මුල් පිටුවතෆ්සීර්Al-Infitaar (82)

තෆ්සීර් Al-Infitaar (82) — الانفطار

මක්කී · 19 වාක්‍ය

කියවන්න · අහන්නPDF ගොනුව

إِذَا ٱلسَّمَآءُ ٱنفَطَرَتْ ﴿١﴾

අහසින් මලක්වරුන් පැමිණීම සඳහා අහස පැළී යන විට

وَإِذَا ٱلْكَوَاكِبُ ٱنتَثَرَتْ ﴿٢﴾

ග්රහ තාරකා හැළී විසිර යන විට

وَإِذَا ٱلْبِحَارُ فُجِّرَتْ ﴿٣﴾

මුහුදු විවෘත වී එකිනෙක මිශ්ර වන විට

وَإِذَا ٱلْقُبُورُ بُعْثِرَتْ ﴿٤﴾

මිනීවලවල් තුළ සිටින මියගිය ඇත්තන් යළි අවදිවනු පිණිස මිනීවලවල් පෙරළනු ලබන විට. .. علمت نفس ما قد مت وأخ رت

عَلِمَتْ نَفْسٌۭ مَّا قَدَّمَتْ وَأَخَّرَتْ ﴿٥﴾

එම අවස්ථාවේදී සෑම ආත්මයක්ම ඔහු කලින් සිදු කළ දෑ හා ඔහු නොකළ, පසුව සිදු කිරීමට සිටි දෑ පිළිබඳ දැනගනු ඇත

يَـٰٓأَيُّهَا ٱلْإِنسَـٰنُ مَا غَرَّكَ بِرَبِّكَ ٱلْكَرِيمِ ﴿٦﴾

අහෝ ඔබේ පරමාධිපති ගැන ප්රතික්ෂේප කරන මිනිසුනි! ඔහුගෙන් වූ ගෞරවනීය පිදුමක් ලෙස යම් කාලයක් ඔබට කල් දී දඬුවම ඉක්මන් නොකොට තිබියදී ඔබේ පරමාධිපතිගේ නියෝගයට ඔබ විරුද්ධ වන්නට සැලැස්වූ හේතුව කුමක්ද? بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

ٱلَّذِى خَلَقَكَ فَسَوَّىٰكَ فَعَدَلَكَ ﴿٧﴾

ශූන්ය යන තත්ත්වයෙන් ඔහු ඔබව ඇති කළේය. පසු ව ඔබේ සියලු ශරීර අවයව නිසිලෙස සැකසුවේය

فِىٓ أَىِّ صُورَةٍۢ مَّا شَآءَ رَكَّبَكَ ﴿٨﴾

ඔබව කවර හැඩයකින් මැවිය යුත්තේද ඒ අයුරින්ම ඔහු මැව්වේය. බූරුවකු, වඳුරෙකු, බල්ලෙකු හෝ වෙනත් කිසිවකුගේ හැඩයෙන් ඔබව නොමවා ඔබව මිනිස් ස්වරූපයක් දී ඔහු ඔබට ආශිර්වාද කළේය

كَلَّا بَلْ تُكَذِّبُونَ بِٱلدِّينِ ﴿٩﴾

අහෝ රැවටී සිටින්නනි! නුඹලා මවා ගත් ප්රතිරූපය මෙන් නොව, නුඹලා ප්රතිඵල දෙනු ලබන දිනය ගැන බොරු කරමින් සිටින්නාහුය. නුඹලා ඒ සඳහා ක්රියා නොකරන්නාහුය. وإن عليكم لحفظين

وَإِنَّ عَلَيْكُمْ لَحَـٰفِظِينَ ﴿١٠﴾

නුඹලාගේ ක්රියා දාමයන් සියල්ල ආරක්ෂා වන පරිදි සටහන් කරන මලක්වරුන් නුඹලා වෙත පනවා ඇත. كراما كتبين

كِرَامًۭا كَـٰتِبِينَ ﴿١١﴾

අල්ලාහ් අබියස ගෞරවයට පාත්ර වූවන් හා නුඹලා කරන ක්රියාවන් ලියාගන්නන් ලෙසින් ඔවුන් කටයුතු කරනු ඇත. يعلمون ما تفعلون

يَعْلَمُونَ مَا تَفْعَلُونَ ﴿١٢﴾

නුඹලා සිදු කරන දේ පිළිබඳ ඔවුන් දැනුම්වත් ය. ඒවා ඔවුන් සටහන් කර ගනිති. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

إِنَّ ٱلْأَبْرَارَ لَفِى نَعِيمٍۢ ﴿١٣﴾

යහපත අධිකව සිදු කරන, අවනත වන දැහැමියන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේදී සදා සැපතෙහි සිටිති

وَإِنَّ ٱلْفُجَّارَ لَفِى جَحِيمٍۢ ﴿١٤﴾

තවද දුෂ්ඨයෝ නිරා ගින්නෙහි තැවෙනු ඇත

يَصْلَوْنَهَا يَوْمَ ٱلدِّينِ ﴿١٥﴾

එහි උෂ්ණත්වය විඳවමින් එතුළට පිවිසෙනු ඇත

وَمَا هُمْ عَنْهَا بِغَآئِبِينَ ﴿١٦﴾

කිසිවිටෙකදී ඔවුන්ට එයින් සැඟවී සිටිය නොහැක. ඔවුහු එහි සදාතනිකයෝ වෙති

وَمَآ أَدْرَىٰكَ مَا يَوْمُ ٱلدِّينِ ﴿١٧﴾

අහෝ දූතය! විනිශ්චය දිනය කුමක්දැයි ඔබට දැනුම් දුන්නේ කුමක්ද?

ثُمَّ مَآ أَدْرَىٰكَ مَا يَوْمُ ٱلدِّينِ ﴿١٨﴾

විනිශ්චය දිනය කුමක්දැයි ඔබට උගන්වා දුන්නේ කවරක්ද?

يَوْمَ لَا تَمْلِكُ نَفْسٌۭ لِّنَفْسٍۢ شَيْـًۭٔا ۖ وَٱلْأَمْرُ يَوْمَئِذٍۢ لِّلَّهِ ﴿١٩﴾

එය කිසිවකුට සෙත සැලසිය නොහැකි දිනයකි. එදින සිදුවන සියලු කටයුතු අල්ලාහ්ට පමණක් සතු වේ. ඔහු කැමති පරිදි ක්රියා කරයි. එය ඔහුට -අල්ලාහ්ට- හැර වෙන කිසිවකුත් කිසිවකුට නොවන්නේය. මූලාශ්‍රය: අල්-මුඃතසර් ෆී තෆ්සීරිල් කුර්ආන්

ඉගෙන ගන්න · Al-Infitaar — الانفطار

අනුගමනය · පුනරාවර්තනය · පැවසීම · ලියාපදිංචිය අවශ්‍ය නැත

තෆ්සීර් · 31 භාෂා