මුල් පිටුවතෆ්සීර්An-Naazi'aat (79)

තෆ්සීර් An-Naazi'aat (79) — النازعات

මක්කී · 46 වාක්‍ය

කියවන්න · අහන්නPDF ගොනුව

وَٱلنَّـٰزِعَـٰتِ غَرْقًۭا ﴿١﴾

කෲර හා දැඩි ලෙස දෙවියන් ප්රතික්ෂේප කරමින් සිටියවුන්ගේ ප්රාණ ගලවා ගන්නා මලක්වරුන් හෙවත් දේව මෙහෙකරුවන් මත අල්ලාහ් දිවුරා පවසයි

وَٱلنَّـٰشِطَـٰتِ نَشْطًۭا ﴿٢﴾

දෙවියන් මත විශ්වාසය තැබූවන්ගේ ප්රාණ පහසුවෙන් හා සැහැල්ලුවෙන් ශරීරයෙන් මුදා හරින මලක්වරුන් හෙවත් දේව මෙහෙකරුවන් මත ද අල්ලාහ් දිවුරා පවසයි

وَٱلسَّـٰبِحَـٰتِ سَبْحًۭا ﴿٣﴾

අහසේ සිට මිහිතලයට අල්ලාහ්ගේ නියෝග රැගෙන පාවෙමින් පැමිණෙන මලක්වරුන් මත අල්ලාහ් දිවුරා පවසයි

فَٱلسَّـٰبِقَـٰتِ سَبْقًۭا ﴿٤﴾

අල්ලාහ්ගේ නියෝගය ඉටු කිරීමෙහිලා ඇතැමුන් පසුකරමින් තරඟ වැද ඉදිරියට යන මලක්වරුන් මත දිවුරා පවසයි

فَٱلْمُدَبِّرَٰتِ أَمْرًۭا ﴿٥﴾

දේව ගැත්තන්ගේ කටයුතු සඳහා භාරකාරත්වය පිරිනැමූ මලක්වරුන් මෙන්, තම කටයුතු ඉටු කිරීම සඳහා අල්ලාහ් ඔවුන් හට නියෝග කළ කරුණු ක්රියාත්මක කරන මලක්වරුන් මත ද අල්ලාහ් දිවුරා ඇත. සැබැවින්ම ඔවුන් විනිශ්චය හා ප්රතිඵල පිරිනැමීම සඳහා නැවත නැගිටුවනු ලබන බව මෙම දිවුරුම් හරහා තරයේ පවසා සිටින්නේය

يَوْمَ تَرْجُفُ ٱلرَّاجِفَةُ ﴿٦﴾

පළමුවරට හොරණෑව පිඹිනු ලබන විට මහපොළොව කම්පනය වෙයි

تَتْبَعُهَا ٱلرَّادِفَةُ ﴿٧﴾

ඒ සමඟම ඊට පසු ව දෙවන පිඹුමද ක්රියාත්මක වෙයි. قلوب يومئذ واجفة

قُلُوبٌۭ يَوْمَئِذٍۢ وَاجِفَةٌ ﴿٨﴾

එදින දේවත්වය ප්රතික්ෂේප කරන්නන්ගේ හා පාපතර කලහකාරීන්ගේ හදවත් බියෙන් පසුවෙයි. أ بص رها خشعة

أَبْصَـٰرُهَا خَـٰشِعَةٌۭ ﴿٩﴾

අවමානයේ සලකුණු ඔවුන්ගේ බැල්ම තුළින් හෙළි වේ. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

يَقُولُونَ أَءِنَّا لَمَرْدُودُونَ فِى ٱلْحَافِرَةِ ﴿١٠﴾

අප මිය ගිය පසු නැවත ජීවිතයක් ලබන්නෙමු දැයි ඔවුන් විමසමින් සිටිනු ඇත. أءذا كنا عظما ن خرة

أَءِذَا كُنَّا عِظَـٰمًۭا نَّخِرَةًۭ ﴿١١﴾

අපගේ අස්ථි දිරා ගොස් ශූන්ය වූ පසු නැවත අපි නැගිටුවනු ලබන්නෙමු ද?! قالوا تلك إذا كرة خاسرة

قَالُوا۟ تِلْكَ إِذًۭا كَرَّةٌ خَاسِرَةٌۭ ﴿١٢﴾

"අපි එසේ යළි නැගිටුවනු ලබන්නේ නම් එය ඉමහත් පාඩුවකි. මහා අපරාධයකි" යැයි ඔවුන් පවසා සිටිනු ඇත. فإ ن ما هى زجرة وحدة

