මුල් පිටුවතෆ්සීර්Al-Furqaan (25)

තෆ්සීර් Al-Furqaan (25) — الفرقان

මක්කී · 77 වාක්‍ය

කියවන්න · අහන්නPDF ගොනුව

تَبَارَكَ ٱلَّذِى نَزَّلَ ٱلْفُرْقَانَ عَلَىٰ عَبْدِهِۦ لِيَكُونَ لِلْعَـٰلَمِينَ نَذِيرًا ﴿١﴾

තම ගැත්තා හා දූතයා වන මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්හට සත්යය හා අසත්යය වෙන්කර දක්වන අල් කුර්ආනය පහළ කළා වූ අල්ලාහ් උත්කෘෂ්ට විය. අධික ශ්රේෂ්ඨත්වයට පත් විය. එය මිනිස් හා ජින් යන දෙවර්ගයාට ඔහු දූතයකු වනු පිණිස හා ඔවුනට අල්ලාහ්ගේ දඬුවම ගැන බිය වද්දනු පිණිසය

ٱلَّذِى لَهُۥ مُلْكُ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ وَلَمْ يَتَّخِذْ وَلَدًۭا وَلَمْ يَكُن لَّهُۥ شَرِيكٌۭ فِى ٱلْمُلْكِ وَخَلَقَ كُلَّ شَىْءٍۢ فَقَدَّرَهُۥ تَقْدِيرًۭا ﴿٢﴾

تقديرا අහස්හි ආධිපත්යය හා මහපොළොවේ ආධිපත්යය ඔහුට පමණක් සතුය. ඔහු කිසිදු දරුවකු ගත්තේ නැත. ඔහුගේ ආධිපත්යය තුළ කිසිදු හවුල්කරුවකු ද නැත. සියලුම දෑ ඔහු මැව්වේය. ඔහුගේ ඥානය හා ප්රඥාව අනුව එම මැවීම්වලට අවශ්ය වන න්යායයන්ට අනුකූලව ප්රමාණයෙන් නිර්ණය කළේය. සෑම දෙයක්ම එයට ගැළපෙන පරිදි පිහිටා ඇත. ر

وَٱتَّخَذُوا۟ مِن دُونِهِۦٓ ءَالِهَةًۭ لَّا يَخْلُقُونَ شَيْـًۭٔا وَهُمْ يُخْلَقُونَ وَلَا يَمْلِكُونَ لِأَنفُسِهِمْ ضَرًّۭا وَلَا نَفْعًۭا وَلَا يَمْلِكُونَ مَوْتًۭا وَلَا حَيَوٰةًۭ وَلَا نُشُورًۭا ﴿٣﴾

ولا حيوة ولا نشورا දේව ආදේශකයින් අල්ලාහ් හැර දමා නැමදුම් ලබන වෙනත් දෙවිවරුන් තෝරා ගත්තෝය. ඔවුන් පවා මවනු ලැබූවන් ලෙස සිටිය දී කුඩා හෝ විශාල කිසිවක් ඔවුනට මැවිය නොහැක. කිසිවක් නොමැති තත්ත්වයේ සිට අල්ලාහ් ඔවුන් මැව්වේය. තමන්ට අත් වන හානිය වළක්වා ගැනීමට හෝ කිසියම් සෙතක් සලසා ගන්නට පවා ඔවුනට හැකියාවක් නැත. ජීවී ව සිටින්නෙකු මරණයට පත් කිරීමට හෝ මියගිය ඇත්තෙකු ජීවමාන කිරීමට හෝ ඔවුනට හැකියාවක් නැත. එමෙන්ම ඔවුන් මියගිය පසු ඔවුන්ගේ මිනීවළවල් වලින් නැවත නැගිටුවීමේ හැකියාවද ඔවුනට නැත

وَقَالَ ٱلَّذِينَ كَفَرُوٓا۟ إِنْ هَـٰذَآ إِلَّآ إِفْكٌ ٱفْتَرَىٰهُ وَأَعَانَهُۥ عَلَيْهِ قَوْمٌ ءَاخَرُونَ ۖ فَقَدْ جَآءُو ظُلْمًۭا وَزُورًۭا ﴿٤﴾

අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ව ප්රතික්ෂේප කළවුන්, "මෙම කුර්ආනය මුහම්මද් ගෙතූ බොරුවක් මිස නැත. ඔහු අල්ලාහ් වෙත අභූත චෝදනාවක් ආරෝපණය කර ඇත. එය ප්රබන්ධ කිරීම සඳහා වෙනත් මිනිසුන් පිරිසක් ඔහුට උදව් කර ඇත." යැයි පැවසූහ. මෙම දේව ප්රතික්ෂේපකයෝ ව්යාජ ප්රකාශයක් ගොතා පවසා ඇත්තෝය. අල් කුර්ආනය අල්ලාහ්ගේ ප්රකාශයයි. ඒ හා සමාන දෙයක් මිනිසෙකුට හෝ ජින්නුවෙකුට හෝ ගෙන ඒමට නොහැකිය

وَقَالُوٓا۟ أَسَـٰطِيرُ ٱلْأَوَّلِينَ ٱكْتَتَبَهَا فَهِىَ تُمْلَىٰ عَلَيْهِ بُكْرَةًۭ وَأَصِيلًۭا ﴿٥﴾

අල්-කුර්ආනය පිළිබඳ ප්රතික්ෂේප කරන අය මෙසේ පැවසූහ. "අල්-කුර්ආනය පැරැන්නන්ගේ ප්රකාශ සහ ව්යාජ ලෙස ඔවුන් විසින් ලියන ලද දෑ ය. මුහම්මද් ඒවා පිටපත් කළේය. ඒවා දවසේ ආරම්භයේ සහ දවස අවසානයේදී ඔහුට කියවනු ලැබේ."

قُلْ أَنزَلَهُ ٱلَّذِى يَعْلَمُ ٱلسِّرَّ فِى ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ ۚ إِنَّهُۥ كَانَ غَفُورًۭا رَّحِيمًۭا ﴿٦﴾

අහෝ දූතය! මෙම බොරුකාරයින්හට නුඹ මෙසේ පවසනු. "අහස්හි හා මහ පොළොවේ ඇති සෑම දෙයක් පිළිබඳ ව ම මැනවින් දන්නා අල්ලාහ් මෙම අල් කුර්ආනය පහළ කළේය. නුඹලා සිතන පරිදි එය ගොතා පවසනු ලැබූවක් නොවේ." بلغ අල්-කුර්ආන් · තෆ්සීර් පසු ව ඔහු ඔවුනට පාප ක්ෂමාව පිළිබඳ කැමැත්තක් ඇති කරවමින්, "සැබවින්ම අල්ලාහ් ඔහුගේ ගැත්තන් අතරින් පාප ක්ෂමා ඇයද සිටින්නන්හට ඔහු අතික්ෂමාශීලීය. ඔවුන් කෙරෙහි මහා කාරුණිකය." යැයි පැවසුවේය

وَقَالُوا۟ مَالِ هَـٰذَا ٱلرَّسُولِ يَأْكُلُ ٱلطَّعَامَ وَيَمْشِى فِى ٱلْأَسْوَاقِ ۙ لَوْلَآ أُنزِلَ إِلَيْهِ مَلَكٌۭ فَيَكُونَ مَعَهُۥ نَذِيرًا ﴿٧﴾

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ව බොරු කළ දේවත්වය ආදේශ කරන්නෝ, "සැබවින්ම තමන් අල්ලාහ් වෙතින් පැමිණි දූතයකු ලෙස සිතන මොහුට කුමක් වී ද? සෙසු ජනයා ආහාර ගන්නාක් මෙන් මොහු ද ආහාර ගනියි. තම ජීවනෝපාය සොයමින් වෙළඳපළේ ගමන් කරයි. ඔහු ව තහවුරු කරන ඔහුට උදව් කරන මිතුරෙකු ලෙසින් ඔහු සමග මලක්වරයකු අල්ලාහ් පහළ කළ යුතු නොවේ ද?" යැයි පැවසුවෝය

أَوْ يُلْقَىٰٓ إِلَيْهِ كَنزٌ أَوْ تَكُونُ لَهُۥ جَنَّةٌۭ يَأْكُلُ مِنْهَا ۚ وَقَالَ ٱلظَّـٰلِمُونَ إِن تَتَّبِعُونَ إِلَّا رَجُلًۭا مَّسْحُورًا ﴿٨﴾

"එසේ නැතහොත් ඔහු වෙත අහසින් නිධානයක් පහළ විය යුතු නොවේ ද? එසේත් නැතහොත් පලතුරු අනුභව කළ හැකි වත්තක් ඔහුට විය යුතු නොවේ ද? එවිට වෙළඳපොළේ ගමන් කිරීමටත් පෝෂණ සම්පත් සෙවීමටත් ඔහුට අවශ්ය වන්නේ නැත." අපරාධකරුවෝ තවදුරටත් "අහෝ දේව විශ්වාසී ජනයිනි! නුඹලා දූතයකු අනුගමනය කරන්නෙහුය. නමුත් නුඹලා අනුගමනය කරනුයේ හූනියම හේතුවෙත් ඔහුගේ බුද්ධිය ඉහවහා ගිය මිනිසෙකි." යැයි කීහ

