මුල් පිටුවතෆ්සීර්Al-Inshiqaaq (84)

තෆ්සීර් Al-Inshiqaaq (84) — الانشقاق

මක්කී · 25 වාක්‍ය

කියවන්න · අහන්නPDF ගොනුව

إِذَا ٱلسَّمَآءُ ٱنشَقَّتْ ﴿١﴾

මලක්වරු අහසින් පහළ වීම සඳහා එය පැළී ගිය විට, وأذنت لربها وحقت

وَأَذِنَتْ لِرَبِّهَا وَحُقَّتْ ﴿٢﴾

තම පරමාධිපතිගේ අණට යටත් වී ඔහුට සවන් දුන් විට, එය එයට නියම කරනු ලැබුවක් වන්නේය

وَإِذَا ٱلْأَرْضُ مُدَّتْ ﴿٣﴾

හමක් අදිනු ලබන්නාක් මෙන් මහපොළොව දිගු හරිනු ලබන විට, وألقت ما فيها وتخلت

وَأَلْقَتْ مَا فِيهَا وَتَخَلَّتْ ﴿٤﴾

එහි ඇති නිදන් වස්තුන් හා මළ කඳන් බැහැර කොට ඒවායින් එය හිස් වේ. وأذنت لربها وحقت

وَأَذِنَتْ لِرَبِّهَا وَحُقَّتْ ﴿٥﴾

තම පරමාධිපතිගේ අණට යටත් වී ඔහුට සවන් දුන් විට, එය එයට නියම කරනු ලැබූවක් වන්නේය

يَـٰٓأَيُّهَا ٱلْإِنسَـٰنُ إِنَّكَ كَادِحٌ إِلَىٰ رَبِّكَ كَدْحًۭا فَمُلَـٰقِيهِ ﴿٦﴾

අහෝ මිනිසුනි! ඔබ යහපත හෝ අයපත සිදු කරන්නෙකි. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේදී ඒ සඳහා අල්ලාහ් ඔබට ප්රතිඵල දෙනු පිණිස එය ඔබ හමුවේ තබනු ලබන්නේය. فأم امن أوتى كتبه بيمينه

فَأَمَّا مَنْ أُوتِىَ كِتَـٰبَهُۥ بِيَمِينِهِۦ ﴿٧﴾

කවරෙකුගේ ක්රියා සටහන් ලේඛන තම දකුණතට දෙනු ලබන්නේද, فسوف يحاسب حسابايسيرا

فَسَوْفَ يُحَاسَبُ حِسَابًۭا يَسِيرًۭا ﴿٨﴾

ඔහු ඉදිරියේ එම ක්රියාවන් ඉදිරිපත් කරනු ලැබේ. කිසිදු ග්රහණයකින් තොරව පහසු ප්රශ්ණ කිරීමකින් ඔහු විනිශ්චය කරනු ලැබේ

وَيَنقَلِبُ إِلَىٰٓ أَهْلِهِۦ مَسْرُورًۭا ﴿٩﴾

ඔහු තම පවුල වෙත සතුටින් හැරී යනු ඇත. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

وَأَمَّا مَنْ أُوتِىَ كِتَـٰبَهُۥ وَرَآءَ ظَهْرِهِۦ ﴿١٠﴾

කවරෙකුගේ ක්රියා සටහන් ලේඛන ඔහුගේ පිටෙහි පිටුපසින් ඔහුගේ වමතට දෙනු ලැබුවේද ඔහු වූ කලී. فسوف يدعوا ثبورا

فَسَوْفَ يَدْعُوا۟ ثُبُورًۭا ﴿١١﴾

ඔහු තමන්ගේ විනාශය අයැද සිටියි. ويص ل سعيرا

وَيَصْلَىٰ سَعِيرًا ﴿١٢﴾

නිරයේ ගින්නට ඔහු ඇතුළු වනු ඇත. එහි දැඩි උෂ්ණත්වය විඳිනු ඇත

إِنَّهُۥ كَانَ فِىٓ أَهْلِهِۦ مَسْرُورًا ﴿١٣﴾

දෙවියන් ප්රතික්ෂේප කරමින් පාපකම් සිදු කරමින් ඔහු මෙලොවෙහි තම පවුල සමඟ සතුටින් ජීවත් විය. إنه ظن أن لن يحور

