قَدْ أَفْلَحَ ٱلْمُؤْمِنُونَ ﴿١﴾
අල්ලාහ්ව විශ්වාස කොට, ඔහුගේ දහම අනුව කටයුතු කළවුන් වනාහි, ඔවුන් පතන දෑ හිමි කර ගෙන, ඔවුන් බියට පත් වූ දැයින් මිදී සැබැවින්ම ඔවුන් ජය ලැබුවෝය
මුල් පිටුව›තෆ්සීර්›Al-Muminoon (23)
මක්කී · 118 වාක්‍ය
قَدْ أَفْلَحَ ٱلْمُؤْمِنُونَ ﴿١﴾
අල්ලාහ්ව විශ්වාස කොට, ඔහුගේ දහම අනුව කටයුතු කළවුන් වනාහි, ඔවුන් පතන දෑ හිමි කර ගෙන, ඔවුන් බියට පත් වූ දැයින් මිදී සැබැවින්ම ඔවුන් ජය ලැබුවෝය
ٱلَّذِينَ هُمْ فِى صَلَاتِهِمْ خَـٰشِعُونَ ﴿٢﴾
ඔවුන්ගේ සලාතයේ දී ඉතා යටහත් පහත්ව කටයුතු කරන්නෝ වෙති. එහිදී ඔවුන්ගේ අවයව තැන්පත්ව තබා ගනිති. ඔවුන්ගේ සිත් කාර්යබහුලත්වයෙන් හිස් කර ගනිති
وَٱلَّذِينَ هُمْ عَنِ ٱللَّغْوِ مُعْرِضُونَ ﴿٣﴾
ඔවුන් වනාහි, නිෂ්ඵල දැයින්, පුහු දැයින් හා පාපය ඇති කරන ක්රියාවන් හා ප්රකාශවලින් වැළකී සිටින්නෝ වෙති
وَٱلَّذِينَ هُمْ لِلزَّكَوٰةِ فَـٰعِلُونَ ﴿٤﴾
ඔවුන් වනාහි, ඔවුන්ගේ ආත්මාවන් පහත් ගතිගුණවලින් පිවිතුරු කිරීම සඳහාත් ඔවුන්ගේ ධනය පිරිසිදු කිරීම සඳහා ඒ සඳහා දිය යුතු සකාත් නිකුත් කරමින් කටයුතු කරන්නෝ වෙති
وَٱلَّذِينَ هُمْ لِفُرُوجِهِمْ حَـٰفِظُونَ ﴿٥﴾
දුරාචාරය, සමලිංගික සේවනය හා අශීලාචාර කාමුක හැසිරීම් වැනි දැයින් ඔවුන්ගේ ලිංගේන්ද්රියන් දුරස් කරමින් ඒවා ආරක්ෂා කරන්නෝ වෙති. ඔවුන් පතිවත රකින පිවිතුරුවූවන් වෙති
إِلَّا عَلَىٰٓ أَزْوَٰجِهِمْ أَوْ مَا مَلَكَتْ أَيْمَـٰنُهُمْ فَإِنَّهُمْ غَيْرُ مَلُومِينَ ﴿٦﴾
ඔවුන්ගේ බිරියන් කෙරෙහි හෝ ඔවුන් සතු කරගත් වහලියන් කෙරෙහි හෝ හැර. ඔවුන් සමග සංසර්ගයේ නිරත වෙමින් හෝ වෙනත් අයුරකින් හෝ පහස විඳීමෙහි ඔවුන් දොස් නගනු ලබන්නන් නොවෙති
فَمَنِ ٱبْتَغَىٰ وَرَآءَ ذَٰلِكَ فَأُو۟لَـٰٓئِكَ هُمُ ٱلْعَادُونَ ﴿٧﴾
එහෙයින් කවරෙකු බිරියන් හෝ ඔවුන් සතු වූ වහලියන් හෝ සමග හැර වෙනත් ආකාරයකින් පහස විඳීමට සොයන්නේ ද ඔහු අනුමත කළ පහස විඳීම් ඉක්මවා තහනම් කළ දෑ වෙත යමින් අල්ලාහ්ගේ සීමාවන් අබිබවා ගිය අයකු වන්නේය
وَٱلَّذِينَ هُمْ لِأَمَـٰنَـٰتِهِمْ وَعَهْدِهِمْ رَٰعُونَ ﴿٨﴾
ඔවුන් වනාහි, අල්ලාහ් ඔවුනට යමක් පැවරූ කල්හි හෝ ඔහුගේ ගැත්තන් ඔවුනට යමක් පැවරූ කල්හි ඔවුන්ගේ ගිවිසුම් කඩ නොකර ඒවා නිසි අයුරින් ආරක්ෂා කරන්නෝ වෙති. ඔවුහු ඒවා ඉටු කරති. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
وَٱلَّذِينَ هُمْ عَلَىٰ صَلَوَٰتِهِمْ يُحَافِظُونَ ﴿٩﴾
ඔවුන්ගේ සලාතය අඛණ්ඩ ව ඉටු කරමින් එය ආරක්ෂා කරති. නියමිත වේලාවන්හි එහි මූලිකාංගයන් අනිවාර්යය ක්රියාවන් හා සතුටුදායක ක්රියාවන් පිළිපදිමින් ඉටු කිරීමට වගබලා ගනිති
أُو۟لَـٰٓئِكَ هُمُ ٱلْوَٰرِثُونَ ﴿١٠﴾
මෙම ගුණාංගවලින් වර්ණනා කරනු ලැබූ මොවූහුමය උරුමක්කරුවෝ වනුයේ
ٱلَّذِينَ يَرِثُونَ ٱلْفِرْدَوْسَ هُمْ فِيهَا خَـٰلِدُونَ ﴿١١﴾
ඔවුහු උසස් ස්වර්ගය උරුම කර ගනිති. ඔවුහු එහි සදා රැඳී සිටිති. එහි ඔවුනට හිමි සැප පහසුකම් කිසිවිටෙක කප්පාදු කරනු නොලබති
وَلَقَدْ خَلَقْنَا ٱلْإِنسَـٰنَ مِن سُلَـٰلَةٍۢ مِّن طِينٍۢ ﴿١٢﴾
මිනිස් පියාණන් වන ආදම් ව සැබැවින්ම අපි පසින් මැව්වෙමු. එය පොළොවේ පස් සමග මිශ්ර වූ ජලයෙන් මතු කර ගන්නා ලද පිරිසිදු පසින් ගන්නා ලද්දක් විය. ثم جعلنهنطفة فى قرار مكين
ثُمَّ جَعَلْنَـٰهُ نُطْفَةًۭ فِى قَرَارٍۢ مَّكِينٍۢ ﴿١٣﴾
ඉන්පසු අපි ඔහුගේ පරපුර පරම්පරාවෙන් පරම්පරාවට, ප්රසූත වන අවස්ථාව දක්වාම ගර්භාෂයේ රැඳී පවතින ශුක්රාණුවෙන් මැව්වෙමු
ثُمَّ خَلَقْنَا ٱلنُّطْفَةَ عَلَقَةًۭ فَخَلَقْنَا ٱلْعَلَقَةَ مُضْغَةًۭ فَخَلَقْنَا ٱلْمُضْغَةَ عِظَـٰمًۭا فَكَسَوْنَا ٱلْعِظَـٰمَ لَحْمًۭا ثُمَّ أَنشَأْنَـٰهُ خَلْقًا ءَاخَرَ ۚ فَتَبَارَكَ ٱللَّهُ أَحْسَنُ ٱلْخَـٰلِقِينَ ﴿١٤﴾
එම ශුක්රාණවෙන් පසුව ගර්භාෂයේ රැඳී පවතින රතු පැහැති ලේ කැටියක් මැව්වෙමු. පසුව එම රතු පැහැති ලේ කැටිය විකා දමන ලද මස් කැබැල්ලක් මෙන් මැව්වෙමු. පසුව එම මස් කැබැල්ලට එකිනෙකට බැඳුණු අස්ථි මැව්වෙමු. පසුව එම අස්ථි මසින් ඇන්ඳෙව්වෙමු. පසුව ඒ තුළට ප්රාණය පිඹිමින් එය ජීවී ව බැහැර කරමින් වෙනත් මැවීමක් ලෙස අපි නිර්මාණය කළෙමු. නිර්මාණකරුවන්ගෙන් වඩාත් අලංකාර මැවුම්කරු වන අල්ලාහ් උත්කෘෂ්ට විය. ثم إنكم بعد ذلك لميتون
ثُمَّ إِنَّكُم بَعْدَ ذَٰلِكَ لَمَيِّتُونَ ﴿١٥﴾
අහෝ මිනිසුනි! සැබැවින්ම නුඹලා මෙම අදියරයන් පසු කළ පසු ව, නුඹලාගේ ආයු කාලය අවසන් වන අවස්ථාවේ නුඹලා මරණයට පත්වනු ඇත
ثُمَّ إِنَّكُمْ يَوْمَ ٱلْقِيَـٰمَةِ تُبْعَثُونَ ﴿١٦﴾
අනතුරුව සැබැවින්ම නුඹලා මරණයට පත්වීමෙන් පසු මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලා මෙලොව කළ ක්රියාවන් සඳහා විනිශ්චය කරනු පිණිස නුඹලාගේ මිණිවලවල්වලින් නුඹලා යළි අවදි කරනු ලබනු ඇත. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
وَلَقَدْ خَلَقْنَا فَوْقَكُمْ سَبْعَ طَرَآئِقَ وَمَا كُنَّا عَنِ ٱلْخَلْقِ غَـٰفِلِينَ ﴿١٧﴾
අහෝ ජනයිනි! නුඹලාට ඉහළින් අහස් හතක් ඉකිනෙකට ඉහළින් පිහිටන සේ මැව්වෙමු. අපගේ මැවීම් පිළිබඳ අපි අනවධානීන් ලෙස නොසිටියෙමු. එමෙන්ම ඒවා අමතක කරන්නන් ලෙස නොසිටියෙමු
وَأَنزَلْنَا مِنَ ٱلسَّمَآءِ مَآءًۢ بِقَدَرٍۢ فَأَسْكَنَّـٰهُ فِى ٱلْأَرْضِ ۖ وَإِنَّا عَلَىٰ ذَهَابٍۭ بِهِۦ لَقَـٰدِرُونَ ﴿١٨﴾
වර්ෂා ජලය වැඩි වී විනාශ කරන ආකාරයෙන් හෝ එය හිඟ වී ප්රමාණවත් නොවන තරමට පත් නොවන ආකාරයෙන් අවශ්ය ප්රමාණයට පමණක් අපි අහසින් පහළ කළෙමු. මිනිසුන්ට හා සතුන් එමගින් ප්රයෝජන ලබන පරිදි මහපොළොවේ රැඳෙන්නට සැලැස්වූයෙමු. සැබැවින්ම අපි එය පහ කරන්නටත් බලය ඇත්තෝ වෙමු. එවිට නුඹලාට ප්රයෝජන නොලබනු ඇත. فأنشأنا لكم به جنت من ن خيل وأعنب ل كم فيها فوكهكثيرة ومنها تأكلون