ٱنظُرْ كَيْفَ ضَرَبُوا۟ لَكَ ٱلْأَمْثَـٰلَ فَضَلُّوا۟ فَلَا يَسْتَطِيعُونَ سَبِيلًۭا ﴿٩﴾

අහෝ දූතය! නුඹ අවධානයෙන් බලනු. ව්යාජ වර්ණනා වලින් ඔවුන් නුඹ ව කෙසේ නම් වර්ණනය කර සිටින්නේදැයි නුඹ පුදුමයට පත් වනු ඇත. ඔවුහු විටෙක "හූනියම් කරුවෙකි" යැයි පවසති. විටෙක "හූනියම් කරනු ලැබූවෙකි" යැයි පවසති. තවත් විටෙක "උම්මත්තකයෙකු" යැයි පවසති. සත්යයෙන් පෙරළුණු ඒ හේතුවෙන් ඔවුහු මුළා වී ගියෝය. යහ මග වෙත වූ මාර්ගයේ ගමන් කිරීමට ඔවුනට හැකියාවක් නැත. නුඹේ අවංකකම හා නුඹේ විශ්වාසය තක්සේරු කිරීමට ද ඔවුනට හැකියාවක් නැත

تَبَارَكَ ٱلَّذِىٓ إِن شَآءَ جَعَلَ لَكَ خَيْرًۭا مِّن ذَٰلِكَ جَنَّـٰتٍۢ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَـٰرُ وَيَجْعَل لَّكَ قُصُورًۢا ﴿١٠﴾

අල්ලාහ් උත්කෘෂ්ඨ විය. ඔහු වනාහි ඔහු අභිමත කළේ නම්, ඔවුන් යෝජනා කරන පරිදි නුඹ එහි පලතුරු අනුභව කරනු වස් මෙලොවෙහි මාලිගාවන් හා ගස් වලට පහළින් ගංගාවන් ගලා බස්නා වතු යායන් නුඹට ඇති කිරීමෙන් හා සැප පසුකම් සහිත ව නුඹ එහි වාසය කිරීමට මාලිගාවන් නුඹට ඇති කිරීමෙන් යහපත් දෑ නුඹ වෙනුවෙන් ඔහු සූදානම් කර දෙනු ඇත

بَلْ كَذَّبُوا۟ بِٱلسَّاعَةِ ۖ وَأَعْتَدْنَا لِمَن كَذَّبَ بِٱلسَّاعَةِ سَعِيرًا ﴿١١﴾

සත්යය සෙවීමෙන් හා සාක්ෂි හා සාධක ගැන සෙවීමෙන් හෙළි වූ ප්රකාශයන් ඔවුන්ගෙන් හෙළි වූයේ නැත. නමුත් සිදු වූයේ සැබවින්ම ඔවුන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය බොරු කරමින් සිටීමය. කවරෙකු මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය බොරු කළේ ද දැඩි ලෙස දැවෙන මහත් ගින්නක් අපි ඔහු වෙනුවෙන් සූදානම් කර ඇත්තෙමු. إذا رأتهم من مكانبعيد سمعوالها تغيظا وزفيرا

إِذَا رَأَتْهُم مِّن مَّكَانٍۭ بَعِيدٍۢ سَمِعُوا۟ لَهَا تَغَيُّظًۭا وَزَفِيرًۭا ﴿١٢﴾

දේව ප්රතික්ෂේපකයින් නිරා ගින්නට ඇදගෙන යනු ලබමින් සිටිය දී නිරා ගින්න ඔවුන් ව දෑසින් දකින විට ඔවුන් කෙරෙහි එයට ඇති දැඩි කෝපය හේතුවෙන් දුර සිටම දැඩි ලෙස බුර බුරා නගන එහි හඬට හා කරදරකාරී ලෙස නගන එහි හඬට ඔවුන් සවන් දෙනු ඇත. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

وَإِذَآ أُلْقُوا۟ مِنْهَا مَكَانًۭا ضَيِّقًۭا مُّقَرَّنِينَ دَعَوْا۟ هُنَالِكَ ثُبُورًۭا ﴿١٣﴾

ඔවුන්ගේ අත් ඔවුන්ගේ ගෙලවල් සමග දම්වැල් වලින් බැඳ දමනු ලැබ, නිරා ගින්නේ පටු තැනකට එම දේව ප්රතික්ෂේපකයින් හෙළනු ලැබූ විට, එයින් ඔවුන් මිදීමේ අපේක්ෂාවෙන් ඔවුන් ඔවුනටම විනාශය ඇයද සිටිති

لَّا تَدْعُوا۟ ٱلْيَوْمَ ثُبُورًۭا وَٰحِدًۭا وَٱدْعُوا۟ ثُبُورًۭا كَثِيرًۭا ﴿١٤﴾

අහෝ දේව ප්රතික්ෂේපකයිනි! නුඹලා එක් විනාශයක් පමණක් ඇයද නොසිටිනු. විනාශයන් රාශියක්ම ඇයද සිටිනු. නුඹලා පතන දෑ ට කිසිවිටෙක ප්රතිචාර දක්වනු නොලබන්නේමය. ඒ වෙනුවට නුඹලා වේදනා සහගත දඬුවමෙහි සදාකල් වෙසෙන්නෝ වෙති

قُلْ أَذَٰلِكَ خَيْرٌ أَمْ جَنَّةُ ٱلْخُلْدِ ٱلَّتِى وُعِدَ ٱلْمُتَّقُونَ ۚ كَانَتْ لَهُمْ جَزَآءًۭ وَمَصِيرًۭا ﴿١٥﴾

අහෝ දූතය! "නුඹලාට වර්ණනා කරනු ලැබූ දඬුවමින් සඳහන් කරන ලද මෙය නුඹලාට උතුම් ද එසේ නැතහොත් කිසිවිටෙක එහි ඇති සැප පහසුකම් කප්පාදු නොවන, එය එහි අඛණ්ඩ ව පවතින සදාතනික ස්වර්ගය උතුම් ද?" යැයි ඔවුනට පවසනු.එය අල්ලාහ්ගේ ගැත්තන් අතරින් දේව හැඟීමෙන් යුතු ව කටයුතු කරන භක්තිකයින් හට පිරිනමන තිළිණයක් වනු පිණිසත් හා මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් ඒ වෙත යොමු වන ස්ථානයක් වනු පිණිසත් අල්ලාහ් ඔවුනට ප්රතිඥා දුන් ප්රතිඥාවකි

لَّهُمْ فِيهَا مَا يَشَآءُونَ خَـٰلِدِينَ ۚ كَانَ عَلَىٰ رَبِّكَ وَعْدًۭا مَّسْـُٔولًۭا ﴿١٦﴾

මෙම ස්වර්ගයේ ඔවුන් අභිමත කරන සැප පහසුකම් ඔවුනට ඇත. එය අල්ලාහ් වෙත පවරා ගත් ප්රතිඥාවකි. ඔහුගේ බැතිමත් ගැත්තන් ඔහුගෙන් එය ඉල්ලා සිටියි. අල්ලාහ්ගේ ප්රතිඥාව තහවුරුය. ඔහු ප්රතිඥා කඩ නොකරන්නේය

وَيَوْمَ يَحْشُرُهُمْ وَمَا يَعْبُدُونَ مِن دُونِ ٱللَّهِ فَيَقُولُ ءَأَنتُمْ أَضْلَلْتُمْ عِبَادِى هَـٰٓؤُلَآءِ أَمْ هُمْ ضَلُّوا۟ ٱلسَّبِيلَ ﴿١٧﴾

බොරුකාර දේව ආදේශකයින් හා අල්ලාහ් හැර දමා ඔවුන් නමදිමින් සිටි දෑ එක් රැස් කරන දිනයේ එසේ නමදිමින් සිටි අය හෙළා දකිමින් නැමදුමට ලක්වුවන්ගෙන් ඔහු මෙසේ විමසා සිටියි. "නුඹලාට නමදින මෙන් මාගේ ගැත්තන්හට නුඹලා නියෝග කොට, ඔවුන් ව නොමග හැරියේ නුඹලා ද? එසේ නැතහොත් ඔවුන් විසින්ම ඔවුන් නොමග ගියෝ ද?" යැයි විමසයි

قَالُوا۟ سُبْحَـٰنَكَ مَا كَانَ يَنۢبَغِى لَنَآ أَن نَّتَّخِذَ مِن دُونِكَ مِنْ أَوْلِيَآءَ وَلَـٰكِن مَّتَّعْتَهُمْ وَءَابَآءَهُمْ حَتَّىٰ نَسُوا۟ ٱلذِّكْرَ وَكَانُوا۟ قَوْمًۢا بُورًۭا ﴿١٨﴾

