මුල් පිටුවතෆ්සීර්Al-Anbiyaa (21)

තෆ්සීර් Al-Anbiyaa (21) — الأنبياء

මක්කී · 112 වාක්‍ය

කියවන්න · අහන්නPDF ගොනුව

ٱقْتَرَبَ لِلنَّاسِ حِسَابُهُمْ وَهُمْ فِى غَفْلَةٍۢ مُّعْرِضُونَ ﴿١﴾

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ජනයාගේ ක්රියාවන් සඳහා ඔවුන්ගෙන් විනිශ්චය කිරීම ඔවුන් වෙත සමීප වී ඇත. ඔවුන් මෙලොවෙහි කාර්යබහුලව සිටි බැවින් මතුලොව ප්රතික්ෂේප කරමින් ඔවුහු ඒ ගැන නොසැලකිල්ලෙන් පසුවූහ

مَا يَأْتِيهِم مِّن ذِكْرٍۢ مِّن رَّبِّهِم مُّحْدَثٍ إِلَّا ٱسْتَمَعُوهُ وَهُمْ يَلْعَبُونَ ﴿٢﴾

ඔවුන්ගේ පරමාධිපතිගෙන් ඔවුන් වෙත අල් කුර්ආනයේ නව පහළ වීමක් පැමිණි විට ඔවුන් එයට පලක් නැති අයුරින් සවන් දුන්නාක් මිස නැත. එහි ඇති දෑ ගැන ඔවුන් සැලකිලිමත් නොවී එයට හාස්යය ලෙස සවන් දෙන්නට වුහ

لَاهِيَةًۭ قُلُوبُهُمْ ۗ وَأَسَرُّوا۟ ٱلنَّجْوَى ٱلَّذِينَ ظَلَمُوا۟ هَلْ هَـٰذَآ إِلَّا بَشَرٌۭ مِّثْلُكُمْ ۖ أَفَتَأْتُونَ ٱلسِّحْرَ وَأَنتُمْ تُبْصِرُونَ ﴿٣﴾

ඒ ගැන ඔවුන්ගේ හදවත් තැකීමකින් තොර ව තිබියදී, ඔවුහු එයට සවන් දුන්නෝය. දේව ප්රතික්ෂේපය හේතුවෙන් අපරාධකරුවන් වූ වනාහි, ඔවුන් කවර කරුණක් රහසින් කතා කළේද එම කතාව සඟවමින් මෙසේ පවසන්නන් වූහ. "සැබැවින්ම තමන් දූතයකු යැයි වාද කරන්නා නුඹලා මෙන් මිනිසෙකු මිස නැත. නුඹලාට වඩා ඔහුට කීර්තියක් නොමැත. ඔහු කවර දෙයක් ගෙන ආවේ ද එය හූනියමකි. එහෙයින් සැබැවින්ම ඔහු නුඹලා මෙන් මිනිසෙකු බවත් ඔහු ගෙන ආ දෑ හූනියමක් බවත් නුඹලා දැන දැනුම ඔහුව අනුගමනය කරන්නෙහු ද?"

قَالَ رَبِّى يَعْلَمُ ٱلْقَوْلَ فِى ٱلسَّمَآءِ وَٱلْأَرْضِ ۖ وَهُوَ ٱلسَّمِيعُ ٱلْعَلِيمُ ﴿٤﴾

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ පවසා සිටියහ. "නුඹලා කවර කතාවක් සඟවන්නේ ද, ඒ ගැන සැබැවින්ම මාගේ පරමාධිපති දනී. අහස්හි හා මහපොළොවේ කවර ප්රකාශයක් ප්රකාශකයකු විසින් හෙළි වන්නේ ද ඒ සෑම ප්රකාශයක්ම ඔහු දනී. ඔහුගේ ගැත්තන්ගේ ප්රකාශවලට ඔහු මැනවින් සවන් දෙන්නාය. ඔවුන්ගේ ක්රියාවන් පිළිබඳ මැනවින් දන්නාය. ඒ සඳහා ඔහු ඔවුනට ප්රතිඵල මතු පිරිනමනු ඇත."

بَلْ قَالُوٓا۟ أَضْغَـٰثُ أَحْلَـٰمٍۭ بَلِ ٱفْتَرَىٰهُ بَلْ هُوَ شَاعِرٌۭ فَلْيَأْتِنَا بِـَٔايَةٍۢ كَمَآ أُرْسِلَ ٱلْأَوَّلُونَ ﴿٥﴾

මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කවර කරුණක් ගෙන ආවේද එම කරුණ ගැන ඔවුහු ව්යාකූලත්වයෙන් පසුවෙති. විටෙක ඔවුහු, "කිසිදු පදනමක් නැති ව්යාකූල සිහිනකි" යැයි පවසති. තවත් විටෙක, "නැත, කිසිදු පදනමකින් තොරව එය ගොතන ලද්දකි" යැයි පවසති. තවත් විටෙක, "ඔහු කවියෙකි. ඔහු ඇරයුම් කරන දෑහි ඔහු සත්යවාදියෙකු නම් මූසාගේ සැරයටිය, සාලිහ්ගේ ඔටු දෙන වැනි ආරම්භක දූතවරුන් ගෙන ආ ප්රාතිහාර්යයන් මෙන් ප්රාතිහාර්යයක් අප වෙත ඔහු ගෙන ආ යුතුය. සැබැවින්ම ඔවුහු එවන් ප්රාතිහාර්යයන් ගෙන ආවෝය." යැයි පවසති

مَآ ءَامَنَتْ قَبْلَهُم مِّن قَرْيَةٍ أَهْلَكْنَـٰهَآ ۖ أَفَهُمْ يُؤْمِنُونَ ﴿٦﴾

මෙම යෝජිතයින්ට පෙර මෙවන් සංඥා පහළ කරන මෙන් යෝජනා කළ ගම්මානවාසීහුද වුහ. ඔවුන් විශ්වාස කළේ නැත. ඔවුන් යෝජනා කළ පරිදි ඔවුනට ඒවා දෙනු ලැබුවෝය. නමුත් ඔවුහු එය බොරු කළෝය. එහෙයින් අපි ඔවුන් විනාශ කළෙමු. එසේ තිබියදී මොවුහු විශ්වාස කරනු ඇත් ද? بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

وَمَآ أَرْسَلْنَا قَبْلَكَ إِلَّا رِجَالًۭا نُّوحِىٓ إِلَيْهِمْ ۖ فَسْـَٔلُوٓا۟ أَهْلَ ٱلذِّكْرِ إِن كُنتُمْ لَا تَعْلَمُونَ ﴿٧﴾

අහෝ දූතය! නුඹට පෙර පිරිමින් වෙත මිස අපි දේව පණිවිඩ දන්වා වෙනත් වර්ගයක් එව්වේ නැත. ඔවුන්ව මලක්වරුන් ලෙස එව්වේ ද නැත. ඒ ගැන නුඹලා නොදන්නෙහු නම්, නුඹලාට පෙර විසූ ආගම්ලත් ජනයාගෙන් අසා දැනගනු

وَمَا جَعَلْنَـٰهُمْ جَسَدًۭا لَّا يَأْكُلُونَ ٱلطَّعَامَ وَمَا كَانُوا۟ خَـٰلِدِينَ ﴿٨﴾

අප එවූ දූතවරුන් ආහාර අනුභව නොකරන ශරීරයකින් යුක්ත වූවන් ලෙස අපි පත් නොකළෙමු. වෙනත් අය ආහාර ගන්නාක් මෙන්ම ඔවුන් ද ආහාර ගත්තෝය. ඔවුන් නොමියන මෙලොවෙහි සදා රැඳී සිටින්නන් වූයේ ද නැත

ثُمَّ صَدَقْنَـٰهُمُ ٱلْوَعْدَ فَأَنجَيْنَـٰهُمْ وَمَن نَّشَآءُ وَأَهْلَكْنَا ٱلْمُسْرِفِينَ ﴿٩﴾

පසු ව අපි අපගේ දූතවරුන්ට ප්රතිඥා දුන් දෑ ස්ථීර කළෙමු. එනම් ඔවුන් ද අපි අභිමත කළ දේව විශ්වාසීන් ද විනාශයෙන් මුදවා, අල්ලාහ්ව ප්රතික්ෂේප කිරීමෙන් හා පාපකම් සිදු කරමින් සීමාව ඉක්මවා කටයුතු කළවුන් විනාශයට පත් කිරීම තුළිනි

لَقَدْ أَنزَلْنَآ إِلَيْكُمْ كِتَـٰبًۭا فِيهِ ذِكْرُكُمْ ۖ أَفَلَا تَعْقِلُونَ ﴿١٠﴾

සැබැවින්ම අපි අල් කුර්ආනය නුඹලා වෙත පහළ කළෙමු. නුඹලා එය සත්ය බව සහතික කොට; එහි ඇති දෑ අනුව කටයුතු කළේ නම්, එහි නුඹලාට ගෞරවයත් අභිමානයත් ඇත. එහෙයින් නුඹලා ඒ ගැන වටහා ගෙන එය විශ්වාස කිරීමට යුහුසුළු නොවන්නෙහු ද? وكم قصمنا من قريةكانت ظالمة وأنشأنا بعدها قوما ءاخرين

وَكَمْ قَصَمْنَا مِن قَرْيَةٍۢ كَانَتْ ظَالِمَةًۭ وَأَنشَأْنَا بَعْدَهَا قَوْمًا ءَاخَرِينَ ﴿١١﴾

දේව ප්රතික්ෂේපය හේතුවෙන් අපරාධකාරී බවට පත් වූ ගම්මාන කොපමණ ප්රමාණයක් අපි විනාශ කර ඇත්තෙමු ද? ඒවායින් පසු ව අප වෙනත් පිරිසක් මැව්වෙමු

فَلَمَّآ أَحَسُّوا۟ بَأْسَنَآ إِذَا هُم مِّنْهَا يَرْكُضُونَ ﴿١٢﴾

අපගේ දඬුවම ඉවත් වනු ඇතැයි විනාශ කරනු ලබන්නන් දකින කල්හි ඔවුන්ගේ ගම්මානයෙන් පළා ගොස් එම විනාශයෙන් බේරෙන්නට බලති

لَا تَرْكُضُوا۟ وَٱرْجِعُوٓا۟ إِلَىٰ مَآ أُتْرِفْتُمْ فِيهِ وَمَسَـٰكِنِكُمْ لَعَلَّكُمْ تُسْـَٔلُونَ ﴿١٣﴾

උපහාසය දන්වන පරිදි ඔවුන් ඇරයුම් කරනු ලැබ, "නුඹලා පළා නොයනු. නුඹලා කවර වින්ඳනයන් භුත්කි විඳිමින් සිටියේ ද, ඒ වෙත නැවත හැරී යනු. නුඹලාගේ නවාතැන් වෙත නැවත හැරී යනු. නුඹලාගේ මෙලොව ජීවිතය ගැන යමක් නුඹලාගෙන් විමසන්නට හැකි වනු පිණිස." (යැයි පවසනු ලැබේ)

قَالُوا۟ يَـٰوَيْلَنَآ إِنَّا كُنَّا ظَـٰلِمِينَ ﴿١٤﴾

මෙම අපරාධකරුවන් ඔවුන්ගේ පාපකම් පිළිගනිමින්, "අහෝ අපගේ විනාශය! අපගේ ඛේදය! අල්ලාහ් ව ප්රතික්ෂේප කළ හේතුවෙන් සැබැවින්ම අපි අපරාධකරවුන් වූයෙමු" යැයි පවසා සිටිති. بلغ අල්-කුර්ආන් · තෆ්සීර් فما زالت تلك دعوىهم حت جعلنهم حصيدا خمدين

فَمَا زَالَت تِّلْكَ دَعْوَىٰهُمْ حَتَّىٰ جَعَلْنَـٰهُمْ حَصِيدًا خَـٰمِدِينَ ﴿١٥﴾

අස්වනු නෙළන ලද, වැඩකට නැති (පොළොව) මෙන් ඔවුන් අප පත් කරන තෙක්ම ඔවුන්ගේ පාපකම් පිළිගනිමින් හා ඔවුන් මත වූ විනාශය ගැන පසුතැවිලි වෙමින් සිටිති

