طه ﴿١﴾
(තා, හා) සූරා බකරා ආරම්භයේදී මෙවැනි පාඨ පිළිබඳ විස්තර සඳහන් කර ඇත
මුල් පිටුව›තෆ්සීර්›Taa-Haa (20)
මක්කී · 135 වාක්‍ය
طه ﴿١﴾
(තා, හා) සූරා බකරා ආරම්භයේදී මෙවැනි පාඨ පිළිබඳ විස්තර සඳහන් කර ඇත
مَآ أَنزَلْنَا عَلَيْكَ ٱلْقُرْءَانَ لِتَشْقَىٰٓ ﴿٢﴾
අහෝ දූතය! නුඹේ සමූහයා නුඹ ව විශ්වාස කිරීමෙන් ඉවත් වීම ගැන නුඹ දුකට පත් වීමෙහි හේතු සාධකයක් වනු පිණිස අපි අල් කුර්ආනය නුඹ වෙත පහළ නොකළෙමු. إلا تذكرة لمن يخش
إِلَّا تَذْكِرَةًۭ لِّمَن يَخْشَىٰ ﴿٣﴾
අල්ලාහ්ට බියබැතිමත් වීම සඳහා ඔහු ඔවුනට ආශිර්වාද කළ අයට මෙනෙහි කිරීමක් වනු පිණිස මිස අපි එය පහළ නොකළෙමු
تَنزِيلًۭا مِّمَّنْ خَلَقَ ٱلْأَرْضَ وَٱلسَّمَـٰوَٰتِ ٱلْعُلَى ﴿٤﴾
මහපොළොව මැවූ, උසට අහස් මැවූ අල්ලාහ් මෙය පහළ කළේය. සැබැවින්ම එය උසස් තැනකින් පහළ කරනු ලැබූවක් බැවින් එය අතිමහත් පාරායනයකි
ٱلرَّحْمَـٰنُ عَلَى ٱلْعَرْشِ ٱسْتَوَىٰ ﴿٥﴾
මහා කරුණාන්විතයාණන් අර්ෂය මත උත්තරීතර ඔහුගේ කීර්තියට සුදුසු පරිදි ස්ථාපිත විය
لَهُۥ مَا فِى ٱلسَّمَـٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ وَمَا بَيْنَهُمَا وَمَا تَحْتَ ٱلثَّرَىٰ ﴿٦﴾
අහස්හි ඇති දෑද මහපොළොවේ ඇති දෑද පස යට ඇති මැවීම් ද මැවීමෙන් පාලනය කිරීමෙන් හා සැලසුම් කිරීමෙන් ශුද්ධවන්තයාණන්ට පමණක් සතුය
وَإِن تَجْهَرْ بِٱلْقَوْلِ فَإِنَّهُۥ يَعْلَمُ ٱلسِّرَّ وَأَخْفَى ﴿٧﴾
අහෝ දූතය! නුඹ ප්රකාශය හෙළි කළ ද, එසේ නැතහොත් එය සැඟවු ද සැබැවින්ම අල්ලාහ් ඒ සියල්ල දනීය. රහසිගත දෑද සිත් තුළ ඇතිවන වැරදි වැනි රහසින් සඟවන දෑද ඔහු දනී. ඒ කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත
ٱللَّهُ لَآ إِلَـٰهَ إِلَّا هُوَ ۖ لَهُ ٱلْأَسْمَآءُ ٱلْحُسْنَىٰ ﴿٨﴾
සැබෑ ලෙස නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් කිසිවකු නැත. අලංකාරයේ පූර්ණ පරිනත නාමයන් ඔහුට පමණක් සතුය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
وَهَلْ أَتَىٰكَ حَدِيثُ مُوسَىٰٓ ﴿٩﴾
අහෝ දූතය! ඉම්රාන්ගේ පුත් මූසා (අලයිහිස් සලාම්) තුමාගේ කතා වස්තුව සැබැවින්ම නුඹ වෙත පැමිණ ඇත
إِذْ رَءَا نَارًۭا فَقَالَ لِأَهْلِهِ ٱمْكُثُوٓا۟ إِنِّىٓ ءَانَسْتُ نَارًۭا لَّعَلِّىٓ ءَاتِيكُم مِّنْهَا بِقَبَسٍ أَوْ أَجِدُ عَلَى ٱلنَّارِ هُدًۭى ﴿١٠﴾
ඔහුගේ ගමනෙහි ඔහු ගින්නක් දුටු විට, තම පවුලට, "නුඹලා මෙම ස්ථානයේම රැඳී සිටිනු. මම ගින්නක් දුටිමි. එම ගින්නෙන් ගිනි මැලයක් රැගෙන ආ හැක. එසේ නැතහොත් මාර්ගය වෙත මග පෙන්වන කිසිවකු හෝ ලැබිය හැක" යැයි (මූසා) පැවසීය
فَلَمَّآ أَتَىٰهَا نُودِىَ يَـٰمُوسَىٰٓ ﴿١١﴾
ඔහු එම ගින්න වෙත පැමිණි කල්හි ශුද්ධවන්තයාණන් වූ අල්ලාහ් ඔහුගේම ප්රකාශයෙන්: ‘අහෝ මූසා!’ යැයි ඔහුව ඇමතුවේය
إِنِّىٓ أَنَا۠ رَبُّكَ فَٱخْلَعْ نَعْلَيْكَ ۖ إِنَّكَ بِٱلْوَادِ ٱلْمُقَدَّسِ طُوًۭى ﴿١٢﴾
"සැබැවින්ම මම නුඹගේ පරමාධිපති වෙමි. මා මුණ ගැසීම සඳහා සූදානමක් ලෙසින් නුඹේ පාවහන් යුවල ගලවා දමනු. සැබැවින්ම නුඹ සිටිනුයේ ශුද්ධත්වයට පත් කරනු ලැබූ භූමියකය
وَأَنَا ٱخْتَرْتُكَ فَٱسْتَمِعْ لِمَا يُوحَىٰٓ ﴿١٣﴾
"අහෝ මූසා! මාගේ දූත පණිවිඩය වෙත ඇරයුම් කිරීම සඳහා සැබැවින්ම මම නුඹව තෝරා ඇත්තෙමි. එහෙයින් මා නුඹ වෙත දන්වා සිටින පණිවිඩයට සාවධානයෙන් සවන් දෙනු."
إِنَّنِىٓ أَنَا ٱللَّهُ لَآ إِلَـٰهَ إِلَّآ أَنَا۠ فَٱعْبُدْنِى وَأَقِمِ ٱلصَّلَوٰةَ لِذِكْرِىٓ ﴿١٤﴾
"සැබැවින්ම මම අල්ලාහ් වෙමි. සැබෑ ලෙස නැමදුම් ලබන්නට මා හැර වෙනත් කිසිවකු නැත. එහෙයින් නුඹ මට පමණක් නැමදුම් කරනු. එහි මා මෙනෙහි කරනු පිණිස පූර්ණ අයුරින් නුඹ සලාතය ඉටු කරනු
إِنَّ ٱلسَّاعَةَ ءَاتِيَةٌ أَكَادُ أُخْفِيهَا لِتُجْزَىٰ كُلُّ نَفْسٍۭ بِمَا تَسْعَىٰ ﴿١٥﴾
"සැබැවින්ම අවසන් හෝරාව කිසිදු සැකයකින් තොරව පැමිණෙන්නකි. එමෙන්ම සිදු වන්නකි. මම එය සඟවා ඇත්තෙමි. කිසිදු මැවීමක් එහි නියමිත වේලාව නොදනීය. නමුත් ඔවුන් වෙත පැමිණි නබිවරුන්ගේ තොරතුරුවලින් ඔවුහු එහි සළකුණු හඳුනා ගනිති. එය සෑම ආත්මයක්ම සිදු කළ යහපතක් හෝ අයහපතක් හෝ වේවා ඒ සඳහා ප්රතිඵල පිරිනමනු පිණිසය."
فَلَا يَصُدَّنَّكَ عَنْهَا مَن لَّا يُؤْمِنُ بِهَا وَٱتَّبَعَ هَوَىٰهُ فَتَرْدَىٰ ﴿١٦﴾
ඒ ගැන විශ්වාස නොකරන, තහනම් කරන ලද දෑ, තම ආත්ම ආශාවන්ට අනුව අනුගමනය කරන දේව ප්රතික්ෂේපකයින් නුඹ ව එය සැබෑවක් බව පිළිගැනීමෙන් හා දැහැමි ක්රියාවන් සිදු කොට ඒ වෙනුවෙන් සූදානම් වීමෙන් වෙනතකට නොහැරවිය යුතුය. ඒ හේතුවෙන් නුඹ විනාශ වී යනු ඇත." بلغ අල්-කුර්ආන් · තෆ්සීර් وماتلك بيمينك يموس
وَمَا تِلْكَ بِيَمِينِكَ يَـٰمُوسَىٰ ﴿١٧﴾
"අහෝ මූසා! නුඹේ දකුණතෙහි ඇත්තේ කුමක් ද?" قال هى عصاى أتوك ؤاعليها وأهش بها عل غنمى ولى فيها مٔارب أخر
قَالَ هِىَ عَصَاىَ أَتَوَكَّؤُا۟ عَلَيْهَا وَأَهُشُّ بِهَا عَلَىٰ غَنَمِى وَلِىَ فِيهَا مَـَٔارِبُ أُخْرَىٰ ﴿١٨﴾
මූසා (අලයිහිස් සලාම්) තුමා: ‘එය මාගේ සැරයටියයි. ගමනේදී මම ඒ මත රැඳෙමි. මාගේ එළුවන් වෙනුවෙන් ගසේ කොළ කඩා ගැනීම සඳහා එමගින් ගස සොලවමි. මේ මා සඳහන් නොකළ වෙනත් ප්රයෝජනද එහි මට ඇත." යැයි පැවසීය. قال ألقها يموس
قَالَ أَلْقِهَا يَـٰمُوسَىٰ ﴿١٩﴾
‘අහෝ මූසා! නුඹ එය බිම හෙළනු’ යැයි අල්ලාහ් පැවසීය. فألقىها فإذا هى حية تسعى
فَأَلْقَىٰهَا فَإِذَا هِىَ حَيَّةٌۭ تَسْعَىٰ ﴿٢٠﴾
එවිට මූසා එය බිම හෙළීය. එවිට එය වේගයෙන් හා සැහැල්ලුවෙන් දිව යන සර්පයකු බවට වෙනස් විය
قَالَ خُذْهَا وَلَا تَخَفْ ۖ سَنُعِيدُهَا سِيرَتَهَا ٱلْأُولَىٰ ﴿٢١﴾
"එම සැරයටිය අල්ලනු. එය සර්පයකු බවට වෙනස් වීම ගැන නුඹ බිය නොවනු. ඔබ එය ගන්නා විට මුල් වතාවේ තිබුණාක් මෙන් එය නැවත යථා තත්ත්වයට පත් කරමු" යැයි අල්ලාහ් මූසා (අලයිහිස් සලාම්) තුමාට පැවසීය
وَٱضْمُمْ يَدَكَ إِلَىٰ جَنَاحِكَ تَخْرُجْ بَيْضَآءَ مِنْ غَيْرِ سُوٓءٍ ءَايَةً أُخْرَىٰ ﴿٢٢﴾
"ඔබේ අත ඔබේ ඉල පැත්තට ළං කර ගනු. එවිට කිසිදු සමේ රෝගයකින් තොරව සුදුවන් දීප්තියක් එය පිට කරනු ඇත. එය නුඹ වෙනුවෙන් වූ දෙවන සළකුණයි."