فَأَنشَأْنَا لَكُم بِهِۦ جَنَّـٰتٍۢ مِّن نَّخِيلٍۢ وَأَعْنَـٰبٍۢ لَّكُمْ فِيهَا فَوَٰكِهُ كَثِيرَةٌۭ وَمِنْهَا تَأْكُلُونَ ﴿١٩﴾
එම ජලය මගින් ඉඳි හා මිදි උයන් නුඹලා වෙනුවෙන් අපි හට ගැන්වූයෙමු. අත්තික්කා, දෙළුම් හා ඇපල් වැනි එහි විවිධ වර්ණයෙන් හා හැඩයෙන් යුත් විවිධ පළතුරු නුඹලාට එහි ඇත. නුඹලා එයින් අනුභව කරන්නෙහුය
وَشَجَرَةًۭ تَخْرُجُ مِن طُورِ سَيْنَآءَ تَنۢبُتُ بِٱلدُّهْنِ وَصِبْغٍۢ لِّلْـَٔاكِلِينَ ﴿٢٠﴾
එමගින් සයිනා කඳු ප්රදේශයේ හට ගන්නා ඔලිව් ගස් ද අපි නුඹලාට මතු කළෙමු. ආලේප කිරීමටත් ව්යාංජන ලෙස පරිභෝජනය කිරීමටත් එය තෙල් උත්පාදනය කරනු ඇත
وَإِنَّ لَكُمْ فِى ٱلْأَنْعَـٰمِ لَعِبْرَةًۭ ۖ نُّسْقِيكُم مِّمَّا فِى بُطُونِهَا وَلَكُمْ فِيهَا مَنَـٰفِعُ كَثِيرَةٌۭ وَمِنْهَا تَأْكُلُونَ ﴿٢١﴾
අහෝ ජනයිනි! (ඔටුවන් ගවයින් හා එළුවන් වැනි) ගොවිපල සතුන් තුළ නුඹලාට පාඩමක් හා අල්ලාහ්ගේ ශක්තිය හා නුඹලා කෙරෙහි වූ ඔහුගේ කරුණාව පෙන්වා දෙන සාධක ඇත. උන්ගේ උදරවල තිබෙන දැයින් පානය කරන්නන්හට ප්රණීත පිරිසිදු කිරි අපි නුඹලා වෙනුවෙන් පානය සඳහා සපයන්නෙමු. එමෙන්ම ඒ මත ප්රවාහනය කිරීම, එවායෙහි ලෝම, කෙස් වැනි නුඹලා ප්රයෝජන ලැබිය හැකි වෙනත් බොහෝ ප්රයෝජන ද නුඹලාට ඇත. නුඹලා ඒවායෙහි මාංශ අනුභව කරන්නෙහුය
وَعَلَيْهَا وَعَلَى ٱلْفُلْكِ تُحْمَلُونَ ﴿٢٢﴾
ගොඩබිමේ ගොවිපළ සතුන් අතර තිබෙන ඔටුවන් මත ද සාගරයේ නැව් මත ද නුඹලා උසුලා ගෙන ප්රවාහනය කරනු ලබන්නෙහුය
وَلَقَدْ أَرْسَلْنَا نُوحًا إِلَىٰ قَوْمِهِۦ فَقَالَ يَـٰقَوْمِ ٱعْبُدُوا۟ ٱللَّهَ مَا لَكُم مِّنْ إِلَـٰهٍ غَيْرُهُۥٓ ۖ أَفَلَا تَتَّقُونَ ﴿٢٣﴾
නූහ්ගේ ජනයාව අල්ලාහ් වෙත ඇරයුම් කිරීම සඳහා ඔවුන් වෙත අපි නූහ්ව එව්වෙමු. එවිට ඔහු, "මාගේ ජනයිනි! නුඹලා අල්ලාහ්ට පමණක් නැමදුම් කරනු. ශුද්ධවන්තයාණන් වන ඔහු හැර සැබෑ ලෙස නැමදුම් ලබන්නට කිසිවෙක් නුඹලාට නැත. එහෙයින් අල්ලාහ්ගේ නියෝග අනුගමනය කරමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකී සිටිමින් නුඹලා අල්ලාහ්යට බැතිමත්ව කටයුතු කළ යුතු නොවේද?" යැයි පැවසීය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
فَقَالَ ٱلْمَلَؤُا۟ ٱلَّذِينَ كَفَرُوا۟ مِن قَوْمِهِۦ مَا هَـٰذَآ إِلَّا بَشَرٌۭ مِّثْلُكُمْ يُرِيدُ أَن يَتَفَضَّلَ عَلَيْكُمْ وَلَوْ شَآءَ ٱللَّهُ لَأَنزَلَ مَلَـٰٓئِكَةًۭ مَّا سَمِعْنَا بِهَـٰذَا فِىٓ ءَابَآئِنَا ٱلْأَوَّلِينَ ﴿٢٤﴾
ඔහුගේ ජනයා අතර සිටි අල්ලාහ්ව ප්රතික්ෂේප කළ නායකයින් හා ප්රභූවරුන් ඔවුන්ගේ අනුගාමිකයින් හා පොදු ජනයා වෙත, “සැබැවින්ම දූතයෙකු යැයි විශ්වාස කරමින් සිටින ඔහු නුඹලා මෙන් මිනිසෙකු මිස නැත. නුඹලා මත නායකත්වය දරන්නට ඔහු අපේක්ෂා කරයි. අප වෙත දූතයකු එවීමට අල්ලාහ් අභිමත කළේ නම් සැබැවින්ම ඔහු මිනිසුන් අතරින් දූතයකු නොඑවා මලක්වරුන්ගෙන් කෙනෙකු එවන්නට තිබුණි. ඔහු වාද කරමින් සිටින දෑ මෙන් යමක් අපට පෙර සිටි අපගේ මුතුන් මිත්තන්ගෙන් අපි අසා නැත්තෙමු." යැයි කීහ. إن هوإلا رجل به جنة فتربصوابه حت حين
إِنْ هُوَ إِلَّا رَجُلٌۢ بِهِۦ جِنَّةٌۭ فَتَرَبَّصُوا۟ بِهِۦ حَتَّىٰ حِينٍۢ ﴿٢٥﴾
ඔහු උමතු වූ මිනිසෙකු මිස නැත. ඔහු පවසන දෑ ඔහුට වැටහෙන්නේ නැත. එහෙයින් එම කරුණ ජනයාට පැහැදිළි වන තෙක් නුඹලා ඒ ගැන බලාපොරොත්තුවෙන් සිටිනු
قَالَ رَبِّ ٱنصُرْنِى بِمَا كَذَّبُونِ ﴿٢٦﴾
නූහ් (අලයිහිස් සලාම්) තුමා, "මාගේ පරමාධිපතියාණනි! ඔවුන් මා බොරු කළ හේතුවෙන් ඔබ මා වෙනුවෙන් ඔවුන්ගෙන් පළි ගැනීමෙන් ඔවුනට එරෙහි ව ඔබ මට උදව් කරනු මැනව!" යැයි පැවසීය
فَأَوْحَيْنَآ إِلَيْهِ أَنِ ٱصْنَعِ ٱلْفُلْكَ بِأَعْيُنِنَا وَوَحْيِنَا فَإِذَا جَآءَ أَمْرُنَا وَفَارَ ٱلتَّنُّورُ ۙ فَٱسْلُكْ فِيهَا مِن كُلٍّۢ زَوْجَيْنِ ٱثْنَيْنِ وَأَهْلَكَ إِلَّا مَن سَبَقَ عَلَيْهِ ٱلْقَوْلُ مِنْهُمْ ۖ وَلَا تُخَـٰطِبْنِى فِى ٱلَّذِينَ ظَلَمُوٓا۟ ۖ إِنَّهُم مُّغْرَقُونَ ﴿٢٧﴾
අපගේ අධීක්ෂණය යටතේ හා එය තැනිය යුත්තේ කෙසේ දැයි අපි නුඹට ඉගැන් වූ පරිදි නුඹ නැව තනනු යැයි අපි ඔහුට දේව පණිවිඩ පහළ කළෙමු. ඔවුන් විනාශ කිරීමේ අපගේ නියෝගය පැමිණි විට පුළුස්සා දමනු ලැබූ ස්ථානයෙන් ප්රබල ලෙස ජලය ගලනු ඇත. පරම්පරාවේ පැවැත්ම සඳහා සෑම ජීවියකුගෙන්ම පිරිමි ගැහැණු ජීවියකුම නුඹ ඒ තුළට ඇතුළත් කරනු. ඔබේ බිරිය ඔබේ දරුවා වැනි විනාශ විය යුතු යැයි අල්ලාහ්ගෙන් නියමය පෙරටු වූ අය හැර නුඹගේ සෙසු පවුලේ සාමාජිකයන් ද ඇතුළත් කරනු. දේව ප්රතික්ෂේපය හේතුවෙන් අපරාධ කළ ජනයා අතර ඔවුන්ගේ ජයග්රහණය වෙනුවෙන් හෝ ඔවුන් විනාශ කිරිම අතහැර දමන මෙන් හෝ නුඹ මා සමග කතා නොකරනු. සැබැවින්ම ඔවුන් මහා ජල ගැල්මෙන් ගිලී විනාශ වන්නෝමය. - එහි කිසිදු සැකයක් නැත
فَإِذَا ٱسْتَوَيْتَ أَنتَ وَمَن مَّعَكَ عَلَى ٱلْفُلْكِ فَقُلِ ٱلْحَمْدُ لِلَّهِ ٱلَّذِى نَجَّىٰنَا مِنَ ٱلْقَوْمِ ٱلظَّـٰلِمِينَ ﴿٢٨﴾
නැව මත හිදිමින් ඔබ හා ඔබ සමග සිටි ජයග්රාහී දේව විශ්වාසීන් ඉහළට නැංවෙන විට නුඹ, "දේව ප්රතික්ෂේපිත ජනයාගෙන් අප මුදවාගෙන ඔවුන් විනාශ කළ අල්ලාහ්ට සියලු ප්රශංසා" යැයි පවසනු
وَقُل رَّبِّ أَنزِلْنِى مُنزَلًۭا مُّبَارَكًۭا وَأَنتَ خَيْرُ ٱلْمُنزِلِينَ ﴿٢٩﴾
"මාගේ පරමාධිපතියාණනි! නුඹ මා සමෘධිමත් පහළ කිරීමකින් යුතුව ගොඩබිමකට බස්සවනු මැනව! ගොඩ බස්වන්නන් අතර ශ්රේෂ්ඨ වන්නේ ඔබය." යැයි පවසනු. بلغ අල්-කුර්ආන් · තෆ්සීර් إن فى ذلك لٔايت وإن كنا لمبتلين
إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَـٰتٍۢ وَإِن كُنَّا لَمُبْتَلِينَ ﴿٣٠﴾