وكانوا قوما بورا නැමදුමට ලක්වූවෝ, "අපගේ පරමාධිපතියාණනි, ඔබට හවුල්කරුවකු වීමෙන් ඔබ පිවිතුරු ය. අපගේ භාරකාරත්වය පැවරීම සඳහා ඔබ හැර අන් කිසිවකු අප ගැනීම සුදුසු කාර්යයක් නොවීය. එසේ තිබියදී ඔබ අතහැර දමා අප නමදින මෙන් ඔබේ ගැත්තන්හට අප ඇරයුම් කර සිටිය හැක්කේ කෙසේද? නමුත් මෙම දේව ආදේශකයින්හට ඔබේ මතකය අමතක වී ඔබ සමග වෙනත් කෙනෙකු ඔවුන් නමදින තුරු ඔවුන් පියවරෙන් පියවර මෙලොව ආශාවන්ගෙන් භුක්ති විඳින්නට ඔබ සැලැස්වූයෙහිය. ඔවුනට පෙර ඔවුන්ගේ මුතුන් මිත්තන්හටද භුක්ති විඳින්නට සැලැස්වූයෙහිය. ඔවුන්ගේ අභාග්යවන්තකම නිසා ඔවුහු විනාශ වී ගිය පිරිසක් බවට පත් වූහ." යැයි පවසන්නෝය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

فَقَدْ كَذَّبُوكُم بِمَا تَقُولُونَ فَمَا تَسْتَطِيعُونَ صَرْفًۭا وَلَا نَصْرًۭا ۚ وَمَن يَظْلِم مِّنكُمْ نُذِقْهُ عَذَابًۭا كَبِيرًۭا ﴿١٩﴾

අහෝ දේවත්වය ආදේශ කරන්නනි! අල්ලාහ් හැර දමා නුඹලා නමදිමින් සිටි ඔවුන් පිළිබඳ කවර තර්කයක නුඹලා නිරත වූයෙහු ද ඒ ගැන ඔවුහුම නුඹලා බොරු කාරයින් බව ප්රකාශ කර ඇත. එහෙයින් නුඹලාගේ ආත්මාවන් දඬුවමින් වළක්වාගන්නට නුඹලාට නොහැක. නුඹලාගේ නොහැකියාව නිසා ඒවාට උදව් කිරීමට ද නොහැක. අහෝ දේවත්වය විශ්වාස කරන්නනි! නුඹලා අතරින් කවරෙකු අල්ලාහ්ට ආදේශ තබමින් අපරාධ සිදු කරන්නේ ද එවැන්නන්හට භුක්ති විඳින්නට සලස්වන කවර කරුණක් මෙනෙහි කර ඇත්තේ ද එවැනි අතිමහත් දඬුවමක් විඳින්නට අපි සලස්වමු

وَمَآ أَرْسَلْنَا قَبْلَكَ مِنَ ٱلْمُرْسَلِينَ إِلَّآ إِنَّهُمْ لَيَأْكُلُونَ ٱلطَّعَامَ وَيَمْشُونَ فِى ٱلْأَسْوَاقِ ۗ وَجَعَلْنَا بَعْضَكُمْ لِبَعْضٍۢ فِتْنَةً أَتَصْبِرُونَ ۗ وَكَانَ رَبُّكَ بَصِيرًۭا ﴿٢٠﴾

අහෝ දූතය! නුඹට පෙර සිටි දහම් දූතවරුන් අතරින් කිසිදු දූතයකු මිනිසෙකු ලෙසින් මිස නොඑව්වෙමු. ඔවුහු ආහාර අනුභව කරමින් හා වෙළඳපොළවල්වල සැරිසරමින් සිටියහ. එය දහම් දූතවරුන්හට නව කරුණක් නොවීය. අහෝ ජනයිනි! නුඹලා එකිනෙකා අතර පොහොසත්කම දිළිඳුකම, සුවය හා රෝගීබව යනාදියෙහි වෙනස්කම් හේතුවෙන් එය පරීක්ෂාවක් බවට අපි ඇති කළෙමු. නුඹලා කවර කරුණක් මත පරීක්ෂාවට ලක්වන්නේ ද ඒ මත ඉවසීමෙන් කටයුතු කළ යුතු නොවේ ද? එවිට අල්ලාහ් නුඹලාගේ ඉවසීමට ප්රතිඵල පිරිනමනු ඇත. ඉවසීමෙන් කටයුතු කරන්නන් හා එසේ ඉවසීමෙන් කටයුතු නොකරන්නන් කවුරුන් දැ යි ද, ඔහුට අවනත වන්නන් හා ඔහුට පිටුපාන්නන් කවුරුන් දැ යි ද ඔබේو පරමාධිපති නිරීක්ෂා කරමින් සිටියි

۞ وَقَالَ ٱلَّذِينَ لَا يَرْجُونَ لِقَآءَنَا لَوْلَآ أُنزِلَ عَلَيْنَا ٱلْمَلَـٰٓئِكَةُ أَوْ نَرَىٰ رَبَّنَا ۗ لَقَدِ ٱسْتَكْبَرُوا۟ فِىٓ أَنفُسِهِمْ وَعَتَوْ عُتُوًّۭا كَبِيرًۭا ﴿٢١﴾

كبيرا අපගේ හමු ව බලාපොරොත්තු නොවන, අපගේ දඬුවම ගැන බිය නොවන දෙවියන් ප්රතික්ෂේප කළවුන් මෙසේ පවසා සිටියහ. “අප වෙත අල්ලාහ් මලක්වරුන් පහළ කොට මුහම්මද්ගේ සත්යතාව ගැන ඔවුන් අපට දන්වා සිටිය යුතු නොවේ ද? එසේ නැතහොත් අපගේ පරමාධිපති ව අපි දෑසින් දැක ඒ ගැන ඔහු අපට තොරතුරු දන්වා සිටිය යුතු නොවේ ද?" ඔවුන් ව දේව විශ්වාසයෙන් වළක්වන තරමට ඔවුන්ගේ සිත් තුළ උඩඟුකම බැරෑරුම් විය. දේව ප්රතික්ෂේපයේ හා පාපකම්හි සීමාව ඉක්මවමින් ඔවුන්ගේ ප්රකාශ ඉක්මවා ගොස් තිබිණ

يَوْمَ يَرَوْنَ ٱلْمَلَـٰٓئِكَةَ لَا بُشْرَىٰ يَوْمَئِذٍۢ لِّلْمُجْرِمِينَ وَيَقُولُونَ حِجْرًۭا مَّحْجُورًۭا ﴿٢٢﴾

එම දේව ප්රතික්ෂේපකයින් ඔවුන්ගේ මරණ අවස්ථාවේද මිනී වළ ජීවිතයේ ද, ඔවුන් යළි අවදි කරනු ලබන අවස්ථාවේද ,විනිශ්චය සඳහා ඔවුන් ඇදගෙන යනු ලබන විට ද, ඔවුන් නිරයට ඇතුළත් කරනු ලබන විට ද මලක්වරුන් ව දෑසින් දකින දින එම ස්ථානයන්හි ඔවුනට කිසිදු ශුභාරංචියක් නොවනු ඇත. දේව විශ්වාසීන්ට හාත්පසින්ම වෙනස් ආකාරයකින් එය පිහිටනු ඇත. මලක්වරු ඔවුනට තහනම්ය. "අල්ලාහ්ගෙන් වූ ශුභාරංචි නුඹලා වෙත තහනම් කරනු ලැබ ඇත!" යැයි පවසති

وَقَدِمْنَآ إِلَىٰ مَا عَمِلُوا۟ مِنْ عَمَلٍۢ فَجَعَلْنَـٰهُ هَبَآءًۭ مَّنثُورًا ﴿٢٣﴾

දේව ප්රතික්ෂේපකයින් මෙලොවෙහි සිදු කළ දැහැමි හා යහපත් ක්රියාවන් දිගු හැර ජනේලයෙන් ඇතුළු වන හිරු එළිය තුළ බලන්නා දකින, වෙන් වෙන් වශයෙන් පවතින දූවිලි මෙන් කිසිදු ප්රයෝජනයක් නොමැති නිෂ්ඵල දෙයක් බවට අපි පත් කරන්නෙමු. بلغ අල්-කුර්ආන් · තෆ්සීර් ر

أَصْحَـٰبُ ٱلْجَنَّةِ يَوْمَئِذٍ خَيْرٌۭ مُّسْتَقَرًّۭا وَأَحْسَنُ مَقِيلًۭا ﴿٢٤﴾

මෙම දේව ප්රතික්ෂේපකයින් මෙලොව ගත කළ කාලයට වඩා එදින දේව විශ්වාසීන් වන ස්වර්ගවාසීහු නිලයෙන් වඩාත් උසස් හා විවේකී ස්ථානයෙන් වඩාත් සුඛෝපභෝගී ස්ථානයක පසු වෙති. එය ඔවුන් අල්ලාහ් ව විශ්වාස කළ බැවින් හා ඔවුන්ගේ දැහැමි කටයුතු හේතුවෙනි

