عَمَّ يَتَسَآءَلُونَ ﴿١﴾
අල්ලාහ්ට වෙනත් අයෙකු සමකර ආදේශ තබන්නන් වෙත අල්ලාහ් තම දූතයාණන් වන මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාව එවීමෙන් පසුව ඔවුන් එකිනෙකා විමසා ගනුයේ කවර දෙයක් පිළිබඳ ද?
මුල් පිටුව›තෆ්සීර්›An-Naba (78)
මක්කී · 40 වාක්‍ය
عَمَّ يَتَسَآءَلُونَ ﴿١﴾
අල්ලාහ්ට වෙනත් අයෙකු සමකර ආදේශ තබන්නන් වෙත අල්ලාහ් තම දූතයාණන් වන මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාව එවීමෙන් පසුව ඔවුන් එකිනෙකා විමසා ගනුයේ කවර දෙයක් පිළිබඳ ද?
عَنِ ٱلنَّبَإِ ٱلْعَظِيمِ ﴿٢﴾
ඔවුන්ගෙන් ඇතැමෙක් ඇතැමෙකුගෙන් එම මහත් වූ ආරංචිය පිළිබඳ විමසයි.එය නැවත නැගිටුවනු ලැබීම පිළිබඳ ඇතුළත් ඔවුන්ගේ රසූල්වරයා වෙත එවනු ලැබූ අල් කුර්ආනය ගැනයි
ٱلَّذِى هُمْ فِيهِ مُخْتَلِفُونَ ﴿٣﴾
එම අල් කුර්ආනය පිළිබඳ වර්ණනා කිරීමේදී එය හූනියමක් ද, එසේත් නැතහොත් කවි පෙළක්ද, එසේත් නැතහොත් මන්තරයක්ද,එසේත් නැතහොත් පැරැණ්නන්ගේ ප්රබන්ධයක්ද යන්න ගැන ඔවුහු මතභේද ඇති කරගත්හ. كلا سيعلمون
كَلَّا سَيَعْلَمُونَ ﴿٤﴾
ඔවුන් සිතන පරිදි කරුණු එසේ නොවේ. එම අල් කුර්ආනය මගින් බොරු කරමින් සිටියවුන් එයින් අත්වන නපුරු විපාකය ගැන අවසානයේදී දැන ගනු ඇත. ثم كلا سيعلمون
ثُمَّ كَلَّا سَيَعْلَمُونَ ﴿٥﴾
පසු ව එය ඔවුනට තහවුරු වනු ඇත
أَلَمْ نَجْعَلِ ٱلْأَرْضَ مِهَـٰدًۭا ﴿٦﴾
මහපොළොව වාසය කිරීමට සුදුසු තැනක් බවට අපි පුළුල් නොකළෙමුද?
وَٱلْجِبَالَ أَوْتَادًۭا ﴿٧﴾
මහපොළොව චලනය වීම වළක්වනු පිණිස ඒ මත කඳු කූඤ්ඤ ලෙස අපි ඇති කළෙමු. وخلقنكم أ زوجا
وَخَلَقْنَـٰكُمْ أَزْوَٰجًۭا ﴿٨﴾
අහෝ ජනයිනි! අපි නුඹලාව යුගල වශයෙන් මවා ඇත්තෙමු. නුඹලා අතර පිරිමින් හා කාන්තාවන් වෙති. وجعلنا نومكم سباتا
وَجَعَلْنَا نَوْمَكُمْ سُبَاتًۭا ﴿٩﴾
කාර්ය බහුලත්වයෙන් ඉවත්ව නුඹලා විවේකය ලබනු පිණිස අපි නුඹලාගේ නින්ද ඇති කළෙමු. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
وَجَعَلْنَا ٱلَّيْلَ لِبَاسًۭا ﴿١٠﴾