وَمَا خَلَقْنَا ٱلسَّمَآءَ وَٱلْأَرْضَ وَمَا بَيْنَهُمَا لَـٰعِبِينَ ﴿١٦﴾

අහස හා මහපොළොව ද ඒ දෙක අතර ඇති දෑ ද විහිළුවට හෝ නිෂ්ඵල දෙයක් ලෙස හෝ අප මවා නැත. ඒ දෙක අපගේ බලය පෙන්වා දෙන සාධක වශයෙන් අපි මවා ඇත්තෙමු

لَوْ أَرَدْنَآ أَن نَّتَّخِذَ لَهْوًۭا لَّٱتَّخَذْنَـٰهُ مِن لَّدُنَّآ إِن كُنَّا فَـٰعِلِينَ ﴿١٧﴾

සහකාරියක් හෝ දරුවෙක් හෝ ගැනීමට අපි අභිමත කළේ නම් අප වෙතින් එය ගන්නට තිබුණි. එයින් අපි පිරිසිදු බැවින් එය සිදුකරන්නන් ලෙස අපි නැත

بَلْ نَقْذِفُ بِٱلْحَقِّ عَلَى ٱلْبَـٰطِلِ فَيَدْمَغُهُۥ فَإِذَا هُوَ زَاهِقٌۭ ۚ وَلَكُمُ ٱلْوَيْلُ مِمَّا تَصِفُونَ ﴿١٨﴾

නමුත් අපගේ දූතයාණන් වෙත අපි කවර පණිවිඩයක් එව්වෙමු ද එම සත්යය දෙවියන් ප්රතික්ෂේප කරන ජනයාගේ ව්යාජත්වය මත හෙළන්නෙමු. එවිට එය ව්යාජත්වය විනාශ කර දමයි. එහෙයින් ඔවුන්ගේ ව්යාජත්වය පහ වී යනු ඇත. අහෝ, ඔහු සහකාරියක් හා දරුවෙකු ගත් බවට පවසා සිටින්නනි! ඔහුට නුසුදුසු වර්ණනාවක් නුඹලා කර ඇති බැවින් නුඹලාට විනාශය අත්වනු ඇත

وَلَهُۥ مَن فِى ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ ۚ وَمَنْ عِندَهُۥ لَا يَسْتَكْبِرُونَ عَنْ عِبَادَتِهِۦ وَلَا يَسْتَحْسِرُونَ ﴿١٩﴾

අහස්හි ආධිපත්යයත්, මහපොළොවේ ආධිපත්යයත් සුවිශුද්ධයාණන්හට පමණක් සතුය. ඔහු අබියස සිටින මලක්වරුන් ඔහුට ගැතිකම් කිරීමට අහංකාර නොවෙති. එයින් ඔවුන් විඩාවට පත් නොවෙති

يُسَبِّحُونَ ٱلَّيْلَ وَٱلنَّهَارَ لَا يَفْتُرُونَ ﴿٢٠﴾

අල්ලාහ්ව පිවිතුරු කිරීමෙහි ඔවුහු නිරන්තරයෙන්ම නියැළී සිටිති. එයින් ඔවුන් වෙනතකට නොහැරෙති

أَمِ ٱتَّخَذُوٓا۟ ءَالِهَةًۭ مِّنَ ٱلْأَرْضِ هُمْ يُنشِرُونَ ﴿٢١﴾

නමුත් දේව ආදේශකයින් අල්ලාහ් හැර වෙනත් දෙවිවරුන් නැමදුමට ගත්තෝය. ඔවුහු මියගියවුන්හට යළි ජීවය ලබා දෙන්නන් නොවෙති. එසේනම්, ඒ සඳහා හැකියාවක් නොමැත්තෙකුට ඔවුන් නැමදුම් කරනුයේ කෙසේ ද?

لَوْ كَانَ فِيهِمَآ ءَالِهَةٌ إِلَّا ٱللَّهُ لَفَسَدَتَا ۚ فَسُبْحَـٰنَ ٱللَّهِ رَبِّ ٱلْعَرْشِ عَمَّا يَصِفُونَ ﴿٢٢﴾

අල්ලාහ් හැර අහස්හි හා මහපොළොවෙහි නැමදුම් ලබන විවිධ අය වී නම්, එසේ නැමදුම් ලබන එකිනෙකා අතර ආධිපත්යය සම්බන්ධයෙන් ගැටුම් ඇති වන බැවින් ඒ දෙකහෙි අර්බුධ හට ගනු ඇත. නමුත් සිදු ව ඇත්තේ එයට පටහැනි ලෙසය. එබැවින් සැබැවින්ම අල්ලාහ්ට හවුල්කරුවන් සිටින බව දේවත්වයට ආදේශ කරන්නන් කරන වර්ණනාවෙන් අර්ෂ්හි පරමාධිපති වූ අල්ලාහ් පිවිතුරුය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර් لا يسٔل عما يفعل وهم يسٔلون

لَا يُسْـَٔلُ عَمَّا يَفْعَلُ وَهُمْ يُسْـَٔلُونَ ﴿٢٣﴾

අල්ලාහ් ඔහුගේ ආධිපත්යයේ හා ඔහුගේ තීන්දුවේ ඛේවලය. ඔහු කවර දෙයක් නියම කොට තීන්දු කළේ ද ඒගැන කිසිවකු ඔහුගෙන් විමසා සිටින්නේ නැත. තම ගැත්තන්ගෙන් ඔවුන්ගේ ක්රියාවන් ගැන විමසා සිටිනුයේ ඔහුය. ඒ සඳහා ඔහු ඔවුනට ප්රතිඵල පිරිනමනු ඇත

أَمِ ٱتَّخَذُوا۟ مِن دُونِهِۦٓ ءَالِهَةًۭ ۖ قُلْ هَاتُوا۟ بُرْهَـٰنَكُمْ ۖ هَـٰذَا ذِكْرُ مَن مَّعِىَ وَذِكْرُ مَن قَبْلِى ۗ بَلْ أَكْثَرُهُمْ لَا يَعْلَمُونَ ٱلْحَقَّ ۖ فَهُم مُّعْرِضُونَ ﴿٢٤﴾

නමුත් ඔවුහු අල්ලාහ් හැර දමා, නැමදුමට ලක්වන වෙනත් දෑ තෝරා ගත්තෝය. අහෝ දූතය! එම ආදේශකයින්ට නුඹ මෙසේ පවසනු. "නැමදුම සඳහා ඒවාට සුදුසුකම් ඇති බව පෙන්වා දෙන නුඹලාගේ සාධක ගෙන එනු." මෙය මා වෙත පහළ කරනු ලැබූ පුස්තකයයි. දූතවරුන්ට පහළ කරනු ලැබූ පුස්තක ද ඇත. ඒ ගැන එහි නුඹලාට කිසිදු සාධකයක් නැත. දෙවියන්ට ආදේශ තබන බහුතරයක් දෙනා අඥානකම හා මිථ්යා අනුගමනය වෙත මිස බැඳී නැත. සත්ය පිළිගැනීමට ඔවුහු ප්රතික්ෂේප කරන්නෝ වෙති

وَمَآ أَرْسَلْنَا مِن قَبْلِكَ مِن رَّسُولٍ إِلَّا نُوحِىٓ إِلَيْهِ أَنَّهُۥ لَآ إِلَـٰهَ إِلَّآ أَنَا۠ فَٱعْبُدُونِ ﴿٢٥﴾

අහෝ දූතය! "සැබැවින්ම නැමදුමට සුදුස්සා මා හැර වෙනත් කෙනෙකු නැත. එහෙයින් නුඹලා මටම පමණක් නැමදුම් කරනු. මට කිසිවක් ආදේශ නොකරනු" යැයි අපි ඔහු වෙත දන්වා සිටිමින් මිස නුඹට පෙර කිසිදු දූතයකු අපි නොඑව්වෙමු

وَقَالُوا۟ ٱتَّخَذَ ٱلرَّحْمَـٰنُ وَلَدًۭا ۗ سُبْحَـٰنَهُۥ ۚ بَلْ عِبَادٌۭ مُّكْرَمُونَ ﴿٢٦﴾

"සැබැවින්ම මලක්වරුන් ගැහැණු දරුවන් ලෙස අල්ලාහ් තෝරා ගෙන ඇතැ"යි දේව ආදේශකයින් පවසා සිටියේය. ඔවුන් පවසන මුසාවෙන් ඔහු පිවිතුරුය. සුවිශුද්ධය. මලක්වරුන් අල්ලාහ්ගේ ගැත්තන්ය. ඔහු විසින් ගරුත්වයට පත් කරනු ලැබූවන්ය. ඔහු වෙත ඉතා සමීපයෙන් සිටින්නන්ය

لَا يَسْبِقُونَهُۥ بِٱلْقَوْلِ وَهُم بِأَمْرِهِۦ يَعْمَلُونَ ﴿٢٧﴾

වචනයෙන් පවා ඔවුහු ඔවුන්ගේ පරමාධිපති අබිබවා නොයති. එහෙයින් ඔවුනට ඔහු නියෝග කරන තෙක් ඔවුහු කතා නොකරති. ඔවුහු ඔහුගේ නියෝගය අනුව ක්රියා කරන්න් වෙති. එහෙයින් කිසිදු කරුණක ඔහුට විරුද්ධව ඔවුහු කටයුතු නොකරති

يَعْلَمُ مَا بَيْنَ أَيْدِيهِمْ وَمَا خَلْفَهُمْ وَلَا يَشْفَعُونَ إِلَّا لِمَنِ ٱرْتَضَىٰ وَهُم مِّنْ خَشْيَتِهِۦ مُشْفِقُونَ ﴿٢٨﴾

ඔවුන්ගේ පූර්ව ක්රියාවන් හා පසු ව එකතු වන දෑ ගැන ඔහු දනී. කවරෙකු වෙනුවෙන් මැදිහත් වීම පිළිගනු ලබන්නේ ද ඔහු වෙනුවෙන් අල්ලාහ්ගේ නියෝගයෙන් මිස මැදිහත්වීමට නොඉල්ලති. ශුද්ධවන්තයාණන් ගැන වූ බියෙන් ඔවුහු ප්රවේසමින් සිටිති. කිසිදු නියෝගයක හෝ තහනම් නියෝගයක හෝ ඔහුට විරුද්ධව කටයුතු නොකරති

۞ وَمَن يَقُلْ مِنْهُمْ إِنِّىٓ إِلَـٰهٌۭ مِّن دُونِهِۦ فَذَٰلِكَ نَجْزِيهِ جَهَنَّمَ ۚ كَذَٰلِكَ نَجْزِى ٱلظَّـٰلِمِينَ ﴿٢٩﴾

උපකල්පනයක් වශයෙන්, මලක්වරුන්ගෙන් කිසිවකු හෝ: "අල්ලාහ් නොව, සැබැවින්ම නැමදුමට ලක් විය යුත්තා මාවෙමි" යැයි පවසන්නේ ද ඔහුගේ එම ප්රකාශය හේතුවෙන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නිරන්තර بلغ අල්-කුර්ආන් · තෆ්සීර් අපායේ දඬුවම ඔහුට ප්රතිවිපාක වශයෙන් සැබැවින්ම් අපි පිරිනමන්නෙමු. මෙම ප්රතිවිපාකය සේ දේව ප්රතික්ෂේපය හා දේව ආදේශය හේතුවෙන් අපරාධකාරීන් බවට පත්වූවන්හටත් අපි ප්රතිවිපාක පිරිනමමු

أَوَلَمْ يَرَ ٱلَّذِينَ كَفَرُوٓا۟ أَنَّ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضَ كَانَتَا رَتْقًۭا فَفَتَقْنَـٰهُمَا ۖ وَجَعَلْنَا مِنَ ٱلْمَآءِ كُلَّ شَىْءٍ حَىٍّ ۖ أَفَلَا يُؤْمِنُونَ ﴿٣٠﴾

يؤمنون සැබැවින්ම අහස් හා මහපොළොව අතර කිසිදු හිඩසකින් තොර ව ඒ දෙක එකට ඇලී තිබුණු බවත් පසුව අපි ඒ දෙක අතර වෙන් කළ බවත් අහසින් මහපොළොව වෙත පහළ වන ජලයෙන් සියලු ජීවීන් හා පැලෑටි ඇති කළ බවත් අල්ලාහ්ව ප්රතික්ෂේප කළවුන් නොදන්නෙහු ද? ඒ ගැන ඔවුහු වටහාගෙන අල්ලාහ් පිළිබඳ පමණක් විශ්වාස කළ යුතු නොවේද?

