وَٱلْمُرْسَلَـٰتِ عُرْفًۭا ﴿١﴾
පිරිස මධ්යයෙන් කඩා පනින අශ්ව රැළක් මෙන් අඛණ්ඩ ව හමන සුළං මත අල්ලාහ් දිවුරයි
මුල් පිටුව›තෆ්සීර්›Al-Mursalaat (77)
මක්කී · 50 වාක්‍ය
وَٱلْمُرْسَلَـٰتِ عُرْفًۭا ﴿١﴾
පිරිස මධ්යයෙන් කඩා පනින අශ්ව රැළක් මෙන් අඛණ්ඩ ව හමන සුළං මත අල්ලාහ් දිවුරයි
فَٱلْعَـٰصِفَـٰتِ عَصْفًۭا ﴿٢﴾
දැඩි ලෙස තදින් හමන සුළං මත ද දිවුරයි
وَٱلنَّـٰشِرَٰتِ نَشْرًۭا ﴿٣﴾
වර්ෂාව විසුරුවා හරින සුළං මත ද දිවුරයි
فَٱلْفَـٰرِقَـٰتِ فَرْقًۭا ﴿٤﴾
සත්යය හා අසත්යය අතර වෙන් කරන දෑ සමග පහළ වන මලක්වරුන් මත ද දිවුරයි
فَٱلْمُلْقِيَـٰتِ ذِكْرًا ﴿٥﴾
වහී හෙවත් දේව පණිවිඩ සමග පහළ වන මලක්වරුන් මත ද දිවුරයි. عذرا أو نذرا
عُذْرًا أَوْ نُذْرًا ﴿٦﴾
අල්ලාහ්ගෙන් මිනිසුන් වෙත සමාවක් වශයෙන් හා අල්ලාහ්ගේ දඬුවම ගැන මිනිසුනට අවවාද කිරීමක් වශයෙන් දේව පණිවිඩ සමග ඔවුන් පහළ වෙයි. إنما توعدون لوقع
إِنَّمَا تُوعَدُونَ لَوَٰقِعٌۭ ﴿٧﴾
නැවත නැගිටුවනු ලැබීම, විනිශ්චය හා ප්රතිඵල පිරිනැමීම යනාදී වශයෙන් කවර කරුණක් ප්රතිඥා දෙනු ලැබුවේ ද කිසිදු සැකයකින් තොර ව ඒවා සිදුවන්නේමය
فَإِذَا ٱلنُّجُومُ طُمِسَتْ ﴿٨﴾
තරු, ඒවායෙහි ආලෝකය මකා දමනු ලැබ, ඒවායෙහි ආලෝකය පහ කරනු ලබන විට,
وَإِذَا ٱلسَّمَآءُ فُرِجَتْ ﴿٩﴾
අහසින් මලක්වරුන් පහළට බැස ඒම සඳහා අහස පැළී ගිය විට, بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
وَإِذَا ٱلْجِبَالُ نُسِفَتْ ﴿١٠﴾
කඳු ඒවා පිහිටි තැන්වලින් උගුලනු ලැබ, දූවිලි බවට පත් වන තෙක් සුණුවිසුණු කරනු ලබන විට,
وَإِذَا ٱلرُّسُلُ أُقِّتَتْ ﴿١١﴾
නියමිත වේලාවක ධර්ම දූතවරුන් එක්රැස් කරනු ලබන විට, لأى يوم أجلت
لِأَىِّ يَوْمٍ أُجِّلَتْ ﴿١٢﴾
තම සමූහයාට සාක්ෂි දරණු පිණිස කල් දමන ලද මහත් දිනයක
لِيَوْمِ ٱلْفَصْلِ ﴿١٣﴾
ගැත්තන් අතර වෙන් කරන දිනයක් සඳහාය. එවිට සත්යවාදියාගෙන් අසත්යවාදියාද භාග්යවන්තයාගෙන් අභාග්යවන්තයා ද පැහැදිලිව වෙන් කරනු ඇත
وَمَآ أَدْرَىٰكَ مَا يَوْمُ ٱلْفَصْلِ ﴿١٤﴾
අහෝ දූතය! වෙන් කර විනිශ්චය ලබා දෙන දිනය කුමක්දැයි නුඹට දැනුම්වත් කළේ කුමක් ද? ويل يومئذ للمكذبين
وَيْلٌۭ يَوْمَئِذٍۢ لِّلْمُكَذِّبِينَ ﴿١٥﴾
දහම් දූතවරුන් කවර කරුණක් අල්ලාහ් වෙතින් ගෙන ආවේ ද එය බොරු කළ බොරුකාරයින්හට එදින විනාශයකි. වේදනාවකි. එමෙන්ම අලාභයකි
أَلَمْ نُهْلِكِ ٱلْأَوَّلِينَ ﴿١٦﴾
අල්ලාහ්ව ප්රතික්ෂේප කළ, තම දහම් දූතවරුන් බොරු කළ පෙර විසූ සමූහයන් අපි විනාශ නොකළෙමු ද?