නුඹලා විළි වසා ගන්නා වස්ත්රය මෙන් එහි තිබෙන අඳුරෙන් නුඹලාව ආවරණය කර ගන්නට අපි රාත්රිය ඇති කළෙමු
وَجَعَلْنَا ٱلنَّهَارَ مَعَاشًۭا ﴿١١﴾
ඉපැයීමේ හා ආහාර සම්පත් සෙවීමේ ස්ථානයක් බවට අපි දහවල ඇති කළෙමු. وبنينا فوقكم سبعا شدادا
وَبَنَيْنَا فَوْقَكُمْ سَبْعًۭا شِدَادًۭا ﴿١٢﴾
නුඹලාට ඉහළින් ශක්තිමත් ලෙස හා ඉතා සියුම් ලෙස තනන ලද අහස් සතක් අපි නිර්මාණය කළෙමු. وجعلنا سراجا وهاجا
وَجَعَلْنَا سِرَاجًۭا وَهَّاجًۭا ﴿١٣﴾
ඉමහත්ව ආලෝකයක් ලබා දෙන දැඩි ලෙස දැවෙන පහනක් බවට අපි හිරු තැනුවෙමු
وَأَنزَلْنَا مِنَ ٱلْمُعْصِرَٰتِ مَآءًۭ ثَجَّاجًۭا ﴿١٤﴾
වර්ෂාපතනය ඇති කරවන වළාවන් තුළින් අධික ලෙසب ජලය වැගිරෙන්නට අපි සැළැස්සුවෙමු. لنخرج به ح اونباتا
لِّنُخْرِجَ بِهِۦ حَبًّۭا وَنَبَاتًۭا ﴿١٥﴾
එමගින් විවිධ වූ ධාන්ය වර්ග හා පැළෑටි වර්ග හටගැනීම සඳහාය. وجنت ألفافا
وَجَنَّـٰتٍ أَلْفَافًا ﴿١٦﴾
එමගින් ගහ කොළ හා අතු රිකිළි එකිනෙක ඇමුණුනු ඝන වතු අපි හට ගැන්වූයෙමු
إِنَّ يَوْمَ ٱلْفَصْلِ كَانَ مِيقَـٰتًۭا ﴿١٧﴾
මැවීම් අතර වෙන් කරවන තීරණාත්මක දිනය කිසිදු ප්රමාදයකින් තොර ව නිර්ණය කරනු ලැබූ නියමිත වේලාවක පොරොන්දු වූ පරිදි සිදුවනු ඇත
يَوْمَ يُنفَخُ فِى ٱلصُّورِ فَتَأْتُونَ أَفْوَاجًۭا ﴿١٨﴾
අහෝ ජනයිනි! හොරණෑව මලක්වරුන් - දේව දූතයින් - දෙවන වරට පිඹින දිනයේදී නුඹලා කණ්ඩායම් වශයෙන් පැමිණෙනු ඇත
وَفُتِحَتِ ٱلسَّمَآءُ فَكَانَتْ أَبْوَٰبًۭا ﴿١٩﴾
අහස විවර කරනු ලැබූ විට විවෘත කරනු ලැබූ දොරටු මෙන් එහි පැළීම් හා විවර ඇති වේ. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
وَسُيِّرَتِ ٱلْجِبَالُ فَكَانَتْ سَرَابًا ﴿٢٠﴾
විහිදී යන දුහුවිලි මෙන් කඳු විතැන් වී පසුව එය මිරිඟුවක් බවට පත් වනු ඇත. إ ن جهن م كانت مرصادا
إِنَّ جَهَنَّمَ كَانَتْ مِرْصَادًۭا ﴿٢١﴾
සැබැවින්ම නිරය පහර දීමට අපේක්ෂාවෙන් සිටින ස්ථානයක් බවට පත් වේ. للط غين مٔابا
لِّلطَّـٰغِينَ مَـَٔابًۭا ﴿٢٢﴾