وَجَعَلْنَا فِى ٱلْأَرْضِ رَوَٰسِىَ أَن تَمِيدَ بِهِمْ وَجَعَلْنَا فِيهَا فِجَاجًۭا سُبُلًۭا لَّعَلَّهُمْ يَهْتَدُونَ ﴿٣١﴾

මහපොළොව මත සිටින්නන් නොසැලෙන අයුරින් ශක්තිමත් කඳු අපි මහපොළොවේ මැව්වෙමු. ඔවුන් අපේක්ෂා කරන ස්ථානය වෙත යාම සඳහා ඔවුන්ගේ ගමන්බිමන්වල දී ඔවුනට මඟ පෙන්වනු ලබනු පිණිස විශාල මාර්ග හා මංමාවත් අපි එහි ඇති කළෙමු

وَجَعَلْنَا ٱلسَّمَآءَ سَقْفًۭا مَّحْفُوظًۭا ۖ وَهُمْ عَنْ ءَايَـٰتِهَا مُعْرِضُونَ ﴿٣٢﴾

කිසිදු කණුවකින් තොර ව නොවැටෙන සේ ආරක්ෂිත වියනක් බවට අපි අහස ඇති කළෙමු. එමෙන්ම හොරෙන් සවන් දෙන්නන්ගෙන් ආරක්ෂා කරන්නක් බවටත් අපි එය ඇති කළෙමු. අහසේ ඇති සූර්යයා, චන්ද්රයා වැනි සංඥා පිළිබඳ දේව ආදේශකයින් ප්රතික්ෂේප කරන්නන්ل වෙති. ඒ ගැන සැලකිලිමත් නොවෙති

وَهُوَ ٱلَّذِى خَلَقَ ٱلَّيْلَ وَٱلنَّهَارَ وَٱلشَّمْسَ وَٱلْقَمَرَ ۖ كُلٌّۭ فِى فَلَكٍۢ يَسْبَحُونَ ﴿٣٣﴾

විවේකය සඳහා රාත්රිය මැව්වේ ද ජීවනෝපාය සඳහා දහවල මැව්වේ ද දහවලේ සංඛේතයක් ලෙස හිරු මැව්වේ ද රාත්රියේ සංඛේතයක් ලෙස සඳු මැව්වේ ද අල්ලාහ් වන ඔහු පමණය. හිරු හා සඳු යන සෑම වස්තුවක්ම එහි භ්රමණය තුළ පරිභ්රමණය වී ගමන් කරයි. එයින් හැරී නොයයි. වෙනතකට යොමු නොවෙයි

وَمَا جَعَلْنَا لِبَشَرٍۢ مِّن قَبْلِكَ ٱلْخُلْدَ ۖ أَفَإِي۟ن مِّتَّ فَهُمُ ٱلْخَـٰلِدُونَ ﴿٣٤﴾

අහෝ දූතය! නුඹට පෙර කිසිදු මිනිසෙකුට මෙලොව ජීවිතයේ සදා රැඳී සිටින්නට අවකාශය පිරිනැමුවේ නැත. නුඹේ ආයු කාලය අවසන් වී මරණයට පත් වූයේ නම් මොවුහු නුඹට පසු ඉතිරි ව සිටිනු ඇත් ද? එසේ නැත.!

كُلُّ نَفْسٍۢ ذَآئِقَةُ ٱلْمَوْتِ ۗ وَنَبْلُوكُم بِٱلشَّرِّ وَٱلْخَيْرِ فِتْنَةًۭ ۖ وَإِلَيْنَا تُرْجَعُونَ ﴿٣٥﴾

දේව විශ්වාසී ආත්මයක් වුව ද දේව ප්රතික්ෂේපක ආත්මයක් වුව ද ඒ සෑම ආත්මයක්ම මෙලොව මරණය භුක්ති විඳින්නේමය. අහෝ ජනයිනි! මෙලොව ජීවිතයේ විවිධ දුෂ්කරතා, ආශිර්වාද, විනාශය වැනි දැයින් නුඹලාව අපි පරීක්ෂාවට ලක් කරන්නෙමු. පසුව නුඹලාගේ මරණයෙන් පසු අප වෙත මිස වෙනත් කිසිවෙකු වෙත නුඹලා හැරී නොයනු ඇත. එවිට අපි නුඹලාගේ ක්රියාවන් සඳහා ප්රතිඵල පිරිනමන්නෙමු. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

وَإِذَا رَءَاكَ ٱلَّذِينَ كَفَرُوٓا۟ إِن يَتَّخِذُونَكَ إِلَّا هُزُوًا أَهَـٰذَا ٱلَّذِى يَذْكُرُ ءَالِهَتَكُمْ وَهُم بِذِكْرِ ٱلرَّحْمَـٰنِ هُمْ كَـٰفِرُونَ ﴿٣٦﴾

අහෝ දූතය! නුඹ ව සරදමක් ලෙස ගත් මෙම ආදේශයකයින් නුඹව දුටු විට, "නුඹලා නමදිමින් සිටින නුඹලාගේ දෙවිවරුන්ට දොස් නගනුයේ මේ මොහු ද?" යැයි ඔවුන්ගේ අනුගාමිකයින්ට පවසමින් දුරස් කරන්නට බලති. නුඹව හාස්යයට ගැනීමත් සමඟ ඔවුන් වෙත අල්ලාහ් පහළ කළ කුර්ආනය හා ඔවුන් වෙත පිරිනමා තිබූ ආශිර්වාදයන් ඔවුහු ප්රතික්ෂේප කරන්නෝ වූහ. සියලු නපුරුකම් ඔවුනට එකතු කිරීම සඳහා මෙම අඩුපාඩව ඔවුනට වඩාත් උචිතය

خُلِقَ ٱلْإِنسَـٰنُ مِنْ عَجَلٍۢ ۚ سَأُو۟رِيكُمْ ءَايَـٰتِى فَلَا تَسْتَعْجِلُونِ ﴿٣٧﴾

ස්වභාවයෙන්ම මිනිසා ඉක්මන් සුළු ගතියෙන් මවනු ලැබ ඇත. කරුණු සිදු වීමට පෙර ඒ ගැන ඔහු ඉක්මන් වනු ඇත. ඒ අනුව දේවත්වයට ආදේශ කරන්නන් ද දඬුවම ඉක්මන් කර ඉල්ලා සිටියේය. මාගේ දඬුවම ඉක්මණින් පතන්නනි! නුඹලා කවර කරුණක් ඉක්මන් කර ඉල්ලන්නේ ද මම එය නුඹලාට මතු පෙන්වමි. එහෙයින් එය ඉක්මන් කරන මෙන් නොපතනු

وَيَقُولُونَ مَتَىٰ هَـٰذَا ٱلْوَعْدُ إِن كُنتُمْ صَـٰدِقِينَ ﴿٣٨﴾

එම ඉක්මන් සුළු ගතිය අනුව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය හෙළා දකින දේව ආදේශකයින් මෙසේ පවසා සිටියි. "අහෝ මුස්ලිම්වරුනි! නැවත නැගිටුවනු ලබීම සිදුවන බවට නුඹලා වාද කරමින් සිටින දෑහි නුඹලා සත්යවාදීහු නම් ඒ ගැන අපට ප්රතිඥාවක් දුන් අයුරින් එය සිදු වනුයේ කවදා ද?"

لَوْ يَعْلَمُ ٱلَّذِينَ كَفَرُوا۟ حِينَ لَا يَكُفُّونَ عَن وُجُوهِهِمُ ٱلنَّارَ وَلَا عَن ظُهُورِهِمْ وَلَا هُمْ يُنصَرُونَ ﴿٣٩﴾

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය හෙළා දකින දේව ප්රතික්ෂේපකයින්, අපා ගින්න ඔවුන්ගේ මුහුණුවලින් හා ඔවුන්ගේ කොඳු ගැට පෙළින් ඉවත් නොවන අවස්ථාවේ ඔවුන්ගෙන් දඬුවම වැළැක්වීම සඳහා ඔවුනට උදව් කරන කිසිදු උදව්කරුවකු නොමැති බව ඔවුන් දැන සිටියේ නම්, ඒ ගැන ස්ථීරව විශ්වාස කළේ නම් ඔවුහු දඬුවම ඉක්මන් කරන මෙන් නොපතනු ඇත. بل تأتيهم بغتةفتبهتهم فلا يستطيعون ردها ولا هم ينظرون

بَلْ تَأْتِيهِم بَغْتَةًۭ فَتَبْهَتُهُمْ فَلَا يَسْتَطِيعُونَ رَدَّهَا وَلَا هُمْ يُنظَرُونَ ﴿٤٠﴾

ඔවුන් දඬුවම් කරනු ලබන මෙම ගින්න, ඔවුන් දැනුවත්ව ඔවුන් වෙත පැමිණෙන්නේ නැත. එය ඔවුන් වෙත පැමිණෙනුයේ ක්ෂණිකවය. එවිට ඔවුන්ගෙන් එය වළක්වා ගන්නට ඔවුහු හැකියාව නොලබති. එමෙන්ම ඔවුන් පාපක්ෂමාවේ නිරත වන්නට අවකාශය දී ඔවුන් කරුණාව ලබන තුරු ඔවුන් ප්රමාද කරනු ලබන්නේ නැත

وَلَقَدِ ٱسْتُهْزِئَ بِرُسُلٍۢ مِّن قَبْلِكَ فَحَاقَ بِٱلَّذِينَ سَخِرُوا۟ مِنْهُم مَّا كَانُوا۟ بِهِۦ يَسْتَهْزِءُونَ ﴿٤١﴾

නුඹේ ජනයා නුඹ ව හාස්යයට ලක් කළේ නම් එය අලුත් දෙයක් නොවේ. අහෝ දූතය! නුඹට පෙර සිටි දූතවරුන් පවා හාස්යයට ලක් කරනු ලැබූහ. එවිට ඔවුනට සමච්චල් කරමින් සිටි දේව ප්රතික්ෂේපකයින් හට දඬුවම ග්රහණය කළේය. එය ඔවුන්ගේ දූතවරුන් ඒ ගැන ඔවුන් බියවද්දමින් සිටියදී මෙලොවෙහි ඔවුන් සමච්චලයට ලක් කළ දඬුවමයි

قُلْ مَن يَكْلَؤُكُم بِٱلَّيْلِ وَٱلنَّهَارِ مِنَ ٱلرَّحْمَـٰنِ ۗ بَلْ هُمْ عَن ذِكْرِ رَبِّهِم مُّعْرِضُونَ ﴿٤٢﴾

අහෝ දූතය! දඬුවම ඉක්මනින් පතන මොවුනට නුඹ මෙසේ පවසනු. "මහා කාරුණිකයාණන් නුඹලාට දඬුවම හෝ විනාශය පහළ කිරීමට අභිමත කළේ නම්, රාත්රියේ හා දහවලේ එයින් නුඹලාව ආරක්ෂා කරනුයේ කවුරුන් ද?" بلغ අල්-කුර්ආන් · තෆ්සීර් නමුත් ඔවුහු ඔවුන්ගේ පරමාධිපතිගේ උපදෙස් හා ඔහුගේ සාධක මෙනෙහි කිරීමට ප්රතික්ෂේප කරන්නෝ වෙති. අඥානකම හා මෝඩකම නිසාවෙන් ඒ ගැන ඔවුන් පරිශීලනය කර නොබලති

أَمْ لَهُمْ ءَالِهَةٌۭ تَمْنَعُهُم مِّن دُونِنَا ۚ لَا يَسْتَطِيعُونَ نَصْرَ أَنفُسِهِمْ وَلَا هُم مِّنَّا يُصْحَبُونَ ﴿٤٣﴾

