وَيْلٌۭ لِّلْمُطَفِّفِينَ ﴿١﴾
කිරුම් මිනුම්වල වංචා කරන්නන් හට විනාශයකි. මහත් වූ පාඩුවකි
මුල් පිටුව›තෆ්සීර්›Al-Mutaffifin (83)
මක්කී · 36 වාක්‍ය
وَيْلٌۭ لِّلْمُطَفِّفِينَ ﴿١﴾
කිරුම් මිනුම්වල වංචා කරන්නන් හට විනාශයකි. මහත් වූ පාඩුවකි
ٱلَّذِينَ إِذَا ٱكْتَالُوا۟ عَلَى ٱلنَّاسِ يَسْتَوْفُونَ ﴿٢﴾
ඔවුහු වෙනත් අයගෙන් යමක් කිරා ගන්නේ නම් හෝ මැන ගන්නේ නම් හෝ තමන්ගේ අයිතියෙහි කිසිදු හිඟයක් නොකොට පරිපූර්ණව ලබා ගනිති. وإذا كالوهم أو وزنوهم يخسرون
وَإِذَا كَالُوهُمْ أَو وَّزَنُوهُمْ يُخْسِرُونَ ﴿٣﴾
නමුත් ජනයින්ට එය නැවත කිරා දෙන විට හෝ මැන දෙන විට හෝ කිරුම් මිනුම්වල අඩුපාඩු සිදු කරති. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මදීනාවට පැමිණි විට මදීනා වාසීන් අතර දක්නට තිබුණේ මෙවන් වූ තත්ත්වයකි
أَلَا يَظُنُّ أُو۟لَـٰٓئِكَ أَنَّهُم مَّبْعُوثُونَ ﴿٤﴾
මෙම පිළිකුල් සහගත ක්රියාව සිදු කරන මොවුහු සැබැවින්ම තමන් අල්ලාහ් ඉදිරියේ යළි නැගිටුවා ඉදිරිපත් කරනු ලබන බව විශ්වාස නොකරනුයේ මන්ද? ليوم عظيم
لِيَوْمٍ عَظِيمٍۢ ﴿٥﴾
ව්යසනවලින් හා බියෙන් පිරුණු ඒ මහත් වූ දිනයේදී විනිශ්චය හා ප්රතිඵල දෙනු පිණිසය
يَوْمَ يَقُومُ ٱلنَّاسُ لِرَبِّ ٱلْعَـٰلَمِينَ ﴿٦﴾
එය සියලු මැවීම් පරමාධිපති ඉදිරියේ විනිශ්චය සඳහා නැගිට සිටිනු ලබන දිනයකි
كَلَّآ إِنَّ كِتَـٰبَ ٱلْفُجَّارِ لَفِى سِجِّينٍۢ ﴿٧﴾
මරණයෙන් පසු යළි අවදිකිරීමක් නැතැයි ඔබ රෑපණය කර ගන්නාක් මෙන් එය නැත. දේව ප්රතික්ෂේපකයින් හා කුහකයින් අතර සිටි පාපිෂ්ඨයින්ගේ වාර්තාව පොළොවේ පහළටම බැස තිබේ
وَمَآ أَدْرَىٰكَ مَا سِجِّينٌۭ ﴿٨﴾
අහෝ දූතය! සිජ්ජීන් යනු කුමක්දැයි ඔබට විස්තර කළේ කුමක්ද? كتب م رقوم
كِتَـٰبٌۭ مَّرْقُومٌۭ ﴿٩﴾
සැබැවින්ම ඔවුන්ගේ වාර්තා ලියමින්ම පවතී. එහි කිසිදු අඩු වැඩි කිරීමක් සිදු නොවේ. بلغ අල්-කුර්ආන් · තෆ්සීර් ويل يومئذ للمكذبين
وَيْلٌۭ يَوْمَئِذٍۢ لِّلْمُكَذِّبِينَ ﴿١٠﴾
එදින බොරු කරන්නන්හට මහත් වූ විනාශයක් අත්වනු ඇත. එය මහත් වූ පාඩුවකි
ٱلَّذِينَ يُكَذِّبُونَ بِيَوْمِ ٱلدِّينِ ﴿١١﴾
අල්ලාහ් තම ගැත්තන්හට ඔවුන් මෙලොවෙහි සිදු කළ දේවල් සඳහා මතුලොවෙහි ප්රතිඵල දෙන දිනය ප්රතික්ෂේප කරමින් සිටිය අය මොවුන් වෙති
وَمَا يُكَذِّبُ بِهِۦٓ إِلَّا كُلُّ مُعْتَدٍ أَثِيمٍ ﴿١٢﴾
අධික ලෙස අකුසල් සිදු කරන, අල්ලාහ්ගේ සීමාවන් උල්ලංඝනය කරමින් කටයුතු කරන අය මිස වෙන කිසිවකු එම දිනය බොරුවක් යැයි පවසන්නේ නැත
إِذَا تُتْلَىٰ عَلَيْهِ ءَايَـٰتُنَا قَالَ أَسَـٰطِيرُ ٱلْأَوَّلِينَ ﴿١٣﴾
