طسٓمٓ ﴿١﴾
(තා, සීන්, මීම්) සූරා බකරා ආරම්භයේදී මෙවැනි පාඨ පිළිබඳ විස්තර සඳහන් කර ඇත
මුල් පිටුව›තෆ්සීර්›Ash-Shu'araa (26)
මක්කී · 227 වාක්‍ය
طسٓمٓ ﴿١﴾
(තා, සීන්, මීම්) සූරා බකරා ආරම්භයේදී මෙවැනි පාඨ පිළිබඳ විස්තර සඳහන් කර ඇත
تِلْكَ ءَايَـٰتُ ٱلْكِتَـٰبِ ٱلْمُبِينِ ﴿٢﴾
ඒවා අසත්යයෙන් සත්ය පැහැදිලි කරන අල් කුර්ආනයේ පැහැදිලි පාඨ වේ. لعلك بخع نفسك ألا يكونوامؤمنين
لَعَلَّكَ بَـٰخِعٌۭ نَّفْسَكَ أَلَّا يَكُونُوا۟ مُؤْمِنِينَ ﴿٣﴾
අහෝ දූතය! ඔවුන්ගේ යහ මග ගැන නුඹ තුළ ඇති දැඩි ආශාව ඔවුන්ගේ යහ මග ගැන දැඩි ආශාවෙන් හා කනස්සල්ලෙන් පෙළමින් ඔබව විනාශ කරන්නට බලනු ඇත
إِن نَّشَأْ نُنَزِّلْ عَلَيْهِم مِّنَ ٱلسَّمَآءِ ءَايَةًۭ فَظَلَّتْ أَعْنَـٰقُهُمْ لَهَا خَـٰضِعِينَ ﴿٤﴾
අහසින් ඔවුන් වෙත සංඥාවක් පහළ කිරීමට අපි අභිමත කළේ නම්, එය ඔවුන් වෙත අපි පහළ කරන්නෙමු. එවිට ඔවුන්ගේ ගෙලවල් එයට පහත් ව යටහත් වනු ඇත. නමුත් ඔවුනට පරීක්ෂණයක් වශයෙන් අපි එය ඔවුනට අභිමත නොකළෙමු. නුඹලා ගුප්ත දෑ විශ්වාස කරන්නෙහු ද?
وَمَا يَأْتِيهِم مِّن ذِكْرٍۢ مِّنَ ٱلرَّحْمَـٰنِ مُحْدَثٍ إِلَّا كَانُوا۟ عَنْهُ مُعْرِضِينَ ﴿٥﴾
අල්ලාහ්ගේ ඒකීයත්වය හා ඔහුගේ නබිවරයාගේ සත්යයභාවය පෙන්වා දෙන පැහැදිලි සාධකයක් සමග මහා කරුණාන්විතයාණන්ගෙන් පහළ වූ යම් නව සිදුවීමක මෙනෙහි කිරීමක් මෙම දේවත්වය ආදේශ කළ මොවුන් වෙත පැමිණි විට මොවුන් එයට සවන් දීමට හා එය තහවුරු කිරීමට පිටුපෑවා මිස නැත
فَقَدْ كَذَّبُوا۟ فَسَيَأْتِيهِمْ أَنۢبَـٰٓؤُا۟ مَا كَانُوا۟ بِهِۦ يَسْتَهْزِءُونَ ﴿٦﴾
ඔවුන්ගේ දූතවරුන් ඔවුන් වෙත කවර කරුණක් ගෙන ආවේ ද සැබවින්ම ඔවුහු එය බොරු කළෝය. ඔවුන් කවර කරුණක් පිළිබඳ සරදම් කරමින් සිටියේ ද එම පුවත් සහතික කිරීමක් ඔවුන් වෙත පැමිණෙනු ඇත. ඔවුනට දඬුවම අනුමත වන්නේය
أَوَلَمْ يَرَوْا۟ إِلَى ٱلْأَرْضِ كَمْ أَنۢبَتْنَا فِيهَا مِن كُلِّ زَوْجٍۢ كَرِيمٍ ﴿٧﴾
ඔවුහු ඔවුන්ගේ ප්රතික්ෂේපය තුළ ම නිරත වී එහි රැඳී සිටින්නෝ ද? අධික ලෙස ප්රයෝජන ගෙන දෙන දැකුම්කලු විවිධ වර්ගයේ පැළෑටි අතරින් විවිධ පැළෑටි වර්ග කෙතරම් භූමිය තුළ හට ගන්වා ඇත්තේ දැ?යි ඔවුන් ඒ දෙස අධීක්ෂණය කළ යුතු නොවේද? بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَةًۭ ۖ وَمَا كَانَ أَكْثَرُهُم مُّؤْمِنِينَ ﴿٨﴾
විවිධ වර්ගයෙන් යුත් පැළෑටි මහ පොළොවේ හට ගැන්වීමෙහි ඒවා හට ගන්වන්නාහට, මිය ගිය අය යළි බිහි කිරීමේ බලය ඇති බව පැහැදිලි ව පෙන්වා දෙන සාධකයක් ඇත. නමුත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා විශ්වාස නොකරන්නන් වූහ
وَإِنَّ رَبَّكَ لَهُوَ ٱلْعَزِيزُ ٱلرَّحِيمُ ﴿٩﴾
අහෝ දූතය! සැබවින්ම නුඹේ පරමාධිපති වනාහි කිසිවකු විසින් අබිබවා යා නොහැකි සර්ව බලධාරීය. ඔහුගේ ගැත්තන් කෙරෙහි මහා කාරුණිකය
وَإِذْ نَادَىٰ رَبُّكَ مُوسَىٰٓ أَنِ ٱئْتِ ٱلْقَوْمَ ٱلظَّـٰلِمِينَ ﴿١٠﴾
අල්ලාහ් ව ප්රතික්ෂේප කිරීමෙන් හා මූසාගේ සමූහයා වහල්භාවයට ගනිමින් සිටි අපරාධකාරී ජනයා වෙත යන්නැයි නියෝග කරමින් නුඹේ පරමාධිපති මූසා ව කැඳ වූ අවස්ථාව අහෝ දූතය! නුඹ මෙනෙහි කර බලනු
قَوْمَ فِرْعَوْنَ ۚ أَلَا يَتَّقُونَ ﴿١١﴾
ඔවුන් ෆිර්අවුන්ගේ සමූහයාය. එහෙයින් අල්ලාහ්ගේ නියෝග පිළිපැද, ඔහු තහනම් කළ දැයින් වැළකී, ඔහුට භක්තිමත් ව කටයුතු කරන මෙන් ඔවුනට ඉතා සිහින් හා මෘදු ලෙස නියෝග කරනුයැයි ඔහු අණ කළේය
قَالَ رَبِّ إِنِّىٓ أَخَافُ أَن يُكَذِّبُونِ ﴿١٢﴾
"නුඹ ගැන මා කවර කරුණක් ඔවුනට දන්වා සිටින්නේ ද එහි ඔවුන් මා බොරු කරනු ඇතැයි සැබවින්ම මම බිය වෙමි" යැයි මූසා (අලයිහිස් සලාම්) තුමා පවසා සිටියේය. ويضيق صدرى ولا ينطلق لسانى فأرسل إلىهرون
وَيَضِيقُ صَدْرِى وَلَا يَنطَلِقُ لِسَانِى فَأَرْسِلْ إِلَىٰ هَـٰرُونَ ﴿١٣﴾
"ඔවුන් මා බොරුකරමින් සිටි නිසාවෙන් මාගේ හදවත පීඩනයට පත් ව ඇත. කතා කිරීමෙන් මාගේ දිව හිර වී ඇත. එහෙයින් මාගේ සහෝදර හාරූන් මා හට සහයකයෙකු වශයෙන් වනු පිණිස ඔහු වෙත ජිබ්රීල් (අලයිහිස් සලාම්) තුමා ව එවනු මැනව!" යැයි පවසා සිටියේය. ولهم على ذنب فأخاف أن يقتلون
وَلَهُمْ عَلَىَّ ذَنۢبٌۭ فَأَخَافُ أَن يَقْتُلُونِ ﴿١٤﴾
කිබ්තී ගෝත්රිකයකු මා ඝාතනය කිරීමේ වරද හේතුවෙන් ඔවුන් සතු අයිතිය මුල් කර ගනිමින් ඔවුන් මා මරා දමනු ඇතැයි මම බිය වෙමි
قَالَ كَلَّا ۖ فَٱذْهَبَا بِـَٔايَـٰتِنَآ ۖ إِنَّا مَعَكُم مُّسْتَمِعُونَ ﴿١٥﴾
අල්ලාහ් මූසා (අලයිහිස් සලාම්) තුමා අමතා, "එසේ නොව, ඔවුන් කිසිවිටෙක නුඹ ව ඝාතනය කරන්නේ නැත. එහෙයින් නුඹ හා නුඹේ සහෝදර හාරූන් නුඹලා දෙදෙනාගේ සත්යතාව තහවුරු කරන අපගේ සංඥා සමග පිටත් වනු. නුඹලා කවර කරුණක් කතා කරන්නේ ද, නුඹලාට කවර ප්රකාශයක් සිදු කරනු ලබන්නේ ද එයට අප සවන්දෙන්නන් ලෙසින් උදව් කරමින් හා ස්ථාවර කරමින් සැබවින්ම අපි නුඹලා දෙදෙනා සමග සිටින්නෙමු. ඒ කිසිවක් بلغ අල්-කුර්ආන් · තෆ්සීර් අපට මග හැරෙන්නේ නැත." යැයි පැවසීය
فَأْتِيَا فِرْعَوْنَ فَقُولَآ إِنَّا رَسُولُ رَبِّ ٱلْعَـٰلَمِينَ ﴿١٦﴾
එහෙයින් නුඹලා දෙදෙනා ෆිර්අවුන් වෙත ගොස් ඔහුට, “සැබවින්ම අපි සියලු මැවීම් හි පරමාධිපති වෙතින් නුඹ වෙත එවන ලද දහම් දූතවරුන් දෙදෙනෙකු වෙමු.” යැයි පවසනු
أَنْ أَرْسِلْ مَعَنَا بَنِىٓ إِسْرَٰٓءِيلَ ﴿١٧﴾
"අප සමග ඉස්රාඊල් දරුවන් එවනු." (යැයි ද පවසනු.) قال ألم نربك فينا وليدا ولبثت فينا من عمركسنين
قَالَ أَلَمْ نُرَبِّكَ فِينَا وَلِيدًۭا وَلَبِثْتَ فِينَا مِنْ عُمُرِكَ سِنِينَ ﴿١٨﴾
ෆිර්අවුන් මූසාට, "කුඩා අවදියේ නුඹ අප ළඟ හැදී වැඩී වසර ගණනාවක ආයු කාලයක් අප සමග රැදී සිටියා නොවේ ද? නබිත්වය ගැන වාද කිරීම සඳහා නුඹට ඇරයුම් කළේ කුමක්දැ?"යි විමසා සිටියේය
وَفَعَلْتَ فَعْلَتَكَ ٱلَّتِى فَعَلْتَ وَأَنتَ مِنَ ٱلْكَـٰفِرِينَ ﴿١٩﴾
නුඹේ සමූහයා අතර සිටි මිනිසෙකුට උපකාරයක් වශයෙන් ‘කිබ්තී’ ගෝත්රිකයකු නුඹ ඝාතනය කිරීම හේතුවෙන් නුඹ බරපතළ වරදක් සිදු කර ඇත්තෙහිය. එමෙන්ම නුඹ, නුඹ වෙත වූ මාගේ ආශිර්වාද ප්රතික්ෂේප කරන්නන් අතරින් කෙනෙකි
قَالَ فَعَلْتُهَآ إِذًۭا وَأَنَا۠ مِنَ ٱلضَّآلِّينَ ﴿٢٠﴾
මූසා (අලයිහිස් සලාම්) තුමා එය පිළිගනිමින් ෆිර්අවුන්ට, "මා වෙත දේව පණිවුඩ පැමිණීමට පෙර මා අඥානයින් අතරින් සිටියදී මම එම මිනිසා ව ඝාතනය කළෙමි" යැයි පවසා සිටියේය
فَفَرَرْتُ مِنكُمْ لَمَّا خِفْتُكُمْ فَوَهَبَ لِى رَبِّى حُكْمًۭا وَجَعَلَنِى مِنَ ٱلْمُرْسَلِينَ ﴿٢١﴾
ඔහු ව ඝාතනය කිරීමෙන් පසු ව නුඹලා මා ඝාතනය කරනු ඇතැයි යන බියෙන් මද්යන් නම් ගම්මානය වෙත නුඹලාගෙන් වෙන් ව මම පලා ගියෙමි. එවිට මාගේ පරමාධිපති මට ප්රඥාව පිරිනැමීය. ජනයා වෙත එවනු ලැබූවන් අතරින් මා ද දූතයකු බවට ඔහු මා පත් කළේය
وَتِلْكَ نِعْمَةٌۭ تَمُنُّهَا عَلَىَّ أَنْ عَبَّدتَّ بَنِىٓ إِسْرَٰٓءِيلَ ﴿٢٢﴾
නුඹ වහල්භාවයට ගත් ඉස්රාඊල් දරුවන් සමග මාද වහල්භාවයට නොගෙන නුඹ මා හදා වඩාගත් සිදුවීම සැබෑ ලෙසින්ම නුඹ මට පිරිනැමූ භාග්යයකි. නමුත් එය නුඹට කරන ඇරයුමෙන් මා වළක්වන්නේ නැත
قَالَ فِرْعَوْنُ وَمَا رَبُّ ٱلْعَـٰلَمِينَ ﴿٢٣﴾
"සැබවින්ම නුඹ ඔහුගේ දූතයා යැයි විශ්වාස කරන, සියලු මැවීම්හි පරමාධිපති කවුරුන්දැ?"යි ෆිර්අවුන් මූසා (අලයිහිස් සලාම්) තුමාගෙන් විමසා සිටියේය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
قَالَ رَبُّ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ وَمَا بَيْنَهُمَآ ۖ إِن كُنتُم مُّوقِنِينَ ﴿٢٤﴾
ෆිර්අවුන්ට පිළිතුරු වශයෙන් මූසා (අලයිහිස් සලාම්) තුමා, "සියලු මැවීම්හි පරමාධිපති වන ඔහු අහස්හි පරමාධිපතිය. මහ පොළොවේ පරමාධිපතිය. ඒ දෙක අතර ඇති දෑ හි පරමාධිපතිය. සැබවින් ඔහු ඔවුන්ගේ පරමාධිපති බව නුඹලා විශ්වාස කර සිටියෙහු නම් නුඹලා ඔහුට පමණක් නැමදුම් කරනු" යැයි පැවසීය. قال لمن حوله ألا تستمعون