එසේ නැතහොත් අපගේ දඬුවමින් ඔවුන් වළක්වලන දෙවිවරුන් ඔවුනට සිටිත් ද? ඔවුනට අත්වන හානියෙන් ඔවුන් වළක්වා ගැනීමෙන් හෝ යම් සෙතක් ඔවුන් වෙත ගෙන දීමෙන් හෝ ඔවුහු තමන්ට පවා උදව් කිරීමේ හැකියාව නොදරති. තමන්ටම සෙතක් සලසා ගත නොහැකි අයකු කෙසේ නම් වෙනත් කෙනෙකුට උදව් කරනු ඇත් ද? ඔවුහු අපගේ දඬුවමින් මිදෙන්නන් නොවෙති

بَلْ مَتَّعْنَا هَـٰٓؤُلَآءِ وَءَابَآءَهُمْ حَتَّىٰ طَالَ عَلَيْهِمُ ٱلْعُمُرُ ۗ أَفَلَا يَرَوْنَ أَنَّا نَأْتِى ٱلْأَرْضَ نَنقُصُهَا مِنْ أَطْرَافِهَآ ۚ أَفَهُمُ ٱلْغَـٰلِبُونَ ﴿٤٤﴾

මෙම දේව ප්රතික්ෂේපකයින්හට ඔවුන්ගේ කාලය පියවරෙන් පියවර ගෙවී යන තෙක්ම අපි ඔවුනට පුළුල් ලෙස පිරිනැමූ අපගේ ආශිර්වාදයන් භුක්ති විඳින්නට අපි ඔවුනට ඉඩ හැරියෙමු. එමෙන්ම ඔවුන්ගේ මුතුන්මිත්තන්හට ද භුක්ති විඳින්නට ඉඩ හැරියෙමු. ඔවුහු එය පිළිගත්තෝය. ඔවුන්ගේ ප්රතික්ෂේපය මතම ඔවුහු රැඳී සිටියෝය. අපගේ දඬුවම ඉක්මනින් පතන, අපගේ දායාද තුළින් රැවටී සිටින මොවුහු මහපොළොව පැත්තකින් සිට එහි වැසියන් මැඩලමින්, හීන කරමින් අප පැමිණීම දැක, වෙනත් අයට සිදු වූ දෑ ඔවුනට අත් නොවනු පිණිස ඔවුහු ඒ ගැන පාඩම් නොලබන්නෝ ද? ඔවුහු ජය ලැබූවන් නොවූහ. ඔවුහු පරාජයට පත් වූහ

قُلْ إِنَّمَآ أُنذِرُكُم بِٱلْوَحْىِ ۚ وَلَا يَسْمَعُ ٱلصُّمُّ ٱلدُّعَآءَ إِذَا مَا يُنذَرُونَ ﴿٤٥﴾

අහෝ ජනයිනි! සැබැවින්ම අල්ලාහ්ගේ දඬුවමින් මා නුඹලා බියගන්වනුයේ මාගේ පරමාධිපති මා වෙත දන්වා සිටින දේව පණිවිඩ මගින් යැයි අහෝ දූතය! නුඹ ඔවුනට පවසනු. අල්ලාහ්ගේ දඬුවම ගැන ඔවුනට බිය ගන්වනු ලබන විට ඔහු වෙත කරනු ලබන ඇරයුම පිළිගන්නා අයුරින් බිහිරා සත්යයට සවන් නොදෙනු ඇත

وَلَئِن مَّسَّتْهُمْ نَفْحَةٌۭ مِّنْ عَذَابِ رَبِّكَ لَيَقُولُنَّ يَـٰوَيْلَنَآ إِنَّا كُنَّا ظَـٰلِمِينَ ﴿٤٦﴾

දඬුවම ඉක්මන් කරන මෙන් පතන මොවුනට නුඹගේ පරමාධිපතිගෙන් යම් දඬුවමක් ස්පර්ශ වූයේ නම් අහෝ දූතය! ඒ අවස්ථාවේ ඔවුහු, "අහෝ අපගේ විනාශය! අපගේ ඛේදය! අල්ලාහ්ට ආදේශ තැබීමෙන් හා මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා කවර කරුණක් ගෙන ආවේ ද එය බොරු කිරීමෙන් සැබැවින්ම අපි අපරාධකාරයින් වූයෙමු" යැයි පවසා සිටිති

وَنَضَعُ ٱلْمَوَٰزِينَ ٱلْقِسْطَ لِيَوْمِ ٱلْقِيَـٰمَةِ فَلَا تُظْلَمُ نَفْسٌۭ شَيْـًۭٔا ۖ وَإِن كَانَ مِثْقَالَ حَبَّةٍۢ مِّنْ خَرْدَلٍ أَتَيْنَا بِهَا ۗ وَكَفَىٰ بِنَا حَـٰسِبِينَ ﴿٤٧﴾

حسبين මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ එහි වැසියන් සඳහා ඔවුන්ගේ ක්රියාවන් කිරනු පිණිස තුළාවන් අපි තබන්නෙමු. එදින කිසිදු ආත්මයකට එහි කුසල් අඩු කිරීමෙන් හෝ එහි පාපකම් අධික කරවීමෙන් හෝ අපරාධ සිදු කරනු නොලැබේ. කිරනු ලබන දෑ අබ ඇටයක තරම් සුළු ප්රමාණයක් වුව ද අපි එය ගෙන එන්නෙමු. ගණන් තබා ගන්නන් වශයෙන් අප ප්රමාණවත් වන්නෙමු. අපගේ ගැත්තන්ගේ ක්රියාවන් අපි ගණන් කර තබමු. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

وَلَقَدْ ءَاتَيْنَا مُوسَىٰ وَهَـٰرُونَ ٱلْفُرْقَانَ وَضِيَآءًۭ وَذِكْرًۭا لِّلْمُتَّقِينَ ﴿٤٨﴾

මූසා හා හාරූන් (අලයිහිමස් සලාම්) යන දෙදෙනාට සත්ය, අසත්ය අතර හා අනුමත, තහනම් දෑ අතර වෙන් කරන්නක් වශයෙන් ද, එය විශ්වාස කළවුනට මඟපෙන්වීමක් වශයෙන් ද, ඔවුන්ගේ පරමාධිපතිට බැතිමත්ව කටයුතු කරන්නන්හට මෙනෙහි කිරීමක් වශයෙන් ද තව්රාතය අපි පිරිනැමුවෙමු

ٱلَّذِينَ يَخْشَوْنَ رَبَّهُم بِٱلْغَيْبِ وَهُم مِّنَ ٱلسَّاعَةِ مُشْفِقُونَ ﴿٤٩﴾

තම පරමාධිපතිගේ දඬුවමට බිය වන්නන් වනාහි, ඔවුහු ඔහු ව දෑසින් නොදුටුව ද ඔහු ව විශ්වාස කරන්නන් වෙති. ඔවුහු අවසන් හෝරාව ගැන බියෙන් පසුවන්නන් වෙති

وَهَـٰذَا ذِكْرٌۭ مُّبَارَكٌ أَنزَلْنَـٰهُ ۚ أَفَأَنتُمْ لَهُۥ مُنكِرُونَ ﴿٥٠﴾

මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා වෙත පහළ කරනු ලැබූ මෙම අල් කුර්ආනය වනාහි, එය එමගින් උපදෙස් ලබන්නටත්, අනුශාසනා ලබන්නටත් අපේක්ෂා කරන්නන්හට මෙනෙහි කිරීමකි. අධික යහපත හා ප්රයෝජන ගෙන දෙන්නකි. එසේ තිබියදී එහි ඇති දෑට සමීප නොවී ඒ අනුව කටයුතු නොකර නුඹලා එය හෙළා දකින්නෙහු ද?

۞ وَلَقَدْ ءَاتَيْنَآ إِبْرَٰهِيمَ رُشْدَهُۥ مِن قَبْلُ وَكُنَّا بِهِۦ عَـٰلِمِينَ ﴿٥١﴾

සැබැවින්ම ඉබ්රාහීම්ට ඔහුගේ කුඩා අවදියේම ඔහුගේ සමූහයා වෙත ඉදිරිපත් කළ යුතු සාධක පිරිනැමුවෙමු. තවද අපි ඒ ගැන දැන සිටියෙමු. ඔහුගේ ජනයා සඳහා වූ සාධක අතරින් අපගේ දැනුම අනුව එයට සුදුසු දෑ අපි ඔහුට පිරිනැමුවෙමු

إِذْ قَالَ لِأَبِيهِ وَقَوْمِهِۦ مَا هَـٰذِهِ ٱلتَّمَاثِيلُ ٱلَّتِىٓ أَنتُمْ لَهَا عَـٰكِفُونَ ﴿٥٢﴾

ඔහුගේ පියා ආසර්ට හා ඔහුගේ ජනයාට ඔහු මෙසේ පවසා සිටියේය. "නුඹලාගේ අත්වලින් නුඹලා තැනූ නුඹලා නැමදුමෙහි නියැළී සිටින මෙම පිළිම මොනවාද?"

قَالُوا۟ وَجَدْنَآ ءَابَآءَنَا لَهَا عَـٰبِدِينَ ﴿٥٣﴾

ඔහුගේ ජනයා ඔහුට, "අපගේ මුතුන්මිත්තන් ඒවා නමදිමින් සිටිනු අපි දැක ඇත්තෙමු. ඔවුන් පදනම් කර ගනිමින් අපි ඒවාට නැමදුම් කළෙමු." යැයි පැවසුහ

قَالَ لَقَدْ كُنتُمْ أَنتُمْ وَءَابَآؤُكُمْ فِى ضَلَـٰلٍۢ مُّبِينٍۢ ﴿٥٤﴾

ඉබ්රාහීම් ඔවුනට, "අහෝ අනුගමනය කරන්නනි! නුඹලා හා අනුගමනය කරනු ලැබූ නුඹලාගේ මුතුන්මිත්තන් සත්ය මාර්ගයෙන් බැහැර වී පැහැදිළි මුළාවෙහි සිටින්නෙහුය" යැයි පැවසීය

قَالُوٓا۟ أَجِئْتَنَا بِٱلْحَقِّ أَمْ أَنتَ مِنَ ٱللَّـٰعِبِينَ ﴿٥٥﴾

ඔහුගේ ජනයා ඔහුගෙන්, "නුඹ පවසන දෑ පවසා අප වෙත කැපවීමෙන් පැමිණියෙහි ද එසේ නැතහොත් නුඹ විහිළු කාරයින් අතරින් කෙනෙක් ද?" යැයි විමසා සිටියේය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

قَالَ بَل رَّبُّكُمْ رَبُّ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ ٱلَّذِى فَطَرَهُنَّ وَأَنَا۠ عَلَىٰ ذَٰلِكُم مِّنَ ٱلشَّـٰهِدِينَ ﴿٥٦﴾

ඉබ්රාහීම් තුමා, "මම නුඹලා වෙත පැමිණියේ උවමනාවෙන් මිස විහිළුවකට නොවේ. නුඹලාගේ පරමාධිපති වනාහි, අහස්හි හා මහපොළොවේ පරමාධිපතිය. ඔහු ඒවා කිසිදු පූර්ව නිදසුනකින් තොරව මැව්වේය. තවද සැබැවින්ම නුඹලාගේ පරමාධිපති ද අහස්හි හා මහපොළොවේ පරමාධිපති ද ඔහු බව මම සාක්ෂි දරන්නන් අතරින් කෙනෙකු වෙමි. ඒ සම්බන්ධයෙන් කිසිදු කොටසක් නුඹලාගේ පිළිමවලට නැත." යැයි පැවසීය

وَتَٱللَّهِ لَأَكِيدَنَّ أَصْنَـٰمَكُم بَعْدَ أَن تُوَلُّوا۟ مُدْبِرِينَ ﴿٥٧﴾

ඉබ්රාහීම් තුමා තම ජනතාවට නොඇසෙන සේ, "අල්ලාහ් මත දිවුරා පවසමි. නුඹලා නුඹලාගේ පිළිම අතහැර දමා නුඹලාගේ උත්සවය සඳහා ගිය පසු, නුඹලා පිළිකුල් කරන සැලැස්මක් ඒවාට මම යොදමි" යැයි පවසා සිටියේය. فجعلهم جذذا إلا كبيرا لهم لعلهم إليهيرجعون

