මුල් පිටුවතෆ්සීර්Al-Hajj (22)

තෆ්සීර් Al-Hajj (22) — الحج

මදනී · 78 වාක්‍ය

කියවන්න · අහන්නPDF ගොනුව

يَـٰٓأَيُّهَا ٱلنَّاسُ ٱتَّقُوا۟ رَبَّكُمْ ۚ إِنَّ زَلْزَلَةَ ٱلسَّاعَةِ شَىْءٌ عَظِيمٌۭ ﴿١﴾

අහෝ ජනයිනි! නුඹලාගේ පරමාධිපති නුඹලාට අණ කළ දෑ පිළිපදිමින් හා නුඹලාට තහනම් කළ දැයින් වැළකෙමින් නුඹලා ඔහුට බැතිමත් ව කටයුතු කරනු. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ එය හා බැඳුණු මහපොළොව කම්පනය වීම හා වෙනත් අර්බුද බරපතල කරුණක් වේ. අල්ලාහ් තෘප්තියට පත්වන දෑ සිදු කරමින් ඒ සඳහා සූදානම් වීම අනිවාර්යය වන්නේය

يَوْمَ تَرَوْنَهَا تَذْهَلُ كُلُّ مُرْضِعَةٍ عَمَّآ أَرْضَعَتْ وَتَضَعُ كُلُّ ذَاتِ حَمْلٍ حَمْلَهَا وَتَرَى ٱلنَّاسَ سُكَـٰرَىٰ وَمَا هُم بِسُكَـٰرَىٰ وَلَـٰكِنَّ عَذَابَ ٱللَّهِ شَدِيدٌۭ ﴿٢﴾

ى නුඹලා එය දෑසින් දකින දින, කිරි දෙන සෑම මවක්ම ඇයගේ කිරි දරුවා ගැන අවදානය යොමු නොකරයි. දැඩි බිය හේතුවෙන් කුසේ දරාගෙන සිටින ගැබිනි මව්වරුන් ඒවා වැටෙන්නට සලස්වයි. නතර වී සිටින ස්ථානයේ භයානක කම හේතුවෙන් මත්වූවන් මෙන් ජනයාගේ සිහි බුද්ධිය විකල්වී තිබෙනු නුඹ දකිනු ඇත. ඔවුහු මත්පැන් පානය කිරීමෙන් මත් බවට පත් නොවූහ. නමුත් අල්ලාහ්ගේ දැඩි දඬුවම හේතුවෙන් ඔවුනට එසේ සිදු විය. සැබැවින්ම ඔහු ඔවුන්ගේ බුද්ධිය නැතිකර දමනු ඇත

وَمِنَ ٱلنَّاسِ مَن يُجَـٰدِلُ فِى ٱللَّهِ بِغَيْرِ عِلْمٍۢ وَيَتَّبِعُ كُلَّ شَيْطَـٰنٍۢ مَّرِيدٍۢ ﴿٣﴾

මිය ගියවුන් යළි අවදි කිරීමේ අල්ලාහ්ගේ බලය පිළිබඳ කිසිදු දැනුමකින් තොර ව තර්ක කරන අය මිනිසුන් අතර සිටිති. ඔහුගේ ප්රතිපත්තියේ හා ඔහුගේ ප්රකාශයේ ඔහුගේ පරමාධිපතිට අකීකරු වූ ෂෙයිතානුන් හා නොමග ගිය නායකයින්ව ඔවුහු අනුගමනය කරති

كُتِبَ عَلَيْهِ أَنَّهُۥ مَن تَوَلَّاهُ فَأَنَّهُۥ يُضِلُّهُۥ وَيَهْدِيهِ إِلَىٰ عَذَابِ ٱلسَّعِيرِ ﴿٤﴾

මිනිස් හා ජින් ෂාතානුවන්ගෙන් වූ එම කැරලිකාරයින් හට, කවරෙකු ඔහුව අනුගමනය කළේද ඔහු ව සත්යය කළේ ද සැබැවින්ම ඔහු ඔහුව නිවැරදි මාර්ගයෙන් නොමග යොමු කරන බවත් නිරය වෙත මෙහෙයවන දේව ප්රතික්ෂේපය හා පාපකම් හේතුවෙන් ඔහු ව නිරා ගින්න වෙත ගමන් කරවන බවත් නියම කරන ලදී

يَـٰٓأَيُّهَا ٱلنَّاسُ إِن كُنتُمْ فِى رَيْبٍۢ مِّنَ ٱلْبَعْثِ فَإِنَّا خَلَقْنَـٰكُم مِّن تُرَابٍۢ ثُمَّ مِن نُّطْفَةٍۢ ثُمَّ مِنْ عَلَقَةٍۢ ثُمَّ مِن مُّضْغَةٍۢ مُّخَلَّقَةٍۢ وَغَيْرِ مُخَلَّقَةٍۢ لِّنُبَيِّنَ لَكُمْ ۚ وَنُقِرُّ فِى ٱلْأَرْحَامِ مَا نَشَآءُ إِلَىٰٓ أَجَلٍۢ مُّسَمًّۭى ثُمَّ نُخْرِجُكُمْ طِفْلًۭا ثُمَّ لِتَبْلُغُوٓا۟ أَشُدَّكُمْ ۖ وَمِنكُم مَّن يُتَوَفَّىٰ وَمِنكُم مَّن يُرَدُّ إِلَىٰٓ أَرْذَلِ ٱلْعُمُرِ لِكَيْلَا يَعْلَمَ مِنۢ بَعْدِ عِلْمٍۢ شَيْـًۭٔا ۚ وَتَرَى ٱلْأَرْضَ هَامِدَةًۭ فَإِذَآ أَنزَلْنَا عَلَيْهَا ٱلْمَآءَ ٱهْتَزَّتْ وَرَبَتْ وَأَنۢبَتَتْ مِن كُلِّ زَوْجٍۭ بَهِيجٍۢ ﴿٥﴾

අහෝ ජනයිනි! මියගිය පසු ව නුඹලා ව යළි අවදි කිරීමේ අපගේ හැකියාව හා ශක්තිය පිළිබඳ නුඹලා තුළ සැකයක් වී නම්, නුඹලාගේ මැවීම තුළ කල්පනා කර බලනු. සැබැවින්ම අපි නුඹලාගේ පියා ආදම් ව පසින් මැව්වෙමු. පසු ව ඔහුගේ පරපුර පිරිමියෙක් කාන්තාවකගේ ගර්භාෂයට හළන ශුක්රාණුවේ මැව්වෙමු. පසුව එම ශුක්රාණු ව ලේ කැටියක් බවටත් පසුව එම ලේ කැටිය විකන ලද මස් කැබැල්ලක් බඳු මස් ගොබයක් බවටත් පරිවර්තනය කොට, පසු ව එම මස් ගොබය ජීවී දරුවකු බිහි කරන තුරු ගර්භාෂය තුළ නිසි හැඩරුවක් දක්වා ද එසේ නැතිනම් කිසිදු හැඩයකින් තොරව වැටෙන ලේ කැටියක් දක්වා ද පවතී. නුඹලාගේ මේ මැවීමේ අදියරය තුළින් අපගේ බලය නුඹලාට بلغ අල්-කුර්ආන් · තෆ්සීර් සැබැවින්ම අපි පැහැදිලි කරන්නෙමු. ගර්භාෂය තුළ අපි අභිමත කරන කලලය නියමිත කාලයේ ප්රසූත වන තෙක් අපි රදවන්නෙමු. එය මාස නවයකි. පසු ව නුඹලාගේ මව්වරුන්ගේ කුසවල්වලින් බිළිඳුන් ලෙස අපි නුඹලාව බැහැර කරන්නෙමු. පසුව නුඹලා ශක්ති සම්පන්න බුද්ධි සම්පන්න තත්ත්වයට ළඟා වන්නෙහුය. ඊට පෙර මිය යන්නන් ද නුඹලා අතර සිටිති. එමෙන්ම බෙලහීන වී, බුද්ධිය ද බෙලහීන වී බිළිඳෙකුට වඩා අන්ත තමන් දැන සිටි දැයින් කිසිවක් නොදන්නා තත්ත්වයට පත්වන තුරු ජීවත් වන්නන් ද නුඹලා අතර සිටිති. එමෙන්ම කිසිදු පැලෑටියන් රෝපණය නොවන වියළි භූමිය ද නුඹ දකින්නෙහිය. ඒ මත අපි වැසි ජලය පහළ කළ විට පැලෑටි සඳහා එය විවර වී පැලෑටිවල වර්ධනය හේතුවෙන් එය ඉහළ නැංවෙයි. දැකුම්කළු විවිධ පැලෑටි වර්ග එය මතු කරයි

ذَٰلِكَ بِأَنَّ ٱللَّهَ هُوَ ٱلْحَقُّ وَأَنَّهُۥ يُحْىِ ٱلْمَوْتَىٰ وَأَنَّهُۥ عَلَىٰ كُلِّ شَىْءٍۢ قَدِيرٌۭ ﴿٦﴾

නුඹලාගේ මැවීමේ ආරම්භය හා එහි අදියරයන් මෙන්ම නුඹලා අතරින් බිහි වන්නන්ගේ තත්ත්වයන් යනාදී වශයෙන් - අපි නුඹලාට මෙනෙහි කළ දෑ වනාහි, නුඹලා නමදින නුඹලාගේ පිළිමවලට පටහැනිව නුඹලාව මැව්වේ අල්ලාහ් බවත් එහි කිසිදු සැකයක් නැති බවත් නුඹලා විශ්වාස කරනු පිණිසය. එමෙන්ම සැබැවින්ම ඔහු මළවුනට ජීවය ලබා දෙන්නා බවත් ඔහු සියලු දෑ කෙරෙහි සර්වබලධාරියාණන් බවත් කිසිවකු විසින් ඔහුව පරාජය කළ නොහැකි බවත් නුඹලා විශ්වාස කරනු පිණිසය

وَأَنَّ ٱلسَّاعَةَ ءَاتِيَةٌۭ لَّا رَيْبَ فِيهَا وَأَنَّ ٱللَّهَ يَبْعَثُ مَن فِى ٱلْقُبُورِ ﴿٧﴾

සැබැවින්ම අවසන් හෝරාව පැමිණෙන බවත්, එය පැමිණීමෙහි කිසිදු සැකයක් නොමැති බවත්, සැබැවින්ම අල්ලාහ් ඔවුන් මිය ගිය පසු ඔවුන්ගේ ක්රියාවන් සඳහා ඔවුනට ප්රතිඵල පිරිනමනු පිණිස ඔවුන්ගේ මිණීවලවල්වලින් ඔවුන් අවදි කරන බවත් නුඹලා විශ්වාස කරනු පිණිසය

وَمِنَ ٱلنَّاسِ مَن يُجَـٰدِلُ فِى ٱللَّهِ بِغَيْرِ عِلْمٍۢ وَلَا هُدًۭى وَلَا كِتَـٰبٍۢ مُّنِيرٍۢ ﴿٨﴾

දේව ප්රතික්ෂේපකයින් අතර ඔවුන් සත්ය වෙත යොමු කරන කිසිදු දැනුමකින් හෝ ඒ වෙත මග පෙන්වන කිසිදු මගපෙන්වන්නෙකු අනුගමනය කිරීමෙන් හෝ ඒ වෙත ඔවුනට මග පෙන්වන අල්ලාහ්ගෙන් පහළ කරනු ලැබූ අලෝකමත් පුස්තකයකින් තොර ව අල්ලාහ්ගේ ඒකීයත්වය සම්බන්ධයෙන් තර්ක කරන්නන් ද වෙති

ثَانِىَ عِطْفِهِۦ لِيُضِلَّ عَن سَبِيلِ ٱللَّهِ ۖ لَهُۥ فِى ٱلدُّنْيَا خِزْىٌۭ ۖ وَنُذِيقُهُۥ يَوْمَ ٱلْقِيَـٰمَةِ عَذَابَ ٱلْحَرِيقِ ﴿٩﴾

අහංකාරයෙන් තම ගෙල දිගු කරමින් දේව විශ්වාසයෙන් හා අල්ලාහ්ගේ දහම තුළට ප්රවේශ වීමෙන් ජනයා වෙනතකට යොමු කරන්නන් ද සිටිති. මෙවන් ගුණාංග ඇත්තන්හට මෙලොවෙහි ඔහුට අත්වන දැයින් අවමානයක් ඇත. එමෙන්ම මතුලොවෙහි ඇවිළෙන ගින්න භුක්ති විඳින්නට අපි ඔහුට සළස්වමු

