أَلْهَىٰكُمُ ٱلتَّكَاثُرُ ﴿١﴾
අහෝ මිනිසුනි! ධනය හා දරුවන් හේතුවෙන් නුඹලා එකිනෙකා තුළ ඇති තරඟය අල්ලාහ්ට අවනත වීමෙන් නුඹලා ව වෙනතකට යොමු කර ඇත
මුල් පිටුව›තෆ්සීර්›At-Takaathur (102)
මක්කී · 8 වාක්‍ය
أَلْهَىٰكُمُ ٱلتَّكَاثُرُ ﴿١﴾
අහෝ මිනිසුනි! ධනය හා දරුවන් හේතුවෙන් නුඹලා එකිනෙකා තුළ ඇති තරඟය අල්ලාහ්ට අවනත වීමෙන් නුඹලා ව වෙනතකට යොමු කර ඇත
حَتَّىٰ زُرْتُمُ ٱلْمَقَابِرَ ﴿٢﴾
නුඹලා මිය ගොස් නුඹලාගේ මිණිවලවල් නුඹලා හමුවන තුරු. كلا سوف تعلمون
كَلَّا سَوْفَ تَعْلَمُونَ ﴿٣﴾
ධනය හා දරුවන් හේතුවෙන් එසේ නුඹලා එකිනෙකා අහංකාරකම් පාමින් අල්ලාහ්ට අවනත වීමෙන් දුරස්වීම නුඹලාට සුදුසු නැත. එසේ නුඹලා වෙනතකට යොමු වී කටයුතු කිරීමේ විපාකය නුඹලා ඉක්මණින් මතු දැනගනු ඇත. ثم كلاسوف تعلمون
ثُمَّ كَلَّا سَوْفَ تَعْلَمُونَ ﴿٤﴾
එහි විපාකය නුඹ මතුලොවෙහි දැනගනු ඇත
كَلَّا لَوْ تَعْلَمُونَ عِلْمَ ٱلْيَقِينِ ﴿٥﴾
සැබැවින්ම අල්ලාහ් ඉදිරියට නුඹලා ව ඉදිරිපත් කරනු ඇත. එවිට නුඹලා සිදු කළ සියලු ක්රියාවන්ට ඔහු ප්රතිඵල දෙනු ඇතැයි නුඹලා ස්ථීරවම වටහා ගන්නේ නම් එසේ දරුවන් හා ධනය හේතුකොට ගෙන අහංකාරකම් පා නුඹලා අල්ලාහ්ගෙන් වෙනතකට යොමු නොවන්නාහුය
لَتَرَوُنَّ ٱلْجَحِيمَ ﴿٦﴾
අල්ලාහ් මත දිවුරා පවසමි. සැබැවින්ම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේදී නිරා ගින්න නුඹලා දෑසින්ම දැක ගනු ඇත. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
ثُمَّ لَتَرَوُنَّهَا عَيْنَ ٱلْيَقِينِ ﴿٧﴾
සැබැවින්ම එය කිසිදු සැකයකින් තොරවම ස්ථීර ලෙසම දැක ගනු ඇත
ثُمَّ لَتُسْـَٔلُنَّ يَوْمَئِذٍ عَنِ ٱلنَّعِيمِ ﴿٨﴾
සුවය, ධනය හා වෙනත් සම්පත් අතුරින් කවර ආශිර්වාදයක් අල්ලාහ් නුඹලාට පිරිනමා ඇත්තේද ඒ පිළිබඳ ව නුඹලාගෙන් එහිදී ප්රදශ්න කරනු ලබන්නෝය. මූලාශ්‍රය: අල්-මුඃතසර් ෆී තෆ්සීරිල් කුර්ආන්
අනුගමනය · පුනරාවර්තනය · පැවසීම · ලියාපදිංචිය අවශ්‍ය නැත