لِنُرِيَكَ مِنْ ءَايَـٰتِنَا ٱلْكُبْرَى ﴿٢٣﴾
‘අහෝ මූසා! අප නුඹට මෙම සලකුණු දෙක පෙන්වූයේ අපගේ ශක්තිය පෙන්වා දෙන සැබැවින්ම නුඹ අල්ලාහ් වෙතින් වූ දූතයකු බව පෙන්වා දෙන අපගේ මහා ප්රාතිහාර්යයන් නුඹට පෙන්වීම සඳහාය.’
ٱذْهَبْ إِلَىٰ فِرْعَوْنَ إِنَّهُۥ طَغَىٰ ﴿٢٤﴾
"අහෝ මූසා! නුඹ ෆිර්අවුන් වෙත ගමන් කරනු. සැබැවින්ම ඔහු දේව ප්රතික්ෂේපයේ හා අල්ලාහ්ට එරෙහිව කැරැලි ගැසීමෙහි සීමාව ඉක්මවා කටයුතු කරන්නෙකි."
قَالَ رَبِّ ٱشْرَحْ لِى صَدْرِى ﴿٢٥﴾
"මාගේ පරමාධිපතියාණනි! හිංසාවන් දරා ගැනීම සඳහා මාගේ හදවත මා වෙනුවෙන් නුඹ විශාල කරනු මැනව" යැයි මූසා (අලයිහිස් සලාම්) තුමා පැවසීය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
وَيَسِّرْ لِىٓ أَمْرِى ﴿٢٦﴾
"තවද මාගේ කටයුත්ත මට පහසු කරනු මැනව!"
وَٱحْلُلْ عُقْدَةًۭ مِّن لِّسَانِى ﴿٢٧﴾
"පැහැදිළි කතාවකින් කතා කරන්නට මා ශක්තිමත් කරනු මැනව!" يفقهوا قولى
يَفْقَهُوا۟ قَوْلِى ﴿٢٨﴾
නුඹේ දූත පණිවිඩය මා ඔවුනට දන්වා සිටින විට මාගේ කතාව ඔවුන් වටහා ගනු පිණිස
وَٱجْعَل لِّى وَزِيرًۭا مِّنْ أَهْلِى ﴿٢٩﴾
මාගේ කටයුතුවලදී මට සහය දෙන උදව්කරුවකු මාගේ පවුලෙන් මා වෙත නියම කර දෙනු මැනව! هرون أ خى
هَـٰرُونَ أَخِى ﴿٣٠﴾
"මාගේ සහෝදර ඉම්රාන්ගේ පුත් හාරූන්ව"
ٱشْدُدْ بِهِۦٓ أَزْرِى ﴿٣١﴾
"ඔහු මගින් මාගේ පසුපෙළ ශක්තිමත් කරනු මැනව!"
وَأَشْرِكْهُ فِىٓ أَمْرِى ﴿٣٢﴾
"දූත මෙහෙවරයෙහි මාගේ හවුල්කරු වශයෙන් ඔහුව පත් කරනු මැනව!" كى نسبحك كثيرا
كَىْ نُسَبِّحَكَ كَثِيرًۭا ﴿٣٣﴾
"අධික වශයෙන් තස්බීහ් කර නුඹව පිවිතුරු කිරීම සඳහා." ونذكرك كثيرا
وَنَذْكُرَكَ كَثِيرًا ﴿٣٤﴾
"තවද අපි ඔබව අධික ලෙස මෙනෙහි කිරීම සඳහා." إنك كنت بنا بصيرا
إِنَّكَ كُنتَ بِنَا بَصِيرًۭا ﴿٣٥﴾
"සැබැවින්ම ඔබ අප දෙස නිරීක්ෂා කරන්නෙකු ලෙස සිටියෙහිය. අපගේ කටයුතු කිසිවක් ඔබට සැඟවෙන්නේ නැත." بلغ අල්-කුර්ආන් · තෆ්සීර් قال قد أوتيت سؤلك يموس
قَالَ قَدْ أُوتِيتَ سُؤْلَكَ يَـٰمُوسَىٰ ﴿٣٦﴾
"අහෝ මූසා! නුඹ පතන දෑ සැබැවින්ම මම නුඹට පිරිනැමුවෙමි" යැයි අල්ලාහ් පැවසීය
وَلَقَدْ مَنَنَّا عَلَيْكَ مَرَّةً أُخْرَىٰٓ ﴿٣٧﴾
සැබැවින්ම තවත් වරක් අපි නුඹට සහය දුන්නෙමු
إِذْ أَوْحَيْنَآ إِلَىٰٓ أُمِّكَ مَا يُوحَىٰٓ ﴿٣٨﴾
ෆිර්අවුන්ගේ කුමන්ත්රණයෙන් අල්ලාහ් ඔබව ආරක්ෂා කිරීම සඳහා ඔබේ මවට දන්වා සිටිය යුතු දෑ අපි ඇයට දන්වා و و විට, සිටි
أَنِ ٱقْذِفِيهِ فِى ٱلتَّابُوتِ فَٱقْذِفِيهِ فِى ٱلْيَمِّ فَلْيُلْقِهِ ٱلْيَمُّ بِٱلسَّاحِلِ يَأْخُذْهُ عَدُوٌّۭ لِّى وَعَدُوٌّۭ لَّهُۥ ۚ وَأَلْقَيْتُ عَلَيْكَ مَحَبَّةًۭ مِّنِّى وَلِتُصْنَعَ عَلَىٰ عَيْنِىٓ ﴿٣٩﴾
ى ඇයට අප දේව පණිවිඩ දන්වා සිටි අවස්ථාවේ, ඔහුගේ උපතින් පසු ව ඔහුව පෙට්ටියක දමන මෙන් ද පෙට්ටිය සමුද්රයේ හෙළන මෙන් ද ඇයට අපි නියෝග කළෙමු. එවිට අපගෙන් වූ නියෝගය පරිදි සමුද්රය වෙරළ තීරයකට ඔහු ගෙනැවින් දැමීය. මාගේ මෙන්ම ඔහුගේ සතුරා එය ගත්තේය. ඔහු ෆිර්අවුන්ය. මගෙන් වූ දයාලුබව මම ඔබ වෙත තැබුවෙමි. ජනයා ද ඔබට ප්රිය කරන්නට ගත්තේය. මාගේ දෑස් ඉදිරියේ මෙන්ම මාගේ ආරක්ෂාව හා අධීක්ෂණය යටතේ ඔබ හැදී වැඩුණෙහිය
إِذْ تَمْشِىٓ أُخْتُكَ فَتَقُولُ هَلْ أَدُلُّكُمْ عَلَىٰ مَن يَكْفُلُهُۥ ۖ فَرَجَعْنَـٰكَ إِلَىٰٓ أُمِّكَ كَىْ تَقَرَّ عَيْنُهَا وَلَا تَحْزَنَ ۚ وَقَتَلْتَ نَفْسًۭا فَنَجَّيْنَـٰكَ مِنَ ٱلْغَمِّ وَفَتَنَّـٰكَ فُتُونًۭا ۚ فَلَبِثْتَ سِنِينَ فِىٓ أَهْلِ مَدْيَنَ ثُمَّ جِئْتَ عَلَىٰ قَدَرٍۢ يَـٰمُوسَىٰ ﴿٤٠﴾
ى ى එවිට ඔබේ සහෝදරිය ද පිටත් වූවාය. පෙට්ටිය ගමන් කරන සෑම විටෙකම එය පසුපස හඹා ඇය ගමන් ගත්තාය. එය ගත් අයට ඇය, "ඔහුව ආරක්ෂා කරන; ඔහුට කිරි දෙන; ඔහුව හදා වඩාගන්නා කෙනෙකු මා ඔබට පෙන්වා දෙන්නදැ?යි විමසා සිටියාය. පසුව ඔබේ මව ඔබේ පැමිණීමෙන් සතුටට පත්වනු පිණිස ඔබව නැවතත් ඇය වෙත භාර දී ඔබට අපි ආශිර්වාද කළෙමු. තවද ඔබ ගැන ඔබ දුක් නොවනු. ඔබ පහර දුන් අල් කිබ්තී ව ඔබ මරා දැමුවෙහිය. දඬුවමින් ඔබව මුදවාගෙන ඔබ වෙත අපි ආශිර්වාද කළෙමු. ඔබට ඇති වූ සෑම පරීක්ෂණයකින්ම පියවරෙන් පියවර අපි ඔබ මුදවා ගත්තෙමු. පසුව ඔබ එයින් පිටව ගොස් වසර ගණනාවක් මද්යන් වාසීන් අතර රැඳී සිටියෙහිය. පසුව අහෝ මූසා ඔබ සමග කතා කිරීම සඳහා ඔබට නියම කළ කාලයෙහි නුඹ නැවත පැමිණියෙහිය
وَٱصْطَنَعْتُكَ لِنَفْسِى ﴿٤١﴾
මාගේ දූත මෙහවර උසුලන දූතයකු ලෙසින් ඔබ වෙත කවර පණිවිඩයක් එවනු ලැබුවේ එය ජනයාට දන්වනු පිණිස මම නුඹ ව තෝරා ගත්තෙමි
ٱذْهَبْ أَنتَ وَأَخُوكَ بِـَٔايَـٰتِى وَلَا تَنِيَا فِى ذِكْرِى ﴿٤٢﴾
අහෝ මූසා! ඔබ හා ඔබේ සහෝදර හාරූන් අල්ලාහ්ගේ බලය හා ඔහුගේ ඒකීයත්වය පෙන්වා දෙන සාධක සමග පිටත්ව යනු. මා වෙත ඇරයුම් කිරීමෙන් හා මා ගැන මෙනෙහි කිරීමෙන් නුඹලා දෙදෙනා උදාසීන නොවනු. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
ٱذْهَبَآ إِلَىٰ فِرْعَوْنَ إِنَّهُۥ طَغَىٰ ﴿٤٣﴾
නුඹලා දෙදෙනා ෆිර්අවුන් වෙත ගමන් කරනු. සැබැවින්ම ඔහු දේව ප්රතික්ෂේපයේ හා අල්ලාහ්ට එරෙහිව කැරැලි ගැසීමෙහි සීමාව ඉක්මවා කටයුතු කරන්නෙකි. فقولا له قولا لينا لعله يتذكرأو يخش
فَقُولَا لَهُۥ قَوْلًۭا لَّيِّنًۭا لَّعَلَّهُۥ يَتَذَكَّرُ أَوْ يَخْشَىٰ ﴿٤٤﴾
ප්රචණ්ඩකාරිත්වයෙන් තොර ව මෘදු වදනින් ඔහු උපදෙස් ලබා අල්ලාහ්ට බියවී පව්සමාව ඇයැදිනු ඇතැයි යන යහපත් බලාපොරොත්තුවෙන් නුඹලා දෙදෙනා ඔහුට කතා කරනු