ذَٰلِكَ بِمَا قَدَّمَتْ يَدَاكَ وَأَنَّ ٱللَّهَ لَيْسَ بِظَلَّـٰمٍۢ لِّلْعَبِيدِ ﴿١٠﴾

"නුඹ වින්ඳා වූ එම දඬුවම වනාහි, නුඹ උපයා ගත් දේව ප්රතික්ෂේපය හා පාපකම් හේතුවෙනි. පාපයක් හේතුවෙන් මිස අල්ලාහ් ඔහුගේ කිසිදු මැවීමකට දඬුවම් දෙන්නේ නැත." යනුවෙන් ඔහුට පවසනු ලැබේ. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

وَمِنَ ٱلنَّاسِ مَن يَعْبُدُ ٱللَّهَ عَلَىٰ حَرْفٍۢ ۖ فَإِنْ أَصَابَهُۥ خَيْرٌ ٱطْمَأَنَّ بِهِۦ ۖ وَإِنْ أَصَابَتْهُ فِتْنَةٌ ٱنقَلَبَ عَلَىٰ وَجْهِهِۦ خَسِرَ ٱلدُّنْيَا وَٱلْـَٔاخِرَةَ ۚ ذَٰلِكَ هُوَ ٱلْخُسْرَانُ ٱلْمُبِينُ ﴿١١﴾

සැකය මත පදනම් ව අස්ථාවරයෙන් අල්ලාහ් නමදින පිරිසක් ද ජනයා අතර වෙති. සුවය, ධනය වැනි යම් යහපතක් ඔහුට අත් වූයේ නම් ඔහුගේ විශ්වාසය මත හා නැමදීම මත අල්ලාහ් වෙනුවෙන් රැඳී සිටියි. නමුත් කිසියම් රෝගයක් දිළිඳුකමක් හෝ ණය බරක් ඇති වූ විට ඔහුගෙන් එය ඉවත් වෙයි. ඔහු මෙලොව ජීවිතයෙහි පරාජයට පත් විය. ඔහුගේ දේව ප්රතික්ෂේපය ඔහුට නියම කරනු නොලැබූ කිසිදු කොටසක් මෙලොව ජීවිතයේ වැඩි කරන්නේ නැත. එමෙන්ම ඔහුගේ මතුලොව ජීවිතයෙහි ද ඔහු අල්ලාහ්ගේ දඬුවමට ලක්වන බැවින් ඔහු පරාජයට පත් වෙයි. එය ඉතා පැහැදිලි ප්රකට පරාජයකි

يَدْعُوا۟ مِن دُونِ ٱللَّهِ مَا لَا يَضُرُّهُۥ وَمَا لَا يَنفَعُهُۥ ۚ ذَٰلِكَ هُوَ ٱلضَّلَـٰلُ ٱلْبَعِيدُ ﴿١٢﴾

ඔහු අල්ලාහ් හැර දමා පිළිමවලට වන්දනාමාන කරයි. ඔහු ඒවා ප්රතික්ෂේප කළේ නම් ඒවා ඔහුට කිසිදු බලපෑමක් ඇති කරන්නේ නැත. එමෙන්ම ඔහු ඒවාට අවනත වූයේ නම් ඔහුට කිසිදු ප්රයෝජනයක් ගෙන දෙන්නේ ද නැත. කිසිදු බලපෑමක් ඇති නොකරන, කිසිදු සෙතක් නොසලසන මෙම පිළිම සඳහා ප්රාර්ථනා කර කර සිටීම සත්යයෙන් දුරස් වූ අන්ත මුළාවකි

يَدْعُوا۟ لَمَن ضَرُّهُۥٓ أَقْرَبُ مِن نَّفْعِهِۦ ۚ لَبِئْسَ ٱلْمَوْلَىٰ وَلَبِئْسَ ٱلْعَشِيرُ ﴿١٣﴾

මෙම පිළිමවලට වන්දනා කරමින් දෙවියන් ප්රතික්ෂේප කරන තැනැත්තා ඇරයුම් කර සිටිනුයේ ඔහුට අහිමි කරන ප්රයෝජනයට වඩා හානිය උරුම කර දීමට සමීපයෙන් සිටින අයගෙනි. ඔහුට සෙත සැළසීමට වඩා ඔහුට හානිය ඇති කරන වන්දනාවට ලක්වන්නන් නපුරු විය. කවරෙකු ඔහුගෙන් උදව් පතන්නේ ද ඔහු උදව් කරුවකු වශයෙන් ද කවරෙකු ඔහු සමග මිතුදම් පාන්නේ ද මිතුදමින් ද නපුරු විය

إِنَّ ٱللَّهَ يُدْخِلُ ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّـٰلِحَـٰتِ جَنَّـٰتٍۢ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَـٰرُ ۚ إِنَّ ٱللَّهَ يَفْعَلُ مَا يُرِيدُ ﴿١٤﴾

අල්ලාහ්ව විශ්වාස කොට දැහැමි ක්රියාවන් කළවුන් වනාහි, ඒවායෙහි මාලිගා යටින් දියදහරා ගලා බස්නා ස්වර්ග උයන්වලට සැබැවින්ම අල්ලාහ් ඔවුන් ඇතුළත් කරනු ඇත. සැබැවින්ම අල්ලාහ් තමන් අභිමත කරන දේ සිදු කරන්නාය. ඔහු කරුණාවෙන් ඔහු අභිමත කරන අයට කරුණාව දක්වයි. එමෙන්ම දඬුවමින් ඔහු අභිමත කරන අයට දඬුවම ක්රියාත්මක කරයි. සුවිශුද්ධ අල්ලාහ්ට බලපෑම් කරන කිසිවකු නැත

مَن كَانَ يَظُنُّ أَن لَّن يَنصُرَهُ ٱللَّهُ فِى ٱلدُّنْيَا وَٱلْـَٔاخِرَةِ فَلْيَمْدُدْ بِسَبَبٍ إِلَى ٱلسَّمَآءِ ثُمَّ لْيَقْطَعْ فَلْيَنظُرْ هَلْ يُذْهِبَنَّ كَيْدُهُۥ مَا يَغِيظُ ﴿١٥﴾

كيده ما يغيظ සැබැවින්ම අල්ලාහ් ඔහුගේ නබිවරයාට (එතුමා කෙරෙහි ශාන්තිය හා සමාදානය අත්වේවා!) මෙලොව මෙන්ම මතුලොවෙහි උදව් නොකරන බවට කවරෙකු සිතන්නේ ද ඔහුගේ නිවසේ වියනට කඹයක් දිගු කොට පසුව පොළොව දෙසින් කපා හැර එමගින් හුස්ම හිර කර ගනිත්වා. පසුව ඔහුගේ සිත තුළ පැවති කෝපය එය පහකර ඇත්දැයි බලත්වා. මුරණ්ඩුකාරයා අභිමත කළ ද ප්රතික්ෂේප කළ ද අල්ලාහ් ඔහුගේ නබිවරයාට උදව් කරන්නාය

وَكَذَٰلِكَ أَنزَلْنَـٰهُ ءَايَـٰتٍۭ بَيِّنَـٰتٍۢ وَأَنَّ ٱللَّهَ يَهْدِى مَن يُرِيدُ ﴿١٦﴾

යළි අවදි කරනු ලැබීම තහවුරු කරමින් පැහැදිළි තර්ක සාධක අපි නුඹලාට පැහැදිලි කළාක් මෙන් ම මුහම්මද් (එතුමා කෙරෙහි ශාන්තිය හා සමාදානය අත්වේවා) වෙත පැහැදිළි පාඨ සහිත කුර්ආනය පහළ කළෙමු. අල්ලාහ් بلغ අල්-කුර්ආන් · තෆ්සීර් ඔහුගේ භාග්යයෙන් ඔහු අභිමත කරන අයට යහමග හා නිවැරැදි මග ලබන්නට ආශිර්වාද කරනු ඇත

إِنَّ ٱلَّذِينَ ءَامَنُوا۟ وَٱلَّذِينَ هَادُوا۟ وَٱلصَّـٰبِـِٔينَ وَٱلنَّصَـٰرَىٰ وَٱلْمَجُوسَ وَٱلَّذِينَ أَشْرَكُوٓا۟ إِنَّ ٱللَّهَ يَفْصِلُ بَيْنَهُمْ يَوْمَ ٱلْقِيَـٰمَةِ ۚ إِنَّ ٱللَّهَ عَلَىٰ كُلِّ شَىْءٍۢ شَهِيدٌ ﴿١٧﴾

ى සැබැවින්ම මෙම සමූහයා අතර සිටින, අල්ලාහ්ව විශ්වාස කළවුන්, යුදෙව්වන්, සාබිඊන්වරුන් (ඇතැම් නබිවරුන් අනුගමනය කළ පිරිසක්), කිතුනුවන්, අග්නි වන්දනාකරුවන් හා පිළිම වන්දනාකරුවන් වනාහි, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සැබැවින්ම අල්ලාහ් ඔවුන් අතර තීන්දු කරනු ඇත. පසුව දේව විශ්වාසීන් ස්වර්ගයට ඇතුළත් කරයි. ඒ හැර සෙසු අය නිරා ගින්නට ඇතුළත් කරයි. සැබැවින්ම අල්ලාහ් ඔහුගේ ගැත්තන්ගේ සියලු ප්රකාශ හා ඔවුන්ගේ සියලු ක්රියාවන් සඳහා සාක්ෂිකරුවෙකු වෙයි. ඒවායින් කිසිවක් ඔහුට සැඟවී යන්නේ නැත. ඒ සඳහා ඔහු ඔවුනට කුසල් පිරිනමනු ඇත

أَلَمْ تَرَ أَنَّ ٱللَّهَ يَسْجُدُ لَهُۥ مَن فِى ٱلسَّمَـٰوَٰتِ وَمَن فِى ٱلْأَرْضِ وَٱلشَّمْسُ وَٱلْقَمَرُ وَٱلنُّجُومُ وَٱلْجِبَالُ وَٱلشَّجَرُ وَٱلدَّوَآبُّ وَكَثِيرٌۭ مِّنَ ٱلنَّاسِ ۖ وَكَثِيرٌ حَقَّ عَلَيْهِ ٱلْعَذَابُ ۗ وَمَن يُهِنِ ٱللَّهُ فَمَا لَهُۥ مِن مُّكْرِمٍ ۚ إِنَّ ٱللَّهَ يَفْعَلُ مَا يَشَآءُ ۩ ﴿١٨﴾

අහෝ දූතය! අහස්හි සිටින මලක්වරුන් හා මහපොළොවේ වෙසෙන දේව විශ්වාසී මිනිසුන් හා ජින්නුන් ඔහුට අවනත වෙමින් සිරස නමන බව නුඹ නොදන්නෙහි ද? එමෙන්ම හිරු ද ඔහුට සිරස නමයි. සඳුද ඔහුට සිරස නමයි අහසේ ඇති තාරක ද මහොපොළොවේ ඇති කඳුහෙල්, ගහ කොළ, සතා සිවුපාවුන් ද ඔහුට සිරස නමයි. එය යටහත් වීමේ සිරස නැමීමයි. එමෙන්ම ජනයා අතරින් බොහෝ දෙනා අවනත වීමේ සිරස නැමීමක් ලෙස ඔහුට සිරස නමති. තවත් බොහෝ දෙනා ඔහුට අවනත වීම සඳහා සිරස නැමීමෙන් වැළකී සිටිති. ඔවුන්ගේ ප්රතික්ෂේපය නිසාවෙන් අල්ලාහ්ගේ දඬුවම ඔවුන් මත නියම විය. කවරෙකුට අල්ලාහ් ඔහුගේ දේව ප්රතික්ෂේපය හේතුවෙන් අවමානය හා අපහාසය තීන්දු කළේ ද ඔහුව ගෞරවයට ලක් කරන කිසිවකු ඔහුට නොවනු ඇත. සැබැවින්ම අල්ලාහ් තමන් අභිමත කරන දෑ සිදු කරන්නාය. ඔහුට බලපෑම් කරන්නට කිසිවෙකු නැත

۞ هَـٰذَانِ خَصْمَانِ ٱخْتَصَمُوا۟ فِى رَبِّهِمْ ۖ فَٱلَّذِينَ كَفَرُوا۟ قُطِّعَتْ لَهُمْ ثِيَابٌۭ مِّن نَّارٍۢ يُصَبُّ مِن فَوْقِ رُءُوسِهِمُ ٱلْحَمِيمُ ﴿١٩﴾

