මුල් පිටුවතෆ්සීර්Al-Insaan (76)

තෆ්සීර් Al-Insaan (76) — الإنسان

මදනී · 31 වාක්‍ය

කියවන්න · අහන්නPDF ගොනුව

هَلْ أَتَىٰ عَلَى ٱلْإِنسَـٰنِ حِينٌۭ مِّنَ ٱلدَّهْرِ لَمْ يَكُن شَيْـًۭٔا مَّذْكُورًا ﴿١﴾

මිනිසා දිගු කාලයක් පසුකර පැමිණ ඇත. එහි ඔහු පවසන්නට තරම් කිසිවක් නොමැති තත්ත්වයක පසුවිය

إِنَّا خَلَقْنَا ٱلْإِنسَـٰنَ مِن نُّطْفَةٍ أَمْشَاجٍۢ نَّبْتَلِيهِ فَجَعَلْنَـٰهُ سَمِيعًۢا بَصِيرًا ﴿٢﴾

පිරිමියගේ ද්රාවණයකින් හා කාන්තාවගේ ද්රාවණයකින් මුසු වූ ද්රාවණයකින් සැබැවින්ම අපි මිනිසා මැව්වෙමු. අපි ඒ මත පවරන දෑ තුළින් පරීක්ෂා කරන්නෙමු. එහෙයින් අපි ඔහුට පැවරූ ආගමික පිළිවෙත් ක්රියාත්මක කරනු පිණිස සවන හා බැල්ම අපි ඔහුට ඇති කළෙමු

إِنَّا هَدَيْنَـٰهُ ٱلسَّبِيلَ إِمَّا شَاكِرًۭا وَإِمَّا كَفُورًا ﴿٣﴾

අපගේ දහම් දූතවරුන්ගේ මුවින් යහ මාර්ගය අපි ඔහුට පැහැදිලි කළෙමු. එමගින් ඔහුට වැරදි මාර්ගය පැහැදිලි විය. ඉන් පසුව ඔහු ඍජු මාර්ගය වෙත මඟ පෙන්වනු ලැබුවේ නම් ඔහු අල්ලාහ්ට කෘතවේදීව ඔහු ව විශ්වාස කරන ගැත්තෙකු වන්නේය. නමුත් ඔහු එයින් මුළා වී ගියේ නම් අල්ලාහ්ගේ වදන් පිටුපාන ප්රතික්ෂේප කරන ගැත්තෙකු බවට පත් වන්නේය

إِنَّآ أَعْتَدْنَا لِلْكَـٰفِرِينَ سَلَـٰسِلَا۟ وَأَغْلَـٰلًۭا وَسَعِيرًا ﴿٤﴾

අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ප්රතික්ෂේප කළවුන් සඳහා නිරා ගින්න වෙත ඇදගෙන යන දම්වැල්, ඒ සමගම ඇවිළෙන ගෙල විලංගු හා බුර බුරා ඇවිළෙන ගින්න සැබැවින්ම අපි සූදානම් කර ඇත්තෙමු

إِنَّ ٱلْأَبْرَارَ يَشْرَبُونَ مِن كَأْسٍۢ كَانَ مِزَاجُهَا كَافُورًا ﴿٥﴾

අල්ලාහ්ට අවනත වන විශ්වාසීන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නැවුම් සුවඳැති කපුරු මිශ්ර මධු පානයෙන් පුරවන ලද (කුසලාන මෙන් වූ) භාජනවලින් පානය කරනු ඇත

عَيْنًۭا يَشْرَبُ بِهَا عِبَادُ ٱللَّهِ يُفَجِّرُونَهَا تَفْجِيرًۭا ﴿٦﴾

දෙවියන්ට අවනත වූවන් සඳහා සූදානම් කරන ලද මෙම පානය, කිසිදු වෙහෙසකින් තොරව පහසුවෙන් පරිභෝජනයට ගත හැකි උල්පත් තුළින් හට ගන්නකි. අල්ලාහ්ගේ ගැත්තන්හට ඒ ගැන විස්තර කරනු ලැබේ. ඔවුන් අභිමත කරන තැනක එය උතුරා ගලා යනු ඇත