එය අපරාධකරුවන්ට හැරී යන ස්ථානයක් වශයෙනි
لَّـٰبِثِينَ فِيهَآ أَحْقَابًۭا ﴿٢٣﴾
නිමක් නැති යුග ගණනාවක් ඔවුන් එහි රැඳී සිටිති. لا يذوقون فيها بردا ولا شرابا
لَّا يَذُوقُونَ فِيهَا بَرْدًۭا وَلَا شَرَابًا ﴿٢٤﴾
නිරයේ ගිනි නිවාලන සිසිල් සුළඟ ඔවුන් එහි නොවිඳිති. එමෙන්ම ඉමිහිරි පානීය ජලය ඔවුන් එහි රස නොවිඳිති. إلا حميما وغس اقا
إِلَّا حَمِيمًۭا وَغَسَّاقًۭا ﴿٢٥﴾
දැඩි රෂ්ණයෙන් යුත් ජලය හා නිරා වැසියන්ගෙන් ගලන ඕජස් හැර වෙන කිසිවක් ඔවුන් නොවිඳිති
جَزَآءًۭ وِفَاقًا ﴿٢٦﴾
එය ඔවුන් ප්රතික්ෂේප කරමින් සිටි, නොමඟ යමින් සිටි විෂයට සරිළන ප්රතිවිපාකයක් වශයෙනි. إن هم كانوالا يرجون حسابا
إِنَّهُمْ كَانُوا۟ لَا يَرْجُونَ حِسَابًۭا ﴿٢٧﴾
සැබැවින්ම ඔවුන් මතුලොවෙහි අල්ලාහ්ගේ විනිශ්චයට බිය නොවී මෙලොව ගත කළ අය වෙති. මතුලොවෙහි යළි නැගිටුවනු ලැබීම ගැන ඔවුහු විශ්වාස නොකළහ. එසේ ඔවුන් යළි නැගිටුවනු ලැබීම ගැන බිය වූයේ නම් අල්ලාහ්ව විශ්වාස කොට දැහැමි ක්රියාවන්හි නිරත වන්නට තිබුණි. وكذ بوا بٔايتنا كذابا
وَكَذَّبُوا۟ بِـَٔايَـٰتِنَا كِذَّابًۭا ﴿٢٨﴾
අපගේ දූතයාණන් වෙත පහළ කරනු ලැබූ අපගේ වදන් ඔවුහු දැඩි ලෙස බොරු කළහ. وكل شىء أح ص ينهكتبا
وَكُلَّ شَىْءٍ أَحْصَيْنَـٰهُ كِتَـٰبًۭا ﴿٢٩﴾
ඔවුන්ගේ සෑම ක්රියාවක්ම අපි සටහන් කර තැබුවෙමු. එය ගණනය කර ඇත්තෙමු. ඔවුන්ගේ ක්රියාකාරකම් ලියන ලේඛනවල ලියනු ලැබ ඇත. بلغ අල්-කුර්ආන් · තෆ්සීර් فذوقوا فلن نزيدكم إلا عذابا
فَذُوقُوا۟ فَلَن نَّزِيدَكُمْ إِلَّا عَذَابًا ﴿٣٠﴾
එහෙයින් සීමාව ඉක්මවා කටයුතු කරන අපරාධකරුවනි, දඬුවම සදා භුක්ති විඳිනු. නුඹලාගේ දඬුවම මත දඬුවමක් මිස වෙන කිසිවක් අපි නුඹලාට අධික නොකරන්නෙමු. إن للمتقين مفازا
إِنَّ لِلْمُتَّقِينَ مَفَازًا ﴿٣١﴾
තම පරමාධිපතිගේ නියෝග පිළිපදිමින්, ඔහු තහනම් කළ දැයින් වැළකී සිටිමින්, ඔහුට බැතිමත්ව කටයුතු කරන්නන්හට ඔවුන් පැතූ පරිදිම ජයග්රාහී ස්ථානය හිමි වනු ඇත. එය උතුම් වූ ස්වර්ගයයි. (දිව්ය ලෝකයයි.)
