මුල් පිටුවතෆ්සීර්At-Takwir (81)

තෆ්සීර් At-Takwir (81) — التكوير

මක්කී · 29 වාක්‍ය

කියවන්න · අහන්නPDF ගොනුව

إِذَا ٱلشَّمْسُ كُوِّرَتْ ﴿١﴾

හිරු එහි ස්කන්ධය සමග හැකිළී ගොස් එහි ආලෝකය පහ ව ගිය විට

وَإِذَا ٱلنُّجُومُ ٱنكَدَرَتْ ﴿٢﴾

ග්රහ තාරකා කඩා හැළී ඒවායෙහි ආලෝකය ද මැකී ගිය විට

وَإِذَا ٱلْجِبَالُ سُيِّرَتْ ﴿٣﴾

කඳු තිබූ තැනින් වෙන් වී චලනය වූ විට

وَإِذَا ٱلْعِشَارُ عُطِّلَتْ ﴿٤﴾

ඔවුන්ගේ වටිනාම වූ සම්පතක් ලෙස සැලකූ ගැබ් ගත් ඔටුවන්ව එහි අයිතිකරුවන් විසින් නොසළකා අතහැර දමනු ලැබූ විට

وَإِذَا ٱلْوُحُوشُ حُشِرَتْ ﴿٥﴾

එකම යායක වනසතුන් මිනිසුන් සමඟ එක්රැස් කරනු ලබන විට,

وَإِذَا ٱلْبِحَارُ سُجِّرَتْ ﴿٦﴾

මුහුදු ගිනියම් වන තත්වයට පත්වන තරමට එය අවුළුවනු ලැබූ විට

وَإِذَا ٱلنُّفُوسُ زُوِّجَتْ ﴿٧﴾

ආත්මාවන් ඒවාට සමාන අය සමඟ සම්බන්ධ කරනු ලැබූ විට... එනම් පාපිෂ්ටයා පාපිෂ්ටයා සමගද දැහැමියා දැහැමියා සමගද සම්බන්ධ කරනු ලබනු ඇත

وَإِذَا ٱلْمَوْءُۥدَةُ سُئِلَتْ ﴿٨﴾

පණ පිටින් වළලනු ලැබූ දැරියන්ගෙන් අල්ලාහ් ප්රශ්න කරන විට... بأى ذنب قتلت

بِأَىِّ ذَنۢبٍۢ قُتِلَتْ ﴿٩﴾

ඔබ ව ඝාතනය කළවුන් කවර වරදක් සඳහා ඝාතනය කළේ දැයි ප්රශ්ණ කරනු ඇත. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

وَإِذَا ٱلصُّحُفُ نُشِرَتْ ﴿١٠﴾

ගැත්තන් සෑම කෙනෙකුම ඔවුනොවුන් විසින් සිදු කළ ක්රියාවන් පිළිබඳ වාර්තා කියවනු පිණිස එම ක්රියා ලේඛන දිග හරිනු ලැබූ විට

وَإِذَا ٱلسَّمَآءُ كُشِطَتْ ﴿١١﴾

එළුවකුගේ හම ගලවන්නාක් මෙන් අහස ඉවත් කරනු ලැබූ විට

وَإِذَا ٱلْجَحِيمُ سُعِّرَتْ ﴿١٢﴾

තවද නිරා ගින්න මොළවනු ලැබූ විට

وَإِذَا ٱلْجَنَّةُ أُزْلِفَتْ ﴿١٣﴾

ස්වර්ගය බියබැතිමතුන් හට සමීප කරවනු ලැබූ විට

عَلِمَتْ نَفْسٌۭ مَّآ أَحْضَرَتْ ﴿١٤﴾

මේ සියල්ල සිදුවන අවස්ථාවේ දී සෑම ආත්මයක්ම එදින වෙනුවෙන් තමන් පෙර කර තිබුණා වූ ක්රියාවන් පිළිබඳ දැනගනු ඇත

فَلَآ أُقْسِمُ بِٱلْخُنَّسِ ﴿١٥﴾

රාත්රියෙහි එය උදාවන්නට පෙර සැඟවී පවතින තාරකා මත අල්ලාහ් දිවුරා පවසයි

ٱلْجَوَارِ ٱلْكُنَّسِ ﴿١٦﴾

අලුයම උදාවන අවස්ථාවේදී සැඟවී යන ග්රහලෝක අතර ඒවා ගමන් කරනු ඇත. මුවෙකු තම වාසස්ථානයට ඇතුල්වීම ද උපමාවක් ලෙස ගත හැක

وَٱلَّيْلِ إِذَا عَسْعَسَ ﴿١٧﴾

රාත්රියේ ආරම්භය උදාවන විට ඒ මත දිවුරා පවසයි

وَٱلصُّبْحِ إِذَا تَنَفَّسَ ﴿١٨﴾

අලුයම් ආලෝකය උදාවන විට ඒ මත ද දිවුරා පවසයි. بلغ අල්-කුර්ආන් · තෆ්සීර් إنه لقول رسول كريم

إِنَّهُۥ لَقَوْلُ رَسُولٍۢ كَرِيمٍۢ ﴿١٩﴾

නියත වශයෙන්ම මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් වෙත පහළ කරනු ලැබූ අල් කුර්ආනය අල්ලාහ්ගේ වදන් වේ. එය විශ්වාසනීය දේව දූත ජිබ්රීල් තුමා විසින් එතුමාණන්ට දැන්වීය. අල්ලාහ් එම කටයුත්ත එතුමාට භාර කළේය

ذِى قُوَّةٍ عِندَ ذِى ٱلْعَرْشِ مَكِينٍۢ ﴿٢٠﴾

ඔහු ශක්තිමත් වූ අයෙකි. දේව රාජ්යයේ දෙවියන් අබියස ගෞරවනීය නිලයක් හිමි අයෙකි. مطاع ثم أمين

مُّطَاعٍۢ ثَمَّ أَمِينٍۢ ﴿٢١﴾

අහස්වාසීහු ඔහුට අවනත වනු ඇත. වහී හෙවත් දේව පණිවිඩ දන්වා සිටීමේ වගකීම සම්බන්ධයෙන් ඔහු විශ්වාස කරනු ලැබූවෙකි. وما صاحبكم بمجنون

وَمَا صَاحِبُكُم بِمَجْنُونٍۢ ﴿٢٢﴾

නුඹලා දන්නා හඳුනන මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ බුද්ධිය ඔහුගේ විශ්වාසනීයභාවය හා ඔහුගේ සත්යභාවය යනාදියෙන් නිරූපණය වනුයේ නුඹලා ගොතා පවසනු ලබන දේ මෙන් මුහම්මද් තුමාණන් උමතු වූවෙකු නොවන බවය

وَلَقَدْ رَءَاهُ بِٱلْأُفُقِ ٱلْمُبِينِ ﴿٢٣﴾

ඔබේ මිතුරා වන එතුමා ජිබ්රීල් තුමාව මැවූ සැබෑ ස්වරූපයෙන්ම පැහැදිලිව ක්ෂිතිජය තුළ දුටුවේය

وَمَا هُوَ عَلَى ٱلْغَيْبِ بِضَنِينٍۢ ﴿٢٤﴾

නුඹලා වෙත දන්වා සිටින්නට නියම කළ කිසිදු කරුණක් නුඹලා වෙත දන්වා සිටීමට එතුමා මසුරු නොවූහ. හූනියම් කරුවන් ගන්නාක් මෙන් කිසිදු කුලියක් හෝ එතුමා නොගන්නේය. وما هوبقول شيطن رجيم

وَمَا هُوَ بِقَوْلِ شَيْطَـٰنٍۢ رَّجِيمٍۢ ﴿٢٥﴾

මෙම අල් කුර්ආනය අල්ලාහ්ගේ කරුණාවෙන් මිස, පළවා හරින ලද ෂෙයිතාන්ගේ ප්රකාශයක් නොවේ. فأ ين تذهبون

فَأَيْنَ تَذْهَبُونَ ﴿٢٦﴾

මෙම සාධක ඉදිරිපත් කිරීමෙන් පසුව අල් කුර්ආනය අල්ලාහ්ගෙන් පැමිණි එකක් බව ප්රතික්ෂේප කරන්නට නුඹලා ගමන් කරන මඟ කුමක්ද? إن هو إل اذكر للعلمين

إِنْ هُوَ إِلَّا ذِكْرٌۭ لِّلْعَـٰلَمِينَ ﴿٢٧﴾

අල් කුර්ආනය මිනිස් සංහතියට හා ජින් සංහතියට උපදෙසක් හා මෙනෙහි කිරීමක් මිස වෙනකක් නොවේ. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

لِمَن شَآءَ مِنكُمْ أَن يَسْتَقِيمَ ﴿٢٨﴾

එය ඔබ අතර සිටින්නාවූ සත්ය මාර්ගයේ ඍජුව ගමන් කරන්නට ප්රිය කරන අය වෙනුවෙනි

وَمَا تَشَآءُونَ إِلَّآ أَن يَشَآءَ ٱللَّهُ رَبُّ ٱلْعَـٰلَمِينَ ﴿٢٩﴾

එසේ ඍජු මාර්ගයේ ගමන් කිරීමට හෝ වෙනත් කටයුත්තක් සිදු කිරීමට හෝ අල්ලාහ්ගේ අභිමතයෙන් මිස නුඹලාගේ අභිමතය පරිදි කළ නොහැක. ඔහු සියලු මැවීම්හි පරමාධිපතියාණන්ය. මූලාශ්‍රය: අල්-මුඃතසර් ෆී තෆ්සීරිල් කුර්ආන්

ඉගෙන ගන්න · At-Takwir — التكوير

අනුගමනය · පුනරාවර්තනය · පැවසීම · ලියාපදිංචිය අවශ්‍ය නැත

තෆ්සීර් · 31 භාෂා