මුල් පිටුවතෆ්සීර්An-Noor (24)

තෆ්සීර් An-Noor (24) — النور

මදනී · 64 වාක්‍ය

කියවන්න · අහන්නPDF ගොනුව

سُورَةٌ أَنزَلْنَـٰهَا وَفَرَضْنَـٰهَا وَأَنزَلْنَا فِيهَآ ءَايَـٰتٍۭ بَيِّنَـٰتٍۢ لَّعَلَّكُمْ تَذَكَّرُونَ ﴿١﴾

මෙය පරිච්ඡේදයකි. අපි එය පහළ කළෙමු. එහි නීති ක්රියාත්මක කරන මෙන් අපි බලාත්මක කළෙමු. එහි පැහැදිළි වදන් අපි පහළ කළෙමු. එය එහි ඇති නීති පිළිබඳ නුඹලා මෙනෙහි කොට ඒ අනුව ක්රියා කරනු ඇතැයි යන යහපත් බලාපොරොත්තුවෙනි

ٱلزَّانِيَةُ وَٱلزَّانِى فَٱجْلِدُوا۟ كُلَّ وَٰحِدٍۢ مِّنْهُمَا مِا۟ئَةَ جَلْدَةٍۢ ۖ وَلَا تَأْخُذْكُم بِهِمَا رَأْفَةٌۭ فِى دِينِ ٱللَّهِ إِن كُنتُمْ تُؤْمِنُونَ بِٱللَّهِ وَٱلْيَوْمِ ٱلْـَٔاخِرِ ۖ وَلْيَشْهَدْ عَذَابَهُمَا طَآئِفَةٌۭ مِّنَ ٱلْمُؤْمِنِينَ ﴿٢﴾

කන්යා තත්ත්වයේ පසුවන කාම මිථ්යාචාරයේ නියැළෙන කාන්තාවන් හා පිරිමින් වනාහි, ඔවුන් දෙදෙනාගෙන් සෑම කෙනෙකුටම කසපහරවල් සියයක් බැගින් දෙනු. නුඹලා අල්ලාහ් හා අවසන් දිනය විශ්වාස කරන්නෙහු නම්, ඔවුන් දෙදෙනාට දඬුවම් ක්රියාත්මක කළ නොහැකි පරිදි හෝ ඔවුන් දෙදෙනාට එම දඬුවම ලිහිල් කරන පරිදි කරුණාවක් හෝ අනුකම්පාවක් හෝ නුඹලාව ග්රහණය නොකළ යුතු වේ. ඔවුන් දෙදෙනාට දඬුවම ක්රියාත්මක කිරීම සඳහා දේව විශ්වාසීන් අතරින් පිරිසික් ඉදිරිපත් විය යුතුය. ඒ සමගම එය ඔවුන් දෙදෙනාට ප්රසිද්ධියේ අපහාසයක් වනු ඇත. එමෙන්ම ඔවුන් දෙදෙනාටත් ඔවුන් නොවන සෙසු ජනයාටත් එය වැළැක්වීමක් වනු ඇත

ٱلزَّانِى لَا يَنكِحُ إِلَّا زَانِيَةً أَوْ مُشْرِكَةًۭ وَٱلزَّانِيَةُ لَا يَنكِحُهَآ إِلَّا زَانٍ أَوْ مُشْرِكٌۭ ۚ وَحُرِّمَ ذَٰلِكَ عَلَى ٱلْمُؤْمِنِينَ ﴿٣﴾

කාමයේ වරදවා හැසිරීම ගැන දොස් නගමින්, සැබැවින්ම කවරෙකු එය පුරුද්දක් ලෙස ගත්තේ ද ඔහු මෙන් ගණිකාවක් හෝ දේව ආදේශකයෙක් හෝ මිස විවාහ වීමට අකමැති වෙයි. ඇයව විවාහ කර ගැනීමට අවසර නොමැති විට ඇය වේශ්යාකමට බිය නොවේ. එමෙන්ම කාමයේ වරදවා හැසිරීම පුරුද්දක් කරගත් කාන්තාවක් ඇය මෙන් කාම මිථ්යාදාරියකු හෝ දෙවියන්ට ආදේශ තබන්නෙකු හෝ මිස විවාහ වීමට අකමැති වෙයි. ඔහු සමඟ ඇයගේ විවාහයේ පාරිශුද්ධ භාවය ගැන ඔහු ආශා නොකරයි. කාම අපචාරයේ යෙදුණු කාන්තාවක් විවාහ කර ගැනීම හෝ කාම අපචාරයේ යෙදුණු පිරිමියෙකු දේව විශ්වාසීන්හට විවාහ කර දීම හෝ තහනම් කරනු ලැබූවකි

وَٱلَّذِينَ يَرْمُونَ ٱلْمُحْصَنَـٰتِ ثُمَّ لَمْ يَأْتُوا۟ بِأَرْبَعَةِ شُهَدَآءَ فَٱجْلِدُوهُمْ ثَمَـٰنِينَ جَلْدَةًۭ وَلَا تَقْبَلُوا۟ لَهُمْ شَهَـٰدَةً أَبَدًۭا ۚ وَأُو۟لَـٰٓئِكَ هُمُ ٱلْفَـٰسِقُونَ ﴿٤﴾

කවරෙකු නිර්මල කාන්තාවන්හට (එමෙන්ම ඔවුන් හා සමාන නිර්මල පිරිමින්හට) අශීලාචාර (කාමයේ වරදවා හැසිරීමක්) ගැන බොරු චෝදනා එල්ල කොට පසු ව එසේ ඔවුන් කවර චෝදනාවක් එල්ල කළේ ද ඒ සඳහා සාක්ෂි හතරක් ඉදිරිපත් නොකළේ නම්, අහෝ බලධාරීනී! ඔවුනට කසපහරවල් අසූවක් දෙනු. කිසිවිටෙක ඔවුන් වෙනුවෙන් සාක්ෂි පිළිනොගනු. කවරෙකු නිර්මලයන්හට කාමයේ වරදවා හැසිරීමක් සම්බන්ධයෙන් බොරු චෝදනා එල්ල කරන්නේ ද ඔවුහු අල්ලාහ්ට අවනත වීමෙන් බැහැරවූවෝ වෙති

إِلَّا ٱلَّذِينَ تَابُوا۟ مِنۢ بَعْدِ ذَٰلِكَ وَأَصْلَحُوا۟ فَإِنَّ ٱللَّهَ غَفُورٌۭ رَّحِيمٌۭ ﴿٥﴾

නමුත් ඔවුන් එසේ චෝදනා ඉදිරිපත් කළ පසු ව අල්ලාහ් වෙත පශ්චාත්තාප වී ඔවුන්ගේ ක්රියාවන් හැඩගස්වා ගත් අය හැර. සැබැවින්ම ඔවුන්ගේ පාපක්ෂමාව හා ඔවුන්ගේ සාක්ෂිය අල්ලාහ් පිළිගන්නේය. සැබැවින්ම අල්ලාහ් ඔහුගේ ගැත්තන් අතරින් කවරෙකු පාපක්ෂමා අයැද සිටින්නේ ද ඔහුට ක්ෂමාව පිරිනමන්නාය. ඔවුන් කෙරෙහි මහා කාරුණිකය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

وَٱلَّذِينَ يَرْمُونَ أَزْوَٰجَهُمْ وَلَمْ يَكُن لَّهُمْ شُهَدَآءُ إِلَّآ أَنفُسُهُمْ فَشَهَـٰدَةُ أَحَدِهِمْ أَرْبَعُ شَهَـٰدَٰتٍۭ بِٱللَّهِ ۙ إِنَّهُۥ لَمِنَ ٱلصَّـٰدِقِينَ ﴿٦﴾

ස්වාමිපුරුෂයින් විසින් තමන්ගේ බිරින්ඳෑවරුන්ට කවර කරුණක් සම්බන්ධයෙන් අපවාද එල්ල කළේ ද එසේ ඔවුන් එල්ල කළ අපවාදයේ නිවැරදිතාව ඔප්පු කිරීම සඳහා තමන් හැර වෙනත් සාක්ෂිකරුවන් ඔවුනට නොමැති වී නම්, ඔවුන් අතරින් එක් අයකු තම බිරියට සිදු කළ අපවාදය සම්බන්ධයෙන් තමන් සත්යවාදියෙකු යැයි අල්ලාහ් මත දිවුරා සිව්වරක් සාක්ෂි ප්රකාශ කළ යුතුය

وَٱلْخَـٰمِسَةُ أَنَّ لَعْنَتَ ٱللَّهِ عَلَيْهِ إِن كَانَ مِنَ ٱلْكَـٰذِبِينَ ﴿٧﴾

ඔහුගේ පස්වැනි සාක්ෂියේ ඔහු කවර කරුණක් සම්බන්ධයෙන් අපවාද එල්ල කළේ ද එහි ඔහු බොරුකාරයකු වී නම් ඔහුට ශාපය උරුම කර දෙන මෙන් ඔහුට එරෙහි ව අමතර වශයෙන් ප්රාර්ථනා කර සිටියි

وَيَدْرَؤُا۟ عَنْهَا ٱلْعَذَابَ أَن تَشْهَدَ أَرْبَعَ شَهَـٰدَٰتٍۭ بِٱللَّهِ ۙ إِنَّهُۥ لَمِنَ ٱلْكَـٰذِبِينَ ﴿٨﴾

ඒ අනුව ඇයට දුරාචාරය සඳහා වන දඬුවමට නියම වනු ඇත. ඇය ද "ඔහු එල්ල කළ අපවාදයේ සැබැවින්ම ඔහු(සැමියා) බොරුකාරයකු" යැයි අල්ලාහ් මත සිව්වරක් සාක්ෂි දැරීම තුළින් එම දඬුවම ඇයගෙන් ඉවත් වනු ඇත

وَٱلْخَـٰمِسَةَ أَنَّ غَضَبَ ٱللَّهِ عَلَيْهَآ إِن كَانَ مِنَ ٱلصَّـٰدِقِينَ ﴿٩﴾

ඇයගේ පස්වැනි සාක්ෂියේ ඔහු කවර කරුණක් සම්බන්ධයෙන් අපවාද එල්ල කළේ ද එහි ඔහු සත්යවාදියෙකු වී නම් තමන් මත අල්ලාහ්ගේ කෝපය අත්වේවා යැයි ඇයට එරෙහි ව අමතර වශයෙන් ප්රාර්ථනා කර සිටියි

وَلَوْلَا فَضْلُ ٱللَّهِ عَلَيْكُمْ وَرَحْمَتُهُۥ وَأَنَّ ٱللَّهَ تَوَّابٌ حَكِيمٌ ﴿١٠﴾

අහෝ ජනයිනි! නුඹලා මත අල්ලාහ්ගේ භාග්යය හා නුඹලා කෙරෙහි වූ ඔහුගේ කරුණාව නොවී නම් සැබැවින්ම ඔහු නුඹලාගේ පාපකම්වලට දඬුවම ඉක්මන් කරනු ඇත. එමගින් නුඹලා හෑල්ලුවට ලක් කරනු ඇත. සැබැවින්ම ඔහුගේ ගැත්තන් අතරින් කවරෙකු පාපක්ෂමාව අයැද ඔහු වෙත යොමුවන්නේ ද සැබැවින්ම ඔහු ඔවුනට අති ක්ෂමාශීලීය. ඔහුගේ සැලසුම් කිරීමෙහි හා දහම් ගත කිරීමෙහි ඔහුرමහා ප්රඥාවන්තය

إِنَّ ٱلَّذِينَ جَآءُو بِٱلْإِفْكِ عُصْبَةٌۭ مِّنكُمْ ۚ لَا تَحْسَبُوهُ شَرًّۭا لَّكُم ۖ بَلْ هُوَ خَيْرٌۭ لَّكُمْ ۚ لِكُلِّ ٱمْرِئٍۢ مِّنْهُم مَّا ٱكْتَسَبَ مِنَ ٱلْإِثْمِ ۚ وَٱلَّذِى تَوَلَّىٰ كِبْرَهُۥ مِنْهُمْ لَهُۥ عَذَابٌ عَظِيمٌۭ ﴿١١﴾