قَالَا رَبَّنَآ إِنَّنَا نَخَافُ أَن يَفْرُطَ عَلَيْنَآ أَوْ أَن يَطْغَىٰ ﴿٤٥﴾
මූසා හා හාරූන් (අලයිහිමස් සලාම්), "සැබැවින්ම ඔහුට ඇරයුම් කිරීමට පෙර ඔහු දඬුවම් කිරීම ඉක්මන් කරනු ඇතැයි හෝ මරා දැමීමෙන් හෝ වෙනත් යම් ආකාරයකින් අපට අපරාධ කිරීමෙහි ඔහු ඉක්මවා කටයුතු කරනු ඇතැයි සැබැවින්ම අපි බියවෙමු" යැයි පවසා සිටියෝය
قَالَ لَا تَخَافَآ ۖ إِنَّنِى مَعَكُمَآ أَسْمَعُ وَأَرَىٰ ﴿٤٦﴾
අල්ලාහ් ඔවුන් දෙදෙනාට, "නුඹලා දෙදෙනා බිය නොවනු. සහයට හා ශක්තිමත් කිරීමට සැබැවින්ම මම නුඹලා සමග සිටිමි. නුඹලා දෙදෙනා අතර හා ඔහු අතර කතා කෙරෙන දෑට මම සවන් දෙමි. බලා සිටිමි." යැයි පැවසීය
فَأْتِيَاهُ فَقُولَآ إِنَّا رَسُولَا رَبِّكَ فَأَرْسِلْ مَعَنَا بَنِىٓ إِسْرَٰٓءِيلَ وَلَا تُعَذِّبْهُمْ ۖ قَدْ جِئْنَـٰكَ بِـَٔايَةٍۢ مِّن رَّبِّكَ ۖ وَٱلسَّلَـٰمُ عَلَىٰ مَنِ ٱتَّبَعَ ٱلْهُدَىٰٓ ﴿٤٧﴾
එවිට ඔවුන් දෙදෙනා ඔහු වෙත පැමිණ, "අහෝ ෆිර්අවුන්! සැබැවින්ම අපි ඔබේ පරමාධිපතිගේ දූතවරුන් දෙදෙනෙකු වෙමු. එහෙයින් අප සමග ඉස්රාඊල් දරුවන් යවනු. ඔවුන්ගේ පිරිමි දරුවන් මරා දමා, ඔවුන්ගේ ගැහැණු දරුවන්ට ජීවිත දානය දී නුඹ ඔවුන්ට දඬුවම් නොකරනු. අපගේ සත්යභාවය තහවුරු කරනු වස් නුඹේ පරමාධිපතිගෙන් වූ පැහැදිලි සාධක සමග පැමිණ ඇත්තෙමු. අල්ලාහ්ව විශ්වාස කොට ඔහුගේ මග අනුගමනය කළවුන්ට අල්ලාහ්ගේ දඬුවමින් වූ ආරක්ෂාවක් ඇත" යැයි පැවසූහ
إِنَّا قَدْ أُوحِىَ إِلَيْنَآ أَنَّ ٱلْعَذَابَ عَلَىٰ مَن كَذَّبَ وَتَوَلَّىٰ ﴿٤٨﴾
අල්ලාහ්ගේ ප්රාතිහාර්යයන් බොරු කොට, දූතවරු කවර කරුණක් ගෙන ආවේ ද එයට පිටපෑවුන්ට මෙලොවෙහි මෙන්ම මතුලොවෙහි ද දඬුවම ඇතැයි අප වෙත අල්ලාහ් දේව පණිවිඩ එවා ඇත. قال فمن ر بكما يموس
قَالَ فَمَن رَّبُّكُمَا يَـٰمُوسَىٰ ﴿٤٩﴾
ඔවුන් දෙදෙනා ගෙන ආ දෑ හෙළා දකිමින් ෆිර්අවුන්, "අහෝ මූසා! මා වෙත නුඹලා දෙදෙනාව එවූ බව සිතන නුඹලා දෙදෙනාගේ පරමාධිපති කව්රුන්දැ?" යි විමසා සිටියේය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
قَالَ رَبُّنَا ٱلَّذِىٓ أَعْطَىٰ كُلَّ شَىْءٍ خَلْقَهُۥ ثُمَّ هَدَىٰ ﴿٥٠﴾
මූසා, "අපගේ පරමාධිපති වනාහි සියලු දෑට, එයට ගැළපෙන ස්වරූපයක් හා හැඩරුවක් පිරිනමා පසුව කවර කරුණක් සඳහා එය මවා ඇත්තේ ද ඒ වෙත එම මැවීම්වලට මග පෙන්වීය." යැයි පැවසීය
قَالَ فَمَا بَالُ ٱلْقُرُونِ ٱلْأُولَىٰ ﴿٥١﴾
"එසේ නම්, දේව ප්රතික්ෂේපයේ සිටි පෙර සමූහයන්ගේ විෂය කුමක් දැ?"යි ෆිර්අවුන්ගෙන් විමසීය
قَالَ عِلْمُهَا عِندَ رَبِّى فِى كِتَـٰبٍۢ ۖ لَّا يَضِلُّ رَبِّى وَلَا يَنسَى ﴿٥٢﴾
මූසා (අලයිහිස් සලාම්) තුමා ෆිර්අවුන්ට, "මෙම සමූහයා කවර දැනුමක් මත සිටින්නේ ද එය මාගේ පරමාධිපති වෙතින් වූවකි. එය ලව්හුල් මහ්ෆූල් නම් ආරක්ෂිත ඵලකයේ ස්ථීරව තිබිණ. ඒ ගැන දැනුම මාගේ පරමාධිපතිට වරදින්නේ නැත. එමෙන්ම ඒ ගැන දන්නා දෑ ඔහුට අමතක වන්නේ නැත
ٱلَّذِى جَعَلَ لَكُمُ ٱلْأَرْضَ مَهْدًۭا وَسَلَكَ لَكُمْ فِيهَا سُبُلًۭا وَأَنزَلَ مِنَ ٱلسَّمَآءِ مَآءًۭ فَأَخْرَجْنَا بِهِۦٓ أَزْوَٰجًۭا مِّن نَّبَاتٍۢ شَتَّىٰ ﴿٥٣﴾
شت ى එය නුඹලා ජීවත්වීම සඳහා තොටිල්ලක් බවට මහපොළොව පත් කළ මාගේ පරමාධිපති වෙතිනි. ඒ මත ගමන් කිරීම සඳහා නුඹලා වෙනුවෙන් එහි සුදුසු මාර්ග ඔහු ඇති කළේය. වැසි ජලය අහසින් පහළ කොට එම ජලය මගින් විවිධාකාර පැලෑටි වර්ග අපි මතු කළෙමු
كُلُوا۟ وَٱرْعَوْا۟ أَنْعَـٰمَكُمْ ۗ إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَـٰتٍۢ لِّأُو۟لِى ٱلنُّهَىٰ ﴿٥٤﴾
අහෝ ජනයිනි! අපි නුඹලාට මතු කළ යහපත් දැයින් නුඹලා අනුභව කරනු. නුඹලාගේ ගොවිපළ සතුන්ට ද බුදින්නට දෙනු. සැබැවින්ම සඳහන් කරන ලද ආශිර්වාදයන්හි අල්ලාහ්ගේ ශක්තිය පෙන්වා දෙන සාධක ඇත
۞ مِنْهَا خَلَقْنَـٰكُمْ وَفِيهَا نُعِيدُكُمْ وَمِنْهَا نُخْرِجُكُمْ تَارَةً أُخْرَىٰ ﴿٥٥﴾
මහපොළොවේ පසින් අපි නුඹලාගේ පියා ආදම් (අලයිහිස් සලාම්) තුමා ව මැව්වෙමු. නුඹලා මිය ගිය විට වළ දැමීම තුළින් නුඹලාව අපි ඒ වෙතම යොමු කරන්නෙමු. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ තවත් වතාවක් අපි නුඹලාව එයින් මතු කරන්නෙමු. ولقد أرينهءايتنا كلها فكذب وأبى
وَلَقَدْ أَرَيْنَـٰهُ ءَايَـٰتِنَا كُلَّهَا فَكَذَّبَ وَأَبَىٰ ﴿٥٦﴾
සැබැවින්ම අපි අපගේ සංඥාවන් නවයම ෆිර්අවුන්හට මතුකර පෙන්වූයෙමු. නමුත් ඔහු ඒවා දැක ඒවා බොරු යැයි පැවසීය. අල්ලාහ්ව විශ්වාස කිරීම සඳහා ප්රතිචාර දැක්වීමෙන් වැළකුණේය. قال أجئتنا لتخرجنا من أرضنا بسحرك يموس
قَالَ أَجِئْتَنَا لِتُخْرِجَنَا مِنْ أَرْضِنَا بِسِحْرِكَ يَـٰمُوسَىٰ ﴿٥٧﴾
අහෝ මූසා "නුඹ කවර මායාවක් ගෙන ආවේ ද, එමගින් නුඹ අප ව මිසර දේශයෙන් පිටුවහල් කොට එහි බලය නුඹට පිහිටුවා ගන්නට නුඹ අප වෙත පැමිණියෙහි ද?" යැයි ෆිර්අවුන් විමසීය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
فَلَنَأْتِيَنَّكَ بِسِحْرٍۢ مِّثْلِهِۦ فَٱجْعَلْ بَيْنَنَا وَبَيْنَكَ مَوْعِدًۭا لَّا نُخْلِفُهُۥ نَحْنُ وَلَآ أَنتَ مَكَانًۭا سُوًۭى ﴿٥٨﴾
"අහෝ මූසා! ඔබේ හූනියම මෙන් හූනියමක් සැබැවින්ම අප ද නුඹ වෙත ගෙන එන්නෙමි. සැබැවින්ම අප අතර හා නුඹ අතර නියමිත ස්ථානයක නියමිත කාලයක ප්රතිඥාවක් අති කරනු. අපි කඩ නොකරන්නෙමු. ඔබ ද එය කඩ නොකළ යුතුය. කණ්ඩායම් දෙක අතර මධ්යස්ත ලෙසින් මැද ස්ථානයක් විය යුතුය."