ثُمَّ نُتْبِعُهُمُ ٱلْـَٔاخِرِينَ ﴿١٧﴾
පසුව ඔවුනට පසු පැමිණි අය අතර සිටි බොරුකාරයින් ද ලුහු බැන්දෙමු. අපි ඔවුන් විනාශ කළාක් මෙන්ම මොවුන්ව ද විනාශ කළෙමු
كَذَٰلِكَ نَفْعَلُ بِٱلْمُجْرِمِينَ ﴿١٨﴾
එම සමූහයන් විනාශ කළාක් මෙන්ම මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමා කවර කරුණක් ගෙන ආවේ ද එය බොරු කළ අපරාධකරුවන්ව ද අපි විනාශ කරන්නෙමු. بلغ අල්-කුර්ආන් · තෆ්සීර් ويل يومئذ للمكذبين
وَيْلٌۭ يَوْمَئِذٍۢ لِّلْمُكَذِّبِينَ ﴿١٩﴾
වැරදිකළවුනට දඬුවම ඇතැයි අල්ලාහ් දුන් ප්රතිඥාව බොරුකළවුනට එදින විනාශයකි. වේදනාවකි. එමෙන්ම අලාභයකි
أَلَمْ نَخْلُقكُّم مِّن مَّآءٍۢ مَّهِينٍۢ ﴿٢٠﴾
අහෝ ජනයිනි! අපි නුඹලා අල්ප හා ඉතා පහත් ද්රාවණයකින් නොමැව්වෙමු ද? එය ශුක්රාණුවයි. فجعلنهفى قرار مكين
فَجَعَلْنَـٰهُ فِى قَرَارٍۢ مَّكِينٍ ﴿٢١﴾
එම ද්රාවණය ඉතා සුරක්ෂිත ස්ථානයක අපි තැන්පත් කළෙමු. එය කාන්තාවගේ ගර්භාෂයයි. إلى قدر م علوم
إِلَىٰ قَدَرٍۢ مَّعْلُومٍۢ ﴿٢٢﴾
නියමිත කාලයක් දක්වා. එය ගැබිණි කාලයයි
فَقَدَرْنَا فَنِعْمَ ٱلْقَـٰدِرُونَ ﴿٢٣﴾
දරුවාගේ ස්වරූපය, ඔහුගේ ප්රමාණය, ඔහුගේ වර්ණය වැනි ඔහුගේ මැවීම හා බැඳුණු වෙනත් දෑ ද අපි නිර්ණය කළෙමු. ඔහුගේ ඒ සියලු තත්ත්වයන් නිර්ණය කරන්නන් වන අප යහපත් වෙමු. ويل يومئذ للمكذبين
وَيْلٌۭ يَوْمَئِذٍۢ لِّلْمُكَذِّبِينَ ﴿٢٤﴾
අල්ලාහ්ගේ බල මහිමය බොරුකළවුනට එදින විනාශයකි. වේදනාවකි. එමෙන්ම අලාභයකි
أَلَمْ نَجْعَلِ ٱلْأَرْضَ كِفَاتًا ﴿٢٥﴾
සියලු මිනිසුන් ඇතුළත් කර ගන්නා අයුරින් අපි මහපොළව නිර්මාණය නොකළෙමු ද?