فَجَعَلَهُمْ جُذَٰذًا إِلَّا كَبِيرًۭا لَّهُمْ لَعَلَّهُمْ إِلَيْهِ يَرْجِعُونَ ﴿٥٨﴾

ඔවුන්ගේ පිළිම කුඩා කැබලි බවට පත්වන තුරු ඉබ්රාහීම් ඒවා කඩා දැම්මේය. ඒවා කඩා දැමූ අය කවුරුන්දැ?යි විමසීම සඳහා ඔවුන් ඒ වෙත යොමුවනු ඇතැයි යන යහපත් බලාපොරොත්තු වෙන් ඒ අතර තිබූ විශාල පිළිමය ඉතිරි කළේය

قَالُوا۟ مَن فَعَلَ هَـٰذَا بِـَٔالِهَتِنَآ إِنَّهُۥ لَمِنَ ٱلظَّـٰلِمِينَ ﴿٥٩﴾

ඔවුන් නැවත හැරී ආ කල්හි ඔවුන්ගේ පිළිම කඩා දමා තිබෙනු ඔවුහු දුටුවෝය. "අපගේ නැමදුමට ලක් වූ මේවා විනාශ කර දැමුවේ කවුද? ගරුබුහුමන් කිරීමට හා පිවිතුරු කිරීම සුදුසු දෑ හෙළා දකිමින් සැබැවින්ම ඒවා විනාශ කළ තැනැත්තා අපරාධකරුවන්ගෙන් කෙනෙකු ය." යැයි ඔවුන්ගෙන් ඇතැමෙක් ඇතැමෙකුගෙන් විමසන්නට විය. قالواسمعنا فتى يذكرهم يقال له إبرهيم

قَالُوا۟ سَمِعْنَا فَتًۭى يَذْكُرُهُمْ يُقَالُ لَهُۥٓ إِبْرَٰهِيمُ ﴿٦٠﴾

ඔවුන්ගෙන් ඇතැමෙකු, "ඒවා ගැන නපුරු ලෙස කතා කරන; ඒවාට අඩුපාඩු කියන ඉබ්රාහීම් නමැති තරුණයකු පිළිබඳ අපි අසා ඇත්තෙමු. සමහරවිට මේවා කඩා දමා ඇත්තේ ඔහු විය හැක." යැයි පැවසීය

قَالُوا۟ فَأْتُوا۟ بِهِۦ عَلَىٰٓ أَعْيُنِ ٱلنَّاسِ لَعَلَّهُمْ يَشْهَدُونَ ﴿٦١﴾

ඔවුන්ගෙන් ප්රධානියා, "මිනිසුන්ට දැකිය හැකි පරිදි ඔවුන් ඉදිරියට ඉබ්රාහීම් ව ගෙන එනු. ඔහු සිදු කළ දෑ පිළිගැනීම සම්බන්ධයෙන් ඔවුනට සාක්ෂි දැරිය හැක. එවිට ඔහුගේ පිළිගැනීම ඔහුට එරෙහිව නුඹලාට සාධකයක් ලෙස පිහිටනු ඇත." යැයි පැවසීය

قَالُوٓا۟ ءَأَنتَ فَعَلْتَ هَـٰذَا بِـَٔالِهَتِنَا يَـٰٓإِبْرَٰهِيمُ ﴿٦٢﴾

ඉබ්රාහීම් (අලයිහිස් සලාම්) තුමාව ගෙන එන ලදී. එවිට ඔවුහු ඔහුගෙන්, "අහෝ ඉබ්රාහීම්! අපගේ මේ පිළිමවලට සිදු වී ඇති විනාශය සිදු කළේ නුඹදැ?" යි විමසා සිටියේය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර් قال بل فعله كبيرهم هذا فسٔلوهم إن كانواينطقون

قَالَ بَلْ فَعَلَهُۥ كَبِيرُهُمْ هَـٰذَا فَسْـَٔلُوهُمْ إِن كَانُوا۟ يَنطِقُونَ ﴿٦٣﴾

ජනයා උපහාසයට ගනිමින් ඔවුන් ඉදිරියේ ඔවුන්ගේ පිළිමවල නොහැකියාව හෙළි කරමින්, "මෙය මම සිදු නොකළෙමි. මෙය සිදු කළේ මේ විශාලතම පිළිමයයි. නුඹලාගේ පිළිම කතා කරන්නේ නම් නුඹලා ඔවුන්ගෙන් විමසා දැනගනු" යැයි පැවසීය

فَرَجَعُوٓا۟ إِلَىٰٓ أَنفُسِهِمْ فَقَالُوٓا۟ إِنَّكُمْ أَنتُمُ ٱلظَّـٰلِمُونَ ﴿٦٤﴾

එවිට ඔවුහු ඔවුන් වෙත හැරී සිතන්නට කල්පනා කරන්නට ගත්තෝය. සැබැවින්ම ඔවුන්ගේ පිළිම සෙත නොසලසන බවත්, හානි ඇති නොකරන බවත් ඔවුනට පැහැදිළි විය. අල්ලාහ් හැර ඔවුන් ඒවාට නමදිමින් සිටි අවස්ථාවේ ඔවුහු අපරාධකරුවන් වූහ

ثُمَّ نُكِسُوا۟ عَلَىٰ رُءُوسِهِمْ لَقَدْ عَلِمْتَ مَا هَـٰٓؤُلَآءِ يَنطِقُونَ ﴿٦٥﴾

පසු ව ඔවුන් නැවතත් මුරණ්ඩුකම හා ප්රතික්ෂේපය වෙත හැරී "අහෝ ඉබ්රාහීම්! සැබැවින්ම මෙම පිළිම කතා නොකරන බව නුඹ ස්ථීර කළෙහිය. අප ඒවායින් අසන මෙන් නුඹ අපට අණ කරනුයේ කෙසේ ද?" යැයි පැවසුවෝය. ඔවුහු එය ඔවුනට පක්ෂ වූ තර්කයක් ලෙස සිතුවෝය. නමුත් එය ඔවුනට එරෙහි වූ තර්කයක් බවට පත් විය

قَالَ أَفَتَعْبُدُونَ مِن دُونِ ٱللَّهِ مَا لَا يَنفَعُكُمْ شَيْـًۭٔا وَلَا يَضُرُّكُمْ ﴿٦٦﴾

ඔවුන් හෙළා දකිමින් ඉබ්රාහීම් තුමා මෙසේ පැවසූහ. "නුඹලා අල්ලාහ් ව හැර දමා; නුඹලාට කිසිදු සෙතක් නොකරන, කිසිදු බලපෑමක් නොකරන පිළිමවලට නුඹලා නැමදුම් කරන්නෙහු ද? ඒවා වනාහි, ඒවාට අත්වන හිංසාවන් වළක්වා ගැනීමට හෝ ඒවාට කිසිදු සෙතක් ගෙන දෙන්නට හෝ පවා නොහැකි තත්ත්වයේ තිබේ."

أُفٍّۢ لَّكُمْ وَلِمَا تَعْبُدُونَ مِن دُونِ ٱللَّهِ ۖ أَفَلَا تَعْقِلُونَ ﴿٦٧﴾

"නුඹලාට විනාශය වේවා! එමෙන්ම අල්ලාහ්ගෙන් තොර ව කිසිදු සෙතක් නොකරන කිසිදු බලපෑමත් ඇති නොකරන පිළිම අතරින් නුඹලා නමදිමින් සිටින දෑට ද විනාශය අත් වේවා! එහෙයින් ඒ ගැන වටහා ගෙන ඒවාට නැමදුම් කිරීම නුඹලා අතහැර නොදමන්නෙහු ද?"

قَالُوا۟ حَرِّقُوهُ وَٱنصُرُوٓا۟ ءَالِهَتَكُمْ إِن كُنتُمْ فَـٰعِلِينَ ﴿٦٨﴾

එම තර්කයේ දී මුහුණ දීමට ඔවුනට නොහැකි වූ කල්හි, බලය යොදවන්නට වූහ. ඔවුහු, "නුඹලා ඔහු ව වැළැක්වීම සඳහා ඔහුට දඬුවමක් ලබා දෙන්නේ නම්, ඔහු විනාශ කළ, කඩා දැමූ නුඹලාගේ පිළිමවලට ජයග්රහණයක් වශයෙන් නුඹලා ඉබ්රාහීම්ව ගින්නෙන් පුළුස්සා දමනු." යැයි පැවසුවෝය

قُلْنَا يَـٰنَارُ كُونِى بَرْدًۭا وَسَلَـٰمًا عَلَىٰٓ إِبْرَٰهِيمَ ﴿٦٩﴾

පසු ව ගිනි අවුළා ඔහුව එයට විසි කළෝය. එවිට අපි, "අහෝ ගින්න! ඉබ්රාහීම්ට සිසිලක් හා ආරක්ෂාවක් බවට නුඹ පත්වනු." යැයි පැවසුවෙමු. එවිට එය එලෙසම විය. කිසිදු වේදනාවක් ඔහුට අත් වූයේ නැත. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

وَأَرَادُوا۟ بِهِۦ كَيْدًۭا فَجَعَلْنَـٰهُمُ ٱلْأَخْسَرِينَ ﴿٧٠﴾

ඉබ්රාහීම් (අලයිහිස් සලාම්) තුමා ව පුළුස්සා දැමීමට ඔවුහු කුමන්ත්රණයක් කිරීමට සිතුවෝය. නමුත් අපි ඔවුන්ගේ කුමන්ත්රණය නිෂ්ප්රභා කළෙමු. එමෙන්ම අපි ඔවුන් පරාජයට පත් විනාශවී යන්නන් බවට පත් කළෙමු

وَنَجَّيْنَـٰهُ وَلُوطًا إِلَى ٱلْأَرْضِ ٱلَّتِى بَـٰرَكْنَا فِيهَا لِلْعَـٰلَمِينَ ﴿٧١﴾

අපි ඔහුව ආරක්ෂා කළෙමු. එමෙන්ම ලූත්ව ද ආරක්ෂා කළෙමු. නබිවරුන් අප පහළ කිරීමෙන් හා මැවීම් සඳහා උතුම් සම්පත් ලබා දීමෙන් අප සමෘද්ධිමත් කළ සිරියාل දේශයට අපි ඔවුන් දෙදෙනා පිටත් කර යැව්වෙමු

وَوَهَبْنَا لَهُۥٓ إِسْحَـٰقَ وَيَعْقُوبَ نَافِلَةًۭ ۖ وَكُلًّۭا جَعَلْنَا صَـٰلِحِينَ ﴿٧٢﴾

තමන්ට දරුවකු ප්රදානය කරන මෙන් එතුමා තම පරමාධිපතිගෙන් පැතූ අවස්ථාවේ අපි ඔහුට ඉස්හාක්ව තිළිණ කළෙමු. ඊට අමතරව යඃකූබ්ව ද තිළිණ කළෙමු. ඉබ්රාහීම් හා ඔහුගේ දරුවන් වන ඉස්හාක් හා යඃකූබ් යන සෑම කෙනෙකුවම අල්ලාහ්ට අවනත වන දැහැමියන් බවට අපි පත් කළෙමු

وَجَعَلْنَـٰهُمْ أَئِمَّةًۭ يَهْدُونَ بِأَمْرِنَا وَأَوْحَيْنَآ إِلَيْهِمْ فِعْلَ ٱلْخَيْرَٰتِ وَإِقَامَ ٱلصَّلَوٰةِ وَإِيتَآءَ ٱلزَّكَوٰةِ ۖ وَكَانُوا۟ لَنَا عَـٰبِدِينَ ﴿٧٣﴾

යහපත් කටයුතුවලදී ජනයා ඔවුන්ගෙන් මග ලබන නායකයින් බවට අපි ඔවුන් පත් කළෙමු. උත්තරීතර අල්ලාහ්ගෙන් වූ නියෝගය අනුව අල්ලාහ්ට පමණක් නැමදීම සඳහා ඔවුහු ජනයාට ඇරයුම් කරති. "නුඹලා යහපත කරනු. නුඹලා සලාතය පූර්ණවත් ලෙස ඉටු කරනු. සකාත් නියමය ඉටු කරනු." යැයි අපි ඔවුනට දේව පණිවිඩ එව්වෙමු. ඔවුහු අපට අවනත වූහ