ඔවුන්ගේ පරමාධිපති විෂයයෙහි වාද කරන මෙම දෙපිරිස අතරින් වඩාත් සුසුස්සන් වනුයේ කවරෙකු ද? දේව විශ්වාසී පිරිස ද එසේ නැතහොත් දේව ප්රතික්ෂේපක පිරිස ද? දේව ප්රතික්ෂේපක පිරිස වනාහි ඇඳින ඇඳුමෙන් ආවරණය කරන්නාක් මෙන් නිරා ගින්න ඔවුන් සිව් දෙසින් වට කරනු ඇත. ඔවුන්ගේ හිස මතට උපරිමයෙන් උණු කරන ලද ජලය වක්කරනු ලැබේ

يُصْهَرُ بِهِۦ مَا فِى بُطُونِهِمْ وَٱلْجُلُودُ ﴿٢٠﴾

එහි දැඩි උෂ්ණත්වය හේතුවෙන් ඔවුන්ගේ උදරය තුළ පවතින දෑ දිය වී ඔවුන්ගේ චර්මය දක්වාම ගෙන යයි. පසුව එයද දිය කරනු ලැබේ. ولهم مقمع من حديد

وَلَهُم مَّقَـٰمِعُ مِنْ حَدِيدٍۢ ﴿٢١﴾

තවද ඔවුනට යකඩින් වූ මුගුරු ඇත. මලක්වරුන් ඒවා මගින් ඔවුන්ගේ හිසට පහර දෙති. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

كُلَّمَآ أَرَادُوٓا۟ أَن يَخْرُجُوا۟ مِنْهَا مِنْ غَمٍّ أُعِيدُوا۟ فِيهَا وَذُوقُوا۟ عَذَابَ ٱلْحَرِيقِ ﴿٢٢﴾

ඔවුන් එහි මුහුණ දෙන ව්යසනයේ දරුණුකම හේතුවෙන් නිරා ගින්නෙන් පිටත් වීමට ඔවුන් උත්සාහ කරන සෑම අවස්ථාවකම නැවත ඒ වෙත යොමු කරනු ලැබ, "ඇවිළෙන ගින්නේ දඬුවම නුඹලා භුක්ති විඳිනු" යැයි ඔවුනට පවසනු ලැබේ

إِنَّ ٱللَّهَ يُدْخِلُ ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّـٰلِحَـٰتِ جَنَّـٰتٍۢ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَـٰرُ يُحَلَّوْنَ فِيهَا مِنْ أَسَاوِرَ مِن ذَهَبٍۢ وَلُؤْلُؤًۭا ۖ وَلِبَاسُهُمْ فِيهَا حَرِيرٌۭ ﴿٢٣﴾

දේව විශ්වාසී පිරිස වනාහි, ඔවුහු අල්ලාහ්ව විශ්වාස කොට දැහැමි ක්රියාවන් කළවුන් වෙති. ඒවායෙහි මාලිගා හා ගස්වලට යටින් ගලා බස්නා දිය දහරාවලින් සපිරුණු ස්වර්ග උයන්වලට අල්ලාහ් ඔවුන් ඇතුළත් කරනු ඇත. රන් වළලු ඔවුනට පළන්දවනු ලැබ ඔවුන් අලංකාරවත් කරනු ඇත. එමෙන්ම මුතුවලින් වූ ආභරණවලින් ඔවුන්ව අලංකාරවත් කරනු ඇත. ඔවුනට ඇඳුම් ඇත. ඒවා ද සේද රෙදිවලින් යුක්තය

وَهُدُوٓا۟ إِلَى ٱلطَّيِّبِ مِنَ ٱلْقَوْلِ وَهُدُوٓا۟ إِلَىٰ صِرَٰطِ ٱلْحَمِيدِ ﴿٢٤﴾

මෙලොව ජීවිතයේ දී අල්ලාහ් ඔවුනට ශුද්ධ ප්රකාශ වෙත මඟ පෙන්වීය. එනම්, "ලා ඉලාහ ඉල්ලල්ලාහ්" - නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නැත, "අල්ලාහු අක්බර්" -අල්ලාහ් අති ශ්රේෂ්ඨය, "අල් හම්දු ලිල්ලාහ්" -සියලු පැසසුම් අල්ලාහ්ටය යනාදී ශුද්ධ ප්රකාශ වේ. එමෙන්ම ප්රශංසනීය ඉස්ලාමීය මාවත වෙත ඔහු ඔවුනට මඟ පෙන්වීය

إِنَّ ٱلَّذِينَ كَفَرُوا۟ وَيَصُدُّونَ عَن سَبِيلِ ٱللَّهِ وَٱلْمَسْجِدِ ٱلْحَرَامِ ٱلَّذِى جَعَلْنَـٰهُ لِلنَّاسِ سَوَآءً ٱلْعَـٰكِفُ فِيهِ وَٱلْبَادِ ۚ وَمَن يُرِدْ فِيهِ بِإِلْحَادٍۭ بِظُلْمٍۢ نُّذِقْهُ مِنْ عَذَابٍ أَلِيمٍۢ ﴿٢٥﴾

ومن يرد فيه بإلحادبظلم نذقهمن عذاب أليم සැබැවින්ම අල්ලාහ්ව ප්රතික්ෂේප කොට, ඉස්ලාමය තුළට පිවිසෙන සෙසු ජනයා වෙනතකට යොමු කොට මස්ජිදුල් හරාමයෙන් ජනයා වළක්වන අය වනාහි එම දේව ආදේශකයින් හුදෙයිබියා ගිවිසුම් වසරෙහි ක්රියා කළාක් මෙන් ම අපි ද ඔවුනට වේදනීය දඬුවම මතු පිරිනමන්නෙමු. එම මස්ජිදය අප නියම කර ඇත්තේ ජනයා ඔවුන්ගේ සලාතයේ මුහුණලන දිශාව හා හජ් උම්රා පිළිවෙත් ඉටු කරන නැමදුම් ස්ථාන ලෙසය. එහිදී එහි පදිංචිව සිටින මක්කාවාසීන් ද මක්කා වාසීන් නොවන පිටස්තරයන් ද සමානය. එහෙයින් උවමනාවෙන්ම පාපයක් සිදු කිරීමෙන් සත්යයෙන් නැඹුරු වන්නට කවරෙකු සිතන්නේ ද සැබැවින්ම අපි ඔහුට වේදනීය දඬුවමක් විඳින්නට සළස්වමු

وَإِذْ بَوَّأْنَا لِإِبْرَٰهِيمَ مَكَانَ ٱلْبَيْتِ أَن لَّا تُشْرِكْ بِى شَيْـًۭٔا وَطَهِّرْ بَيْتِىَ لِلطَّآئِفِينَ وَٱلْقَآئِمِينَ وَٱلرُّكَّعِ ٱلسُّجُودِ ﴿٢٦﴾

අහෝ දූතය! දේව නිවසේ ස්ථානය හා එහි සීමාව ගැන නොදැන සිටි ඉබ්රාහීම් (අලයිහිස් සලාම්) තුමාට, අප පැහැදිළි කළ අවස්ථාව නුඹ සිහිපත් කරනු. එමෙන්ම අපි ඔහුට, "මට නමස්කාර කිරීමෙහි කිසිවකු නුඹ ආදේශ නොකරනු. මාගේ නිවස තවාෆ් කරන්නන් වෙනුවෙන් හා එහි සලාත් ඉටු කරන්නන් වෙනුවෙන් මානසික මෙන්ම භෞතික කිලිටිවලින් පිරිසිදු කරනු" යැයි අපි ඔහුට දේව පණිවිඩ යැව්වෙමු

وَأَذِّن فِى ٱلنَّاسِ بِٱلْحَجِّ يَأْتُوكَ رِجَالًۭا وَعَلَىٰ كُلِّ ضَامِرٍۢ يَأْتِينَ مِن كُلِّ فَجٍّ عَمِيقٍۢ ﴿٢٧﴾

ඉදි කිරීමට අප නුඹට නියම කළ මෙම නිවස කරා වන්දනාවේ පැමිණෙන මෙන් නුඹ ජනයා අතර ඇරයුම් කරනු. ඔවුහු පා ගමනින් ද ගමනේදී දුෂ්කරතා උසුළන සැහැල්ලු ඔටුවන් මත ප්රවාහනිකවද පැමිණෙනු ඇත. සෑම දුර් මාර්ගයක සිටම ඔවුන් උසුලාගෙන එම ඔටුවන් ඒ වෙත පැමිණෙනු ඇත. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

لِّيَشْهَدُوا۟ مَنَـٰفِعَ لَهُمْ وَيَذْكُرُوا۟ ٱسْمَ ٱللَّهِ فِىٓ أَيَّامٍۢ مَّعْلُومَـٰتٍ عَلَىٰ مَا رَزَقَهُم مِّنۢ بَهِيمَةِ ٱلْأَنْعَـٰمِ ۖ فَكُلُوا۟ مِنْهَا وَأَطْعِمُوا۟ ٱلْبَآئِسَ ٱلْفَقِيرَ ﴿٢٨﴾

පාපක්ෂමාව, තිළිණ හිමි කර ගැනීම, පිවිතුරු වදන ඒකීයකරණය හා වෙනත් ඔවුනට ඵල දෙන ප්රයෝජනය ලබනු පිණිසත්, නියමිත දිනයන්හි ඔවුන්ගේ සතුන් කැප කිරීමේදී අල්ලාහ්ගේ නාමය ඔවුන් මෙනෙහි කරනු පිණිසත්ය. එනම් දුල් හජ් මාසයේ දස වැනි දින හා ඉන් පසු පැමිණෙන දින තුනය. එය අල්ලාහ් වෙනුවෙන් ඔවුනට පිරිනැමූ ඔටුවන් ගවයන් හා එළුවන් සඳහා කෘතඥතාව පුද කිරීමක් වශයෙන්ය. එහෙයින් එම කැප කිරීමෙන් නුඹලා අනුභව කරනු. දරිද්රතාවෙන් පෙළෙන දිළිඳුන් හට එයින් ආහාර සපයනු

ثُمَّ لْيَقْضُوا۟ تَفَثَهُمْ وَلْيُوفُوا۟ نُذُورَهُمْ وَلْيَطَّوَّفُوا۟ بِٱلْبَيْتِ ٱلْعَتِيقِ ﴿٢٩﴾

පසු ව ඔවුන් මත ඉතිරි ව ඇති ඔවුන්ගේ හජ් පිළිවෙත් ඔවුන් ඉටු කරත්වා! ඉහ්රාම් ඇඳගත් හේතුවෙන් ඔවුන්ගේ හිස මුඩු කර ඔවුන්ගේ නියපොතු කපා, බැඳුණු කිලිටි ඉවත් කිරීමෙන් ඉහ්රාමයෙන් ලිහිල් වෙත්වා! ඔවුන් වෙත අනිවාර්යය කරනු ලැබූ හජ්, උම්රා හා සත්ව කැපය ඉටු කරත්වා! දරුණු පාළකයින්ගේ ආධිපත්යයේ ග්රහණයෙන් අල්ලාහ් මුදවාගත් එම නිවසෙහි ‘තවාෆුල් ඉෆාළා’ නම් හජ් වන්දනාවට අදාළ තවාෆය ඉටු කරත්වා!