يُوفُونَ بِٱلنَّذْرِ وَيَخَافُونَ يَوْمًۭا كَانَ شَرُّهُۥ مُسْتَطِيرًۭا ﴿٧﴾

එය පානය කරන ගැත්තන්ගේ ගුණාංග වනුයේ, ඔවුනට අවනත වීම සඳහා අනිවාර්යය කරන ලද දෑ ඔවුන් විසින් ඉටු කරති. හානිය පතුරුවාලන ඉතා දැඩි දිනයකට බිය වෙති. එය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයයි. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

وَيُطْعِمُونَ ٱلطَّعَامَ عَلَىٰ حُبِّهِۦ مِسْكِينًۭا وَيَتِيمًۭا وَأَسِيرًا ﴿٨﴾

ඔවුනට ඒ සඳහා අවශ්යතා ව තිබිය දී එයට ප්රිය කරන තත්ත්වයේ හා එයට ඇලුම් කරන තත්ත්වයේ එම ආහාර දානය කරති. අවශ්යතා ඇති දිළිඳුන් දුප්පතුන් හා සිරකරුවන් සඳහා එම ආහාරය දානය කරති

إِنَّمَا نُطْعِمُكُمْ لِوَجْهِ ٱللَّهِ لَا نُرِيدُ مِنكُمْ جَزَآءًۭ وَلَا شُكُورًا ﴿٩﴾

සැබැවින්ම ඔවුනට එසේ තමන් ආහාර සපයනුයේ අල්ලාහ්ගේ තෘප්තිය උදෙසා මිස නැතැයි තමන්ගේ සිත් තුළ සගවා ගෙන සිටිති. ඔවුහු ඔවුනට ආහාර සැපයීම සඳහා ඔවුන්ගෙන් කිසිදු ලාභයක් හෝ කිසිදු ප්රශංසාවක් අපේක්ෂා නොකරති. إنا نخاف من ر بنا يوما عبوسا قمطريرا

إِنَّا نَخَافُ مِن رَّبِّنَا يَوْمًا عَبُوسًۭا قَمْطَرِيرًۭا ﴿١٠﴾

"සැබැවින්ම අපගේ පරමාධිපති වෙතින් වූ භීෂණය හා බිහිසුණුකම හේතුවෙන් අභාග්යවන්තයින්ගේ මුහුණු දුකින් පසුවන දිනයකට සැබැවින්ම අපි බියවන්නෙමු."

فَوَقَىٰهُمُ ٱللَّهُ شَرَّ ذَٰلِكَ ٱلْيَوْمِ وَلَقَّىٰهُمْ نَضْرَةًۭ وَسُرُورًۭا ﴿١١﴾

අල්ලාහ්ගේ අනුග්රහයෙන් බිහිසුණු දිනයේ නපුරෙන් අල්ලාහ් ඔවුන් ආරක්ෂා කරනු ඇත. ඔවුන්ගේ මුහුණුවලට ආලෝකයක් හා ප්රීතියක් පිරිනමනු ඇත. එමෙන්ම ඔවුනට ගෞරවයක් හා ඔවුන්ගේ සිත් තුළ සතුටක් පිරිනමනු ඇත. وجزىهم بما صبرواجنة وحريرا

وَجَزَىٰهُم بِمَا صَبَرُوا۟ جَنَّةًۭ وَحَرِيرًۭا ﴿١٢﴾

අවනත වීමේ දී ඔවුන්ගේ ඉවසීම, අල්ලාහ්ගේ නියමයන්හි ඔවුන්ගේ ඉවසීම හා පාපකම් සිදු කිරීමෙන් වැළකී සිටීමේ දී ඔවුන්ගේ ඉවසීම යනාදිය හේතුවෙන් එහි ඔවුන් භුක්ති විඳිය හැකි ස්වර්ග උයන් හා ඇඳිය හැකි සේද රෙදි අල්ලාහ් ඔවුනට කුසල් වශයෙන් පිරිනමනු ඇත

مُّتَّكِـِٔينَ فِيهَا عَلَى ٱلْأَرَآئِكِ ۖ لَا يَرَوْنَ فِيهَا شَمْسًۭا وَلَا زَمْهَرِيرًۭا ﴿١٣﴾