وَيَوْمَ تَشَقَّقُ ٱلسَّمَآءُ بِٱلْغَمَـٰمِ وَنُزِّلَ ٱلْمَلَـٰٓئِكَةُ تَنزِيلًا ﴿٢٥﴾

අහෝ දූතයිනි! තුනී සුදු වලාකුළෙන් අහස පැළී; මහ්ෂර් නම් එක් රැස් කරන භූමිය වෙත අධික වශයෙන් මලක්වරුන් පහළ කරනු ලබන දිනය පිළිබඳ මෙනෙහි කරනු

ٱلْمُلْكُ يَوْمَئِذٍ ٱلْحَقُّ لِلرَّحْمَـٰنِ ۚ وَكَانَ يَوْمًا عَلَى ٱلْكَـٰفِرِينَ عَسِيرًۭا ﴿٢٦﴾

සැබෑ ස්ථාවර ආධිපත්යය වනුයේ මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මහා කරුණාන්විතයාණන් සතු ආධිපත්යයයි. එදින දේවත්වය විශ්වාස කරන්නන්හට මෙන් නොව දේවත්වය ප්රතික්ෂේප කරන්නන් හට දුෂ්කර දිනයක් වනු ඇත. සැබවින්ම ඔවුනට එය පහසු දිනයකි

وَيَوْمَ يَعَضُّ ٱلظَّالِمُ عَلَىٰ يَدَيْهِ يَقُولُ يَـٰلَيْتَنِى ٱتَّخَذْتُ مَعَ ٱلرَّسُولِ سَبِيلًۭا ﴿٢٧﴾

අහෝ දූතය! අපරාධකරුවා දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ව පිළිපැදීම අතහැර දැමූ හේතුවෙන් ඒ ගැන ඔහු දැඩි සේ පසුතැවිලි වී, "දහම් දූතයාණන් කවර කරුණක් ඔහුගේ පරමාධිපති වෙතින් ගෙන ආවේ ද එය මා පිළිපදිමින් ඒ සමග ජය්රගහණය වෙත වූ මගක් සොයා ගන්නට මට තිබුණා නොවේ ද?" යැයි පවසා ඔහුගේ දෑත් සපා ගන්නා දිනය පිළිබඳ මෙනෙහි කරනු. يويلت ليتنى لم أت خذ فلانا خليلا

يَـٰوَيْلَتَىٰ لَيْتَنِى لَمْ أَتَّخِذْ فُلَانًا خَلِيلًۭا ﴿٢٨﴾

ඔහු දැඩි කනස්සල්ලෙන් යුතු ව තමන්ටම විනාශය පතමින් "අහෝ මාගේ විනාශය! දේව ප්රතික්ෂේපකයා ව මා මිතුරෙකු ලෙස නොගන්නට තිබුණා නොවේදැ?" යි පවසයි

لَّقَدْ أَضَلَّنِى عَنِ ٱلذِّكْرِ بَعْدَ إِذْ جَآءَنِى ۗ وَكَانَ ٱلشَّيْطَـٰنُ لِلْإِنسَـٰنِ خَذُولًۭا ﴿٢٩﴾

"දූතයාණන්ගේ මාර්ගය පිළිබඳ මට දැනුම්වත් කළ පසු ව මෙම දේව ප්රතික්ෂේපක මිතුරා අල් කුර්ආනයෙන් මා නොමග යැවීය. ෂෙයිතාන් මිනිසාට දැඩි ද්රෝහියෙකු විය. ඔහුට යම් විපතක් පහළ වූ විට ඔහු ඔහුගෙන් ඉවත් ව යයි."

وَقَالَ ٱلرَّسُولُ يَـٰرَبِّ إِنَّ قَوْمِى ٱتَّخَذُوا۟ هَـٰذَا ٱلْقُرْءَانَ مَهْجُورًۭا ﴿٣٠﴾

එදින දූතයාණන් තම සමූහයාගේ තත්ත්වය පැමිණිලි කරමින් "මාගේ පරමාධිපතියාණනි! නුඹ මා කවර සමූහයක් වෙත එව්වේ ද සැබවින්ම එම සමූහයා මෙම අල් කුර්ආනය අතහැර දැමුවෝය. එයට පිටුපෑවෝය." යැයි පවසයි. بلغ අල්-කුර්ආන් · තෆ්සීර් و

وَكَذَٰلِكَ جَعَلْنَا لِكُلِّ نَبِىٍّ عَدُوًّۭا مِّنَ ٱلْمُجْرِمِينَ ۗ وَكَفَىٰ بِرَبِّكَ هَادِيًۭا وَنَصِيرًۭا ﴿٣١﴾

අහෝ දූතය! නුඹේ සමූහයා අතරින් නුඹ දුක්වේදනාවන්ට හා නුඹ යන මාර්ගයෙන් වැළැක්වීමට නුඹ මුහුණ දුන්නා සේම නුඹට පෙර සිටි නබිවරුන්ගෙන් සෑම නබිවරයකුටම ඔහුගේ සමූහයා අතර සිටි අපරාධකරුවන්ගෙන් සතුරෙකු ඇති කළෙමු. සත්ය වෙත මග පෙන්වන්නට මග පෙන්වන්නෙකු වශයෙන් නුඹේ පරමාධිපති ප්රමාණවත්ය. එමෙන්ම නුඹේ සතුරාට එරෙහි ව උපකාර කරන උදව් කරුවකු වශයෙන් ද ඔහු ප්රමාණවත්ය

وَقَالَ ٱلَّذِينَ كَفَرُوا۟ لَوْلَا نُزِّلَ عَلَيْهِ ٱلْقُرْءَانُ جُمْلَةًۭ وَٰحِدَةًۭ ۚ كَذَٰلِكَ لِنُثَبِّتَ بِهِۦ فُؤَادَكَ ۖ وَرَتَّلْنَـٰهُ تَرْتِيلًۭا ﴿٣٢﴾

අල්ලාහ් ව ප්රතික්ෂේප කළවුන්, "දූතයා වෙත අල් කුර්ආනය වෙන් වෙන් ව කොටස් වශයෙන් පහළ කරනු නොලැබ, එකවර පහළ කරනු ලැබිය යුතු නොවේ ද?" යැයි විමසා සිටියෝය. අපි අල් කුර්ආනය එලෙස වෙන් වෙන් වශයෙන් පහළ කර ඇත්තෙමු. එසේ වරකට පසු වරක් අප එය පහළ කළේ නුඹේ හදවත ස්ථාවර කරනු පිණිසය. එමෙන්ම කරුණකින් පසු කරුණක් අප පහළ කළේ වටහා ගැනීමට හා ධාරණය කිරීමට නුඹට පහසු වනු පිණිසය

وَلَا يَأْتُونَكَ بِمَثَلٍ إِلَّا جِئْنَـٰكَ بِٱلْحَقِّ وَأَحْسَنَ تَفْسِيرًا ﴿٣٣﴾

අහෝ දූතය! දේව ආදේශකයින් කවර කරුණක් යෝජනා කරන්නේ ද එවන් දෙයක් අපි නුඹ මත ස්ථාවර සත්ය පිළිතුරක් තුළින් නුඹ වෙත ගෙන ඒමෙන් මිස ඔවුන් නුඹ වෙත ගෙන එන්නේ නැත. ඊටත් වඩා අලංකාර පැහැදිලි කිරීමක් නුඹ වෙත අපි ගෙන එන්නෙමු.ر

ٱلَّذِينَ يُحْشَرُونَ عَلَىٰ وُجُوهِهِمْ إِلَىٰ جَهَنَّمَ أُو۟لَـٰٓئِكَ شَرٌّۭ مَّكَانًۭا وَأَضَلُّ سَبِيلًۭا ﴿٣٤﴾

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන්ගේ මුහුණ මත මුණින් ඇද දමනු ලබමින් නිරය වෙත කැටුවා ගෙන යනු ලබන්නන් වනාහි, නවාතැනින් වඩාත් නපුරුම අය ඔවුහු වෙති. සැබවින්ම ඔවුන්ගේ ස්ථානය නිරයයි. එමෙන්ම සත්යය මාර්ගයෙන් වඩාත් දුරස් ව සිටින්නෝද වෙති. එය සැබවින්ම ඔවුන්ගේ එම මාර්ගය දේව ප්රතික්ෂේපයේ හා මුළාවෙහි මාර්ගය බැවිණි

وَلَقَدْ ءَاتَيْنَا مُوسَى ٱلْكِتَـٰبَ وَجَعَلْنَا مَعَهُۥٓ أَخَاهُ هَـٰرُونَ وَزِيرًۭا ﴿٣٥﴾

සැබවින්ම අපි මූසාට තව්රාතය පිරිනැමුවෙමු. ඔහුට සහායකයකු වනු පිණිස ඔහු සමග ඔහුගේ සහෝදර හාරූන් ව ද දූතයකු බවට පත් කළෙමු

فَقُلْنَا ٱذْهَبَآ إِلَى ٱلْقَوْمِ ٱلَّذِينَ كَذَّبُوا۟ بِـَٔايَـٰتِنَا فَدَمَّرْنَـٰهُمْ تَدْمِيرًۭا ﴿٣٦﴾