قَالَ لِمَنْ حَوْلَهُۥٓ أَلَا تَسْتَمِعُونَ ﴿٢٥﴾
ෆිර්අවුන් ඔහු අවට සිටින ඔහුගේ පිරිසේ නායකයින්හට, "මූසාගේ පිළිතුරට හා එහි ඇති බොරු විශ්වාසයට නුඹලා සවන් දිය යුතු නොවේදැ?යි!" පැවසීය
قَالَ رَبُّكُمْ وَرَبُّ ءَابَآئِكُمُ ٱلْأَوَّلِينَ ﴿٢٦﴾
මූසා තුමා ඔවුනට, "නුඹලාගේ පරමාධිපති හා නුඹලාගේ පෙර මුතුන්මිත්තන්ගේ පරමාධිපති අල්ලාහ්ය." යැයි පැවසීය
قَالَ إِنَّ رَسُولَكُمُ ٱلَّذِىٓ أُرْسِلَ إِلَيْكُمْ لَمَجْنُونٌۭ ﴿٢٧﴾
ෆිර්අවුන්, "සැබවින්ම නුඹලා වෙත එවනු ලැබූ දූතයා යැයි විශ්වාස කරමින් සිටින්නා උම්මත්තකයෙකි. පිළිතුරු දිය යුත්තේ කෙසේදැ යි ඔහු නොදනී. එමෙන්ම වැටහීමක් නැති දෑ ඔහු කතා කරයි" යනුවෙන් පැවසීය
قَالَ رَبُّ ٱلْمَشْرِقِ وَٱلْمَغْرِبِ وَمَا بَيْنَهُمَآ ۖ إِن كُنتُمْ تَعْقِلُونَ ﴿٢٨﴾
එයට මූසා, "මා කවර අයකු වෙත නුඹලා ව ඇරයුම් කරන්නේ ද ඔහු අල්ලාහ්ය. ඔහු නැගෙනහිරෙහි පරමාධිපතිය. බටහිරෙහි පරමාධිපතිය. ඒ දෙක අතර ඇති දෑ හි පරමාධිපතිය. නුඹලාට බුද්ධිය ඇත්නම් ඒ ගැන බුද්ධිමත් ව සිතා බලනු." යැයි කීවේය
قَالَ لَئِنِ ٱتَّخَذْتَ إِلَـٰهًا غَيْرِى لَأَجْعَلَنَّكَ مِنَ ٱلْمَسْجُونِينَ ﴿٢٩﴾
ෆිර්අවුන් ඔහු සමග වාද කිරීමට නොහැකි වූ පසු ඔහු මූසාට, "මා හැර වෙනත් දෙවියෙකු නුඹ නැමදුමට ගත්තෙහි නම් සැබවින්ම මම නුඹ ව සිරකරුවන් අතරට පත් කරමි" යැයි පැවසීය. قال أولو جئتك بشىء م بين
قَالَ أَوَلَوْ جِئْتُكَ بِشَىْءٍۢ مُّبِينٍۢ ﴿٣٠﴾
මූසා, "අල්ලාහ් වෙතින් මා කවර කරුණක් ගෙන ආවේ ද, එහි මාගේ සත්යතාව පැහැදිලි කරන යමක් නුඹ වෙත මා ගෙන ආව ද, නුඹ මා සිරකරුවන් අතරට පත් කරන්නෙහිද" යි ෆිර්අවුන්ගෙන් විමසා සිටියේය
قَالَ فَأْتِ بِهِۦٓ إِن كُنتَ مِنَ ٱلصَّـٰدِقِينَ ﴿٣١﴾
‘නුඹ වාද කරන දෑ හි නුඹ සත්යවාදීන් අතර කෙනෙකු වී නම්, නුඹේ සත්යතාව පෙන්වා දෙන නුඹ මෙනෙහි කළ කරුණ ගෙන එනු.’ යැයි පැවසීය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර් فألق عصاه فإذا هى ثعبان م بين
فَأَلْقَىٰ عَصَاهُ فَإِذَا هِىَ ثُعْبَانٌۭ مُّبِينٌۭ ﴿٣٢﴾
එවිට මූසා ඔහුගේ සැරයටිය බිම හෙළුවේය. එවිට ක්ෂණික ව දෑසට පැහැදිලි ව පෙනෙන සර්පයකු බවට එය වෙනස් විය
وَنَزَعَ يَدَهُۥ فَإِذَا هِىَ بَيْضَآءُ لِلنَّـٰظِرِينَ ﴿٣٣﴾
තවද ඔහු ඔහුගේ සුදුවන් නොවූ අත සාක්කුවට දැමුවේය. සුදු කබර රොගයේ සුදු වර්ණය මෙන් නොව දීප්තිමත් බැබළෙන සුදු වර්ණයකින් යුතු ව ඔහු එය එළියට ගත්තේය. නරඹන්නන් එය එලෙස නැරඹුවෝය. قال للملإ حوله إن هذا لسحرعليم
قَالَ لِلْمَلَإِ حَوْلَهُۥٓ إِنَّ هَـٰذَا لَسَـٰحِرٌ عَلِيمٌۭ ﴿٣٤﴾
ෆිර්අවුන් ඔහු අවට සිටි ඔහුගේ සමූහයා අතරින් වූ නායකයින්හට, "සැබවින්ම මෙම මිනිසා හූනියම් පිළිබඳ මනා දැනුමක් ඇති මායාකාරයෙකි" යැයි පැවසීය. يريد أن يخرجكم من أرضكم بسحره فماذا تأمرون
يُرِيدُ أَن يُخْرِجَكُم مِّنْ أَرْضِكُم بِسِحْرِهِۦ فَمَاذَا تَأْمُرُونَ ﴿٣٥﴾
"ඔහුගේ මායාවෙන් ඔහු නුඹලා ව නුඹලාගේ භූමියෙන් නෙරපා හරින්නට අපේක්ෂා කරයි. ඔහු විෂයයෙහි අපි ඔහු ව හසු කර ගැනීම ගැන නුඹලාගේ අදහස කුමක්ද?"
قَالُوٓا۟ أَرْجِهْ وَأَخَاهُ وَٱبْعَثْ فِى ٱلْمَدَآئِنِ حَـٰشِرِينَ ﴿٣٦﴾
ඔවුහු ඔහුට මෙසේ පවසා සිටියහ. "ඔහුට කල් දෙනු. ඔහුගේ සහෝදරයාටද කල් දෙනු. ඔවුන් දෙදෙනාට දඬුවම් කිරීමට ඔබ ඉක්මන් නොවනු. මායාකරුවන් එක්රැස් කරන්නන් ඔබ මිසරයේ නගර වලට එවනු."යැයි ඔවුහු පැවසුහ. يأتوك بكل سحار عليم
يَأْتُوكَ بِكُلِّ سَحَّارٍ عَلِيمٍۢ ﴿٣٧﴾
"හූනියම් පිළිබඳ මැනවින් දන්නා සෑම මායාකරුවකුම ඔවුන් ඔබ වෙත රැගෙන එනු ඇත."
فَجُمِعَ ٱلسَّحَرَةُ لِمِيقَـٰتِ يَوْمٍۢ مَّعْلُومٍۢ ﴿٣٨﴾
නියමිත වේලාවක නියමිත ස්ථානයක මූසා (අලයිහිස් සලාම්) තුමා සමග තරඟ වදින්නට ෆිර්අවුන් ඔහුගේ මායාකාර හූනියම්කරුවන් එක්රැස් කළෝය. وقيل للناس هل أنتم م جتمعون
وَقِيلَ لِلنَّاسِ هَلْ أَنتُم مُّجْتَمِعُونَ ﴿٣٩﴾
"ජය ලබනුයේ මූසා ද එසේ නැතහොත් එම මායාකරුවන් දැ යි නුඹලා දැක බලා ගනු පිණිස නුඹලාත් එක්රැස් වන්නෙහුදැ?"යි ජනයාගෙන් විමසන ලදී
لَعَلَّنَا نَتَّبِعُ ٱلسَّحَرَةَ إِن كَانُوا۟ هُمُ ٱلْغَـٰلِبِينَ ﴿٤٠﴾
මායාකරුවන් මූසා අබිබවා ජය ලැබුවේ නම් ඔවුන්ගේ දහම අප පිළිපැදීමේ බලාපොරොත්තුව තිබිය හැකි වේ. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
فَلَمَّا جَآءَ ٱلسَّحَرَةُ قَالُوا۟ لِفِرْعَوْنَ أَئِنَّ لَنَا لَأَجْرًا إِن كُنَّا نَحْنُ ٱلْغَـٰلِبِينَ ﴿٤١﴾
මූසා ව පරාජය කරනු පිණිස ෆිර්අවුන් වෙත මායාකාර හූනියම් කරුවෝ පැමිණි කල්හි ඔවුහු ඔහුට "මූසා අබිබවා අපට ජය අත් වූයේ නම් භෞතික වශයෙන් හා සදාචාරාත්මක වශයෙන් කවර ප්රතිඵලයක් අපට හිමි වන්නේ දැ?"යි විමසා සිටියෝය
قَالَ نَعَمْ وَإِنَّكُمْ إِذًۭا لَّمِنَ ٱلْمُقَرَّبِينَ ﴿٤٢﴾
ෆිර්අවුන් ඔවුනට, "නුඹලාගේ ප්රතිඵලය යහපතකි. ඔහු අබිබවා නුඹලා ජය ගත් තත්ත්වයේ පසු වූයෙහු නම් සැබවින්ම නුඹලාට උසස් නිලයන් පිරිනැමිමෙන් නුඹලා මා වෙත සමීපයින් බවට පත් වනු ඇත." ඔහු ඔවුනට පැවසීය
قَالَ لَهُم مُّوسَىٰٓ أَلْقُوا۟ مَآ أَنتُم مُّلْقُونَ ﴿٤٣﴾
අල්ලාහ්ගේ ජයග්රහණය පිළිබඳ සහතික කරමින් හා ඔහු අබියස ඇති දෑ මායාවක් නොවන බව පැහැදිලි කරමින් මූසා ඔවුනට, "නුඹලා හෙළන නුඹලාගේ ලණු හා නුඹලාගේ සැරයටි නුඹලා හෙළනු." යැයි පැවසීය
فَأَلْقَوْا۟ حِبَالَهُمْ وَعِصِيَّهُمْ وَقَالُوا۟ بِعِزَّةِ فِرْعَوْنَ إِنَّا لَنَحْنُ ٱلْغَـٰلِبُونَ ﴿٤٤﴾
එවිට ඔවුහු ඔවුන්ගේ ලණු හා යෂ්ටි හෙළූහ. එසේ හෙළන අවස්ථාවේ. ඔවුහු, "ෆිර්අවුන්ගේ බලමහිමයෙන් සැබවින් අපි ජයග්රහකයෝ වෙමු. මූසා පරාජයට පත් කරනු ලැබේ." යැයි පැවසූහ. فألق موس عصاهفإذا هى تلقف ما يأفكون
فَأَلْقَىٰ مُوسَىٰ عَصَاهُ فَإِذَا هِىَ تَلْقَفُ مَا يَأْفِكُونَ ﴿٤٥﴾
පසු ව මූසා ඔහුගේ සැරයටිය බිම හෙළූහ. එවිට එය සර්පයෙකු බවට වෙනස් විය. මායා හූනියම හේතුවෙන් මිනිසුන් කවර දෙයක් සැක කරමින් සිටියේ ද ඒවා ඌ ගිල දැමීය
فَأُلْقِىَ ٱلسَّحَرَةُ سَـٰجِدِينَ ﴿٤٦﴾
මායාකාර හූනියම්කරුවන් විසින් හෙළන ලද මායාවන් මූසාගේ සැරයටිය ගිල ගනු ඔවුන් දුටු කල්හි ඔවුහු සිරිස බිම තබමින් වැටුණෝය
قَالُوٓا۟ ءَامَنَّا بِرَبِّ ٱلْعَـٰلَمِينَ ﴿٤٧﴾
තවදුරටත් ඔවුහු මෙසේ පැවසූහ. "සකල ලෝකයන්හි පරමාධිපති ව අපි විශ්වාස කළෙමු." رب موس وهرون
رَبِّ مُوسَىٰ وَهَـٰرُونَ ﴿٤٨﴾
"මූසාගේ පරමාධිපති හා හාරූන්ගේ පරමාධිපතිය. (අලයිහිමස් සලාම්)." بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
قَالَ ءَامَنتُمْ لَهُۥ قَبْلَ أَنْ ءَاذَنَ لَكُمْ ۖ إِنَّهُۥ لَكَبِيرُكُمُ ٱلَّذِى عَلَّمَكُمُ ٱلسِّحْرَ فَلَسَوْفَ تَعْلَمُونَ ۚ لَأُقَطِّعَنَّ أَيْدِيَكُمْ وَأَرْجُلَكُم مِّنْ خِلَـٰفٍۢ وَلَأُصَلِّبَنَّكُمْ أَجْمَعِينَ ﴿٤٩﴾
وأ رجلكم من خلف ولأصلبنكم أ جمعين මායාකාර හූනියම් කරුවන් දෙවියන් විශ්වාසය කිරීම සම්බන්ධයෙන් ෆිර්අවුන් හෙළා දැක මෙසේ පැවසීය. "මම නුඹලාට ඒ ගැන අවසර දෙන්නට පෙර නුඹලා මූසා ව විශ්වාස කළෙහු ද? සැබවින්ම නුඹලාට හූනියම ඉගැන් වූ මූසා නුඹලාගේ ප්රධානියා වී ඇත. සැබවින්ම මිසර වැසියන් එයින් පිටුවහල් කිරීමට නුඹලා සියලු දෙනාම සැලසුම කර ඇත්තාහ. නුඹලාට අත් වන දඬුවම නුඹලා මතු දැන ගනු ඇත. සෑම කෙනෙකුගේම පාද හා අත් ඒ දෙක අතර එකිනෙක මාරුවෙන් මාරුවට කපා හරිමි. එනම් දකුණු කකුල වම් අත සමග ද එයට ප්රතිවිරුද්ධ ව ද කපා හරිමි. ඉඳි කඳන් මත කුරුසයට බැද නුඹලා සියල්ලන්ට ඇණ ගසමි. නුඹලා අතරින් කිසිවෙකු මා ඉතිරි නොකරමි."