قَالَ مَوْعِدُكُمْ يَوْمُ ٱلزِّينَةِ وَأَن يُحْشَرَ ٱلنَّاسُ ضُحًۭى ﴿٥٩﴾
මූසා අලයිහිස් සලාම් තුමා ෆිර්අවුන්ට, "අප අතර හා නුඹලා අතර ප්රතිඥත දිනය වනුයේ ජනයා අලුයම් කාලයේ ඔවුන්ගේ උත්සවය සමරමින් එක් රැස්වන උත්සව දිනය" යැයි පැවසීය. فتولى فرعون فجمع كيده ثم أتى
فَتَوَلَّىٰ فِرْعَوْنُ فَجَمَعَ كَيْدَهُۥ ثُمَّ أَتَىٰ ﴿٦٠﴾
පසු ව ෆිර්අවුන් හැරී ගොස් ඔහුගේ කූට සැලැස්ම හා කුමන්ත්රණය එක්රැස් කළේය. පසුව පරාජය කිරීම සඳහා නියමිත ස්ථානයට හා නියමිත වේලාවට ඔහු පැමිණියේය
قَالَ لَهُم مُّوسَىٰ وَيْلَكُمْ لَا تَفْتَرُوا۟ عَلَى ٱللَّهِ كَذِبًۭا فَيُسْحِتَكُم بِعَذَابٍۢ ۖ وَقَدْ خَابَ مَنِ ٱفْتَرَىٰ ﴿٦١﴾
මූසා තුමා ෆිර්අවුන්ගේ හූනියම් කරුවන්ට උපදෙස් දෙමින්, "නුඹලා ප්රවේසම් වනු. හූනියම මගින් නුඹලා කවර වංචාවක් මිනිසුනට සිදු කරන්නේ ද, එමගින් අල්ලාහ්ට බොරු ගොතා නොපවසනු. එවිට ඔහු වෙතින් දඬුවමක් නුඹලා වෙත සේන්දු වනු ඇත. අල්ලාහ් මත බොරු ගෙතූවන්හට විනාශය අත් විය." යැයි පැවසීය
فَتَنَـٰزَعُوٓا۟ أَمْرَهُم بَيْنَهُمْ وَأَسَرُّوا۟ ٱلنَّجْوَىٰ ﴿٦٢﴾
මූසා (අලයිහිස් සලාම්) තුමාගේ කතාවට එම හූනියම් කරුවෝ සවන් දුන් කල්හි ඔවුන් එකිනෙකා දෙස බලමින් ඔවුන් අතර රහසින් කතා කරන්නට විය
قَالُوٓا۟ إِنْ هَـٰذَٰنِ لَسَـٰحِرَٰنِ يُرِيدَانِ أَن يُخْرِجَاكُم مِّنْ أَرْضِكُم بِسِحْرِهِمَا وَيَذْهَبَا بِطَرِيقَتِكُمُ ٱلْمُثْلَىٰ ﴿٦٣﴾
ඇතැම් හූනියම්කරුවන් ඇතැමුන් දෙස බලා රහසිගතව: "සැබැවින්ම මූසා හා හාරූන් හූනියම් කරුවන් දෙදෙනෙකි. ඔවුන් දෙදෙනා කවර හූනියමක් ගෙන ආවේ ද එමගින් ඔවුන් දෙදෙනා මිසර දේශයෙන් නුඹලා ව පිටුවල් කරන්නටත් මෙම ජීවිතයේ නුඹලාගේ උසස් පිළිවෙත හා මාර්ගයෙන්فනුඹලාව ඉවත් කරන්නටත් අපේක්ෂා කරති
فَأَجْمِعُوا۟ كَيْدَكُمْ ثُمَّ ٱئْتُوا۟ صَفًّۭا ۚ وَقَدْ أَفْلَحَ ٱلْيَوْمَ مَنِ ٱسْتَعْلَىٰ ﴿٦٤﴾
නුඹලාගේ කටයුතු නුඹලා තීන්දු කරනු. නුඹලා එහි මතභේද ඇති කර නොගනු. පසුව නුඹලා පෙළ ගැසී ඉදිරියට පැමිණෙනු. නුඹල අබියස ඇති දෑ එකවර විසි කරනු. අද දින ප්රතිවාදියා පරාජය කරන්නා ජය ලබනු ඇත
قَالُوا۟ يَـٰمُوسَىٰٓ إِمَّآ أَن تُلْقِىَ وَإِمَّآ أَن نَّكُونَ أَوَّلَ مَنْ أَلْقَىٰ ﴿٦٥﴾
හූනියම් කරුවෝ මූසාට, "අහෝ මූසා! නුඹ සතු ව ඇති හූනියම හෙළීම නුඹ පළමු ව සිදු කිරීම හෝ එසේ නැතහොත් ඒ සඳහා අප පළමු ව සිදු කිරීම යන කරුණු දෙකින් එකක් නුඹ තෝරා ගනු." යැයි පවසා සිටියෝය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
قَالَ بَلْ أَلْقُوا۟ ۖ فَإِذَا حِبَالُهُمْ وَعِصِيُّهُمْ يُخَيَّلُ إِلَيْهِ مِن سِحْرِهِمْ أَنَّهَا تَسْعَىٰ ﴿٦٦﴾
"එසේ නම්, නුඹලා සතුව ඇති දෑ නුඹලා පළමුව හෙළනු" යැයි මූසා (අලයිහිස් සලාම්) තුමා පැවසුවේය. එවිට ඔවුහු ඔවුන් සතුව තිබූ දෑ හෙළුවෝය. එවිට ඔවුන් විසි කළ ඔවුන්ගේ ලණු හා සැරයටි ඔවුන්ගේ හූනියම මගින් සැබැවින්ම ඒවා වේගයෙන් දඟලන සර්පයින් බව මූසා තුමාට පරිකල්පනය කරවීය. فأوجس فى نفسه خيفة م وس
فَأَوْجَسَ فِى نَفْسِهِۦ خِيفَةًۭ مُّوسَىٰ ﴿٦٧﴾
මූසා තුමා ඔවුන් සිදු කළ දැයින් ඇති වූ බිය ඔහුගේ සිත තුළ සඟවා ගත්තේය
قُلْنَا لَا تَخَفْ إِنَّكَ أَنتَ ٱلْأَعْلَىٰ ﴿٦٨﴾
අල්ලාහ් මූසා (අලයිහිස් සලාම්) තුමාව තැන්පත් කරවමින් මෙසේ පැවසීය. "නුඹ වෙත කවර කරුණක් පරිකල්පනය වූයේ ද ඒ ගැන නුඹ බිය නොවනු. අහෝ මූසා! සැබැවින්ම නුඹ ඔවුනට වඩා උපකාරයෙන් හා අබිබවා යෑමෙන් ඉහළින් සිටින්නෙකි."
وَأَلْقِ مَا فِى يَمِينِكَ تَلْقَفْ مَا صَنَعُوٓا۟ ۖ إِنَّمَا صَنَعُوا۟ كَيْدُ سَـٰحِرٍۢ ۖ وَلَا يُفْلِحُ ٱلسَّاحِرُ حَيْثُ أَتَىٰ ﴿٦٩﴾
"සර්පයකු බවට වෙනස් වන ඔබේ දකුණතෙහි ඇති සැරයටිය විසි කරනු. ඔවුන් සිදු කළ හූනියම් ඌ ගිල දමනු ඇත. ඔවුන් සිදු කළ දෑ කූට හූනියමක් මිස නොවීය. හූනියම් කරුවන් කවර ස්ථානයකින් ගෙන්වනු ලැබුව ද ඔවුන් ජය නොලබන්නෝය."
فَأُلْقِىَ ٱلسَّحَرَةُ سُجَّدًۭا قَالُوٓا۟ ءَامَنَّا بِرَبِّ هَـٰرُونَ وَمُوسَىٰ ﴿٧٠﴾
එවිට මූසා ඔහුගේ සැරයටිය විසි කළේය. එය සර්පයෙකු බවට පත් විය. හූනියම් කරුවන් මවා පෙන්වූ දෑ ඌ ගිල දැමීය. පසු ව මූසා අබියස ඇති දෑ හූනියමක් නොවන බවත්, සැබැවින්ම එය අල්ලාහ් වෙතින් වූවක් බවත් හූනියම් කරුවන් වටහා ගත් බැවින් ඔවුහු අල්ලාහ්ට සුජූද් කොට, "මූසාගේ හා හාරූන්ගේ පරමාධිපති වූ සියලු මැවීම්හි පරමාධිපති වූ අල්ලාහ්ව විශ්වාස කළෙමු" යැයි පැවසූහ
قَالَ ءَامَنتُمْ لَهُۥ قَبْلَ أَنْ ءَاذَنَ لَكُمْ ۖ إِنَّهُۥ لَكَبِيرُكُمُ ٱلَّذِى عَلَّمَكُمُ ٱلسِّحْرَ ۖ فَلَأُقَطِّعَنَّ أَيْدِيَكُمْ وَأَرْجُلَكُم مِّنْ خِلَـٰفٍۢ وَلَأُصَلِّبَنَّكُمْ فِى جُذُوعِ ٱلنَّخْلِ وَلَتَعْلَمُنَّ أَيُّنَآ أَشَدُّ عَذَابًۭا وَأَبْقَىٰ ﴿٧١﴾
ى හූනියම් කරුවන් දේව විශ්වාසය ඇති කරගත් හේතුවෙන් ෆිර්අවුන් එය හෙළා දැක, ඔවුනට තර්ජනය කොට මෙසේ පැවසීය. "මම නුඹලාට ඒ ගැන අවසර දීමට පෙර මූසා ව නුඹලා විශ්වාස කළෙහුද? අහෝ හූනියම්කරුවනි! සැබැවින්ම මූසා නුඹලාට හූනියම් ඉගැන්වූ නුඹලාගේ ප්රධානියා වී ඇත. නුඹලා සෑම කෙනෙකුගේම අත් හා පාද මාරුවෙන් මාරුව වෙන් කර දමමි. නුඹලා මිය යන තෙක් ඉඳි කඳේ නුඹලාගේ ශරීර බැඳ තබමි. එවිට නුඹලා සෙසු අයට පාඩමක් වනු ඇත. එවිට දඬුවම් දීමෙහි වඩාත් බලවත් හා දරුණු මා ද එසේ නැතහොත් මූසාගේ පරමාධිපති දැ?යි නුඹලා දැන ගනු ඇත."