සඳහන් කරන ලද නූහ් හා ඔහු සමග වූ දේවවිශ්වාසීන් මුදවා ගැනීම, දේව ප්රතික්ෂේපකයින් විනාශ කිරීම යනාදියෙහි අපගේ දූතවරුන්ට ජය ලබා දීමේ හා ඔවුන් බොරුකරන්නන් විනාශ කිරීමේ අපගේ බලය පෙන්වා දෙන ඉතා පැහැදිළි සාධක ඇත්තේය. නූහ්ගේ ජනයා වෙත ඔහුව එවීමෙන් අපි ඔවුන් පරීක්ෂා කරන්නන් වූයෙමු. එවිට දේව ප්රතික්ෂේපකයාගෙන් දේව විශ්වාසියා ද පාපියාගෙන් දෙවියන්ට අවනත වන්නා ද පැහැදිළි වන්නට විය. ثم أنشأنا من بعدهم قرنا ءاخرين
ثُمَّ أَنشَأْنَا مِنۢ بَعْدِهِمْ قَرْنًا ءَاخَرِينَ ﴿٣١﴾
අනතුරුව නූහ්ගේ ජනයා අපි විනාශ කළ පසු ව තවත් සමූහයක් අපි බිහි කළෙමු
فَأَرْسَلْنَا فِيهِمْ رَسُولًۭا مِّنْهُمْ أَنِ ٱعْبُدُوا۟ ٱللَّهَ مَا لَكُم مِّنْ إِلَـٰهٍ غَيْرُهُۥٓ ۖ أَفَلَا تَتَّقُونَ ﴿٣٢﴾
එවිට ඔවුන් අතර ද අල්ලාහ් වෙත ඇරයුම් කරන ඔවුන්ගෙන්ම වූ දූතයෙකු යැව්වෙමු. ඔහු ඔවුනට, "නුඹලා අල්ලාහ්ට පමණක් නැමදුම් කරනු. සැබෑ ලෙස නැමදුම් ලබන්නට සුදුසු සුවිශුද්ධයාණන් වන අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නැත. එහෙයින් නුඹලා අල්ලාහ් තහනම් කළ දැයින් වැළකී ඔහුගේ නියෝග ඉටු කරමින් ඔහුට භක්තිමත්ව කටයුතු කළ නොවේ ද?" යැයි කීය
وَقَالَ ٱلْمَلَأُ مِن قَوْمِهِ ٱلَّذِينَ كَفَرُوا۟ وَكَذَّبُوا۟ بِلِقَآءِ ٱلْـَٔاخِرَةِ وَأَتْرَفْنَـٰهُمْ فِى ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا مَا هَـٰذَآ إِلَّا بَشَرٌۭ مِّثْلُكُمْ يَأْكُلُ مِمَّا تَأْكُلُونَ مِنْهُ وَيَشْرَبُ مِمَّا تَشْرَبُونَ ﴿٣٣﴾
يأكل مما تأكلون منهويشرب مما تشربون ඔහුගේ ජනයා අතර සිටි අල්ලාහ්ව ප්රතික්ෂේප කොට; මතුලොව හා එහි ඇති තිළිණ හා දඬුවම බොරු කළ, මෙලොව ජීවිතයේ අපි ඔවුනට පුළුල් ලෙස පිරිනැමූ ආශිර්වාදවලට වහල් වූ ප්රධානීන් හා ප්රභූවරු තම අනුගාමිකයින් හා පොදු ජනතාව අමතා මෙසේ පැවසූහ. "මොහු නුඹලා මෙන් මිනිසෙකු මිස නැත. නුඹලා අනුභව කරන දැයින් ඔහු ද අනුභව කරයි. නුඹලා පානය කරන දැයින් ඔහු ද පානය කරයි. නුඹලා වෙත දූතයකු ලෙස එවනු ලබන තාක් කල් නුඹලා සඳහා වූ කිසිදු භාග්යයක් ඔහු සතුව නොවීය." ولئن أطعتم بشرا مثلكم إنكم إذا ل خسرون
وَلَئِنْ أَطَعْتُم بَشَرًۭا مِّثْلَكُمْ إِنَّكُمْ إِذًۭا لَّخَـٰسِرُونَ ﴿٣٤﴾
නුඹලා මෙන් මිනිසෙකුට නුඹලා අවනත වූයෙහු නම් සැබැවින්ම නුඹලා එවිට නුඹලාගේ දෙවිවරුන් අතහැර දමා ඔහුට අවනත වීම හේතුවෙන් හා නුඹලා සඳහා වූ කිසිදු භාග්යයක් තමන් සතුව නැති අයකු පිළිපැදීම හේතුවෙන් නුඹලා කිසිදු ප්රයෝජනයක් නොලබන බැවින් නුඹලා අලාභවන්තයෝ වන්නෙහුය. أيعدكم أنكم إذا متم وكنتم ترابا وعظما أنكم م خرجون
أَيَعِدُكُمْ أَنَّكُمْ إِذَا مِتُّمْ وَكُنتُمْ تُرَابًۭا وَعِظَـٰمًا أَنَّكُم مُّخْرَجُونَ ﴿٣٥﴾
සැබැවින්ම තමන් දූතයකු යැයි විශ්වාස කරමින් සිටින්නා, සැබැවින්ම නුඹලා මිය ගොස් පස් හා දිරා ගිය අස්ථි බවට පත් වූ විට සැබැවින්ම නුඹලා නුඹලාගේ මිණිවලවල්වලින් ජීවීව බැහැර කරනු ඇතැයි නුඹලාට අවවාද කරන්නේ ද? එය වටහා දෙන්නේ ද?
۞ هَيْهَاتَ هَيْهَاتَ لِمَا تُوعَدُونَ ﴿٣٦﴾
නුඹලා මිය ගොස් පස් හා දිරා ගිය අස්ථි බවට පත් වූවායින් පසු නුඹලාගේ මිණීවල්වල්වලින් නැවත නුඹලාව ජීවීව බැහැර කිරීම ගැන නුඹලාට කවර අවවාදයක් දෙනු ලැබුවේ ද එය වඩාත් දුරින් පිහිටා ඇත්තකි. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
إِنْ هِىَ إِلَّا حَيَاتُنَا ٱلدُّنْيَا نَمُوتُ وَنَحْيَا وَمَا نَحْنُ بِمَبْعُوثِينَ ﴿٣٧﴾
මෙලොව ජීවිතය හැර ජීවිතයක් නැත. මතුලොව ජීවිතයක් ද නැත. අප අතර ජීවත් වන අය මිය යති. නමුත් ජීවය ලබන්නේ නැත. වෙනත් අය බිහි වී ඔවුහු ජීවත් වෙති. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ විනිශ්චය සඳහා අපගේ මරණින් පසු අපි බැහැර කරනු ලබන්නන් නොවෙමු
إِنْ هُوَ إِلَّا رَجُلٌ ٱفْتَرَىٰ عَلَى ٱللَّهِ كَذِبًۭا وَمَا نَحْنُ لَهُۥ بِمُؤْمِنِينَ ﴿٣٨﴾
සැබැවින්ම නුඹලා වෙත එවනු ලැබූ දූතයකු යැයි තමන් ගැන වාද කරන මොහු අල්ලාහ් මත බොරු ගොතා ඒ ගැන වාද කරන මිනිසෙකු මිස නැත. අප ඔහු විශ්වාස කරන්නන් ලෙස නැත
قَالَ رَبِّ ٱنصُرْنِى بِمَا كَذَّبُونِ ﴿٣٩﴾
එම දූතයා: ‘මාගේ පරමාධිපතියාණනි! ඔවුන් මා බොරු කළ හේතුවෙන් ඔබ මා වෙනුවෙන් ඔවුන්ගෙන් පළි ගැනීමෙන් ඔවුනට එරෙහි ව ඔබ මට උදව් කරනු මැනව!’ යැයි පැවසීය. قال عما قليل ليصبحن ندمين
قَالَ عَمَّا قَلِيلٍۢ لَّيُصْبِحُنَّ نَـٰدِمِينَ ﴿٤٠﴾
අල්ලාහ් ඔහුට ප්රතිචාර වශයෙන්: සුළු කාලයකට පසු නුඹ කවර කරුණක් ගෙන ආවේ ද එය බොරු කළවුන් වනාහි, ඔවුන්ගේ බොරු කිරීම හේතුවෙන් ඔවුනට අත් වන විපාකය ගැන පසුතැවිලි වන්නන් බවට පත් වනු ඇත
فَأَخَذَتْهُمُ ٱلصَّيْحَةُ بِٱلْحَقِّ فَجَعَلْنَـٰهُمْ غُثَآءًۭ ۚ فَبُعْدًۭا لِّلْقَوْمِ ٱلظَّـٰلِمِينَ ﴿٤١﴾
ඔවුන්ගේ මුරණ්ඩුකම නිසාවෙන් ඔවුනට සුදුසු දඬුවම ලෙස විනාශ කාරී දැඩි හඬක් ඔවුන් ග්රහණය කළේය. දියේ පාවී යන රොඩු මෙන් එය ඔවුන් පත් කළේය. අපරාධකාරී ජනයාට විනාශයම වේවා! ثم أنشأنا من بعدهم قرونا ءاخرين
ثُمَّ أَنشَأْنَا مِنۢ بَعْدِهِمْ قُرُونًا ءَاخَرِينَ ﴿٤٢﴾
ඔවුන් විනාශ කිරීමෙන් පසු අපි ප්රජාවන් හා ලූත්ගේ සමූහයා, ෂුඅයිබ්ගේ සමූහයා හා යූනුස්ගේ සමූහයා වැනි වෙනත් සමූහයන් බිහි කළෙමු. ما تسبق من أمة أجلها وما يستٔخرون
مَا تَسْبِقُ مِنْ أُمَّةٍ أَجَلَهَا وَمَا يَسْتَـْٔخِرُونَ ﴿٤٣﴾
මෙම බොරුකාර සමූහයා අතරින් කිසිදු සමූහයක් ඔවුනට විනාශය පැමිණීමේ නියමිත කාලය පැමිණි විට අබිබවා ඉදිරියට නොයනු ඇත. එමෙන්ම ප්රමාද කරනු ලබන්නේ ද ඇත. ඒ සමගම ඒයට අදාළ මාධ්යයන් පවතී. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