أَحْيَآءًۭ وَأَمْوَٰتًۭا ﴿٢٦﴾
ඒ මත වෙසෙන, ඔවුන් අතර ජීවත් වන අය හා ඒ තුළ වළ දමනු ලැබූ, ඔවුන් අතර මිය ගිය අය යන සියල්ල එය ඇතුළත් කර ගෙන ඇත
وَجَعَلْنَا فِيهَا رَوَٰسِىَ شَـٰمِخَـٰتٍۢ وَأَسْقَيْنَـٰكُم مَّآءًۭ فُرَاتًۭا ﴿٢٧﴾
මහපොළොවේ ඇති වන කම්පනයන් වළක්වා ගැනීම සඳහා ඒ තුළ උස් කඳු අපි සවි කර ඇත්තෙමු. අහෝ ජනයිනි! මිරිදිය ජලය අපි ඔබට ලබා දුන්නෙමු. එබැවින් එසේ එය මැවූ කෙනෙකුට ඔබ නැවත නැගිටුවීම කළ නොහැක්කක් නොවේ. بلغ අල්-කුර්ආන් · තෆ්සීර් ويل يومئذ للمكذبين
وَيْلٌۭ يَوْمَئِذٍۢ لِّلْمُكَذِّبِينَ ﴿٢٨﴾
ඔවුනට පිරිනැමූ අල්ලාහ්ගේ ආශිර්වාදයන් බොරුකළවුනට එදින විනාශයකි. වේදනාවකි. එමෙන්ම අලාභයකි
ٱنطَلِقُوٓا۟ إِلَىٰ مَا كُنتُم بِهِۦ تُكَذِّبُونَ ﴿٢٩﴾
තම දහම් දූතවරුන් කවර කරුණක් ගෙන ආවේ ද, ඒවා බොරු කළවුනට "අහෝ බොරුකාරයිනි! දඬුවම පිළිබඳ නුඹලා කවර කරුණක් බොරු කරමින් සිටියේ ද ඒ වෙත ගමන් කරනු" යැයි කියනු ලැබේ
ٱنطَلِقُوٓا۟ إِلَىٰ ظِلٍّۢ ذِى ثَلَـٰثِ شُعَبٍۢ ﴿٣٠﴾
කොටස් තුනකට වෙන් කරන ලද නිරා ගින්නේ දුමාරයෙන් යුත් හෙවණට ගමන් කරනු
لَّا ظَلِيلٍۢ وَلَا يُغْنِى مِنَ ٱللَّهَبِ ﴿٣١﴾
එහි සිසිල් සෙවණක් නැත. නුඹලා වෙත ක්රියාත්මක වන ගිනි දැල්ලෙන් හා එහි උෂ්ණත්වයෙන් එය වළක්වන්නක් ද නොවේ
إِنَّهَا تَرْمِى بِشَرَرٍۢ كَٱلْقَصْرِ ﴿٣٢﴾
ගිනි පුපුරු පුපුරා යයි, සෑම ගිනි පුපුරක්ම එහි ප්රමාණයෙන් මාලිගාවක් මෙන් පවතී. كأنه جملت صفر
كَأَنَّهُۥ جِمَـٰلَتٌۭ صُفْرٌۭ ﴿٣٣﴾
පුපරා යන ගිනිදැල් එහි කළු වර්ණයෙන් හා දැවැන්ත භාවයෙන් යුක්ත කළු ඔටුවන් මෙන් ය. ويل يومئذ للمكذبين
وَيْلٌۭ يَوْمَئِذٍۢ لِّلْمُكَذِّبِينَ ﴿٣٤﴾
එදින අල්ලාහ්ගේ දඬුවම බොරුකළවුනට විනාශයකි; වේදනාවකි. එමෙන්ම අලාභයකි. هذا يوملا ينطقون
هَـٰذَا يَوْمُ لَا يَنطِقُونَ ﴿٣٥﴾
එය එහි කිසිවක් ඔවුන් කතා නොකරන දිනයකි. ولا يؤذن لهم فيعتذرون
وَلَا يُؤْذَنُ لَهُمْ فَيَعْتَذِرُونَ ﴿٣٦﴾
ඔවුන්ගේ ප්රතික්ෂේපය හා ඔවුන්ගේ නපුරුකම් හේතුවෙන් ඔවුන්ගේ පරමාධිපති වෙත නිදහසට කරුණු ඉදිරිපත් කිරීම සඳහා ඔවුනට අනුමැතිය දෙනු නොලැබේ. ويل يومئذ للمكذبين
وَيْلٌۭ يَوْمَئِذٍۢ لِّلْمُكَذِّبِينَ ﴿٣٧﴾
එම දිනයේ තොරතුරු බොරු කළවුනට එදින විනාශයකි, වේදනාවකි, එමෙන්ම අලාභයකි. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
هَـٰذَا يَوْمُ ٱلْفَصْلِ ۖ جَمَعْنَـٰكُمْ وَٱلْأَوَّلِينَ ﴿٣٨﴾
මෙය මැවීම් අතර වෙන් කරන විනිශ්චය දිනයයි. නුඹලා හා පෙර විසූ සමූහයන් එකම උස් තැනිතලාවක අපි එක්රැස් කර ඇත්තෙමු. فإن كان لكم كيد فكيدون
فَإِن كَانَ لَكُمْ كَيْدٌۭ فَكِيدُونِ ﴿٣٩﴾