සැබැවින්ම බරපතල චෝදනාව ගෙන ආ අය වනාහි, (එනම් දේව විශ්වාසීන්ගේ මව්තුමිය වන ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය පිළිබඳ අවලාද පවසා සිටි අය වනාහි,) අහෝ දේව විශ්වාසියනි! ඔවුහු නුඹලාට ආවේනික වූූ පිරිසකි. ඔවුන් කළ අවලාදය නුඹලාට නපුරක් යැයි නොසිතනු. එහි කුසල් හා දේව විශ්වාසීන්ව පරීක්ෂා කිරීම ඇතුළත් ව ඇති බැවින් හා දේව විශ්වාසීන්ගේ මෑණියන් නිරපරාධී බව එයට එකතු වී ඇති බැවින් එය නුඹලාට යහපත් වනු ඇත. ඇයට අවලාද නගමින් ඒ සඳහා හවුල් වූ සෑම කෙනෙකුටම ඔහු බොරුගොතා ඒ ගැන කතා කළ බැවින් එයින් උපයාගත් පාපය සඳහා වූ ප්රතිවිපාකය ඇත. එයින් බරපතල වරද පැටවෙන්නේ එය ආරම්භ කළ තැනැත්තාටය. ඔහුට බරපතල දඬුවමක් ඇත. මින් අදහස් කරනු ලබනුයේ කුහකයින්ගේ නායකයා වූ අබ්දුල්ලාහ් ඉබ්නු උබයි ඉබ්නු සලූල්ය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

لَّوْلَآ إِذْ سَمِعْتُمُوهُ ظَنَّ ٱلْمُؤْمِنُونَ وَٱلْمُؤْمِنَـٰتُ بِأَنفُسِهِمْ خَيْرًۭا وَقَالُوا۟ هَـٰذَآ إِفْكٌۭ مُّبِينٌۭ ﴿١٢﴾

දේවත්වය විශ්වාස කරන පුරුෂයින් හා දේවත්වය විශ්වාස කරන කාන්තාවන් මෙම මහා අවලාදයට සවන් දුන් කල්හි, ඒ සම්බන්ධයෙන් චෝදනා ලැබූ දේවත්වය විශ්වාස කළ සෙසු තැනැත්තන්ගේ ආරක්ෂාව ගැන ඔවුන් සිතූ අතර මෙය පැහැදිලි බොරුවක් බව ඔවුන් පවසා සිටියෝය

لَّوْلَا جَآءُو عَلَيْهِ بِأَرْبَعَةِ شُهَدَآءَ ۚ فَإِذْ لَمْ يَأْتُوا۟ بِٱلشُّهَدَآءِ فَأُو۟لَـٰٓئِكَ عِندَ ٱللَّهِ هُمُ ٱلْكَـٰذِبُونَ ﴿١٣﴾

දේවත්වය විශ්වාස කරන තැනැත්තන්ගේ මෑණියන් වූ ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය සම්බන්ධයෙන් බොරු ගෙතූවන් ඔවුන්ගේ එම අපහාස චෝදනාවට ඇය වෙත ආරෝපණය කළ දෑහි නිවැරැදිතාව ඔප්පු කිරීම සඳහා ඒ ගැන සාක්ෂි දරණ සාක්ෂිකරුවන් සිව් දෙනෙකු ගෙන ආ යුතු නොවේ ද? ඒ සඳහා සාක්ෂිකරුවන් සිව් දෙනෙකු ඔවුන් නොගෙනාවේ නම් - ඔවුන් කිසිවිටෙක එසේ ගෙන එන්නේ නැත.- අල්ලාහ්ගේ නීතිය තුළ ඔවුහු මුසාවාදීහු වෙති

وَلَوْلَا فَضْلُ ٱللَّهِ عَلَيْكُمْ وَرَحْمَتُهُۥ فِى ٱلدُّنْيَا وَٱلْـَٔاخِرَةِ لَمَسَّكُمْ فِى مَآ أَفَضْتُمْ فِيهِ عَذَابٌ عَظِيمٌ ﴿١٤﴾

නුඹලාට දඬුවම ඉක්මන් නොකර නුඹලා අතරින් පාපක්ෂමාව අයැද සිටින්නන් හට පාපක්ෂමාව පිරිනමන අයුරින් අල්ලාහ් නුඹලා වෙත අනුග්රහය නොදැක්වූයේ නම්, ඔහුගේ කරුණාව නුඹලාට දායාද නොකළේ නම් දේව විශ්වාසීන්ගේ මැණියන් මත ගෙතූ බොරුව හා මුසාව තුළ ඔවුන් නිරත වී සිටි හේතුවෙන් අතිමහත් දඬුවමක් ඔවුනට අත්වන්නට තිබුණි

إِذْ تَلَقَّوْنَهُۥ بِأَلْسِنَتِكُمْ وَتَقُولُونَ بِأَفْوَاهِكُم مَّا لَيْسَ لَكُم بِهِۦ عِلْمٌۭ وَتَحْسَبُونَهُۥ هَيِّنًۭا وَهُوَ عِندَ ٱللَّهِ عَظِيمٌۭ ﴿١٥﴾

නුඹලා එකිනෙකා ඒ ගැන දන්වමින්, නුඹලාගේ කටින් ඒ ගැන ව්යාජ දෑ එකිනෙකා අතර වචන හුවමාරු කරගත් අවස්ථාව මෙනෙහි කරනු. නමුත් නුඹලාට ඒ ගැන දැනුමක් නොවීය. සැබැවින්ම එය සුළු හා සැහැල්ලු කාර්යයක් බව නුඹලා සිතන්නෙහුය. නමුත් එහි බොරුව හා නිදොස් පුද්ගලයකුට කෙරෙන චෝදනාව ඇති බැවින් අල්ලාහ් අබියස එය බරපතළ කරුණකි

وَلَوْلَآ إِذْ سَمِعْتُمُوهُ قُلْتُم مَّا يَكُونُ لَنَآ أَن نَّتَكَلَّمَ بِهَـٰذَا سُبْحَـٰنَكَ هَـٰذَا بُهْتَـٰنٌ عَظِيمٌۭ ﴿١٦﴾

මෙම බරපතල අවලාදයට නුඹලා සවන් දුන් අවස්ථාවේ, "අපගේ පරමාධිපතියාණන් වන ඔබ උදෙසා මෙම බැරෑරුම් කරුණ පිළිබඳ අප කතා කිරීම අපට නිවැරදි නොවීය. දේවත්වය විශ්වාස කරන්නන්ගේ මාතාවන්හට ඔවුන් නැගූ අවලාදය බරපතල මුසාවකි." යැයි නුඹලා පවසා සිටිය යුතු නොවේ ද?

يَعِظُكُمُ ٱللَّهُ أَن تَعُودُوا۟ لِمِثْلِهِۦٓ أَبَدًا إِن كُنتُم مُّؤْمِنِينَ ﴿١٧﴾

නුඹලා අල්ලාහ්ව විශ්වාසකරන්නන් ලෙස සිටියෙහු නම් මෙවන් බොරුවක් වෙත නැවත යොමු වී නිරපරාධියෙකුහට කාම මිත්යාචාරයේ හැසිරීම සම්බන්ධයෙන් අවලාද නැගීම ගැන අල්ලාහ් නුඹලාට මෙනෙහි කර උපදෙස් දෙයි

وَيُبَيِّنُ ٱللَّهُ لَكُمُ ٱلْـَٔايَـٰتِ ۚ وَٱللَّهُ عَلِيمٌ حَكِيمٌ ﴿١٨﴾

ඔහුගේ නීති හා ඔහුගේ උපදෙස් ඇතුළත් වදන් අල්ලාහ් නුඹලාට පැහැදිළි කරයි. නුඹලාගේ ක්රියාවන් පිළිබඳ අල්ලාහ් මැනවින් දන්නාය. ඒ කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඒ සඳහා ඔහු නුඹලාට ප්රතිඵල පිරිනමනු ඇත. ඔහු සැලසුම් යෙදීමෙහි හා දහම්ගත කිරීමෙහි මහා ප්රඥාවන්තය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

إِنَّ ٱلَّذِينَ يُحِبُّونَ أَن تَشِيعَ ٱلْفَـٰحِشَةُ فِى ٱلَّذِينَ ءَامَنُوا۟ لَهُمْ عَذَابٌ أَلِيمٌۭ فِى ٱلدُّنْيَا وَٱلْـَٔاخِرَةِ ۚ وَٱللَّهُ يَعْلَمُ وَأَنتُمْ لَا تَعْلَمُونَ ﴿١٩﴾

تعلمون සැබැවින්ම දේව විශ්වාසීන් අතර පිළිකුල් සහගත දෑ ව්යාප්ත කිරීමට - දුරාචාරය පිළිබඳ අවලාද නැගීම ද ඒවායින් එකකි - ප්රිය කරන්නන් වනාහි, ඔවුනට අවලාද නැගීම සඳහා මෙලොවෙහි දඬුවම ක්රියාත්මක කිරීමෙන් ඔවුනට වේදනීය දඬුවමක් ඇත. එමෙන්ම මතුලොවෙහි ද අපාගින්නේ දඬුවමක් ඇත. ඔවුන්ගේ මුසාව පිළිබඳ අල්ලාහ් දනී. තම ගැත්තන්ගේ කටයුතු කවර කරුණක් වෙත යොමු වන්නේ ද ඒ ගැන ද ඔහු දනී. ඔවුන්ගේ යහපත ගැන ද ඔහු දනී. නමුත් නුඹලා ඒ ගැන නොදන්නෙහුය

وَلَوْلَا فَضْلُ ٱللَّهِ عَلَيْكُمْ وَرَحْمَتُهُۥ وَأَنَّ ٱللَّهَ رَءُوفٌۭ رَّحِيمٌۭ ﴿٢٠﴾

අභූත චෝදනාව තුළ වැටී සිටින්නනි! නුඹලා වෙත අල්ලාහ්ගේ අනුග්රහය හා ඔහුගේ කරුණාව නොවී නම්, එමෙන්ම සැබැවින්ම අල්ලාහ් නුඹලා කෙරෙහි කරුණාවන්ත හා දයාලුවන්ත නොවී නම් නුඹලාට දඬුවම ඉක්මන් කරන්නට තිබුණි

۞ يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لَا تَتَّبِعُوا۟ خُطُوَٰتِ ٱلشَّيْطَـٰنِ ۚ وَمَن يَتَّبِعْ خُطُوَٰتِ ٱلشَّيْطَـٰنِ فَإِنَّهُۥ يَأْمُرُ بِٱلْفَحْشَآءِ وَٱلْمُنكَرِ ۚ وَلَوْلَا فَضْلُ ٱللَّهِ عَلَيْكُمْ وَرَحْمَتُهُۥ مَا زَكَىٰ مِنكُم مِّنْ أَحَدٍ أَبَدًۭا وَلَـٰكِنَّ ٱللَّهَ يُزَكِّى مَن يَشَآءُ ۗ وَٱللَّهُ سَمِيعٌ عَلِيمٌۭ ﴿٢١﴾

ه ه අල්ලාහ්ව විශ්වාස කොට ඔහු පෙන්වා දුන් පිළිවෙතට අනුව කටයුතු කරන්නනි! ව්යාජ දෑ අලංකාරවත් කර පෙන්වීමෙහි ෂෙයිතාන්ගේ මාර්ග නුඹලා අනුගමනය නොකරනු. කවරෙකු ඔහුගේ මාර්ග පිළිපදින්නේ ද සැබැවින්ම ඔහු පිළිකුල් සහගත ක්රියාවන් හා ප්රකාශ ද, ෂරීආව හෙළා දුටු දෑ ද අණ කර සිටියි. අහෝ දෙවියන් විශ්වාස කරන්නනි! නුඹලා මත අල්ලාහ්ගේ භාග්යය නොවී නම් නුඹලා අතරින් කිසිවකු හෝ පාපක්ෂමාවේ නිරත වුව ද, කිසිවිටෙක ඔහු ව පිරිසිදු නොකරන්නට තිබුණි. නමුත් අල්ලාහ් ඔහු අභිමත කරන අයගේ පාපක්ෂමාව පිළිගෙන පිරිසිදු කරයි. අල්ලාහ් නුඹලාගේ ප්රකාශවලට සවන් දෙන්නාය. නුඹලාගේ ක්රියාවන් පිළිබඳ මැනවින් දන්නාය. ඒවායින් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඒ සඳහා ඔහු නුඹලාට ප්රතිඵල පිරිනමනු ඇත