අපගේ දූතයාණන් වෙත පහළ කරනු ලැබූ අපගේ වදන් ඔහු ඉදිරියේ පාරායනය කරනු ලබන විට "මෙය මුතුන් මිත්තන්ගේ කතාය. මෙය අල්ලාහ්ගෙන් වූවක් නොවේ" යැයි ඇතැමුන් පවසයි
كَلَّا ۖ بَلْ ۜ رَانَ عَلَىٰ قُلُوبِهِم مَّا كَانُوا۟ يَكْسِبُونَ ﴿١٤﴾
එය මෙම බොරුකාරයින් සිතන පරිදි නොවේ. ඔවුන්ගේ බුද්ධිය ඉහවහා ගොස් ඇත. ඔවුන් උපයාගත් පාපය හේතුවෙන් එය ආවරණය වී ඇත. ඔවුන්ගේ සිත් තුළින් සත්යය නොදකිති
كَلَّآ إِنَّهُمْ عَن رَّبِّهِمْ يَوْمَئِذٍۢ لَّمَحْجُوبُونَ ﴿١٥﴾
නියත වශයෙන්ම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේදී ඔවුන්ගේ පරමාධිපතියාණන් දැකීමෙන් ඔවුන්ව වළක්වනු ලබනු ඇත
ثُمَّ إِنَّهُمْ لَصَالُوا۟ ٱلْجَحِيمِ ﴿١٦﴾
අනතුරුව සැබැවින්ම ඔවුන් නිරයට පිවිස, එහි නිරා ගින්නේ උණුසුම විඳිනු ඇත
ثُمَّ يُقَالُ هَـٰذَا ٱلَّذِى كُنتُم بِهِۦ تُكَذِّبُونَ ﴿١٧﴾
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේදී ඔවුන් හෑල්ලුවට ලක් කරමින්, “නුඹලා මේ විඳින දඩුවම, මෙලොවෙහි නුඹලාගේ දහම් දූතයාණන් නුඹලාට කවර කරුණක් දන්වා සිටියේද එය බොරුකරමින් සිටි හේතුව නිසාවෙනි“යැයි පවසනු ලැබේ
كَلَّآ إِنَّ كِتَـٰبَ ٱلْأَبْرَارِ لَفِى عِلِّيِّينَ ﴿١٨﴾
එය සැබැවින්ම විනිශ්චයක් නැත. තිළිණ පිරිනැමීමක් නැත යැයි ඔවුන් සිතන පරිද්දෙන් නොව. සැබැවින්ම දෙවියන්ට අවනත වූවෝ ඉල්ලීය්යීන්හි වෙති. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
وَمَآ أَدْرَىٰكَ مَا عِلِّيُّونَ ﴿١٩﴾
අහෝ දූතය! ඉල්ලීය්යීන් කුමක්දැයි ඔබට දන්වා සිටියේ කුමක්ද? كتب م رقوم
كِتَـٰبٌۭ مَّرْقُومٌۭ ﴿٢٠﴾
සැබැවින්ම ඔවුන්ගේ වාර්තා පොත ලියමින්ම පවතී. එහි කිසිදු අඩු වැඩි කිරීමක් සිදු නොවේ
يَشْهَدُهُ ٱلْمُقَرَّبُونَ ﴿٢١﴾
සෑම අහසකටම සමීපව සිටින මලක්වරුන් එම වාර්තාව ඉදිරිපත් කරනු ඇත
إِنَّ ٱلْأَبْرَارَ لَفِى نَعِيمٍ ﴿٢٢﴾
දෙවියන්ට අධික ලෙස අවනත වන්නෝ මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේදී සදාතනික සැපයෙහි වෙති
عَلَى ٱلْأَرَآئِكِ يَنظُرُونَ ﴿٢٣﴾
අලංකාර කරන ලද කවිච්චි මතට වී ඔවුන්ගේ පරමාධිපති දෙස ද ඔවුන් කරන, ඔවුන් සතුටු වන සෑම දෙයක් දෙස ද බලමින් සිටිති
تَعْرِفُ فِى وُجُوهِهِمْ نَضْرَةَ ٱلنَّعِيمِ ﴿٢٤﴾
ඔබ ඔවුන් දුටුවේ නම් ඔවුන් විඳින සැපතෙහි අලංකාරය හා සතුට ඔවුන්ගේ මුහුණුවලින් දකිනු ඇත. يسقون من رحيق م ختوم
يُسْقَوْنَ مِن رَّحِيقٍۢ مَّخْتُومٍ ﴿٢٥﴾
කට මුද්රා තැබූ අමෘත භාජන වලින් ඔවුනට මධු පොවනු ලැබේ
خِتَـٰمُهُۥ مِسْكٌۭ ۚ وَفِى ذَٰلِكَ فَلْيَتَنَافَسِ ٱلْمُتَنَـٰفِسُونَ ﴿٢٦﴾