فَإِنَّمَا هِىَ زَجْرَةٌۭ وَٰحِدَةٌۭ ﴿١٣﴾

නැවත නැගිටුවනු ලැබීමේ ක්රියාවලිය පහසුය. එය පිඹීමට භාර කළ මලක්වරයාගේ එකම එක් හඬක් පමණි

فَإِذَا هُم بِٱلسَّاهِرَةِ ﴿١٤﴾

එවිට මිය ගොස් පොළොවට වැළලුනු සියලු දෙනා යළි ජීවමානව ඒ මත නැගී සිටිනු ඇත

هَلْ أَتَىٰكَ حَدِيثُ مُوسَىٰٓ ﴿١٥﴾

අහෝ දහම් දූතයාණෙනි! මූසා තම පරමාධිපති සමඟත් තම සතුරා වූ ෆිර්අවුන් සමඟත් ක්රියා කළ ආකාරය පිළිබඳ තොරතුරු ඔබට ලැබුණෙහිද?

إِذْ نَادَىٰهُ رَبُّهُۥ بِٱلْوَادِ ٱلْمُقَدَّسِ طُوًى ﴿١٦﴾

පාරිශුද්ධ තුවා නම් නිම්නයට ඔහුගේ පරමාධිපති ඔහුව කැඳවූ අවස්ථාවේ දී

ٱذْهَبْ إِلَىٰ فِرْعَوْنَ إِنَّهُۥ طَغَىٰ ﴿١٧﴾

ඔහු ඔහුට (මූසාට) මෙසේ පැවසීය. "ඔබ ෆිර්අවුන් වෙත යනු. සැබැවින්ම ඔහු අපරාධ කිරීමෙහිලා හා උඩගුකමෙන් ඉක්මවා ගොස් ඇත."

فَقُلْ هَل لَّكَ إِلَىٰٓ أَن تَزَكَّىٰ ﴿١٨﴾

"අහෝ ෆිර්අවුන්! දේව ප්රතික්ෂේප කිරීමෙන් හා පාපකමින් මිදී පිවිතුරු වන්නට කැමැත්තක් ඇද්දැ"යි ඔහුගෙන් ඔබ (මූසා) විමසනු. وأهديك إلى ربك فتخش

وَأَهْدِيَكَ إِلَىٰ رَبِّكَ فَتَخْشَىٰ ﴿١٩﴾

ඔබ මවා ඔබව නිරීක්ෂණය කරමින් සිටින ඔබේ පරමාධිපති වෙත මම ඔබට මඟ පෙන්වන්නම්. එවිට ඔහුට බිය වී ඔහුව තෘප්තියට පත් කරන ක්රියාවන් සිදු කරන්න. ඔහු කෝපයට පත් කරන දැයින් ඔබ වැළකෙන්න. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

فَأَرَىٰهُ ٱلْـَٔايَةَ ٱلْكُبْرَىٰ ﴿٢٠﴾

තමන් අල්ලාහ් වෙතින් එවනු ලැබූ දූතයාණන් බව සහතික කරන අතිමහත් සාධක මූසා තුමා ඔහුට ඉදිරිපත් කළහ. එය අත හා සැරයටියේ ප්රාතිහාර්යයන්ය. فكذ ب وعص

فَكَذَّبَ وَعَصَىٰ ﴿٢١﴾

නමුත්, ෆිර්අවුන් එම සාධක බොරු කර, මූසා කවර දෙයක් පිළිබඳ අණ කර සිටියේද එයට පිටුපාමින් සිටියේය. ثم أدبر يسعى

ثُمَّ أَدْبَرَ يَسْعَىٰ ﴿٢٢﴾

පසුව ඔහු අල්ලාහ්ට පිටුපෑමෙහි හා සත්යයට විරුද්ධ වීමෙහි වෙහෙසෙමින් මූසා (අලයිහිස් සලාම්) තුමා කවර කරුණක් ගෙන ආවේ ද එය විශ්වාස කිරීම හෙළා දුටුවේය. فحشر فناد