ثُمَّ أَرْسَلْنَا رُسُلَنَا تَتْرَا ۖ كُلَّ مَا جَآءَ أُمَّةًۭ رَّسُولُهَا كَذَّبُوهُ ۚ فَأَتْبَعْنَا بَعْضَهُم بَعْضًۭا وَجَعَلْنَـٰهُمْ أَحَادِيثَ ۚ فَبُعْدًۭا لِّقَوْمٍۢ لَّا يُؤْمِنُونَ ﴿٤٤﴾
يؤمنون පසුව අපි අපගේ දූතවරුන් පිළිවෙලට දූතවරයකුට පසු දූතවරයකු වශයෙන් අඛණ්ඩව එව්වෙමු. ඒ ඒ සමූහයන් අතරට එවනු ලබන දූතවරයා පැමිණි සෑම අවස්ථාවකම ඔවුහු ඔහුව බොරු කළෝය. එහෙයින් ඔවුන් එකිනෙකා පසුපස විනාශය ලුහු බදින්නට අපි සැලැස්වූයෙමු. ඔවුන් ගැන ජනයා කතා කරන ප්රකාශ මිස වෙනත් කිසිවක් ඔවුනට ඉතිරි වූයේ නැත. ඔවුන්ගේ දූතවරුන් ඔවුන්ගේ පරමාධිපතිගෙන් කවර කරුණක් ගෙනආවේ ද එය විශ්වාස නොකරන ජනයාට විනාශයක්ම වේවා! ثم أرسلنا موس وأخاههرون بٔايتنا وسلطن مبين
ثُمَّ أَرْسَلْنَا مُوسَىٰ وَأَخَاهُ هَـٰرُونَ بِـَٔايَـٰتِنَا وَسُلْطَـٰنٍۢ مُّبِينٍ ﴿٤٥﴾
පසු ව අපි මූසා හා ඔහුගේ සහෝදර හාරූන් ප්රාතිහාර්යයන් නවයක් (සැරයටිය, අත, පළගැටියන්, උකුණන්, ගෙම්බන්, රුධිරය, ගංවතුර, වසර ගණනාවක නියගය හා බවභෝග හිඟවිම) හා පැහැදිළි සාධක සමග එව්වෙමු
إِلَىٰ فِرْعَوْنَ وَمَلَإِي۟هِۦ فَٱسْتَكْبَرُوا۟ وَكَانُوا۟ قَوْمًا عَالِينَ ﴿٤٦﴾
ඔවුන් දෙදෙනාව ෆිර්අවුන් හා ඔහුගේ පිරිස අතර සිටි ප්රභූවරුන් වෙත එව්වෙමු. නමුත් ඔවුන් උඩඟු වූවෝය. ඔවුන් දෙදෙනා සතු දේව විශ්වාසය සඳහා ඔවුහු යටත් නොවූහ. අපරාධකම් හා බලහත්කාරකම් තුළින් ජනයාට ඉහළින් අහංකාරකම් පාන පිරිසක් වූහ
فَقَالُوٓا۟ أَنُؤْمِنُ لِبَشَرَيْنِ مِثْلِنَا وَقَوْمُهُمَا لَنَا عَـٰبِدُونَ ﴿٤٧﴾
අප මෙන් වූ මිනිසුන් දෙදෙනෙකුගේ ප්රජාව (ඉස්රාඊල් දරුවන්) අපට යටහත් පහත්ව අවනතව කටයුතු කරන්නන් ලෙස සිටියදී ඔවුන් දෙදෙනා අප විශ්වාස කරන්නෙමු ද? අපට වඩා ඔවුන් දෙදෙනාට කිසිදු භාග්යයක් නැත
فَكَذَّبُوهُمَا فَكَانُوا۟ مِنَ ٱلْمُهْلَكِينَ ﴿٤٨﴾
කවර කරුණක් අල්ලාහ් වෙතින් පැමිණියේ ද එම විෂයයෙහි ඔවුහු ඔවුන් දෙදෙනා බොරු කළෝය. ඔවුන් බොරු කරමින් සිටි හේතුවෙන් දියේ ගිලෙන්නන් අතරට ඔවුහු පත් වූහ
وَلَقَدْ ءَاتَيْنَا مُوسَى ٱلْكِتَـٰبَ لَعَلَّهُمْ يَهْتَدُونَ ﴿٤٩﴾
මූසා ඔහුගේ සමූහයාට සත්ය වෙත මඟපෙන්වා ඔවුන් එය දැන ගැනීමේ යහපත් අපේක්ෂාවෙන් සැබැවින්ම අපි මූසාට තව්රාතය පිරිනැමුවෙමු
وَجَعَلْنَا ٱبْنَ مَرْيَمَ وَأُمَّهُۥٓ ءَايَةًۭ وَءَاوَيْنَـٰهُمَآ إِلَىٰ رَبْوَةٍۢ ذَاتِ قَرَارٍۢ وَمَعِينٍۢ ﴿٥٠﴾
මර්යම්ගේ පුත් ඊසා හා ඔහුගේ මව මර්යම් (අලයිහිමස් සලාම්) යන දෙදෙනා අපගේ බලය පෙන්වා දෙන සාධකයක් බවට අපි පත් කළෙමු. ඇය ඔහුව කිසිදු පියෙකුගෙන් තොරව පිළිසිඳ ගත්තාය. පදිංචි වීමට සුදුසු තැනිතලා සහිත පොළොවේ උස් ස්ථානයක් වෙත අපි ඔවුන් දෙදෙනා ගෙනාවෙමු. එහි නැවුම්ව ගලා යන ජලය විය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
يَـٰٓأَيُّهَا ٱلرُّسُلُ كُلُوا۟ مِنَ ٱلطَّيِّبَـٰتِ وَٱعْمَلُوا۟ صَـٰلِحًا ۖ إِنِّى بِمَا تَعْمَلُونَ عَلِيمٌۭ ﴿٥١﴾
අහෝ දූතවරුනි! මම නුඹලාට අනුමත කළ දැයින් අනුභව කිරීමට සුදුසු පිවිතුරු දෑ නුඹලා අනුභව කරනු. දහමට අනුකූලව දැහැමි ක්රියාවන් ඉටු කරනු. නුඹලා කවර ක්රියාවක් ඉටු කරන්නේ ද ඒ ගැන සැබැවින්ම මම මැනවින් දනිමි. නුඹලාගේ කිසිදු ක්රියාවක් මට සැඟවී යන්නේ නැත
وَإِنَّ هَـٰذِهِۦٓ أُمَّتُكُمْ أُمَّةًۭ وَٰحِدَةًۭ وَأَنَا۠ رَبُّكُمْ فَٱتَّقُونِ ﴿٥٢﴾
අහෝ දූතවරුනි! සැබැවින්ම නුඹලාගේ දහම එකම දහමකි. එය අවනතභාවයේ (ඉස්ලාම්) දහමයි. මම නුඹලාගේ පරමාධිපති වෙමි. මා හැර නුඹලාට වෙනත් පරමාධිපතියකු නැත. එහෙයින් මාගේ නියෝග පිළිපදිමින් හා මා තහනම් කළ දැයින් වැළකෙමින් නුඹලා මට පමණක් භක්තිමත්ව කටයුතු කරනු
فَتَقَطَّعُوٓا۟ أَمْرَهُم بَيْنَهُمْ زُبُرًۭا ۖ كُلُّ حِزْبٍۭ بِمَا لَدَيْهِمْ فَرِحُونَ ﴿٥٣﴾
ඔවුන්ගෙන් පසුව ඔවුන්ගේ අනුගාමිකයින් දහම තුළ විසිරී ගියහ. පසුව ඔවුන් විවිධ කණ්ඩායම් හා නිකායන් බවට පත් වූහ. සෑම කණ්ඩයමක්ම තමන් විශ්වාස කළ දේ සැබැවින්ම අල්ලාහ් වෙතින් පිළගනු ලැබුණු දහම බව අගය කරන්නට ගත් අතර ඔහුගෙන් හැර අනෙක් අය සතු දේ කෙරෙහි කිසිදු අවධානයක් යොමු නොකරයි. فذرهم فىغمرتهم حت حين
فَذَرْهُمْ فِى غَمْرَتِهِمْ حَتَّىٰ حِينٍ ﴿٥٤﴾
අහෝ දූතය! ඔවුන් කවර අඥානකමක හා ව්යාකූලත්වයක පසු වන්නේ ද ඔවුනට දඬුවම පහළ වන අවස්ථාව දක්වා එහි ගිලී සිටින්නට නුඹ ඔවුන් අතහැර දමනු. أيحسبون أنما نمدهم به من مال وبنين
أَيَحْسَبُونَ أَنَّمَا نُمِدُّهُم بِهِۦ مِن مَّالٍۢ وَبَنِينَ ﴿٥٥﴾
نُسَارِعُ لَهُمْ فِى ٱلْخَيْرَٰتِ ۚ بَل لَّا يَشْعُرُونَ ﴿٥٦﴾
සැබැවින්ම අපි ඔවුනට මෙලොව ජීවිතයේ පිරිනැමූ ඔවුන් සතු ධනය හා දරුවන් ගැන සතුටට පත් වන පිරිස් ඔවුන් ලැබිය යුතු යහපත ඔවුනට කල් ඇති ව හිමි වී ඇතැයි ඔවුහු සිතන්නෝ ද? එය ඔවුන් සිතන පරිදි නැත. අපි එසේ ඒවා ඔවුනට පිරිනමා ඇත්තේ ඔවුන් පියවරෙන් පියවර ග්රහණය කිරීමට කල්දීමක් වශයෙනි. නමුත් ඔවුහු ඒ ගැන නොහඟති
إِنَّ ٱلَّذِينَ هُم مِّنْ خَشْيَةِ رَبِّهِم مُّشْفِقُونَ ﴿٥٧﴾
සැබැවින්ම ඔවුන්ගේ දේව විශ්වාසය හා ඔවුන්ගේ යහකම් සමග පසුවන්නන් වනාහි ඔවුහු ඔවුන්ගේ පරමාධිපති ගැන බියෙන් සිටින්නෝ වෙති
وَٱلَّذِينَ هُم بِـَٔايَـٰتِ رَبِّهِمْ يُؤْمِنُونَ ﴿٥٨﴾
තවද ඔවුහු වනාහි ඔහුගේ ග්රන්ථයේ ඇති පාඨ විශ්වාස කරන්නෝ වෙති. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
وَٱلَّذِينَ هُم بِرَبِّهِمْ لَا يُشْرِكُونَ ﴿٥٩﴾
තවද ඔවුහු වනාහි ඔවුන්ගේ පරමාධිපති ඒකීයත්වයට පත් කරන අතරම ඔහුට කිසිසේත් ආදේශ කරන්නෝ නොවෙති
وَٱلَّذِينَ يُؤْتُونَ مَآ ءَاتَوا۟ وَّقُلُوبُهُمْ وَجِلَةٌ أَنَّهُمْ إِلَىٰ رَبِّهِمْ رَٰجِعُونَ ﴿٦٠﴾