අලංකාරවත් කරන ලද ඇඳන් මත හාන්සි වන්නන් වෙති. හිරු කිරණ ඔවුනට වේදනා ගෙන දෙන අයුරින් එම ස්වර්ග උයනේ ඔවුන් හිරු නොදකිනු ඇත. එමෙන්ම දැඩි සීතලක් ද නොදකිනු ඇත. ඔවුහු උෂ්ණත්වය හෝ සිසිල හෝ නොමැති සදා හෙවණෙහි සිටිති. ودانيةعليهم ظللها وذللت قطوفها تذليلا

وَدَانِيَةً عَلَيْهِمْ ظِلَـٰلُهَا وَذُلِّلَتْ قُطُوفُهَا تَذْلِيلًۭا ﴿١٤﴾

එම හෙවණ ඔවුනට ඉතා සමීප ව පිහිටයි. පලතුරු පරිභෝජනය කරන්නන් හට ඒවා වසඟ කර දෙනු ලැබේ. එහෙයින් ඔවුහු හාන්සි වූ තත්ත්වයෙන් ද, වාඩි වූ තත්ත්වයෙන් ද, සිටගත් තත්ත්වයෙන් ද ලැබිය හැකි පරිදි ඔවුන් ඒවා ඉතා පහසුවෙන් හා ලෙහෙසියෙන් පරිභෝජනය කරනු ඇත. بلغ අල්-කුර්ආන් · තෆ්සීර් ويطاف عليهم بٔانية من فض ة وأكواب كانت قواريرا

وَيُطَافُ عَلَيْهِم بِـَٔانِيَةٍۢ مِّن فِضَّةٍۢ وَأَكْوَابٍۢ كَانَتْ قَوَارِيرَا۠ ﴿١٥﴾

එහි ඔවුන් පානය කිරීමට අපේක්ෂා කරන විට, රිදී භාජන හා වර්ණය ඉතා පිරිසිදු වූ ගුරුලේත්තු සමග සේවකයින් ඔවුන් වටා ගමන් කරති. قواريرامن فض ة قدروها تقديرا

قَوَارِيرَا۟ مِن فِضَّةٍۢ قَدَّرُوهَا تَقْدِيرًۭا ﴿١٦﴾

සැබැවින්ම එය රිදියෙන් පමණක් නොව එහි වර්ණයේ පැහැදිලිතාව පලිඟු මෙන් තිබේ. එය අපේක්ෂා කරන්නන් හට සරිලන ප්රමාණයෙන් සකස් කරන ලද්දකි. ඉන් කිසිවක් වැඩි වන්නේ හෝ අඩුවන්නේ හෝ නැත. ويسقون فيها كأسا كان مزاجها زنجبيلا

وَيُسْقَوْنَ فِيهَا كَأْسًۭا كَانَ مِزَاجُهَا زَنجَبِيلًا ﴿١٧﴾

මෙසේ ගෞරවයට පාත්ර වූවන්හට සන්ජබීල් (ඉඟුරු) මිශ්රිත මධුපානයෙන් යුත් කුසලාන හැඩයෙන් යුත් කොප්පවලින් පොවනු ලැබේ. عينا فيها تسم سلسبيلا

عَيْنًۭا فِيهَا تُسَمَّىٰ سَلْسَبِيلًۭا ﴿١٨﴾

සල්සබීල් නමැති ස්වර්ගයේ උල්පතකින් ඔවුහු පානය කරති

۞ وَيَطُوفُ عَلَيْهِمْ وِلْدَٰنٌۭ مُّخَلَّدُونَ إِذَا رَأَيْتَهُمْ حَسِبْتَهُمْ لُؤْلُؤًۭا مَّنثُورًۭا ﴿١٩﴾

තම යොවුන් වියේ පසුවන දරුවන් ස්වර්ග උයන්හි ඔවුන් වටා සැරිසරති. ඔබ ඔවුන්ගේ මුහුණෙහි ඇති සිරියාව, ඔවුන්ගේ වර්ණයෙහි ඇති අලංකාරය, ඔවුන්ගේ අධිකත්වය හා ඔවුන් විසිරී සිටීම ඔබ දකින්නේ නම් ඔවුන් විසිරුණු මුතුමෙන් ඔබ දකිනු ඇත. وإذا رأيت ثم رأيت نعيما وملكا كبيرا