وَلُوطًا ءَاتَيْنَـٰهُ حُكْمًۭا وَعِلْمًۭا وَنَجَّيْنَـٰهُ مِنَ ٱلْقَرْيَةِ ٱلَّتِى كَانَت تَّعْمَلُ ٱلْخَبَـٰٓئِثَ ۗ إِنَّهُمْ كَانُوا۟ قَوْمَ سَوْءٍۢ فَـٰسِقِينَ ﴿٧٤﴾

වාදී ප්රතිවාදීන් අතර තීන්දු දීමේ යුක්තිය, අපි ලූත්ට පිරිනැමුවෙමු. ඔහුගේ ආගමික කටයුතුවල දැනුම ද අපි ඔහුට පිරිනැමුවෙමු. "සදෝම්" නම් ඔහුගේ ගම්මානයට අපි පහළ කළ දඬුවමින් අපි ඔහු මුදවා ගත්තෙමු. එම ගම්වාසීන් අශීලාචාර සමලිංගික සේවනයේ හැසිරුණහ. සැබැවින්ම ඔවුන් ඔවුන්ගේ පරමාධිපතිට අවනත වීමෙන් ඉවත් වූ ප්රචණ්ඩකාරී පිරිසක් වූහ

وَأَدْخَلْنَـٰهُ فِى رَحْمَتِنَآ ۖ إِنَّهُۥ مِنَ ٱلصَّـٰلِحِينَ ﴿٧٥﴾

ඔහුගේ ජනයාට අත් වූ දඬුවමින් අපි ඔවුන් මුදවා ගත් අවස්ථාවේ ඔහුව අපගේ කරුණාව තුළට ඇතුළත් කළෙමු. සැබැවින්ම ඔහු වනාහි, අපගේ නියෝග පිළිපදිමින් හා අප තහනම් කළ දැයින් වැළකෙමින් ආ දැහැමියන් අතරින් කෙනෙකු විය

وَنُوحًا إِذْ نَادَىٰ مِن قَبْلُ فَٱسْتَجَبْنَا لَهُۥ فَنَجَّيْنَـٰهُ وَأَهْلَهُۥ مِنَ ٱلْكَرْبِ ٱلْعَظِيمِ ﴿٧٦﴾

අහෝ දූතය! නූහ්ගේ කතා වස්තුව ද මෙනෙහි කරනු. ඉබ්රාහීම් හා ලූත්ට පෙර ඔහු අල්ලාහ්ව ඇමතීය. ඔහු පැතූ දෑ අපි ඔහුට පිරිනැමීමෙන් අපි ඔහුට ප්රතිචාර දැක්වූයෙමු. ඒ අනුව අපි ඔහු හා දේව විශ්වාසී ජනයා මහත් වූ විනාශයෙන් මුදවා ගත්තෙමු. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

وَنَصَرْنَـٰهُ مِنَ ٱلْقَوْمِ ٱلَّذِينَ كَذَّبُوا۟ بِـَٔايَـٰتِنَآ ۚ إِنَّهُمْ كَانُوا۟ قَوْمَ سَوْءٍۢ فَأَغْرَقْنَـٰهُمْ أَجْمَعِينَ ﴿٧٧﴾

ඔහුගේ සත්යතාව පෙන්වා දෙමින්, අප ඔහු ව තහවුරු කළ සාධක බොරු කළ ජනයාගේ කුමන්ත්රණයෙන් අපි ඔහුව මුදවා ගත්තෙමු. සැබැවින්ම ඔවුහු ප්රචණ්ඩකාරී නපුරු ජන පිරිසක් වූහ. එහෙයින් අපි ඔවුන් සියලු දෙනා දියේ ගිල්වා විනාශ කළෙමු

وَدَاوُۥدَ وَسُلَيْمَـٰنَ إِذْ يَحْكُمَانِ فِى ٱلْحَرْثِ إِذْ نَفَشَتْ فِيهِ غَنَمُ ٱلْقَوْمِ وَكُنَّا لِحُكْمِهِمْ شَـٰهِدِينَ ﴿٧٨﴾

අහෝ දූතය! දාවූද් හා ඔහුගේ පුත් සුලෙයිමාන් (අලයිහිමස් සලාම්) යන අය ගැනද මෙනෙහි කරනු. දෙදෙනෙකු වාද කරමින් ඔවුන් දෙදෙනා වෙත තබන ලද නඩුවක් සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනා තීන්දු ලබා දුන්හ. එනම් ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙක් සතු ව තිබූ එළුවකු රාත්රියේ දී අනෙක් පුද්ගලයාගේ ගොවිබිමෙහි සැරිසරා එය විනාශ කර දැමීමයි. දාවූද් හා සුලෙයිමාන්ගේ තීන්දුවේදී අපි සාක්ෂිකරුවන් ලෙස සිටියෙමු. ඔවුන් දෙදෙනාගේ තීන්දුවෙහි කිසිවක් අපට සැඟ වූයේ නැත

فَفَهَّمْنَـٰهَا سُلَيْمَـٰنَ ۚ وَكُلًّا ءَاتَيْنَا حُكْمًۭا وَعِلْمًۭا ۚ وَسَخَّرْنَا مَعَ دَاوُۥدَ ٱلْجِبَالَ يُسَبِّحْنَ وَٱلطَّيْرَ ۚ وَكُنَّا فَـٰعِلِينَ ﴿٧٩﴾

සුලයිමාන්ගේ පියා වන දාවූද්ට නොව, සුලෙයිමාන් වන ඔහුට අපි එම තීන්දුව වටහා දුන්නෙමු. දාවූද් හා සුලයිමාන් යන දෙදෙනාටම නබිත්වය හා ආගමික නීති පිළිබඳ දැනුම අපි පිරිනැමුවෙමු. අපි සුලයිමාන්ට පමණක් විශේෂකොට සැලකුවේ නැත. දාවූද් ට ගුණගායනා කරන කඳු යටත් කර දුන්නෙමු. එමෙන්ම ඔහුට පක්ෂීන්ද යටත් කර දුන්නෙමු. අපි මෙසේ වටහා දීමටත් ප්රඥාව හා දැනුම පිරීනැමීමටත් කටයුතු කරන්නන් වූයෙමු

وَعَلَّمْنَـٰهُ صَنْعَةَ لَبُوسٍۢ لَّكُمْ لِتُحْصِنَكُم مِّنۢ بَأْسِكُمْ ۖ فَهَلْ أَنتُمْ شَـٰكِرُونَ ﴿٨٠﴾

නුඹලාගේ ශරීර කඩු පහරින් වළක්වා ආරක්ෂා කර ගැනීම සඳහා යුද කබා නිර්මාණය කිරීමේ හැකියාව අපි සුලෙයිමාන්ට නොව දාවූද්ට පිරිනැමුවෙමු. අහෝ ජනයිනි! අල්ලාහ් එමගින් නුඹලා වෙත ආශිර්වාද කර ඇති මෙම ආශිර්වාද සඳහා නුඹලා කෘතගුණ සලකන්නන් වන්නෙහු ද?

وَلِسُلَيْمَـٰنَ ٱلرِّيحَ عَاصِفَةًۭ تَجْرِى بِأَمْرِهِۦٓ إِلَى ٱلْأَرْضِ ٱلَّتِى بَـٰرَكْنَا فِيهَا ۚ وَكُنَّا بِكُلِّ شَىْءٍ عَـٰلِمِينَ ﴿٨١﴾

එහි අප නබිවරුන් පහළ කිරීමෙන් හා දැහැමි සම්පත් ව්යාප්ත කිරීමෙන් සමෘද්ධිමත් කළ සිරියා දේශය වෙත තදින් හමන සුළං හැමිමට සුලෙයිමාන් අණ කළ විට ඔහුගේ නියෝගය පරිදි එය හමා ගමන් ගත්තේය. සියලු දෑ පිළිබඳ අපි දැන සිටියෙමු. එයින් කිසිවක් අපට සැඟවෙන්නේ නැත

وَمِنَ ٱلشَّيَـٰطِينِ مَن يَغُوصُونَ لَهُۥ وَيَعْمَلُونَ عَمَلًۭا دُونَ ذَٰلِكَ ۖ وَكُنَّا لَهُمْ حَـٰفِظِينَ ﴿٨٢﴾

එමෙන්ම මුහුදේ ගිලී මුතු හා වෙනත් සම්පත් මතු කරමින් එන ජින්නුන් ද අපි ඔහුට වසඟ කර දුන්නෙමු. ඔවුහු ඒ හැර ගොඩනැගිලි ඉදිකිරීම් මෙන් වෙනත් කටයුතු පිළිබඳව ද දැන සිටියෝය. ඔවුන්ගේ සංඛ්යාව හා ඔවුන්ගේ ක්රියාවන් අපි ආරක්ෂා කරන්නන් වූයෙමු. ඒවායින් කිසිවක් අපට මඟ හැරී යන්නේ නැත

۞ وَأَيُّوبَ إِذْ نَادَىٰ رَبَّهُۥٓ أَنِّى مَسَّنِىَ ٱلضُّرُّ وَأَنتَ أَرْحَمُ ٱلرَّٰحِمِينَ ﴿٨٣﴾

අහෝ දූතය! අය්යූබ් (අලයිහිස් සලාම්) තුමාගේ කතා වස්තුව ද මෙනෙහි කරනු. ඔහුට අත් වූ පරීක්ෂණ අවස්ථාවේ ඔහු තම පරමාධිපතිට ප්රාර්ථනා කරමින්, "අහෝ මාගේ පරමාධිපති යාණනි! සැබැවින්ම මම රෝගයෙන් පෙළෙමි. මාගේ පවුල අහිමි විය. කරුණාව දක්වන්නන් අතරින් සැබැවින්ම නුඹ සියලු දනන් හට මහා කාරුණිකය. මාහට بلغ අල්-කුර්ආන් · තෆ්සීර් අත්වූ මෙම පරීක්ෂණය මගෙන් ඉවත් කරනු මැනව!" යැයි ප්රාර්ථනා කර සිටියේය

فَٱسْتَجَبْنَا لَهُۥ فَكَشَفْنَا مَا بِهِۦ مِن ضُرٍّۢ ۖ وَءَاتَيْنَـٰهُ أَهْلَهُۥ وَمِثْلَهُم مَّعَهُمْ رَحْمَةًۭ مِّنْ عِندِنَا وَذِكْرَىٰ لِلْعَـٰبِدِينَ ﴿٨٤﴾

ඔහුගේ ප්රාර්ථනාවට අපි පිළිතුරු දුන්නෙමු. ඔහුට අත්වූ හානිය අපි ඔහුගෙන් ඉවත් කළෙමු. ඔහුට අහිමි වූ පවුල හා ඔහුගේ දරුවන් අපි ඔහුට පිරිනැමුවෙමු. ඔවුන් මෙන්ම ඔවුන් මෙන් සමාන තවත් අය ද පිරිනැමුවෙමු. මේ සියල්ල අප සිදු කළේ අප වෙතින් වූ ආශිර්වාදයක් වශයෙනි. එමෙන්ම නැමදුම් කරමින් අල්ලාහ්ට යටත් වන සෑම කෙනෙකුටම මෙනෙහි කිරීමක් වශයෙනි. එය අය්යූබ්ගේلඉවසීම මෙන් ඔවුන් ඉවසනු පිණිසය

وَإِسْمَـٰعِيلَ وَإِدْرِيسَ وَذَا ٱلْكِفْلِ ۖ كُلٌّۭ مِّنَ ٱلصَّـٰبِرِينَ ﴿٨٥﴾

අහෝ දූතය! ඉස්මාඊල් ඉද්රීස් හා දුල් කිෆ්ල් (ඔවුන් වෙත සාමය අත් වේවා!) යන අය ගැන ද මෙනෙහි කරනු. ඔවුන් අතරින් සෑම කෙනෙකුම පරීක්ෂණයන් මත ඉවසීමෙන් කටයුතු කරන්නන් අතරින් වූහ. අල්ලාහ් ඔවුනට කවර කරුණක් පවරා සිටියේ ද ඒවා ක්රියාත්මක කරන්නන් වූහ