තවද ඔවුහු වනාහි දැහැමි ක්රියාවන්හි කැපවී කටයුතු කරති. යහපත් ක්රියාවන් තුළින් අල්ලාහ් වෙත සමීප වෙති. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් කළ වියහියදම් හා ඔවුන්ගේ දැහැමි ක්රියාවන් අල්ලාහ් ඔවුන්ගෙන් පිළිගන නොලබනු ඇත්දැයි බියෙන් පසුවන්නෝ වෙති
أُو۟لَـٰٓئِكَ يُسَـٰرِعُونَ فِى ٱلْخَيْرَٰتِ وَهُمْ لَهَا سَـٰبِقُونَ ﴿٦١﴾
මෙම මහඟු ගුණාංගවලින් වර්ණනා කරනු ලැබූ මොවූහු දැහැමි ක්රියාවන් සිදු කිරීම සඳහා යුහුසුලු වෙති. ඒ සඳහා තරඟ වදිති. ඒ හේතුවෙන්ම ඔවුහු සෙසු අයට වඩා ඉදිරියට යන්නෝ වෙති
وَلَا نُكَلِّفُ نَفْسًا إِلَّا وُسْعَهَا ۖ وَلَدَيْنَا كِتَـٰبٌۭ يَنطِقُ بِٱلْحَقِّ ۚ وَهُمْ لَا يُظْلَمُونَ ﴿٦٢﴾
කිසිදු ආත්මයකට එයට ක්රියා කළ හැකි ප්රමාණයට මිස අමතර කිසිවක් අපි නොපවරන්නෙමු. අප වෙත පුස්තකයක් ඇත. සෑම ක්රියා කරන්නෙකුගේම ක්රියාවන් අපි එහි ස්ථීරව සඳහන් කර ඇත. එය කිසිදු සැකයක් නොමැති සත්යය ගැන පමණක් කතා කරයි. ඔවුන්ගේ දැහැමි ක්රියාවන් කිසිවක් අඩු කිරීමෙන් හෝ ඔවුන්ගේ පාපකම් කිසිවක් වැඩි කිරීමෙන් හෝ ඔවුනට අසාධාරණයක් සිදු කරනු නොලබති. بل قلوبهم فى غمرةمن هذا ولهم أعمل من دون ذلك هم لها عملون
بَلْ قُلُوبُهُمْ فِى غَمْرَةٍۢ مِّنْ هَـٰذَا وَلَهُمْ أَعْمَـٰلٌۭ مِّن دُونِ ذَٰلِكَ هُمْ لَهَا عَـٰمِلُونَ ﴿٦٣﴾
නමුත් දේව ප්රතික්ෂේපකයින්ගේ හදවත් සත්යය කතා කරන මෙම පුස්තකය හා ඔවුන් වෙත පහළ කරනු ලැබූ පුස්තකය පිළිබඳ අවධානයෙන් තොරව පසුවෙයි. දේව ප්රතික්ෂේපය මත සිටීම පමණක් නොව වෙනත් (අයහපත්) ක්රියාදාමයන් ද ඔවුනට ඇත. ඔවුහු ඒ වෙනුවෙන් කටයුතු කරන්නෝ වෙති
حَتَّىٰٓ إِذَآ أَخَذْنَا مُتْرَفِيهِم بِٱلْعَذَابِ إِذَا هُمْ يَجْـَٔرُونَ ﴿٦٤﴾
මෙලොවෙහි ඔවුන් අහංකාරයෙන් විඳිමින් සිටි දෑ සඳහා මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දඬුවමින් අප ඔවුන් දඬුවම් කරන අවස්ථාව දක්වාම ඒවා එසේ පසුවෙති. එවිට ඔවුහු උපකාර ඉල්ලා ඔවුන් හඬ නගනු ඇත
لَا تَجْـَٔرُوا۟ ٱلْيَوْمَ ۖ إِنَّكُم مِّنَّا لَا تُنصَرُونَ ﴿٦٥﴾
අල්ලාහ්ගේ කරුණාව ගැන ඔවුන්ගේ බලාපොරොත්තු සුන් කරමින් ඔවුහු,"මෙදින නුඹලා කෑ නොගසනු. උදව් නොපතනු. සැබැවින්ම අල්ලාහ්ගේ දඬුවමින් නුඹලාව වළක්වන්නට කිසිදු උදව්කරුවකු නුඹලාට නැත" යැයි ඔවුනට ප්රකාශ කර සිටියි. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
قَدْ كَانَتْ ءَايَـٰتِى تُتْلَىٰ عَلَيْكُمْ فَكُنتُمْ عَلَىٰٓ أَعْقَـٰبِكُمْ تَنكِصُونَ ﴿٦٦﴾
මෙලොවෙහි නුඹලා වෙත අල්ලාහ්ගේ පුස්තකයේ පාඨ පාරායනය කරනු ලබමින් තිබිණ. නමුත් නුඹලා එයට පිළිකුලෙන් යුතු ව සවන් දුන් අවස්ථාවේ නුඹලා එයට පිටුපා හැරී යමින් සිටියෙහුය. مستكبرين به سمرا تهجرون
مُسْتَكْبِرِينَ بِهِۦ سَـٰمِرًۭا تَهْجُرُونَ ﴿٦٧﴾
සැබැවින්ම නුඹලා ගෞරවණීය අය වෙතැයි සිතමින් මිනිසුන් කෙරෙහි උඩඟු ලීලාවෙන් කටයුතු කරන්නෙහුය. නමුත් නුඹලා එවන් අය නොවන්නෙහුය. සැබැවින්ම එවන් අය වනුයේ දේව බිය බැතිමතුන්ය. නුඹලා රොක් වී ඔහු ගැන නරක ලෙස කතා කරන්නෙහුය. සැබැවින් නුඹලා ඔහුට පිවිතුරු නොකරන්නෙහුය
أَفَلَمْ يَدَّبَّرُوا۟ ٱلْقَوْلَ أَمْ جَآءَهُم مَّا لَمْ يَأْتِ ءَابَآءَهُمُ ٱلْأَوَّلِينَ ﴿٦٨﴾
දේව ආදේශකයින් අල්ලාහ් පහළ කළ දෑ විශ්වාස කොට එහි ඇති දෑ අනුව ක්රියා කිරීම සඳහා ඒ ගැන පරිශීලනය කළ යුතු නොවේ ද? එසේ නැතහොත් ඔවුන්ට පෙර සිටි ඔවුන්ගේ මුතුන් මිත්තන් වෙත නොපැමිණි දෙයක් ඔවුන් වෙත පැමිණ තිබේ ද? නමුත් ඔවුහු ඒ ගැන පිටු පා එය බොරු කරමින් සිටියෝය. أم لم يعرفوارسولهم فهم له منكرون
أَمْ لَمْ يَعْرِفُوا۟ رَسُولَهُمْ فَهُمْ لَهُۥ مُنكِرُونَ ﴿٦٩﴾
අල්ලාහ් ඔවුන් වෙත එවූ මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ව හඳුනා නොගත්තෝද? නමුත් ඔවුහු ඔහු හෙළා දකිති. සැබැවින්ම ඔවුහු ඔහුව දැන සිටියෝය. ඔහුගේ සත්යභාවයත් විශ්වසනීයභාවයත් දැන සිටියෝය
أَمْ يَقُولُونَ بِهِۦ جِنَّةٌۢ ۚ بَلْ جَآءَهُم بِٱلْحَقِّ وَأَكْثَرُهُمْ لِلْحَقِّ كَـٰرِهُونَ ﴿٧٠﴾
නමුත් ඔවුහු, ‘ඔහු උම්මත්තකයෙකි’ යැයි පවසති. සැබැවින්ම ඔවුන් බොරු පැවසුවෝය. එසේ නොව කිසිදු සැකයක් නැති සත්යය ඔවුන් වෙත පැමිණ ඇත. සැබැවින් එය අල්ලාහ් වෙතින් විය. ඔවුන්ගෙන් බහුතරයක් දෙනා සත්යය පිළිකුල් කරන්නෝ වෙති. ඔවුන්ගේ සිත් තුළ ඇති ඊර්ෂ්යාව හා ඔවුන්ගේ ව්යාජ දෑහි උමතුව හේතුවෙන් ඔවුහු වෛරයෙන් පෙළුණහ
وَلَوِ ٱتَّبَعَ ٱلْحَقُّ أَهْوَآءَهُمْ لَفَسَدَتِ ٱلسَّمَـٰوَٰتُ وَٱلْأَرْضُ وَمَن فِيهِنَّ ۚ بَلْ أَتَيْنَـٰهُم بِذِكْرِهِمْ فَهُمْ عَن ذِكْرِهِم مُّعْرِضُونَ ﴿٧١﴾
م عرضون අල්ලාහ් කටයුතු ක්රියාත්මක කොට ඔවුන් ආශා කරන දෑට අනුකූලව ඒවා ඔහු සැලසුම් කළේ නම්, අහස් හා මහපොලොව දූෂිත වනු ඇත. එමෙන්ම එම කරුණුවල අවසානය ගැන හා සැලසුමෙහි යහපත් දෑ හා දූෂිත දෑ කුමක් ද? යන්න වග නොදන්නා බැවින් එහි සිටින අය ද දූෂිත වනු ඇත. නමුත් ඔවුනට ගෞරවය හා ශ්රේෂ්ඨත්වය ඇතුළත් දෑ අපි ඔවුනට පිරිනැමුවෙමු. එය අල් කුර්ආනයයි. නමුත් ඔවුහු එයට පිටුපාන්නෝය
أَمْ تَسْـَٔلُهُمْ خَرْجًۭا فَخَرَاجُ رَبِّكَ خَيْرٌۭ ۖ وَهُوَ خَيْرُ ٱلرَّٰزِقِينَ ﴿٧٢﴾
අහෝ දූතය! ඔවුන් වෙත නුඹ කවර කරුණක් ගෙන ආවේ ද ඒ සඳහා නුඹ ඔවුන්ගෙන් යම් කුලියක් ඉල්ලා එය ඇරයුම ප්රතික්ෂේප කිරීමට හේතුවක් කර ගත්තේ ද? එය නුඹෙන් කිසි විටෙක සිදු නොවීය. නුඹේ පරමාධිපතිගේ තිළිණ හා ප්රතිඵල ඔවුන් හා වෙනත් අය සතු ප්රතිඵල වලට වඩා උතුම්ය. ඔහු - සුවිශුද්ධයාණන් - පෝෂකයින් අතරින් අති ශ්රේෂ්ඨය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර් وإنك لتدعوهم إلى صرط م ستقيم
وَإِنَّكَ لَتَدْعُوهُمْ إِلَىٰ صِرَٰطٍۢ مُّسْتَقِيمٍۢ ﴿٧٣﴾
අහෝ දූතය! සැබැවින්ම නුඹ ඔවුන් හා සෙසු අය ඍජු මාර්ගය වෙත ඇරයුම් කරන්නෙහිය. එහි කිසිදු ඇදයක් නැත. එය ඉස්ලාමයේ මාර්ගයයි
