකු පමණය. ඔබ ඔවුන්ට මතක් කර දීම පමණක් මිස වෙනකක් ඔබෙන් ඔහු (අල්ලාහ්) බලාපොරොත්තු නොවෙයි. ඔවුනට දේව විශ්වාසයේ භාග්යය පිරිනැමීම අල්ලාහ්ට පමණක් අයත් කාර්යයකි. لست عليهم بمصيطر
لَّسْتَ عَلَيْهِم بِمُصَيْطِرٍ ﴿٢٢﴾
ඔවුන් දේව විශ්වාසය පිළිකුල් කරන තරමට ඔබ ඔවුන් කෙරෙහි බලය යෙදවීම ඔබට සුදුසු නැත. إلا من تولى وكفر
إِلَّا مَن تَوَلَّىٰ وَكَفَرَ ﴿٢٣﴾
නමුත් ඔවුන් අතර දේව විශ්වාසය අතහැර යන එමෙන්ම අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්ව ප්රතික්ෂේප කරන අය (අන්තවාදීන්)
فَيُعَذِّبُهُ ٱللَّهُ ٱلْعَذَابَ ٱلْأَكْبَرَ ﴿٢٤﴾
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේදී සත්යය පිටු පා ප්රතික්ෂේප කරන්නන් සදා නිරයට හෙළමින් ඔවුන්ට මහත් සේ අල්ලාහ් දඬුවම් කරනු ඇත
إِنَّ إِلَيْنَآ إِيَابَهُمْ ﴿٢٥﴾
ඔවුන්ගේ මරණයෙන් පසුව ඔවුන් නැවත ආ යුත්තේ අප වෙත පමණකි. ثم إن عليناحسابهم
ثُمَّ إِنَّ عَلَيْنَا حِسَابَهُم ﴿٢٦﴾
පසුව ඔවුන්ගේ ක්රියාකාරකම්වල ගණනය හා විනිශ්චයේ අයිතිය ඇත්තේද අප හට පමණකි. එම අයිතිය ඔබට හෝ වෙනත් කිසිවකුට හෝ නොමැත. මූලාශ්‍රය: අල්-මුඃතසර් ෆී තෆ්සීරිල් කුර්ආන්
අනුගමනය · පුනරාවර්තනය · පැවසීම · ලියාපදිංචිය අවශ්‍ය නැත