حَدَآئِقَ وَأَعْنَـٰبًۭا ﴿٣٢﴾
එහි උයන් හා මිදි වතු ඇත. وكواعب أ ترابا
وَكَوَاعِبَ أَتْرَابًۭا ﴿٣٣﴾
පියයුරු ඉදිරියට නෙරා ගිය සම වයසේ කන්යාවියන් ද ඇත. وكأ سا دهاقا
وَكَأْسًۭا دِهَاقًۭا ﴿٣٤﴾
පැන් පිරුණු බඳුන් ද ඇත. لا يسمعون فيها لغوا ولا كذبا
لَّا يَسْمَعُونَ فِيهَا لَغْوًۭا وَلَا كِذَّٰبًۭا ﴿٣٥﴾
ස්වර්ගයේ නිෂ්ඵල කතා කිසිවකට ස්වර්ගවාසීන් සවන් දෙන්නේ නැත. කෙනෙකු තව කෙනෙකු හට බොරු පවසන්නේද නැත
جَزَآءًۭ مِّن رَّبِّكَ عَطَآءً حِسَابًۭا ﴿٣٦﴾
එය අල්ලාහ් විසින් ඔවුනට පිරිනැමූ ත්යාගයකි. එමෙන්ම ඔහුගෙන් ලැබුණු පරිපූර්ණ වූ දායාදයකි
رَّبِّ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ وَمَا بَيْنَهُمَا ٱلرَّحْمَـٰنِ ۖ لَا يَمْلِكُونَ مِنْهُ خِطَابًۭا ﴿٣٧﴾
ඔහු අහස් හා මිහිතලයේ ද ඒ දෙක අතර ඇති දෑහි ද පරමාධිපතිය. මෙලොව හා මතුලොවෙහි මහා කාරුණිකය. මිහිතලයේ හා අහසේ වෙසෙන කිසිවකු හෝ වේවා පරමාධිපතිගෙන් ඔවුනට අනුමැතිය ලැබීමෙන් තොරව ඔහුගෙන් කිසිවක් විමසීමේ අයිතිය නො ලබනු ඇත. ف
يَوْمَ يَقُومُ ٱلرُّوحُ وَٱلْمَلَـٰٓئِكَةُ صَفًّۭا ۖ لَّا يَتَكَلَّمُونَ إِلَّا مَنْ أَذِنَ لَهُ ٱلرَّحْمَـٰنُ وَقَالَ صَوَابًۭا ﴿٣٨﴾
එය ජිබ්රීල් හා මලක්වරුන් පෙළ ගැසී සිටින දිනයකි. එදින මහා කාරුණිකයාණන් අවසර දුන් අය මිස කිසිවකු වෙනුවෙන් මැදිහත් වී කතා කිරීමට හැකියාව වෙනත් කිසිවකුට නො ලැබෙනු ඇත. දෙවියන්ගේ ඒකීයත්වය විදහා පාන ප්රකාශය මෙන් ඍජු දේ පමණක් එදින කතා කරනු ඇත. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
ذَٰلِكَ ٱلْيَوْمُ ٱلْحَقُّ ۖ فَمَن شَآءَ ٱتَّخَذَ إِلَىٰ رَبِّهِۦ مَـَٔابًا ﴿٣٩﴾
‘එහි කිසිදු සැකයක් නැත. සැබැවින්ම එය සිදුවන්නක්මය’ යනුවෙන් නුඹලාට විස්තර කරනු ලැබූ දිනයකි මෙය. එහෙයින් අල්ලාහ්ගේ දඬුවමින් මිදී ජය ලබන්නට අපේක්ෂා කරන්නන්, තම පරමාධිපති තෘප්තියට පත්වන අයුරින් දැහැමි ක්රියාවන් සිදු කොට ඒ මත පිහිටන ඍජු මාර්ගයම පිළිපදිත්වා!
إِنَّآ أَنذَرْنَـٰكُمْ عَذَابًۭا قَرِيبًۭا يَوْمَ يَنظُرُ ٱلْمَرْءُ مَا قَدَّمَتْ يَدَاهُ وَيَقُولُ ٱلْكَافِرُ يَـٰلَيْتَنِى كُنتُ تُرَٰبًۢا ﴿٤٠﴾
අහෝ ජනයිනි! ළගදීම සිදුවන්නට යන දඬුවම ගැන සැබැවින්ම අපි ඔබට අවවාද කරන්නෙමු. එය මෙලොවෙහි මිනිසා තමන් කල් ඇතිව සිදු කළ දෑහි ප්රතිඵල දකින දිනයකි. දෙවියන් ප්රතික්ෂේප කළ ජනයා දඬුවමෙන් ගැළවීමේ අපේවෙන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන කල්හි ‘නුඹලා පසට පස්වනු’ යැයි කියනු ලබන සතුන් මෙන් මා ද පසට පස් වී තිබුණා නම් කෙතරම් නම් අගනේදැයි එදින විමසා සිටිනු ඇත. මූලාශ්‍රය: අල්-මුඃතසර් ෆී තෆ්සීරිල් කුර්ආන්
අනුගමනය · පුනරාවර්තනය · පැවසීම · ලියාපදිංචිය අවශ්‍ය නැත