وَإِنَّ ٱلَّذِينَ لَا يُؤْمِنُونَ بِٱلْـَٔاخِرَةِ عَنِ ٱلصِّرَٰطِ لَنَـٰكِبُونَ ﴿٧٤﴾
ඉස්ලාම් මාර්ගයට අනුව මතුලොව පිළිබඳ ව ද එහි ඇති විනිශ්චය, දඬුවම හා කුසල් පිළිබඳ ව ද විශ්වාස නොකරන්නන් වනාහි, ඔවුහු නිරා ගින්න වෙත ළඟා කරවනු ලබන දෝෂ සහිත වෙනත් මාර්ග වෙත නැඹුරු වන්නට බලති
۞ وَلَوْ رَحِمْنَـٰهُمْ وَكَشَفْنَا مَا بِهِم مِّن ضُرٍّۢ لَّلَجُّوا۟ فِى طُغْيَـٰنِهِمْ يَعْمَهُونَ ﴿٧٥﴾
අපි ඔවුනට අනුකම්පා කොට ඔවුනට අත් වූ දරිද්රතාවයෙන් හා සාගින්නෙන් ඔවුන් මුදවා ගත්ත ද ඔවුන් සත්යයෙන් දුරස් ව ඔවුන්ගේ මුළාවෙහි පිහිටා පසුබට වෙති. පැකිලෙති
وَلَقَدْ أَخَذْنَـٰهُم بِٱلْعَذَابِ فَمَا ٱسْتَكَانُوا۟ لِرَبِّهِمْ وَمَا يَتَضَرَّعُونَ ﴿٧٦﴾
විවිධ ව්යසනයන් තුළින් සැබැවින්ම අපි ඔවුන් පරීක්ෂාවට ලක් කළෙමු. නමුත් ඔවුහු ඔවුන්ගේ පරමාධිපතිට යටත් නොවූහ. පහත් නොවූහ. ඔවුනට පහළ වූ දුක්කරදර ඔවුන්ගෙන් ඉවත් කරන මෙන් බියෙන් යුතු ව ඔහුගෙන් ප්රාර්ථනා නොකළහ
حَتَّىٰٓ إِذَا فَتَحْنَا عَلَيْهِم بَابًۭا ذَا عَذَابٍۢ شَدِيدٍ إِذَا هُمْ فِيهِ مُبْلِسُونَ ﴿٧٧﴾
බිහිසුණු දඬුවමේ දොරටුවක් ඔවුන් වෙත අපි විවෘත කරන තෙක් ඔවුහු එසේ පසුවූහ. එවිට සෑම සහනයක් හා යහපතක් ගැනම ඔවුන් බලාපොරොත්තු සුන්වූවන් බවට පත් වූහ
وَهُوَ ٱلَّذِىٓ أَنشَأَ لَكُمُ ٱلسَّمْعَ وَٱلْأَبْصَـٰرَ وَٱلْأَفْـِٔدَةَ ۚ قَلِيلًۭا مَّا تَشْكُرُونَ ﴿٧٨﴾
අහෝ මළවුන් කෙරෙන් නැගිටුවනු ලැබීම බොරු කරන්නනි! නුඹලා සවන් දීම සඳහා ශ්රවණ ශක්තිය ද නුඹලා බැලීම සඳහා බැල්ම ද නුඹලා සිතීම සඳහා හදවත් ද නුඹලා වෙනුවෙන් මවා ඇත්තේ සුවිශුද්ධයාණන් වන අල්ලාහ්ය. එසේ තිබියදීත් නුඹලා එම ආශිර්වාදවලට කෘතඥතාව පුද කරනුයේ ස්වල්පයක් පමණි
وَهُوَ ٱلَّذِى ذَرَأَكُمْ فِى ٱلْأَرْضِ وَإِلَيْهِ تُحْشَرُونَ ﴿٧٩﴾
අහෝ ජනයිනි! මහපොළොවේ නුඹලාව මැව්වේ ඔහුය. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ විනිශ්චය හා ප්රතිඵල සඳහා නුඹලා රැස් කරනු ලබනුයේ ඔහු වෙත පමණය
وَهُوَ ٱلَّذِى يُحْىِۦ وَيُمِيتُ وَلَهُ ٱخْتِلَـٰفُ ٱلَّيْلِ وَٱلنَّهَارِ ۚ أَفَلَا تَعْقِلُونَ ﴿٨٠﴾
ඔහු ඒකීයය. ජීවය ලබා දෙන ඔහු සුවිශුද්ධය. ඔහු හැර ජීවය ලබා දෙන වෙනත් කෙනෙකු නැත. මරණයට පත් කරන්නේ ද ඔහුය. ඔහු හැර මරණයට පත් කරන වෙනත් කෙනෙකු නැත. දහවල හා රාත්රිය අන්ධකාරයෙන් ද ආලෝකයෙන් ද දීර්ගව ද කෙටියෙන් ද යනාදී වෙනස්වීම් ප්රමාණ කිරීමේ බලය ඇත්තේ ඔහු සතු ව පමණි. එහෙයින් بلغ අල්-කුර්ආන් · තෆ්සීර් නුඹලා ඔහුගේ බලය වටහා ගතයුතු නොවේ ද? මැවීම හා සැලසුම් කිරීමෙහි දී ඔහු ඛේවලය
بَلْ قَالُوا۟ مِثْلَ مَا قَالَ ٱلْأَوَّلُونَ ﴿٨١﴾
එසේ නොව, දේව ප්රතික්ෂේපයේ සිටි ඔවුන්ගේ මුතුන්මිත්තන් හා පෙර සිටියවුන් පවසා සිටියාක් සේම ඔවුහු ද ප්රකාශ කළෝය
قَالُوٓا۟ أَءِذَا مِتْنَا وَكُنَّا تُرَابًۭا وَعِظَـٰمًا أَءِنَّا لَمَبْعُوثُونَ ﴿٨٢﴾
එයින් දුරස් වන හා හෙළා දකින අයුරින් ඔවුහු, "අප මිය ගොස් පස් හා දිරාගිය අස්ථි බවට පත් වූ විට විනිශ්චය සඳහා අප ජීවමානව අවදි කරනු ලබන්නෙමු දැ"?යි ඔවුහු පැවසූහ
لَقَدْ وُعِدْنَا نَحْنُ وَءَابَآؤُنَا هَـٰذَا مِن قَبْلُ إِنْ هَـٰذَآ إِلَّآ أَسَـٰطِيرُ ٱلْأَوَّلِينَ ﴿٨٣﴾
සැබැවින්ම මෙම ප්රතිඥාව - මිය ගිය පසු යළි අවදි කිරීම- අපට දෙනු ලැබීය. මේ ගැන මීට පෙර ද අපගේ මුතුන් මිත්තන්හටද මෙම ප්රතිඥාව දෙන ලදී. නමුත් එම ප්රතිඥාව ස්ථීර බව අපි නොදුටුවෙමු. මෙය පැරැණ්නන්ගේ ප්රබන්ධයන් හා ඔවුන්ගේ බොරු කියමන් මිස නැත
قُل لِّمَنِ ٱلْأَرْضُ وَمَن فِيهَآ إِن كُنتُمْ تَعْلَمُونَ ﴿٨٤﴾
මළවුන් කෙරෙන් නැගිටුවනු ලැබීම හෙළා දකින මෙම ප්රතික්ෂේපකයින්ට නුඹ මෙසේ පවසනු. "මහපොලොව හා ඒ මත සිටින අය කවුරුන් සතු වන්නේ ද? ඒ ගැන නුඹලාට දැනුමක් ඇත්නම් පවසනු."
سَيَقُولُونَ لِلَّهِ ۚ قُلْ أَفَلَا تَذَكَّرُونَ ﴿٨٥﴾
"මහපොළොව හා ඒ මත සිටින්නන් අල්ලාහ්ට සතු වන්නේ යැ" යි ඔවුහු පවසනු ඇත. එහෙයින් නුඹ ඔවුනට මෙසේ පවසනු. "මහපොළොව හා ඒ මත සිටින්නන් කවරෙකු සතු වන්නේ ද , සැබැවින්ම ඔහු නුඹලා මිය ගිය පසු නුඹලාව යළි නැගිටුවීමට බලය ඇත්තා බව නුඹලා මෙනෙහි කර බැලිය යුතු නොවේ ද?"
قُلْ مَن رَّبُّ ٱلسَّمَـٰوَٰتِ ٱلسَّبْعِ وَرَبُّ ٱلْعَرْشِ ٱلْعَظِيمِ ﴿٨٦﴾
"අහස් හතෙහි පරමාධිපති කවුරුන් ද? ඒ හැර වෙනත් කිසිදු මැවීමක් අතිමහත් ලෙස නොදකින අතිමහත් සර්ව රාජ්යයේ පරමාධිපති කවුරුන් දැ?"යි ඔවුන්ගෙන් විමසනු
سَيَقُولُونَ لِلَّهِ ۚ قُلْ أَفَلَا تَتَّقُونَ ﴿٨٧﴾
"අහස් හත හා අතිමහත් සර්ව රාජ්යය අල්ලාහ් සතු යැ"යි ඔවුහු පවසනු ඇත. නුඹ ඔවුනට මෙසේ පවසනු. "අල්ලාහ්ගේ දඬුවමින් නුඹලා නිදහස් වනු පිණිස ඔහුගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඔහුට බැතිමත් ව කටයුතු කළ යුතු නොවේ ද?" بلغ අල්-කුර්ආන් · තෆ්සීර් قل من بيده ملكوت كل شىء وهويجيرولا يجارعليه إن كنتمتعلمون
قُلْ مَنۢ بِيَدِهِۦ مَلَكُوتُ كُلِّ شَىْءٍۢ وَهُوَ يُجِيرُ وَلَا يُجَارُ عَلَيْهِ إِن كُنتُمْ تَعْلَمُونَ ﴿٨٨﴾
"සියලු දෑහි ආධිපත්යය කවුරුන් සතු දැ?"යි ඔවුන්ගෙන් විමසනු. ඔහුගේ ආධිපත්යයෙන් කිසිවක් ගිලිහී යන්නේ නැත. ඔහු අභිමත කරන ඔහුගේ ගැත්තන් හට උදව් කරන්නාය. ඔහු කෙනෙකුට යම් නපුරක් අපේක්ෂා කළේ නම් එය වළක්වා දඬුවම ඔහුගෙන් ඉවත් කිරීමට කිසිවකු සමත් වන්නේ නැත. ඒ ගැන නුඹලාට දැනුමක් තිබේ නම්?
سَيَقُولُونَ لِلَّهِ ۚ قُلْ فَأَنَّىٰ تُسْحَرُونَ ﴿٨٩﴾
"සියලු දෑහි ආධිපත්යය සුවිශුද්ධයාණන් සතු යැ"යි ඔවුහු පවසති. එසේ නම් නුඹ ඔවුනට මෙසේ පවසනු. "නුඹලාගේ බුද්ධිය පහව ගොස් ඇත්තේ කෙසේ ද? ඒ ගැන නුඹලා පිළිගනිමින් වෙනත් අය නමදින්නෙහුද?."