ذَٰلِكَ وَمَن يُعَظِّمْ حُرُمَـٰتِ ٱللَّهِ فَهُوَ خَيْرٌۭ لَّهُۥ عِندَ رَبِّهِۦ ۗ وَأُحِلَّتْ لَكُمُ ٱلْأَنْعَـٰمُ إِلَّا مَا يُتْلَىٰ عَلَيْكُمْ ۖ فَٱجْتَنِبُوا۟ ٱلرِّجْسَ مِنَ ٱلْأَوْثَـٰنِ وَٱجْتَنِبُوا۟ قَوْلَ ٱلزُّورِ ﴿٣٠﴾

නුඹලාට අණ කරනු ලැබූ දෑ එනම්: හිස මුඩු කිරීම හා නියපොතු කැපීම අනුමත වීම, කිලිටි ඉවත් කිරීම, සත්ව කැපය ඉටු කිරීම, දේව නිවස තවාෆ් කිරීම යනාදිය නුඹලා වෙත අල්ලාහ් අනිවාර්යය කළ දෑය. එහෙයින් අල්ලාහ් නුඹලාට අනිවාර්යය කළ දෑට ගරුබුහුමන් කරනු. ඉහ්රාම් තත්ත්වයේ සිටියදී වැළකෙන මෙන් අල්ලාහ් නියෝග කළ දැයින් වැළකී අල්ලාහ්ගේ සීමාවන්ට ගරු කිරීමක් වශයෙන් ඒවාට වැටීමෙන් හා ඔහු තහනම් කළ දැය අනුමත කිරීමෙන් කවරෙකු වැළකී සිටින්නේ ද එය ඔහුට මෙලොව හා මතුලොව ඔහුගේ ශුද්ධවන්ත අල්ලාහ් අබියස උතුම් වන්නේය. අහෝ ජනයිනි! ඔටුවන් ගවයින් හා එළුවන් වැනි ගොවිපළ සතුන් නුඹලාට අනුමත විය. හාමී, බහිරා හා වසීලා යන පිළිම නුඹලා ගරු කිරීමට තබා නැත. අල් කුර්ආනයේ තහනම් කළ මළ දෑ, රුධිරය වැනි තහනම් දෑ හැර ඒවායින් තහනම් කර නැත. එහෙයින් කිලිටි පිළිමවලින් නුඹලා දුරස් වනු. අල්ලාහ් වෙත හා ඔහුගේ ස්වරූපය වෙත ගොතන ව්යාජ ප්රකාශයෙන් නුඹලා දුරස් වනු

حُنَفَآءَ لِلَّهِ غَيْرَ مُشْرِكِينَ بِهِۦ ۚ وَمَن يُشْرِكْ بِٱللَّهِ فَكَأَنَّمَا خَرَّ مِنَ ٱلسَّمَآءِ فَتَخْطَفُهُ ٱلطَّيْرُ أَوْ تَهْوِى بِهِ ٱلرِّيحُ فِى مَكَانٍۢ سَحِيقٍۢ ﴿٣١﴾

س حيق නැමදුම් කිරීමෙහි අල්ලාහ්ට කිසිවක් ආදේශ නොකර, අල්ලාහ් අබියස පිළිගනු ලැබූ ඔහුගේ දහම හැර වෙනත් දහම්වලට නැඹුරුවීමෙන් වැළකෙනු. කවරෙකු අල්ලාහ්ට ආදේශ තබන්නේ ද ඔහු අහසින් වැටුණු වස්තුවක් මෙනි. එක්කො පක්ෂියා එහි මාංශ හෝ අස්ථි ඩැහැගෙන එසේ නැතහොත් සුළඟ එය රැගෙන දුර ස්ථානයක් වෙත යන්නාක් මෙනි

ذَٰلِكَ وَمَن يُعَظِّمْ شَعَـٰٓئِرَ ٱللَّهِ فَإِنَّهَا مِن تَقْوَى ٱلْقُلُوبِ ﴿٣٢﴾

අල්ලාහ්ගේ ඒකීයත්වය, ඔහු වෙනුවෙන් විය යුතු අවංකභාවය, පිළිම වන්දනාවෙන් හා අවලාද නැගීමෙන් වැළකී සිටීම යනාදිය අල්ලාහ් අණ කළ කරුණු වේ. කවරෙකු දහමේ කටයුතුවටල ගරුබුහුමන් කරන්නේ ද - ඒ අතරින් සත්ව කැපය, හජ් හි පිළිවෙත් යනාදිය ඇතුළත් වේ.- සැබැවින්ම එසේ ගරුබුහුමන් කිරීම හදවත් තුළ ඒවායෙහි පරමාධිපති වෙනුවෙන් තිබෙන බැතිමත්භාවය හේතුවෙනි. بلغ අල්-කුර්ආන් · තෆ්සීර් م

لَكُمْ فِيهَا مَنَـٰفِعُ إِلَىٰٓ أَجَلٍۢ مُّسَمًّۭى ثُمَّ مَحِلُّهَآ إِلَى ٱلْبَيْتِ ٱلْعَتِيقِ ﴿٣٣﴾

(හරම්) නිවස අසල නුඹලා කපා හරින සත්ව කැපය තුළ නුඹලාට ප්රයෝජන ඇත. මුරණ්ඩු පාලකයින්ගෙන් අල්ලාහ් නිදහස් කළ නිවසට සමීපයෙන් ඒවා කපා හරිනු ලබන නියමිත වේලාව දක්වාම ඒවා මත නැග ගමන් කිරීම, ලෝම, පැටවුන්, කිරි වැනි විවිධ ප්රයෝජන නුඹලාට ඇත

وَلِكُلِّ أُمَّةٍۢ جَعَلْنَا مَنسَكًۭا لِّيَذْكُرُوا۟ ٱسْمَ ٱللَّهِ عَلَىٰ مَا رَزَقَهُم مِّنۢ بَهِيمَةِ ٱلْأَنْعَـٰمِ ۗ فَإِلَـٰهُكُمْ إِلَـٰهٌۭ وَٰحِدٌۭ فَلَهُۥٓ أَسْلِمُوا۟ ۗ وَبَشِّرِ ٱلْمُخْبِتِينَ ﴿٣٤﴾

ඉකුත් වී ගිය සෑම සමූහයකටම අල්ලාහ් වෙනුවෙන් සත්ව කැපයක් පිළිගැන්වීමේ චාරිත්රයක් ඇති කළේය. එය කපා හරින අවස්ථාවේ ඔවුන් අල්ලාහ්ට සමීප වෙමින් ඔහුගේ නාමය මෙනෙහි කිරීමේ අපේක්ෂාවෙනි. එමෙන්ම ඔවුන් වෙත පිරිනැමූ ඔටුවන්, ගවයන් හා එළුවන් වෙනුවෙන් ඔවුන් අල්ලාහ්ට කෘතඥතාව පුද කිරීමක් වශයෙනි. අහෝ ජනයිනි! නුඹලා අතර සැබෑ ලෙස නැමදුමට ලක්වන්නා එකම දෙවියෙකි. ඔහුට කිසිදු හවුල්කරුවකු නැත. යටහත් වීමෙන් හා කීකරු වීමෙන් අවනත විය යුත්තේ ඔහුට පමණය. අහෝ දූතය! අවංක හා බියෙන් පසුවන අයට ඔවුන් සතුටු වන කරුණක් පිළිබඳ දන්වා සිටිනු

ٱلَّذِينَ إِذَا ذُكِرَ ٱللَّهُ وَجِلَتْ قُلُوبُهُمْ وَٱلصَّـٰبِرِينَ عَلَىٰ مَآ أَصَابَهُمْ وَٱلْمُقِيمِى ٱلصَّلَوٰةِ وَمِمَّا رَزَقْنَـٰهُمْ يُنفِقُونَ ﴿٣٥﴾

ඔවුන් වනාහි, අල්ලාහ් ගැන මෙනෙහි කරනු ලබන විට ඔහුගේ දඬුවමට බිය වෙති. ඔහුගේ නියෝගයට විරුද්ධවීමෙන් දුරස් වෙති. ඔවුනට යම් පරීක්ෂණයක් අත් වූ විට ඉවසීමෙන් කටයුතු කරති. සලාතය පූර්ණ ලෙස ඉටු කරති. ඔවුනට අල්ලාහ් පෝෂණය කළ දැයින් යහපත් කටයුතුවල විදයම් කරති

وَٱلْبُدْنَ جَعَلْنَـٰهَا لَكُم مِّن شَعَـٰٓئِرِ ٱللَّهِ لَكُمْ فِيهَا خَيْرٌۭ ۖ فَٱذْكُرُوا۟ ٱسْمَ ٱللَّهِ عَلَيْهَا صَوَآفَّ ۖ فَإِذَا وَجَبَتْ جُنُوبُهَا فَكُلُوا۟ مِنْهَا وَأَطْعِمُوا۟ ٱلْقَانِعَ وَٱلْمُعْتَرَّ ۚ كَذَٰلِكَ سَخَّرْنَـٰهَا لَكُمْ لَعَلَّكُمْ تَشْكُرُونَ ﴿٣٦﴾

නිවස වෙත පුදනු ලබන ඔටුවන් හා ගවයින් වනාහි, අපි ඒවා නුඹලාට දහමේ සංඛේතයන් හා සළකුණු වශයෙන් ඇති කළෙමු. නුඹලාට එහි ආධ්යාත්මික මෙන්ම ලෞකික ප්රයෝජන ඇත. එහෙයින් ඒවා අවතැන් නොවන පරිදි ඒවායෙහි පාදවලින් එකක් ගැට ගසා සිටවමින් ඒවා පෙළට තබනු ලැබුවායින් පසු ඒවා කපන අවස්ථාවේ ‘බිස්මිල්ලාහ්’ යනුවෙන් පවසනු. ඒවා කපා හැරීමෙන් පසු පැත්තට ඇළ වී වැටුණු විට, අහෝ සත්ව කැපය පිරිනැමූවනි! එයින් නුඹලා අනුභව කරනු. ඉල්ලීමෙන් වැළකී සිටින දිළිඳුන්හටත් තමන්ට පිරිනමන මෙන් පෙන්වා දෙන දුප්පතුන්හටත් පිරිනමනු. නුඹලා ඒ මත වාඩි වී ප්රවාහනය කරනු පිණිස නුඹලාට ඒවා අපි වසඟ කර දුන්නාක් මෙන්ම මෙහිදී ද නුඹලාට වසඟ කර දී ඇත්තෙමු. එහෙයින් නුඹලා ඒවා කපා හරින පරිදි ඒවා නුඹලාට යටත් විය. එය අල්ලාහ්වෙනුවෙන් සමීප කරවන්නක් වශයෙනි. නුඹලාට ඒවා යටත් කර දීමේ ආශිර්වාදය සඳහා නුඹලා අල්ලාහ්ට කෘතඥවනු පිණිසය

لَن يَنَالَ ٱللَّهَ لُحُومُهَا وَلَا دِمَآؤُهَا وَلَـٰكِن يَنَالُهُ ٱلتَّقْوَىٰ مِنكُمْ ۚ كَذَٰلِكَ سَخَّرَهَا لَكُمْ لِتُكَبِّرُوا۟ ٱللَّهَ عَلَىٰ مَا هَدَىٰكُمْ ۗ وَبَشِّرِ ٱلْمُحْسِنِينَ ﴿٣٧﴾

අල්ලාහ් වෙත නුඹලා පිළිගන්වන සත්ව කැපයේ මාංශ හෝ උන්ගේ රුධිරය හෝ ඔහු වෙත ළඟා වන්නේ නැත. ඔහු වෙත ආරෝහණය වන්නේ ද නැත. නමුත් ඔහු වෙත ආරෝහණය වනුයේ එහිදී නුඹලා තුළ පවතින අල්ලාහ් පිළිබඳ වූ භක්තිමත් භාවයයි. එනම් එය ඔහු වෙත පිළිගැන්වීම වෙනුවෙන් නුඹලා කරන ක්රියාවන් ඔහුට පමණක් අවංක ලෙස පිළිගැන්වීමෙනි. එමෙන්ම සත්ය නුඹලාට ඔහු ආශිර්වාද කිරීම වෙනුවෙන් ඔහුට කෘත ගුණ සලකන්නන් ලෙස ඔහුට අල්ලාහු අක්බර් යැයි තක්බීර් නුඹලා පවසනු පිණිසත් නුඹලාට අල්ලාහ් ඒවා යටහත් කර දී ඇත. අහෝ දූතය! ඔවුන්ගේ පරමාධිපතිට නැමදුම් කිරීමෙහි හා ඔහුගේ මැවීම් සමග කටයුතු කිරීමෙහි දැහැමි ලෙස කටයුතු කරන්නන් بلغ අල්-කුර්ආන් · තෆ්සීර් හට ඔවුන් සතුටු වන දෑ ගැන දන්වා සිටිනු

۞ إِنَّ ٱللَّهَ يُدَٰفِعُ عَنِ ٱلَّذِينَ ءَامَنُوٓا۟ ۗ إِنَّ ٱللَّهَ لَا يُحِبُّ كُلَّ خَوَّانٍۢ كَفُورٍ ﴿٣٨﴾

සැබැවින්ම අල්ලාහ්ව විශ්වාස කළවුන් වනාහි, සැබැවින්ම අල්ලාහ් ඔවුන්ව ඔවුන්ගේ සතුරන්ගේ හානියෙන් වළක්වනු ඇත. තම වගකීමෙහි වංචා කරන ඔහුගේ ආශිර්වාදවලට ගුණමකු වන සියලු දනන් සැබැවින්ම අල්ලාහ් ප්රිය කරන්නේ නැත. අල්ලාහ් ඒ සඳහා කෘතවේදී නොවන අතර එම පුද්ගලයා කෙරහි ඔහු කෝප වනු ඇත

أُذِنَ لِلَّذِينَ يُقَـٰتَلُونَ بِأَنَّهُمْ ظُلِمُوا۟ ۚ وَإِنَّ ٱللَّهَ عَلَىٰ نَصْرِهِمْ لَقَدِيرٌ ﴿٣٩﴾