قَالُوا۟ لَن نُّؤْثِرَكَ عَلَىٰ مَا جَآءَنَا مِنَ ٱلْبَيِّنَـٰتِ وَٱلَّذِى فَطَرَنَا ۖ فَٱقْضِ مَآ أَنتَ قَاضٍ ۖ إِنَّمَا تَقْضِى هَـٰذِهِ ٱلْحَيَوٰةَ ٱلدُّنْيَآ ﴿٧٢﴾
හූනියම් කරුවන් ෆිර්අවුන්ට, "අහෝ ෆිර්අවුන්! ඔහු අප වෙත ගෙන ආ පැහැදිළි සාධකය පිළිපැදීමට වඩා ඔබව පිළිපැදීම අපි කිසි විටෙක තෝරා නොගන්නෙමු. අපගේ මැවුම්කරු අල්ලාහ්ට වඩා කිසි විටෙක ඔබව ශ්රේෂ්ඨත්වයට بلغ අල්-කුර්ආන් · තෆ්සීර් පත් නොකරමු. ඔබ අපට කරන දේ කරනු. අප වෙත නුඹ ආධිපත්යය දරණුයේ විනාශ වී යන මෙලොව ජීවිතයේ පමණය. ඔබේ බලය තුරන් වී යනු ඇත."යැයි පැවසුහ
إِنَّآ ءَامَنَّا بِرَبِّنَا لِيَغْفِرَ لَنَا خَطَـٰيَـٰنَا وَمَآ أَكْرَهْتَنَا عَلَيْهِ مِنَ ٱلسِّحْرِ ۗ وَٱللَّهُ خَيْرٌۭ وَأَبْقَىٰٓ ﴿٧٣﴾
දේව ප්රතික්ෂේපය හා අප පෙර කළ පාපකම් සඳහා අපට සමාව දෙනු ඇතැයි බලාපොරොත්තුවෙන් අපගේ පරමාධිපතිව සැබැවින්ම අපි විශ්වාස කළෙමු. ඉගෙන ගන්නා මෙන් ද, පුහුණු වන මෙන්ද මූසාව ජය ගැනීම සඳහා ද නුඹ අපට බලකරමින් සිටි හූනියමේ පාපය ඔහු අපෙන් පහ කරනු ඇත. නුඹ කවර කරුණක් ප්රතිඥා දුන්නෙහිද එයට වඩා ප්රතිඵල ලබා දීමෙන් අල්ලාහ් උතුම්ය. නුඹ කවර දඬුවමක් පිළිබඳ තර්ජනය කළෙහි ද එයට වඩා දඬුවම් දීමෙන් ස්ථායීය. إنه من يأت ربه مجرما فإن له جهنملا يموت فيها ولا يحي
إِنَّهُۥ مَن يَأْتِ رَبَّهُۥ مُجْرِمًۭا فَإِنَّ لَهُۥ جَهَنَّمَ لَا يَمُوتُ فِيهَا وَلَا يَحْيَىٰ ﴿٧٤﴾
සැබැවින්ම කරුණ සහ සංෂිප්තය නම්, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ, කවරෙකු තම පරමාධිපති වෙත ඔහුව ප්රතික්ෂේප කරන්නෙකු ලෙස පැමිණෙන්නේ ද, සැබැවින්ම ඔහුට අපා ගින්න හිමි වන්නේය. එහි ඔහු පිවිස සදාකල් වෙසෙයි. එහි ඔහු මිය නොයයි. එහි දඬුවමින් සහනයක් නොලබයි. යහපත් ජීවිතයක් ගත නොකරයි
وَمَن يَأْتِهِۦ مُؤْمِنًۭا قَدْ عَمِلَ ٱلصَّـٰلِحَـٰتِ فَأُو۟لَـٰٓئِكَ لَهُمُ ٱلدَّرَجَـٰتُ ٱلْعُلَىٰ ﴿٧٥﴾
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ කවරෙකු තම පරමාධිපතිව විශ්වාසකරන්නෙකු ලෙස, දැහැමි ක්රියාවන් සිදු කොට ඔහු වෙත පැමිණෙන්නේ ද, මෙම මහඟු ගුණාංග වලින් වර්ණනා කරනු ලැබූවන් වනාහි ඔවුනට උසස් නිලයන් හා උසස් තරාතිරම් ඇත
جَنَّـٰتُ عَدْنٍۢ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَـٰرُ خَـٰلِدِينَ فِيهَا ۚ وَذَٰلِكَ جَزَآءُ مَن تَزَكَّىٰ ﴿٧٦﴾
එම උසස් තරාතිරම් වනුයේ ස්ථාපිත ස්වර්ග උයන්ය. ඒවායෙහි මාලිගා යටින් දිය දහරා ගලා බසියි. එහි ඔවුන් සදාකල් වෙසෙති. සඳහන් කරන ලද එම ප්රතිඵල දේව ප්රතික්ෂේපයෙන් හා පාපකම්වලින් පිරිසිදු කරගත් සෑම කෙනෙකු සඳහා වන ප්රතිඵලය වේ
وَلَقَدْ أَوْحَيْنَآ إِلَىٰ مُوسَىٰٓ أَنْ أَسْرِ بِعِبَادِى فَٱضْرِبْ لَهُمْ طَرِيقًۭا فِى ٱلْبَحْرِ يَبَسًۭا لَّا تَخَـٰفُ دَرَكًۭا وَلَا تَخْشَىٰ ﴿٧٧﴾
"කිසිවකුට නොහැඟෙන සේ මාගේ ගැත්තන් මිසර දේශයෙන් නුඹ කැටුවා ගෙන යනු. සැරයටියෙන් මුහුදට ගැසුවායින් පසු ඔවුන් වෙනුවෙන් මුහුදෙහි මාවතක් පෙන්වා දෙනු. ෆිර්අවුන් හා ඔහුගේ පිරිස නුඹ වෙත ළඟා වීම ගැන නුඹ බිය නොවනු. මුහුදේ ගිලීම ගැන ද නුඹ බිය නොවනු" යැයි අපි මූසාට දේව පණිවිඩ පහළ කළෙමු
فَأَتْبَعَهُمْ فِرْعَوْنُ بِجُنُودِهِۦ فَغَشِيَهُم مِّنَ ٱلْيَمِّ مَا غَشِيَهُمْ ﴿٧٨﴾
ෆිර්අවුන් ඔහුගේ සේනාව සමග එක් ව ඔවුන්ව ලුහු බැන්දේය. අල්ලාහ් හැර වෙනත් කිසිවකු එහි යථාර්තය නොදන්නා හේතු සාධකයකින් ඔහු හා ඔහුගේ සේනාව මුහුදේ ගිල්වනු ලැබීය. ඔවුන් සියලු දෙනාම මුහුදේ ගීලී විනාශ විය. මූසා හා ඔහු සමග සිටියවුන් මිදුණෝය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර් وأضل فرعون قومه وما هد
وَأَضَلَّ فِرْعَوْنُ قَوْمَهُۥ وَمَا هَدَىٰ ﴿٧٩﴾
ෆිර්අවුන් ඔහුගේ සමූහයාට දේව ප්රතික්ෂේපය අලංකාරවත් කරමින් හා ව්යාජ දැයින් ඔවුන් රවටාලමින් ඔවුන් නොමඟ යැවීය. ඔහු කිසිවිටෙක යහ මාර්ගය වෙත ඔවුනට මඟ පෙන්වූයේ නැත
يَـٰبَنِىٓ إِسْرَٰٓءِيلَ قَدْ أَنجَيْنَـٰكُم مِّنْ عَدُوِّكُمْ وَوَٰعَدْنَـٰكُمْ جَانِبَ ٱلطُّورِ ٱلْأَيْمَنَ وَنَزَّلْنَا عَلَيْكُمُ ٱلْمَنَّ وَٱلسَّلْوَىٰ ﴿٨٠﴾
ෆිර්අවුන් හා ඔහුගේ සේනාවෙන් අපි ඉස්රාඊල් දරුවන් මුදවා ගත් පසු අපි ඔවුනට, "අහෝ ඉස්රාඊල් දරුවනි! සැබැවින්ම අපි නුඹලාව නුඹලාගේ සතුරාගෙන් මුදවා ගත්තෙමු. තූර් කන්ද අසල පිහිටි මිටියාවතේ දකුණු දෙසින් මූසා සමග අපි කතා කරන බවට අපි නුඹලාට ප්රතිඥාවක් දුනිමු. අපගේ ආශිර්වාදයෙන් තීහ් හි නුඹලා වෙත මී පැණි මෙන් රසවත් පානයක් හා වටු කුරුල්ලන්ට සමාන නැවුම් මසින් යුත් කුඩා පක්ෂීන් පහළ කළෙමු." යැයි පවසා සිටියේය
كُلُوا۟ مِن طَيِّبَـٰتِ مَا رَزَقْنَـٰكُمْ وَلَا تَطْغَوْا۟ فِيهِ فَيَحِلَّ عَلَيْكُمْ غَضَبِى ۖ وَمَن يَحْلِلْ عَلَيْهِ غَضَبِى فَقَدْ هَوَىٰ ﴿٨١﴾
අපි නුඹලා වෙත පෝෂණය කළ, අනුමත ආහාරයෙන් ප්රනීත දෑ අනුභව කරනු. අපි නුඹලාට අනුමත කළ දෑ ඉක්මවා ගොස් අපි නුඹලාට තහනම් කළ දෑ වෙත නොයනු. එවිට නුඹලා වෙත මාගේ උදහස පහළ වනු ඇත. කවරෙකු කෙරෙහි මාගේ උදහස පහළ වන්නේ ද සැබැවින්ම ඔහු මෙලොවෙහි මෙන්ම මතුලොවෙහි විනාශ වී යයි. අභාග්යවන්ත භාවයට පත් වෙයි
وَإِنِّى لَغَفَّارٌۭ لِّمَن تَابَ وَءَامَنَ وَعَمِلَ صَـٰلِحًۭا ثُمَّ ٱهْتَدَىٰ ﴿٨٢﴾
කවරෙකු මා විශ්වාස කර, මගෙන් පාපක්ෂමාව ඉල්ලා, දැහැමි ක්රියිවන් ඉටු කර, සත්ය මත ස්ථාවරව සිටින්නේ ද සැබැවින්ම මම ඔහුට අධික ලෙස සමාව දෙමි. ඔහුගේ පාපයන් නොසලකා හරිමි
۞ وَمَآ أَعْجَلَكَ عَن قَوْمِكَ يَـٰمُوسَىٰ ﴿٨٣﴾
"අහෝ මූසා! නුඹ නුඹේ ජනයා ව නුඹ පසුපසින් හැර දමා, ඔවුනට පෙර නුඹ කලින් යෑමට ඉක්මන් කළේ කුමක් ද?"
