මුල් පිටුවතෆ්සීර්At-Taariq (86)

තෆ්සීර් At-Taariq (86) — الطارق

මක්කී · 17 වාක්‍ය

කියවන්න · අහන්නPDF ගොනුව

وَٱلسَّمَآءِ وَٱلطَّارِقِ ﴿١﴾

අහස මත දිවුරා අල්ලාහ් පවසයි. එමෙන්ම රාත්රිය පසාරු කරමින් යන තාරකාව මත ද දිවුරා පවසයි

وَمَآ أَدْرَىٰكَ مَا ٱلطَّارِقُ ﴿٢﴾

අහෝ දූතය! මෙම දැවැන්ත තාරකාව පිළිබඳ ඔබව දැනුවත් කළේ කුමක්ද?

ٱلنَّجْمُ ٱلثَّاقِبُ ﴿٣﴾

එයින් විහිදෙන ආලෝකයෙන් අහස පසාරු කරගෙන යන තාරකාවකි. إن كل نفس لما عليها حافظ

إِن كُلُّ نَفْسٍۢ لَّمَّا عَلَيْهَا حَافِظٌۭ ﴿٤﴾

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ විනිශ්චය සඳහා, සෑම ආත්මයකටම තමන් සිදු කරන ක්රියාවන් සුරක්ෂිතව රැස්කර තබා ගන්නා මලක්වරයකු පත් කර ඇත්තේය

فَلْيَنظُرِ ٱلْإِنسَـٰنُ مِمَّ خُلِقَ ﴿٥﴾

අල්ලාහ්ගේ බලය හා මිනිසාගේ නොහැකියාව මිනිසාට පැහැදිළි කරනු පිණිස අල්ලාහ් කවර දෙයකින් මිනිසාව මවා ඇත්තේ දැයි ඔහු සිතා බලත්වා යැයි විමසා සිටියි

خُلِقَ مِن مَّآءٍۢ دَافِقٍۢ ﴿٦﴾

ගර්භාෂයේ හැළෙන්නට සළස්වන අයුරින් විදිනසුළු ද්රාවණයකින් අල්ලාහ් ඔහු මැවීය

يَخْرُجُ مِنۢ بَيْنِ ٱلصُّلْبِ وَٱلتَّرَآئِبِ ﴿٧﴾

මෙම ද්රාවණය පිරිමියාගේ කොඳු නාරටිය හා ඉළ ඇට අතරින් පිට වෙයි. بلغ අල්-කුර්ආන් · තෆ්සීර් إنه عل رجعه لقادر

إِنَّهُۥ عَلَىٰ رَجْعِهِۦ لَقَادِرٌۭ ﴿٨﴾

සැබැවින්ම සුවිශුද්ධ අල්ලාහ් මෙම පිළිකුලින් යුත් ද්රාවණයෙන් මිනිසාව මවන්නට හැකි නම්, ඔහු මිය ගිය පසු විනිශ්චය කොට ප්රතිඵල පිරිනැමීම සඳහා යළි ඔහු අවදි කිරීමට තරම් අල්ලාහ් ශක්තිය ඇත්තාය

يَوْمَ تُبْلَى ٱلسَّرَآئِرُ ﴿٩﴾

එදින, රහසිගත දෑ ගැන පරීක්ෂා කරනු ලැබේ. මිනිසාගේ හදවත් තුළ සඟවා තිබූ සිතුවිලි, චේතනා හා වෙනත් ප්රතිපත්තීන් නිරාවරණය කරනු ලැබේ. පසුව එමගින් දැහැමි මිනිසා හා අපරාධකරුවා කවුරුන්දැයි වෙන් කරනු ඇත. فما له من قوة ولا ناصر

فَمَا لَهُۥ مِن قُوَّةٍۢ وَلَا نَاصِرٍۢ ﴿١٠﴾

එදින, අල්ලාහ්ගේ දඬුවමින් වැළකෙන්නට කිසිදු බලයක් මිනිසා සතු නොවන්නේය. එමෙන්ම ඔහුට උදව් කරන කිසිවකුත් නොසිටිනු ඇත

وَٱلسَّمَآءِ ذَاتِ ٱلرَّجْعِ ﴿١١﴾

වර්ෂාව ඇති කරන අහස මත දිවුරා අල්ලාහ් පවසයි. සැබැවින්ම එය විටෙක අහසේ එක් පැත්තකින්ද තවත් විටෙක තවත් පැත්තකින් ද ඇද හැළෙන බැවින් වර්ෂාව ඇති කරන අහස යැයි මෙහි සඳහන්ව ඇත. ع

وَٱلْأَرْضِ ذَاتِ ٱلصَّدْعِ ﴿١٢﴾

පැළෑටි බවභෝග හා ගස් හටගන්නට පැළෙන සුළු මහපොළොව මත ද දිවුරා පවසයි. إنه لقول فصل

إِنَّهُۥ لَقَوْلٌۭ فَصْلٌۭ ﴿١٣﴾

සැබැවින්ම මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් හට පහළ කරන ලද මෙම කුර්ආනය සත්යය හා අසත්යය ද යුක්තිය හා අසාධාරණය ද වෙන් කර දක්වන ප්රකාශයකි. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

وَمَا هُوَ بِٱلْهَزْلِ ﴿١٤﴾

එය සෙල්ලමක් ලෙස හෝ නිෂ්ඵල දෙයක් ලෙස හෝ නොවේ. එය බරපතලය. එමෙන්ම සත්යයය. إن هم يكيدون كيدا

إِنَّهُمْ يَكِيدُونَ كَيْدًۭا ﴿١٥﴾

සැබැවින්ම ඔවුන් අතරට ඔවුන්ගේ දහම් දූතයාණන් ගෙන ආ දෑ බොරු කරමින් සිටියවුන් වනාහි එතුමාණන්ගේ ඇරයුම ප්රතික්ෂේප කරන්නටත් එය නිෂ්ඵල කරන්නටත් බොහෝ කුමන්ත්රණ හා සැලසුම් කරනු ලබන අයයි. وأ كيد كيدا

وَأَكِيدُ كَيْدًۭا ﴿١٦﴾

සත්යය හෙළිකරන්නටත්, අසත්යය අතුගා දමන්නටත්, මම ද සැලසුම් කරමි

فَمَهِّلِ ٱلْكَـٰفِرِينَ أَمْهِلْهُمْ رُوَيْدًۢا ﴿١٧﴾

අහෝ ධර්ම දූතය! එම දේව ප්රතික්ෂේපකයින්ට අවකාශය දෙනු. මම ඔවුනට මදක් අවකාශය දෙමි. ඔවුනට දඬුවම් දෙන්නට හෝ ඔවුන් විනාශ කර දමන්නට හෝ නුඹ ඉක්මන් නොවනු. මූලාශ්‍රය: අල්-මුඃතසර් ෆී තෆ්සීරිල් කුර්ආන්

ඉගෙන ගන්න · At-Taariq — الطارق

අනුගමනය · පුනරාවර්තනය · පැවසීම · ලියාපදිංචිය අවශ්‍ය නැත

තෆ්සීර් · 31 භාෂා