وَإِذَا رَأَيْتَ ثَمَّ رَأَيْتَ نَعِيمًۭا وَمُلْكًۭا كَبِيرًا ﴿٢٠﴾

ස්වර්ගයේ ඇති දෑ ඔබ දකින විට වර්ණනා කළ නොහැකි සුව පහසුකම් හා ආශිර්වාද ඔබ දකිනු ඇත. එමෙන්ම කිසිදු රාජ්යයකට ළං විය නොහැකි අතිමහත් රාජ්යයක් ඔබ දකිනු ඇත

عَـٰلِيَهُمْ ثِيَابُ سُندُسٍ خُضْرٌۭ وَإِسْتَبْرَقٌۭ ۖ وَحُلُّوٓا۟ أَسَاوِرَ مِن فِضَّةٍۢ وَسَقَىٰهُمْ رَبُّهُمْ شَرَابًۭا طَهُورًا ﴿٢١﴾

ඔවුන්ගේ ශරීර මත අභිමානයෙන් යුත් වටිනා කොළ පැහැති ඇඳුම් දකින්නට ලැබේ. එය සිනිදු සේද රෙදිවලින් හා ඝන පටරෙදිවලින් යුක්තය. එහි දී ඔවුනට රිදියෙන් යුත් වළලු පලඳවනු ලැබේ. කිසිදු මිශ්රවීමකින් තොරව පිරිසිදු පානය අල්ලාහ් ඔවුනට සපයයි

إِنَّ هَـٰذَا كَانَ لَكُمْ جَزَآءًۭ وَكَانَ سَعْيُكُم مَّشْكُورًا ﴿٢٢﴾

ඔවුනට ගරු කිරීමක් වශයෙන්, "නුඹලාට පිරිනමනු ලැබූ මෙම ආශිර්වාදයන් නුඹලාගේ දැහැමි ක්රියාවන් සඳහා වූ තිළිණයක් වන්නේය. එමෙන්ම නුඹලාගේ ක්රියාවන් අල්ලාහ් අබියස පිළිගනු ලබන්නක් විය යැ"යි ඔවුනට පවසනු ලැබේ. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

إِنَّا نَحْنُ نَزَّلْنَا عَلَيْكَ ٱلْقُرْءَانَ تَنزِيلًۭا ﴿٢٣﴾

සැබැවින්ම අපි නුඹ වෙත අල් කුර්ආනය කොටස් වශයෙන් පහළ කළෙමු. අපි එය ඔබ වෙත එකවර එකට පහළ නොකළෙමු

فَٱصْبِرْ لِحُكْمِ رَبِّكَ وَلَا تُطِعْ مِنْهُمْ ءَاثِمًا أَوْ كَفُورًۭا ﴿٢٤﴾

අල්ලාහ් කවර නියෝගයක් හා නියමයක් නීතිගත කර ඇත්තේද ඒ වෙනුවෙන් ඔබ ඉවසනු. පාපය වෙත ඇරයුම් කරන්නාට ඔබ අවනත නොවනු. එමෙන්ම දේව ප්රතික්ෂේපය වෙත ඇරයුම් කරන්නාට ද ඔබ අවනත නොවනු

وَٱذْكُرِ ٱسْمَ رَبِّكَ بُكْرَةًۭ وَأَصِيلًۭا ﴿٢٥﴾

දහවල් ආරම්භ කාලයේ ෆජ්ර් සලාතය, ලුහර් සලාතය හා අසර් වේලාවේ අවසානයේ ඔබ ඔබේ පරමාධිපතිට දික්ර් (මෙනෙහි) කරනු

وَمِنَ ٱلَّيْلِ فَٱسْجُدْ لَهُۥ وَسَبِّحْهُ لَيْلًۭا طَوِيلًا ﴿٢٦﴾

මග්රිබ් හා ඉෂා යන රාත්රී කාලීන සලාත් දෙක මගින් ඔබ ඔහු ව මෙනෙහි කරනු. ඒ දෙකින් පසු ඔහුට තහජ්ජුද් (රාත්රී කාල) සලාතය ඉටු කරනු

إِنَّ هَـٰٓؤُلَآءِ يُحِبُّونَ ٱلْعَاجِلَةَ وَيَذَرُونَ وَرَآءَهُمْ يَوْمًۭا ثَقِيلًۭا ﴿٢٧﴾