දේව ආදේශකයින් දේව විශ්වාසීන් සමග සටන් කරන්නේ නම් ඔවුනට එරෙහි ව සටන් කරන මෙන් දේව විශ්වාසීන්හට අල්ලාහ් අවසර දුන්නේය. එය ඔවුන්ගේ සතුරන්ගේ අපරාධකම් ඔවුන් වෙත ඇති වූ බැවිණි. කිසිදු යුද්ධයක් නොමැතිවම දේව විශ්වාසීන්ගේ සතුරන්ට එරෙහිව ඔවුනට උදව් කිරීම සඳහා සැබැවින්ම අල්ලාහ් ශක්තිය ඇත්තාය. නමුත් දේව ආදේශකයින් සමග සටන් කිරීමෙන් දේව විශ්වාසීන් පරීක්ෂාවට ලක් කිරීමට ඔහුගේ ප්රඥාව තීන්දු කළේය

ٱلَّذِينَ أُخْرِجُوا۟ مِن دِيَـٰرِهِم بِغَيْرِ حَقٍّ إِلَّآ أَن يَقُولُوا۟ رَبُّنَا ٱللَّهُ ۗ وَلَوْلَا دَفْعُ ٱللَّهِ ٱلنَّاسَ بَعْضَهُم بِبَعْضٍۢ لَّهُدِّمَتْ صَوَٰمِعُ وَبِيَعٌۭ وَصَلَوَٰتٌۭ وَمَسَـٰجِدُ يُذْكَرُ فِيهَا ٱسْمُ ٱللَّهِ كَثِيرًۭا ۗ وَلَيَنصُرَنَّ ٱللَّهُ مَن يَنصُرُهُۥٓ ۗ إِنَّ ٱللَّهَ لَقَوِىٌّ عَزِيزٌ ﴿٤٠﴾

ඔවුහු වනාහි, ඔවුන් සිදු කළ වෙනත් වරදකට නොව, "අපගේ පරමාධිපති අල්ලාහ්ය. ඔහු හැර අපට වෙනත් දෙවියෙකු නැත" යැයි පැවසීමේ එකම හේතුවෙන් මිස, දේව ප්රතික්ෂේපකයින් විසින් අපරාධකාරී ලෙස ඔවුන් ඔවුන්ගේ නිවෙසන්වලින් පිටුවහල් කරනු ලැබූවන් වෙති. නබිවරුන්හටත් දේව විශ්වාසීන්හටත් ඔවුන්ගේ සතුරන්ට එරෙහිව යුද්ධ කිරීම දහම්ගත නොකළේ නම් දෙවියන් නමදින ප්රදේශයන්හි සීමාව ඉක්මවා කටයුතු කරනු ඇත. තාපසාරාමය, කිතුනු දෙවස්ථාන, යුදෙව්වන්ගේ නැමදුම් ස්ථාන හා මුස්ලිම්වරුන් සලාත් ඉටු කිරීම සඳහා සූදානම් කරන ලද, අධික ලෙස අල්ලාහ්ව මෙනෙහි කරනු ලබන ඔවුන්ගේ දේවස්ථාන විනාශ කරනු ලබනු ඇත. කවරෙකු ඔහුගේ දහමට හා ඔහුගේ නබිවරයාට උදව් කරන්නේ ද සැබැවින්ම ඔහු ඔවුනට උදව් කරනු ඇත. තම දහමට උදව් කරන්නන්හට උදව් කිරීමට අල්ලාහ් බලය ඇත්තාය. කිසිවකු විසින් ඔහුව අබිබවා යා නොහැකි සර්වබලධාරියාය

ٱلَّذِينَ إِن مَّكَّنَّـٰهُمْ فِى ٱلْأَرْضِ أَقَامُوا۟ ٱلصَّلَوٰةَ وَءَاتَوُا۟ ٱلزَّكَوٰةَ وَأَمَرُوا۟ بِٱلْمَعْرُوفِ وَنَهَوْا۟ عَنِ ٱلْمُنكَرِ ۗ وَلِلَّهِ عَـٰقِبَةُ ٱلْأُمُورِ ﴿٤١﴾

උදව් උපකාර ඇතැයි ප්රතිඥා දෙනු ලැබූ ඔවුන්හට, ඔවුන්ගේ සතුරන්ට එරෙහිව ඉඩ අවස්ථා ලබා දුන් විට, ඔවුහු සලාතය පූර්ණ වශයෙන් ඉටු කළෝය. ඔවුන්ගේ ධනයෙන් සකාත් පිරිනැමුවෝය. ඔවුනට කවර ආගමික කරුණ නියෝග කරනු ලැබුවේ ද ඒවා නියෝග කර සිටියෝය. කවර කරුණකින් ඔවුන් වළක්වනු ලැබුවේද එයින් ඔවුහු වැළැක්වූවෝය. සියලුම කරුණු ඒ මත පවතින කුසල් හා දඬුවම් විෂයයෙහි අල්ලාහ් වෙත පමණක් හැරී යනු ඇත. وإن يكذبوكفقد كذبت قبلهم قومنوح وعاد وثمود

وَإِن يُكَذِّبُوكَ فَقَدْ كَذَّبَتْ قَبْلَهُمْ قَوْمُ نُوحٍۢ وَعَادٌۭ وَثَمُودُ ﴿٤٢﴾

අහෝ දූතය! නුඹේ ජනයා නුඹව බොරු කළේ නම් නුඹ ඉවසීමෙන් කටයුතු කරනු. නබිවරුන්ව බොරු කළ සමූහයන් අතරින් එසේ බොරු කරනු ලැබූ පළමුවැන්නා නුඹ නොවන්නෙහිය. නුඹට පෙර සිටි නූහ්ගේ ජනයා, නූහ් ව බොරු කළෝය. ආද් සමූහයා හූද් ව බොරු කළෝය. සමූද් ජනයා සාලිහ් ව බොරු කළෝය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර් وقوم إ برهيم وقوم لوط

وَقَوْمُ إِبْرَٰهِيمَ وَقَوْمُ لُوطٍۢ ﴿٤٣﴾

ඉබ්රාහීම්ගේ සමූහයා ඉබ්රාහීම් ව බොරු කළෝය. ලූත්ගේ ජනයා ලූත් ව බොරු කළෝය

وَأَصْحَـٰبُ مَدْيَنَ ۖ وَكُذِّبَ مُوسَىٰ فَأَمْلَيْتُ لِلْكَـٰفِرِينَ ثُمَّ أَخَذْتُهُمْ ۖ فَكَيْفَ كَانَ نَكِيرِ ﴿٤٤﴾

මද්යන් වාසීහු ෂුඅය්බ් ව බොරු කළෝය. ෆිර්අවුන් හා ඔහුගේ ජනයා මූසා ව බොරු කළෝය. ඔවුන්ගේ සමූහයාගෙන් ටික කලකට දඬුවම ප්රමාද කළෙමි. පියවරෙන් පියවර එය ක්රියාත්මක විය. පසු ව දඬුවමින් ඔහුව ග්රහණය කළෙමි. ඔවුන් වෙත වූ මාගේ අවවාදය කෙසේ වීදැ?යි නුඹ සිතා බලනු. ඔවුන්ගේ ප්රතික්ෂේපය හේතුවෙන් මා ඔවුන් විනාශ කළෙමි. فكأين من قريةأهلكنها وهى ظالمة فهى خاويةعل عروشها وبئر معط لة وقصر مشيد

فَكَأَيِّن مِّن قَرْيَةٍ أَهْلَكْنَـٰهَا وَهِىَ ظَالِمَةٌۭ فَهِىَ خَاوِيَةٌ عَلَىٰ عُرُوشِهَا وَبِئْرٍۢ مُّعَطَّلَةٍۢ وَقَصْرٍۢ مَّشِيدٍ ﴿٤٥﴾

නොනවතින දඬුවමකින් අපි විනාශ කළ කොපමණ ගම්මාන වී ද?එහි වැසියන් දේව ප්රතික්ෂේපය හේතුවෙන් අපරාධකරමින් පසුවූහ.- විනාශ කරනු ලැබූ ඔවුන්ගේ නිවාස ඔවුන්ගේ වාසස්ථානවලින් හිස් විය. ඔවුන් විනාශ කළ හේතුවෙන් ගලා යන කොපමණක් හිස් ළිං වීද? එමෙන්ම දඬුවම හේතුවෙන් පදිංචි විය නොහැකි තත්ත්වයට පත් කොපමණක් විසිතුරු උසස් මාලිගාවන් වී ද?

أَفَلَمْ يَسِيرُوا۟ فِى ٱلْأَرْضِ فَتَكُونَ لَهُمْ قُلُوبٌۭ يَعْقِلُونَ بِهَآ أَوْ ءَاذَانٌۭ يَسْمَعُونَ بِهَا ۖ فَإِنَّهَا لَا تَعْمَى ٱلْأَبْصَـٰرُ وَلَـٰكِن تَعْمَى ٱلْقُلُوبُ ٱلَّتِى فِى ٱلصُّدُورِ ﴿٤٦﴾

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කවර කරුණක් ගෙන ආවේද එය බොරුකළවුන් මහපොළොවේ ගමන් කර නොබැලුවෝ ද? එම විනාශ වූ ගම්මානවල නටබුන් ඔවුන් දෑසින් දැක පාඩම් ලබනු පිණිස ඔවුන්ගේ බුද්ධියෙන් කල්පනා කර නොබලන්නෝ ද? ඔවුන් උපදෙස් ලබනු පිණිස ඔවුන්ගේ කතා වස්තුව පිළිගන්නා අයුරින් ඇහුම්කන් නොදෙන්නෝ ද? සැබැවින්ම සැබෑ අන්ධභාවය යනු ඇස් නොපෙනෙන අන්ධභාවය නොව, විනාශය ගෙන්වා ගන්නා අන්ධභාවයයි. අදාළ පුද්ගලයාට කිසිදු පාඩමක් හෝ උපදෙසක් හෝ නොලැබී යාම පැහැදිළි අන්ධභාවයකි

وَيَسْتَعْجِلُونَكَ بِٱلْعَذَابِ وَلَن يُخْلِفَ ٱللَّهُ وَعْدَهُۥ ۚ وَإِنَّ يَوْمًا عِندَ رَبِّكَ كَأَلْفِ سَنَةٍۢ مِّمَّا تَعُدُّونَ ﴿٤٧﴾

අහෝ දූතය! නුඹේ සමූහයා අතරින් වූ දේව ප්රතික්ෂේපකයින් හට මෙලොව දඬුවම ගැනත් මතුලොව දඬුවම ගැනත් අවවාද කරනු ලැබූ කල්හි ඒ දෙකම ඉක්මන් කරන මෙන් නුඹෙන් ඉල්ලා සිටිති. අල්ලාහ් කවර ප්රතිඥාවක් ඔවුනට දුන්නේ ද ඔහු එය කඩ නොකරන්නේමය. ඔවුන් ඉක්මනින් ඉල්ලා සිටි දෑ බද්ර් යුද දිනයේ ඔවුනට අත් විය. සැබැවින්ම මතුලොවෙහි ද දඬුවමින් යුත් දිනයක් ඇත. එහි පවතින දඬුවම හේතුවෙන් එය නුඹලා මෙලොවෙහි ගණන් බලන වර්ෂ ගණන් මෙන් වර්ෂ දහසක් බඳුය

وَكَأَيِّن مِّن قَرْيَةٍ أَمْلَيْتُ لَهَا وَهِىَ ظَالِمَةٌۭ ثُمَّ أَخَذْتُهَا وَإِلَىَّ ٱلْمَصِيرُ ﴿٤٨﴾

එමෙන්ම දේව ප්රතික්ෂේපය හේතුවෙන් අපරාධ කරමින් සිටි ගම්මාන කොපමණක් දඬුවම් නොකර අතහැර දැමුවෙම් ද? දඬුවම ඉක්මන් නොකර පියවරෙන් පියවර හසු කරනු පිණිස මම ඉක්මන් නොකළෙමි. පසුව නොනැවතී දඬුවමකින් ඒවා මම ග්රහණය කළෙමි. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන්ගේ නැවත පැමිණීම මා වෙත පමණය. ඔවුන්ගේ ප්රතික්ෂේපය හේතුවෙන් සදාතනික දඬුවමකින් මම ඔවුනට ප්රතිවිපාක දෙමි. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

قُلْ يَـٰٓأَيُّهَا ٱلنَّاسُ إِنَّمَآ أَنَا۠ لَكُمْ نَذِيرٌۭ مُّبِينٌۭ ﴿٤٩﴾

"අහෝ ජනයිනි! සැබැවින්ම මම නුඹලාට අවවාද කරන්නෙක්මි. මා හට කවර කරුණක් එවනු ලැබුවේ ද එය මා නුඹලාට දන්වමි. මාගේ අවවාදය තුළ පැහැදිළිව සිටිමි." යැයි නුඹ පවසනු

فَٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّـٰلِحَـٰتِ لَهُم مَّغْفِرَةٌۭ وَرِزْقٌۭ كَرِيمٌۭ ﴿٥٠﴾

අල්ලාහ්ව විශ්වාස කොට දැහැමි ක්රියාවන් කළවුන් වනාහි, ඔවුන්ගේ පාපකම් සඳහා ඔවුන්ගේ පරමාධිපතිගෙන් ඔවුනට පාපක්ෂමාව ඇත. එමෙන්ම ස්වර්ගයේ කිසිදු විසන්ධි කිරීමකින් තොරව ගෞරවණීය සංග්රහයක් ද ඔවුනට ඇත

وَٱلَّذِينَ سَعَوْا۟ فِىٓ ءَايَـٰتِنَا مُعَـٰجِزِينَ أُو۟لَـٰٓئِكَ أَصْحَـٰبُ ٱلْجَحِيمِ ﴿٥١﴾

අපගේ වදන් බොරු කිරීමෙහි යුහුසුළු ව කටයුතු කළවුන් වනාහි, සැබැවින්ම ඔවුන් විසින් අල්ලාහ්ව පරාජය කළ හැකි බවත් ඔහුගෙන් මඟ හැරී ඔවුනට යා හැකි බවත් එහෙයින් ඔහු ඔවුනට දඬුවම් නොකරන බවත් තීරණය කරමින් සිටියෝය. ඔවුන් නිරා ගින්නේ සගයෝ වෙති. මිතුරෙකු ඔහුගේ මිතුරා සමග එකතුවනවාක් මෙන්ම ඔවුහු එයට එකතු වෙති

وَمَآ أَرْسَلْنَا مِن قَبْلِكَ مِن رَّسُولٍۢ وَلَا نَبِىٍّ إِلَّآ إِذَا تَمَنَّىٰٓ أَلْقَى ٱلشَّيْطَـٰنُ فِىٓ أُمْنِيَّتِهِۦ فَيَنسَخُ ٱللَّهُ مَا يُلْقِى ٱلشَّيْطَـٰنُ ثُمَّ يُحْكِمُ ٱللَّهُ ءَايَـٰتِهِۦ ۗ وَٱللَّهُ عَلِيمٌ حَكِيمٌۭ ﴿٥٢﴾

අහෝ දූතය! නුඹට පෙර අපි එවූ කිසිදු දූතයකු හෝ නබිවරයකු හෝ වේවා, ඔහු අල්ලාහ්ගේ ග්රන්ථය කියවන විට ඔහුගේ එම කියවීම අතරට සැබැවින්ම එය ද දේව පණිවිඩයක් යැයි මිනිසුනට පැටලෙන දෑ ෂෙයිතාන් ඇතුළත් කර සිටියා මිස නැත. ෂෙයිතාන් කවර කරුණක් ඉදිරිපත් කළේ ද අල්ලාහ් එය නිෂ්ඵල කළේය. තම වදන් ස්ථාවර කළේය. අල්ලාහ් සියලු දෑ පිළිබඳ සර්වඥානීය. ඔහුට කිසිවක් සැඟවෙන්නේ නැත. ඔහුගේ මැවීම, ඔහුගේ නියමය හා ඔහුගේ සැලසුමෙහි ඔහු මහා ප්රඥාවන්තය

لِّيَجْعَلَ مَا يُلْقِى ٱلشَّيْطَـٰنُ فِتْنَةًۭ لِّلَّذِينَ فِى قُلُوبِهِم مَّرَضٌۭ وَٱلْقَاسِيَةِ قُلُوبُهُمْ ۗ وَإِنَّ ٱلظَّـٰلِمِينَ لَفِى شِقَاقٍۭ بَعِيدٍۢ ﴿٥٣﴾

නබි (ස්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ පාරායනයේදී ද ෂෙයිතාන් කරුණු ඉදිරිපත් කළේය. ඔහු ඉදිරිපත් කරන දෑ කුහකයින් හා හදවත් දැඩි වූ දේව ආදේශකයින්හට පරීක්ෂණයක් බවට අල්ලාහ් පත් කළේය. සැබැවින්ම කුහකයින් හා දේව ආදේශකයින් අතරින් අපරාධකරුවන් අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්ගේ සතුරුකම තුළ වෙති. එමෙන්ම සත්යයෙන් හා යහමගින් ඈත අන්තයක වෙති

وَلِيَعْلَمَ ٱلَّذِينَ أُوتُوا۟ ٱلْعِلْمَ أَنَّهُ ٱلْحَقُّ مِن رَّبِّكَ فَيُؤْمِنُوا۟ بِهِۦ فَتُخْبِتَ لَهُۥ قُلُوبُهُمْ ۗ وَإِنَّ ٱللَّهَ لَهَادِ ٱلَّذِينَ ءَامَنُوٓا۟ إِلَىٰ صِرَٰطٍۢ مُّسْتَقِيمٍۢ ﴿٥٤﴾

صرط م ستقيم එමෙන් ම අල්ලාහ් දැනුම ලබා දුන් අය සැබැවින්ම මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා වෙත පහළ කරන ලද අල් කුර්ආනය සත්යය බව දැඩි ලෙස විශ්වාස කරනු පිණිසය. අහෝ දූතය! අල්ලාහ් කවර කරුණක් නුඹ වෙත පහළ කළේ ද එය සත්යය වේ. එවිට ඔවුන්ගේ දේව විශ්වාසය වර්ධනය වනු ඇත. ඔවුන්ගේ හදවත් ඔහුට යටත්ව බියවනු ඇත. සැබැවින්ම අල්ලාහ් ඔහුව විශ්වාස කළවුනට ඔවුන් ඔහුට අවනත වූ බැවින් ඔවුනට ප්රතිඵල වශයෙන් එහි ඇද නැති ඍජු මාර්ගය වෙත ඔහු මඟ පෙන්වන්නාය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

وَلَا يَزَالُ ٱلَّذِينَ كَفَرُوا۟ فِى مِرْيَةٍۢ مِّنْهُ حَتَّىٰ تَأْتِيَهُمُ ٱلسَّاعَةُ بَغْتَةً أَوْ يَأْتِيَهُمْ عَذَابُ يَوْمٍ عَقِيمٍ ﴿٥٥﴾

අල්ලාහ්ව ප්රතික්ෂේප කොට ඔහුගේ දූතයාණන්ව බොරු කළවුන් වනාහි, අල්ලාහ් නුඹ වෙත පහළ කළ අල් කුර්ආනය ගැන ඔවුහු සැකයෙහි පසුවෙති. ඔවුන් වෙත නොසිතූ අවස්ථාවක අවසන් හෝරාව පැමිණෙන තුරුම හෝ කිසිදු කරුණාවක් හෝ යහපතක් හෝ නොමැති දිනයේ දඬුවම ඔවුන් වෙත පැමිණෙන තුරුම ඔවුන් ඒ මතම සිටිති. ඔවුනට අනුව එය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයයි

ٱلْمُلْكُ يَوْمَئِذٍۢ لِّلَّهِ يَحْكُمُ بَيْنَهُمْ ۚ فَٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّـٰلِحَـٰتِ فِى جَنَّـٰتِ ٱلنَّعِيمِ ﴿٥٦﴾

(ඔවුනට ප්රතිඥා දෙනු ලැබු දඬුවම ඔවුන් වෙත පැමිණෙන) මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සර්ව රාජ්යය අල්ලාහ්ට පමණක් සතු වන්නේය. එහි ඔහුට අභියෝග කරන්නෙකු නොසිටියි. සුවිශුද්ධයාණන් වන ඔහු දේව විශ්වාසීන් හා දේව ප්රතික්ෂේපකයින් අතර තීන්දු කරයි. ඔවුන් අතරින් සෑම කෙනෙකුටම ඔහුට සුදුසු දෑ අනුව තීන්දු ලබා දෙයි. අල්ලාහ්ව විශ්වාස කොට දැහැමි ක්රියාවන් කළවුන් වනාහි, ඔවුනට අතිමහත් තිළිණයක් ඇත. එනම් එය නිමක් නැති සදා සුව පහසුකම් සහිත ස්වර්ග උයන් වේ

وَٱلَّذِينَ كَفَرُوا۟ وَكَذَّبُوا۟ بِـَٔايَـٰتِنَا فَأُو۟لَـٰٓئِكَ لَهُمْ عَذَابٌۭ مُّهِينٌۭ ﴿٥٧﴾

අල්ලාහ්ව ප්රතික්ෂේප කොට අපගේ දූතයාණන් වෙත පහළ කරනු ලැබූ අපගේ වදන් බොරුකළවුන් වනාහි, අල්ලාහ් ඔවුන් අපහාසයට පත් කරන නින්දනීය දඬුවමක් අපා ගින්නේ ඔවුනට ඇත

وَٱلَّذِينَ هَاجَرُوا۟ فِى سَبِيلِ ٱللَّهِ ثُمَّ قُتِلُوٓا۟ أَوْ مَاتُوا۟ لَيَرْزُقَنَّهُمُ ٱللَّهُ رِزْقًا حَسَنًۭا ۚ وَإِنَّ ٱللَّهَ لَهُوَ خَيْرُ ٱلرَّٰزِقِينَ ﴿٥٨﴾

අල්ලාහ්ගේ තෘප්තිය අපේක්ෂාවෙන් හා ඔහුගේ දහමට ගරු කොට; තම නිවෙස් හා දේශයන් අතහැර දමා ගොස්; පසු ව ඔහුගේ මාර්ගයේ ජිහාද් හි නිරතව මිය ගොස්; එසේත් නැතිනම් සාමාන්ය ලෙස මියගිය අය වනාහි, ස්වර්ග උයන්හි නිමක් නැති සදා නැවුම් සංග්රහයකින් අල්ලාහ් ඔවුනට පෝෂණය කරනු ඇත. සැබැවින්ම අල්ලාහ් පෝෂණය කරන්නන් අතරින් අති ශ්රේෂ්ඨය

لَيُدْخِلَنَّهُم مُّدْخَلًۭا يَرْضَوْنَهُۥ ۗ وَإِنَّ ٱللَّهَ لَعَلِيمٌ حَلِيمٌۭ ﴿٥٩﴾

ඔවුන් තෘප්තියට පත්වන ස්ථානයට අල්ලාහ් ඔවුන් ඇතුළත් කරයි. එය ස්වර්ග උයනයි. ඔවුන්ගේ ක්රියාවන් හා ඔවුන්ගේ චේතනාවන් පිළිබඳ සැබැවින්ම අල්ලාහ් මැනවින් දන්නාය. ඔහු ඉවසිලිවන්තය. ඒ අනුව ඔවුන් එහි සිදු කළ වැරදි සඳහා දඬුවම ඉක්මන් කරන්නේම නැත

۞ ذَٰلِكَ وَمَنْ عَاقَبَ بِمِثْلِ مَا عُوقِبَ بِهِۦ ثُمَّ بُغِىَ عَلَيْهِ لَيَنصُرَنَّهُ ٱللَّهُ ۗ إِنَّ ٱللَّهَ لَعَفُوٌّ غَفُورٌۭ ﴿٦٠﴾

අල්ලාහ්ගේ මාර්ගයේ හිජ්රත් කිරීමෙහි ප්රවේශ වීම, සීමාව ඉක්මවා ගියවුන් සමග ඔවුන් සීමාව ඉක්මවා ගිය තරමට එහි පාපයක් ඇති නොවන පරිදි ආක්රමණය කිරීම යනාදිය මෙහි සඳහන් කරනු ලැබූ දෑය. එහෙයින් ආක්රමණිකයා ඔහුගේ ආක්රමණයෙහි ඉක්මවා ගිය විට එසේ ආක්රමණය කරනු ලබන්නාට සැබැවින්ම අල්ලාහ් උදව් කරනු ඇත. සැබැවින්ම අල්ලාහ් දේව විශ්වාසීන්ගේ පාපකම්වලට සමාව දෙන්නාය. ඔවුන් කෙරෙහි අති ක්ෂමාශීලීය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

ذَٰلِكَ بِأَنَّ ٱللَّهَ يُولِجُ ٱلَّيْلَ فِى ٱلنَّهَارِ وَيُولِجُ ٱلنَّهَارَ فِى ٱلَّيْلِ وَأَنَّ ٱللَّهَ سَمِيعٌۢ بَصِيرٌۭ ﴿٦١﴾