وَلَا يَأْتَلِ أُو۟لُوا۟ ٱلْفَضْلِ مِنكُمْ وَٱلسَّعَةِ أَن يُؤْتُوٓا۟ أُو۟لِى ٱلْقُرْبَىٰ وَٱلْمَسَـٰكِينَ وَٱلْمُهَـٰجِرِينَ فِى سَبِيلِ ٱللَّهِ ۖ وَلْيَعْفُوا۟ وَلْيَصْفَحُوٓا۟ ۗ أَلَا تُحِبُّونَ أَن يَغْفِرَ ٱللَّهُ لَكُمْ ۗ وَٱللَّهُ غَفُورٌۭ رَّحِيمٌ ﴿٢٢﴾

දහමෙහි භාග්යය ලත් හා ධනයෙන් පොහොසත් උදවිය -අල්ලාහ්ගේ මාර්ගයේ නික්මයෑමෙන් දිළිඳුභාවයට පත්- අවශ්යතාවෙන් පෙළෙන ඔවුන්ගේ ඥාතීන්හට ඔවුන් කළ යම් වරදක් හේතුවෙන් ඔවුනට පිහිට වීම අතහැර දමන මෙන් දිවුරිය නොයුතුය. එය නොසලකා හැර සමාව දිය යුතුය. නුඹලාගේ පාපකම්වලට අල්ලාහ් නුඹලාට සමාව දීම ගැන නුඹලා ප්රිය නොකරන්නෙහු ද? එසේ නම් ඔවුන්ගෙන් එය නොසලකා හැර සමාව දෙන්න. තම ගැත්තන් අතරින් පාපක්ෂමාවෙහි නිරතව ඔහු වෙත යොමු වන්නන් කෙරෙහි අල්ලාහ් අතික්ෂමාශීලීය. ඔහුගේ ගැත්තන් ඔහු ගැන බලාපොරොත්තු තැබිය යුතුය. මෙම පාඨය පහළ වූයේ අබූ බක්කර් (රළියල්ලාහු අන්හු) තුමා සම්බන්ධයෙනි. නැගූ එම අභූත චෝදනාවට මිස්තහ් නම් පුද්ගලයා හවුල් වූ බැවින් ඔහුට වියදම් නොකර සිටීමට එතුමා දිවුරා සිටි අවස්ථාවේදීය

إِنَّ ٱلَّذِينَ يَرْمُونَ ٱلْمُحْصَنَـٰتِ ٱلْغَـٰفِلَـٰتِ ٱلْمُؤْمِنَـٰتِ لُعِنُوا۟ فِى ٱلدُّنْيَا وَٱلْـَٔاخِرَةِ وَلَهُمْ عَذَابٌ عَظِيمٌۭ ﴿٢٣﴾

දුරාචාරය පිළිබඳ සැලකිල්ලක් නැති, ඒ ගැන නොදන්නා පතිවත රකින දේව විශ්වාසී කාන්තාවන් හට දූෂිත චොදනා එල්ල කළවුන් වනාහි, ඔවුන් මෙලොව මෙන්ම මතුලොවෙහි අල්ලාහ්ගේ කරුණාවෙන් නෙරපා හරිනු ලැබූවන් වෙති. ඔවුනට මතුලොවෙහි බරපතල දඬුවම් ඇත. بلغ අල්-කුර්ආන් · තෆ්සීර් يوم تشهد عليهم ألسنتهم وأيديهم وأرجلهم بما كانوايعملون

يَوْمَ تَشْهَدُ عَلَيْهِمْ أَلْسِنَتُهُمْ وَأَيْدِيهِمْ وَأَرْجُلُهُم بِمَا كَانُوا۟ يَعْمَلُونَ ﴿٢٤﴾

කවර ව්යාජ කරුණක් පිළිබඳ ඔවුන් කතා කරමින් සිටියේ ද ඒ ගැන ඔවුන්ගේ දිවවල් සාක්ෂි දරණ; එමෙන්ම ඔවුන් කවර ක්රියාවක් සිදු කරමින් සිටියේ ද ඒ ගැන ඔවුන්ගේ අත් හා ඔවුන්ගේ පාද සාක්ෂි දරණ; මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ එම දඬුවම ඔවුනට අත් වනු ඇත

يَوْمَئِذٍۢ يُوَفِّيهِمُ ٱللَّهُ دِينَهُمُ ٱلْحَقَّ وَيَعْلَمُونَ أَنَّ ٱللَّهَ هُوَ ٱلْحَقُّ ٱلْمُبِينُ ﴿٢٥﴾

එදින අල්ලාහ් ඔවුනට ඔවුන්ගේ ප්රතිඵල සාධාරණනීය ලෙසින් පිරිනමනු ඇත. සැබැවින්ම ශුද්ධවන්තයාණන් අල්ලාහ් සත්යය බව දැන සිටිති. එහෙයින් ඔහු විසින් ප්රකාශනය කරන ලද තොරතුරු, ප්රතිඥා, අවවාද යනාදිය කිසිදු සැකයක් නැති පැහැදිලි සත්යය වේ

ٱلْخَبِيثَـٰتُ لِلْخَبِيثِينَ وَٱلْخَبِيثُونَ لِلْخَبِيثَـٰتِ ۖ وَٱلطَّيِّبَـٰتُ لِلطَّيِّبِينَ وَٱلطَّيِّبُونَ لِلطَّيِّبَـٰتِ ۚ أُو۟لَـٰٓئِكَ مُبَرَّءُونَ مِمَّا يَقُولُونَ ۖ لَهُم مَّغْفِرَةٌۭ وَرِزْقٌۭ كَرِيمٌۭ ﴿٢٦﴾

مغفرة ورزق كريم අසත් පුරුෂයින් හා කාන්තාවන් ද අසභ්ය ප්රකාශ හා ක්රියාවන් ද අසභ්ය දෑට එකඟව හා අනුකූලව පිහිටනු ඇත. එමෙන්ම එවායින් දැහැමි දෑ දැහැමිව පවතින දෑට එකඟව හා අනුකූලව පිහිටනු ඇත. මෙම සත් පුරුෂයෝ හා කාන්තාවෝ අසත් පුරුෂ පිරිමින් හා කාන්තාවන් පවසන දැයින් නිර්දෝෂී අය වෙති. ඔවුනට අල්ලාහ්ගේ සමාව ඇත. එමගින් ඔහු ඔවුන්ගේ පාපකම්වලට සමාව දෙනු ඇත. එමෙන්ම ඔවුනට ගෞරවණීය පෝෂණයක් ද ඇත. එය ස්වර්ග උයන වෙයි

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لَا تَدْخُلُوا۟ بُيُوتًا غَيْرَ بُيُوتِكُمْ حَتَّىٰ تَسْتَأْنِسُوا۟ وَتُسَلِّمُوا۟ عَلَىٰٓ أَهْلِهَا ۚ ذَٰلِكُمْ خَيْرٌۭ لَّكُمْ لَعَلَّكُمْ تَذَكَّرُونَ ﴿٢٧﴾

අහෝ අල්ලාහ්ව විශ්වාස කොට, ඔහුගේ පිළිවෙත අනුව කටුයුතු කළවුනි! නුඹලාගේ නිවෙස් නොවන වෙනත් නිවෙස්වලට එහි නිවැසියන් අතරට පිවසීමට පෙර, "අස්සලාමු අලයිකුම්! මම ඇතුලු වන්නදැ?"යි පවසමින් නුඹලා ඔවුන් වෙත සලාම් පවසා ඔවුන්ගෙන් අවසර පතන තුරු නුඹලා ඇතුලු නොවනු. නුඹලාට අණ කරන ලද දෑ මෙනෙහි කරමින් එය පිළිපැදිය හැකිවනු පිණිස නුඹලාට නියෝග කරන ලද එම අවසර පැතීම එකවර ඇතුලු වීමට වඩා නුඹලාට උතුම්ය

فَإِن لَّمْ تَجِدُوا۟ فِيهَآ أَحَدًۭا فَلَا تَدْخُلُوهَا حَتَّىٰ يُؤْذَنَ لَكُمْ ۖ وَإِن قِيلَ لَكُمُ ٱرْجِعُوا۟ فَٱرْجِعُوا۟ ۖ هُوَ أَزْكَىٰ لَكُمْ ۚ وَٱللَّهُ بِمَا تَعْمَلُونَ عَلِيمٌۭ ﴿٢٨﴾

بما تعملون عليم නුඹලාට එම නිවෙස් තුළ කිසිවෙකු දැක ගත නොහැකි වී නම් නිවසට ඇතුලු වීමට අවසර දීමේ අයිතිය ඇත්තන්ගෙන් කෙනෙකු අවසර දෙන තුරු නුඹලා එහි නොපිවිසෙනු. එහි හිමිකරුවන් නුඹලාට නැවත හැරී යන්නැයි පවසා සිටියේ නම් එහි නොපිවිස හැරී යනු. සැබැවින්ම අල්ලාහ් අබියස එය නුඹලාට වඩාත් පිවිතුරුය. නුඹලා සිදු කරන දෑ පිළිබඳ අල්ලාහ් සර්වඥානීය. නුඹලාගේ ක්රියාවන්ගෙන් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත

لَّيْسَ عَلَيْكُمْ جُنَاحٌ أَن تَدْخُلُوا۟ بُيُوتًا غَيْرَ مَسْكُونَةٍۢ فِيهَا مَتَـٰعٌۭ لَّكُمْ ۚ وَٱللَّهُ يَعْلَمُ مَا تُبْدُونَ وَمَا تَكْتُمُونَ ﴿٢٩﴾

වෙළඳපොළේ පුස්තකාල හා සාප්පු වැනි කිසිවෙකුට විශේෂිත නොවූ පොදු ප්රයෝජන සඳහා සූදානම් කර ඇති පොදු ස්ථානයකට අවසරයෙන් තොරව නුඹලා පිවිසීමෙහි නුඹලාට වරදක් නැත. නුඹලා හෙළි කරන නුඹලාගේ ක්රියාවන් හා නුඹලාගේ තත්ත්වයන් ද ඉන් සඟවන දෑ ද අල්ලාහ් දනී. ඒ කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඒ සඳහා ඔහු නුඹලාට ප්රතිඵල පිරිනමනු ඇත. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

قُل لِّلْمُؤْمِنِينَ يَغُضُّوا۟ مِنْ أَبْصَـٰرِهِمْ وَيَحْفَظُوا۟ فُرُوجَهُمْ ۚ ذَٰلِكَ أَزْكَىٰ لَهُمْ ۗ إِنَّ ٱللَّهَ خَبِيرٌۢ بِمَا يَصْنَعُونَ ﴿٣٠﴾

අහෝ දූතය! ඔවුනට අනුමත නොවන කාන්තාවන් දෙස හා රහසඟ දෙස බැලීමෙන් ඔවුන්ගේ බැල්ම ඔවුන් ආරක්ෂා කරන මෙන් ද තහනම් කරන ලද කරුණක වැටීමෙන් හා රහස්ය පෙදෙස් නිරාවරණය කිරීමෙන් ආරක්ෂා කරන මෙන් ද ඔවුනට පවසනු. එසේ අල්ලාහ් තහනම් කළ දෑ දෙස බැල්ම හෙළීමෙන් වැළකී සිටීමත් ලිංගේන්ද්රියන් ආරක්ෂා කර ගැනීමත් ඔහු අබියස ඔවුනට වඩාත් පිවිතුරුය. සැබැවින්ම අල්ලාහ් ඔවුන් සිදු කරන දෑ පිළිබඳ තොරතුරු මැනවින් දන්නාය. ඒ කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඒ සඳහා ඔහු ඔවුනට ප්රතිඵල පිරිනමනු ඇත