بَلْ أَتَيْنَـٰهُم بِٱلْحَقِّ وَإِنَّهُمْ لَكَـٰذِبُونَ ﴿٩٠﴾
ඔවුන් වාද කරන්නාක් මෙන් කරුණ පිහිටා නැත. සැබැවින්ම කිසිදු සැකයක් නැත. සත්යය අපි ගෙනැවිත් ඇත්තෙමු. නමුත් ඔවුන් අල්ලාහ්ට හවුල්කරුවන් හා දරුවන් ආරොප්ණය කරමින් කරන වාදයෙහි සැබැවින්ම ඔවුන් මුසාවාදීහුය. ඔවුන් කළ ප්රකාශයෙන් උත්තරීතර අල්ලාහ් අති උසස්ය
مَا ٱتَّخَذَ ٱللَّهُ مِن وَلَدٍۢ وَمَا كَانَ مَعَهُۥ مِنْ إِلَـٰهٍ ۚ إِذًۭا لَّذَهَبَ كُلُّ إِلَـٰهٍۭ بِمَا خَلَقَ وَلَعَلَا بَعْضُهُمْ عَلَىٰ بَعْضٍۢ ۚ سُبْحَـٰنَ ٱللَّهِ عَمَّا يَصِفُونَ ﴿٩١﴾
දේව ප්රතික්ෂේපකයින් විශ්වාස කරන්නාක් මෙන් අල්ලාහ් දරුවකු ගත්තේ නැත. එමෙන්ම ඔහු සමග සැබෑ ලෙස නැමදුම් ලබන්නට කිසිවකු හෝ ගත්තේ නැත. සැබැවින්ම ඔහු සමග නැමදුම් ලබන කිසිවකු හෝ සිටින්නේ නම් එවන් සෑම නැමදුම් ලබන්නෙක්ම ඔහු මැවූ මැවීම් අතරින් තම කොටස සමග ගමන් කරනු ඇත. ඔවුන් එකිනෙකා අබිබවා යනු ඇත. එවිට විශ්ව සැලැස්ම දූෂිත වේ. යථාර්ථය නම් සැබැවින් මේ කිසිවක් සිදු වන්නේ නැත. එහෙයින් සැබෑ ලෙස නැමදුම් ලබන්නා ඒකීය අල්ලාහ් වන ඔහු පමණක් බව පෙන්වා දෙයි. දරුවකු හා හවුල්කරුවකු සම්බන්ධ කරමින් මෙම දේව ආදේශකයින් ඔහු ගැන කරන වර්ණනාවෙන් ඔහු පිවිතුරුය. සුවිශුද්ධය
عَـٰلِمِ ٱلْغَيْبِ وَٱلشَّهَـٰدَةِ فَتَعَـٰلَىٰ عَمَّا يُشْرِكُونَ ﴿٩٢﴾
ඔහුගේ මැවීම් අතරින් ගුප්ත ව පවතින සියලු දෑ ඔහු මැනවින් දන්නාය. එමෙන්ම දෘශ්යමාන ඉන්ද්රියන්ට හසුවන සියලු දෑ ද මැනවින් දන්නාය. ඒ කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඔහුට හවුල්කරුවකු වීමෙන් සුවිශුද්ධයාණන් වන අල්ලාහ් උත්තරීතර විය. قل رب إما ترينى ما يوعدون
قُل رَّبِّ إِمَّا تُرِيَنِّى مَا يُوعَدُونَ ﴿٩٣﴾
"අහෝ දූතය! මෙම දේව ආදේශකයින් සම්බන්ධයෙන් නුඹ ඔවුනට ප්රතිඥා දුන් දෑ මට පෙන්වා දෙන්නේ නම්!" යැයි නුඹ පවසනු
رَبِّ فَلَا تَجْعَلْنِى فِى ٱلْقَوْمِ ٱلظَّـٰلِمِينَ ﴿٩٤﴾
"මාගේ පරමාධිපතියාණනි! මම බලා සිටියදීම නුඹ ඔවුනට දඬුවම් දුන්නේ නම්! නුඹ මා ඔවුන් අතරට පත් කොට ඔවුනට අත් වූ දඬුවම මට ද අත් කර නොදෙනු මැනව!" بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
وَإِنَّا عَلَىٰٓ أَن نُّرِيَكَ مَا نَعِدُهُمْ لَقَـٰدِرُونَ ﴿٩٥﴾
ඔවුනට ප්රතිඥා දුන් දඬුවම නුඹ දකින්නට හා එය බලන්නට සැලැස්වීම සඳහා අපි බලය ඇත්තෝ වෙමු. එය ද එය නොවන වෙනත් දෑ ද අපට නොහැකි කාර්යයක් නොවන්නේය
ٱدْفَعْ بِٱلَّتِى هِىَ أَحْسَنُ ٱلسَّيِّئَةَ ۚ نَحْنُ أَعْلَمُ بِمَا يَصِفُونَ ﴿٩٦﴾
අහෝ දූතය! නුඹට නපුරක් කරන්නාට සමාව දීම, ඔහුගේ වේදනාවන් මත ඉවසා දරා ගැනීම වැනි වඩාත් යහපත් කරුණුවලින් ඔහුව වළක්වාලනු. ඔවුන් විස්තර කරන ආදේශය හා බොරුව ගැන ද, නුඹ ගැන විස්තර කරන නුඹට අදාළ නොවන හූනියම හා උමතුව වැනි දෑ ගැන ද සැබැවින්ම අපි මැනවින් දන්නෙමු
وَقُل رَّبِّ أَعُوذُ بِكَ مِنْ هَمَزَٰتِ ٱلشَّيَـٰطِينِ ﴿٩٧﴾
"ෂෙයිතාන්ගේ පෙලඹවීම් හා ඔවුන්ගේ කුකුසෙන් මම නුඹෙන් ආරක්ෂාව පතමි" යැයි පවසනු. وأعوذ بك رب أن يحضرون
وَأَعُوذُ بِكَ رَبِّ أَن يَحْضُرُونِ ﴿٩٨﴾
"මාගේ පරමාධිපතියාණනි! මාගේ කරුණු අතරින් කිසිවක් හෝ ඔවුන් මා ඉදිරියට පැමිණීමෙන් මම නුඹෙන් ආරක්ෂාව පතමි
حَتَّىٰٓ إِذَا جَآءَ أَحَدَهُمُ ٱلْمَوْتُ قَالَ رَبِّ ٱرْجِعُونِ ﴿٩٩﴾
එම දේව ආදේශකයින් අතරින් කෙනෙකුට මරණය පැමිණෙන තෙක්ම, ඔවුන්ට පහළ වන දෑ ඔවුන් දෑසින් දකින තෙක්ම එසේ පසුවෙති. එවිට මඟහැරුණු ඔහුගේ ආයුකාලය ගැනත් අල්ලාහ්ගේ පැත්තෙන් තමන්ට අතපසු වූ දෑ ගැනත් පසුතැවිලි වී "මාගේ පරමාධිපතියාණනි! මෙලොව ජීවිතයට නුඹ මා නැවත හරවා යවනු මැනව" යැයි පවසයි
لَعَلِّىٓ أَعْمَلُ صَـٰلِحًۭا فِيمَا تَرَكْتُ ۚ كَلَّآ ۚ إِنَّهَا كَلِمَةٌ هُوَ قَآئِلُهَا ۖ وَمِن وَرَآئِهِم بَرْزَخٌ إِلَىٰ يَوْمِ يُبْعَثُونَ ﴿١٠٠﴾
"ඒ වෙත මා නැවත හරවා යවනු ලැබුවේ නම් මම දැහැමි ක්රියාවන් සිදු කරමි." එසේ නොව, ඔහු පතන පරිදි කරුණ නැත. සැබැවින්ම එය ඔහු මුවින් දොඩවන ප්රකාශයක් පමණි. මෙලොව ජීවිතයට නැවත හරවා යවනු ලැබුවේ නම් ඔහු පොරොන්දු දුන් පරිදි එය ඉටු නොකරනු ඇත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලැබ එක්රැස් කරනු ලබන තෙක්ම මෙලොව හා මතුලොව අතර වූ බාධකයක් මත මියගිය මොවුන් රැඳී සිටිති. ඔවුනට මඟහැරුනු දෑ ලබන්නටත් ඔවුන් විනාශ කර ගත් දෑ නිවැරැදි කර ගන්නටත් එහි සිට ඔවුන් නැවත මෙලොවට හරවා යවනු නොලබති
فَإِذَا نُفِخَ فِى ٱلصُّورِ فَلَآ أَنسَابَ بَيْنَهُمْ يَوْمَئِذٍۢ وَلَا يَتَسَآءَلُونَ ﴿١٠١﴾
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය ගැන දන්වමින් දෙවන පිඹුම හොරණෑවෙහි පිඹීමට භාර කරන ලද මලක්වරයා එහි පිඹින විට මතුලොව ඇති අර්බුධවල ඔවුන් කාර්යබහුලව සිටින බැවින් ඔවුන් අහංකාරකම් පාමින් සිටි ඔවුන් අතර පැවති සම්බන්ධකම් නැතිවී යනු ඇත. ඔවුන් වැදගත් කටයුතුවලදී කාර්යබහුලව යෙදී සිටින බැවින් ඔවුන් එකිනෙකා ගැන නොවිමසනු ඇත. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
فَمَن ثَقُلَتْ مَوَٰزِينُهُۥ فَأُو۟لَـٰٓئِكَ هُمُ ٱلْمُفْلِحُونَ ﴿١٠٢﴾
කවරෙකුගේ පාපයට වඩා පෙර සූදානම් කළ ඔහුගේ යහකම් තුලාවෙහි බරින් වැඩි වූයේ ද එවැන්නෝ ඔවුන් පතන දෑ හිමි කරගනිමින් ඔවුන් බිය වූ දැයින් මිදිමින් ජය ලබන්නෝ වෙති
وَمَنْ خَفَّتْ مَوَٰزِينُهُۥ فَأُو۟لَـٰٓئِكَ ٱلَّذِينَ خَسِرُوٓا۟ أَنفُسَهُمْ فِى جَهَنَّمَ خَـٰلِدُونَ ﴿١٠٣﴾
කවරෙකුගේ පාපයට වඩා පෙර සූදානම් කළ ඔහුගේ යහකම් තුලාවෙහි බරින් අඩු වූයේ ද එවැන්නන් ඔවුන් විසින්ම ඔවුන්ගේ ආත්මාවන්ට හානි කරමින් එයට ප්රයෝජනවත් වන දේව විශ්වාසය හා දැහැමි ක්රියාවන් මඟ හරිමින් ඒවා විනාශ කර ගත්තෝ වෙති. එහෙයින් ඔවුන් නිරා ගින්නේ සදා රැඳෙන්නෝ වෙති. එයින් ඔවුන් බැහැර නොවෙති
تَلْفَحُ وُجُوهَهُمُ ٱلنَّارُ وَهُمْ فِيهَا كَـٰلِحُونَ ﴿١٠٤﴾
ඔවුන්ගේ මුහුණු එම ගින්න දවාලයි. කෝපයේ බරපතලකම හේතුවෙන් ඔවුන්ගේ දත්වලට පහළින් හා ඉහළින් ඇති ඔවුන්ගේ තොල්පෙති හැකිලී යයි. ألم تكن ءايتى تتل عليكم فكنتم بها تكذبون
أَلَمْ تَكُنْ ءَايَـٰتِى تُتْلَىٰ عَلَيْكُمْ فَكُنتُم بِهَا تُكَذِّبُونَ ﴿١٠٥﴾
ඔවුන් හෙළා දකිමින් "මෙලොවෙහි නුඹලා වෙත පාරායනය කරන අල් කුර්ආනීය පාඨ නුඹලාට නොවී ද? නමුත් නුඹලා ඒවා බොරු කරමින් සිටියෙහුය." යැයි ඔවුනට පවසනු ලැබේ
قَالُوا۟ رَبَّنَا غَلَبَتْ عَلَيْنَا شِقْوَتُنَا وَكُنَّا قَوْمًۭا ضَآلِّينَ ﴿١٠٦﴾
ඔවුහු, "අපගේ පරමාධිපතියාණනි! නුඹේ දැනුමෙහි පෙර නියම වූ අපගේ අභාග්යය අප ඉක්මවා ගොස් ඇත. එමෙන්ම අපි සත්යයෙන් මුළා වූ පිරිසක් වූයෙමු" යැයි පැවසුවෝය
رَبَّنَآ أَخْرِجْنَا مِنْهَا فَإِنْ عُدْنَا فَإِنَّا ظَـٰلِمُونَ ﴿١٠٧﴾
"අපගේ පරමාධිපතියාණනි! අප ව නිරා ගින්නෙන් බැහැර කරනු මැනව! අප කවර ප්රතික්ෂේපයක හා මුළාවක පසු වූයේද ඒ වෙත අපි නැවත හැරී ගියේ නම් එවිට අපි අපටම අරපාධ කරගත්තවුන් වෙමු. එවිට අපගේ නිදහසට කරුණු දැක්වීම අවසන් වනු ඇත."