قَالُوا۟ لَا ضَيْرَ ۖ إِنَّآ إِلَىٰ رَبِّنَا مُنقَلِبُونَ ﴿٥٠﴾
මායාකාර හූනියම් කරුවන් ෆිර්අවුන්හට, "නුඹ අපට තර්ජනය කරන පරිදි මෙලොවෙහි කපා දැමීම හා කුරුසියේ ඇණ ගැසීම සම්බන්ධයෙන් කිසිදු හානියක් අපට නැත. නුඹේ දඬුවම ඉවත් ව යනු ඇත. අපි අපගේ පරමාධිපති වෙත හැරී යන්නන් වෙමු. ඔහුගේ සදාතනික කරුණාව තුළට ඔහු අපි ඇතුළත් කරනු ඇත." යැයි පැවසූහ
إِنَّا نَطْمَعُ أَن يَغْفِرَ لَنَا رَبُّنَا خَطَـٰيَـٰنَآ أَن كُنَّآ أَوَّلَ ٱلْمُؤْمِنِينَ ﴿٥١﴾
"මූසා ව විශ්වාස කොට ඔහු ව තහවුරු කළ පළමුවැන්නන් බවට අප පත් ව ඇති බැවින්, අප පෙර සිදුකළ අපගේ පාපයන් අල්ලාහ් අපගෙන් ඉවත් කරනු ඇතැයි සැබවින්ම අපි අපේක්ෂා කරමු."
۞ وَأَوْحَيْنَآ إِلَىٰ مُوسَىٰٓ أَنْ أَسْرِ بِعِبَادِىٓ إِنَّكُم مُّتَّبَعُونَ ﴿٥٢﴾
රාත්රියේම ඉස්රාඊල් දරුවන් කැටුව යන මෙන් ද සැබවින්ම ෆිර්අවුන් හා ඔහු සමග වූවන් ඔවුන් නැවත ගෙන්වා ගනු පිණිස ඔවුන් ව ලුහුබඳිනු ඇතැයි ද අපි මූසාට නියෝග කරමින් දේව පණිවුඩ පහළ කළෙමු
فَأَرْسَلَ فِرْعَوْنُ فِى ٱلْمَدَآئِنِ حَـٰشِرِينَ ﴿٥٣﴾
ඉස්රාඊල් දරුවන් මිසර දේශයෙන් (ඊජිප්තුවෙන්) පිටත් ව ගිය බව ෆිර්අවුන් දැන ගත් කල්හි ඔවුන් නැවත ගෙන්වා ගනු පිණිස සේනාවන් රැස් කිරීම සඳහා ඔහුගේ සේනාවෙන් රැස් කරන පිරිසක් එම නගර වලට එවීය
إِنَّ هَـٰٓؤُلَآءِ لَشِرْذِمَةٌۭ قَلِيلُونَ ﴿٥٤﴾
ෆිර්අවුන් ඉස්රාඊල්ගේ කරුණ සුළුකොට සලකා "සැබවින්ම මොවුහු සුළු පිරිසකි." යැයි පැවසීය
وَإِنَّهُمْ لَنَا لَغَآئِظُونَ ﴿٥٥﴾
"ඔවුන් කෙරෙහි අප කෝප වන දෑ සැබවින්ම ඔවුන් සිදු කරන්නෝ වූහ." وإنا لجميع حذرون
وَإِنَّا لَجَمِيعٌ حَـٰذِرُونَ ﴿٥٦﴾
"නියත වශයෙන්ම අපි ඔවුන් වෙනුවෙන් අවදියෙන් හා සූදානමින් සිටිය යුත්තෝ වෙමු." بلغ අල්-කුර්ආන් · තෆ්සීර් فأخرجنهم من جنت وعيون
فَأَخْرَجْنَـٰهُم مِّن جَنَّـٰتٍۢ وَعُيُونٍۢ ﴿٥٧﴾
එවිට ෆිර්අවුන් හා ඔහුගේ පිරිස සරුසාරවත් වතු වලින් හා ජලය ගලා යන උල්පත් වලින් යුත් මිසර දේශයෙන් අපි පිටුවහල් කළෙමු. وكنوز ومقام كريم
وَكُنُوزٍۢ وَمَقَامٍۢ كَرِيمٍۢ ﴿٥٨﴾
තවද ධන නිධන් වලින් හා අලංකාර නිවහන්වලින් ද බැහැර කළෙමු
كَذَٰلِكَ وَأَوْرَثْنَـٰهَا بَنِىٓ إِسْرَٰٓءِيلَ ﴿٥٩﴾
මෙම සැප සම්පත් වලින් ෆිර්අවුන් හා ඔහුගේ ජනයා අප බැහැර කළාක් සේම ඔවුන්ගෙන් පසු මෙම සැප සම්පත් වර්ග සිරියා දේශයේ සිටි ඉස්රාඊල් දරුවන්ට උරුම කර දුනිමු. فأتبعوهم م شرقين
فَأَتْبَعُوهُم مُّشْرِقِينَ ﴿٦٠﴾
හිරු උදා වන වේලාවෙහි ඉස්රාඊල් දරුවන් ලුහුබඳිමින් ෆිර්අවුන් හා ඔහුගේ සේනාව ගමන් ගත්තෝය
فَلَمَّا تَرَٰٓءَا ٱلْجَمْعَانِ قَالَ أَصْحَـٰبُ مُوسَىٰٓ إِنَّا لَمُدْرَكُونَ ﴿٦١﴾
ෆිර්අවුන් හා ඔහුගේ සේනාව මූසා හා ඔහුගේ සේනාව සමග ඒ සෑම පිරිසක්ම අනෙක් පිරිස දකින තරමට ඔවුන් එකිනෙක දුටු කල්හි මූසාගේ සගයෝ මෙසේ පැවසූහ. "සැබවින්ම ෆිර්අවුන් හා ඔහුගේ සේනාව අප සමග සේන්දු වනු ඇත. ඔවුන් සම්බන්ධයෙන් අපට කිසිදු ගැලවුමක් නැත."
قَالَ كَلَّآ ۖ إِنَّ مَعِىَ رَبِّى سَيَهْدِينِ ﴿٦٢﴾
"නුඹලා කල්පනය කරන පරිදි කරුණ නැත. සැබවින්ම ජය හා ස්ථාවරත්වය සමග මාගේ පරමාධිපති මා සමග සිටියි. ඔහු මට මග පෙන්වනු ඇත. මිදීමේ මගක් ඔහු මට පෙන්වා දෙනු ඇත." යැයි මූසා ජනයාට පැවසීය
فَأَوْحَيْنَآ إِلَىٰ مُوسَىٰٓ أَنِ ٱضْرِب بِّعَصَاكَ ٱلْبَحْرَ ۖ فَٱنفَلَقَ فَكَانَ كُلُّ فِرْقٍۢ كَٱلطَّوْدِ ٱلْعَظِيمِ ﴿٦٣﴾
එවිට තම සැරයටියෙන් මුහුදට ගසන මෙන් නියෝග කරමින් අපි මූසාට දිව්ය පණිවිඩ එව්වෙමු. ඔහු එමගින් එයට ගැසුවේය. මුහුද දෙබෑ විය. ඉස්රාඊල් දරුවන්ගේ ගෝත්ර ප්රමාණයට මාර්ග දොළොසක් බවට එය පරිවර්තනය විය. මුහුදෙන් දෙබෑ වූ සෑම පැත්තක්ම විශාලත්වයෙන් දැවැන්ත කඳු මෙන් විය. ඒවා එයින් ජලය ගලා නොයන පරිදි ස්ථීර ව පැවතිණ
وَأَزْلَفْنَا ثَمَّ ٱلْـَٔاخَرِينَ ﴿٦٤﴾
"සැබවින්ම මෙම මාර්ග ගමන් කළ හැක්කකි," යැයි සිතා ෆිර්අවුන් හා ඔහුගේ සේනාව මුහුදට පිවිසෙන තරමට අපි සමීප කළෙමු. بلغ අල්-කුර්ආන් · තෆ්සීර් وأنجينا موس ومن معه أجمعين
وَأَنجَيْنَا مُوسَىٰ وَمَن مَّعَهُۥٓ أَجْمَعِينَ ﴿٦٥﴾
අපි මූසා හා ඔහු සමග සිටි ඉස්රාඊල් දරුවන් මුදවා ගත්තෙමු. ඔවුන්ගෙන් කිසිවකු අපි විනාශ නොකළෙමු
ثُمَّ أَغْرَقْنَا ٱلْـَٔاخَرِينَ ﴿٦٦﴾
පසු ව ෆිර්අවුන් හා ඔහුගේ සේනාව මුහුදේ ගිල්වමින් අපි විනාශ කළෙමු
إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَةًۭ ۖ وَمَا كَانَ أَكْثَرُهُم مُّؤْمِنِينَ ﴿٦٧﴾
සැබවින්ම මූසා වෙනුවෙන් මුහුද පැළී වෙන්වීම, ඔහු ව මුදවා, ෆිර්අවුන් හා ඔහුගේ සේනාව විනාශ කිරීම යනාදියෙහි මූසාගේ සත්යභාවය ඔප්පු කරන සාධකයක් විය. ෆිර්අවුන් සමග සිටි බහුතරයක් දෙනා විශ්වාසීන් නොවූහ
وَإِنَّ رَبَّكَ لَهُوَ ٱلْعَزِيزُ ٱلرَّحِيمُ ﴿٦٨﴾
අහෝ දූතය! සැබවින් ඔබේ පරමාධිපති වනාහි, ඔහුමය තම සතුරන්ට ප්රතිචාර දක්වන සර්ව බලධාරියාණන්. ඔවුන් අතරින් කවරෙකු පාප ක්ෂමා ඇයද සිටින්නේ ද ඔහු ඔවුනට මහා කරුණාන්විතය
وَٱتْلُ عَلَيْهِمْ نَبَأَ إِبْرَٰهِيمَ ﴿٦٩﴾
එමෙන්ම අහෝ දූතය! ඉබ්රාහීම්ගේ කතා වස්තුව ද නුඹ ඔවුනට කියවා පෙන්වනු. إذ قال لأبيه وقومه ما تعبدون
إِذْ قَالَ لِأَبِيهِ وَقَوْمِهِۦ مَا تَعْبُدُونَ ﴿٧٠﴾
ඔහු තම පියාණන් ආසර්ට හා ඔහුගේ ජනයාට, "අල්ලාහ් හැර නුඹලා නමදිමින් සිටිනුයේ කුමක් දැ?"යි විමසා සිටි අවස්ථාවේ. قالوانعبد أصناما فنظل لها عكفين
قَالُوا۟ نَعْبُدُ أَصْنَامًۭا فَنَظَلُّ لَهَا عَـٰكِفِينَ ﴿٧١﴾
ඔහුගේ ජනයා ඔහුට පිළිතුරු දෙමින්, "අපි පිළිම වලට නමදිමු. ඒවාට බැඳී ඒවා නැමදීමෙහි අපි නිරත ව සිටින්නෙමු." යැයි පැවසුහ. قال هل يسمعونكم إذ تدعون
قَالَ هَلْ يَسْمَعُونَكُمْ إِذْ تَدْعُونَ ﴿٧٢﴾
ඉබ්රාහීම් ඔවුනට, "නුඹලා එම පිළිම වලට ඇරයුම් කරන විටදී නුඹලාගේ ප්රාර්ථනාවන්ට ඒවා සවන් දෙන්නේ ද?" යැයි ඇසීය. أو ينفعونكم أو يضرون
أَوْ يَنفَعُونَكُمْ أَوْ يَضُرُّونَ ﴿٧٣﴾
"එසේ නැතහොත් නුඹලා ඒවාට අවනත වූයේ නම් ඒවා නුඹලාට සෙත සලසනු ඇත් ද? එසේත් නැතහොත් නුඹලා ඒවාට පිටුපෑවෙහු නම් නුඹලාට හානියක් කරනු ඇත් දැ?" යි ද තවදුරටත් ඔහු විමසීය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
قَالُوا۟ بَلْ وَجَدْنَآ ءَابَآءَنَا كَذَٰلِكَ يَفْعَلُونَ ﴿٧٤﴾
"අපි ඒවාට ඇරයුම් කරන විට ඒවා අපට සවන් දෙන්නේ නැත. අපි ඒවාට අවනත වූ විට ඒවා අපට සෙත සලසන්නේ ද නැත. අපි ඔවුනට පිටු පෑ විට ඒවා අපට හිංසාවක් කරන්නේ ද නැත. නමුත් සිදු ව ඇත්තේ සැබවින්ම අපගේ මුතුන් මිත්තන් එසේ සිදුකරමින් සිටිනු අප දැක තිබීමය. එහෙයින් අපි ඔවුන් ව පිළිපදින්නෙමු." යැයි ජනයා කීහ. قال أفرءيتم ما كنتم تعبدون
قَالَ أَفَرَءَيْتُم مَّا كُنتُمْ تَعْبُدُونَ ﴿٧٥﴾
ඉබ්රාහීම්, "අල්ලාහ් හැර දමා නුඹලා නමදිමින් සිටින එම පිළිම දෙස නුඹලා බැලුවෙහු දැ’යි විමසා සිටියේය
أَنتُمْ وَءَابَآؤُكُمُ ٱلْأَقْدَمُونَ ﴿٧٦﴾
නූඹලාගේ මුල් මුතුන් මිත්තන් නමදිමින් සිටි දෑ ගැන. و
فَإِنَّهُمْ عَدُوٌّۭ لِّىٓ إِلَّا رَبَّ ٱلْعَـٰلَمِينَ ﴿٧٧﴾
එහෙයින් ඔවුන් සියලු දෙනාම මාගේ සතුරෝ වෙති. ඊට හේතුව සියලු මැවීම්හි පරමාධිපති අල්ලාහ් හැර සෙසු අය ව්යජ වන බැවිණි
ٱلَّذِى خَلَقَنِى فَهُوَ يَهْدِينِ ﴿٧٨﴾
ඔහු වනාහි ඔහු මා මැව්වේය. මෙලොව හා මතු ලොව යහපත වෙත ඔහු මට මග පෙන්වනු ඇත
وَٱلَّذِى هُوَ يُطْعِمُنِى وَيَسْقِينِ ﴿٧٩﴾
මට කුසගිනි ඇති වූ විට මට ආහාර සපයන්නේ ද මම පිපාසිත ව සිටින විට මට ජලය සපයන්නේ ද ඔහු පමණය. وإ ذا مرضت فهو يشفين
وَإِذَا مَرِضْتُ فَهُوَ يَشْفِينِ ﴿٨٠﴾
මා රෝගාතුර වූ විට එම රොගයෙන් මට සුවය ලබා දෙන්නේ ද ඔහුමය. ඔහු හැර වෙනත් කිසිදු සුවපත් කරන්නෙකු මට නැත
وَٱلَّذِى يُمِيتُنِى ثُمَّ يُحْيِينِ ﴿٨١﴾
මාගේ ආයු කාලය අවසන් වූ විට මා මරණයට පත් කරන්නේ ද ඔහුමය. එමෙන්ම මා මිය ගිය පසු ව මට යළි ජීවය ලබා දෙන්නේ ද ඔහුමය
وَٱلَّذِىٓ أَطْمَعُ أَن يَغْفِرَ لِى خَطِيٓـَٔتِى يَوْمَ ٱلدِّينِ ﴿٨٢﴾
"එමෙන්ම ප්රතිඵල පිරිනමන දිනයේ මාගේ වැරදි වලට මට සමාව දෙනු ඇතැයි මා අපේක්ෂා කරනුයේ ඔහුවමය." بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
رَبِّ هَبْ لِى حُكْمًۭا وَأَلْحِقْنِى بِٱلصَّـٰلِحِينَ ﴿٨٣﴾
ඉබ්රාහීම් තුමා තම පරමාධිපතිට ප්රාර්ථනා කරමින්, "මාගේ පරමාධිපතියාණනි! දහම තුළ මට අවබෝධය පිරිනමනු මැනව! මට පෙර සිටි නබිවරුන් අතරින් වූ දැහැමියන් සමග මා ද ස්වර්ගයට ඇතුළත් කරමින් ඔබ මා ඔවුන් සමග සේන්දු කරනු මැනව!"