සැබැවින්ම දෙවියන්ට ආදේශ තබන මොවූහු මෙලොව ජීවිතයට ප්රිය කරති. ඒ මත දැඩි සේ ඇලුම් කරති. ඔවුනට පසුපසින් ඇති මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය (නොසලකා) අතහැර දමති. එහි ඉතා දුෂ්කර දෑ හා පරික්ෂණ ඇති බැවින් එය ඉතා බිහිසුණු දිනයකි

نَّحْنُ خَلَقْنَـٰهُمْ وَشَدَدْنَآ أَسْرَهُمْ ۖ وَإِذَا شِئْنَا بَدَّلْنَآ أَمْثَـٰلَهُمْ تَبْدِيلًا ﴿٢٨﴾

ඔවුන් මවා ඔවුන්ගේ සන්ධි, අවයව හා වෙනත් ශරීර අංග නිසි ලෙස සකසා ඔවුන්ගේ මැවීම ශක්තිමත් කළේ අපය. ඔවුන් විනාශ කිරීමට හා ඔවුන් වෙනුවට තවත් පිරිසක් පෙරළා ගෙන එන්නට අපි අභිමත කළ විට අපි ඔවුන් විනාශ කොට ඔවුන් වෙනුවට තවත් පිරිසක් පෙරළා ගෙන එන්නෙමු

إِنَّ هَـٰذِهِۦ تَذْكِرَةٌۭ ۖ فَمَن شَآءَ ٱتَّخَذَ إِلَىٰ رَبِّهِۦ سَبِيلًۭا ﴿٢٩﴾

සැබැවින්ම මෙම සූරාව උපදෙසකි. මෙනෙහි කිරීමකි. එහෙයින් කවරෙකු තම පරමාධිපතිගේ තෘප්තිය වෙත සේන්දු කරවන මාර්ගය පිළිපදින්නට අභිමත කරන්නේ ද ඔහු එම මාර්ගය ගනිත්වා

وَمَا تَشَآءُونَ إِلَّآ أَن يَشَآءَ ٱللَّهُ ۚ إِنَّ ٱللَّهَ كَانَ عَلِيمًا حَكِيمًۭا ﴿٣٠﴾

අල්ලාහ්ගේ තෘප්තිය වෙත වූ මාර්ගය නුඹලාට අල්ලාහ් අභිමත කරන්නේ නම් මිස නුඹලා එය පිළිපදින්නට අභිමත නොකරන්නෙහුය. සියලු කරුණු ඔහු වෙතය. සැබැවින්ම අල්ලාහ් තම ගැත්තන්හට යහපත් වන්නේ කුමක්ද ඔවුනට අයහපත් වන්නේ කුමක්ද යන්න වග මැනවින් දන්නාය. ඔහුගේ මැවීමෙහි ඔහුගේ නියමයෙහි හා ඔහුගේ ආගමානුගත කිරීමෙහි ඔහු මහා ප්රඥාවන්තය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

يُدْخِلُ مَن يَشَآءُ فِى رَحْمَتِهِۦ ۚ وَٱلظَّـٰلِمِينَ أَعَدَّ لَهُمْ عَذَابًا أَلِيمًۢا ﴿٣١﴾

ඔහුගේ ගැත්තන් අතරින් ඔහු අභිමත කරන අය ඔහුගේ කරුණාව තුළට ඇතුළත් කරන්නේය. දේව විශ්වාසය හා දැහැමි ක්රියාවන් සඳහා ඔවුනට ආශිර්වාද කරන්නේය. දේව ප්රතික්ෂේපය හා පාපකම් හේතුවෙන් තමන්ටම අපරාධ කරගත් අයට මතුලොවෙහි වේදනීය දඬුවමක් සූදානම් කර ඇත්තේය. එය නිරා ගින්නේ වේදනාවයි. මූලාශ්‍රය: අල්-මුඃතසර් ෆී තෆ්සීරිල් කුර්ආන්

ඉගෙන ගන්න · Al-Insaan — الإنسان

අනුගමනය · පුනරාවර්තනය · පැවසීම · ලියාපදිංචිය අවශ්‍ය නැත

තෆ්සීර් · 31 භාෂා