ඔවුන් දෙදෙනාට, "නුඹලා දෙදෙනා ෆිර්අවුන් වෙත හා අපගේ සංඥාවන් බොරු කළ ඔහුගේ සමූහයා වෙත යනු" යැයි අපි පැවසුවෙමු. එවිට ඔවුන් දෙදෙනා අපගේ නියෝගය පිළිපදිමින් ඔවුන් වෙත ගොස් අල්ලාගේ ඒකීයත්වය වෙත ඔවුන් ඇරයුම් කළෝය. නමුත් ඔවුහු ඔවුන් දෙදෙනා බොරු කර සිටියෝය. එවිට අපි ඔවුන් දැඩි විනාශයකින් විනාශ කළෙමු. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

وَقَوْمَ نُوحٍۢ لَّمَّا كَذَّبُوا۟ ٱلرُّسُلَ أَغْرَقْنَـٰهُمْ وَجَعَلْنَـٰهُمْ لِلنَّاسِ ءَايَةًۭ ۖ وَأَعْتَدْنَا لِلظَّـٰلِمِينَ عَذَابًا أَلِيمًۭا ﴿٣٧﴾

තවද නූහ් ගේ ජනයා දූතවරුන් බොරු යැයි පවසමින් නූහ් (අලයිහිස් සලාම්) තුමා ව බොරු කළ කල්හි අපි ඔවුන් මුහුදේ ගිල්වා විනාශ කළෙමු. ඔවුන්ගේ විනාශය අපරාධකරුවන් මුලිනුපුටා දැමීමේ අපගේ බලය පෙන්වා දෙන සාධකයක් බවට පත් කළෙමු. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ වේදනීය දඬුවමක් අපි එම අපරාධකරුවන් සඳහා සූදානම් කර ඇත්තෙමු

وَعَادًۭا وَثَمُودَا۟ وَأَصْحَـٰبَ ٱلرَّسِّ وَقُرُونًۢا بَيْنَ ذَٰلِكَ كَثِيرًۭا ﴿٣٨﴾

හූද්ගේ ජනයා, ආද් හා සාලිහ්ගේ ජනයා, සමූද් ද අපි විනාශ කළෙමු. එමෙන්ම ළිං වැසියන් ද විනාශ කළෙමු. මෙම තුන්ගොල්ලන් අතර වූ බොහෝ සමූහයන් ද අපිل විනාශ කළෙමු. ل

وَكُلًّۭا ضَرَبْنَا لَهُ ٱلْأَمْثَـٰلَ ۖ وَكُلًّۭا تَبَّرْنَا تَتْبِيرًۭا ﴿٣٩﴾

විනාශ කරනු ලැබූ සියලු අය අතරින් පෙර විසූ සමූහයන් විනාශ කිරීම හා ඒ සඳහා වූ සාධක අපි ඔහුට විස්තර කර පෙන්වූයේ ඔවුන් උපදෙස් ලබනු පිණිසය. ඔවුන්ගේ දේව ප්රතික්ෂේපය හා මුරණ්ඩුකම හේතුවෙන් දැඩි විනාශයක් සහිත ව අපි ඔවුන් සෑම කෙනෙකුවම විනාශ කළෙමු

وَلَقَدْ أَتَوْا۟ عَلَى ٱلْقَرْيَةِ ٱلَّتِىٓ أُمْطِرَتْ مَطَرَ ٱلسَّوْءِ ۚ أَفَلَمْ يَكُونُوا۟ يَرَوْنَهَا ۚ بَلْ كَانُوا۟ لَا يَرْجُونَ نُشُورًۭا ﴿٤٠﴾

අශිලාචාර සමලිංගික ක්රියාව හේතුවෙන් පාඩම් ලබනු පිණිස දඬුවමක් වශයෙන් ගල් වර්ෂාව හෙළන ලද ලූත්ගේ ජනයා විසූ ගම්මානය වෙත සැබවින්ම නුඹේ සමූහයා අතරින් බොරුකළවුන් -සිරියාවට යන විට-ගමන් කර ඇත. ඔවුහු එම ගම්මානය නොදැක අන්ධ ලෙස කටයුතු කරන්නෝද? නැත, මිය ගොස් යළි අවදි කිරීමෙන් පසු ව විනිශ්චය කරනු ලැබීම ඔවුන් බලාපොරොත්තු නොවී සිටියෝය

وَإِذَا رَأَوْكَ إِن يَتَّخِذُونَكَ إِلَّا هُزُوًا أَهَـٰذَا ٱلَّذِى بَعَثَ ٱللَّهُ رَسُولًا ﴿٤١﴾

අහෝ දූතය! මෙම බොරුකාරයෝ මුහුණට මුහුණ නුඹ ව මුණ ගැසුණේ නම් නුඹ ව හාස්යයට ලක් කරමින් හෙළා දැක අපහාස කරන අයුරින් මෙසේ පවසති. "අල්ලාහ් අප වෙත දූතයෙකු ලෙස එවිය යුත්තේ මොහු ව ද?"

إِن كَادَ لَيُضِلُّنَا عَنْ ءَالِهَتِنَا لَوْلَآ أَن صَبَرْنَا عَلَيْهَا ۚ وَسَوْفَ يَعْلَمُونَ حِينَ يَرَوْنَ ٱلْعَذَابَ مَنْ أَضَلُّ سَبِيلًا ﴿٤٢﴾

සැබවින්ම අපගේ දෙවිවරුන් නැමදීමෙන් අප වෙනතකට යොමු කරන්නට ඔහු තැත් කරයි. ඒවා නැමදීම මත අපි ඉවසීමෙන් නොසිටියේ නම් ඔහුගේ සාක්ෂි හා සාධක තුළින් අප එයින් වෙනතකට යොමු කරනු ඇත යැයි පවසති. ඔවුන්ගේ මිනීවළ වල් තුළ දී හෝ මළවුන් කෙරන් නැගිටුවනු ලබන දිනයේ දී දඬුවම ඔවුන් දෑසින් දකින විට මාර්ගයෙන් වඩාත් නොමග ගොස් ඇත්තේ ඔවුන් ද එසේ නැතහොත් ඔහු දැ?යි ඔවුන් මතු දැන ගනු ඇත. ඔවුන් අතරින් ද වඩාත් නොමග ගියවුන් කවුරුන්දැ?යි ඔවුන් විමසනු ඇත

أَرَءَيْتَ مَنِ ٱتَّخَذَ إِلَـٰهَهُۥ هَوَىٰهُ أَفَأَنتَ تَكُونُ عَلَيْهِ وَكِيلًا ﴿٤٣﴾

අහෝ දූතය! තම ආශාවන් දෙවියන් බවට පත් කර ගනිමින් එයට අවනත වූ තැනැත්තා දෙස නුඹ නොදුටුවෙහි ද? දේව විශ්වාසය වෙත නුඹ ඔහු නැවත යොමු කරවා, දේව ප්රතික්ෂේපයෙන් ඔහු ව වළක්වන ආරක්ෂකයකු වන්නෙහි ද? بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

أَمْ تَحْسَبُ أَنَّ أَكْثَرَهُمْ يَسْمَعُونَ أَوْ يَعْقِلُونَ ۚ إِنْ هُمْ إِلَّا كَٱلْأَنْعَـٰمِ ۖ بَلْ هُمْ أَضَلُّ سَبِيلًا ﴿٤٤﴾

අහෝ දූතය! අල්ලාහ්ගේ ඒකීයත්වය හා ඔහුට අවනත වන මෙන් නුඹ ඇරයුම් කරන බොහෝ දෙනා පිළිගන්නා අයුරින් ඔවුන් සවන් දෙනු ඇතැයි හෝ සාධක හා සාක්ෂි වටහා ගනු ඇතැයි හෝ නුඹ සිතන්නෙහි ද? ඔවුන් සවන් දීමෙහි ද වටහා ගැනීමෙහි ද අවබෝධ කර ගැනීමෙහි ද ගොවිපළ සතුන් මෙන් මිස නැත. එසේ නොව, ඔවුහු එම ගොවිපළ සතුන්ටත් වඩා නොමග ගියවුන් වෙති

أَلَمْ تَرَ إِلَىٰ رَبِّكَ كَيْفَ مَدَّ ٱلظِّلَّ وَلَوْ شَآءَ لَجَعَلَهُۥ سَاكِنًۭا ثُمَّ جَعَلْنَا ٱلشَّمْسَ عَلَيْهِ دَلِيلًۭا ﴿٤٥﴾

අහෝ දූතය! අල්ලාහ් මහ පොළොව මත හෙවණැල්ල දිගු හරින අවස්ථාවේ අල්ලාහ්ගේ මැවීම්හි සලකුණු දෙස නුඹ නොදුටුවෙහි ද? එය නොසෙල වී එක්තැන් කරන්නට ඔහු අභිමත කළේ නම් ඔහු එලෙස කරනු ඇත. පසු ව හිරු එයට සාධකයක් බවට පත් කළෙමු. එමගින් එය දිගු වෙයි. එමෙන්ම කෙටි වෙයි. ثم قبضنهإلينا قبضا يسيرا