إِنَّهُۥ ظَنَّ أَن لَّن يَحُورَ ﴿١٤﴾

සැබැවින්ම තමන් මිය ගිය පසුව නැවත ජීවයක් නොලබන්නේ යැයි සිතීය

بَلَىٰٓ إِنَّ رَبَّهُۥ كَانَ بِهِۦ بَصِيرًۭا ﴿١٥﴾

එසේ නොව, පළමු වරට අල්ලාහ් ඔහුව මැවූ සේම යළි ඔහුට ජීවය දෙන්නේමය. ඔහුගේ තත්ත්වය අල්ලාහ් නිරීක්ෂණය කරමින් සිටියි. අල්ලාහ්ගෙන් කිසිවක් සැඟවෙන්නේ නැත. ඔහු සිදු කළ ක්රියාවන්ට අනුකූලව අල්ලාහ් ඔහුට ප්රතිඵල පිරිනමයි

فَلَآ أُقْسِمُ بِٱلشَّفَقِ ﴿١٦﴾

හිරු අවරට ගිය පසු ක්ෂිතිජයේ පවතින රත් පැහැය මත අල්ලාහ් දිවුරා සිටියි

وَٱلَّيْلِ وَمَا وَسَقَ ﴿١٧﴾

රාත්රිය හා එහි රැස් කරනු ලබන දෑ මත ද දිවුරා සිටියි

وَٱلْقَمَرِ إِذَا ٱتَّسَقَ ﴿١٨﴾

චන්ද්රයා පූර්ණත්වය ලැබ එය පුරසඳ බවට පත්වූ විට ඒ මත දිවුරා සිටියි. بلغ අල්-කුර්ආන් · තෆ්සීර් لتركبن طبقا عن طبق

لَتَرْكَبُنَّ طَبَقًا عَن طَبَقٍۢ ﴿١٩﴾

අහෝ මිනිසා, ශුක්රාණුවෙන් කූඩැල්ලෙකුගේ ස්වරූපයටත් කූඩැල්ලෙකුගේ ස්වරූපයෙන් කළල තත්ත්වයටත් එමෙන්ම ජීවිතයෙන් පසු මරණයටත් මරණයෙන් පසු යළි ජීවිතයටත් යනාදී ලෙස තත්ත්වයෙන් තත්ත්වයට පියවරෙන් පියවරට ඔබ ගමන් කරනු ඇත. فما لهم لا يؤمنون

فَمَا لَهُمْ لَا يُؤْمِنُونَ ﴿٢٠﴾

දෙවියන් ප්රතික්ෂේප කරන මොවුන් අල්ලාහ් හා පරමාන්ත -අවසාන- දිනය විශ්වාස නොකර සිටීමට කුමක් වීද?

وَإِذَا قُرِئَ عَلَيْهِمُ ٱلْقُرْءَانُ لَا يَسْجُدُونَ ۩ ﴿٢١﴾

ඔවුන් වෙත අල් කුර්ආනය පාරයනය කර පෙන්වනු ලබන විට ඔවුන්ගේ පරමාධිපතිට ඔවුන් සිරස නොනමති

بَلِ ٱلَّذِينَ كَفَرُوا۟ يُكَذِّبُونَ ﴿٢٢﴾

නමුත්, දෙවියන් ප්රතික්ෂේප කරන්නෝ, ඔවුන් වෙත ඔවුන්ගේ ධර්ම දූතයාණන් කවර කරුණක් ගෙන ආවේද එය බොරු යැයි පවසති

وَٱللَّهُ أَعْلَمُ بِمَا يُوعُونَ ﴿٢٣﴾

ඔවුන්ගේ සිත් රඳවා තබන දෑ පිළිබඳ අල්ලාහ් මැනවින් දන්නාහුය. ඔවුන්ගේ ක්රියාවන් කිසිවක් ඔහු වෙත සැඟවෙන්නේ නැත. فبشرهم بعذاب أليم

فَبَشِّرْهُم بِعَذَابٍ أَلِيمٍ ﴿٢٤﴾

එහෙයින් අහෝ දූතය! වේදනා සහගත දඬුවම බලාපොරොත්තුවෙන් සිටින බව ඔබ ඔවුනට දන්වා සිටිනු

إِلَّا ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّـٰلِحَـٰتِ لَهُمْ أَجْرٌ غَيْرُ مَمْنُونٍۭ ﴿٢٥﴾

නමුත් අල්ලාහ්ව විශ්වාස කොට, යහකම් සිදු කළ අය හැර. ඔවුනට නිම් නොවන කුසල් ඇත. එය ස්වර්ගයයි. මූලාශ්‍රය: අල්-මුඃතසර් ෆී තෆ්සීරිල් කුර්ආන්

ඉගෙන ගන්න · Al-Inshiqaaq — الانشقاق

අනුගමනය · පුනරාවර්තනය · පැවසීම · ලියාපදිංචිය අවශ්‍ය නැත

තෆ්සීර් · 31 භාෂා