قَالَ ٱخْسَـُٔوا۟ فِيهَا وَلَا تُكَلِّمُونِ ﴿١٠٨﴾
අල්ලාහ් මෙසේ පවසයි. "නුඹලා ඉතා පහත් අවමානයට පත්වූවන් ලෙස නිරාගින්නේ කල්ගත කරනු. මා සමග නුඹලා කතා නොකරනු."
إِنَّهُۥ كَانَ فَرِيقٌۭ مِّنْ عِبَادِى يَقُولُونَ رَبَّنَآ ءَامَنَّا فَٱغْفِرْ لَنَا وَٱرْحَمْنَا وَأَنتَ خَيْرُ ٱلرَّٰحِمِينَ ﴿١٠٩﴾
සැබැවින්ම මා විශ්වාස කළ මාගේ ගැත්තන්ගෙන් පිරිසක් විය. ඔවුහු මෙසේ පවසති. "අපගේ පරමාධිපතියාණනි! අපි ඔබ ව විශ්වාස කළෙමු. එහෙයින් අපගේ පාපකම් සඳහා අපට සමාව දෙනු මැනව. ඔබේ කරුණාවෙන් අපට ආශිර්වාද කරනු මැනව! ඔබ කරුණාකරන්නන්ගෙන් අති ශ්රේෂ්ඨය." بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
فَٱتَّخَذْتُمُوهُمْ سِخْرِيًّا حَتَّىٰٓ أَنسَوْكُمْ ذِكْرِى وَكُنتُم مِّنْهُمْ تَضْحَكُونَ ﴿١١٠﴾
තම පරමාධිපති වෙත ඇරයුම් කරන දේව විශ්වාසීන් හාස්යයට හා අවමානයට ලක් කරන්නට අවස්ථාවක් බවට නුඹලා පත් කර ගත්තෙහුය. අවසානයේ නුඹලා ඔවුන් හාස්යයට ලක් කිරීමෙහි කාර්යබහුල වූ බැවින් අල්ලාහ්ව මෙනෙහි කිරීමෙන් ඔහු නුඹලාට අමතක කර දැමීය. තවද නුඹලා ඔවුන් හාස්යයට හා අපහාසයට ලක් කරමින් සිනහසෙමින් සිටියහ
إِنِّى جَزَيْتُهُمُ ٱلْيَوْمَ بِمَا صَبَرُوٓا۟ أَنَّهُمْ هُمُ ٱلْفَآئِزُونَ ﴿١١١﴾
මෙම දේව විශ්වාසීන් අල්ලාහ්ට අවනත වීමෙහි හා නුඹලා විසින් ඔවුනට මුහුණ දීමට සිදු වූ හිංසාවන් මත ඉවසීමෙන් කටයුතු කළ බැවින්, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ජයග්රහණය වශයෙන් සැබැවින්ම මම ඔවුනට ස්වර්ගය පිරිනැමුවෙමි
قَـٰلَ كَمْ لَبِثْتُمْ فِى ٱلْأَرْضِ عَدَدَ سِنِينَ ﴿١١٢﴾
"නුඹලා කොපමණ වසර කාලයක් මිහිතලයේ රැඳී සිටියෙහු ද? කොපමණ වේලාවක් එහි නුඹලා නාස්ති කළෙහු ද?" යැයි ඔහු විමසයි
قَالُوا۟ لَبِثْنَا يَوْمًا أَوْ بَعْضَ يَوْمٍۢ فَسْـَٔلِ ٱلْعَآدِّينَ ﴿١١٣﴾
"අපි දිනක් හෝ දිනක කොටසක් රැඳී සිටියෙමු. එහෙයින් දින හා මාස ගණන් ගණනය කරන්නන්ගෙන් ඒ ගැන විමසනු."යැයි පවසමින් ඔවුහු පිළිතුරු දෙති
قَـٰلَ إِن لَّبِثْتُمْ إِلَّا قَلِيلًۭا ۖ لَّوْ أَنَّكُمْ كُنتُمْ تَعْلَمُونَ ﴿١١٤﴾
"අපි මෙලොවෙහි ටික කලක් මිස රැඳී නොසිටියෙමු" යැයි පවසති. "නුඹලා රැඳී සිටි කාල ප්රමාණය සැබැවින්ම නුඹලා දැන සිටියෙහු නම් අවනත වීම ගැන ඉවසීමෙන් කටයුතු කිරීම පහසු වනු ඇත." أفحسبتم أنما خلقنكم عبثا وأنكم إ لينا لا ترجعون
أَفَحَسِبْتُمْ أَنَّمَا خَلَقْنَـٰكُمْ عَبَثًۭا وَأَنَّكُمْ إِلَيْنَا لَا تُرْجَعُونَ ﴿١١٥﴾
"අහෝ ජනයිනි! කිසිදු ප්රඥාවකින් තොරව සතුන් මෙන් කිසිදු කුසලක් හෝ දඬුවමක් හෝ නොමැතිව සෙල්ලමට අපි නුඹලාව මවා ඇති බවත් සැබැවින්ම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ විනිශ්චය හා ප්රතිඵල සඳහා නුඹලා අප වෙත නැවත නොපැමිණෙන බවත් නුඹලා සිතන්නෙහු ද?"
فَتَعَـٰلَى ٱللَّهُ ٱلْمَلِكُ ٱلْحَقُّ ۖ لَآ إِلَـٰهَ إِلَّا هُوَ رَبُّ ٱلْعَرْشِ ٱلْكَرِيمِ ﴿١١٦﴾
ඔහුගේ මැවීම් අතර ඔහු අභිමත කරන පරිදි කටයුතු කරන මහා පාලකයාණන් වන අල්ලාහ් සුවිශුද්ධය. ඔහු වනාහි සත්යයකි. ඔහුගේ ප්රතිඥාව සත්යයකි. ඔහුගේ ප්රකාශය ද සත්යයකි. සැබෑ ලෙස නැමදුම් ලබන්නට ඔහු හැර වෙනත් කිසිවකු නැත. ගෞරවණීය අර්ෂ් හෙවත් සර්වරාජ්යයේ හිමිපාණන් වනුයේ සියලු මැවීම්වලට වඩා අති ගෞරවණීය ඔහුය. ඔහු සියලු දෑහි පරමාධිපති ලෙස සිටියදී එම මැවීම්වලට වඩා ඉහළින් තවත් පරමාධිපතියෙකු විය හැකි ද? بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
وَمَن يَدْعُ مَعَ ٱللَّهِ إِلَـٰهًا ءَاخَرَ لَا بُرْهَـٰنَ لَهُۥ بِهِۦ فَإِنَّمَا حِسَابُهُۥ عِندَ رَبِّهِۦٓ ۚ إِنَّهُۥ لَا يُفْلِحُ ٱلْكَـٰفِرُونَ ﴿١١٧﴾
කවරෙකු විසින් අල්ලාහ් සමග වෙනත් නැමදුම් ලබන්නෙකු ඇරයුම් කරන්නේ ද ඔහුට නැමදීම සඳහා කිසිදු අයිතියක සාධකයක් එයට නැත. (මෙය අල්ලාහ් හැර නැමදුම් ලබන සියලු දෙනාගේම කරුණකි.) ඔහුගේ නපුරු ක්රියාවෙහි ප්රතිඵලය සුවිශුද්ධයාණන් වන ඔහුගේ පරමාධිපති අබියස වේ. ඔහු වෙත දඬුවම පිරිනමනුයේ ඔහු ය. සැබැවින්ම දේව ප්රතික්ෂේපකයෝ ඔවුන් පතන දෑ ලබා ගැනීමෙන් ජය නොලබති. ඔවුන් බියවන දැයින් මිදීමක් ද ඔවුනට නැත
وَقُل رَّبِّ ٱغْفِرْ وَٱرْحَمْ وَأَنتَ خَيْرُ ٱلرَّٰحِمِينَ ﴿١١٨﴾
අහෝ දූතය! නුඹ මෙසේ පවසනු. "මාගේ පරමාධිපතියාණනි! මාගේ පාපකම්වලට මට සමාව දෙනු මැනව! නුඹේ කරුණාවෙන් මට කරුණා කරනු මැනව! පාපියාට කරුණා කොට ඔහුගේ පාපක්ෂමාව පිළි ගන්නන් අතරින් නුඹ අති ශ්රේෂ්ඨය." මූලාශ්‍රය: අල්-මුඃතසර් ෆී තෆ්සීරිල් කුර්ආන්
අනුගමනය · පුනරාවර්තනය · පැවසීම · ලියාපදිංචිය අවශ්‍ය නැත