ثُمَّ قَبَضْنَـٰهُ إِلَيْنَا قَبْضًۭا يَسِيرًۭا ﴿٤٦﴾

පසු ව හිරු ඉහළට නැගීම අනුව වස්තුවෙන් වස්තුවට සුළු වශයෙන් පිය නංවමින් එම හෙවණ අපි හසු කළෙමු

وَهُوَ ٱلَّذِى جَعَلَ لَكُمُ ٱلَّيْلَ لِبَاسًۭا وَٱلنَّوْمَ سُبَاتًۭا وَجَعَلَ ٱلنَّهَارَ نُشُورًۭا ﴿٤٧﴾

නුඹලා ව ආවරණය කරන; වස්තූන් ආවරණය කරන වස්ත්රයක ස්ථානයේ රාත්රිය නුඹලාට පත් කළේ අල්ලාහ්ය. එමෙන්ම නුඹලාගේ කාර්යබහුලතාවෙන් නුඹලා විවේක ගන්නා පරිදි විවේකී අවස්ථාවක් ලෙස ඔහු නුඹලාට නින්ද ඇති කළේය. තවද නුඹලාගේ කටයුතු සඳහා නුඹලා ගමන් කරන වේලාවක් බවට දහවල් කාලය ඔහු නුඹලාට ඇති කළේය

وَهُوَ ٱلَّذِىٓ أَرْسَلَ ٱلرِّيَـٰحَ بُشْرًۢا بَيْنَ يَدَىْ رَحْمَتِهِۦ ۚ وَأَنزَلْنَا مِنَ ٱلسَّمَآءِ مَآءًۭ طَهُورًۭا ﴿٤٨﴾

තවද ඔහු වනාහි, තම ගැත්තන්හට ඔහුගෙන් වූ ආශිර්වාදයක් වශයෙන් වර්ෂාව පහළ කිරීම ගැන සුබාරංචි දන්වන්නක් ලෙස සුළඟ පහළ කළේය. වැසි ජලය මගින් ඔවුන් පිරිසිදු වීම සඳහා එය පිරිසිදු ලෙස අහසින් අපි පහළ කළෙමු

لِّنُحْـِۧىَ بِهِۦ بَلْدَةًۭ مَّيْتًۭا وَنُسْقِيَهُۥ مِمَّا خَلَقْنَآ أَنْعَـٰمًۭا وَأَنَاسِىَّ كَثِيرًۭا ﴿٤٩﴾

පැළෑටි රහිත වූ වැහිරී ගිය භූමිය පහළ වන එම ජලය මගින් විවිධ පැළෑටි හට ගන්වා එහි සාරවත් බව විහිඳුවා අපි එය ජීවමාන කරනු පිණිස හා අප මැවූ ගොවිපළ සතුන් හා මිනිසුනට අධික වශයෙන් ජලය සපයනු පිණිසය

وَلَقَدْ صَرَّفْنَـٰهُ بَيْنَهُمْ لِيَذَّكَّرُوا۟ فَأَبَىٰٓ أَكْثَرُ ٱلنَّاسِ إِلَّا كُفُورًۭا ﴿٥٠﴾

අල් කුර්ආනයේ ඇති සාක්ෂි හා සාධක තුළින් ඔවුන් පාඩම් ලබනු පිණිස අපි ඒවා පැහැදිලි කළෙමු. විවිධත්වයට පත් කළෙමු. සත්යය ප්රතික්ෂේප කිරීමෙන් හා එය හෙළා දකිමින් මිස මිනිසුන් බහුතරයක් දෙනා එය පිළිගැනීමට පිටුපෑවෝය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර් ولو شئنا لبعثنا فى كل قرية نذيرا

وَلَوْ شِئْنَا لَبَعَثْنَا فِى كُلِّ قَرْيَةٍۢ نَّذِيرًۭا ﴿٥١﴾

අප අභිමත කළේ නම් සෑම ගම්මානයක් වෙතම අල්ලාහ්ගේ දඬුවම ගැන ඔවුනට අවවාද කරන, ඔවුන් බිය ගන්වන දූතයකු අප එවන්නට තිබුණි. නමුත් අපි එය අභිමත නොකළෙමු. සැබවින්ම අපි මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ව මුළු මිනිස් සංහතියටම දූතයකු ලෙස එව්වෙමු

فَلَا تُطِعِ ٱلْكَـٰفِرِينَ وَجَـٰهِدْهُم بِهِۦ جِهَادًۭا كَبِيرًۭا ﴿٥٢﴾

විනාශ කරන මෙන් කවර කරුණක් දේව ප්රතික්ෂේපකයින් නුඹගෙන් ඉල්ලා සිටින්නේ ද එමෙන්ම කවර යෝජනාවක් ඔවුන් විසින් ඉදිරිපත් කරන්නේ ද ඒ සම්බන්ධයෙන් නුඹලා ඔවුනට අවනත නොවනු. ඔවුන්ගේ හිංසාවන් මත හා අල්ලාහ් වෙත ඔවුන් ඇරයුම් කිරීමෙහි දරන දුෂ්කරතා මත ඉවසීමෙන් යුතු ව, නුඹලා වෙත පහළ කරනු ලැබූ අල් කුර්ආනය තුළින් ඉමහත් සේ කැප වී කටයුතු කරනු

۞ وَهُوَ ٱلَّذِى مَرَجَ ٱلْبَحْرَيْنِ هَـٰذَا عَذْبٌۭ فُرَاتٌۭ وَهَـٰذَا مِلْحٌ أُجَاجٌۭ وَجَعَلَ بَيْنَهُمَا بَرْزَخًۭا وَحِجْرًۭا مَّحْجُورًۭا ﴿٥٣﴾

සුවිශුද්ධයාණන් වන අල්ලාහ් සාගර දෙකෙහි ජලය එකිනෙක ගැටෙන්නට සලස්වන්නාය. ඒ දෙකෙහි කරදිය ජලය මිරිදිය ජලය සමග මුසු කළේය. ඒ දෙක අතර එකිනෙක මිශ්රවීමෙන් වළක්වන බාධකයක් හා ආවරණයක් බවට තිරයක් ඇති කළේය

وَهُوَ ٱلَّذِى خَلَقَ مِنَ ٱلْمَآءِ بَشَرًۭا فَجَعَلَهُۥ نَسَبًۭا وَصِهْرًۭا ۗ وَكَانَ رَبُّكَ قَدِيرًۭا ﴿٥٤﴾

පිරිමියාගේ ශුක්රාණුව හා කාන්තාවගේ බීජය තුළින් ඔහු මිනිසා මැව්වේය. මිනිසා මැවූ ඔහු ඥාතී සම්බන්ධකම් හා පරම්පරානුගත සම්බන්ධකම් ඇති කළේය. අහෝ දූතය! ඔබේ පරමාධිපති කිසිවෙකු විසින් පරාජය කළ නොහැකි බලවත් අයෙකි. ඔහුගේ බලමහිමයෙන් පිරිමියා හා කාන්තාවගේ ශුක්රාණුවෙන් ඔහු මිනිසා ව මැව්වේය

وَيَعْبُدُونَ مِن دُونِ ٱللَّهِ مَا لَا يَنفَعُهُمْ وَلَا يَضُرُّهُمْ ۗ وَكَانَ ٱلْكَافِرُ عَلَىٰ رَبِّهِۦ ظَهِيرًۭا ﴿٥٥﴾

දේව ප්රතික්ෂේපකයෝ අල්ලාහ් හැර දමා ඔවුන් ඒවාට අවනත වූයේ නම්, ඒවා ඔවුනට සෙත නොසලසන, ඒවාට පිටුපෑවේ නම් ඔවුනට හිංසාවක් නොකරන පිළිම වලට වන්දනාමාන කරති. දේව ප්රතික්ෂේපකයා අල්ලාහ් ව කෝපයට පත් කර වන ෂෙයිතාන් අනුගමනය කරන්නෙකු විය

وَمَآ أَرْسَلْنَـٰكَ إِلَّا مُبَشِّرًۭا وَنَذِيرًۭا ﴿٥٦﴾

අහෝ දූතය! කවරෙකු දේව විශ්වාසය හා දැහැමි ක්රියාවන් තුළින් අල්ලාහ්ට අවනත වන්නේද එවැන්නන්හට ශුභාරංචි දන්වන්නෙකු වශයෙන් හා කවරෙකු දේව ප්රතික්ෂේපය හා පිටුපෑම තුළින් පිටු දකින්නේ ද එවැන්නන්හට අවවාද කරන්නෙකු වශයෙන් මිස අපි නුඹ ව නොඑව්වෙමු

قُلْ مَآ أَسْـَٔلُكُمْ عَلَيْهِ مِنْ أَجْرٍ إِلَّا مَن شَآءَ أَن يَتَّخِذَ إِلَىٰ رَبِّهِۦ سَبِيلًۭا ﴿٥٧﴾