අල්ලාහ්ගේ දඬුවමින් ජය ලැබීම සඳහා නුඹලා සැළසුම් කරන යම් උපක්රමයක් නුඹලාට තිබේ නම් එය මට එරෙහිව දියත් කරනු. ويل يومئذ للمكذبين
وَيْلٌۭ يَوْمَئِذٍۢ لِّلْمُكَذِّبِينَ ﴿٤٠﴾
වෙන්කරන විනිශ්චය දිනය බොරුකළවුනට එදින විනාශයකි, වේදනාවකි, එමෙන්ම අලාභයකි
إِنَّ ٱلْمُتَّقِينَ فِى ظِلَـٰلٍۢ وَعُيُونٍۢ ﴿٤١﴾
තම පරමාධිපතිගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඔහුට භක්තිමත්ව කටයුතු කරන්නන් වනාහි, ඔවුහු සරුසාර ස්වර්ග වෘක්ෂලතාවන්හි සෙවණෙහි හා ගලා යන මිහිරි ජල උල්පත් අතරෙහි සිටිති. وفوكه مما يشتهون
وَفَوَٰكِهَ مِمَّا يَشْتَهُونَ ﴿٤٢﴾
තමන්ට අනුභව කරන්නට කැමැති පළතුරු අතර වෙති
كُلُوا۟ وَٱشْرَبُوا۟ هَنِيٓـًٔۢا بِمَا كُنتُمْ تَعْمَلُونَ ﴿٤٣﴾
නුඹලා මෙලොවෙහි සිදු කරමින් සිටි දැහැමි ක්රියාවන් හේතුවෙන්, නුඹලා යහපත් දෑ අනුභව කරනු. මිහිරි පැන් පානය කරනු. එහි කිසිදු අපහසුතාවක් නැත
إِنَّا كَذَٰلِكَ نَجْزِى ٱلْمُحْسِنِينَ ﴿٤٤﴾
සැබැවින්ම අපි නුඹලාට කවර ප්රතිඵලයක් පිරිනැමුවෙමු ද ඒ අයුරින්ම දැහැමියන් සිදු කරන දැහැමි ක්රියාවන් සඳහා ද ප්රතිඵල පිරිනමන්නෙමු. ويل يومئذ للمكذبين
وَيْلٌۭ يَوْمَئِذٍۢ لِّلْمُكَذِّبِينَ ﴿٤٥﴾
දෙවියන් පිළිබඳ මතකයෙන් භක්තිමත්ව කටයුතු කළ අය සඳහා අල්ලාහ් සූදානම් කර ඇති දෑ බොරු යැයි පවසන්නන්හට එදින විනාශයකි. වේදනාවකි. එමෙන්ම අලාභයකි. كلوا وتمتعوا قليلا إنكم م جرمون
كُلُوا۟ وَتَمَتَّعُوا۟ قَلِيلًا إِنَّكُم مُّجْرِمُونَ ﴿٤٦﴾
නුඹලා අනුභව කරනු. ටික කලක් මෙලොව ජීවිතයේ රස විඳිනු. නියත වශයෙන්ම නුඹලා අල්ලාහ්ව ප්රතික්ෂේප කළ හේතුවෙන් හා ඔහුගේ දූතයාණන් බොරු කළ හේතුවෙන් නුඹලා අපරාධකරුවන් බවට පත් වන්නෙහුය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර් ويل يومئذ للمكذبين
وَيْلٌۭ يَوْمَئِذٍۢ لِّلْمُكَذِّبِينَ ﴿٤٧﴾
විනිශ්චය දිනයේ ඔවුනට පිරිනමන ලද ප්රතිඵල බොරු යැයි පවසන්නන්හට එදින විනාශයකි; වේදනාවකි; එමෙන්ම අලාභයකි
وَإِذَا قِيلَ لَهُمُ ٱرْكَعُوا۟ لَا يَرْكَعُونَ ﴿٤٨﴾
එම බොරුකාරයින්හට "නුඹලා අල්ලාහ් වෙනුවෙන් නැමදුම් ඉටු කරනු" යැයි පවසනු ලැබූ විට, ඔහු වෙනුවෙන් ඔවුහු නැමදුම් ඉටු නොකරති. ويل يومئذ للمكذبين
وَيْلٌۭ يَوْمَئِذٍۢ لِّلْمُكَذِّبِينَ ﴿٤٩﴾
දහම් දූතවරුන් කවර කරුණක් අල්ලාහ් වෙතින් ගෙන ආවේ ද එය බොරු කළ බොරුකාරයින්හට එදින විනාශයකි. වේදනාවකි. එමෙන්ම අලාභයකි. فبأى حديث بعده يؤمنون
فَبِأَىِّ حَدِيثٍۭ بَعْدَهُۥ يُؤْمِنُونَ ﴿٥٠﴾
එසේ තම පරමාධිපති විසින් පහළ කරනු ලැබූ මෙම අල්කුර්ආනය ඔවුන් විශ්වාස නොකළේ නම් ඒ හැර කවර ප්රකාශයන් ඔවුන් විශ්වාස කරයිද? මූලාශ්‍රය: අල්-මුඃතසර් ෆී තෆ්සීරිල් කුර්ආන්
අනුගමනය · පුනරාවර්තනය · පැවසීම · ලියාපදිංචිය අවශ්‍ය නැත