وَٱجْعَل لِّى لِسَانَ صِدْقٍۢ فِى ٱلْـَٔاخِرِينَ ﴿٨٤﴾
මගෙන් පසු එන පරම්පරාවන් අතර දැහැමි ලෙස අගය කිරීමක් හා අලංකාර අයුරින් මෙනෙහි කිරීමක් මා වෙනුවෙන් නුඹ කරනු මැනව!
وَٱجْعَلْنِى مِن وَرَثَةِ جَنَّةِ ٱلنَّعِيمِ ﴿٨٥﴾
සැප පහසුකම් විඳින ස්වර්ගස්ථාන උරුම කර දෙනු ලැබූ ඔබ ව විශ්වාස කළ ඔබේ ගැත්තන් අතරට මා පත් කරනු මැනව. එහි මා වාසය කරවනු මැනව!
وَٱغْفِرْ لِأَبِىٓ إِنَّهُۥ كَانَ مِنَ ٱلضَّآلِّينَ ﴿٨٦﴾
"මාගේ පියාට සමාව දෙනු මැනව! සැබවින්ම ඔහු දේව ආදේශය හේතුවෙන් සත්යයෙන් පෙරළී නොමග ගිය අය අතරින් කෙනෙකු විය." එසේ ඉබ්රාහීම් තම පියාට ප්රාර්ථනා කර සිටියේ සැබවින්ම ඔහු නිරා වැසියන්ගෙන් කෙනෙකු බව ඔහුට පැහැදිලි වීමට පෙරය. ඒ ගැන ඔහුට පැහැදිලි වූ පසු ඔහුගෙන් ඉවත් වී ඔහු වෙනුවෙන් ප්රාර්ථනා කළේ නැත. ولا تخزنى يوم يبعثون
وَلَا تُخْزِنِى يَوْمَ يُبْعَثُونَ ﴿٨٧﴾
විනිශ්චය සඳහා ජනයා අවදි කරනු ලබන දින, දඬුවම් ලබා දෙමින් නුඹ මා වේදනාවට පත් නොකරනු මැනව! يوملا ينفع مال ولا بنون
يَوْمَ لَا يَنفَعُ مَالٌۭ وَلَا بَنُونَ ﴿٨٨﴾
මිනිසාට ඔහුගේ මෙලොව ජීවිතයේ එක් රැස් කළ ධනය හෝ ඔහුට උදව්වට සිටි දරුවන් හෝ ප්රයෝජනවත් නොවන දිනයකි එය
إِلَّا مَنْ أَتَى ٱللَّهَ بِقَلْبٍۢ سَلِيمٍۢ ﴿٨٩﴾
කිසිදු ආදේශ කිරීමක් හෝ කුහකත්වයක් හෝ මුණිච්ඡාවක් හෝ හාස්යයක් හෝ නොමැති ව නිර්මල හදවතකින් අල්ලාහ් වෙත පැමිණි අය හැර. ඔහු අල්ලාහ්ගේ මාර්ගයේ වියදම් කළ ධනය හා ඔහු වෙනුවෙන් ප්රාර්ථනා කරමින් සිටින ඔහුගේ දරුවන් තුළින් සැබවින්ම ඔහු ප්රයෝජන ලබනු ඇත
وَأُزْلِفَتِ ٱلْجَنَّةُ لِلْمُتَّقِينَ ﴿٩٠﴾
ඔවුන්ගේ පරමධිපතිගේ නියෝග පිළිපදිමින් ඔහු වැළැක් වූ දැයින් වැළකෙමින් ඔහු පිළිබඳ සිහියෙන් කටයුතු කරන මුත්තකීන්වරුන්හට ස්වර්ගය සමීප කරවනු ලැබේ. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
وَبُرِّزَتِ ٱلْجَحِيمُ لِلْغَاوِينَ ﴿٩١﴾
සත්ය දහමින් මුළා වී නොමග ගියවුන්ටහට මහ්ෂර් නම් එක් රැස් කරන දිනයේ නිරය හෙළි කරනු ලැබේ. وقيل لهم أين ما كنتمتعبدون
وَقِيلَ لَهُمْ أَيْنَ مَا كُنتُمْ تَعْبُدُونَ ﴿٩٢﴾
ඔවුන් හෙළා දකිමින්, "නුඹලා නමදිමින් සිටි පිළිම කොහෝදැ?" යි ඔවුන්ගෙන් විමසනු ලැබේ
مِن دُونِ ٱللَّهِ هَلْ يَنصُرُونَكُمْ أَوْ يَنتَصِرُونَ ﴿٩٣﴾
අල්ලාහ් හැර දමා නුඹලා ඔවුනට නැමදුම් කරමින් සිටියෙහුය. අල්ලාහ්ගේ දඬුවමින් නුඹලා ආරක්ෂා කරමින් ඔවුන් නුඹලාට පිහිට වන්නෝ ද එසේ නැතහොත් ඔවුන් ඔවුනට උදව් කර ගන්නෝ ද?
فَكُبْكِبُوا۟ فِيهَا هُمْ وَٱلْغَاوُۥنَ ﴿٩٤﴾
ඔවුන් හා ඔවුන් නොමග හැරියවුන් නිරයේ ඔවුන් එකිනෙකා උඩ වැටෙන සේ හෙළනු ලබනු ඇත. وجنود إ بليس أجمعون
وَجُنُودُ إِبْلِيسَ أَجْمَعُونَ ﴿٩٥﴾
සියලු නපුරු බලවේගයන් අතරින් වූ ඉබ්ලීස්ගේ උදව්කරුවන් ද හෙළනු ලැබේ. ඔවුන් අතරින් කිසිවෙකු බැහැර කරනු නොලැබේ. قالوا وهم فيها يختصمون
قَالُوا۟ وَهُمْ فِيهَا يَخْتَصِمُونَ ﴿٩٦﴾
අල්ලාහ් හැර වෙනත් දෑ නැමද ඔහු හැර වෙනත් අය හවුල්කරුවන් ලෙස ගෙන කටයුතු කළ දේව ආදේශකයින් වනාහී ඔවුන් ඔහු හැර දමා නමදිමින් සිටියදීම වාද කරමින් ඔවුහු මෙසේ පවසති
تَٱللَّهِ إِن كُنَّا لَفِى ضَلَـٰلٍۢ مُّبِينٍ ﴿٩٧﴾
අල්ලාහ් මත දිවුරා පවසමු. සැබවින්ම අපි සත්යයෙන් දුරස් වූ පැහැදිලි මුළාවෙහි පසුවූයෙමු
إِذْ نُسَوِّيكُم بِرَبِّ ٱلْعَـٰلَمِينَ ﴿٩٨﴾
සියලු මැවීම්හි පරමාධිපතිට අපි නුඹලාව සමානකම් කළ අවස්ථාවේ අපි ඔහු ව නමදිනවාක් මෙන් නුඹලා ව ද නැමදුවෙමු
وَمَآ أَضَلَّنَآ إِلَّا ٱلْمُجْرِمُونَ ﴿٩٩﴾
අල්ලාහ් හැර තමන්ව නැමදීමට අපට ඇරයුම් කරමින් සිටි අපරාධකරුවන් මිස වෙනත් කිසිවකු සත්ය මාර්ගයෙන් අප ව මුළා කළේ නැත. بلغ අල්-කුර්ආන් · තෆ්සීර් فما لنا من شفعين
فَمَا لَنَا مِن شَـٰفِعِينَ ﴿١٠٠﴾
අල්ලාහ්ගේ දඬුවමින් (දැන්) අප මුදවා ගන්නට, ඔහු අබියස අප වෙනුවෙන් මැදිහත් වී කතා කරන මැදිහත්කරුවන් අපට නැත. ولا صديق حميم
وَلَا صَدِيقٍ حَمِيمٍۢ ﴿١٠١﴾
එමෙන්ම අප වෙනුවෙන් මැදිහත් වන, අපෙන් දඬුවම වළක්වාලන අවංක සෙනෙහෙවන්ත මිතුරෙකු ද අපට නැත
فَلَوْ أَنَّ لَنَا كَرَّةًۭ فَنَكُونَ مِنَ ٱلْمُؤْمِنِينَ ﴿١٠٢﴾
මෙලොව ජීවිතය වෙත හැරී යන්නට අපට අවස්ථාවක් තිබුණා නම්, එවිට අල්ලාහ් විශ්වාස කරන්නන් අතරට අපි පත් වන්නෙමු
إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَةًۭ ۖ وَمَا كَانَ أَكْثَرُهُم مُّؤْمِنِينَ ﴿١٠٣﴾
(මෙහි) සඳහන් කරන ලද ඉබ්රාහීම් (අලයිහිස් සලාම්) තුමාගේ කතා වස්තුවෙහි හා දේව ප්රතික්ෂේපකයින්ගේ ඉරණමෙහි පාඩම් ලබන්නන්හට පාඩමක් ඇත. ඔවුන්ගෙන් බහුතරයක් දෙනා විශ්වාස කරන්නන් නොවූවෝය
وَإِنَّ رَبَّكَ لَهُوَ ٱلْعَزِيزُ ٱلرَّحِيمُ ﴿١٠٤﴾
අහෝ දූතය! සැබවින් ඔබේ පරමාධිපති වනාහි, ඔහුමය තම සතුරන්ට ප්රතිචාර දක්වන සර්ව බලධාරියාණන්. ඔවුන් අතරින් කවරෙකු පාප ක්ෂමා ඇයද සිටින්නේ ද ඔහු ඔවුනට මහා කරුණාන්විතය
كَذَّبَتْ قَوْمُ نُوحٍ ٱلْمُرْسَلِينَ ﴿١٠٥﴾
නූහ්ගේ ජනයා නූහ් ව (එතුමා කෙරහි සාමය අත්වේවා!) බොරු කළ අවස්ථාවේ දහම් දූතවරුන් බොරු යැයි ඔවුහු පවසා සිටියහ. إذ قال لهم أخوهم نوح ألا تتقون
إِذْ قَالَ لَهُمْ أَخُوهُمْ نُوحٌ أَلَا تَتَّقُونَ ﴿١٠٦﴾
එවිට, "අල්ලාහ්ට බියෙන් ඔහු හැර වෙනත් දෑ අතහැර දමා ඔහුට බැතිමත් ව කටයුතු කළ යුතු නොවේදැ?"යි ඔවුන්ගේ පරම්පරාවෙන් වූ ඔවුන්ගේ සහෝදර සාලිහ් ඔවුන්ගෙන් විමසා සිටි අවස්ථාව මෙනෙහි කරනු. إنى لكم رسول أمين
إِنِّى لَكُمْ رَسُولٌ أَمِينٌۭ ﴿١٠٧﴾
සැබවින්ම මම නුඹලා වෙත අල්ලාහ් විසින් එවන ලද විශ්වසනීය දූතයකු වෙමි. මා වෙත අල්ලාහ් දන්වා සිටි දිව්ය පණිවිඩ වලට අමතර යමක් එකතු නොකරමි. ඉන් කිසිවක් අඩු නොකරමි. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
فَٱتَّقُوا۟ ٱللَّهَ وَأَطِيعُونِ ﴿١٠٨﴾
අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඔහු පිළිබඳ මතකයෙන් පසු වනු. මම නුඹලාට කවර කරුණක් අණ කළේ ද එමෙන්ම කවර කරුණකින් මම නුඹලා ව වැළැක්වූයේ ද එම විෂයයෙහි නුඹලා මට අවනත වනු
وَمَآ أَسْـَٔلُكُمْ عَلَيْهِ مِنْ أَجْرٍ ۖ إِنْ أَجْرِىَ إِلَّا عَلَىٰ رَبِّ ٱلْعَـٰلَمِينَ ﴿١٠٩﴾
"මාගේ පරමාධිපති විසින් මා නුඹලාට දැනුම් දුන් දෑ වෙනුවෙන් මම කිසිදු කුලියක් නුඹලාගෙන් නොපතමි. සියලු දෑහි පරමාධිපති වන අල්ලාහ් මත හැර වෙනත් කිසිවකු මත මාගේ තිළිණය නොමැත."
فَٱتَّقُوا۟ ٱللَّهَ وَأَطِيعُونِ ﴿١١٠﴾
"අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඔහු පිළිබඳ මතකයෙන් පසු වනු. මම නුඹලාට කවර කරුණක් අණ කළේ ද එමෙන්ම කවර කරුණකින් මම නුඹලා ව වැළැක්වූයේ ද එම විෂයයෙහි නුඹලා මට අවනත වනු."
