මුල් පිටුවතෆ්සීර්Al-Burooj (85)

තෆ්සීර් Al-Burooj (85) — البروج

මක්කී · 22 වාක්‍ය

කියවන්න · අහන්නPDF ගොනුව

وَٱلسَّمَآءِ ذَاتِ ٱلْبُرُوجِ ﴿١﴾

හිරු සඳු හා වෙනත් ග්රහ වස්තූන් පිහිටි අහස මත දිවුරා අල්ලාහ් පවසයි

وَٱلْيَوْمِ ٱلْمَوْعُودِ ﴿٢﴾

සියලු මැවීම් ඒකරාශි කරන බවට ප්රතිඥා දුන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය මත දිවුරා පවසයි. وشاهد ومشهود

وَشَاهِدٍۢ وَمَشْهُودٍۢ ﴿٣﴾

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා තම සමූහයාට සාක්ෂි දරන්නාක් මෙන් සාක්ෂි දරන සෑම කෙනෙකු මත ද, තම නබිවරයාට සාක්ෂි දරන සමූහය මෙන් සාක්ෂි දරනු ලබන සෑම කෙනෙකු මතම දිවුරා ඇත

قُتِلَ أَصْحَـٰبُ ٱلْأُخْدُودِ ﴿٤﴾

මහපොළොවේ විශාල අගල් හැරූ අයට ශාපය අත්වේවා!

ٱلنَّارِ ذَاتِ ٱلْوَقُودِ ﴿٥﴾

ඔවුහු එහි ගිනි අවුලා දෙවියන් කෙරෙහි විශ්වාසය තැබූවන් පණපිටින්ම එහි හෙළුහ. إذ هم عليها قعود

إِذْ هُمْ عَلَيْهَا قُعُودٌۭ ﴿٦﴾

ගිනි පිරුණු එම අගල් අවට ඔවුහු වාඩි වී සිටියහ

وَهُمْ عَلَىٰ مَا يَفْعَلُونَ بِٱلْمُؤْمِنِينَ شُهُودٌۭ ﴿٧﴾

ඔවුහු දෙවියන් විශ්වාස කරන්නන් හට දුන් වද වේදනා හා දඬුවම් දෙමින් සිදු කරමින් සිටි දෑ කෙරෙහි සහ ඒ අවස්ථාවෙහි දී ඔවුන් එහි සිටි හේතුවෙන් සාක්ෂි දරන්නෝ වෙති

وَمَا نَقَمُوا۟ مِنْهُمْ إِلَّآ أَن يُؤْمِنُوا۟ بِٱللَّهِ ٱلْعَزِيزِ ٱلْحَمِيدِ ﴿٨﴾

සියලු විෂයයන්හි පැසසුමට ලක් වූ, කිසිවෙකු විසින් අබිබවා යා නොහැකි සර්වබලධාරී අල්ලාහ්ව ඔවුන් විසින් විශ්වාස කිරීමේ හේතුවෙන් මිස, දේව ප්රතික්ෂේපකයින් ඔවුනට දොස් කීවේ නැත. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

ٱلَّذِى لَهُۥ مُلْكُ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ ۚ وَٱللَّهُ عَلَىٰ كُلِّ شَىْءٍۢ شَهِيدٌ ﴿٩﴾

ඔහු-අල්ලාහ්- වනාහි, අහස් හා මහපොළොවේ ආධිපත්යය ඔහුට පමණක් සතු වන්නේය. සියලු දෑ පිළිබඳ ඔහු නිරීක්ෂණය කරන්නාය. ඔහුගේ ගැත්තන්ගේ කිසිදු කරුණක් ඔහුට සැඟවෙන්නේ නැත

إِنَّ ٱلَّذِينَ فَتَنُوا۟ ٱلْمُؤْمِنِينَ وَٱلْمُؤْمِنَـٰتِ ثُمَّ لَمْ يَتُوبُوا۟ فَلَهُمْ عَذَابُ جَهَنَّمَ وَلَهُمْ عَذَابُ ٱلْحَرِيقِ ﴿١٠﴾

දෙවියන් විශ්වාස කරන්නන්හට හා දෙවියන් විශ්වාස කරන්නියන්හට හිංසා පීඩා කරමින් දඬුවම් දුන් අය, අල්ලාහ්ව පමණක් විශ්වාස කිරීමෙන් ඔවුහු වෙනතකට යොමු කිරීමට උත්සාහ කළහ. පසුව ඔවුන් කළ පාපයෙන් මිදෙන්නට අල්ලාහ් වෙත පසුතැවිලි නොවුනෝය. එබැවින් ඔවුන්හට මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේදී නිරයේ වේදනාව ඇත. එමෙන්ම ඔවුන් ඇවිළවූ ගින්නේ වේදනාවද ඔවුනට සතු වනු ඇත. එය ඔවුන් දේව විශ්වාස කළවුන්ව එම ගින්නෙන් පුළුස්සා සිදු කළාවූ ඔවුන්ගේ එම අධම ක්රියාව හේතුවෙනි

إِنَّ ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّـٰلِحَـٰتِ لَهُمْ جَنَّـٰتٌۭ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَـٰرُ ۚ ذَٰلِكَ ٱلْفَوْزُ ٱلْكَبِيرُ ﴿١١﴾