وَقُل لِّلْمُؤْمِنَـٰتِ يَغْضُضْنَ مِنْ أَبْصَـٰرِهِنَّ وَيَحْفَظْنَ فُرُوجَهُنَّ وَلَا يُبْدِينَ زِينَتَهُنَّ إِلَّا مَا ظَهَرَ مِنْهَا ۖ وَلْيَضْرِبْنَ بِخُمُرِهِنَّ عَلَىٰ جُيُوبِهِنَّ ۖ وَلَا يُبْدِينَ زِينَتَهُنَّ إِلَّا لِبُعُولَتِهِنَّ أَوْ ءَابَآئِهِنَّ أَوْ ءَابَآءِ بُعُولَتِهِنَّ أَوْ أَبْنَآئِهِنَّ أَوْ أَبْنَآءِ بُعُولَتِهِنَّ أَوْ إِخْوَٰنِهِنَّ أَوْ بَنِىٓ إِخْوَٰنِهِنَّ أَوْ بَنِىٓ أَخَوَٰتِهِنَّ أَوْ نِسَآئِهِنَّ أَوْ مَا مَلَكَتْ أَيْمَـٰنُهُنَّ أَوِ ٱلتَّـٰبِعِينَ غَيْرِ أُو۟لِى ٱلْإِرْبَةِ مِنَ ٱلرِّجَالِ أَوِ ٱلطِّفْلِ ٱلَّذِينَ لَمْ يَظْهَرُوا۟ عَلَىٰ عَوْرَٰتِ ٱلنِّسَآءِ ۖ وَلَا يَضْرِبْنَ بِأَرْجُلِهِنَّ لِيُعْلَمَ مَا يُخْفِينَ مِن زِينَتِهِنَّ ۚ وَتُوبُوٓا۟ إِلَى ٱللَّهِ جَمِيعًا أَيُّهَ ٱلْمُؤْمِنُونَ لَعَلَّكُمْ تُفْلِحُونَ ﴿٣١﴾

ى ى අහෝ දූතය! දේව විශ්වාසී කාන්තාවන්හට, 'රහස්ය පෙදෙස් අතරින් බැල්ම හෙළීමට ඔවුනට අනුමත නොවන දෑ වෙත බැල්ම හෙළීමෙන් ඔවුන්ගේ බැල්ම වළක්වා ගන්නා මෙන් ද, ඔවුන්ගේ ලිංගේන්ද්රියන් දුරාචාරයෙන් දුරස් කිරීමෙන් හා අවරණය කිරීමෙන් ආරක්ෂා කරන මෙන් ද, ඇඳ සිටින වස්ත්රය වැනි සැඟවීමට නොහැකි මතු පිටින් පෙනෙන දෑ හැර පිටස්තරයින්ට ඔවුන්ගේ අලංකාරය ප්රදර්ශනය නොකරන මෙන් ද, ඔවුන්ගේ සළුවෙන් ඔවුන්ගේ වස්ත්රවලට ඉහළින් විවෘතව පවතින දෑ මත ඔවුන්ගේ හිසකෙස් ඔවුන්ගේ මුහුණු හා ඔවුන්ගේ ගෙලවල් ආවරණය වන පරිදි වසා ගන්නා මෙන් ද ඔවුන්ගේ රහස්ය අලංකාරයන් ඔවුන්ගේ ස්වාමිපුරුෂයන් ඔවුන්ගේ පියවරුන් ඔවුන්ගේ ස්වාමි පුරුෂයින්ගේ පියවරුන් ඔවුන්ගේ දරුවන් ඔවුන්ගේ ස්වාමිපුරුෂයින්ගේ දරුවන් ඔවුන්ගේ සහෝදරයන් ඔවුන්ගේ සහෝදරයන්ගේ පුතුන්, ඔවුන්ගේ සහෝදරයින්ගේ පුතුන්, මුස්ලිම්වරුන් වුවද මුස්ලිම් නොවන්නන් වුව ද ඔවුන් අතර වූ විශ්වසනීය කාන්තාවන් ඔවුන් සතු කරගත් පිරිමි හෝ කාන්තා වහලුන්, කාන්තාවන් සම්බන්ධයෙන් කිසිදු හැඟීමක් හෝ අරමුණක් නැති අනුගමනය කරන්නන්. කුඩා අවදිය හේතුවෙන් කාන්තාවන්ගෙන් රහස්ය පෙදෙස් වෙත එබී නොලබන දරුවන් යනාදී අය වෙත මිස වෙනත් කිසිවකුට ප්රදර්ශනය නොකරන මෙන් ද ඔවුන් සඟවමින් සිටින ඔවුන්ගේ අලංකාරය හඳුන්වා දීමේ අටියෙන් පාද සලම් හා එයට සමාන දෑ තුළින් ඔවුන්ගේ පාද නොසැලිය යුතු මෙන් ද නුඹ පවසනු. අහෝ දේව විශ්වාසී ජනයිනි! නුඹලා පතන දෑ ලබා එයින් ජය ලැබීමේ හා බියවන දැයින් මිදීමේ යහපත් අපේක්ෂාවෙන් යුතු ව නුඹලාගේ බැල්ම හෙළීමෙන් හෝ වෙනත් යම් ආකාරයකින් නුඹලාට අත් වූ පාපය සඳහා නුඹලා සියලු දෙනා අල්ලාහ් වෙත පාපක්ෂමාවේ නිරත වී ඔහු වෙත යොමු වනු

وَأَنكِحُوا۟ ٱلْأَيَـٰمَىٰ مِنكُمْ وَٱلصَّـٰلِحِينَ مِنْ عِبَادِكُمْ وَإِمَآئِكُمْ ۚ إِن يَكُونُوا۟ فُقَرَآءَ يُغْنِهِمُ ٱللَّهُ مِن فَضْلِهِۦ ۗ وَٱللَّهُ وَٰسِعٌ عَلِيمٌۭ ﴿٣٢﴾

عليم අහෝ දේව විශ්වාසී ජනයිනි! බිරියන් නොමැති අවිවාහක පිරිමින් හා ස්වාමිපුරුෂයන් නොමැති නිදහස් කාන්තාවන් විවාහ කර දෙනු. නුඹලාගේ වහලුන් හා වහලියන් අතරින් දේව විශ්වාසීන්ද විවාහ කරන දෙනු. ඔවුන් දිළිඳුන් වී නම් අල්ලාහ්ගේ විශාල භාග්යයෙන් අල්ලාහ් ඔවුන් පොහොසත් කරනු ඇත. අල්ලාහ් පෝෂණ සම්පත් ව්යාප්ත කරන්නාය. ඔහු කිසිවෙකු පොහොසත් කිරීම තුළින් ඔහුගේ පෝෂණ සම්පත්වල හිඟයක් ඇති වන්නේ නැත. තම ගැත්තන්ගේ තත්ත්වයන් පිළිබද ඔහු සර්වඥානීය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

وَلْيَسْتَعْفِفِ ٱلَّذِينَ لَا يَجِدُونَ نِكَاحًا حَتَّىٰ يُغْنِيَهُمُ ٱللَّهُ مِن فَضْلِهِۦ ۗ وَٱلَّذِينَ يَبْتَغُونَ ٱلْكِتَـٰبَ مِمَّا مَلَكَتْ أَيْمَـٰنُكُمْ فَكَاتِبُوهُمْ إِنْ عَلِمْتُمْ فِيهِمْ خَيْرًۭا ۖ وَءَاتُوهُم مِّن مَّالِ ٱللَّهِ ٱلَّذِىٓ ءَاتَىٰكُمْ ۚ وَلَا تُكْرِهُوا۟ فَتَيَـٰتِكُمْ عَلَى ٱلْبِغَآءِ إِنْ أَرَدْنَ تَحَصُّنًۭا لِّتَبْتَغُوا۟ عَرَضَ ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا ۚ وَمَن يُكْرِههُّنَّ فَإِنَّ ٱللَّهَ مِنۢ بَعْدِ إِكْرَٰهِهِنَّ غَفُورٌۭ رَّحِيمٌۭ ﴿٣٣﴾

දිළිඳුභාවය හේතුවෙන් විවාහ වීමට නොහැකි උදවිය, අල්ලාහ් ඔහුගේ මහත් භාග්යයෙන් ඔවුන් පොහොසත් කරන තෙක් කාමයේ වරදවා හැසිරීමෙන් ඈත් වී නිර්මලව සිටිය යුතුය. මුදල් ගෙවා වහල්බවින් නිදහස් වීමට තම හිමිකරුවන්ගෙන් ඉල්ලා සිටින්නන් වනාහි, ඔවුන් දහම තුළ කටයුතු කිරීමට හා දැහැමි ලෙස ක්රියා කිරීමට ඔවුන් තුළ හැකියාව ඇති බව දන්නේ නම් ඔවුන්ගෙන් එම ඉල්ලීම පිළිගැනීම ඔවුන්ගේ හිමිකරුවන් වෙත පැවරේ. එමෙන්ම ඔවුන් නිදහස් කිරීම සඳහා නියම කරන ලද මුදලින් කොටසක් ඔවුන්ගෙන් ඉවත් කර අල්ලාහ් ඔවුනට ලබා දුන් ධනයෙන් ඔවුනට පිරිනැමිය යුතුය. - අබ්දුල්ලාහ් ඉබ්නු උබෙයි තම වහලියන් දෙදෙනා පතිවත ආරක්ෂා කිරීමටත් දුරාචාරයෙන් දුරස් වීමටත් ඔහුගෙන් ඉල්ලා සිටි අවස්ථාවේ ඔහු කටයුතු කළාක් මෙන් - ධන සම්පත් සොයමින් කාමයේ වරදවා හැසිරීම සඳහා නුඹලා අතර සිටින අවිවාහක තරුණියන් ඔවුන්ගේ රහස්ය අවයව තුළින් උපයන මුදල් සෙවීම සඳහා ඔවුනට බල නොකරනු. නුඹලා අතරින් කවරෙකු ඒ සඳහා එම තරුණියන්ට බල කරන්නේ ද එසේ බල කිරීමෙන් පසු එම තරුණියන්ගේ පාපකම් සඳහා සැබැවින්ම අල්ලාහ් ඔවුනට සමාව දෙන්නාය. ඔවුන් කෙරෙහි කරුණාව දක්වන්නාය. එය සැබැවින්ම ඔවුන් බලහත්කාරයට ලක්වූවන් බැවිණි. පාපය ළඟා වනුයේ ඔවුන් බල කළ තැනැත්තන් හටය

وَلَقَدْ أَنزَلْنَآ إِلَيْكُمْ ءَايَـٰتٍۢ مُّبَيِّنَـٰتٍۢ وَمَثَلًۭا مِّنَ ٱلَّذِينَ خَلَوْا۟ مِن قَبْلِكُمْ وَمَوْعِظَةًۭ لِّلْمُتَّقِينَ ﴿٣٤﴾

අහෝ ජනයිනි! සැබැවින්ම අපි නුඹලා වෙත ව්යාජ දැයින් සත්ය දෑ වෙන් කර දක්වන පැහැදිළි වදන් පහළ කර ඇත්තෙමු. තවද, නුඹලාට පෙර ඉකුත්ව ගිය දේවත්වය විශ්වාස කළවුන් හා දේවත්වය ප්රතික්ෂේප කළවුන් ගැන වූ උදාහරණ ද නුඹලා වෙත පහළ කර ඇත්තෙමු. එමෙන්ම තම පරමාධිපතිගේ නියෝග පිළිපදිමින් ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඔහුට බැතිමත්ව කටයුතු කරන්නන් එමගින් උපදෙස් ලබනු පිණිස උපදෙසක් ද අපි නුඹලා වෙත පහළ කර ඇත්තෙමු

۞ ٱللَّهُ نُورُ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ ۚ مَثَلُ نُورِهِۦ كَمِشْكَوٰةٍۢ فِيهَا مِصْبَاحٌ ۖ ٱلْمِصْبَاحُ فِى زُجَاجَةٍ ۖ ٱلزُّجَاجَةُ كَأَنَّهَا كَوْكَبٌۭ دُرِّىٌّۭ يُوقَدُ مِن شَجَرَةٍۢ مُّبَـٰرَكَةٍۢ زَيْتُونَةٍۢ لَّا شَرْقِيَّةٍۢ وَلَا غَرْبِيَّةٍۢ يَكَادُ زَيْتُهَا يُضِىٓءُ وَلَوْ لَمْ تَمْسَسْهُ نَارٌۭ ۚ نُّورٌ عَلَىٰ نُورٍۢ ۗ يَهْدِى ٱللَّهُ لِنُورِهِۦ مَن يَشَآءُ ۚ وَيَضْرِبُ ٱللَّهُ ٱلْأَمْثَـٰلَ لِلنَّاسِ ۗ وَٱللَّهُ بِكُلِّ شَىْءٍ عَلِيمٌۭ ﴿٣٥﴾