قَالَ هُمْ أُو۟لَآءِ عَلَىٰٓ أَثَرِى وَعَجِلْتُ إِلَيْكَ رَبِّ لِتَرْضَىٰ ﴿٨٤﴾
මූසා (අලයිහිස් සලාම්) තුමා, "මාගේ පසුපසින් සිටින මොවූහු මා සමග සේන්දු වනු ඇත. මාගේ ජනයා පසුකරමින් නුඹ වෙත මා පැමිණියේ, නුඹ වෙත යුහුසුළුව පැමණීමෙන් නුඹ මා ගැන තෘප්තියට පත්වනු පිණිසය." යැයි පැවසීය
قَالَ فَإِنَّا قَدْ فَتَنَّا قَوْمَكَ مِنۢ بَعْدِكَ وَأَضَلَّهُمُ ٱلسَّامِرِىُّ ﴿٨٥﴾
"නුඹ පසුපසින් හැර දමා ආ නුඹගේ ජනයා, වසු පැටවා නැමදීමෙන් අපි ඔවුන් පරීක්ෂාවට ලක් කළෙමු. එය නැමදීම සඳහා සාමිරී ඔවුනට ඇරයුම් කළේය. පසුව එමගින් ඔහු ඔවුන් නොමග හැරියේය" යැයි අල්ලාහ් පැවසීය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
فَرَجَعَ مُوسَىٰٓ إِلَىٰ قَوْمِهِۦ غَضْبَـٰنَ أَسِفًۭا ۚ قَالَ يَـٰقَوْمِ أَلَمْ يَعِدْكُمْ رَبُّكُمْ وَعْدًا حَسَنًا ۚ أَفَطَالَ عَلَيْكُمُ ٱلْعَهْدُ أَمْ أَرَدتُّمْ أَن يَحِلَّ عَلَيْكُمْ غَضَبٌۭ مِّن رَّبِّكُمْ فَأَخْلَفْتُم مَّوْعِدِى ﴿٨٦﴾
أن يحل عليكم غضب من ر بكم فأخلفتم موعدى පසු ව මූසා ඔහුගේ ජනයා වසුපැටවා නැමදීමට ගත් හේතුවෙන් ඔවුන් කෙරෙහි කෝපයෙන් හා ඔවුන් ගැන දුක් වෙමින් ඔහු ඔවුන් අතරට නැවත පැමිණියේය. මූසා, "මාගේ ජනයිනි! නුඹලා වෙත තව්රාතය පහළ කරන බවටත් නුඹලාව ඔහු ස්වර්ගයට ප්රවේශ කරන බවටත් දැහැමි ප්රතිඥාවක් අල්ලාහ් නුඹලාට නොදුන්නේ ද? නුඹලාට දිගු කලක් ගත වී නුඹලා එය අමතක කළෙහිද? එසේ නැතහොත් නුඹලාගේ මෙම ක්රියාව තුළින් නුඹලා වෙත නුඹලාගේ පරමාධිපතිගේ උදහස පහළ වීමත්, නුඹලා වෙත ඔහුගේ දඬුවම පහළ වීමත් නුඹලා අපේක්ෂා කළෙහු ද? මා නුඹලා වෙත නැවත පැමිණෙන තෙක් අවනතභාවය මත ස්ථාවර ව සිටින බවට නුඹලා මට දුන් ප්රතිඥාව නුඹලා කඩ කළේ එබැවින් ද?" යැයි විමසා සිටියේය
قَالُوا۟ مَآ أَخْلَفْنَا مَوْعِدَكَ بِمَلْكِنَا وَلَـٰكِنَّا حُمِّلْنَآ أَوْزَارًۭا مِّن زِينَةِ ٱلْقَوْمِ فَقَذَفْنَـٰهَا فَكَذَٰلِكَ أَلْقَى ٱلسَّامِرِىُّ ﴿٨٧﴾
මූසාගේ ජනයා, "අහෝ මූසා! අපි නුඹට කළ පොරොන්දුව අප විසින්ම තෝරා ගෙන කඩ නොකළෙමු. නමුත් එය එසේ සිදු වූයේ බල කිරීමකිනි. ෆිර්අවුන්ගේ ජනයාගේ ආභරණ පොදි බර අපි උසුලා සිටියෙමු. පසුව ඉන් මිදෙනු පිණිස අපි ඒවා වළකට හෙළුවෙමු. අපි එම වළට ඒවා හෙළුවාක් මෙන්ම සාමිරී ද දැමුවේය. ඔහු සමග තිබුණේ පසින් නිර්මාණය කරන ලද ජිබ්රීල්ගේ අශ්ව කුරයකි" යැයි පැවසුවෝය
فَأَخْرَجَ لَهُمْ عِجْلًۭا جَسَدًۭا لَّهُۥ خُوَارٌۭ فَقَالُوا۟ هَـٰذَآ إِلَـٰهُكُمْ وَإِلَـٰهُ مُوسَىٰ فَنَسِىَ ﴿٨٨﴾
එවිට සාමිරී එම ආභරණයෙන් ගවයකු මෙන් හඩක් ඇති, ප්රාණයක් නැති වසුපැටවකුගේ ශරීරයක් ඉස්රාඊල් දරුවන්ට මතු කර පෙන්වීය. එවිට ඔවුන් අතර සාමිරීගේ ක්රියාව හේතුවෙන් නොමග ගිය පිරිස, "මෙය නුඹලාගේ හා මූසාගේ දෙවියාය. මූසා අමතක කරرඔහුව මෙහි අතහැර දමා ගියේය" යැයි පැවසූහ. أفلا يرون ألا يرجع إليهم قولا ولا يملك لهم ض اولا نفعا
أَفَلَا يَرَوْنَ أَلَّا يَرْجِعُ إِلَيْهِمْ قَوْلًۭا وَلَا يَمْلِكُ لَهُمْ ضَرًّۭا وَلَا نَفْعًۭا ﴿٨٩﴾
වසු පැටවාට ආකර්ෂණය වී, එය නැමදුමට ලක් කළවුන් සැබැවින්ම එම වසුපැටවා ඔවුන් සමග කතා නොකරන බවත්, ඔවුනට ඌ පිළිතුරු නොදෙන බවත්, කිසිදු උවදුරකින් ඔවුන් හා වෙනත් අයව වැළැක්වීමට ඌට ශක්තිය නොමැති බවත්, ඔවුනට හෝ වෙනත් අයට සෙත සැලසීමට නොහැකි බවත් නොදුටුවේ ද?
وَلَقَدْ قَالَ لَهُمْ هَـٰرُونُ مِن قَبْلُ يَـٰقَوْمِ إِنَّمَا فُتِنتُم بِهِۦ ۖ وَإِنَّ رَبَّكُمُ ٱلرَّحْمَـٰنُ فَٱتَّبِعُونِى وَأَطِيعُوٓا۟ أَمْرِى ﴿٩٠﴾
මූසා (අලයිහිස් සලාම්) තුමා ඔවුන් වෙත නැවත පැමිණීමට පෙර හාරූන් තුමා ඔවුනට මෙසේ පැවසීය, "රනින් වූ වසුපැටවාගේ ස්වරූපය හා උගේ හඬ තුළ නුඹලාට පරීක්ෂණයක් මිස නැත. එය දේව ප්රතික්ෂේපකයාගෙන් දේව විශ්වාසියා හෙළි කරනු පිණිසය. අහෝ මාගේ ජනයිනි! සැබැවින්ම නුඹලාගේ පරමාධිපති කරුණාව සතු අයෙකි. ඔහු නුඹලාට යම් උවදුරක් කිරීමට හෝ සෙතක් කිරීමට හෝ බලය නොමැත්තෙකු නොවේ. එය නුඹලාට කරුණා දැක්වීමේ අනුග්රහයක් වශයෙනි. එහෙයින් ඔහුට පමණක් නැමදීමෙහි නුඹලා මා අනුගමනය කරනු. වෙනත් අය වන්දනා කිරීම අතහැර දමා මාගේ නියෝගයට අවනත වනු." قالوالن نبرح عليه عكفين حت يرجع إلينا موس
قَالُوا۟ لَن نَّبْرَحَ عَلَيْهِ عَـٰكِفِينَ حَتَّىٰ يَرْجِعَ إِلَيْنَا مُوسَىٰ ﴿٩١﴾
වසුපැටවා නැමදීමෙන් පරීක්ෂාවට ලක්වූවන්, “මූසා අප වෙත නැවත පැමිණෙන තුරු එය නැමදීමෙන් අපි ඉවත් නොවන්නෙමු" යැයි පැවසූහ. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
قَالَ يَـٰهَـٰرُونُ مَا مَنَعَكَ إِذْ رَأَيْتَهُمْ ضَلُّوٓا۟ ﴿٩٢﴾
මූසා තම සහෝදර හාරූන් අමතා, "අල්ලාහ් හැරදමා ඔවුන් වසුපැටවා නමදිමින් නොමඟ යනු නුඹ දුටු කළ (ඔවුන් අතහැර මා සමග සෙන්දු වීම) නුඹ ව වැළැක්වූයේ කුමක් ද?" යැයි විමසුවේය
أَلَّا تَتَّبِعَنِ ۖ أَفَعَصَيْتَ أَمْرِى ﴿٩٣﴾
"නුඹ ඔවුන් අතහැර මා සමග නුඹ සේන්දු වීම ද? මගෙන් පසු ව ඔවුන් වෙත නියෝජිතයකු ලෙස මා නුඹ ව පත් කළ අවස්ථාවේ මා නුඹට කළ නියෝගයට පිටුපෑවෙහි ද?