සැබැවින්ම දෙවියන් විශ්වාස කොට යහකම් කළවුන් වනාහි, ඔවුනට ස්වර්ග මාලිගාවන් හා එහි තිබෙන ගස් අතරින් ගලා බසින ගංගාවන් සහිත ස්වර්ග උයන් ඇත. එය අල්ලාහ් ඔවුනට සූදානම් කළ අතිමහත් ජයග්රහණයයි. වෙන කිසිදු ජයග්රහණයක් එයට සම කළ නොහැක. إن بطش ربكلشديد

إِنَّ بَطْشَ رَبِّكَ لَشَدِيدٌ ﴿١٢﴾

අහෝ දූතය, අපරාධකරුවා අල්ලාහ් පිළිබඳ නොසැලකිල්ලෙන් පසුවන විට ඔහු වෙනුවෙන් වූ ඔබේ පරමාධිපතිගේ ග්රහණය ඉතා බලවත්ය. إ نه هو يبدئ ويعيد

إِنَّهُۥ هُوَ يُبْدِئُ وَيُعِيدُ ﴿١٣﴾

සැබැවින්ම මැවීම් හා දඬුවම පූර්වාදර්ශයකින් තොරව උත්පාදනය කළේ ඔහුය. ඒ දෙක යළි ගෙන එන්නේද ඔහුය

وَهُوَ ٱلْغَفُورُ ٱلْوَدُودُ ﴿١٤﴾

ඔහුගේ ගැත්තන් අතුරින් පසුතැවිලි වී ඔහු වෙත නැඹුරු වන්නන්ගේ පාපයන්ට ඔහු සමාව දෙන්නාය. ඔහු වෙත සමීප වී ඔහු පිළිබඳ හැඟීමෙන් කටයුතු කරන්නන්හට ඔහු දයාලුය

ذُو ٱلْعَرْشِ ٱلْمَجِيدُ ﴿١٥﴾

ගෞරවනීය අර්ෂ් හෙවත් ඔහුගේ රාජ්යයේ හිමිකරු ඔහුය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර් فعال لما يريد

فَعَّالٌۭ لِّمَا يُرِيدُ ﴿١٦﴾

ඔහු සිතන දේ සිදු කරන්නාය. ඔහු කැමති වන අයගේ පාපයන්ට සමාව දෙනු ඇත. ඔහු කැමති අයට දඬුවම් කරනු ඇත. සුවිශුද්ධ වූ ඔහුට කිසිදු බල කරන්නෙකු නොමැත්තේය

هَلْ أَتَىٰكَ حَدِيثُ ٱلْجُنُودِ ﴿١٧﴾

අහෝ දූතය! සත්යයට විරුද්ධව නැගී සිටීමටත් එයින් ජනයා වැළැක්වීමටත් ඒක්රැස් වූ සේනාවන්ගේ පුවත ඔබ වෙත පැමිණියේද? فرعون وثمود

فِرْعَوْنَ وَثَمُودَ ﴿١٨﴾

(එය) ෆිර්අවුන් හා සාලිහ් අලෛහිස් සලාම් තුමාගේ ජන සමාජය වූ සමූද් වැසියන්ගේ පුවත

بَلِ ٱلَّذِينَ كَفَرُوا۟ فِى تَكْذِيبٍۢ ﴿١٩﴾

බොරු කරමින් සිටි සමූහයන් පිළිබඳ හා ඔවුන්ට අත්වූ විනාශය පිළිබඳ තොරතුරු ඔවුන් වෙත නොපැමිණීම ඔවුන්ගේ විශ්වාස වළක්වාලන සාධකයක් නොවීය. සැබෑ කරුණ නම් ඔවුන්ගේ දූතයාණන් ඔවුන් වෙතට කවර කරුණක් ගෙන ආවේද, එවිට ඔවුහු ඔවුන්ගේ ආශාවන්ට වහල් වී එය බොරු කරමින් සිටියහ

وَٱللَّهُ مِن وَرَآئِهِم مُّحِيطٌۢ ﴿٢٠﴾

අල්ලාහ් ඔවුන් කරන ක්රියාවන් ආවරණය කරමින් ඒවා සටහන් කර ගන්නාය. ඉන් කිසිවක් ඔහුට මඟ හැරෙන්නේ නැත. ඒ අනුව ඔහු ඔවුනට ප්රතිඵල පිරිනමනු ඇත. بل هوقرءان م جيد

بَلْ هُوَ قُرْءَانٌۭ مَّجِيدٌۭ ﴿٢١﴾

බොරුකරන්නන් පවසන්නාක් මෙන් අල් කුර්ආනය කවියක් හෝ ප්රචණ්ඩත්වය ඇති කරන්නක් හෝ නොවේ. එය ගෞරවනීය කුර්ආනයයි. فى لوح م حفوظ

فِى لَوْحٍۢ مَّحْفُوظٍۭ ﴿٢٢﴾

කිසිදු වෙනස් කිරීමකින් හෝ විකෘති කිරීමකින් හෝ තොරව කිසිදු අඩු කිරීමකින් හෝ වැඩි කිරීමකින් හෝ තොරව ආරක්ෂා කරනු ලැබූ ඵළකයක එය තිබිණි. මූලාශ්‍රය: අල්-මුඃතසර් ෆී තෆ්සීරිල් කුර්ආන්

ඉගෙන ගන්න · Al-Burooj — البروج

අනුගමනය · පුනරාවර්තනය · පැවසීම · ලියාපදිංචිය අවශ්‍ය නැත

තෆ්සීර් · 31 භාෂා