ى ه ه ه අහස් හි හා මහපොළොවේ ආලෝකය අල්ලාහ්ය. ඒ දෙකෙහි සිටින්නන්හට මඟ පෙන්වන්නාය. දේව විශ්වාසියකුගේ හදවත තුළ සුවිශුද්ධයාණන් වන ඔහුගේ ආලෝකය ජනේලයක් නැති බිත්තියක කවුලුවක් මෙනි. එහි පහනක් පවතී. පහන දිළිසෙන පළිඟුවක් තුළය. එය මුතු මෙන් අලෝකය ගෙන දෙන තාරකාවක් මෙනි. එම පහන ආශිර්වාද ලත් ගසක තෙලින් දල්වන ලැබේ. එය ඔලිව් ගසයි. උදෑසන හෝ සන්ද්යා කාලයේ කිසිවක් එම ගස හිරුගෙන් ආවරණය නොකරනු ඇත. එහි තෙලෙහි පිරිසිදුභාවය හේතුවෙන් එයට ගින්දර ස්පර්ශ නොවූව ද එය බැබලෙන්නට බලති. එසේ නම් එය ස්පර්ශවූ විට කෙසේ නම් වේවිද? පහනේ අලෝකය පලිඟුවේ ආලෝකය මතය. දේව විශ්වාසියාගේ හදවත හිදායත් හෙවත් යහමාර්ගයේ ආලෝකය දැල්වෙන විට එලෙස පවතී. අල්ලාහ් තම ගැත්තන් අතරින් අභිමත කරන්නන් හට අල් කුර්ආනය අනුගමනය කිරීම සඳහා ආශිර්වාද කරනු ඇත. උදාහරණ දක්වමින් උපමා කරමින් අල්ලාහ් කරුණු පැහැදිලි කරයි. අල්ලාහ් සියලු දෑ පිළිබඳ සර්ව ඥානීය. කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

فِى بُيُوتٍ أَذِنَ ٱللَّهُ أَن تُرْفَعَ وَيُذْكَرَ فِيهَا ٱسْمُهُۥ يُسَبِّحُ لَهُۥ فِيهَا بِٱلْغُدُوِّ وَٱلْـَٔاصَالِ ﴿٣٦﴾

මෙම පහන දේවස්ථානවල දැල්වෙයි. එහි ප්රමාණය හා එහි ගොඩනැගිල්ල උසස් කරන මෙන් ද අදාන් දික්ර් සලාත් වැනි ක්රියාදාමයන් තුළින් ඔහුගේ නාමය එහි මෙනෙහි කරන මෙන් ද, දහවල ආරම්භයේ හා එහි අවසානයේ අල්ලාහ්ගේ තෘප්තිය උදෙසා එහි සලාත් නැමදුම් කරන මෙන් ද අල්ලාහ් නියෝග කළේය

رِجَالٌۭ لَّا تُلْهِيهِمْ تِجَـٰرَةٌۭ وَلَا بَيْعٌ عَن ذِكْرِ ٱللَّهِ وَإِقَامِ ٱلصَّلَوٰةِ وَإِيتَآءِ ٱلزَّكَوٰةِ ۙ يَخَافُونَ يَوْمًۭا تَتَقَلَّبُ فِيهِ ٱلْقُلُوبُ وَٱلْأَبْصَـٰرُ ﴿٣٧﴾

මිනිසුන් පිරිසකි. ඔවුන් ශුවිශුද්ධයාණන් වන අල්ලාහ්ව මෙනෙහි කිරීමෙන් හෝ සලාතය පූර්ණ අයුරින් විධිමත්ව ඉටු කිරීමෙන් හෝ සකාතය එයට අදාළ ස්ථාන වෙත පිරිනැමීමෙන් හෝ ඔවුන්ගේ ව්යාපාරික ගනුදෙනු ඔවුන් වෙනතකට යොමු නොකළ පිරිසකි. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය ගැන ඔවුහු බියවෙති. දඬුවමින් මිදීමේ ආශාව හා ඒ ගැන වූ බිය අතර හදවත් දෝළනය වෙමින් පවතින; එහිදී කුමන දිශාවකට බැල්ම හෙළිය යුතු දැයි පෙරළෙමින් පවතින දිනයකි

لِيَجْزِيَهُمُ ٱللَّهُ أَحْسَنَ مَا عَمِلُوا۟ وَيَزِيدَهُم مِّن فَضْلِهِۦ ۗ وَٱللَّهُ يَرْزُقُ مَن يَشَآءُ بِغَيْرِ حِسَابٍۢ ﴿٣٨﴾

ඔවුන්ගේ ක්රියාවන් සඳහා ඔවුන් කළ දෑට වඩා යහපත් තිළිණ අල්ලාහ් ඔවුනට පිරිනැමීම උදෙසාත් ඒ සඳහා ලැබෙන ප්රතිඵල ඔහුගේ භාග්යයෙන් ඔවුනට වර්ධනය කිරීම උදෙසාත් ඔවුහු එසේ ඉටු කළෝය. අල්ලාහ් අභිමත කරන්නන් හට ඔවුන්ගේ ක්රියාවන්හි ප්රමාණයට වඩා අධික සම්පත් කිසිදු ගණනයකින් තොරව පිරිනමනු ඇත. එය ඔවුන් කළ ක්රියාවන් ගුණ කරමින් ඔවුනට ඔහු පිරිනමනු ඇත

وَٱلَّذِينَ كَفَرُوٓا۟ أَعْمَـٰلُهُمْ كَسَرَابٍۭ بِقِيعَةٍۢ يَحْسَبُهُ ٱلظَّمْـَٔانُ مَآءً حَتَّىٰٓ إِذَا جَآءَهُۥ لَمْ يَجِدْهُ شَيْـًۭٔا وَوَجَدَ ٱللَّهَ عِندَهُۥ فَوَفَّىٰهُ حِسَابَهُۥ ۗ وَٱللَّهُ سَرِيعُ ٱلْحِسَابِ ﴿٣٩﴾

අල්ලාහ් ව ප්රතික්ෂේප කළවුන් වනාහි, ඔවුන් සිදු කළ ඔවුන්ගේ ක්රියාවන් සඳහා කිසිදු කුසලක් නැත. එය පහත් පොළොවෙහි පවතින මිරිඟුවකට සමානය. පිපාසිතයා එය දැක එය ජලය යැයි සිතයි. ඒ වෙත පැමිණෙන තෙක් ඔහු ගමන් කර එහි නතර වෙයි. නමුත් ඔහු ජලය නොලබයි. දේව ප්රතික්ෂේපකයා ද එලෙසය. සැබැවින්ම ඔහු මරණයට පත්ව යළි අවදි කරනු ලබන තෙක් ඔහුගේ ක්රියාවන් ඔහුට සෙත සලසනු ඇතැයි සිතයි. නමුත් එහි කුසල් ඔහු හිමි කර ගන්නේ නැත. ඔහු ඉදිරියේ ඔහුගේ පරමාධිපති දැක ගනී. ඔහුගේ ක්රියාවන්හි සම්පූර්ණ විනිශ්චය පූර්ණවත් කරයි. අල්ලාහ් විනිශ්චය කිරීමෙහි ඉතා වේගවත්ය

أَوْ كَظُلُمَـٰتٍۢ فِى بَحْرٍۢ لُّجِّىٍّۢ يَغْشَىٰهُ مَوْجٌۭ مِّن فَوْقِهِۦ مَوْجٌۭ مِّن فَوْقِهِۦ سَحَابٌۭ ۚ ظُلُمَـٰتٌۢ بَعْضُهَا فَوْقَ بَعْضٍ إِذَآ أَخْرَجَ يَدَهُۥ لَمْ يَكَدْ يَرَىٰهَا ۗ وَمَن لَّمْ يَجْعَلِ ٱللَّهُ لَهُۥ نُورًۭا فَمَا لَهُۥ مِن نُّورٍ ﴿٤٠﴾

ى එසේ නැතහොත් ගැඹුරු මුහුදේ අන්ධකාරයන් මෙනි, රළ පහර ඊට උඩින් පවතී. එම රළ පහළට ඉහළින් තවත් රළ පහරය. ඊටත් උඩින් මඟ පෙන්වන තාරකාවන් වැසී ඇති වළාකුලකි. එකින් උඩ එක බැඳුණු අන්ධකාරයන්ය. එම අන්ධකාරයෙහි වැටුණු අයෙකු ඔහුගේ අත බැහැරට ගත්ත ද දැඩි අන්ධකාරය හේතුවෙන් එය දකින්නට ඔහු සමත් වන්නේ නැත. දේව ප්රතික්ෂේපකයා ද එලෙසමය. අඥානකම, සැකය, ව්යාකූලත්වය ඔහුගේ හදවත මත පවතින මුද්රාව වැනි අන්ධකාරයන් ඔහු මත එකිනෙක ඇමිණී පවතී. අල්ලාහ් කවරෙකුට නොමගින් යහමග හා ඔහුගේ පුස්තකයේ දැනුම ප්රදානය නොකළේ ද ඔහුට මඟපෙන්වන වෙනත් කිසිදු යහමගක් ඔහුට නොවන අතරමට අලෝකය සෙවිය හැකි පුස්තකයක් ද නොවනු ඇත. بلغ අල්-කුර්ආන් · තෆ්සීර් ل

أَلَمْ تَرَ أَنَّ ٱللَّهَ يُسَبِّحُ لَهُۥ مَن فِى ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ وَٱلطَّيْرُ صَـٰٓفَّـٰتٍۢ ۖ كُلٌّۭ قَدْ عَلِمَ صَلَاتَهُۥ وَتَسْبِيحَهُۥ ۗ وَٱللَّهُ عَلِيمٌۢ بِمَا يَفْعَلُونَ ﴿٤١﴾

عليمبما يفعلون අහෝ දූතය! සැබැවින්ම අල්ලාහ්ගේ මැවීම් අතරින් අහස්හි ඇති දෑ ඔහු ව සුවිශුද්ධ කරන බවත් මහපොළොවේ ඇති දෑ ද ඔහු ව සුවිශුද්ධ කරන බවත් ආකාශයේ පියාපත් විහිදුවා පියාසර කරන පක්ෂීන් ද ඔහු ව සුවිශුද්ධ කරන බවත් නුඹ නොදන්නෙහි ද? ඒ සෑම මැවීමක් අතරින්ම මිනිසා මෙන් ඔහුට නැමදුම් කරන අයගේ නැමදුම පිළිබඳව ද පක්ෂීන් මෙන් සුවිශුද්ධ කරන දෑහි සුවිශුද්ධ කිරීම ද අල්ලාහ් දනී. ඔවුන් සිදු කරන දෑ පිළිබඳව අල්ලාහ් මැනවින් දන්නාය. ඔවුන්ගේ ක්රියාවන් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත

وَلِلَّهِ مُلْكُ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ ۖ وَإِلَى ٱللَّهِ ٱلْمَصِيرُ ﴿٤٢﴾

අහස්හි ආධිපත්යය හා මහපොළොවේ ආධිපත්යය අල්ලාහ්ට පමණක් සතුය. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ විනිශ්චය හා ප්රතිඵල සඳහා යොමු කරනු ලබනුයේ ඔහු වෙතමය

أَلَمْ تَرَ أَنَّ ٱللَّهَ يُزْجِى سَحَابًۭا ثُمَّ يُؤَلِّفُ بَيْنَهُۥ ثُمَّ يَجْعَلُهُۥ رُكَامًۭا فَتَرَى ٱلْوَدْقَ يَخْرُجُ مِنْ خِلَـٰلِهِۦ وَيُنَزِّلُ مِنَ ٱلسَّمَآءِ مِن جِبَالٍۢ فِيهَا مِنۢ بَرَدٍۢ فَيُصِيبُ بِهِۦ مَن يَشَآءُ وَيَصْرِفُهُۥ عَن مَّن يَشَآءُ ۖ يَكَادُ سَنَا بَرْقِهِۦ يَذْهَبُ بِٱلْأَبْصَـٰرِ ﴿٤٣﴾