ආක්රමණය කරනු ලබන්නාට එම උපකාරය ලැබෙනුයේ සැබැවින්ම අල්ලාහ් අභිමත කරන දෑ කිරීමට බලය ඇත්තා වන බැවිණි. දහවල තුළ රාත්රිය ඇතුලු කිරීම, රාත්රිය තුළ දහවල ඇතුලු කිරිම ඒ දෙකින් එකක් වැඩියෙන් ද අනෙක අඩුවෙන් ද පිහිටීම යනාදිය ඔහුගේ එම බලයෙන් වූවකි. සැබැවින්ම අල්ලාහ් ඔහුගේ ගැත්තන්ගේ ප්රකාශවලට සවන් දෙන්නාය. ඔවුන්ගේ ක්රියාවන් පිළිබඳ මැනවින් දන්නාය. ඒ කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඒ සඳහා ඔහු ඔවුනට ප්රතිඵල පිරිනමනු ඇත

ذَٰلِكَ بِأَنَّ ٱللَّهَ هُوَ ٱلْحَقُّ وَأَنَّ مَا يَدْعُونَ مِن دُونِهِۦ هُوَ ٱلْبَـٰطِلُ وَأَنَّ ٱللَّهَ هُوَ ٱلْعَلِىُّ ٱلْكَبِيرُ ﴿٦٢﴾

සඳහන් කරනු ලැබූ පරිදි අල්ලාහ් දහවල තුළ රාත්රිය ද රාත්රිය තුළ දහවල ද ඇතුලත් කරනුයේ සැබැවින්ම අල්ලාහ් සත්යය වන බැවිණි. එසේනම්, ඔහුගේ දහම සත්යයකි. ඔහුගේ ප්රතිඥාව සත්යයකි. දේව විශ්වාසීන් සඳහා ඔහුගේ උපකාරය ද සත්යයකි. අල්ලාහ් හැර දමා දේව ආදේශකයින් නමදිමින් සිටින පිළිම කිසිදු පදනමක් නැති ව්යාජ දෑය. සැබැවින්ම අල්ලාහ් වන ඔහු ඔහුගේ මැවීම් මත පැවැත්මෙන් නියමයෙන් හා බලාධිකාරයෙන් උසස් ය. කීර්තිය උදාරත්වය හා උසස්බව සතු ඔහු අති ශ්රේෂ්ඨය

أَلَمْ تَرَ أَنَّ ٱللَّهَ أَنزَلَ مِنَ ٱلسَّمَآءِ مَآءًۭ فَتُصْبِحُ ٱلْأَرْضُ مُخْضَرَّةً ۗ إِنَّ ٱللَّهَ لَطِيفٌ خَبِيرٌۭ ﴿٦٣﴾

අහෝ දූතය! සැබැවින්ම අල්ලාහ් අහසින් වර්ෂාව පහළ කිරීම නුඹ නොදුටුවෙහි ද? මහපොළොව මත වර්ෂාව පහළ වීමෙන් පසු ව එහි හට ගැණෙන සාරවත්භාවය එය ලබා දෙයි. අල්ලාහ් තම ගැත්තන්හට වර්ෂාව පහළ කිරීමෙන් හා ඔවුන් වෙනුවෙන් මහපොළොවේ ගහකොළ හට ගැන්වීමෙන් ඔහු ඔවුනට මෛත්රී කර ඇත. ඔවුන්ගේ යහපත ගැන සැබැවින්ම ඔහු මැනවින් දන්නාය. ඒහෙයින් ඒ කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත

لَّهُۥ مَا فِى ٱلسَّمَـٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ ۗ وَإِنَّ ٱللَّهَ لَهُوَ ٱلْغَنِىُّ ٱلْحَمِيدُ ﴿٦٤﴾

අහස්හි ඇති දෑහි ආධිපත්යයත් මහපොළොවේ ඇති දෑහි ආධිපත්යයත් ඔහුට පමණක් සතුය. සැබැවින්ම අල්ලාහ් වන ඔහුට ඔහුගේ මැවීම් අතරින් කිසිදු මැවීමක අවශ්යතාවක් නැත. සියලු තත්ත්වයන්හි ඔහු ප්රශංසාලාභීය

أَلَمْ تَرَ أَنَّ ٱللَّهَ سَخَّرَ لَكُم مَّا فِى ٱلْأَرْضِ وَٱلْفُلْكَ تَجْرِى فِى ٱلْبَحْرِ بِأَمْرِهِۦ وَيُمْسِكُ ٱلسَّمَآءَ أَن تَقَعَ عَلَى ٱلْأَرْضِ إِلَّا بِإِذْنِهِۦٓ ۗ إِنَّ ٱللَّهَ بِٱلنَّاسِ لَرَءُوفٌۭ رَّحِيمٌۭ ﴿٦٥﴾

අහෝ දූතය! සැබැවින්ම අල්ලාහ් නුඹට හා ජනයාට මහපොළොවේ ඇති දෑ ද භෞතික වස්තූන් ද නුඹලාගේ අවශ්යතාවය හා නුඹලාගේ ප්රයෝජනය පිණිස වසඟ කර දී ඇත. ඔහුගේ නියෝගය අනුව සාගරයේ යාත්රා කරන නැව් ද නුඹලාට වසඟ කර දුන්නේය. එය රටින් රටකට යාත්රා කරන පරිදි ඔහු එය වසඟ කර දී ඇත. ඔහුගේ අනුමැතියෙන් තොරව මහපොළොව මත නොවැටෙන සේ අහස රඳවා ගෙන සිටියි. ඒ මත වැටෙන්නට ඔහු එයට අවසර දුන්නේ නම් එය කඩා වැටෙනු ඇත. ජනයා අතර අපරාධ සිදුවෙමින් තිබියදී පවා අල්ලාහ් ඔවුනට මෙම වස්තු වසඟ කර දීමෙන් ඔහු ඔවුන් කෙරෙහි මහා කාරුණික හා දයානුකම්පිත විය

وَهُوَ ٱلَّذِىٓ أَحْيَاكُمْ ثُمَّ يُمِيتُكُمْ ثُمَّ يُحْيِيكُمْ ۗ إِنَّ ٱلْإِنسَـٰنَ لَكَفُورٌۭ ﴿٦٦﴾

නුඹලා ශුන්ය තත්ත්වයක සිටි පසු ව, නුඹලාව ඇති කරමින් නුඹලාට ජීවය ලබා දුන්නේ අල්ලාහ් වන ඔහුය. පසු ව නුඹලාගේ ආයුකාලය අවසන් වූ විට ඔහු නුඹලාව මරණයට පත් කරයි. පසු ව නුඹලාගේ ක්රියාවන් පිළිබඳ නුඹලාගෙන් විනිශ්චය කිරීම සඳහාත්, ඒ වෙනුවෙන් ප්රතිඵල පිරිනැමීම සඳහාත් නුඹලාගේ මරණයෙන් පසු නුඹලාට بلغ අල්-කුර්ආන් · තෆ්සීර් ඔහු යළි ජීවය ලබා දෙයි. සැබැවින්ම මිනිසා අල්ලාහ්ගේ ආශිර්වාදයන් - ඒවා විද්යාමානව තිබීයදීත් - ඔහු සමග වෙනත් අය නැමදුමට ගැනීමෙන් අධික ලෙස ප්රතික්ෂේප කරන්නෙකු වෙයි

لِّكُلِّ أُمَّةٍۢ جَعَلْنَا مَنسَكًا هُمْ نَاسِكُوهُ ۖ فَلَا يُنَـٰزِعُنَّكَ فِى ٱلْأَمْرِ ۚ وَٱدْعُ إِلَىٰ رَبِّكَ ۖ إِنَّكَ لَعَلَىٰ هُدًۭى مُّسْتَقِيمٍۢ ﴿٦٧﴾

සෑම සමූහයකටම අපි පිළිවෙතක් ඇති කළෙමු. ඔවුන්ගේ පිළිවෙත අනුව ඔවුන් කටයුතු කරති. එහෙයින් අහෝ දූතය! දේව ආදේශකයින් හා වෙනත් අය නුඹේ පිළිවෙත තුළ නුඹ සමග ගැටුම් ඇති කර නොගත යුතුයි. සැබැවින්ම ඔවුන් ව්යාජත්වයේ සිටින බැවින් නුඹ ඔවුනට වඩා සත්යයෙන් උසස්ය. අල්ලාහ්ට පමණක් ඒකීයත්වය අවංකව පුද කිරීම සඳහා නුඹ ජනයාට ඇරයුම් කරනු. සැබැවින්ම නුඹ ඍජු මාර්ගය මත සිටින්නෙහිය. එහි කිසිදු ඇදයක් නැත

وَإِن جَـٰدَلُوكَ فَقُلِ ٱللَّهُ أَعْلَمُ بِمَا تَعْمَلُونَ ﴿٦٨﴾

තර්කය පැහැදිලි වූවායින් පසු නුඹ සමග ඔවුන් වාද කිරීමෙන් ඔවුන් වැළකී සිටියේ නම්, එවිට නුඹ ඔවුන්ගේ කටයුතු අල්ලාහ් වෙත පවරා ඔවුනට අවවාද කරමින්, "නුඹලා යම් කටයුත්තක් සිදු කරන්නෙහු නම් අල්ලාහ් ඒ ගැන මැනවින් දන්නාය. නුඹලාගේ ක්රියාවන්ගෙන් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඔහු නුඹලාට ඒ සඳහා ප්රතිඵල පිරිනමනු ඇත." යැයි පවසනු

ٱللَّهُ يَحْكُمُ بَيْنَكُمْ يَوْمَ ٱلْقِيَـٰمَةِ فِيمَا كُنتُمْ فِيهِ تَخْتَلِفُونَ ﴿٦٩﴾

මෙලොවෙහි ඔවුන් කවර ආගමික කටයුත්තක මතභේද ඇතිකර ගනිමින් සිටියේ ද එම කරුණෙහි ඔවුන් අතර විශ්වාසියා කවුරුන් දැයි ද ප්රතික්ෂේපකයා කවුරුන් දැයි ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ් ඔහුගේ ගැත්තන් අතර තීන්දු කරනු ඇත

أَلَمْ تَعْلَمْ أَنَّ ٱللَّهَ يَعْلَمُ مَا فِى ٱلسَّمَآءِ وَٱلْأَرْضِ ۗ إِنَّ ذَٰلِكَ فِى كِتَـٰبٍ ۚ إِنَّ ذَٰلِكَ عَلَى ٱللَّهِ يَسِيرٌۭ ﴿٧٠﴾

අහෝ දූතය! අහස්හි ඇති දෑ ගැන සැබැවින්ම අල්ලාහ් දන්නා බවත් මහපොළොවේ ඇති දෑ ගැන ද අල්ලාහ් දන්නා බවත් නුඹ නොදන්නෙහි ද? ඒ දෙකෙහි ඇති කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඒ පිළිබඳ දැනුම ‘ලව්හුල් මහ්ෆූල්’ නම් ආරක්ෂක පුවරුවේ සටහන් කරනු ලැබ ඇත. එමෙන්ම ඒ සියලු දෑ පිළිබඳ දැනුම අල්ලාහ් වෙත පහසු කාර්යයකි

وَيَعْبُدُونَ مِن دُونِ ٱللَّهِ مَا لَمْ يُنَزِّلْ بِهِۦ سُلْطَـٰنًۭا وَمَا لَيْسَ لَهُم بِهِۦ عِلْمٌۭ ۗ وَمَا لِلظَّـٰلِمِينَ مِن نَّصِيرٍۢ ﴿٧١﴾

දේව ආදේශකයින් අල්ලාහ් හැර දමා පිළිමවලට වන්දනාමාන කරති. නමුත් ඒවාට වන්දනාමාන කිරීම සම්බන්ධයෙන් අල්ලාහ් ඔහුගේ පුස්තකයේ කිසිදු සාධකයක් පහළ කර නැත. ඒ සඳහා බුද්ධිමය සාධකයක් හෝ ඔවුනට නැත. ඔවුන් බැඳී සිටිනුයේ ඔවුන්ගේ මුතුන්මිත්තන් අන්ධ අනුගමනය කිරීම මතය. අල්ලාහ්ගේ දඬුවම එම අපරාධකරුවන්ට අත් වීමෙන් ඔවුන් වළක්වාලන කිසිදු උදව්කරුවකු ඔවුනට නොමැත

وَإِذَا تُتْلَىٰ عَلَيْهِمْ ءَايَـٰتُنَا بَيِّنَـٰتٍۢ تَعْرِفُ فِى وُجُوهِ ٱلَّذِينَ كَفَرُوا۟ ٱلْمُنكَرَ ۖ يَكَادُونَ يَسْطُونَ بِٱلَّذِينَ يَتْلُونَ عَلَيْهِمْ ءَايَـٰتِنَا ۗ قُلْ أَفَأُنَبِّئُكُم بِشَرٍّۢ مِّن ذَٰلِكُمُ ۗ ٱلنَّارُ وَعَدَهَا ٱللَّهُ ٱلَّذِينَ كَفَرُوا۟ ۖ وَبِئْسَ ٱلْمَصِيرُ ﴿٧٢﴾

ه අල් කුර්ආනයේ ඇති අපගේ පාඨ ඔවුන් වෙත පැහැදිළිව පාරායනය කරනු ලබන්නේ නම්, අල්ලාහ්ව ප්රතික්ෂේප කළවුන් ඒවාට සවන් දෙන අවස්ථාවේ ඔවුන් ඔවුන්ගේ මුහුණු හරවා ගනිමින් එය හෙළා දැකීම නුඹ ඔවුන්ගේ මුහුණුවල දකිනු ඇත. දැඩි කෝපය හේතුවෙන් අපගේ වදන් ඔවුන් වෙත පාරායනය කරන්නන් වර්ජනය කරන්නට بلغ අල්-කුර්ආන් · තෆ්සීර් බලති. අහෝ දූතය! නුඹ ඔවුනට මෙසේ පවසනු."නුඹලාගේ කෝපය හා පිළිකුලෙන් නුඹලාගේ මුහුණු හරවා ගැනීමේ විපාකය කුමක්දැයි මම නුඹලාට දැනුම් දෙන්න ද? එනම් දේව ප්රතික්ෂේපකයින් එහි ප්රවේශ වනු ඇතැයි අල්ලාහ් ප්රතිඥා දුන් නිරා ගින්නය. ඔවුන් එසේ යොමු වන ස්ථානය ඉතා නපුරුය."