ඉන් කස්තූරි සුවද අවසානය දක්වාම හමනු ඇත. මෙම ගෞරවනීය තිළිණය වෙනුවෙන් අල්ලාහ්ගේ තෘප්තිය ලබා ගත හැති ක්රියාවන් සිදු කිරීම මඟිින් හා ඔහු කෝපයට පත් වන දෑ අත් හැරීම මඟින් තරඟ වදින්නෝ තරඟ කරත්වා. ومزاجه من تسنيم
وَمِزَاجُهُۥ مِن تَسْنِيمٍ ﴿٢٧﴾
මෙම මුද්රා කරනු ලැබූ පානය තස්නීම් නම් උල්පතකින් එන පානයකින් මිශ්රව පවතී
عَيْنًۭا يَشْرَبُ بِهَا ٱلْمُقَرَّبُونَ ﴿٢٨﴾
එය ස්වර්ගයේ උසස් ස්ථානයේ පිහිටි උල්පතකි. පිරිසිදු මිහිරි පානයක් වන මෙයින් දේව සමීපතයෝ පානය කරන්නාහුය. එමෙන්ම ඒ සමඟ වෙනත් දෑ ද මිශ්ර කොට සෙසු දේව විශ්වාසීන් පානය කරති. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
إِنَّ ٱلَّذِينَ أَجْرَمُوا۟ كَانُوا۟ مِنَ ٱلَّذِينَ ءَامَنُوا۟ يَضْحَكُونَ ﴿٢٩﴾
දෙවියන් ප්රතික්ෂේප කරමින් අපරාධ කළවුන් වනාහි ඔවුහු දෙවියන් විශ්වාස කළවුන් දෙස බලා ඔවුන් හෑල්ලුවට ලක් කරමින් සිනාසෙමින් සිටියහ. وإذا مر وابهم يتغامزون
وَإِذَا مَرُّوا۟ بِهِمْ يَتَغَامَزُونَ ﴿٣٠﴾
දෙවියන් විශ්වාස කළවුන් පසුකර යන විට ඔවුන්ගෙන් ඇතැමෙක් ඇතැමෙකු දෙස ඇස් කොණින් බලා සමච්චලයට සිනාසුණහ
وَإِذَا ٱنقَلَبُوٓا۟ إِلَىٰٓ أَهْلِهِمُ ٱنقَلَبُوا۟ فَكِهِينَ ﴿٣١﴾
ඔවුහු තම නිවෙස් වෙත බලා යන විට ඔවුන් කළ දේව ප්රතික්ෂේපය, දෙවියන් විශ්වාස කළවුනට කළ සරදම ගැන සතුටුවෙමින් හැරී ගියහ
وَإِذَا رَأَوْهُمْ قَالُوٓا۟ إِنَّ هَـٰٓؤُلَآءِ لَضَآلُّونَ ﴿٣٢﴾
ඔවුහු මුස්ලිම්වරු දුටු විට "මොවුහු ඔවුන්ගේ මුතුන්මිත්තන්ගේ දහම අතහැර දැමීමෙන් ඔවුහු නිවැරදි මාර්ගයෙන් මුළා වී ඇත්තෝය." යැයි පවසන්නාහුය
وَمَآ أُرْسِلُوا۟ عَلَيْهِمْ حَـٰفِظِينَ ﴿٣٣﴾
මෙවන් ප්රකාශයක් කරන තරමට මොවුන්ගේ ක්රියාවන් ආරක්ෂා කිරීම සඳහා අල්ලාහ් ඔවුනට කිසිවක් පවරා සිටියේ නැත
فَٱلْيَوْمَ ٱلَّذِينَ ءَامَنُوا۟ مِنَ ٱلْكُفَّارِ يَضْحَكُونَ ﴿٣٤﴾
මෙලොව ජීවිතයේ දෙවියන් ප්රතික්ෂේප කළවුන් සරදම් කළාක් මෙන්ම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේදී දෙවියන් විශ්වාස කළවුන්, දෙවියන් ප්රතික්ෂේප කළවුන් දෙස බලා සිනා සෙනු ඇත
عَلَى ٱلْأَرَآئِكِ يَنظُرُونَ ﴿٣٥﴾
අලංකාර කරන ලද කවිච්චි මතට වී ඔවුන්ගේ සදාකාලික සැප සම්පත් සඳහා පරමාධිපති විසින් සූදානම් කර ඇති දේ දෙස නරඹමින් සිටින්නෝය
هَلْ ثُوِّبَ ٱلْكُفَّارُ مَا كَانُوا۟ يَفْعَلُونَ ﴿٣٦﴾
දෙවියන් ප්රතික්ෂේප කළවුන් මෙලොවෙහි කළ දේවල් වෙනුවෙන් නින්දිත දඞුවම පිරිනමනු ලැබේ. මූලාශ්‍රය: අල්-මුඃතසර් ෆී තෆ්සීරිල් කුර්ආන්
අනුගමනය · පුනරාවර්තනය · පැවසීම · ලියාපදිංචිය අවශ්‍ය නැත