මුල් පිටුවතෆ්සීර්Al-A'laa (87)

තෆ්සීර් Al-A'laa (87) — الأعلى

මක්කී · 19 වාක්‍ය

කියවන්න · අහන්නPDF ගොනුව

سَبِّحِ ٱسْمَ رَبِّكَ ٱلْأَعْلَى ﴿١﴾

සියලු මැවීම්වලට ඉහළින් සිටින ඔබේ පරමාධිපතිගේ නාමය පමණක් මෙනෙහි කරමින් ඔහුට ගරුබුහුමන් කරමින් ඔහුව සුවිශුද්ධ කරනු

ٱلَّذِى خَلَقَ فَسَوَّىٰ ﴿٢﴾

ඔහු නිසිලෙස මිනිසාව මවා මිනිසාගේ පැවැත්ම සමානුපාතිකව සැකසුවේය

وَٱلَّذِى قَدَّرَ فَهَدَىٰ ﴿٣﴾

එමෙන්ම ඔහු සියලු මැවීම්වලට, ඒවායෙහි වර්ග ජාතී ස්වභාවයන් නිර්ණය කළේය. සෑම මැවීමකටම, එයටම ගැලපෙන ස්වාභාවයක් වෙත මඟ පෙන්වීය

وَٱلَّذِىٓ أَخْرَجَ ٱلْمَرْعَىٰ ﴿٤﴾

ඔහු ඔබේ ගොවිපල සතුන් බුදින දෑ මහපොළොවෙන් හට ගැන්වීය

فَجَعَلَهُۥ غُثَآءً أَحْوَىٰ ﴿٥﴾

ඒවා සාරවත්ව වැඩුනු පසුව කළු පැහැගැන්වුණු වියළි ඉපැණැලි බවට පත් කළේය

سَنُقْرِئُكَ فَلَا تَنسَىٰٓ ﴿٦﴾

අහෝ දූතය! අපි නුඹට අල්-කුර්ආනය මතුවටත් පාරායනය කර පෙන්වන්නෙමු. ඔබ එය අමතක නොකරන අයුරින් ඔබේ හදවත තුළ අපි එය තැන්පත් කරන්නෙමු. එහෙයින් ඔබට අමතක නොවනු වස් ඔබ උනන්දුවෙන් පාරායනය කරනවාක් මෙන් දේව දූත ජිබ්රීල්ගේ පාරායනයේ දී ඔබ ඔහුව ඉක්මවා නොයන්න

إِلَّا مَا شَآءَ ٱللَّهُ ۚ إِنَّهُۥ يَعْلَمُ ٱلْجَهْرَ وَمَا يَخْفَىٰ ﴿٧﴾

නමුත් අල්ලාහ්ගේ අභිමතය අනුව යම් යථාර්ථවාදී හේතුවක් සඳහා ඔබට අමතක කරන දෑ හැර. بلغ අල්-කුර්ආන් · තෆ්සීර් සැබැවින්ම සුවිශුද්ධ අල්ලාහ් ඔහු දන්වා සිටින දෑ හා නොදන්වා සිටින දෑ පිළිබඳ මැනවින් දන්නාය. ඉන් කිසිවක් ඔහු වෙතින් සැඟ වී යන්නේ නැත. ونيسرك لليسر

وَنُيَسِّرُكَ لِلْيُسْرَىٰ ﴿٨﴾

ඔබ ව ස්වර්ගයට ඇතුළත් කරන, අල්ලාහ්ගේ තෘප්තියට භාජනය වන දැහැමි ක්රියාවන් සිදු කිරීමට අපි ඔබට කරුණු පහසු කර දෙන්නෙමු

فَذَكِّرْ إِن نَّفَعَتِ ٱلذِّكْرَىٰ ﴿٩﴾

එහෙයින් අල් කුර්ආනයේ අපි ඔබ වෙත දන්වා සිටි දැයින් ඔබ ජනයාට උපදෙස් දෙනු. එම උපදෙස් ඔවුන් තුළ කාවදින තරමට ඔබ අඛණ්ඩව ඔවුනට ඒ පිළිබඳ මතක් කරමින්ම සිටිනු. سيذك ر من يخش