"අහෝ දූතය! වියදම් කිරීමෙන් අල්ලාහ්ගේ තෘප්තිය වෙත වූ මාර්ගය තෝරා ගැනීමට නුඹලා අතරින් කවරෙකු අභිමත කරන්නේ ද එවැන්නෙකුගෙන් හැර දේව පණිවිඩය ප්රචාරය කිරීම සඳහා මම නුඹලාගෙන් කිසිදු කුලියක් නොඉල්ලමි. එහෙයින් එසේ කටයුතු කරත්වා!" යැයි පවසනු. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

وَتَوَكَّلْ عَلَى ٱلْحَىِّ ٱلَّذِى لَا يَمُوتُ وَسَبِّحْ بِحَمْدِهِۦ ۚ وَكَفَىٰ بِهِۦ بِذُنُوبِ عِبَادِهِۦ خَبِيرًا ﴿٥٨﴾

අහෝ දූතය! නුඹේ සියලු කටයුතු වලදී අමරණීය සදා පැවැත්ම ඇති, ජීවමාන අල්ලාහ් මත භාර කරනු. සුවිශුද්ධයාණන් පැසසුම් කරමින් ඔහු ප්රශංසාවට ලක් කරනු. තම ගැත්තන්ගේ පාපයක ගැන තොරතුරු දැන ගන්නෙකු වශයෙන් ඔහු ප්රමාණවත්ය. ඒ කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඒ සඳහා ඔහු ඔවුනට ප්රතිඵල පිරිනමනු ඇත

ٱلَّذِى خَلَقَ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضَ وَمَا بَيْنَهُمَا فِى سِتَّةِ أَيَّامٍۢ ثُمَّ ٱسْتَوَىٰ عَلَى ٱلْعَرْشِ ۚ ٱلرَّحْمَـٰنُ فَسْـَٔلْ بِهِۦ خَبِيرًۭا ﴿٥٩﴾

ඔහු වනාහි, දින හයක් තුළ අහස් ද මහ පොළොව ද ඒ දෙක අතර ඇති දෑ ද මැව්වේය. පසු ව ඔහු ඉහළට නැග ඔහුගේ කීර්තියට ගැළපෙන පරිදි අර්ෂ් හි ඉහළින් ස්ථාපිත විය. ඔහු මහා කාරුණිකය. එහෙයින් අහෝ දූතය! ඒ පිළිබඳ තොරතුරු දන්නාගෙන් විමසා සිටිනු. ඔහු සියලු දෑ දන්නා අල්ලාහ්ය. ඔහුට කිසිවක් සැඟවෙන්නේ නැත

وَإِذَا قِيلَ لَهُمُ ٱسْجُدُوا۟ لِلرَّحْمَـٰنِ قَالُوا۟ وَمَا ٱلرَّحْمَـٰنُ أَنَسْجُدُ لِمَا تَأْمُرُنَا وَزَادَهُمْ نُفُورًۭا ۩ ﴿٦٠﴾

"මහා කරුණාන්විතයාණන්ට සුජූද් කරනු" යැයි දේවත්වය ප්රතික්ෂේප කරන්නන් හට කියනු ලැබූ විට, ඔවුහු "අපි මහා කරුණාන්විතයාණන්ට සුජූද් නොකරමු. මහා කරුණාන්විතයාණන් කවුරුන්ද? අපි ඔහු නොහඳුනමු. අපි ඔහු ව නොපිළිගන්නෙමු. ඔහුට සුජූද් කරන මෙන් නුඹ නියෝග කරන දෑ පිළිබඳ නොහඳුනන තත්ත්වයේ අප සුජූද් කළ යුතුදැ?"යි ඔවුහු විමසා සිටිති. ඔහුට සුජූද් කරන මෙන් ඔවුනට ඔහු කළ නියෝගය ඔහු ව විශ්වාස කිරීමෙන් ඔවුන් දුරස් කළාක් මිස වෙනත් කිසිවක් වර්ධනය කළේ නැත

تَبَارَكَ ٱلَّذِى جَعَلَ فِى ٱلسَّمَآءِ بُرُوجًۭا وَجَعَلَ فِيهَا سِرَٰجًۭا وَقَمَرًۭا مُّنِيرًۭا ﴿٦١﴾

ග්රහයන් හා තාරකා ගමනය සඳහා අහසේ ස්ථානයන් ස්ථාපිත කළ අල්ලාහ් උත්කෘෂ්ඨ විය. ඔහු ආලෝකය විහිඳුවන සූර්යයා අහසෙහි ඇති කළේය. එමෙන්ම එයට පටහැණිව හිරු ආලෝකයෙන් ආලෝකය ලබා භූමියට අලෝකය ලබා දෙන සඳු ද ඔහු එහි ඇති කළේය

وَهُوَ ٱلَّذِى جَعَلَ ٱلَّيْلَ وَٱلنَّهَارَ خِلْفَةًۭ لِّمَنْ أَرَادَ أَن يَذَّكَّرَ أَوْ أَرَادَ شُكُورًۭا ﴿٦٢﴾

අල්ලාහ්ගේ සංඥාවන් තුළින් උපදෙස් ලබා යහ මග ලබන්නට අපේක්ෂා කරන්නන්හට හෝ අල්ලාහ්ගේ ආශිර්වාද වලට කෘතවේදී වන්නට අපේක්ෂා කරන්නන්හට එකක් අනෙක පසුපස හඹා යන මාරුවෙන් මාරුව ගමන් කරන රාත්රිය හා දහවල පිළිවෙලින් ඇති කළේ අල්ලාහ්ය

وَعِبَادُ ٱلرَّحْمَـٰنِ ٱلَّذِينَ يَمْشُونَ عَلَى ٱلْأَرْضِ هَوْنًۭا وَإِذَا خَاطَبَهُمُ ٱلْجَـٰهِلُونَ قَالُوا۟ سَلَـٰمًۭا ﴿٦٣﴾

මහා කරුණාන්විතයාණන්ගේ විශ්වාසී ගැත්තන්, මහ පොළොව මත ඉතා යටහත් පහත් ව, අභිමානයෙන් යුතු ව ගමන් කරති. අඥානයින් ඔවුන් සමග කතා කරන විට ඔවුන් හා සමානව ඔවුනට මුහුණ නොදෙති. ඒ වෙනුවට ඔවුන් වෙත අඥානභාවයෙන් තොර ව ඉතා යහපත් ලෙස ඔවුනට කතා කරති

وَٱلَّذِينَ يَبِيتُونَ لِرَبِّهِمْ سُجَّدًۭا وَقِيَـٰمًۭا ﴿٦٤﴾

ඔවුන් වනාහි, ඔවුන්ගේ පරමාධිපති වෙනුවෙන් ඔවුන්ගේ නළල් මත සුජූද් කරමින් හා ඔවුන්ගේ පාද මත සිට ගනිමින් අල්ලාහ්ට නැමදුම් කරමින් රාත්රිය ගත කරන්නෝ වෙති. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

وَٱلَّذِينَ يَقُولُونَ رَبَّنَا ٱصْرِفْ عَنَّا عَذَابَ جَهَنَّمَ ۖ إِنَّ عَذَابَهَا كَانَ غَرَامًا ﴿٦٥﴾

තවද ඔවුන් වනාහි ඔවුන්ගේ පරමාධිපතිට ඔවුන් කරන ප්රාර්ථනාවෙහි, "අපගේ පරමාධිපතියාණනි! අප ව නිරයේ දඬුවමින් දුරස් කරනු මැනව! සැබවින්ම නිරයේ දඬුවම දේව ප්රතික්ෂේපකයකු ලෙස මිය යන්නාට අනිවාර්යය මෙන්ම සදා පවතින්නක් විය" යැයි පවසන්නෝ වෙති.ر

إِنَّهَا سَآءَتْ مُسْتَقَرًّۭا وَمُقَامًۭا ﴿٦٦﴾

සැබවින්ම එය එහි රැඳෙන්නන්හට නපුරු වාසස්ථානයක් විය. එමෙන්ම එහි පදිංචි වන්නන්හට නපුරු නවාතැනක් විය

وَٱلَّذِينَ إِذَآ أَنفَقُوا۟ لَمْ يُسْرِفُوا۟ وَلَمْ يَقْتُرُوا۟ وَكَانَ بَيْنَ ذَٰلِكَ قَوَامًۭا ﴿٦٧﴾

තවද ඔවුන් වනාහි ඔවුන්ගේ ධනය ඔවුන් වියදම් කරන විට ඔවුන්ගේ එම වියදම අපතේ යන තරමට නාස්ති නොකරති. ඔවුන් මෙන්ම (විය පැහැදම් කිරීම සඳහා) ඔවුන් වෙත පැවරුණු අනිවාර්යයන් හට වියදම් කිරීමෙහි ඔවුහු නාස්ති නොකරති. ඔවුන්ගේ වියදමෙහි නාස්ති කිරීම හා මසුරු වීම යන කරුණු දෙක අතරින් ඔවුන් මධ්යස්ථ සාධාරණ පිළිවෙතක් අනුගමනය කරති