අහෝ දූතය! සැබැවින්ම අල්ලාහ් වළාකුළු ගමන් කරවයි. පසුව කොටස් වශයෙන් වූ ඒවා එනිනෙක සම්බන්ධ කරයි. පසුව එකිනෙක ඇමුණුනු වළාකුලක් බවට පත් කරයි. වළාකුළු ඇතුළතින් වර්ෂාව බැහැර වනු නුඹ දකින්නෙහිය. එමෙන්ම ප්රමාණයෙන් කඳු මෙන් පවතින ඝණ වළාකුළු අතරින් කුඩා ගල්කැට මෙන් හිමකැට ද අහස දෙසින් පහළ වනු ඇත. තම ගැත්තන් අතරින් ඔහු අභිමත කරන අයට එම සීතල හට ගන්වයි. ඔවුන් අතරින් ඔහු අභිමත කරන අයගෙන් එය වෙනතකට යොමු කරයි. වළාකුළු අතරින් හටගන්නා අකුණු එළිය වනාහි, එහි දීප්තිය හේතුවෙන් බැල්ම ඉවත් කරන්නාක් මෙන් පවතියි

يُقَلِّبُ ٱللَّهُ ٱلَّيْلَ وَٱلنَّهَارَ ۚ إِنَّ فِى ذَٰلِكَ لَعِبْرَةًۭ لِّأُو۟لِى ٱلْأَبْصَـٰرِ ﴿٤٤﴾

රාත්රිය හා දහවල අතර විටෙක දිගුවෙන් ද විටෙක කෙටියෙන් ද යන එන්නක් ලෙස අල්ලාහ් එකිනෙක හඹා යන්නට සළස්වයි. දේව පරිපාලනය පිළිබඳ පෙන්වා දෙන සාධක අතරින් මෙනෙහි කරනු ලැබූ මෙම සංඥාවන් තුළ අල්ලාහ්ගේ ශක්තිය හා ඔහුගේ ඒකීයත්වය අධීක්ෂණය කරන්නන්හට උපදෙසක් ඇත

وَٱللَّهُ خَلَقَ كُلَّ دَآبَّةٍۢ مِّن مَّآءٍۢ ۖ فَمِنْهُم مَّن يَمْشِى عَلَىٰ بَطْنِهِۦ وَمِنْهُم مَّن يَمْشِى عَلَىٰ رِجْلَيْنِ وَمِنْهُم مَّن يَمْشِى عَلَىٰٓ أَرْبَعٍۢ ۚ يَخْلُقُ ٱللَّهُ مَا يَشَآءُ ۚ إِنَّ ٱللَّهَ عَلَىٰ كُلِّ شَىْءٍۢ قَدِيرٌۭ ﴿٤٥﴾

ى මහපොළොවේ ඇවිද යන සියලුම සත්වයින් ශුක්රාණු බිඳුවෙන් අල්ලාහ් මැව්වේය. ඒ අතරින් සර්පයින් වැනි උදරය මත ගමන් කරමින් බඩගා යන සතුන් ද වෙති. මිනිසුන් පක්ෂීන් මෙන් දෙපා මත ගමන් කරන සතුන් ද වෙති. එමෙන්ම ගොවිපළ සතුන් මෙන් පාද හතරින් ගමන් කරන සිවුපාවුන් ද වෙති. සඳහන් කරන ලද හා සඳහන් කරනු නොලැබූ දැයින් අල්ලාහ් අභිමත කරන දෑ ඔහු මවයි. සැබැවින්ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි සර්වබලධාරීය. කිසිවක් ඔහු ව පරාජය කළ නොහැක

لَّقَدْ أَنزَلْنَآ ءَايَـٰتٍۢ مُّبَيِّنَـٰتٍۢ ۚ وَٱللَّهُ يَهْدِى مَن يَشَآءُ إِلَىٰ صِرَٰطٍۢ مُّسْتَقِيمٍۢ ﴿٤٦﴾

සැබැවින්ම අපි මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා වෙත සත්යය මාර්ගය පෙන්වා දෙන පැහැදිළි වදන් අපි පහළ කළෙමු. අල්ලාහ් අභිමත කරන අයට කිසිදු ඇදයක් නැති ඍජු මාර්ගය වෙත ආශිර්වාද කරයි. එම මාර්ගය ඔහු بلغ අල්-කුර්ආන් · තෆ්සීර් ව ස්වර්ගය වෙත ළඟා කරවයි

وَيَقُولُونَ ءَامَنَّا بِٱللَّهِ وَبِٱلرَّسُولِ وَأَطَعْنَا ثُمَّ يَتَوَلَّىٰ فَرِيقٌۭ مِّنْهُم مِّنۢ بَعْدِ ذَٰلِكَ ۚ وَمَآ أُو۟لَـٰٓئِكَ بِٱلْمُؤْمِنِينَ ﴿٤٧﴾

කුහකයෝ, "සැබැවින්ම අපි අල්ලාහ් විශ්වාස කළෙමු. තවද අපි දූතයාණන් ද විශ්වාස කළෙමු. එමෙන්ම අල්ලාහ්ට අපි අවනත වූයෙමු. දූතයාණන්ට ද අවනත වූයෙමු" යැයි පවසති. පසු ව ඔවුන්ගෙන් පිරිසක් හැරී ගියෝ ය. අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් විශ්වාස කරන බවටත් ඔවුන් දෙදෙනාට අවනත වන බවටත් ඔවුහු අධිෂ්ඨාන කළ පසු ව, අල්ලාහ්ගේ මාර්ගයේ ජිහාද් කිරීම හා වෙනත් කටයුතුවලදී අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට අවනත නොවෙති. අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට අවනත වීමට පිටුපෑ ඔවුන් සැබැවින්ම තමන් දේව විශ්වාසීන් යැයි පැවසුව ද ඔවුහු එසේ දේව විශ්වාසීහු නොවෙති

وَإِذَا دُعُوٓا۟ إِلَى ٱللَّهِ وَرَسُولِهِۦ لِيَحْكُمَ بَيْنَهُمْ إِذَا فَرِيقٌۭ مِّنْهُم مُّعْرِضُونَ ﴿٤٨﴾

කුහකයින් කවර කරුණක් පිළිබඳ වාද කරමින් සිටින්නේ ද ඒ ගැන ඔවුන් අතර දූතයාණන් තීන්දු දෙනු පිණිස අල්ලාහ් වෙත හා දූතයාණන් වෙත ඔවුන් ඇරයුම් කරනු ලැබූ විට, ඔවුන්ගේ කුහකත්වය හේතුවෙන් එතුමාගේ තීන්දුවට ඔවුහු පිටුපාන්නෝ වෙති

وَإِن يَكُن لَّهُمُ ٱلْحَقُّ يَأْتُوٓا۟ إِلَيْهِ مُذْعِنِينَ ﴿٤٩﴾

සැබැවින්ම සත්යය ඔවුන් සතු බවත් සැබැවින්ම ඔවුන්ගේ යහපත වෙනුවෙන් ඔහු තීන්දු දෙන බවත් ඔවුන් දැනගත්තේ නම් ඔහු වෙත අවනත වන්නන් ලෙසින් හා යටහත් වන්නන් ලෙසින් ඔවුන් ඔහු වෙත පැමිණෙනු ඇත

أَفِى قُلُوبِهِم مَّرَضٌ أَمِ ٱرْتَابُوٓا۟ أَمْ يَخَافُونَ أَن يَحِيفَ ٱللَّهُ عَلَيْهِمْ وَرَسُولُهُۥ ۚ بَلْ أُو۟لَـٰٓئِكَ هُمُ ٱلظَّـٰلِمُونَ ﴿٥٠﴾

මොවුන්ගේ හදවත් තුළ ඒ හා බැඳුණු රෝගයක් වී ද? එසේ නැතහොත් සැබැවින්ම එතුමා අල්ලාහ්ගේ දූතයාණන් යන්නෙහි සැක කළෝ ද? එසේ නැතහොත් තීන්දුවෙහි අල්ලාහ් ඔවුන් වෙත වරදක් කරනු ඇතැයි බිය වන්නෝ ද. සඳහන් කරනු ලැබූ ඒ කිසිවක් නොවීය. ඔහුගේ තීන්දුවට ඔවුන් පිටුපෑම හා ඒ ගැන වූ ඔවුන්ගේ මුරණ්ඩුකම හේතුවෙන් ඔවුන්ගේ සිතු තුළ ඇති වූ අඩුපාඩුකම් නිසාවෙන් විය

إِنَّمَا كَانَ قَوْلَ ٱلْمُؤْمِنِينَ إِذَا دُعُوٓا۟ إِلَى ٱللَّهِ وَرَسُولِهِۦ لِيَحْكُمَ بَيْنَهُمْ أَن يَقُولُوا۟ سَمِعْنَا وَأَطَعْنَا ۚ وَأُو۟لَـٰٓئِكَ هُمُ ٱلْمُفْلِحُونَ ﴿٥١﴾

දේව විශ්වාසීන් අතර දූතයාණන් තීන්දු ලබා දෙනු පිණිස අල්ලාහ් වෙත හා දූතයාණන් වෙත ඇරයුම් කරනු ලැබූ විට දේව විශ්වාසීන්ගේ ප්රකාශය වූයේ, "අපි එතුමාගේ ප්රකාශයට සවන් දුනිමු. එතුමාගේ නියෝගයට අපි අවනත වූයෙමුඃ යන්නය. මෙ ගුණාංගවලින් වර්ණනා කරනු ලැබූවෝ මෙලොව හා මතුලොව ජයග්රහණය ලැබූවෝ වෙති

وَمَن يُطِعِ ٱللَّهَ وَرَسُولَهُۥ وَيَخْشَ ٱللَّهَ وَيَتَّقْهِ فَأُو۟لَـٰٓئِكَ هُمُ ٱلْفَآئِزُونَ ﴿٥٢﴾

කවරෙකු අල්ලාහ්ට අවනත වී, ඔහුගේ දූතයාණන්ට ද අවනත වී, ඔවුන් දෙදෙනාගේ නීතියට යටත් වී, පාපය ගෙන දෙන කරුණුවලට බිය වී, අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකී, ඔහුට භක්තිමත්ව කටයුතු කරන්නේ ද ඔවුහු පමණය මෙලොව හා මතුලොව යහපත තුළින් ජය ලබන්නන් වන්නෝ. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

۞ وَأَقْسَمُوا۟ بِٱللَّهِ جَهْدَ أَيْمَـٰنِهِمْ لَئِنْ أَمَرْتَهُمْ لَيَخْرُجُنَّ ۖ قُل لَّا تُقْسِمُوا۟ ۖ طَاعَةٌۭ مَّعْرُوفَةٌ ۚ إِنَّ ٱللَّهَ خَبِيرٌۢ بِمَا تَعْمَلُونَ ﴿٥٣﴾

කුහකයෝ: ඔවුනට නුඹ ජිහාද්-යුක්ති ධර්මය වෙනුවෙන් සටන්- කිරීමට නියෝග කළෙහි නම් ඔවුන් ඒ සඳහා පිටත් ව යන බවට ඔවුනට හැකි පමණින් බලවත් ලෙස අල්ලාහ් මත දිවුරා පොරොන්දු වෙති. අහෝ දූතය! ඔවුනට මෙසේ පවසනු. "නුඹලා එසේ දිවුරා නොසිටිනු. නුඹලාගේ බොරුව කවුරුත් දන්නා කරුණකි. නුඹලාගේ ව්යාජ අවනතභාවය ද දන්නා කරුණකි. නුඹලා සිදු කරන දෑ පිළිබඳ අල්ලාහ් අභිඥානීය. නුඹලාගේ ක්රියාවන් නුඹලා සැඟවුව ද ඒ කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත

قُلْ أَطِيعُوا۟ ٱللَّهَ وَأَطِيعُوا۟ ٱلرَّسُولَ ۖ فَإِن تَوَلَّوْا۟ فَإِنَّمَا عَلَيْهِ مَا حُمِّلَ وَعَلَيْكُم مَّا حُمِّلْتُمْ ۖ وَإِن تُطِيعُوهُ تَهْتَدُوا۟ ۚ وَمَا عَلَى ٱلرَّسُولِ إِلَّا ٱلْبَلَـٰغُ ٱلْمُبِينُ ﴿٥٤﴾