سَيَذَّكَّرُ مَن يَخْشَىٰ ﴿١٠﴾

අල්ලාහ්ට බියවන්නා ඔබේ උපදෙස් මගින් උපදෙස් ලබනු ඇත. හේතුව ඔහු එම උපදෙසින් ප්රයෝජනය ලබන කෙනෙකු වන බැවිනි

وَيَتَجَنَّبُهَا ٱلْأَشْقَى ﴿١١﴾

දෙවියන් ප්රතික්ෂේප කරන්නා එම උපදෙසින් දුරස් වී පළා යයි. එහෙයින් මතුලොවෙහි ඔහු නිරයට පිවිසෙන විට ජනයා අතර මහත් වූ අභාග්යවන්තයකු වෙයි

ٱلَّذِى يَصْلَى ٱلنَّارَ ٱلْكُبْرَىٰ ﴿١٢﴾

ඔහු මතුලොවේදී මහත් වූ ගින්නට පිවිසෙනු ඇත. එහි තිබෙන දැඩි උණුසුම සදා විඳිනු ඇත. ثم لا يموت فيها ولا يحي

ثُمَّ لَا يَمُوتُ فِيهَا وَلَا يَحْيَىٰ ﴿١٣﴾

නැවත මරණයට පත්වීමකින් තොරව, ලැබෙන දඬුවමින් ගැළවීමක් නොලබාම ඔහු නිරයේ සදා ජීවත් වනු ඇත. ඔහු එහි යහපත් ගෞරවනීය ජීවිතයක් ගත නොකරනු ඇත. بلغ අල්-කුර්ආන් · තෆ්සීර් قد أفلح من تزك

قَدْ أَفْلَحَ مَن تَزَكَّىٰ ﴿١٤﴾

දෙවිඳුන්ට ආදේශ තැබීමෙන් හා පාපකම්වලින් තමන් පිවිතුරු කර ගත්තවුන් සැබැවින්ම ජයග්රහණය අත්පත් කර ගෙන ඇත

وَذَكَرَ ٱسْمَ رَبِّهِۦ فَصَلَّىٰ ﴿١٥﴾

දික්ර් හෙවත් තම පරමාධිපතිව ප්රශංසාත්මකව මෙනෙහි කළ යුතු විවිධ ප්රකාශ ආගමානුකූලව ඉටු කරමින් හා සලාතයෙහි (යාඥාවෙහි) අපේක්ෂිත ගුණාංග පිළිපදිමින් ඔහුගේ පරමාධිපති ව ඔහු සිහිපත් කරයි

بَلْ تُؤْثِرُونَ ٱلْحَيَوٰةَ ٱلدُّنْيَا ﴿١٦﴾

නමුත්, ඔබ මෙලොව ජීවිතයට ප්රමුඛතා ව දෙන්නෙහිය. මතුලොවට වඩා ඔබ එය උතුම් කොට සලකන්නෙහිය. ඒ දෙක අතර අතපසුවන දෑ බොහෝය

وَٱلْـَٔاخِرَةُ خَيْرٌۭ وَأَبْقَىٰٓ ﴿١٧﴾

මෙලොව හා එහි ඇති සැපත, වින්දනය හා පැවැත්ම යනාදියට වඩා මතුලොව ශ්රේෂ්ඨය. උතුම්ය. ඊට හේතුව එහි ඇති සැපත සදා පවතින අමරණීය වන බැවිණි

إِنَّ هَـٰذَا لَفِى ٱلصُّحُفِ ٱلْأُولَىٰ ﴿١٨﴾

අප ඔබ වෙත මතක් කළ මෙම නියෝග හා තොරතුරු ඔබට පෙර පහළ වූ දේව පුස්තකයන්හී ද තිබිණ. صحف إ برهيموموس

صُحُفِ إِبْرَٰهِيمَ وَمُوسَىٰ ﴿١٩﴾

එය ඉබ්රාහීම් හා මූසා (අලෙයිහිමස් සලාම්) යන නබිවරුන් වෙත පහළ කරනු ලැබූ පුස්තකයන් හී වෙති. මූලාශ්‍රය: අල්-මුඃතසර් ෆී තෆ්සීරිල් කුර්ආන්

ඉගෙන ගන්න · Al-A'laa — الأعلى

අනුගමනය · පුනරාවර්තනය · පැවසීම · ලියාපදිංචිය අවශ්‍ය නැත

තෆ්සීර් · 31 භාෂා