فَحَشَرَ فَنَادَىٰ ﴿٢٣﴾

පසුව මූසා පරාජය කරනු පිණිස තම සේනාව හා තම අනුගාමිකයින් එක්රැස් කොට මෙසේ ඇමතීය

فَقَالَ أَنَا۠ رَبُّكُمُ ٱلْأَعْلَىٰ ﴿٢٤﴾

නුඹලාගේ උත්තරීතර පරමාධිපති මම වෙමි. මට හැර වෙන කිසිවකුට අවනත වන්නට නුඹලාට අයිතියක් නැත

فَأَخَذَهُ ٱللَّهُ نَكَالَ ٱلْـَٔاخِرَةِ وَٱلْأُولَىٰٓ ﴿٢٥﴾

එවිට අල්ලාහ් ඔහුව (ෆිර්අවුන්ව) හසු කළේය. මෙලොවෙහි ඔහුව මුහුදේ ගිල්වා දඬුවම් කළ අතර මතුලොවේදීද දැඩි වේදනාවට ලක් කරමින් ඔහුට දඬුවම් ලබා දෙනු ඇත

إِنَّ فِى ذَٰلِكَ لَعِبْرَةًۭ لِّمَن يَخْشَىٰٓ ﴿٢٦﴾

මෙලොවෙහි හා මතුලොවෙහි කවර දෙයකින් අපි ෆිර්අවුන් දඬුවමට ලක් කළේ ද එහි අල්ලාහ්ට බියවන්නන් හට උපදෙස් ඇත. එම උපදෙස් මගින් ප්රයෝජන ලබනුයේ එවැන්නන්ය

ءَأَنتُمْ أَشَدُّ خَلْقًا أَمِ ٱلسَّمَآءُ ۚ بَنَىٰهَا ﴿٢٧﴾

අහෝ නැවත නැගිටුවනු ලැබීමේ සංකල්පය බොරු කරන්නනි! අල්ලාහ්ට අසීරු වනුයේ නුඹලාව ඇති කිරීමද එසේත් නැතිනම් ඔහු මැවූ අහස ඇති කිරීමද? رفع سمكها فسوىها

رَفَعَ سَمْكَهَا فَسَوَّىٰهَا ﴿٢٨﴾

එහි වියන ඉහළට උස් කර තැබීය. පසු ව එය රිසි ලෙස හැඩ ගැස්වීය. එහි කිසිදු ඉරිතැලීමක් හෝ පැල්මක් හෝ අඩුවක් හෝ දැක ගත නොහැක. بلغ අල්-කුර්ආන් · තෆ්සීර් وأغطش ليلها وأخرج ضحىها

وَأَغْطَشَ لَيْلَهَا وَأَخْرَجَ ضُحَىٰهَا ﴿٢٩﴾

හිරු අවරට යන විට එහි රාත්රිය අඳුරු කළේය. හිරු උදා වන විට එහි ආලෝකය හෙළි කළේය

وَٱلْأَرْضَ بَعْدَ ذَٰلِكَ دَحَىٰهَآ ﴿٣٠﴾

අහස මැවීමෙන් පසු මහපොළොව දිගු හැරියේය. එහි ප්රයෝනවත් වන සියලු දෑ ඔහු එහි ඇති කළේය

أَخْرَجَ مِنْهَا مَآءَهَا وَمَرْعَىٰهَا ﴿٣١﴾

ජලය ගලා යන උල්පත් එහි මතු කොට සතුන්ගේ ආහාරය සඳහා තණබිම් ද හට ගැන්වීය

وَٱلْجِبَالَ أَرْسَىٰهَا ﴿٣٢﴾

මහපොළොව ශක්මත් කරනු වස් එහි කඳු පිහිටවීය. متعا ل كم ولأنعمكم

مَتَـٰعًۭا لَّكُمْ وَلِأَنْعَـٰمِكُمْ ﴿٣٣﴾

අහෝ ජනයිනි! මේ සියල්ල ඔබට හා ඔබේ ගොවිපළ සතුන්ට භුක්ති විඳිනු පිණිසය. එබැවින් මේ සියල්ල මැවූ අල්ලාහ් ඔවුන්ව (මිනිසුන්ව) නව මැවීමකින් යුතුව යළි අවදි කරවන්නට නොහැක්කෙකු නොවන්නේය