අහෝ දූතය! මෙම කුහකයින්හට නුඹ මෙසේ පවසනු. "බාහිර ක්රියාවන්හි මෙන්ම අභ්යන්තර ක්රියාවන්හි ද නුඹලා අල්ලාහ්ට අවනත වනු. තවද දූතයාණන්ට ද අවනත වනු. ඔවුන් දෙදෙනාට අවනත වීම සම්බන්ධයෙන් නියෝග කර ඇති නියමයන්ගෙන් නුඹලා හැරුණේ නම්, සැබැවින්ම ඔහු මත පැවරෙනුයේ දන්වා සිටීම පමණක් බවත්, නුඹලා කෙරෙහි අවනත වීමේ හා ඔහු ගෙන ආ දෑ ක්රියාකිරීමේ වගකීම සතු බවත් දැනගනු. ක්රියා කරන මෙන් නුඹලාට නියෝග කළ දෑ නුඹලා ක්රියාත්මක කිරීමෙන් හා නුඹලාට තහනම් කළ දැයින් වැළකෙමින් නුඹලා ඔහුට අවනත වන්නේ නම් සත්යය වෙත නුඹලා මඟ ලබනු ඇත. දූතවරයාණන් වෙත පැවරුණු වගකීම වනුයේ පැහැදිලි ලෙස දන්වා සිටීම පමණි. නුඹලාට යහමග පිරිනැමීමේ බර හෝ ඒ සඳහා නුඹලාට බලකිරීම හෝ එතුමා වෙත පවරා නැත

وَعَدَ ٱللَّهُ ٱلَّذِينَ ءَامَنُوا۟ مِنكُمْ وَعَمِلُوا۟ ٱلصَّـٰلِحَـٰتِ لَيَسْتَخْلِفَنَّهُمْ فِى ٱلْأَرْضِ كَمَا ٱسْتَخْلَفَ ٱلَّذِينَ مِن قَبْلِهِمْ وَلَيُمَكِّنَنَّ لَهُمْ دِينَهُمُ ٱلَّذِى ٱرْتَضَىٰ لَهُمْ وَلَيُبَدِّلَنَّهُم مِّنۢ بَعْدِ خَوْفِهِمْ أَمْنًۭا ۚ يَعْبُدُونَنِى لَا يُشْرِكُونَ بِى شَيْـًۭٔا ۚ وَمَن كَفَرَ بَعْدَ ذَٰلِكَ فَأُو۟لَـٰٓئِكَ هُمُ ٱلْفَـٰسِقُونَ ﴿٥٥﴾

ى නුඹලා අතරින් අල්ලාහ්ව විශ්වාස කොට දැහැමි ක්රියාවන් කළවුනට ඔවුන්ගේ සතුරන්ට එරෙහිව ඔවුනට උදව් ලබා දෙන බවත් ඔවුනට පෙර වූ දේව විශ්වාසීන් මහපොළොවේ පාලකයින් බවට පත් කළාක් මෙන් ඔවුන් ව ද මහපොළොවේ පාලකයින් බවට පත් කරන බවත් අල්ලාහ් ප්රතිඥා දුන්නේය. එමෙන්ම ඔවුන් වෙනුවෙන් තෝරා දුන් ඔවුන්ගේ දහමට - එනම් ඉස්ලාම් දහමට - ගෞරවණීය ස්ථානයක් ලබා දෙන බවත් ඔවුනට ප්රතිඥා දුන්නේය. තවද ඔවුන්ගේ බියකරු තත්ත්වයෙන් පසු ඔවුනට සුරක්ෂිත තත්ත්වයක් පෙරළා දෙන බවත් ප්රතිඥා දුන්නේය. ඔවුහු මට පමණක් නැමදුම් කරති. කිසිවක් මට ආදේශ නොකරති. මෙම ආශිර්වාදයන්ට පසු ව කවරෙකු ප්රතික්ෂේප කළේද ඔවුහුමය අල්ලාහ්ට අවනත වීමෙන් බැහැර වූවෝ

وَأَقِيمُوا۟ ٱلصَّلَوٰةَ وَءَاتُوا۟ ٱلزَّكَوٰةَ وَأَطِيعُوا۟ ٱلرَّسُولَ لَعَلَّكُمْ تُرْحَمُونَ ﴿٥٦﴾

අල්ලාහ්ගේ කරුණාව ලැබීමේ යහපත් අපෙක්ෂාවෙන් යුතුව සලාතය පූර්ණවත් ලෙස විධිමත්ව ඉටු කරනු. නුඹලාගේ ධනයෙන් සකාත් පිරිනමනු. දූතයාණන් කවර නියෝගයක් කර ඇත්තේ ද එය ක්රියාවට නංවමින් හා ඔහු කවර කරුණක් තහනම් කළේ ද එය අතහැර දමමින් එතුමාණන්ට අවනත වනු

لَا تَحْسَبَنَّ ٱلَّذِينَ كَفَرُوا۟ مُعْجِزِينَ فِى ٱلْأَرْضِ ۚ وَمَأْوَىٰهُمُ ٱلنَّارُ ۖ وَلَبِئْسَ ٱلْمَصِيرُ ﴿٥٧﴾

අහෝ දූතය! අල්ලාහ් ව ප්රතික්ෂේප කළවුන් හට මා දඬුවම පහළ කිරීමට සිතූ විට ඔවුන් මට මග හැරී ඇතැයි නුඹ නොසිතනු. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන්ගේ නවාතැන අපා ගින්නය. තම නවාතැන අපා ගින්න බවට පත් කර ගත් අයගේ නවාතැන ඉතා නපුරු විය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لِيَسْتَـْٔذِنكُمُ ٱلَّذِينَ مَلَكَتْ أَيْمَـٰنُكُمْ وَٱلَّذِينَ لَمْ يَبْلُغُوا۟ ٱلْحُلُمَ مِنكُمْ ثَلَـٰثَ مَرَّٰتٍۢ ۚ مِّن قَبْلِ صَلَوٰةِ ٱلْفَجْرِ وَحِينَ تَضَعُونَ ثِيَابَكُم مِّنَ ٱلظَّهِيرَةِ وَمِنۢ بَعْدِ صَلَوٰةِ ٱلْعِشَآءِ ۚ ثَلَـٰثُ عَوْرَٰتٍۢ لَّكُمْ ۚ لَيْسَ عَلَيْكُمْ وَلَا عَلَيْهِمْ جُنَاحٌۢ بَعْدَهُنَّ ۚ طَوَّٰفُونَ عَلَيْكُم بَعْضُكُمْ عَلَىٰ بَعْضٍۢ ۚ كَذَٰلِكَ يُبَيِّنُ ٱللَّهُ لَكُمُ ٱلْـَٔايَـٰتِ ۗ وَٱللَّهُ عَلِيمٌ حَكِيمٌۭ ﴿٥٨﴾

ى ه ه අල්ලාහ්ව විශ්වාස කොට ඔවුනට ඔහු ආගමානුගත කළ දෑ අනුව කටයුතු කරන්නනි! නුඹලාගේ වහලුන්, වහලියන්, වැඩිවියට පත් නොවූ නිදහස් දරුවන් වේලාවන් තුනකදී නුඹලාගෙන් අවසර පැතිය යුතුය. එනම් සුබ්හු සලාතයට පෙර: රාත්රී වස්ත්රය ලිහා, අවදි ව සිටියදී අඳින ඇඳුම මාරු කරන වේලාව. මධ්යහ්න වේලාව, සුළු නින්ද සඳහා නුඹලාගේ වස්ත්ර ලිහා දමන විට, ඉෂා සලාතයෙන් පසු, සැබැවින්ම එය නුඹලා නින්දට යන වේලාවයි. අවදිව සිටිය දී අඳින වස්ත්රය ගලවා රාත්රී ඇඳුම අඳින වේලාවයි. මෙම වේලාවන් තුන නුඹලාගේ පිටස්තරයින්ට නොපෙන්විය යුතු පෞද්ගලික වේලාවන්ය. නුඹලාගෙන් අවසර පැතීමෙන් පසු ව මිස නුඹලා අතරට එම වේලාවන්හි ඔවුන් නොපිවිසිය යුතුය. එම වේලාවන්හි හැර වෙනත් වේලාවන්හි ඔවුන් අවසර පැතීමෙන් තොරව පිවිසීමෙහි නුඹලාට හෝ ඔවුනට හෝ වරදක් නැත. ඔවුන් නිරන්තරයෙන්ම අධික ලෙස ගැවසෙන්නන් වෙති. එකිනෙකො මාරුවෙන් මාරුවට ආශ්රය කරන්නන් වෙති. අවසරයකින් තොරව සෑම වේලාවකම ඔවුන් නුඹලා වෙත පිවිසීම වැළැක්විය නොහැක්කකි. අවසර පැතීමේ නීති නුඹලාට අල්ලාහ් පැහැදිළි කළා සේම නුඹලාට ආගමානුගත කළ නීතී පෙන්වා දෙන වදන් ද ඔහු නුඹලාට පැහැදිලි කර සිටියි. අල්ලාහ් ඔහුගේ ගැත්තන්හට යහපත් දෑ කුමක්දැ යි මැනවින් දන්නාය. ඔහු ඔවුනට ආගමානුගත කළ නීති පිළිබඳ ද ඔහු මහා ප්රඥාවන්තය

وَإِذَا بَلَغَ ٱلْأَطْفَـٰلُ مِنكُمُ ٱلْحُلُمَ فَلْيَسْتَـْٔذِنُوا۟ كَمَا ٱسْتَـْٔذَنَ ٱلَّذِينَ مِن قَبْلِهِمْ ۚ كَذَٰلِكَ يُبَيِّنُ ٱللَّهُ لَكُمْ ءَايَـٰتِهِۦ ۗ وَٱللَّهُ عَلِيمٌ حَكِيمٌۭ ﴿٥٩﴾

عليم حكيم නුඹලාගේ දරුවන් වැඩිවියට පත් වූ විට, වැඩිහිටියන්ගේ කරුණු සම්බන්ධයෙන් පෙර සඳහන් කළාක් මෙන්ම සෑම වේලාවකම නිවසට පිවිසෙන අවස්ථාවේ ඔවුන් ද අවසර පැතිය යුතු වේ. අවසර පැතීමේ නීති අල්ලාහ් නුඹලාට පැහැදිළි කළාක් මෙන්ම අල්ලාහ් ඔහුගේ වදන් ඔහු නුඹලාට පැහැදිලි කරයි. අල්ලාහ් ඔහුගේ ගැත්තන්හට යහපත් වන්නේ කුමක්දැයි මැනවින් දන්නාය. ඔහු ඔවුනට ආගමානුගත කළ දෑහි ඔහු මහා ප්රඥාවන්තය

وَٱلْقَوَٰعِدُ مِنَ ٱلنِّسَآءِ ٱلَّـٰتِى لَا يَرْجُونَ نِكَاحًۭا فَلَيْسَ عَلَيْهِنَّ جُنَاحٌ أَن يَضَعْنَ ثِيَابَهُنَّ غَيْرَ مُتَبَرِّجَـٰتٍۭ بِزِينَةٍۢ ۖ وَأَن يَسْتَعْفِفْنَ خَيْرٌۭ لَّهُنَّ ۗ وَٱللَّهُ سَمِيعٌ عَلِيمٌۭ ﴿٦٠﴾

වයස්ගත හේතුවෙන් ඔසප් හෝ ගර්භනී තත්ත්වයට පත්වීමෙන් ආයාසයට පත් වූ, විවාහ වීමේ ආශාවක් නොමැති වයෝවෘද්ධ කාන්තාවන් වනාහි, ආවරණය කිරීමට නියෝග කරනු ලැබූ රහස්ය අලංකාරය හෙළි නොදක්වන පරිදි ඔවුන්ගේ උඩු සළුව, හිස් ආවරණය වැනි ඇතැම් වස්ත්ර ගලවා තැබීමෙහි වරදක් නැත. ආවරණය කිරීමක් හා තැන්පත්කම ආරක්ෂා කිරීමක් වශයෙන් එසේ එය නොගලවා, එම ඇඳුම ගැලවීම අතහැර දැමීම ඔවුනට උතුම් වන්නේය. අල්ලාහ් නුඹලාගේ ප්රකාශයන්ට සවන් දෙන්නාය. නුඹලාගේ ක්රියාවන් පිළිබඳ මැනවින් දන්නාය. ඒ කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඒ සඳහා ඔහු නුඹලාට ප්රතිඵල පිරිනමනු ඇත. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