۞ قَالُوٓا۟ أَنُؤْمِنُ لَكَ وَٱتَّبَعَكَ ٱلْأَرْذَلُونَ ﴿١١١﴾
ඔහුගේ ජනයා ඔහුට "අහෝ නූහ්! නුඹ ව පිළිපදින්නන්, ජනයා අතර පහත් අය ලෙස සිටිය දී නුඹ කවර කරුණක් ගෙන ආවේ ද එය අපි විශ්වාස කළ යුතු ද? පිළිපැදිය යුතු ද? ඔවුන් අතර නායකයින් හෝ ප්රභූවරුන් හෝ නොමැත." යැයි පැවසුහ. قال وما علمى بما كانوايعملون
قَالَ وَمَا عِلْمِى بِمَا كَانُوا۟ يَعْمَلُونَ ﴿١١٢﴾
“මෙම දේව විශ්වාසීන් සිදුකරමින් ආ දෑ පිළිබඳ මට දැනුමක් නැත. ඔවුන්ගේ ක්රියාවන් ගණන් කිරීම සඳහා මාව ඔවුන් මත පවරා නැත” යැයි නූහ් (අලයිහිස් සලාම්) තුමා ඔවුනට පැවසුවේය
إِنْ حِسَابُهُمْ إِلَّا عَلَىٰ رَبِّى ۖ لَوْ تَشْعُرُونَ ﴿١١٣﴾
ඔවුන්ගේ විනිශ්චය වනාහි, එය ඔවුන්ගේ රහස් හා ඔවුන්ගේ විවෘතභාවය දන්නා අල්ලාහ් මත මිස නැත. මා වෙත පැවරී නැත. නුඹලා පවසන දෑ පිළිබඳ නුඹලා වටහා ගන්නේ නම්, නුඹලා එසේ නොපවසනු ඇත
وَمَآ أَنَا۠ بِطَارِدِ ٱلْمُؤْمِنِينَ ﴿١١٤﴾
"නුඹලා දෙවියන් විශ්වාස කරනු වස් නුඹලා කළ ඉල්ලීමට ප්රතිචාර දක්වමින් මාගේ සභාවෙන් මම දේව විශ්වාසීන් නෙරපා හරින්නෙකු නොවමි." إ ن أناإ ل انذير م بين
إِنْ أَنَا۠ إِلَّا نَذِيرٌۭ مُّبِينٌۭ ﴿١١٥﴾
ඇත්තෙන්ම මා අල්ලාහ්ගේ දඬුවම ගැන නුඹලාට අවවාද කරන පැහැදිලි අවවාද කරන්නෙකු මිස නැත. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
قَالُوا۟ لَئِن لَّمْ تَنتَهِ يَـٰنُوحُ لَتَكُونَنَّ مِنَ ٱلْمَرْجُومِينَ ﴿١١٦﴾
“නුඹ අප කවර කරුණක් වෙත ඇරයුම් කරන්නෙහි ද එයින් නුඹ වැළකී නොසිටියෙහි නම් දොස් නගනු ලබා ගල් ගසා මරා දමනු ලබන්නන් අතරින් කෙනෙකු බව නුඹ පත් වනු ඇතැ”යි ඔහුගේ ජනයා ඔහුට පවසා සිටියේය. قال رب إن قومى كذبون
قَالَ رَبِّ إِنَّ قَوْمِى كَذَّبُونِ ﴿١١٧﴾
නූහ් තම පරමාධිපති අමතා “මාගේ පරමාධිපතියාණනි! සැබැවින්ම මාගේ ජනයා වනාහි, මා කවර දෙයක් නුඹ වෙතින් ගෙන ආවෙම් ද එම විෂයයෙහි ඔවුන් මා සත්ය නොකළෝය. මා බොරු කාරයකු බවට පත් කළෝය."
فَٱفْتَحْ بَيْنِى وَبَيْنَهُمْ فَتْحًۭا وَنَجِّنِى وَمَن مَّعِىَ مِنَ ٱلْمُؤْمِنِينَ ﴿١١٨﴾
"ඔවුන් අසත්යය මත දිගටම සිටින බැවින්, ඔවුන් විනාශ කර දමන තීන්දුවක් මා අතර හා ඔවුන් අතර නියම කරනු මැනව! මාගේ ජනයා අතර වූ දේව ප්රතික්ෂේපකයින් නුඹ කවර දඬුවමකින් විනාශ කරන්නෙහි ද එයින් මා හා මා සමග සිටින දේව විශ්වාසීන් මුදවනු කරනු මැනව!"
فَأَنجَيْنَـٰهُ وَمَن مَّعَهُۥ فِى ٱلْفُلْكِ ٱلْمَشْحُونِ ﴿١١٩﴾
ඔහුගේ ප්රාර්ථනාවට අපි ඔහුට පිළිතුරු දුනිමු. මිනිසුන්ගෙන් ද සත්වයින්ගෙන් ද පිරුණු නැවෙහි නංවාගෙන ඔහු හා ඔහු සමග සිටි දේව විශ්වාසීන් අපි මුදවා ගත්තෙමු
ثُمَّ أَغْرَقْنَا بَعْدُ ٱلْبَاقِينَ ﴿١٢٠﴾
ඔවුන්ගෙන් පසු ඉතිරි වූ අය දියෙහි ගිල්වූයෙමු. ඔවුන් ද නූහ්ගේ ජනයා විය
إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَةًۭ ۖ وَمَا كَانَ أَكْثَرُهُم مُّؤْمِنِينَ ﴿١٢١﴾
මෙනෙහි කරනු ලැබූ නූහ් හා ඔහුගේ ජනයාගේ කතා වස්තුව, නූහ් තුමා හා ඔහු සමග සිටි දේව විශ්වාසීන් මුදවා ගැනීම, ඔහුගේ සමූහයා අතරින් වූ දේව ප්රතික්ෂේපකයින් විනාශ කර දැමීම යනාදියෙහි පාඩම් ලබන්නන්හට පාඩමක් ඇත
وَإِنَّ رَبَّكَ لَهُوَ ٱلْعَزِيزُ ٱلرَّحِيمُ ﴿١٢٢﴾
අහෝ දූතය! සැබවින් ඔබේ පරමාධිපති වනාහි, තම සතුරන්ට ප්රතිචාර දක්වන සර්ව බලධාරියාණන්. ඔවුන් අතරින් කවරෙකු පාප ක්ෂමා ඇයද සිටින්නේ ද ඔහු ඔවුනට මහා කරුණාන්විතය
كَذَّبَتْ عَادٌ ٱلْمُرْسَلِينَ ﴿١٢٣﴾
ආද් සමූහයා ඔවුන්ගේ දූත හූද් (අලයිහිස් සලාම්)ව බොර කළ අවස්ථාවේ, "දහම් දූතවරුන් බොරු" යැයි ඔවුහු පවසා සිටියහ. بلغ අල්-කුර්ආන් · තෆ්සීර් إذ قال لهم أخوهم هودألا تتقون
إِذْ قَالَ لَهُمْ أَخُوهُمْ هُودٌ أَلَا تَتَّقُونَ ﴿١٢٤﴾
"අල්ලාහ්ට බියවෙමින් ඔහු හැර වෙනත් දෑ අතහැර දමා ඔහුට බැතිමත් ව කටයුතු කළ යුතු නොවේදැ?"යි ඔවුන්ගේ පරම්පරාවෙන් වූ ඔවුන්ගේ සහෝදර හූද් ඔවුන්ගෙන් විමසා සිටි අවස්ථාව මෙනෙහි කරනු. إنى لكم رسول أمين
إِنِّى لَكُمْ رَسُولٌ أَمِينٌۭ ﴿١٢٥﴾
සැබවින්ම මම නුඹලා වෙත අල්ලාහ් විසින් එවන ලද විශ්වසනීය දූතයකු වෙමි. දන්වා සිටින මෙන් අල්ලාහ් මට නියෝග කළ දෑ ට අමතර යමක් එකතු නොකරමි. ඉන් කිසිවක් අඩු නොකරමි
فَٱتَّقُوا۟ ٱللَّهَ وَأَطِيعُونِ ﴿١٢٦﴾
"අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඔහු පිළිබඳ මතකයෙන් පසු වනු. නුඹලාට කවර කරුණක් මා අණ කළේ ද එමෙන්ම කවර කරුණකින් මා නුඹලා ව වැළැක්වූයේ ද එම විෂයයෙහි නුඹලා මට අවනත වනු."
وَمَآ أَسْـَٔلُكُمْ عَلَيْهِ مِنْ أَجْرٍ ۖ إِنْ أَجْرِىَ إِلَّا عَلَىٰ رَبِّ ٱلْعَـٰلَمِينَ ﴿١٢٧﴾
"මාගේ පරමාධිපති විසින් මා නුඹලාට දැනුම් දුන් දෑ වෙනුවෙන් මම කිසිදු කුලියක් නුඹලාගෙන් නොපතමි. සියලු මැවීම්හි පරමාධිපති වන අල්ලාහ් මත හැර වෙනත් කිසිවකු මත මාගේ තිළිණය නොමැත." أتبنون بكل ريع ءاية تعبثون
أَتَبْنُونَ بِكُلِّ رِيعٍ ءَايَةًۭ تَعْبَثُونَ ﴿١٢٨﴾
සෑම ප්රචලිත උස් ස්ථානයකම නුඹලාගේ මෙලොව ජීවිතයේ මෙන්ම මතු ලොව ජීවිතයේ කිසිදු ප්රයෝජනයක් නොදෙන පුහු සිහිවටනයන් ඉදි කරන්නෙහු ද? وتتخذون مصانع لعل كم تخلدون
وَتَتَّخِذُونَ مَصَانِعَ لَعَلَّكُمْ تَخْلُدُونَ ﴿١٢٩﴾
මෙලොව ජීවිතයේ නුඹලා වෙන් නොවී සදාකල් එහි වාසය කරන්නට යනවාක් මෙන් බලකොටු හා මාලිගාවන් තනන්නෙහු ද? وإذا بطشتم بطشتمجبارين
وَإِذَا بَطَشْتُم بَطَشْتُمْ جَبَّارِينَ ﴿١٣٠﴾
ඝාතනය කිරීමෙන් හෝ පහර දීමකින් හෝ නුඹලා ඩැහැ ගන්නා විට කිසිදු කරුණාවක් හෝ දයාවක් හෝ නොමැති දැඩි පාලකයින් ලෙසින් නුඹලා ඩැහැ ගනු ඇත
فَٱتَّقُوا۟ ٱللَّهَ وَأَطِيعُونِ ﴿١٣١﴾
අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඔහු පිළිබඳ මතක සහිතන පසු වනු. නුඹලාට කවර කරුණක් මා අණ කළේ ද එමෙන්ම කවර කරුණකින් මා නුඹලා ව වැළැක්වූයේ ද එම විෂයයෙහි නුඹලා මා අනුගමනය කරනු. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
وَٱتَّقُوا۟ ٱلَّذِىٓ أَمَدَّكُم بِمَا تَعْلَمُونَ ﴿١٣٢﴾
ඔහුගේ ආශිර්වාදය තුළින් නුඹලා දන්නා දෑ නුඹලාට පිරිනැමූ අල්ලාහ්ගේ කෝපය ගැන නුඹලා බිය වනු. أمد كم بأ نعم وبنين
أَمَدَّكُم بِأَنْعَـٰمٍۢ وَبَنِينَ ﴿١٣٣﴾
ඔහු නුඹලාට ගොවිපළ සතුන් පිරිනැමුවේය. එමෙන්ම දරුවන් ද පිරිනැමුවේය. وجنت وعيون
وَجَنَّـٰتٍۢ وَعُيُونٍ ﴿١٣٤﴾
වතුයායන් හා ගලා යන දිය උල්පත් ද ඔහු නුඹලාට පිරිනැමුවේය
إِنِّىٓ أَخَافُ عَلَيْكُمْ عَذَابَ يَوْمٍ عَظِيمٍۢ ﴿١٣٥﴾
අහෝ මාගේ ජනයිනි! නුඹලාට එරෙහි ව පවතින බිහිසුණු දිනයක දඬුවම ගැන සැබවින්ම මම බිය වෙමි. එය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයයි
قَالُوا۟ سَوَآءٌ عَلَيْنَآ أَوَعَظْتَ أَمْ لَمْ تَكُن مِّنَ ٱلْوَٰعِظِينَ ﴿١٣٦﴾
ඔහුගේ ජනයා ඔහුට “නුඹ අපට මෙනෙහි කර සිටිය ද එසේ නුඹ මෙනෙහි නොකර සිටිය ද අප ඉදිරියේ එය එක සමානය. එහෙයින් කිසිවිටෙක අපි නුඹ ව විශ්වාස නොකරන්නෙමු. අප කවර කරුණක් මත සිටින්නේ ද කිසිවිටෙක අපි එයින් නොහැරෙමු.” යැයි පැවසූහ
إِنْ هَـٰذَآ إِلَّا خُلُقُ ٱلْأَوَّلِينَ ﴿١٣٧﴾
මෙය පැරැණ්නන්ගේ දහම ඔවුන්ගේ සිරිත් විරිත් හා ඔවුන්ගේ ගුණාංග මිස වෙනකක් නොවීය. وما نحن بمعذبين
وَمَا نَحْنُ بِمُعَذَّبِينَ ﴿١٣٨﴾
අපි දඬුවම් කරනු ලබන්නන් නොවූයෙමු
فَكَذَّبُوهُ فَأَهْلَكْنَـٰهُمْ ۗ إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَةًۭ ۖ وَمَا كَانَ أَكْثَرُهُم مُّؤْمِنِينَ ﴿١٣٩﴾
ඔවුන්ගේ නබිවරයාණන් වූ හූද් (අලයිහිස් සලාම්) තුමා ව බොරු කිරීමෙහි ඔවුන් අඛණ්ඩ ව සිටියෝය. එවිට ඔවුන් බොරු කර සිටීම හේතුවෙන් විනාශකාරී සැඩ සුළඟකින් අපි ඔවුන් විනාශ කළෙමු. එම විනාශයෙහි පාඩම් ලබන්නන්හට පාඩමක් ඇත. ඔවුන්ගෙන් බහුතරයක් දෙනා විශ්වාස කරන්නන් නොවීය
وَإِنَّ رَبَّكَ لَهُوَ ٱلْعَزِيزُ ٱلرَّحِيمُ ﴿١٤٠﴾
අහෝ දූතය! සැබවින් ඔබේ පරමාධිපති වනාහි ඔහුමය තම සතුරන්ට ප්රතිචාර දක්වන සර්ව බලධාරියාණන්. ඔහුගේ ගැත්තන් අතරින් කවරෙකු පාප ක්ෂමා ඇයද සිටින්නේ ද ඔහු ඔවුන් කෙරෙහි මහා කරුණාන්විතය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
كَذَّبَتْ ثَمُودُ ٱلْمُرْسَلِينَ ﴿١٤١﴾
සමූද් ජනයා ඔවුන්ගේ දූත සාලිහ් (අලයිහිස් සලාම්)ව බොරු කළ අවස්ථාවේ "දහම් දූතවරුන් බොරු" යැයි ඔවුහු පවසා සිටියහ. إذ قال لهم أخوهم صلح ألا تتقون
إِذْ قَالَ لَهُمْ أَخُوهُمْ صَـٰلِحٌ أَلَا تَتَّقُونَ ﴿١٤٢﴾
එවිට, "අල්ලාහ්ට බියෙන් ඔහු හැර වෙනත් දෑ අතහැර දමා ඔහුට බැතිමත් ව කටයුතු කළ යුතු නොවේදැ?"යි ඔවුන්ගේ පරම්පරාවෙන් වූ ඔවුන්ගේ සහෝදර සාලිහ් ඔවුන්ගෙන් විමසා සිටි අවස්ථාව මෙනෙහි කරනු. إنى لكم رسول أمين
إِنِّى لَكُمْ رَسُولٌ أَمِينٌۭ ﴿١٤٣﴾
සැබවින්ම මම නුඹලා වෙත අල්ලාහ් විසින් එවන ලද මෙන්ම ඔහු මට කවර කරුණක් දන්වා සිටියේ ද ඒ සම්බන්ධයෙන් ද විශ්වසනීය දූතයකු වෙමි. එයට වඩා අමතර යමක් එකතු නොකරමි. ඉන් කිසිවක් අඩු නොකරමි
فَٱتَّقُوا۟ ٱللَّهَ وَأَطِيعُونِ ﴿١٤٤﴾
"අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඔහු පිළිබඳ මතකයෙන් පසු වනු. නුඹලාට කවර කරුණක් මා අණ කළේ ද එමෙන්ම කවර කරුණකින් මා නුඹලා ව වැළැක්වූයේ ද එම විෂයයෙහි නුඹලා මට අවනත වනු."
وَمَآ أَسْـَٔلُكُمْ عَلَيْهِ مِنْ أَجْرٍ ۖ إِنْ أَجْرِىَ إِلَّا عَلَىٰ رَبِّ ٱلْعَـٰلَمِينَ ﴿١٤٥﴾
"මාගේ පරමාධිපති විසින් මා නුඹලාට දැනුම් දුන් දෑ වෙනුවෙන් මම කිසිදු කුලියක් නුඹලාගෙන් නොපතමි. සියලු මැවීම්හි පරමාධිපති වන අල්ලාහ් මත හැර වෙනත් කිසිවකු මත මාගේ තිළිණය නොමැත."
أَتُتْرَكُونَ فِى مَا هَـٰهُنَآ ءَامِنِينَ ﴿١٤٦﴾
"නුඹලා කවර යහපතක හා ආශිර්වාදයක සිටින්නේ ද එහි නුඹලා සුරක්ෂිත ව සිටින්නට ඉඩ දී අතහැර දමනු ඇතැයි නුඹලා ප්රිය කරන්නෙහු ද? නුඹලා බිය නොවන්නෙහු ද?" فى جنت وعيون
فِى جَنَّـٰتٍۢ وَعُيُونٍۢ ﴿١٤٧﴾
"උයන් හා ගලා යන උල්පත් තුළ" وزروع ونخل طلعها هضيم
وَزُرُوعٍۢ وَنَخْلٍۢ طَلْعُهَا هَضِيمٌۭ ﴿١٤٨﴾
පැහුණු සියුම් පලදාවන් සහිත කෙත් වතු හා ඉඳිගස් සමග,
وَتَنْحِتُونَ مِنَ ٱلْجِبَالِ بُيُوتًۭا فَـٰرِهِينَ ﴿١٤٩﴾
නුඹලා වාසය කරන නිවෙස් තනා ගනු පිණිස කඳු කපා හාරන්නෙහුය. ඒවා හෑරීමට නුඹලා අතිදක්ෂයින් වූහ. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
فَٱتَّقُوا۟ ٱللَّهَ وَأَطِيعُونِ ﴿١٥٠﴾
අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඔහු පිළිබඳ මතකයෙන් පසු වනු. නුඹලාට කවර කරුණක් මා අණ කළේ ද එමෙන්ම කවර කරුණකින් මා නුඹලා ව වැළැක්වූයේ ද එම විෂයයෙහි නුඹලා මට අවනත වනු
وَلَا تُطِيعُوٓا۟ أَمْرَ ٱلْمُسْرِفِينَ ﴿١٥١﴾
පාපකම් සිදු කොට තමන් මත ම ඉක්මවා කටයුතු කළවුන්ගේ නියෝගයට නුඹලා අවනත නොවනු
ٱلَّذِينَ يُفْسِدُونَ فِى ٱلْأَرْضِ وَلَا يُصْلِحُونَ ﴿١٥٢﴾
ඔවුන් වනාහි, මහ පොළොවේ පාපකම් ව්යාප්ත කොට එහි ප්රචණ්ඩකාරී ලෙස හැසිරෙති. අල්ලාහ්ට අවනතවීමෙන් ඔවුහු තමන් ව හැඩ ගස්වා නොගනිති
قَالُوٓا۟ إِنَّمَآ أَنتَ مِنَ ٱلْمُسَحَّرِينَ ﴿١٥٣﴾
"සැබවින්ම නුඹ වනාහි, ඔවුන්ගේ බුද්ධියට ඉහළින් හූනියම ඉක්මවා යන තරමට වාර ගණනාවක්ම හූනියමට ලක් ව එය පහ කරනු ලැබූවන් අතරින් කෙනෙකි" යැයි ඔහුගේ ජනයා ඔහුට පැවසුවෝය
مَآ أَنتَ إِلَّا بَشَرٌۭ مِّثْلُنَا فَأْتِ بِـَٔايَةٍ إِن كُنتَ مِنَ ٱلصَّـٰدِقِينَ ﴿١٥٤﴾
"නුඹ අප මෙන් මිනිසකු මිස නැත. නුඹ දූතයකු වන තරමට අපට වඩා අමතර දෙයක් නුඹට නැත. සැබවින්ම නුඹ දූතයකු යැයි වාද කරන විෂයයෙහි නුඹ සත්යවාදියෙකු නම් එය පෙන්වා දෙන සලකුණක් ගෙන එනු." قال هذه ناقةلها شرب ولكم شرب يوم معلوم
قَالَ هَـٰذِهِۦ نَاقَةٌۭ لَّهَا شِرْبٌۭ وَلَكُمْ شِرْبُ يَوْمٍۢ مَّعْلُومٍۢ ﴿١٥٥﴾
සාලිහ් තුමා (සැබවින්ම අල්ලාහ් ඔහුට සලකුණක් පිරිනැමීය. එය ගල් පර්වතයකින් අල්ලාහ් මතු කළ ඔටු දෙනකි.) ඔවුනට මෙසේ පැවසීය. "මෙය දැකිය හැකි ස්පර්ශ කළ හැකි ඔටු දෙනකි. ඌට ජලයෙන් කොටසක් හිමිය. නුඹලාට හඳුන්වා දුන් කොටස ඇත. නුඹලාගේ කොටස හිමි දිනයේ ඌ ජලය පානය නොකරයි. එමෙන්ම උගේ කොටස හිමි දිනයේ නුඹලා පානය නොකරනු."
وَلَا تَمَسُّوهَا بِسُوٓءٍۢ فَيَأْخُذَكُمْ عَذَابُ يَوْمٍ عَظِيمٍۢ ﴿١٥٦﴾
"ගෙල සිඳීමක් හෝ පහර දීමක් වැනි නපුරක් කරමින් ඌ නුඹලා ස්පර්ශ නොකරනු. එවිට ඒ හේතුකොටගෙන අල්ලාහ්ගේ දඬුවම නුඹලා වෙත අත් වනු ඇත. බිහිසුණු දිනයෙහි නුඹලා වෙත පහළ වන දුර්භාග්යය හේතුවෙන් නුඹලාව එය විනාශ කරනු ඇත." فعقروها فأصبحوا ندمين
فَعَقَرُوهَا فَأَصْبَحُوا۟ نَـٰدِمِينَ ﴿١٥٧﴾
උගේ ගෙල නහර කපා දැමීමට ඔවුහු එකඟවූවෝය. ඔවුන් අතර සිටි දුර්භාග්යයා ඌ කපා හැරියේය. සැබවින්ම එම දඬුවම කිසිදු සැකයකින් තොර ව ඔවුනට පහළ වන්නක් බව ඔවුන් දැන ගත් කල්හි ඔවුන් කවර කරුණක් සඳහා ඉදිරිපත් වූවෝද ඒ ගැන ඔවුන් පසුතැවිලිවන්නන් බවට පත් වූවෝය. නමුත් ඔවුන්ගේ පසුතැවිල්ල සිදු වූයේ කිසිදු بلغ අල්-කුර්ආන් · තෆ්සීර් සෙතක් කළ නොහැකි දඬුවම දකින අවස්ථාවේදීය
فَأَخَذَهُمُ ٱلْعَذَابُ ۗ إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَةًۭ ۖ وَمَا كَانَ أَكْثَرُهُم مُّؤْمِنِينَ ﴿١٥٨﴾
කවර දඬුවමක් ඔවුනට ප්රතිඥා දෙනු ලැබුවේ ද එය ඔවුන් හසු කර ගත්තේය. එය භූ කම්පනයක් හා මහා හඬක් විය. මෙහි සඳහන් කරන ලද සාලිහ් තුමා හා ඔහුගේ ජනයාගේ කතා වස්තුවෙහි පාඩම් ලබන්නන්හට පාඩමක් ඇත. ඔවුන්ගෙන් බහුතරයක් දෙනා දෙවියන් විශ්වාස කරන්නන් නොවූවෝය
وَإِنَّ رَبَّكَ لَهُوَ ٱلْعَزِيزُ ٱلرَّحِيمُ ﴿١٥٩﴾
අහෝ දූතය! සැබවින් ඔබේ පරමාධිපති වනාහි, ඔහුමය තම සතුරන්ට ප්රතිචාර දක්වන සර්ව බලධාරියාණන්. ඔහුගේ ගැත්තන් අතරින් කවරෙකු පාප ක්ෂමා ඇයද සිටින්නේ ද ඔහු ඔවුන් කෙරෙහි මහා කරුණාන්විතය
كَذَّبَتْ قَوْمُ لُوطٍ ٱلْمُرْسَلِينَ ﴿١٦٠﴾
ලූත්ගේ ජනයා ද ලූත් ව (එතුමා කෙරෙහි සාමය අත්වේවා!) බොරු කළ අවස්ථාවේ දහම් දූතවරුන් බොරු යැයි ඔවුහු පවසා සිටියෝය. إذ قال لهم أخوهم لوط ألا تتقون
إِذْ قَالَ لَهُمْ أَخُوهُمْ لُوطٌ أَلَا تَتَّقُونَ ﴿١٦١﴾
එවිට, "අල්ලාහ්ට බියෙන් ඔහුට ආදේශ කිරීම අතහැර දමමින් ඔහුට බැතිමත් ව කටයුතු කළ යුතු නොවේදැ?"යි පරම්පරාවෙන් ඔවුන්ගේ සහෝදරයකු වූ ලූත් ඔවුන්ගෙන් විමසා සිටියේය. إنى لكم رسول أمين
إِنِّى لَكُمْ رَسُولٌ أَمِينٌۭ ﴿١٦٢﴾
"සැබවින්ම මම, නුඹලා වෙත අල්ලාහ් විසින් එවන ලද මෙන්ම ඔහු මට කවර කරුණක් දන්වා සිටියේ ද ඒ සම්බන්ධයෙන් ද විශ්වසනීය දූතයකු වෙමි. එයට වඩා අමතර යමක් එකතු නොකරමි. ඉන් කිසිවක් අඩු නොකරමි."
فَٱتَّقُوا۟ ٱللَّهَ وَأَطِيعُونِ ﴿١٦٣﴾
අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඔහු පිළිබඳ මතකයෙන් පසුවනු. මම නුඹලාට කවර කරුණක් අණ කළේ ද එමෙන්ම කවර කරුණකින් මම නුඹලා ව වැළැක්වූයේ ද එම විෂයයෙහි නුඹලා මට අවනත වනු
وَمَآ أَسْـَٔلُكُمْ عَلَيْهِ مِنْ أَجْرٍ ۖ إِنْ أَجْرِىَ إِلَّا عَلَىٰ رَبِّ ٱلْعَـٰلَمِينَ ﴿١٦٤﴾
"මාගේ පරමාධිපති විසින් මා නුඹලාට දැනුම් දුන් දෑ වෙනුවෙන් මම කිසිදු කුලියක් නුඹලාගෙන් නොපතමි. සියලු මැවීම්හි පරමාධිපති වන අල්ලාහ් මත හැර වෙනත් කිසිවකු මත මාගේ තිළිණය නොමැත."
أَتَأْتُونَ ٱلذُّكْرَانَ مِنَ ٱلْعَـٰلَمِينَ ﴿١٦٥﴾
ජනයා අතරින් පිරිමින් වෙත ඔවුන්ගේ පශ්චාත් භාගයෙන් ලිංගික අවශ්යතා සපුරා ගැනීමට පැමිණෙන්නෙහු ද? بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
وَتَذَرُونَ مَا خَلَقَ لَكُمْ رَبُّكُم مِّنْ أَزْوَٰجِكُم ۚ بَلْ أَنتُمْ قَوْمٌ عَادُونَ ﴿١٦٦﴾
නුඹලාගේ ආශාවන් සංසිදුවා ගැනීම සඳහා අල්ලාහ් මවා ඇති නුඹලාගේ බිරියන්ගේ යෝනි මාර්ගය වෙත යෑම නුඹලා අතහැර දමන්නෙහු ද? මෙම පිළිකුල් සහගත විෂම ක්රියාවෙහි නිරතවෙමින් නුඹලා අල්ලාහ්ගේ සීමාවන් ඉක්මවා යන්නන් වූහ
قَالُوا۟ لَئِن لَّمْ تَنتَهِ يَـٰلُوطُ لَتَكُونَنَّ مِنَ ٱلْمُخْرَجِينَ ﴿١٦٧﴾
"මෙම ක්රියාවෙන් වැළකී සිටින අපට නියෝග කිරීමෙන් හා එය පිළිකුල් කිරීමෙන් නුඹ නොවැළකුනෙහි නම් නුඹ හා නුඹ සමග වූවන් අපගේ දේශයෙන් අපි බැහැර කරනු ඇතැ"යි ඔහුගේ ජනයා ඔහුට පැවසුවෝය
قَالَ إِنِّى لِعَمَلِكُم مِّنَ ٱلْقَالِينَ ﴿١٦٨﴾
"සැබවින්ම මම නුඹලා සිදු කරන නුඹලාගේ මෙම ක්රියාව ගැන කෝපවන්නන් හා පිළිකුල් කරන්නන් අතරින් කෙනෙකු වෙමි" යැයි ලූත් ඔවුනට පවසා සිටියේය. رب نجنى وأهلى مما يعملون
رَبِّ نَجِّنِى وَأَهْلِى مِمَّا يَعْمَلُونَ ﴿١٦٩﴾
තවදුරටත් එතුමා පරමාධිපතිට ප්රාර්ථනා කරමින් "මාගේ පරමාධිපතියාණනි! ඔවුන් සිදු කරමින් ආ ඔවුන්ගේ මේ පිළිකුල් සහගත ක්රියාව හේතුවෙන් ඔවුනට මතු අත්වන දඬුවමින් මා මුදවනු මැනව! මාගේ පවුල ද මුදවනු මැනව!" යැයි පැවසීය. فنج ينه وأهله أجمعين
فَنَجَّيْنَـٰهُ وَأَهْلَهُۥٓ أَجْمَعِينَ ﴿١٧٠﴾
ඔහුගේ ප්රාර්ථනාවට අපි ප්රතිචාර දක්වමින් ඔහු හා ඔහුගේ පවුලේ සියලු දෙනා මුදවා ගත්තෙමු
إِلَّا عَجُوزًۭا فِى ٱلْغَـٰبِرِينَ ﴿١٧١﴾
ඔහුගේ දේව ප්රතික්ෂේපිත බිරිය හැර. ඇය විනාශ වී යන්නන් අතරට පත් වූවාය
ثُمَّ دَمَّرْنَا ٱلْـَٔاخَرِينَ ﴿١٧٢﴾
පසු ව ලූත් හා ඔහුගේ ජනයා ‘සදෝම්' නම් දේශයෙන් පිට ව ගිය පසු ව ඔහුගේ ජනයා අතර ඉතිරි වූ අය අපි දැඩි විනාශයකින් විනාශ කළෙමු
وَأَمْطَرْنَا عَلَيْهِم مَّطَرًۭا ۖ فَسَآءَ مَطَرُ ٱلْمُنذَرِينَ ﴿١٧٣﴾
වර්ෂාව පහළ කරනවාක් මෙන් අපි අහසින් ගල් වරුසාවක් ඔවුන් මත පහළ කළෙමු. අල්ලාහ්ගේ දඬුවම පිළිබඳ ලූත් තුමා අනතුරු අඟවා අවවාද කළ මොවුන් වෙත පහළ වූ වර්ෂාව අප්රසන්න විය. ඔවුන් කවර අශීලාචාර දෙයක් සිදු කළේ ද ඒ මත ඔවුන් අඛණ්ඩ ව නිරත ව සිටියෝය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَةًۭ ۖ وَمَا كَانَ أَكْثَرُهُم مُّؤْمِنِينَ ﴿١٧٤﴾
සඳහන් කරනු ලැබූ අශීලාචාර ක්රියාව හේතුවෙන් ලූත්ගේ ජනයා මත පහළ වූ දඬුවම තුළ පාඩම් ලබන්නන්හට පාඩමක් ඇත. ඔවුන්ගෙන් බහුතරයක් දෙනා විශ්වාස කරන්නන් නොවූවෝය
وَإِنَّ رَبَّكَ لَهُوَ ٱلْعَزِيزُ ٱلرَّحِيمُ ﴿١٧٥﴾
අහෝ දූතය! සැබවින් ඔබේ පරමාධිපති වනාහි, ඔහුම ය තම සතුරන්ට ප්රතිචාර දක්වන සර්ව බලධාරියාණන්. ඔහුගේ ගැත්තන් අතරින් කවරෙකු පාප ක්ෂමා ඇයද සිටින්නේ ද ඔවුන් කෙරෙහි ඔහු මහා කරුණාන්විතය
كَذَّبَ أَصْحَـٰبُ لْـَٔيْكَةِ ٱلْمُرْسَلِينَ ﴿١٧٦﴾
ගහකොළ වලින් එතුනු ගම් වාසීහු ද ඔවුන්ගේ නබිවරයා වූ ෂුඅයිබ් (අලයිහිස් සලාම්)ව බොරු කරමින් දහම් දූතවරුන් බොරු යැයි පවසා සිටියෝය. إذ قال لهم شعيب ألا تتقون
إِذْ قَالَ لَهُمْ شُعَيْبٌ أَلَا تَتَّقُونَ ﴿١٧٧﴾
එවිට, "අල්ලාහ්ට බියෙන් ඔහුට ආදේශ කිරීම අතහැර දමමින් ඔහුට බැතිමත් ව කටයුතු කළ යුතු නොවේදැ?"යි ඔවුන්ගේ නබිවරයා වූ ෂුඅයිබ් ඔවුන්ගෙන් විමසා සිටියේය. إنى لكم رسول أمين
إِنِّى لَكُمْ رَسُولٌ أَمِينٌۭ ﴿١٧٨﴾
"සැබවින්ම මම, නුඹලා වෙත අල්ලාහ් විසින් එවනු ලැබූ ඔහු මට කවර කරුණක් අණ කළේ ද ඒ සම්බන්ධයෙන් විශ්වසනීය වූ දූතයකු වෙමි. එයට වඩා අමතර යමක් එකතු නොකරමි. ඉන් කිසිවක් අඩු නොකරමි."
فَٱتَّقُوا۟ ٱللَّهَ وَأَطِيعُونِ ﴿١٧٩﴾
"අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඔහු පිළිබඳ මතකයෙන් පසු වනු. නුඹලාට කවර කරුණක් මා අණ කළේ ද එමෙන්ම කවර කරුණකින් මා නුඹලා ව වැළැක්වූයේ ද එම විෂයයෙහි නුඹලා මට අවනත වනු."
وَمَآ أَسْـَٔلُكُمْ عَلَيْهِ مِنْ أَجْرٍ ۖ إِنْ أَجْرِىَ إِلَّا عَلَىٰ رَبِّ ٱلْعَـٰلَمِينَ ﴿١٨٠﴾
"මාගේ පරමාධිපති විසින් මා නුඹලාට දැනුම් දුන් දෑ වෙනුවෙන් මම කිසිදු කුලියක් නුඹලාගෙන් නොපතමි. සියලු මැවීම්හි පරමාධිපති වන අල්ලාහ් මත හැර වෙනත් කිසිවකු මත මාගේ තිළිණය නොමැත."
۞ أَوْفُوا۟ ٱلْكَيْلَ وَلَا تَكُونُوا۟ مِنَ ٱلْمُخْسِرِينَ ﴿١٨١﴾
නුඹලා ජනයා සමග වෙළඳාම් කරන අවස්ථාවේ නුඹලා ඔවුනට කිරුම් මිනුම් පූර්ණ ව මැන දෙනු. ජනයාට විකුණන විට කිරුම අඩු කරන්නන් අතරට නුඹලා පත් නොවනු. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
وَزِنُوا۟ بِٱلْقِسْطَاسِ ٱلْمُسْتَقِيمِ ﴿١٨٢﴾
නුඹලා නොවන වෙනත් අය වෙනුවෙන් නුඹලා කිරන විට නිවැරදි තුලාවකින් කිරා දෙනු
وَلَا تَبْخَسُوا۟ ٱلنَّاسَ أَشْيَآءَهُمْ وَلَا تَعْثَوْا۟ فِى ٱلْأَرْضِ مُفْسِدِينَ ﴿١٨٣﴾
මිනිසුන්ගේ අයිතිවාසිකම් වල නුඹලා අඩුපාඩුකම් ඇති නොකරනු. පාපකම් සිදු කරමින් මහ පොළොවේ අධික ලෙස ප්රචණ්ඩ ක්රියාවන්හි නිරත නොවනු
وَٱتَّقُوا۟ ٱلَّذِى خَلَقَكُمْ وَٱلْجِبِلَّةَ ٱلْأَوَّلِينَ ﴿١٨٤﴾
"නුඹලා මැවූ, එමෙන්ම නුඹලාට පෙර සිටි සමූහයන් මැවූ ඔහු, නුඹලාට දඬුවම පහළ කිරීම සම්බන්ධයෙන් නුඹලා ඔහු ගැන බියෙන් භක්තිමත්ව කටයුතු කරනු."
قَالُوٓا۟ إِنَّمَآ أَنتَ مِنَ ٱلْمُسَحَّرِينَ ﴿١٨٥﴾
ෂුඅයිබ්ගේ ජනයා ෂුඅයිබ්ට, "නුඹේ බුද්ධියට ඉහළන් හූනියම ඉහවහා යන තරමට වාර ගණනාවක් හූනියමට ලක් ව, පසු ව එය වසන් කළ අය අතරින් කෙනෙකි නුඹ." යැයි පැවසූහ
وَمَآ أَنتَ إِلَّا بَشَرٌۭ مِّثْلُنَا وَإِن نَّظُنُّكَ لَمِنَ ٱلْكَـٰذِبِينَ ﴿١٨٦﴾
"නුඹ අප මෙන් මිනිසෙකු මිස නැත. අපට වඩා නුඹට කිසිදු අමතර කරුණක් නැත. එසේ නම් නුඹ දහම් දූතයකු විය හැක්කේ කෙසේ ද? සැබවින් නුඹ දහම් දූතයකු බව කරන වාදයේ නුඹ බොරුකාරයකු වශයෙන් මිස අපි නුඹ ගැන නොසිතන්නෙමු."
فَأَسْقِطْ عَلَيْنَا كِسَفًۭا مِّنَ ٱلسَّمَآءِ إِن كُنتَ مِنَ ٱلصَّـٰدِقِينَ ﴿١٨٧﴾
"නුඹ කරන වාදයේ නුඹ සත්යවාදියෙකු ලෙස සිටින්නෙහි නම් අහසින් කැබැල්ලක් අප මත වට්ටවනු මැනව!"
قَالَ رَبِّىٓ أَعْلَمُ بِمَا تَعْمَلُونَ ﴿١٨٨﴾
"ආදේශ තබමින් හා පාපකම් සිදු කරමින් නුඹලා කරන කටයුතු පිළිබඳ මාගේ පරමාධිපති මැනවින් දන්නාය. නුඹලාගේ ක්රියාවන්ගෙන් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත."
فَكَذَّبُوهُ فَأَخَذَهُمْ عَذَابُ يَوْمِ ٱلظُّلَّةِ ۚ إِنَّهُۥ كَانَ عَذَابَ يَوْمٍ عَظِيمٍ ﴿١٨٩﴾
ඔහු ව බොරු කිරීමෙහි ඔවුහු අඛණ්ඩ ව නිරත වී සිටියෝය. එවිට දැඩි උෂ්ණත්වය සහිත දිනයකින් පසු ව වලාකුලක් ඔවුනට හෙවණ ගෙන දෙන පරිදි බිහිසුණු දඬුවමක් අපි ඔවුනට ඇති කළෙමු. එය ඔවුන් වෙත ගිනි වර්ෂාවක් පහළ කොට ඔවුන් පුලුස්සා දැමීය. සැබවින්ම ඔවුන් විනාශ කළ දිනය බිහිසුණු දිනයක් විය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَةًۭ ۖ وَمَا كَانَ أَكْثَرُهُم مُّؤْمِنِينَ ﴿١٩٠﴾
සඳහන් කරන ලැබූ ෂුඅයිබ්ගේ ජනයා විනාශ කිරීමෙහි පාඩම් ලබන්නන්හට පාඩමක් විය. ඔවුන්ගෙන් බහුතරයක් දෙනා විශ්වාස කරන්නන් නොවූවෝය
وَإِنَّ رَبَّكَ لَهُوَ ٱلْعَزِيزُ ٱلرَّحِيمُ ﴿١٩١﴾
අහෝ දූතය! සැබවින් ඔබේ පරමාධිපති වනාහි, ඔහුමය තම සතුරන්ට ප්රතිචාර දක්වන සර්ව බලධාරියාණන්. ඔහුගේ ගැත්තන් අතරින් කවරෙකු පාප ක්ෂමා ඇයද සිටින්නේ ද ඔහු ඔවුන් කෙරෙහි මහා කරුණාන්විතය
وَإِنَّهُۥ لَتَنزِيلُ رَبِّ ٱلْعَـٰلَمِينَ ﴿١٩٢﴾
මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්හට පහළ කරනු ලැබූ අල් කුර්ආනය සියලු මැවීම්හි පරමාධිපතිගෙන් පහළ වූවකි
نَزَلَ بِهِ ٱلرُّوحُ ٱلْأَمِينُ ﴿١٩٣﴾
විශ්වසනීය ජිබ්රීල් (අලයිහිස් සලාම්) තුමා එය රැගෙන පහළ විය
عَلَىٰ قَلْبِكَ لِتَكُونَ مِنَ ٱلْمُنذِرِينَ ﴿١٩٤﴾
මිනිසුනට අවවාද කරමින් හා අල්ලාහ්ගේ දඬුවම ගැන ඔවුනට බිය ගන්වමින් සිටි දූතවරුන් අතරින් නුඹ ද වනු පිණිස නුඹේ හදවතට ඔහු එය රැගෙන පහළ විය. بلسان عربى م بين
بِلِسَانٍ عَرَبِىٍّۢ مُّبِينٍۢ ﴿١٩٥﴾
පැහැදිලි අරාබි බසින් එය රැගෙන පහළ විය
وَإِنَّهُۥ لَفِى زُبُرِ ٱلْأَوَّلِينَ ﴿١٩٦﴾
සැබවින්ම මෙම කුර්ආනය මුතුන්මිත්තන්ගේ ග්රන්ථ වල සඳහන් කරනු ලැබූවක් විය. පෙර පහළ වූ දිව්යමය ග්රන්ථ වල ඒ ගැන සුබ පණිවිඩ දන්වා තිබිණ
أَوَلَمْ يَكُن لَّهُمْ ءَايَةً أَن يَعْلَمَهُۥ عُلَمَـٰٓؤُا۟ بَنِىٓ إِسْرَٰٓءِيلَ ﴿١٩٧﴾
අබ්දුල්ලාහ් ඉබ්නු සලාම් වැනි ඉස්රාඊල් දරුවන් අතර වූ විද්වතුන් නුඹ වෙත පහළ කළ දෑ හි යථාර්ථය දැන සිටීම, නුඹේ සත්යතාව තහවුරු කිරීම සඳහා නුඹ ව බොරු කරන මොවුනට ප්රමාණවත් සංඥාවක් නොවී ද?
وَلَوْ نَزَّلْنَـٰهُ عَلَىٰ بَعْضِ ٱلْأَعْجَمِينَ ﴿١٩٨﴾
අරාබි භාෂාව කතා නොකරන පිටස්තරයින් හට මෙම අල් කුර්ආනය අපි පහළ කළේ නම්, بلغ අල්-කුර්ආන් · තෆ්සීර් فقرأه عليهم ما كانوابه مؤمنين
فَقَرَأَهُۥ عَلَيْهِم مَّا كَانُوا۟ بِهِۦ مُؤْمِنِينَ ﴿١٩٩﴾
එවිට එය ඔහු ඔවුන් වෙත පාරායනය කර පෙන් වූ විට, "එය අපට වැටහෙන්නේ නැතැ"යි ඔවුන් පවසන බැවින් ඔවුහු ඒ ගැන විශ්වාස කරන්නන් නොවූහ. එහෙයින් ඔවුන්ගේ භාෂාවෙන්ම එය පහළ වී තිබීම ගැන අල්ලාහ්ට ඔවුන් ප්රශංසා කළ යුතුය
كَذَٰلِكَ سَلَكْنَـٰهُ فِى قُلُوبِ ٱلْمُجْرِمِينَ ﴿٢٠٠﴾
අපරාධකරුවන්ගේ සිත් තුළ බොරු කිරීම හා දේව ප්රතික්ෂේපය අප ප්රවේශ කළේ එලෙසය
لَا يُؤْمِنُونَ بِهِۦ حَتَّىٰ يَرَوُا۟ ٱلْعَذَابَ ٱلْأَلِيمَ ﴿٢٠١﴾
වේදනීය දඬුවම ඔවුන් දකින තුරු ඔවුන් නිරත ව සිටි දේව ප්රතික්ෂේපයෙන් වෙනස් නොවෙති. එමෙන්ම විශ්වාස නොකරති. فيأتيهم بغتة وهم لا يشعرون
فَيَأْتِيَهُم بَغْتَةًۭ وَهُمْ لَا يَشْعُرُونَ ﴿٢٠٢﴾
එම දඬුවම පැමිණීම ගැන නොදැනුවත් ව සිටියදී ඔවුන් පුදුමයට පත් වන පරිදි ක්ෂණික ව ඔවුන් වෙත එය පැමිණෙනු ඇත. فيقولواهل نحن منظرون
فَيَقُولُوا۟ هَلْ نَحْنُ مُنظَرُونَ ﴿٢٠٣﴾
ක්ෂණික ව එම දඬුවම ඔවුන් වෙත පහළ වන අවස්ථාවේ දැඩි කනස්සල්ලෙන් යුතු ව ඔවුහු, "අප අවකාශය දෙනු ලබන්නන් වන්නේ නම් එවිට අපි පාප ක්ෂමාවෙහි නිරත වී අල්ලාහ් වෙත යොමු වන්නෙමු" යැයි පවසති. أ فبعذابنا يستعجلون
أَفَبِعَذَابِنَا يَسْتَعْجِلُونَ ﴿٢٠٤﴾
"නුඹ කියන පරිදි අහසින් කොටසක් වැටෙන තෙක් අපි නුඹ ව විශ්වාස නොකරන්නෙමු." යැයි පවසමින් මෙම දේව ප්රතික් ෂේපකයෝ අපගේ දඬුවම ඉක්මන් කරන්න පතන්නෝ ද? أفرءيت إن م تعنهم سنين
أَفَرَءَيْتَ إِن مَّتَّعْنَـٰهُمْ سِنِينَ ﴿٢٠٥﴾
අහෝ දූතය! නුඹ මට දන්වා සිටිනු. නුඹ කවර කරුණක් ගෙන ආවේ ද ඒ ගැන විශ්වාස කිරීමට පිටු දැක්කා වූ දේව ප්රතික්ෂේපකයින්හට දිගු කලක් තිස්සේ සැප සම්පත් භුක්ති විඳීමට සලස්වා
ثُمَّ جَآءَهُم مَّا كَانُوا۟ يُوعَدُونَ ﴿٢٠٦﴾
එම සැප සම්පත් ඔවුන් ලබා ගත් කාලයෙන් පසු ව ඔවුනට ප්රතිඥා දෙනු ලැබූ දඬුවම ඔවුන් වෙත පැමිණියේ නම්,
مَآ أَغْنَىٰ عَنْهُم مَّا كَانُوا۟ يُمَتَّعُونَ ﴿٢٠٧﴾
මෙලොව ජීවිතයේ ඔවුන් භුක්ති විඳිමින් සිටි දැයින් ඔවුනට ප්රයෝජනවත් වූයේ කවර කරුණක් ද? සැබවින්ම එම සැප සම්පත් විසන්ධි වී ගොස් ඇත. ඒ කිසිවක් නොලබනු ඇත. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
وَمَآ أَهْلَكْنَا مِن قَرْيَةٍ إِلَّا لَهَا مُنذِرُونَ ﴿٢٠٨﴾
සමූහයන් අතරින් යම් කිසි සමූහයක් වේවා, ඔවුන් වෙත දූතවරුන් එවීමෙන් හා දිව්යමය පුස්තක පහළ කිරීමෙන් අවවාද කළ පසු ව මිස අපි ඔවුන් විනාශ නොකළෙමු. ذكر وما كنا ظلمين
ذِكْرَىٰ وَمَا كُنَّا ظَـٰلِمِينَ ﴿٢٠٩﴾
මෙය ඔවුනට උපදෙසකි. මෙනෙහි කිරීමකි. දූතවරුන් එවීමෙන් හා දිව්ය පුස්තක පහළ කිරීමෙන් ඔවුන් වෙත නිදහසට කරුණු ඉදිරිපත් කිරීමෙන් පසු ව ඔවුන් දඬුවම් කිරීමෙන් අප අපරාධකරුවන් නොවූයෙමු
وَمَا تَنَزَّلَتْ بِهِ ٱلشَّيَـٰطِينُ ﴿٢١٠﴾
දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්)ගේ හදවතට මෙම අල් කුර්ආනය සමග ෂෙයිතානුන් පහළ වූයේ නැත. وما ينبغى لهم وما يستطيعون
وَمَا يَنۢبَغِى لَهُمْ وَمَا يَسْتَطِيعُونَ ﴿٢١١﴾
ඔවුන් ඔහුගේ හදවතට ඒ සමග පහළ වීම ඔවුනට සුදුසු කාර්යයක් නොවීය. ඒ සඳහා ඔවුන් ශක්තිය දරන්නේ ද නැත
إِنَّهُمْ عَنِ ٱلسَّمْعِ لَمَعْزُولُونَ ﴿٢١٢﴾
ඔවුහු එයට ශක්තිය නොදරති. එයට හේතුව අහසෙහි වූ එම ස්ථානයෙන් ඔවුන් ඉවත් කරනු ලැබූවන් බැවිණි. එසේ නම් ඔවුහු ඒ වෙත සේන්දු වී එය පහළ කරනුයේ කෙසේ ද?
فَلَا تَدْعُ مَعَ ٱللَّهِ إِلَـٰهًا ءَاخَرَ فَتَكُونَ مِنَ ٱلْمُعَذَّبِينَ ﴿٢١٣﴾
අල්ලාහ් සමග නැමදුම් ලබන වෙනත් කිසිවකු ආදේශ කොට ඒවාට නොනමදිනු. එවිට ඒ හේතුවෙන් නුඹ දඬුවම් ලබන්නන් අතරින් කෙනෙකු වනු ඇත
وَأَنذِرْ عَشِيرَتَكَ ٱلْأَقْرَبِينَ ﴿٢١٤﴾
අහෝ දූතය! ඥාතීන්ට, නුඹේ සමූහයා අතරින් වූ සමීප ඥාතීන්ට අවවාද කරනු. ඔවුන් බහුදේවවාදය මත රැඳී සිටියේ නම් ඔවුනට අල්ලාහ්ගේ දඬුවම අත් නොවනු පිණිස නුඹ ඔවුනට අවවාද කරනු
وَٱخْفِضْ جَنَاحَكَ لِمَنِ ٱتَّبَعَكَ مِنَ ٱلْمُؤْمِنِينَ ﴿٢١٥﴾
නුඹ ව අනුගමනය කරන නුඹ අසළින් සිටින දේව විශ්වාසීන්හට කරුණාවෙන් හා සෙනෙහසින් යුතු ව ක්රියාවෙන් හෝ ප්රකාශයෙන් හෝ මෛත්රී ව කටයුතු කරනු. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
فَإِنْ عَصَوْكَ فَقُلْ إِنِّى بَرِىٓءٌۭ مِّمَّا تَعْمَلُونَ ﴿٢١٦﴾
නුඹ ඔවුනට අණ කර සිටින අල්ලාගේ ඒකදෙවත්වය, ඔහුට අවනත වීම යනාදියට පිළිතුරු නොදී ඔවුන් නුඹ ව පිටුපෑවේ නම්, නුඹ ඔවුනට, "නුඹලා සිදු කරමින් එන බහුදේවවාදය හා පාපයෙන් සැබවින්ම මම ඉවත් වෙමි." යැයි පවසනු
وَتَوَكَّلْ عَلَى ٱلْعَزِيزِ ٱلرَّحِيمِ ﴿٢١٧﴾
නුඹේ සියලුම කටයුතු වලදී, තම සතුරන්ට ප්රතිචාර දක්වන සර්ව බලධාරී, ඔවුන් අතරින් ඔහු වෙත නැඹුවරන්නන්හට මහා කාරුණික අල්ලාහ් මත නුඹ ස්ථාවර ව රැඳී සිටිනු
ٱلَّذِى يَرَىٰكَ حِينَ تَقُومُ ﴿٢١٨﴾
ඔහු වනාහි, නුඹ සලාතය සඳහා අවදි වී නැගිටින විට නුඹ ව බලා සිටින්නාය
وَتَقَلُّبَكَ فِى ٱلسَّـٰجِدِينَ ﴿٢١٩﴾
සලාත් ඉටු කරන්නන් අතර ඉරියව්වකින් තවත් ඉරියව්වකට නුඹගේ හැරීම ද ඔහු බලා සිටින්නාය. නුඹ ඒ සම්බන්ධ කවර කටයුත්තක් සිදු කරන්නේ ද එමෙන්ම ඒ හැර වෙනත් කවර ක්රියාමාර්ගයක් සිදු කරන්නේ ද එය ඔහුට සැඟවෙන්නේ නැත
إِنَّهُۥ هُوَ ٱلسَّمِيعُ ٱلْعَلِيمُ ﴿٢٢٠﴾
නියත වශයෙන්ම ඔහු නුඹේ සලාතයේදී නුඹ කියවන දික්රයන්ට හා කුර්ආනයට මැනවින් සවන් දෙන්නාය. නුඹේ චේතනාව ගැන මැනවින් දන්නාය
هَلْ أُنَبِّئُكُمْ عَلَىٰ مَن تَنَزَّلُ ٱلشَّيَـٰطِينُ ﴿٢٢١﴾
මෙම අල් කුර්ආනය පහළ කළේ ෂෙයිතානුන් යැයි නුඹලා විශ්වාස කරන මොවුන් පහළ වනුයේ කවරකු මත දැ යි මම නුඹලාට දැනුම් දෙන්න ද? تنزل عل كل أفاك أثيم
تَنَزَّلُ عَلَىٰ كُلِّ أَفَّاكٍ أَثِيمٍۢ ﴿٢٢٢﴾
පාපකම් හා අපරාධ අධික ව සිදු කරන ඉමහත් සේ බොරු කියන සෑම හූනියම්කරුවකු මත ම ෂෙයිතානුන් පහළ වන්නේය
يُلْقُونَ ٱلسَّمْعَ وَأَكْثَرُهُمْ كَـٰذِبُونَ ﴿٢٢٣﴾
මෙම ෂෙයිතානුන් ඉහළ සිටින පිරිසට සවන් දී, ඒවා සොරකම් කොට ඔවුන්ගේ හිතමිතුරු හූනියම්කරුවන් වෙත එය ඉදිරිපත් කරති. හූනියම්කරුවන්ගෙන් බහුතරයක් දෙනා බොරුකාරයෝය. වචනයක් ඔවුන් සත්යය පැවසුවේ නම් ඒ සමග වචන සියයක් බොරු පවසති. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
وَٱلشُّعَرَآءُ يَتَّبِعُهُمُ ٱلْغَاوُۥنَ ﴿٢٢٤﴾
කවිවරුන් වනාහි සැබවින්ම මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ද ඔවුන් අතරින් කෙනෙකු යැයි නුඹලා විශ්වාස කරමින් සිටින ඔවුන් ව, යහ මගින් හා ඍජු මගින් වෙනතකට යොමු වූවෝ අනුගමනය කරති. ඔවුන් පවසන කවි දෙස ඔවුහු බලති. ألم ترأن هم فى كل واد يهيمون
أَلَمْ تَرَ أَنَّهُمْ فِى كُلِّ وَادٍۢ يَهِيمُونَ ﴿٢٢٥﴾
අහෝ දූතය! ඔවුන්ගේ අරමුණු වල විද්යාමානයක් ලෙස සැබවින්ම ඔවුන් විටෙක ප්රශංසා කරමින් ද තවත් විටෙක අපහාස කරමින් ද තවත් විටෙක ඒ දෙකම නොකරමින් ද සෑම මිටියාවතකම නිදැල්ලේ හැසිරීම නුඹ නොදුටුවෙහි ද? وأنهم يقولون ما لا يفعلون
وَأَنَّهُمْ يَقُولُونَ مَا لَا يَفْعَلُونَ ﴿٢٢٦﴾
"අපි එලෙස සිදු කළෙමු" යැයි කියමින් ඔවුහු බොරු පවසති. නමුත් ඔවුන් එය කිසිවිටෙක සිදු කර නැත
إِلَّا ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّـٰلِحَـٰتِ وَذَكَرُوا۟ ٱللَّهَ كَثِيرًۭا وَٱنتَصَرُوا۟ مِنۢ بَعْدِ مَا ظُلِمُوا۟ ۗ وَسَيَعْلَمُ ٱلَّذِينَ ظَلَمُوٓا۟ أَىَّ مُنقَلَبٍۢ يَنقَلِبُونَ ﴿٢٢٧﴾
منقلب ينقلبون නමුත් එම කවිවරුන් අතරින් හස්සාන් ඉබ්නු සාබිත් (රළියල්ලාහු අන්හු) තුමා වැනි අල්ලාහ් ව විශ්වාස කරමින්, දැහැමි ක්රියාවන් සිදු කරමින්, අධික ලෙස අල්ලාහ් ව මෙනෙහි කරමින්, අල්ලාහ්ගේ සතුරන් ඔවුනට අපරාධ සිදු කළ පසු ව එම අපරාධ කළවුනට එරෙහි ව උදව් ලැබූවන් හැර. අල්ලාහ්ට ආදේශ තබා ඔහුගේ ගැත්තන් මත පමණක් ඉක්මවා කටයුතු කරන්නන් වනාහි ඔවුන් කවර තැනකට වෙත යොමු වන්නේ දැයි මතු දැන ගනු ඇත. ඒ අනුව ඔවුන් ඉතා බිහිසුණු ස්ථානයක් වෙත හා ඉතා තියුණු විනිශ්චයක් වෙත යොමු කරනු ලබනු ඇත. මූලාශ්‍රය: අල්-මුඃතසර් ෆී තෆ්සීරිල් කුර්ආන්
අනුගමනය · පුනරාවර්තනය · පැවසීම · ලියාපදිංචිය අවශ්‍ය නැත