يَـٰٓأَيُّهَا ٱلنَّاسُ ضُرِبَ مَثَلٌۭ فَٱسْتَمِعُوا۟ لَهُۥٓ ۚ إِنَّ ٱلَّذِينَ تَدْعُونَ مِن دُونِ ٱللَّهِ لَن يَخْلُقُوا۟ ذُبَابًۭا وَلَوِ ٱجْتَمَعُوا۟ لَهُۥ ۖ وَإِن يَسْلُبْهُمُ ٱلذُّبَابُ شَيْـًۭٔا لَّا يَسْتَنقِذُوهُ مِنْهُ ۚ ضَعُفَ ٱلطَّالِبُ وَٱلْمَطْلُوبُ ﴿٧٣﴾

අහෝ මිනිසුනි! උපමාවක් ගෙන හැර දක්වන ලදී. එහෙයින් නුඹලා එයට සවන් දෙනු. එමගින් නුඹලා පාඩම් ලබනු. සැබවින්ම අල්ලාහ් හැර නුඹලා නමදිමින් සිටින පිළිම වනාහි, ඔවුන්ගේ නොහැකියාව හේතුවෙන් මැස්සෙකු මවන්නට ඔවුන් සියලු දෙනා ඒකරාශී වුව ද කිසිවිටෙක එවන්නක් මැවීමට ඔවුනට හැකි වන්නේම නැත. එමෙන්ම මැස්සා ඔවුන් මත වූ යම් පිවිතුරු දෙයක් හෝ ඊට සමාන දෙයක් ඩැහැ ගත් විට උගෙන් එය ආරක්ෂා කිරීමට ඔවුන් ශක්තිය නොදරති. මැස්සා මැවීමට හා ඔවුන්ගෙන් ඩැහැගත් දෑ ආරක්ෂා කිරීමට ඔවුනට නොහැකි වීමෙන් පැහැදිලි වනුයේ ඊටත් වඩා ඉමහත් දෙයක් කිරීමට ඔවුනට නොහැකි බවය. එසේ නොහැකි තත්ත්වයක දී අල්ලාහ් හැර දමා නුඹලා ඒවාට වන්දනාමාන කරනුයේ කෙසේ ද? එසේ පතන්නා දුර්වල විය. එනම් මැස්සා ඩැහැගත් දෑ ආරක්ෂා කිරීමට නොහැකි, නැමදුම් ලබන පිළිමය. එසේම පතනු ලබන්නා ද දුර්වල විය එය මැස්සාය

مَا قَدَرُوا۟ ٱللَّهَ حَقَّ قَدْرِهِۦٓ ۗ إِنَّ ٱللَّهَ لَقَوِىٌّ عَزِيزٌ ﴿٧٤﴾

අල්ලාහ් සමග ඔහුගේ මැවීම් ද සම්බන්ධ කරමින් ඔවුන් නැමදුම් කරන අවස්ථාවේ ඔහුට ගරුබුහුමන් කළ යුතු නිසි අයුරින් ඔවුන් ඔහුට ගරුබුහුමන් කර නැත. සැබැවින්ම අල්ලාහ් බලවත්ය. ඔහුගේ බලය හා ශක්තිය තුළින් අහස් හා මහපොළොව ද ඒවායෙහි ඇති දෑ ද මැව්වේය. ඔහු ආදේශ කරන්නන්ගේ පිළිම මෙන් නොව කිසිවකු විසින් පරාජය කළ නොහැකි සර්වබලධාරීය. ඒවා කිසිවක් මැවිය නොහැකි ඉතා පහත් දුර්වල දෑ වේ

ٱللَّهُ يَصْطَفِى مِنَ ٱلْمَلَـٰٓئِكَةِ رُسُلًۭا وَمِنَ ٱلنَّاسِ ۚ إِنَّ ٱللَّهَ سَمِيعٌۢ بَصِيرٌۭ ﴿٧٥﴾

උත්තරීතර සුවිශුද්ධයාණන් වන අල්ලාහ් මලක්වරුන් හෙවත් සුර දූතයින් අතරින් දූතවරුන් තෝරා ගනී. එමෙන්ම මිනිසුන් අතරින් ද දූතවරුන් තෝරා ගනී. මිනිස් දූතවරුන් වෙත ජිබ්රීල් අලයිහිස් සලාම් තුමා දූතයකු ලෙස එව්වාක් මෙන් ඇතැම් මලක්වරුන් ද නබිවරුන් වෙත දූත පණිවිඩය සමග එව්වේය. එමෙන්ම මිනිස් දූතවරුන්ද ජනයා වෙත දූත පණිවිඩ සමග එව්වේය. දේව ආදේශකයින් ඔහුගේ දූතවරුන් පිළිබඳ පවසන දෑට සැබැවින්ම අල්ලාහ් සවන් දෙන්නාය. ඔහු ඔහුගේ දූතත්වය තෝරා ගන්නන් පිළිබඳ සර්ව නිරීක්ෂකය

يَعْلَمُ مَا بَيْنَ أَيْدِيهِمْ وَمَا خَلْفَهُمْ ۗ وَإِلَى ٱللَّهِ تُرْجَعُ ٱلْأُمُورُ ﴿٧٦﴾

මලක්වරුන් හා මිනිසුන් අතරින් වූ දූතවරුන් ඔවුන් මැවීමට පෙර ද ඔවුන්ගේ මරණින් පසු ද කවර ස්ථාවරයක සිටින්නේ දැයි සුවිශුද්ධයාණන් මැනවින් දනී. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ කරුණු යොමු කරනු ලබනුයේ අල්ලාහ් වෙත පමණය. ඔහු ඔහුගේ ගැත්තන් නැගිටුවා ඔවුන් පෙර කළ ක්රියාවන් සඳහා ප්රතිඵල ඔවුනට පිරිනමනු ඇත

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ ٱرْكَعُوا۟ وَٱسْجُدُوا۟ وَٱعْبُدُوا۟ رَبَّكُمْ وَٱفْعَلُوا۟ ٱلْخَيْرَ لَعَلَّكُمْ تُفْلِحُونَ ۩ ﴿٧٧﴾

අහෝ අල්ලාහ්ව විශ්වාස කොට දහම් ගත කළ දෑ අනුව ක්රියා කළවුනි! නුඹලාගේ සලාතයේ දී නුඹලා අල්ලාහ්ට පමණක් නැමී රුකූඃ කරනු. සිරස බිම තබා සුජූද් කරනු. නුඹලා අපේක්ෂා කරන පරිදි ජයග්රහණය ලැබීමේ හා භීතියෙන් නුඹලා මිදීමේ යහපත් බලා පොරොත්තුවෙන් යුතුව සදකා නොහොත් දානය, ඥාති සම්බන්ධකම් රැකීම වැනි යහපත් ක්රියාවන් සිදු කරනු. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

وَجَـٰهِدُوا۟ فِى ٱللَّهِ حَقَّ جِهَادِهِۦ ۚ هُوَ ٱجْتَبَىٰكُمْ وَمَا جَعَلَ عَلَيْكُمْ فِى ٱلدِّينِ مِنْ حَرَجٍۢ ۚ مِّلَّةَ أَبِيكُمْ إِبْرَٰهِيمَ ۚ هُوَ سَمَّىٰكُمُ ٱلْمُسْلِمِينَ مِن قَبْلُ وَفِى هَـٰذَا لِيَكُونَ ٱلرَّسُولُ شَهِيدًا عَلَيْكُمْ وَتَكُونُوا۟ شُهَدَآءَ عَلَى ٱلنَّاسِ ۚ فَأَقِيمُوا۟ ٱلصَّلَوٰةَ وَءَاتُوا۟ ٱلزَّكَوٰةَ وَٱعْتَصِمُوا۟ بِٱللَّهِ هُوَ مَوْلَىٰكُمْ ۖ فَنِعْمَ ٱلْمَوْلَىٰ وَنِعْمَ ٱلنَّصِيرُ ﴿٧٨﴾

و අල්ලාහ්ගේ මාර්ගයේ ඔහුගේ තෘප්තිය උදෙසා පමණක් අවංක ව කැපවී කටයුතු කරනු. නුඹලා ව තෝරා ගෙන නුඹලාගේ දහම නුඹලාට ක්ෂමාශීලී පිළිවෙතක් බවට පත් කළේ ඔහුය. එහි කිසිදු පීඩනයක් හෝ දුෂ්කරතාවක් හෝ නොමැත. මෙම සමාදායී පිළිවෙත නුඹලාගේ පියා වූ ඉබ්රාහීම් (අලයිහිස් සලාම්) තුමාගේ පිළිවෙතයි. පෙර පැවති දිව්යමය ග්රන්ථවලත් අල් කුර්ආනයේත් අල්ලාහ් නුඹලාට නම් තැබුවේ මුස්ලිම්වරුන් ලෙසය. එය රසූල්වරයා වෙත කවර කරුණක් ප්රචාරය කරන මෙන් අණ කරනු ලැබුවේ ද සැබැවින්ම ඔහු නුඹලාට දන්වා සිටි බවට ඔහු සාක්ෂිකරුවකු වශයෙන් පෙනී සිටිනු පිණිසය. එමෙන්ම පෙර සිටි සමූහයන්ට ඔවුන්ගේ දූතවරුන් ප්රචාරය කළ බවට නුඹලා සාක්ෂිකරුවන් වශයෙන් පෙනී සිටිනු පිණිසය. එහෙයින් නුඹලා ඒ සඳහා සලාතය පූර්ණ අයුරින් විධිමත් ව ඉටු කර අල්ලාහ්ට කෘතඥතාව පුද කරනු. නුඹලාගේ ධනයෙන් සකාත් පිරිනමනු. අල්ලාහ් වෙත සරණ පතනු. නුඹලාගේ කටයුතුවලදී ඔහු මත රැඳී සිටිනු. ඔහු සුවිශුද්ධය. දේව විශ්වාසීන් අතරින් කවරකු ඔහු වෙත තම භාරකාරත්වය පුදන්නේ ද ඔහුට භාරකරු වශයෙන් ඔහු යහපත් විය. ඔවුන් අතරින් කවරෙකු උදව් පතන්නේ ද ඔහුට උදව්කරු වශයෙන් ඔහු යහපත් විය. එහෙයින් නුඹලා ඔහු වෙත සියල්ල භාර කරනු. ඔහු ඒවා භාර ගනු ඇත. නුඹලා ඔහුගෙන් උදව් පතනු. ඔහු නුඹලාට උදව් කරනු ඇත. මූලාශ්‍රය: අල්-මුඃතසර් ෆී තෆ්සීරිල් කුර්ආන්

ඉගෙන ගන්න · Al-Hajj — الحج

අනුගමනය · පුනරාවර්තනය · පැවසීම · ලියාපදිංචිය අවශ්‍ය නැත

තෆ්සීර් · 31 භාෂා