لَّيْسَ عَلَى ٱلْأَعْمَىٰ حَرَجٌۭ وَلَا عَلَى ٱلْأَعْرَجِ حَرَجٌۭ وَلَا عَلَى ٱلْمَرِيضِ حَرَجٌۭ وَلَا عَلَىٰٓ أَنفُسِكُمْ أَن تَأْكُلُوا۟ مِنۢ بُيُوتِكُمْ أَوْ بُيُوتِ ءَابَآئِكُمْ أَوْ بُيُوتِ أُمَّهَـٰتِكُمْ أَوْ بُيُوتِ إِخْوَٰنِكُمْ أَوْ بُيُوتِ أَخَوَٰتِكُمْ أَوْ بُيُوتِ أَعْمَـٰمِكُمْ أَوْ بُيُوتِ عَمَّـٰتِكُمْ أَوْ بُيُوتِ أَخْوَٰلِكُمْ أَوْ بُيُوتِ خَـٰلَـٰتِكُمْ أَوْ مَا مَلَكْتُم مَّفَاتِحَهُۥٓ أَوْ صَدِيقِكُمْ ۚ لَيْسَ عَلَيْكُمْ جُنَاحٌ أَن تَأْكُلُوا۟ جَمِيعًا أَوْ أَشْتَاتًۭا ۚ فَإِذَا دَخَلْتُم بُيُوتًۭا فَسَلِّمُوا۟ عَلَىٰٓ أَنفُسِكُمْ تَحِيَّةًۭ مِّنْ عِندِ ٱللَّهِ مُبَـٰرَكَةًۭ طَيِّبَةًۭ ۚ كَذَٰلِكَ يُبَيِّنُ ٱللَّهُ لَكُمُ ٱلْـَٔايَـٰتِ لَعَلَّكُمْ تَعْقِلُونَ ﴿٦١﴾

ه لعل كم تعقلون අල්ලාහ්ගේ මාර්ගයේ ජිහාද් කිරීම වැනි පවරන ලද වගකීම් ඉටු කිරීමට හැකියාවක් නැති වගකීම් අතහැර දැමීම, බැල්ම අහිමි වූ අන්ධයා මත ද අබාධිතයා මත ද රෝගියා මත ද පාපයක් නැත. අහෝ දේවත්වය විශ්වාස කරන්නනි! නුඹලාගේ නිවෙස්වල නුඹලා අනුභව කිරීමෙහි නුඹලාට වරදක් නැත. නුඹලාගේ දරුවන්ගේ නිවෙස් ද ඒ අතරින් වන්නේය. එමෙන්ම නුඹලාගේ පියවරුන්ගේ හෝ නුඹලාගේ මව්වරුන්ගේ හෝ නුඹලාගේ සහෝදරයන්ගේ හෝ නුඹලාගේ සහෝදරයින්ගේ හෝ නුඹලාගේ මාමාවරුන්ගේ හෝ නුඹලාගේ නැන්දාවරුන්ගේ හෝ නුඹලාගේ පිය සහෝරදවරුන්ගේ හෝ නුඹලාගේ පිය සහෝදරියන්ගේ හෝ නිවසේ කටයුතු ආරක්ෂා කිරීම සඳහා නුඹලා භාර කළ වතු ආරක්ෂකයින්ගේ හෝ නිවෙස්වල අනුභව කිරීම වරදක් නැත. පුරුද්දක් ලෙස නුඹලාට හිතවත් නුඹලාගේ මිතුරන්ගේ නිවෙස්වල අනුභව කිරීමෙහි ද වරදක් නැත. නුඹලා සාමුහිකව හෝ වෙන් වෙන්ව අනුභව කිරීමෙහි ද වරදක් නැත. නමුත් සඳහන් කරන ලද නිවෙස් අතරින් නිවසකට හෝ ඒ හැර වෙනත් නිවෙස්වලට හෝ නුඹලා පිවිසෙන විට එහි සිටින නිවැසියන්ට ‘අස්සලාමු අලයිකුම්’ යන පද භාවිතයෙන් සලාම් පවසනු. එහි කිසිවෙක් නොවී නම් නුඹලා මතම ‘අස්සලාමු අලයිනා වඅලා ඉබාදිල්ලාහිස් සාලිහීන්’ යැයි සලාම් පවසනු. එය අල්ලාහ්ගෙන් වූ සුබ පැතුමක් වශයෙනි. නුඹලා අතර එහි විහිදී ඇති ආදරය සෙනෙහස හේතුවෙන් එය සවන් දෙන්නාගේ ආත්මයට සතුටු දන්වන පරිදි නුඹලාට එය භාග්යවන්ත ලෙස ආගමානුගත කොට ඇත. සූරාවේ පෙර පැහැදිළි කළ පරිදි අල්ලාහ්ගේ වදන් නුඹලාට වටහා ගැනීමේ හා එහි ඇති දෑ අනුව නුඹලා කටයුතු කිරීමේ යහපත් අපේක්ෂාවෙන් යුතුව අල්ලාහ් මෙම වදන් ද පැහැදිලි කරයි

إِنَّمَا ٱلْمُؤْمِنُونَ ٱلَّذِينَ ءَامَنُوا۟ بِٱللَّهِ وَرَسُولِهِۦ وَإِذَا كَانُوا۟ مَعَهُۥ عَلَىٰٓ أَمْرٍۢ جَامِعٍۢ لَّمْ يَذْهَبُوا۟ حَتَّىٰ يَسْتَـْٔذِنُوهُ ۚ إِنَّ ٱلَّذِينَ يَسْتَـْٔذِنُونَكَ أُو۟لَـٰٓئِكَ ٱلَّذِينَ يُؤْمِنُونَ بِٱللَّهِ وَرَسُولِهِۦ ۚ فَإِذَا ٱسْتَـْٔذَنُوكَ لِبَعْضِ شَأْنِهِمْ فَأْذَن لِّمَن شِئْتَ مِنْهُمْ وَٱسْتَغْفِرْ لَهُمُ ٱللَّهَ ۚ إِنَّ ٱللَّهَ غَفُورٌۭ رَّحِيمٌۭ ﴿٦٢﴾

ඔවුන්ගේ විශ්වාසය තුළ සැබෑ දේව විශ්වාසීන් වනාහි, අල්ලාහ්ව විශ්වාස කොට ඔහුගේ දූතයාණන්ව ද විශ්වාස කළවුන්ය. යම් කටයුත්තක ඔවුන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා සමග සිටින විට මුස්ලිම්වරුන්ගේ යහපත සඳහා එතුමා ඔවුන් එක්රැස් කරයි. එවිට හැරී යන්නට එතුමාගෙන් ඔවුන් අවසර පතන තෙක් ඔවුහු හැරී නොගියෝය. අහෝ දූතය! හැරී යන අවස්ථාවේ අවසරය පැතූ ඔවුහු සැබෑ ලෙස අල්ලාහ්ව විශ්වාස කරන්නෝ වෙති. ඔහුගේ දූතයාණන්ව ද විශ්වාස කරන්නෝ වෙති. ඔවුන්ගේ වැදගත් කටයුතු සඳහා ඔබෙන් ඔවුන් අවසර පැතූ විට ඔවුන්ගෙන් ඔබ අවසර දෙන්නට අභිමත කරන අයට අවසර දෙනු. ඔවුන්ගේ පාපකම්වලට නුඹ ඔවුන් වෙනුවෙන් සමාව අයැදිනු. සැබැවින්ම අල්ලාහ් ඔහුගේ ගැත්තන් අතරින් සමාව අයැද සිටින්නන්හට අතික්ෂමාශීලීය. ඔවුන් කෙරෙහි මහා කාරුණිකය

لَّا تَجْعَلُوا۟ دُعَآءَ ٱلرَّسُولِ بَيْنَكُمْ كَدُعَآءِ بَعْضِكُم بَعْضًۭا ۚ قَدْ يَعْلَمُ ٱللَّهُ ٱلَّذِينَ يَتَسَلَّلُونَ مِنكُمْ لِوَاذًۭا ۚ فَلْيَحْذَرِ ٱلَّذِينَ يُخَالِفُونَ عَنْ أَمْرِهِۦٓ أَن تُصِيبَهُمْ فِتْنَةٌ أَوْ يُصِيبَهُمْ عَذَابٌ أَلِيمٌ ﴿٦٣﴾

අහෝ දේවත්වය විශ්වාස කරන්නනි! නුඹලා අල්ලාහ්ගේ දූතයාණන්ට ගරු කරනු. නුඹලා එතුමා අමතන විට, එකිනෙකා සමග නුඹලා කටයුතු කරන්නාක් මෙන් "ඕ මුහම්මද්!" යනුවෙන් එතුමාගේ නාමයෙන් හෝ "අබ්දුල්ලාහ්ගේ بلغ අල්-කුර්ආන් · තෆ්සීර් පුතණුවනි!" යැයි එතුමාගේ පියාගේ නමින් හෝ නොඅමතනු. ඒ වෙනුවට නුඹලා එතුමාණන්ට, "අල්ලාහ්ගේ දූතයාණනි! අල්ලාහ්ගේ නබිවරයාණනි!" යනුවෙන් පවසා අමතනු. පොදු කටයුත්තක් වෙනුවෙන් එතුමා නුඹලාට ඇරයුම් කරන විට එතුමාගේ එම ඇරයුම නුඹලා එකිනෙකා පොදුවේ නිෂ්ඵල කාර්යයන් සඳහා ඇරයුම් කරන්නාක් මෙන් පත් කර නොගනු. ඒ සඳහා පිළිතුරු දෙන්නට යුහුසුළු වනු. කිසිදු අවසරයකින් තොරව රහසිගතව නුඹලාගෙන් හැරී යන්නන් ගැන අල්ලාහ් සැබැවින්ම දනී. එහෙයින් අල්ලාහ්ගේ දූතයාණන්ගේ අණට විරුද්ධවන්නන් වනාහි, ව්යසනයක් හෝ අභාග්යයක් හෝ අල්ලාහ් ඔවුනට හට ගැන්වීම සම්බන්ධයෙන් හා ඔවුනට ඉවසිය නොහැකි වේදනීය දඬුවමක් ඔහු ඔවුනට ලබා දීම සම්බන්ධයෙන් ප්රවේසම් විය යුතුය

أَلَآ إِنَّ لِلَّهِ مَا فِى ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ ۖ قَدْ يَعْلَمُ مَآ أَنتُمْ عَلَيْهِ وَيَوْمَ يُرْجَعُونَ إِلَيْهِ فَيُنَبِّئُهُم بِمَا عَمِلُوا۟ ۗ وَٱللَّهُ بِكُلِّ شَىْءٍ عَلِيمٌۢ ﴿٦٤﴾

شىء عليم මැවීමෙන්, පාලනයෙන් හා සැලසුම් කිරීමෙන් අහස්හි ඇති දෑ හා මහපොළොවේ ඇති දෑ අල්ලාහ්ට පමණක් සතු වන්නේය. අහෝ මිනිසුනි! නුඹලා කවර තත්ත්වයන් මත සිටින්නෙහු ද ඒ ගැන ඔහු දනී. ඒ කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ - මිය ගිය පසු යළි නැගිටුවන ලැබ ඔහු වෙත නැවත හැරී යන අවස්ථාවේ - මෙලොවෙහි ඔවුන් සිදු කළ ක්රියාවන් පිළිබඳ ඔහු ඔවුනට දන්වා සිටිනු ඇත. අල්ලාහ් සියලු දෑ පිළිබඳ සර්වඥානීය. අහස්හි හා මහපොළොවේ ඇති කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. මූලාශ්‍රය: අල්-මුඃතසර් ෆී තෆ්සීරිල් කුර්ආන්

ඉගෙන ගන්න · An-Noor — النور

අනුගමනය · පුනරාවර්තනය · පැවසීම · ලියාපදිංචිය අවශ්‍ය නැත

තෆ්සීර් · 31 භාෂා