وَأَدْخَلْنَـٰهُمْ فِى رَحْمَتِنَآ ۖ إِنَّهُم مِّنَ ٱلصَّـٰلِحِينَ ﴿٨٦﴾

ඔවුන් අපගේ කරුණාව තුළට අපි ඇතුළත් කළෙමු. ඔවුන් නබිවරුන් බවට අපි පත් කළෙමු. ඔවුන් ස්වර්ගයට අපි ඇතුළත් කළෙමු. සැබැවින්ම ඔවුන් වනාහි, ඔවුන්ගේ පරමාධිපතිට අවනත වෙමින් දැහැමි ක්රියාවන් සිදු කළ අල්ලාහ්ගේ ගැත්තන් අතරින් වූහ. ඔවුන්ගේ අභ්යන්තරය මෙන්ම බාහිරය දැහැමි විය

وَذَا ٱلنُّونِ إِذ ذَّهَبَ مُغَـٰضِبًۭا فَظَنَّ أَن لَّن نَّقْدِرَ عَلَيْهِ فَنَادَىٰ فِى ٱلظُّلُمَـٰتِ أَن لَّآ إِلَـٰهَ إِلَّآ أَنتَ سُبْحَـٰنَكَ إِنِّى كُنتُ مِنَ ٱلظَّـٰلِمِينَ ﴿٨٧﴾

අහෝ දූතය! මත්සයා හා බැඳුණු යූනුස් (අලෙයිහි සලාම්) තුමාගේ කතා වස්තුව ද මෙනෙහි කරනු. තම ජනයා පිටුපාමින් ක්රියා කළ අත්තනෝමතික ක්රියාවන් හේතුවෙන් ඔහුගේ පරමාධිපතිගේ අවසරයෙන් තොර ව ඔහු ඔවුන් මත ඔහු කෝප වී ගිය අවස්ථාවේ, එසේ ඔහු අතහැර යාමෙන් ඔහු දඬුවමට ලක් කර ඔහු ව පීඩනයට පත් නොකරනු ඇතැයි ඔහු සිතුවේය. මත්සයා ගිල දැමීමෙන් පසු දැඩි පීඩනයකින් හා හිරවීමෙන් ඔහු පරීක්ෂාවට ලක් කරනු ලැබීය. මත්සයාගේ කුස, සාගරය හා රාත්රිය යන අන්ධකාරයන්හි සිට තම පාපකම පිළිගනිමින් ඒ ගැන පසුතැවිලි වී ඔහු අල්ලාහ් වෙත යොමු වෙමින් ප්රාර්ථනා කළේය. එහි ඔහු, "නුඹ හැර සැබෑ ලෙසින් නැමදුමට ලක් වන කිසිවකු නැත. නුඹ පිවිතුරු විය. සුවි ශුද්ධ විය. සැබැවින්ම මම අපරාධකරුවන්ගෙන් කෙනෙකු වූයෙමි" යැයි පවසා සිටියේය

فَٱسْتَجَبْنَا لَهُۥ وَنَجَّيْنَـٰهُ مِنَ ٱلْغَمِّ ۚ وَكَذَٰلِكَ نُـۨجِى ٱلْمُؤْمِنِينَ ﴿٨٨﴾

ඔහුගේ ප්රාර්ථනාවට අපි පිළිතුරු දුනිමු. එම අන්ධකාරයෙන් හා මත්ස කුසෙන් ඔහු ව බැහැර කරමින් අපි ඔහු ව එම දරුණු ව්යසනයෙන් මුදවා ගත්තෙමු. යූනුස් තුමාව ඔහුගේ ව්යසනයෙන් අපි මුදවා ගත්තා සේම යම් ව්යසනයක දේව විශ්වාසීන් වැටුණු විට ඔවුන් අල්ලාහ්ගෙන් ප්රාර්ථනා කර සිටියේ නම් අපි ඔවුන්ව ද මුදවා ගන්නෙමු

وَزَكَرِيَّآ إِذْ نَادَىٰ رَبَّهُۥ رَبِّ لَا تَذَرْنِى فَرْدًۭا وَأَنتَ خَيْرُ ٱلْوَٰرِثِينَ ﴿٨٩﴾

අහෝ දූතය! නුඹ සකරිය්යා (අලයිහිස් සලාම්) තුමා පිළිබඳව ද මෙනෙහි කරනු. එවිට, "මගේ පරමාධිපතියාණනි! කිසිදු දරුවකු නොමැති ව මා තනි ව අතහැර නොදමනු. සැබැවින්ම ඉතිරි කරන්නන් අතරින් ශ්රේෂ්ඨයා ඔබ වන්නෙහිය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර් එහෙයින් මගෙන් පසු පවතින දරුවකු මාහට පෝෂණය කරනු මැනව!" යැයි පවසමින් ප්රාර්ථනා කළේය

فَٱسْتَجَبْنَا لَهُۥ وَوَهَبْنَا لَهُۥ يَحْيَىٰ وَأَصْلَحْنَا لَهُۥ زَوْجَهُۥٓ ۚ إِنَّهُمْ كَانُوا۟ يُسَـٰرِعُونَ فِى ٱلْخَيْرَٰتِ وَيَدْعُونَنَا رَغَبًۭا وَرَهَبًۭا ۖ وَكَانُوا۟ لَنَا خَـٰشِعِينَ ﴿٩٠﴾

وكانوا لنا خشعين ඔහුගේ ප්රාර්ථනාවට අපි පිළිතුරු දුනිමු. අපි ඔහුට දරුවකු වශයෙන් යහ්යාව පිරිනැමුවෙමු. ඔහුගේ බිරිය යහපත් තත්ත්වයට පත් කළෙමු. එවිට ඇය දරුවන් නොමැති තත්ත්වයේ සිට අධික ලෙස දරුවන් බිහි කරන තත්ත්වයට පත් වූවාය. සැබැවින්ම සකරිය්යා, ඔහුගේ බිරිය හා ඔහුගේ දරුවා දැහැමි ක්රියාවන් සිදු කිරීමට යුහුසුළු වූහ. එමෙන්ම අප වෙත වූ කුසල් බලාපොරොත්තුවෙන් ඔවුහු අපගෙන් ප්රාර්ථනා කර සිටියෝය. අප වෙතින් වූ දඬුවම ගැන බියෙන් පසු වූහ. ඔවුහු අපට යටහත් පහත් වූවන් වූහ

وَٱلَّتِىٓ أَحْصَنَتْ فَرْجَهَا فَنَفَخْنَا فِيهَا مِن رُّوحِنَا وَجَعَلْنَـٰهَا وَٱبْنَهَآ ءَايَةًۭ لِّلْعَـٰلَمِينَ ﴿٩١﴾

අහෝ දූතය! දුරාචාරයෙන් තම රහස්ය පෙදෙස ආරක්ෂා කරගත් මර්යම් (අලයිහිස් සලාම්) තුමිය පිළිබඳ කතා වස්තුව ද මෙනෙහි කරනු. ඇය වෙත අල්ලාහ් ජිබ්රීල් (අලයිහිස් සලාම්) තුමාව යැව්වේය. ඔහු ඇය තුළ පිම්ඹේය. එමගින් ඇය ඊසා (අලයිහිස් සලාම්) තුමා ව පිළිසිඳ ගත්තාය. ඇය හා ඇයගේ පුත් ඊසා මිනිසුන්ට අල්ලාහ්ගේ බලය පෙන්වා දෙන සළකුණක් වූහ. පියකුගෙන් තොර ව මැවීමට හැකි ඔහුව කිසිවකු විසින් පරාජයට පත් කළ නොහැක

إِنَّ هَـٰذِهِۦٓ أُمَّتُكُمْ أُمَّةًۭ وَٰحِدَةًۭ وَأَنَا۠ رَبُّكُمْ فَٱعْبُدُونِ ﴿٩٢﴾

අහෝ ජනයිනි! සැබැවින්ම නුඹලාගේ පිළිවෙත එකම පිළිවෙතකි. එය ඉස්ලාම් දහම වන දේව ඒකීයකරණයේ දහමයි. මම නුඹලාගේ පරමාධිපති වෙමි. එහෙයින් නුඹලා මට පමණක් අවංකව නැමදුම් කරනු

وَتَقَطَّعُوٓا۟ أَمْرَهُم بَيْنَهُمْ ۖ كُلٌّ إِلَيْنَا رَٰجِعُونَ ﴿٩٣﴾

මිනිස්සු වෙන් ව ගියෝය. ඔවුන් අතරින් ඒකදේවත්වය විශ්වාස කරන්නා, දෙවියන්ට ආදේශ කරන්නා, දෙවියන් ප්රතික්ෂේප කරන්නා, දෙවියන් විශ්වාස කරන්නා යනා දී පිරිස් බවට පත් වූහ. මෙසේ පිල්වලට බෙදුණු ජනයා මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ හැරී එනුයේ අප වෙත පමණි

فَمَن يَعْمَلْ مِنَ ٱلصَّـٰلِحَـٰتِ وَهُوَ مُؤْمِنٌۭ فَلَا كُفْرَانَ لِسَعْيِهِۦ وَإِنَّا لَهُۥ كَـٰتِبُونَ ﴿٩٤﴾

අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්ව විශ්වාස කරන්නෙකු සේ ඔවුන් අතරින් කවරෙකු දැහැමි ක්රියාවන් සිදු කළේ ද, ඔහුගේ දැහැමි ක්රියාවන් ප්රතික්ෂේප කරනු නොලැබේ. ඔහුගේ තිළිණ පිරිනමා අල්ලාහ් ඔහුට කෘතවේදීත්වය පළ කර එය ඔහුට ගුණ කර දෙනු ඇත. යළි අවදි කරන දිනයේ ඔහුගේ ක්රියා ලේඛනය තුළ එය ඔහු දැක ගනී. එමගින් ඔහු සතුටට පත් වෙයි

وَحَرَٰمٌ عَلَىٰ قَرْيَةٍ أَهْلَكْنَـٰهَآ أَنَّهُمْ لَا يَرْجِعُونَ ﴿٩٥﴾

තම ප්රතික්ෂේපය හේතුවෙන් අප විනාශ කළ ගම්වාසීන්හට, ඔවුන් පාපක්ෂමාවේ නිරත වී ඔවුන්ගේ පාපක්ෂමාව පිළිගනු ලබන පිණිස නැවත මෙලොවට පැමිණීමට නොහැකි වුහ. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

حَتَّىٰٓ إِذَا فُتِحَتْ يَأْجُوجُ وَمَأْجُوجُ وَهُم مِّن كُلِّ حَدَبٍۢ يَنسِلُونَ ﴿٩٦﴾

කිසිවිටෙක ඔවුන් නැවත හරවා යවනු නොලබති. එය යඃජූජ් හා මඃජූජ්ගේ බාධකය විවෘත කරනු ලබන තුරුම පවතී. එදින ඔවුහු සෑම උස් භූමියකින්ම වේගයෙන් බැහැර වී පැමිණෙනු ඇත

وَٱقْتَرَبَ ٱلْوَعْدُ ٱلْحَقُّ فَإِذَا هِىَ شَـٰخِصَةٌ أَبْصَـٰرُ ٱلَّذِينَ كَفَرُوا۟ يَـٰوَيْلَنَا قَدْ كُنَّا فِى غَفْلَةٍۢ مِّنْ هَـٰذَا بَلْ كُنَّا ظَـٰلِمِينَ ﴿٩٧﴾

ඔවුන් බැහැරට පැමිණීමෙන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය සමීප වනු ඇත. එහි අර්බුද හා දරුණු ව්යසනයන් හෙළිවනු ඇත. එහි අර්බුදවල දරුණුකම හේතුවෙන් දේව ප්රතික්ෂේපකයින්ගේ බැල්ම විවෘත ව පවතී. ඔවුහු මෙසේ පවසති. "අහෝ අපගේ විනාශය! මෙම මහත් වූ දිනය වෙනුවෙන් සූදානම් වීමෙන් දුරස් ව මෙලොව කටයුතුවලදී කාර්යබහුලව හා විනෝදයෙහි පසු වූයෙමු. දේව ප්රතික්ෂේපය හා පාපකම් හේතුවෙන් අපි අපරාධකරුවන් වූයෙමු."