فَإِذَا جَآءَتِ ٱلطَّآمَّةُ ٱلْكُبْرَىٰ ﴿٣٤﴾

එහි අර්බුදවලින් සියල්ල ආවරණය කරන දෙවන පිඹුම පිඹිනු ලැබ ලොව අවසානය සිදුවන විට

يَوْمَ يَتَذَكَّرُ ٱلْإِنسَـٰنُ مَا سَعَىٰ ﴿٣٥﴾

තමන් කළින් සිදු කළ යම් යහපතක් වුවද අයහපතක් වුවද මිනිසාට ඒවා සිහිපත් වනු ඇත

وَبُرِّزَتِ ٱلْجَحِيمُ لِمَن يَرَىٰ ﴿٣٦﴾

නිරය ගෙනැවිත් එය බලන්නන් හට ඔවුන්ගේ දෑස් ඉදිරියේම ප්රදර්ශණය කරනු ලැබේ. فأما من طغى

فَأَمَّا مَن طَغَىٰ ﴿٣٧﴾

එවිට, කවරෙකු නොමගෙහි සීමාව ඉක්මවා ගියේද

وَءَاثَرَ ٱلْحَيَوٰةَ ٱلدُّنْيَا ﴿٣٨﴾

සදා පවතින මතුලොව ජීවිතය අතහැර දමා විනාශ වී යන මෙලොව ජීවිතය තෝරා ගත්තේද بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

فَإِنَّ ٱلْجَحِيمَ هِىَ ٱلْمَأْوَىٰ ﴿٣٩﴾

එවිට, නිරා ගින්න ඔහු පිවිසෙන ලැගුම්හල වනු ඇත

وَأَمَّا مَنْ خَافَ مَقَامَ رَبِّهِۦ وَنَهَى ٱلنَّفْسَ عَنِ ٱلْهَوَىٰ ﴿٤٠﴾

فَإِنَّ ٱلْجَنَّةَ هِىَ ٱلْمَأْوَىٰ ﴿٤١﴾

එමෙන්ම කවරෙකු තම පරමාධිපති ඉදිරියේ පෙනී සිටීමට බියෙන් යුතුව ඔහු තහනම් කළ දැයින් වැළකෙන්නේද එවිට ඔහු පිවිසෙන ලැගුම්හල ස්වර්ගය වනු ඇත

يَسْـَٔلُونَكَ عَنِ ٱلسَّاعَةِ أَيَّانَ مُرْسَىٰهَا ﴿٤٢﴾

අහෝ දූතය! නැවත නැගිටුවනු ලැබීම බොරු කරන්නන් වන ඔවුහු එම අවසන් හෝරාව කවදා එන්නේදැයි ඔබෙන් විමසති

فِيمَ أَنتَ مِن ذِكْرَىٰهَآ ﴿٤٣﴾

ඔවුනට ඔබ ඒ පිළිබඳ පවසන තරමට ඒ ගැන දැනුමක් ඔබට නැත. එය ඔබගේ කටයුත්තක් ද නොවේ. ඇත්තෙන්ම ඔබේ කටයුත්ත වනුයේ ඒ සඳහා සූදානම් කරවීමය

إِلَىٰ رَبِّكَ مُنتَهَىٰهَآ ﴿٤٤﴾

අවසන් දිනය පිළිබඳ දැනුම ඇත්තේ ඔබේ පරමාධිපතිට පමණය

إِنَّمَآ أَنتَ مُنذِرُ مَن يَخْشَىٰهَا ﴿٤٥﴾

සැබැවින්ම ඔබ එම අවසන් හෝරාව පිළිබඳ බියවන්නන් හට අවවාද කරන්නෙකු පමණි. ඔබේ අවවාදය තුළින් ප්රයෝජන ලබනුයේ ඔවුහුමය

كَأَنَّهُمْ يَوْمَ يَرَوْنَهَا لَمْ يَلْبَثُوٓا۟ إِلَّا عَشِيَّةً أَوْ ضُحَىٰهَا ﴿٤٦﴾

අවසන් හෝරාව දෑසින්ම දකින දින ඔවුන් මෙලොව ජීවත් වූයේ එක් දිනක දහවල් කාලයක් හෝ එහි අලුයම් කාලයක් පමණක් යැයි සිතනු ඇත. මූලාශ්‍රය: අල්-මුඃතසර් ෆී තෆ්සීරිල් කුර්ආන්

ඉගෙන ගන්න · An-Naazi'aat — النازعات

අනුගමනය · පුනරාවර්තනය · පැවසීම · ලියාපදිංචිය අවශ්‍ය නැත

තෆ්සීර් · 31 භාෂා