قَالَ يَبْنَؤُمَّ لَا تَأْخُذْ بِلِحْيَتِى وَلَا بِرَأْسِىٓ ۖ إِنِّى خَشِيتُ أَن تَقُولَ فَرَّقْتَ بَيْنَ بَنِىٓ إِسْرَٰٓءِيلَ وَلَمْ تَرْقُبْ قَوْلِى ﴿٩٤﴾
මූසා තම සහෝදරයා කළ ක්රියාව හෙළා දකිමින් ඔහුගේ යටි රැවුලෙන් හා ඔහුගේ හිසෙන් අල්ලා ඔහු වෙත ඇද ගත් කල්හි, හාරූන් බැගෑපත්ව ඔහුට, "මාගේ යටි රැවුලෙන් හෝ මාගේ හිසකෙසින් හෝ නොඅල්ලනු. ඔවුන් සමගම මා රැඳී සිටීමට නිදහසට කරුණක් විය. සැබැවින්ම මම ඔවුන් අතහැර දමා, ඔවුන් වෙන්වී ගියහොත් සැබැවින්ම මම ඔවුන් අතර වෙන් කළ බවටත්, ඔවුන් විෂයයෙහි ඔබගේ උපදෙස මා ආරක්ෂා නොකළ බවටත් ඔබ මට කරන චෝදනාවට බියවීමි." යැයි පැවසීය. قال فما خطبك يسمرى
قَالَ فَمَا خَطْبُكَ يَـٰسَـٰمِرِىُّ ﴿٩٥﴾
"අහෝ සාමිරී! නුඹේ කරුණ කුමක් වී ද? නුඹ කළ දැයින් නුඹ ව වැළැක්වූ අයගේ කරුණ කුමක් වීද?" යැයි මූසා සාමිරීගෙන් විමසීය
قَالَ بَصُرْتُ بِمَا لَمْ يَبْصُرُوا۟ بِهِۦ فَقَبَضْتُ قَبْضَةًۭ مِّنْ أَثَرِ ٱلرَّسُولِ فَنَبَذْتُهَا وَكَذَٰلِكَ سَوَّلَتْ لِى نَفْسِى ﴿٩٦﴾
"ඔවුන් නොදුටු දෙයක් මා දුටුවෙමි. සැබැවින්ම අශ්වයකු මත ජිබ්රීල් සිටිනු මම දුටුවෙමි. ඔහුගේ අශ්වයාගේ පා සළකුන තිබූ තැනින් පස් අහුරක් ගෙන උණු කරන ලද වසු පැටවාගේ ස්වරූපයෙන් යුත් ආභරණය මත එය විසි කළෙමි. එවිට වැසු පැටවාගේ ශරීරයෙන් හඬක් ඇති විය. මා සිදු කළ දෑ මා වෙත ආකර්ෂණය කරනු ලැබුවේ එලෙසය" යැයි සාමිරී මූසා තුමාට පැවසීය
قَالَ فَٱذْهَبْ فَإِنَّ لَكَ فِى ٱلْحَيَوٰةِ أَن تَقُولَ لَا مِسَاسَ ۖ وَإِنَّ لَكَ مَوْعِدًۭا لَّن تُخْلَفَهُۥ ۖ وَٱنظُرْ إِلَىٰٓ إِلَـٰهِكَ ٱلَّذِى ظَلْتَ عَلَيْهِ عَاكِفًۭا ۖ لَّنُحَرِّقَنَّهُۥ ثُمَّ لَنَنسِفَنَّهُۥ فِى ٱلْيَمِّ نَسْفًا ﴿٩٧﴾
මූසා සාමිරීට, "එසේ නම්, නුඹ පිටව යනු. සැබැවින්ම නුඹ ජීවත්ව සිටින කල්තාක් නුඹට මෙසේ පවසන්නට සිදුවනු ඇත. එනම්, ‘මම ස්පර්ශ නොකරමි. ස්පර්ශ කරනු නොලබමි.’ යැයි පැවසීමය. එවිට නුඹ බැහැර කරනු ලැබූවෙක් ලෙස ජීවිත් විය යුතු ව ඇත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සැබැවින්ම නුඹ විනිශ්චයට භාජනය කරනු ලබන බවත් දඬුවම් කරනු ලබන බවත් නුඹට ප්රතිඥාවක් දී ඇත්තේය. මෙම ප්රතිඥාව අල්ලාහ් කිසිවිටෙක ඉවත් නොකරන්නේමය. නුඹ නැමදුමට ගත් නුඹේ වසු පැටවා දෙස බලනු. අල්ලාහ්ගෙන් තොරව වන්දනාමානය සඳහා නුඹ එය යොදා ගත්තෙහිය. සැබැවින්ම අපි එය දිය වී යන තෙක් ගින්නෙන් උණු කරන්නෙමු. පසු ව කිසිදු සළකුණක් නොපවතින පරිදි අපි එය මුහුදෙහි පා කර හරින්නෙමු" යැයි පැවසීය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
إِنَّمَآ إِلَـٰهُكُمُ ٱللَّهُ ٱلَّذِى لَآ إِلَـٰهَ إِلَّا هُوَ ۚ وَسِعَ كُلَّ شَىْءٍ عِلْمًۭا ﴿٩٨﴾
අහෝ ජනනියි! සැබෑ ලෙසින්ම නැමදුමට ලක් විය යුත්තේ අල්ලාහ්ය. ඔහු හැර සැබෑ ලෙසින් නැමදුම් ලබන්නට සුදුසු වෙනත් කිසිවෙකු නැත. ඔහු සියලු දෑ දැනුමෙන් ආවරණය කර ඇත. ශුද්ධවන්තයාණන්හට කිසියම් දෙයක දැනුම මඟ හැරෙන්නේ නැත
كَذَٰلِكَ نَقُصُّ عَلَيْكَ مِنْ أَنۢبَآءِ مَا قَدْ سَبَقَ ۚ وَقَدْ ءَاتَيْنَـٰكَ مِن لَّدُنَّا ذِكْرًۭا ﴿٩٩﴾
අහෝ දූතය! නුඹ වෙත මූසා හා ෆිර්අවුන් පිළිබඳව ද, ඔවුන් දෙදෙනාගේ ජනයා පිළිබඳව ද තොරතුරු පවසා සිටියාක් මෙන්ම, නුඹට සහනයක් වනු පිණිස නුඹට පෙර පැමිණි නබිවරුන් හා සමූහයන් පිළිබඳ තොරතුරු ද නුඹ වෙත අපි පවසා සිටින්නෙමු. සිහිපත් කළ යුතු අය එමගින් මෙනෙහි කරනු ලබන කුර්ආනයක් අප වෙතින් අපි නුඹ වෙත පිරිනමා ඇත්තෙමු
مَّنْ أَعْرَضَ عَنْهُ فَإِنَّهُۥ يَحْمِلُ يَوْمَ ٱلْقِيَـٰمَةِ وِزْرًا ﴿١٠٠﴾
කවරෙකු නුඹ වෙත පහළ කරන ලද අල් කුර්ආනයට පිටුපා, එය විශ්වාස නොකොට, එහි ඇති දෑ අනුව ක්රියා නොකළේ ද සැබැවින්ම ඔහු මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අතිමහත් පාපයක් උසුලා ගනිමින් හා වේදනීය දඬුවමකට සුදුසුකම් ලබමින් පැමිණෙනු ඇත
خَـٰلِدِينَ فِيهِ ۖ وَسَآءَ لَهُمْ يَوْمَ ٱلْقِيَـٰمَةِ حِمْلًۭا ﴿١٠١﴾
ඔවුහු එම දඬුවමෙහි සදා රැඳෙන්නන් වෙති. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් උසුලන බර ඉතා නරකය
يَوْمَ يُنفَخُ فِى ٱلصُّورِ ۚ وَنَحْشُرُ ٱلْمُجْرِمِينَ يَوْمَئِذٍۢ زُرْقًۭا ﴿١٠٢﴾
මළවුන් යළි අවදි කරනු ලබනු පිණිස සූර් නම් හොරණෑවෙහි මලක්වරයා පිඹිනු ලබන දිනය වනාහි, එදින දේව ප්රතික්ෂේපකයින් මතුලොවෙහි ව්යසනයන්ට දැඩි සේ මුහුණ දුන් හේතුවෙන් ඔවුන්ගේ වර්ණ හා ඔවුන්ගේ ඇස් වෙනස් වීමට ලක්ව ඇති බැවින් ඔවුන් නිල්වන් පැහැයෙන් එක්රැස් කරනු ඇත. يتخفتون بينهم إن لبثتم إل اعشرا
يَتَخَـٰفَتُونَ بَيْنَهُمْ إِن لَّبِثْتُمْ إِلَّا عَشْرًۭا ﴿١٠٣﴾
"මිය ගිය පසු ව, රාත්රී දහයක් මිස නුඹලා මිණීවල ජීවිතයෙහි රැඳී නොසිටියෙහුය" යැයි ප්රකාශ කරමින් ඔවුන් අතර එකිනෙකා රහසිගත ව කතා කරති. ن حن أعلمبما يقولون إذ يقول أمثلهم طريقةإن لبثتمإلا يوما
نَّحْنُ أَعْلَمُ بِمَا يَقُولُونَ إِذْ يَقُولُ أَمْثَلُهُمْ طَرِيقَةً إِن لَّبِثْتُمْ إِلَّا يَوْمًۭا ﴿١٠٤﴾
ඔවුන් කවර කරුණක් පිළිබඳව රහසිගතව කතා කරන්නේ ද ඒ ගැන අපි මැනවින් දන්නෙමු. ඉන් කිසිවක් අපට අතපසු වන්නේ නැත. ඔවුන් අතරින් බුද්ධිමත් භාවයෙන් වඩාත් පූර්ණ කෙනෙකු, "නුඹලා මිණිවල ජීවිතයේ එක් දිනක් මිස ඊට වැඩියෙන් රැදීනොසිටියෙහුය" යැයි පවසා සිටියේය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
وَيَسْـَٔلُونَكَ عَنِ ٱلْجِبَالِ فَقُلْ يَنسِفُهَا رَبِّى نَسْفًۭا ﴿١٠٥﴾
අහෝ දූතය! මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ කඳුවල තත්ත්වය පිළිබඳ ඔවුහු නුඹෙන් විමසති. එහෙයින් නුඹ ඔවුනට, "මාගේ පරමාධිපති එම කඳු ඒවායෙහි මුල් සමගම උගුලා විසිරුවා හරියි. එවිට ඒවා දූවිලි බවට පත් වනු ඇත." යැයි පවසනු. فيذرها قاعا صفصفا