وَٱلَّذِينَ لَا يَدْعُونَ مَعَ ٱللَّهِ إِلَـٰهًا ءَاخَرَ وَلَا يَقْتُلُونَ ٱلنَّفْسَ ٱلَّتِى حَرَّمَ ٱللَّهُ إِلَّا بِٱلْحَقِّ وَلَا يَزْنُونَ ۚ وَمَن يَفْعَلْ ذَٰلِكَ يَلْقَ أَثَامًۭا ﴿٦٨﴾

يلق أ ثاما තවද ඔවුන් වනාහි, සුවිශුද්ධ අල්ලාහ් සමග නැමදුම් ලබන වෙනත් කෙනෙකු ඇරයුම් නොකරති. ඝාතකයාට, දහම අතහැර දැමූ දහම් විරෝධියෙකුට හා දුරාචාරයෙහි නිරත වූ විවාහකයාට මරණ දඬුවම දියත් කිරීම සඳහා අල්ලාහ් අවසර දුන් මරණ දඬුවමක් හේතුවෙන් මිස අල්ලාහ් තහනම් කළ ජීවිතයක් නොනසති. දුරාචාරයෙහි නොයෙදෙති. කවරෙකු මෙම මහා පාපකම් සිදු කරන්නේ ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් සිදු කළ පාපය සඳහා දඬුවමට සුදුස්සන් වනු ඇත

يُضَـٰعَفْ لَهُ ٱلْعَذَابُ يَوْمَ ٱلْقِيَـٰمَةِ وَيَخْلُدْ فِيهِۦ مُهَانًا ﴿٦٩﴾

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දඬුවම ඔහුට ගුණ කර දෙනු ලැබේ. ඔහු දඬුවමෙහි නීච අවමානයට පත් වූ අයකු ලෙස සදා කල්ගත කරනු ඇත

إِلَّا مَن تَابَ وَءَامَنَ وَعَمِلَ عَمَلًۭا صَـٰلِحًۭا فَأُو۟لَـٰٓئِكَ يُبَدِّلُ ٱللَّهُ سَيِّـَٔاتِهِمْ حَسَنَـٰتٍۢ ۗ وَكَانَ ٱللَّهُ غَفُورًۭا رَّحِيمًۭا ﴿٧٠﴾

නමුත් කවරෙකු පසුතැවිලි වී, අල්ලාහ් වෙත විශ්වාස කොට, දැහැමි ක්රියාවන් සිදු කළේ ද ඔහුගේ පශ්චාත්තාය සත්ය බව එය පෙන්වා දෙනු ඇත. තම නපුරු ක්රියාවන් කුසල් බවට අල්ලාහ් පරිවර්තනය කර දෙනු ලබන්නෝ ඔවුහු වෙති. ඔහුගේ ගැත්තන් අතරින් කවරෙකු තම පාපකම් වෙනුවෙන් පාප ක්ෂමාව ඇයද සිටින්නේ ද ඔවුන් කෙරෙහි අල්ලාහ් අති ක්ෂමාශීලීය. ඔවුන් කෙරෙහි මහා කාරුණිකය

وَمَن تَابَ وَعَمِلَ صَـٰلِحًۭا فَإِنَّهُۥ يَتُوبُ إِلَى ٱللَّهِ مَتَابًۭا ﴿٧١﴾

කවරෙකු අල්ලාහ් වෙත පාප ක්ෂමාවෙහි නිරත වී පසු ව අවනත ක්රියාවන් ඉටු කරමින් හා පාපකම් අතහැර දමමින් ඔහුගේ පශ්චාත්තාපය ඔහු සහතික කළේ ද සැබවින්ම ඔහුගේ පාප ක්ෂමාව පිළිගනු ලබන්නක් වනු ඇත. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

وَٱلَّذِينَ لَا يَشْهَدُونَ ٱلزُّورَ وَإِذَا مَرُّوا۟ بِٱللَّغْوِ مَرُّوا۟ كِرَامًۭا ﴿٧٢﴾

තවද ඔවුන් වනාහි, පාපකම් සිදු වන ස්ථාන, තහනම් කරන ලද විනෝද සැණකිළි වලට සහභාගී නොවෙති. පුහු වදන් හා ප්රකාශ ඇති වන ස්ථාන අසලින්م ඔවුන් ගමන් ගත් විට එය තරණය කරමින් ගමන් කරති

وَٱلَّذِينَ إِذَا ذُكِّرُوا۟ بِـَٔايَـٰتِ رَبِّهِمْ لَمْ يَخِرُّوا۟ عَلَيْهَا صُمًّۭا وَعُمْيَانًۭا ﴿٧٣﴾

එමෙන්ම අල්ලාහ්ගේ පාඨ සවන් දෙන්නට සැලැස්වීමෙන් හා දකින්නට සැලස්වීමෙන් මෙනෙහි කරනු ලැබූ විට ඔවුන් සවන් දෙනු ලබන පාඨ වෙත සවන් දෙන විට ඔවුන්ගේ කන් බිහිරි බවින් සවන් නොදෙති. එමෙන්ම දකින්නට සලස්වන ලැබූ පාඨ දෙස බලන විට අන්ධ ලෙස නොබලති

وَٱلَّذِينَ يَقُولُونَ رَبَّنَا هَبْ لَنَا مِنْ أَزْوَٰجِنَا وَذُرِّيَّـٰتِنَا قُرَّةَ أَعْيُنٍۢ وَٱجْعَلْنَا لِلْمُتَّقِينَ إِمَامًا ﴿٧٤﴾

ඔවුන්ගේ ප්රාර්ථනාවෙහි ඔවුන්ගේ පරමාධිපතිට “අපගේ පරමාධිපතියාණනි! අපගේ බිරියන් හා දරුවන් අතරින් භක්තිමත්භාවය හා සත්ය මත පිහිටීමෙන් අපගේ නෙත් පිනවන අයවලුන් අපට පත් කර දෙනු මැනව! අප පිළිපදිනු ලබන බැතිමතුන් සත්යය තුළ මෙහෙයවන නායකයින් බවට අප පත් කරනු මැනව!

أُو۟لَـٰٓئِكَ يُجْزَوْنَ ٱلْغُرْفَةَ بِمَا صَبَرُوا۟ وَيُلَقَّوْنَ فِيهَا تَحِيَّةًۭ وَسَلَـٰمًا ﴿٧٥﴾

මෙම ගුණාංග වලින් වර්ණනා කරනු ලැබුවෝ, ඔවුන් අල්ලාහ්ට අවනත වීමෙහි ඉවසීමෙන් කටයුතු කළ හේතුවෙන්, ස්වර්ගයේ උසස් ෆිර්දවුස් හි උසස් කුටි ඔවුනට පිරිනමනු ලැබේ. එහි ඔවුන් මලක්වරුන් විසින් සුබ පතා සලාම් පවසා පිළිගනු ලබති. සියලු උවදුරු වලින් නිදහස් වرසාමයෙන් එහි සිටිති

خَـٰلِدِينَ فِيهَا ۚ حَسُنَتْ مُسْتَقَرًّۭا وَمُقَامًۭا ﴿٧٦﴾

ඔවුහු එහි සදා රැඳී සිටිති. ඔවුන් වාසය කරන වාසස්ථානය මෙන්ම එහි ඔවුන් නවාතැන් ගන්නා නවාතැන යහපත් විය

قُلْ مَا يَعْبَؤُا۟ بِكُمْ رَبِّى لَوْلَا دُعَآؤُكُمْ ۖ فَقَدْ كَذَّبْتُمْ فَسَوْفَ يَكُونُ لِزَامًۢا ﴿٧٧﴾

අහෝ දූතය! ඔවුන්ගේ දේව ප්රතික්ෂේපය මත ගැලී සිටින දේව ප්රතික්ෂේපකයින්ට නුඹ මෙසේ පවසනු. "මාගේ පරමාධිපති නුඹලා ගැන සැලකිලිමත් වනුයේ නුඹලා අවනත වෙමින් ඔහු වෙත ප්රයෝජනවත් ආකාරයෙන් යොමු වීමෙනි. සැබවින්ම ඔහුට නැමදුම් කරමින් ප්රාර්ථනා කරන කණ්ණලව් කරමින් ප්රාර්ථනා කරන ගැත්තන් නොවී නම් නුඹලා ගැන නොසලකා හරින්නට තිබුණි. නමුත් නුඹලාගේ පරමාධිපතිගෙන් දූතයාණන් නුඹලා වෙත ගෙන ආ දෑ නුඹලා බොරු කළෙහුය. එසේ බොරු කරමින් සිටීම සඳහා වූ ප්රතිවිපාකය නුඹලාට අනිවාර්යෙන් මතු හිමි වනු ඇත. මූලාශ්‍රය: අල්-මුඃතසර් ෆී තෆ්සීරිල් කුර්ආන්

ඉගෙන ගන්න · Al-Furqaan — الفرقان

අනුගමනය · පුනරාවර්තනය · පැවසීම · ලියාපදිංචිය අවශ්‍ය නැත

තෆ්සීර් · 31 භාෂා