إِنَّكُمْ وَمَا تَعْبُدُونَ مِن دُونِ ٱللَّهِ حَصَبُ جَهَنَّمَ أَنتُمْ لَهَا وَٰرِدُونَ ﴿٩٨﴾

අහෝ දෙවියන්ට ආදේශ තබන්නනි! සැබැවින්ම නුඹලා -අල්ලාහ් හැර දමා නුඹලා නමදින පිළිමද ජින්නුන් හා මිනිසුන් අතරින් නුඹලාගේ නැමදීම ගැන සෑහීමට පත්වන්නන් ද- නිරයේ ඉන්ධන වෙති. නුඹලා හා නුඹලාගේ නැමදුමට ලක්වූවන් එහි පිවිසෙන්නෝ වෙති. ل

لَوْ كَانَ هَـٰٓؤُلَآءِ ءَالِهَةًۭ مَّا وَرَدُوهَا ۖ وَكُلٌّۭ فِيهَا خَـٰلِدُونَ ﴿٩٩﴾

මෙසේ නැමදුම් ලබන්නන් සැබෑ ලෙස නැමදුම් ලබන දෙවිවරුන් වී නම්, ඔවුහු නැමදුම් කළ අය සමග නිරයට ඇතුළු නොවෙති. නැමදුම් කළ හා නැමදුම් ලැබූ සෑම කෙනෙකුම නිරයේ වෙති. එයින් බැහැරට යා නොහැකිව සදාතනිකව එහි කල් ගෙවති. لهم فيها زفير وهم فيها لا يسمعون

لَهُمْ فِيهَا زَفِيرٌۭ وَهُمْ فِيهَا لَا يَسْمَعُونَ ﴿١٠٠﴾

ඔවුන් එහි මුහුණ දෙන දැඩි වේදනාව හේතුවෙන් එහි ඔවුනට දැඩි විලාපයක් ඇත. නිරා ගින්නේ සිටින ඔවුනට අත් වූ බියකරු දැඩි අර්බුද හේතුවෙන් හඬවල්වලට සවන් දෙන්නන් ලෙස පවා නොසිටිති

إِنَّ ٱلَّذِينَ سَبَقَتْ لَهُم مِّنَّا ٱلْحُسْنَىٰٓ أُو۟لَـٰٓئِكَ عَنْهَا مُبْعَدُونَ ﴿١٠١﴾

දේව ආදේශකයින් "සැබැවින්ම ඊසා හා ඔවුන් නැමදුමට ගත් මලක්වරුන් නිරා ගින්නට පිවිසෙනු ඇතැ"යි පැවසූ කල්හි, "සැබැවින්ම ඔවුන් ඊසා අලයිහිස් සලාම් තුමා මෙන් නිරා ගින්නෙන් දුරස් කරනු ලැබූ ප්රීතිමත් ජනයා වන බව අල්ලාහ්ගේ පූර්ව දැනුමෙහි විය." යැයි අල්ලාහ් පැවසීය

لَا يَسْمَعُونَ حَسِيسَهَا ۖ وَهُمْ فِى مَا ٱشْتَهَتْ أَنفُسُهُمْ خَـٰلِدُونَ ﴿١٠٢﴾

ඔවුන්ගේ සවන්වලට නිරයේ හඬ ලඟා නොවෙයි. ඔවුන්ගේ ආත්මාවන් සතුටුවන සුව පහසුකම් හා වින්දනයන් තුළ රැඳෙන්නෝ වෙති. ඔවුන්ගේ එම සැපත කිසි විටෙක විසන්ධි වී යන්නේ නැත. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

لَا يَحْزُنُهُمُ ٱلْفَزَعُ ٱلْأَكْبَرُ وَتَتَلَقَّىٰهُمُ ٱلْمَلَـٰٓئِكَةُ هَـٰذَا يَوْمُكُمُ ٱلَّذِى كُنتُمْ تُوعَدُونَ ﴿١٠٣﴾

නිරය එයට අදාළ වූවන් මත ක්රියාත්මක වන මොහොතේ එම භයානක අර්බුධය ඔවුන් බියට පත් නොකරයි. මලක්වරුන් ඔවුනට සුබ පතමින් මෙසේ පවසති: මෙලොවෙහි නුඹලාට කවර ප්රතිඥාවක් දෙනු ලබමින් සිටියෙහු ද නුඹලාගේ ඒ දවස මෙයයි. නුඹලා එහි ලබන සුවපහසුකම් පිළිබඳ ශුභාරංචි දන්වා සිටිනු

يَوْمَ نَطْوِى ٱلسَّمَآءَ كَطَىِّ ٱلسِّجِلِّ لِلْكُتُبِ ۚ كَمَا بَدَأْنَآ أَوَّلَ خَلْقٍۢ نُّعِيدُهُۥ ۚ وَعْدًا عَلَيْنَآ ۚ إِنَّا كُنَّا فَـٰعِلِينَ ﴿١٠٤﴾

එදින අපි අහස, එහි ඇති දෑ කොළ නමා මදින්නාක් සේ අපි මදින්නෙමු. සියලු මැවීම් ඒවා මුල් අවදියේ මවනු ලැබුවාක් මෙන්ම ඒ හැඩරුවෙන් ම අපි එක්රැස් කරන්නෙමු. ඒ ගැන වූ අපගේ ප්රතිඥාව කඩ කරනු ලබන්නක් නොවේ. සැබැවින්ම අපි පොරොන්දු වූ දෑ ඉටු කරන්නන් වෙමු

وَلَقَدْ كَتَبْنَا فِى ٱلزَّبُورِ مِنۢ بَعْدِ ٱلذِّكْرِ أَنَّ ٱلْأَرْضَ يَرِثُهَا عِبَادِىَ ٱلصَّـٰلِحُونَ ﴿١٠٥﴾

සැබැවින්ම අල්ලාහ්ට අවනතව කටයුතු කරන ඔහුගේ දැහැමි ගැත්තන් මහපොළොව උරුම කර ගනු ඇතැයි ද ඔවුහු මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ සමූහයා බව ද, "ලව්හුල් මහ්ෆූල්’ නම් ආරක්ෂක පුවරුවේ සටහන් කළ පසු ව දූතවරුන් වෙත අප පහළ කළ පුස්තකවල සටහන් කර තැබුවෙමු. إن فى هذا لبلغا لقوم عبدين

إِنَّ فِى هَـٰذَا لَبَلَـٰغًۭا لِّقَوْمٍ عَـٰبِدِينَ ﴿١٠٦﴾

ඔවුනට දහම්ගත කරනු ලැබූ කරුණු අනුව තම පරමාධිපතිට ගැතිකම් කරන ජනයාහට අප පහළ කළ දෑහි ප්රයෝජනයක් හා ප්රමාණවත් උපදෙසක් ඇත. ඒ අනුව ඔවුහු එමගින් ප්රයෝජනය ලබන්නෝ වෙති

وَمَآ أَرْسَلْنَـٰكَ إِلَّا رَحْمَةًۭ لِّلْعَـٰلَمِينَ ﴿١٠٧﴾

අහෝ මුහම්මද්! නුඹ මිනිසුන් හට මඟපෙන්වීමටත් අල්ලාහ්ගේ දඬුවමින් ඔවුන් මුදවා ගන්නටත් ආශාකරන්නෙකු වශයෙන් වැජඹෙන බැවින් සියලු මැවීම්හට ආශිර්වාදයක් වශයෙන් මිස අපි නුඹව දහම් දූතයකු ලෙස නොඑව්වෙමු

قُلْ إِنَّمَا يُوحَىٰٓ إِلَىَّ أَنَّمَآ إِلَـٰهُكُمْ إِلَـٰهٌۭ وَٰحِدٌۭ ۖ فَهَلْ أَنتُم مُّسْلِمُونَ ﴿١٠٨﴾

අහෝ දූතය! නුඹ පවසනු. "සැබැවින්ම මාගේ පරමාධිපතිගෙන් මා හට දැනුම් දී ඇත්තේ, ‘සැබැවින්ම සැබෑ ලෙස නුඹලා නැමදුම් කරනු ලැබිය යුත්තේ එකම දෙවියකුටය. ඔහුට කිසිදු හවුල්කරුවකු නැත. ඔහු අල්ලාහ්ය’ යන්නය. එහෙයින් ඔහු විශ්වාස කිරීමටත් ඔහුට අවනත වී කටයුතු කිරීමටත් නුඹලා අවනත වනු."

فَإِن تَوَلَّوْا۟ فَقُلْ ءَاذَنتُكُمْ عَلَىٰ سَوَآءٍۢ ۖ وَإِنْ أَدْرِىٓ أَقَرِيبٌ أَم بَعِيدٌۭ مَّا تُوعَدُونَ ﴿١٠٩﴾

නුඹ ඔවුන් වෙත කවර කරුණක් ගෙන ආවේ ද එය ඔවුන් පිටුපෑවේ නම්, එවිට "අහෝ දූතය! නුඹ ඔවුනට, ‘සැබැවින්ම මා අතර හා නුඹලා අතර පවතින සමාන කරුණක් විස්තර කරමින් සැබැවින්ම මා හා නුඹලා ඒ මත සිටින බවත්, අල්ලාහ් ප්රතිඥා දුන් ඔහුගේ දඬුවම නුඹලාට කවර මොහොතක පහළ වන්නේ දැයි මා නොදන්නා බවත් මම නුඹලාට දන්වා සිටියෙමි’ යැයි පවසනු." بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

إِنَّهُۥ يَعْلَمُ ٱلْجَهْرَ مِنَ ٱلْقَوْلِ وَيَعْلَمُ مَا تَكْتُمُونَ ﴿١١٠﴾

මම නුඹලාට කවර ප්රකාශයක් දැනුම් දුන්නේ ද ඒ බව අල්ලාහ් දනී. නුඹලා කවර කරුණක් වසන් කරන්නේ ද ඒ ගැන ද ඔහු දනී. ඒවායින් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඒ සඳහා ඔහු මතු ප්රතිඵල පිරිනමනු ඇත. وإن أدرى لعله فتنة ل كم ومتع إلى حين

وَإِنْ أَدْرِى لَعَلَّهُۥ فِتْنَةٌۭ لَّكُمْ وَمَتَـٰعٌ إِلَىٰ حِينٍۢ ﴿١١١﴾

දඬුවම නුඹලාට ප්රමාද කිරීම නුඹලාට පරීක්ෂණයක් වේ දැයි හෝ පියවරෙන් පියවර සිදුවන්නක් දැයි හෝ අල්ලාහ්ගේ දැනුමෙහි නියමිත කාලයක් දක්වා නුඹලා වෙනුවෙන් වූ භුක්ති විඳීමක් දැයි හෝ මම නොදනිමි. නුඹලා නුඹලාගේ ප්රතික්ෂේපය තුළ හා මුළාව තුළ අඛණ්ඩව සිටින්නෙහුය

قَـٰلَ رَبِّ ٱحْكُم بِٱلْحَقِّ ۗ وَرَبُّنَا ٱلرَّحْمَـٰنُ ٱلْمُسْتَعَانُ عَلَىٰ مَا تَصِفُونَ ﴿١١٢﴾

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තම පරමාධිපතිට ප්රාර්ථනා කරමින්, "මාගේ පරමාධිපතියාණනි! අප අතර හා දේව ප්රතික්ෂේපය මත සිටින අපගේ ජනයා අතර සත්ය තීන්දුවක් තුළින් වෙන් කරනු මැනව. ඔවුන් පවසන දේව ප්රතික්ෂේපය හා අසත්යයට එරෙහිව අපගේ කාරුණික පරමාධිපතියාණන්ගෙන් අපි උදව් පතමු" යැයි පැවසූහ. මූලාශ්‍රය: අල්-මුඃතසර් ෆී තෆ්සීරිල් කුර්ආන්

ඉගෙන ගන්න · Al-Anbiyaa — الأنبياء

අනුගමනය · පුනරාවර්තනය · පැවසීම · ලියාපදිංචිය අවශ්‍ය නැත

තෆ්සීර් · 31 භාෂා