فَيَذَرُهَا قَاعًۭا صَفْصَفًۭا ﴿١٠٦﴾
එය උසුලා සිටින භූමිය කිසිදු ගොඩනැගිල්ලක් හෝ පැලෑටියක් නොමැති ව සමතලා භූමියක් ලෙස අත්හැර දමයි
لَّا تَرَىٰ فِيهَا عِوَجًۭا وَلَآ أَمْتًۭا ﴿١٠٧﴾
අහෝ ඒ දෙස බලන්නනි! පූර්ණ සමතලා භූමිය තුළ කිසිදු නැම්මක් හෝ ගැට්ටක් හෝ පහතක් හෝ නුඹ නොදකිනු ඇත
يَوْمَئِذٍۢ يَتَّبِعُونَ ٱلدَّاعِىَ لَا عِوَجَ لَهُۥ ۖ وَخَشَعَتِ ٱلْأَصْوَاتُ لِلرَّحْمَـٰنِ فَلَا تَسْمَعُ إِلَّا هَمْسًۭا ﴿١٠٨﴾
රැස් කරනු ලබන භූමිය වෙත ඇරයුම් කරන්නාගේ හඬ ජනයා එදින පිළිපදිති. ඔහු ව අනුගමනය කිරීමේ දී කිසිදු හැරවුමක් ඔවුනට නැත. මහා කාරුණිකයාණන්ට බියෙන් සියලු හඬවල් නිහඬ වනු ඇත. එදින සැහැල්ලු හඬකට මිස නුඹ සවන් නොදෙන්නෙහිය
يَوْمَئِذٍۢ لَّا تَنفَعُ ٱلشَّفَـٰعَةُ إِلَّا مَنْ أَذِنَ لَهُ ٱلرَّحْمَـٰنُ وَرَضِىَ لَهُۥ قَوْلًۭا ﴿١٠٩﴾
එම මහත් වූ දිනයේ මැදිහත් වීම සඳහා අල්ලාහ් කවරෙකුට අවසර දුන්නේ ද, එම මැදිහත් වීමේ දී ඔහුගේ ප්රකාශය පිළිගැනීමට ලක් වන්නේ ද, එවන් මැදිහත් කරුවෙකුට මිස වෙනත් කිසිදු මැදිහත් වන්නෙකුගේ මැදිහත් වීම ප්රයෝජනවත් නොවනු ඇත. يعلمما بين أيديهم وما خلفهم ولا يحيطون به علما
يَعْلَمُ مَا بَيْنَ أَيْدِيهِمْ وَمَا خَلْفَهُمْ وَلَا يُحِيطُونَ بِهِۦ عِلْمًۭا ﴿١١٠﴾
ජනයා මුහුණ දෙන්නට යන අවසන් හෝරාවේ කරුණු පිළිබඳ අල්ලාහ් දනී. ඔවුන්ගේ මෙලොව ජීවිතයේ කවර දෙයක් ඔවුන් අතහැර දමන්නේද එය ද ඔහු දනී. අල්ලාහ්ගේ ගුණාංග හා ඔහුගේ ස්වරූපයන් පිළිබඳ ගැත්තන් සියලු දෙනා නොදනිති
۞ وَعَنَتِ ٱلْوُجُوهُ لِلْحَىِّ ٱلْقَيُّومِ ۖ وَقَدْ خَابَ مَنْ حَمَلَ ظُلْمًۭا ﴿١١١﴾
ගැත්තන්ගේ මුහුණු අවමානයෙන් පවතී. මිය නොයන, ජීවමාන ව සිටින්නාට යටත්ව ඒවා පවතී. ඔහු තම ගැත්තන්ගේ කටයුතු සැලසුම් කරමින් හා ඒවා ක්රියාත්මක් කරමින් සිටියි. පාපය ඉසිලූ අය විනාශයේ කරුණු ඔවුන් වෙත ගෙනැවිත් පරාජයට පත් වූවෝය
وَمَن يَعْمَلْ مِنَ ٱلصَّـٰلِحَـٰتِ وَهُوَ مُؤْمِنٌۭ فَلَا يَخَافُ ظُلْمًۭا وَلَا هَضْمًۭا ﴿١١٢﴾
කවරෙකු අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්ව විශ්වාස කරන්නෙකු ලෙස සිටිමින් දැහැමි ක්රියාවන් සිදු කරන්නේ ද, ඔහු ඒ සඳහා වූ පූර්ණ ප්රතිඵලය හිමි කර ගනු ඇත. ඔහු සිදු නොකළ පාපයක් සඳහා අසාධාරණ ලෙස දඬුවම් දෙනු بلغ අල්-කුර්ආන් · තෆ්සීර් ලබනු ඇතැයි හෝ ඔහුගේ දැහැමි ක්රියාවන්හි කුසල් අඩු කරනු ඇතැයිي හෝ ඔහු බිය විය යුතු නැත
وَكَذَٰلِكَ أَنزَلْنَـٰهُ قُرْءَانًا عَرَبِيًّۭا وَصَرَّفْنَا فِيهِ مِنَ ٱلْوَعِيدِ لَعَلَّهُمْ يَتَّقُونَ أَوْ يُحْدِثُ لَهُمْ ذِكْرًۭا ﴿١١٣﴾
පෙර සිටියවුන්ගේ කතා වස්තු අපි පහළ කළාක් මෙන්ම මෙම අල් කුර්ආනය පැහැදිලි අරාබි බසින් පහළ කළෙමු. ඔවුන් අල්ලාහ් ගැන බියවනු ඇතැයි හෝ අල් කුර්ආනය ඔවුනට උපදෙසක් හා පාඩමක් ලබා දෙනු ඇතැයි යන දැහැමි බලාපොරොත්තුවෙන් අපි එහි බිය ගන්වා අවවාද කොට විවිධ අවවාදයන් පැහැදිළි කර ඇත්තෙමු
فَتَعَـٰلَى ٱللَّهُ ٱلْمَلِكُ ٱلْحَقُّ ۗ وَلَا تَعْجَلْ بِٱلْقُرْءَانِ مِن قَبْلِ أَن يُقْضَىٰٓ إِلَيْكَ وَحْيُهُۥ ۖ وَقُل رَّبِّ زِدْنِى عِلْمًۭا ﴿١١٤﴾
සියලු දෑ සතු හිමිපාණන් වන අල්ලාහ් උත්තරීතරය. කීර්තිමත්ය. පිවිතුරුය. ඔහු සත්යය. ඔහුගේ ප්රකාශය ද සත්යය. දේව ආදේශකයින් ඔහු ගැන කවර වර්ණනාවක් කරන්නේ ද ඔහු එයින් උත්තරීතරය. ජිබ්රීල් අලයිහිස් සලාම් ඔබට අල් කුර්ආනය දන්වා අවසන් කිරීමට පෙර ඔහු සමග අල් කුර්ආනය කියවීමට නුඹ ඉක්මන් නොවනු. තවද නුඹ මෙසේ පවසනු. "මාගේ පරමාධිපතියාණනි! නුඹ මා හට ඉගැන්වූ දෑට වඩා අමතර දැනුමක් වර්ධනය කර දෙනු මැනව!"
وَلَقَدْ عَهِدْنَآ إِلَىٰٓ ءَادَمَ مِن قَبْلُ فَنَسِىَ وَلَمْ نَجِدْ لَهُۥ عَزْمًۭا ﴿١١٥﴾
මීට පෙර නියමිත ගසින් අනුභව නොකරන මෙන් අපි ආදම්ට අනුශාසනා කළෙමු. එයින් අපි ඔහුව වැළැක්වූයෙමු. එහි අවසන් විපාකය ද අපි පැහැදිළි කළෙමු. පසුව එම අනුශාසනාව ඔහු අමතක කොට එම ගසින් අනුභව කළේය. ඒ ගැන ඉවසීමෙන් නොසිටියේය. කවර කරුණක් අපි ඔහුට උපදෙස් දුන්නේ ද එය ආරක්ෂා කිරීමේ ස්තීර ශක්තියක් ඔහු තුළ අපි නොදුටුවෙමු
وَإِذْ قُلْنَا لِلْمَلَـٰٓئِكَةِ ٱسْجُدُوا۟ لِـَٔادَمَ فَسَجَدُوٓا۟ إِلَّآ إِبْلِيسَ أَبَىٰ ﴿١١٦﴾
අහෝ දූතය! "නුඹලා ආදම්ට ආචාර කිරීමක් වශයෙන් හිස නමනු" යැයි අපි මලක්වරුන්ට පැවසූ අවස්ථාව මෙනෙහි කර බලනු. එවිට ඉබ්ලීස් හැර සෙසු සියලු දෙනාම සිරස නමා ආචාර කළෝය. ඔහු ඔවුන් සමග සිටිය ද ඔවුන්ගෙන් කෙනෙකු නොවීය. අහංකාරකමින් සුජූද් කිරීමෙන් ඔහු වැළකී සිටියේය.و
فَقُلْنَا يَـٰٓـَٔادَمُ إِنَّ هَـٰذَا عَدُوٌّۭ لَّكَ وَلِزَوْجِكَ فَلَا يُخْرِجَنَّكُمَا مِنَ ٱلْجَنَّةِ فَتَشْقَىٰٓ ﴿١١٧﴾
"අහෝ ආදම්! සැබැවින්ම ඉබ්ලීස් නුඹේ සතුරෙකි. නුඹේ බිරියගේ ද සතුරෙකි. එහෙයින් ඔහු කවර කරුණක් කොඳුරන්නේ ද එයට අවනත වීම හේතුවෙන් නුඹ හා නුඹගේ බිරිය ඔහු ස්වර්ගයෙන් බැහැර නොකළ යුතුයි. එවිට නුඹ දුෂ්කරතා හා පිළිකුල් සහගත දෑ උසුලනු ඇත. إن لك ألا تجوع فيها ولا تعر
إِنَّ لَكَ أَلَّا تَجُوعَ فِيهَا وَلَا تَعْرَىٰ ﴿١١٨﴾
සැබැවින්ම නුඹ වෙනුවෙන් ස්වර්ගයේ අහාරා සැපයීම අල්ලාහ් වෙත විය. එහෙයින් නුඹට කුසගිනි ඇති නොවනු ඇත. එමෙන්ම ඔහු නුඹට වස්ත්ර පිරිනැමීය. එහෙයින් නුඹ නිරුවත් නොවනු ඇත. وأنك لا تظمؤافيها ولا تضح
وَأَنَّكَ لَا تَظْمَؤُا۟ فِيهَا وَلَا تَضْحَىٰ ﴿١١٩﴾
නුඹට ජලය සැපයීම ද ඔහු වෙත විය. එහෙයින් නුඹට පිපාසය ඇති නොවනු ඇත. ඔහු නුඹට හෙවණ ලබා දුන්නේය. එහෙයින් නුඹට හිරු රෂ්ණය ඇති නොවනු ඇත. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
فَوَسْوَسَ إِلَيْهِ ٱلشَّيْطَـٰنُ قَالَ يَـٰٓـَٔادَمُ هَلْ أَدُلُّكَ عَلَىٰ شَجَرَةِ ٱلْخُلْدِ وَمُلْكٍۢ لَّا يَبْلَىٰ ