මුල් පිටුවතෆ්සීර්Abasa (80)

තෆ්සීර් Abasa (80) — عبس

මක්කී · 42 වාක්‍ය

කියවන්න · අහන්නPDF ගොනුව

عَبَسَ وَتَوَلَّىٰٓ ﴿١﴾

අල්ලාහ්ගේ දූතයාණන් තම මුහුණ ඇඹුල් කොට පිටුපෑවේය

أَن جَآءَهُ ٱلْأَعْمَىٰ ﴿٢﴾

එසේ පිටුපෑවේ අබ්දුල්ලාහ් ඉබ්නු උම්මු මක්තූම් තුමා එතුමාගෙන් යහමඟ ලබන්නට පැමිණීම හේතුවෙනි. ඔහු අන්ධයකු විය. ඔහු එතුමාණන් වෙත පැමිණියේ එතුමාණන් දේව ප්රතික්ෂේප කරන ප්රධානීන් යහමඟ ලබනු ඇතැයි යන අපේක්ෂාවෙන් ඔවුන් සමග කාර්ය බහුලව සිටි අවස්ථාවකදීය

وَمَا يُدْرِيكَ لَعَلَّهُۥ يَزَّكَّىٰٓ ﴿٣﴾

අහෝ දූතය! මෙම අන්ධ පුද්ගලයා ඔහුගේ පවින් පිරිසිදු වන බවට ඔබට දැනුම් දුන්නේ කවරෙකුද?

أَوْ يَذَّكَّرُ فَتَنفَعَهُ ٱلذِّكْرَىٰٓ ﴿٤﴾

එසේත් නැතහොත් ඔබේ උපදෙසට ඔහු සවන්දී ඉන් ඔහු ප්රයෝජන ලැබිය හැකි බවට ඔබට දැනුම් දුන්නේ කවරෙකුද?

أَمَّا مَنِ ٱسْتَغْنَىٰ ﴿٥﴾

ධනය හා බලය හේතුවෙන් ඔබ ගෙන ආ දෑ පිළිබඳ විශ්වාස කිරීමේ අවශ්යතාවක් නැති අය වනාහි, فأنت له تصد

فَأَنتَ لَهُۥ تَصَدَّىٰ ﴿٦﴾

ඔබ ඔහුට එය ඉදිරිපත් කරන්නෙහිය. එය පිළිගැනීමට කටයුතු කරන්නෙහිය. وما عليك أل ايز كى

وَمَا عَلَيْكَ أَلَّا يَزَّكَّىٰ ﴿٧﴾

අල්ලාහ් වෙත පාපක්ෂමාවෙහි නිරත වී ඔහුගේ පාපයෙන් ඔහු පිවිතුරු නොවූයේ නම් ඔබට ලැබෙන්නේ කුමක් ද?

وَأَمَّا مَن جَآءَكَ يَسْعَىٰ ﴿٨﴾

යහපත සොයමින් ඔබ වෙත යුහුසුළුව පැමිණි අය වනාහි, وهو يخش

وَهُوَ يَخْشَىٰ ﴿٩﴾

ඔහු තම පරමාධිපතිට බියෙන් කටයුතු කරන්නෙකි. بلغ අල්-කුර්ආන් · තෆ්සීර් فأنت عنه تله

فَأَنتَ عَنْهُ تَلَهَّىٰ ﴿١٠﴾

එසේ තිබියදීත් ඔබ ඔහු නොසලකා හැර, දේව ප්රතික්ෂේප කරන ප්රධානීන් සමඟ කටයුතු කරන්නෙහිය

كَلَّآ إِنَّهَا تَذْكِرَةٌۭ ﴿١١﴾

කරුණු එසේ නොවේ. සැබැවින්ම එය පිළිගන්නා අයට වූ මෙනෙහි කිරීමකි; උපදෙසකි

فَمَن شَآءَ ذَكَرَهُۥ ﴿١٢﴾

එහෙයින් අල්ලාහ්ව මෙනෙහි කිරීමට සිතන්නන් ඔහු මෙනෙහි කරනු ඇත. අල් කුර්ආනයේ ඇති දෑ පිළිබඳ උපදෙස් ලබනු ඇත. فى صحف م كرمة

فِى صُحُفٍۢ مُّكَرَّمَةٍۢ ﴿١٣﴾

මෙම කුර්ආනය දේව මෙහෙකරුවන් වන මලක්වරුන් අතර ඇති ගෞරවණීය ලේඛනයේ තිබිණි. م رفوعة م طه رة

مَّرْفُوعَةٍۢ مُّطَهَّرَةٍۭ ﴿١٤﴾

එය උස් ස්ථානයක ඔසවා තබනු ලැබූවකි. එය පිවිතුරුය. කිසිදු කිලිටක් එහි ඇති නොවේ. بأ يدى سفرة

بِأَيْدِى سَفَرَةٍۢ ﴿١٥﴾

එය මලක්වරුන් අතර සිටි දූතවරුන්ගේ අත්වල තිබුණකි. كرام بررة

كِرَامٍۭ بَرَرَةٍۢ ﴿١٦﴾

ඔවුන් තම පරමාධිපති අභියස ගෞරවයෙන් පිදුම් ලැබූවන්ය. අධික ලෙස යහපත කරන්නන්ය. අවනත වන්නන්ය

قُتِلَ ٱلْإِنسَـٰنُ مَآ أَكْفَرَهُۥ ﴿١٧﴾

දෙවියන් ප්රතික්ෂේප කරන මිනිසා ශාපයට භාජනය කරන ලදී. ඔහු කෙතරම් දැඩි ලෙස අල්ලාහ්ව ප්රතික්ෂේප කරන්නේද! من أى شىء خلقه

مِنْ أَىِّ شَىْءٍ خَلَقَهُۥ ﴿١٨﴾

මිහිතලයේ උඩඟුකමින් පසුවීමට සහ ප්රතික්ෂේප කිරීමට තරම් දෙවිඳුන් ඔහු කවර දෙයකින් මවා තිබේදැයි සිතා බලත්වා! من نطفة خلقه فقدره

مِن نُّطْفَةٍ خَلَقَهُۥ فَقَدَّرَهُۥ ﴿١٩﴾

ඉතා අල්ප ජල බින්දුවකින් අල්ලාහ් ඔහු ව මවා පසුව අදියරින් අදියර ඔහුගේ ස්වරූපය සකස් කළේය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

ثُمَّ ٱلسَّبِيلَ يَسَّرَهُۥ ﴿٢٠﴾

එම අදියරයන්ගෙන් පසු ව තම මවගේ කුසින් පිටවන්නට ඔහු පහසු කළේය. ثم أماته فأقبره

ثُمَّ أَمَاتَهُۥ فَأَقْبَرَهُۥ ﴿٢١﴾

මෙලොව ජීවිතයේ යම් ආයු කාලයක් නියම කළ පසු ව ඔහු ඔහු ව (මිනිසා ව) මරණයට පත් කළේය. මිනීවල තුළ තැන්පත් කෙරෙව්වේය. නැවත අවදි කරනු ලබන තෙක් ඔහු එහි රැඳී සිටිනු ඇත

ثُمَّ إِذَا شَآءَ أَنشَرَهُۥ ﴿٢٢﴾

පසු ව ඔහු අභිමත කළ විට විනිශ්චය හා ප්රතිඵල සඳහා ඔහු ව අවදි කරවනු ඇත

كَلَّا لَمَّا يَقْضِ مَآ أَمَرَهُۥ ﴿٢٣﴾

තමන්ට පැවරුණු වගකීම් තම පරමාධිපතිට ඉටු කර ඇතැයි එම දේව ප්රතික්ෂේපකයා අනුමාන කරන මෙන් එම විෂය නොපවතී. ඇත්තෙන්ම ඔහුට අල්ලාහ් විසින් අනිවාර්ය කළ වගකීම් ඔහු විසින් ඉටු කර නැත

فَلْيَنظُرِ ٱلْإِنسَـٰنُ إِلَىٰ طَعَامِهِۦٓ ﴿٢٤﴾

එහෙයින් අල්ලාහ් ව ප්රතික්ෂේප කරන මිනිසා තමන් කෑමට ගන්නා ආහාර කෙසේ නම් ඇතිවූයේ දැයි අධීක්ෂණය කොට විමසා බැලිය යුතුය. ب

أَنَّا صَبَبْنَا ٱلْمَآءَ صَبًّۭا ﴿٢٥﴾

එහි මුල, අහසින් බහුලව හා බලවත්ව ඇදقහැළෙන වර්ෂාපතනයයි

ثُمَّ شَقَقْنَا ٱلْأَرْضَ شَقًّۭا ﴿٢٦﴾

පසු ව අපි පොළොවෙහි පැළිම් ඇති කළෙමු. එයبපැළෑටි සඳහා විවර විය. فأنبتنا فيها ح ا

فَأَنۢبَتْنَا فِيهَا حَبًّۭا ﴿٢٧﴾

එහි ඇට හා බීජ තුළින් ධාන්ය හා වෙනත් දෑ හට ගැන්වූයෙමු. وعنبا وقض با

وَعِنَبًۭا وَقَضْبًۭا ﴿٢٨﴾

මිදි හා ඔවුන්ගේ ගොවිපළ සතුන් උලා කන්නට තණ වර්ගද ඇති කළෙමු. وزيتونا ونخلا

وَزَيْتُونًۭا وَنَخْلًۭا ﴿٢٩﴾

ඔලිව් හා ඉඳි ගස් ද එහි හට ගැන්වූයෙමු. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

وَحَدَآئِقَ غُلْبًۭا ﴿٣٠﴾

ගහ කොළවලින් පිරුණු වතු යායන්ද හට ගැන්වූයෙමු.ب وفكهة وأ ا

وَفَـٰكِهَةًۭ وَأَبًّۭا ﴿٣١﴾

තවද, පලතුරු හා නුඹලාගේ ගොවිපළ සතුන් උළා කන තණ බිම්ද හට ගැන්වූයෙමු. م تعا ل كم ولأنعمكم

مَّتَـٰعًۭا لَّكُمْ وَلِأَنْعَـٰمِكُمْ ﴿٣٢﴾

ඒවා නුඹලාගේ ප්රයෝජනය හා නුඹලාගේ ගොවිපළ සතුන්ගේ ප්රයෝජනය සඳහාය

فَإِذَا جَآءَتِ ٱلصَّآخَّةُ ﴿٣٣﴾

කන් පිපිරෙන තරමට මහා හඬ පැමිණි විට, එය දෙවන පිඹුමයි

يَوْمَ يَفِرُّ ٱلْمَرْءُ مِنْ أَخِيهِ ﴿٣٤﴾

මිනිසා තම සහෝදරයාගෙන් පලා යනු ඇත. وأمه وأ بيه

وَأُمِّهِۦ وَأَبِيهِ ﴿٣٥﴾

ඔහුගේ මවගෙන් හා පියාගෙන් ඔහු හැරී දුවනු ඇත. وصحبته وبنيه

وَصَـٰحِبَتِهِۦ وَبَنِيهِ ﴿٣٦﴾

එමෙන්ම ඔහුගේ බිරියගෙන් හා දරුවන්ගෙන් ද පලා යනු ඇත

لِكُلِّ ٱمْرِئٍۢ مِّنْهُمْ يَوْمَئِذٍۢ شَأْنٌۭ يُغْنِيهِ ﴿٣٧﴾

ඔවුන්ගෙන් සෑම කෙනෙකුම අනෙකා පිළිබඳ සැලකිල්ලක් දැක්විය නොහැකි තරමට එදින ඔවුන් දැඩි අර්බුදවල නිරතව සිටිනු ඇත. وجوه يومئذ م سفرة

وُجُوهٌۭ يَوْمَئِذٍۢ مُّسْفِرَةٌۭ ﴿٣٨﴾

එදින සතුටින් පිරි මුහුණු ප්රබෝධමත්ව පවතී. ضاحكة م ستبشرة

ضَاحِكَةٌۭ مُّسْتَبْشِرَةٌۭ ﴿٣٩﴾

අල්ලාහ් තම දයාවෙන් ඔවුනට සූදානම් කර ඇති දෑ ගැන සතුටින් ඉපිළ ගොස් ඔවුහු සිනහසෙමින් සිටින්නාහුය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර් ووجوه يومئذ عليها غبرة

وَوُجُوهٌۭ يَوْمَئِذٍ عَلَيْهَا غَبَرَةٌۭ ﴿٤٠﴾

එදින අභාග්යවත් මුහුණු දොම්නසින් වෙළී තිබේ. ඔවුන්ගේ මුහුණු මත දුහුවිලි තැවරී තිබේ. ترهقها قترة

تَرْهَقُهَا قَتَرَةٌ ﴿٤١﴾

අන්ධකාරයන්ගෙන් ද වෙළී තිබේ

أُو۟لَـٰٓئِكَ هُمُ ٱلْكَفَرَةُ ٱلْفَجَرَةُ ﴿٤٢﴾

මේ තත්ත්වයෙන් වර්ණනා කරනු ලැබූවෝ දේව ප්රතික්ෂේපය හා පාපකම්, එකට සිදුකරමින් සිටියවුන් වෙති. මූලාශ්‍රය: අල්-මුඃතසර් ෆී තෆ්සීරිල් කුර්ආන්

ඉගෙන ගන්න · Abasa — عبس

අනුගමනය · පුනරාවර්තනය · පැවසීම · ලියාපදිංචිය අවශ්‍ය නැත

තෆ්සීර් · 31 භාෂා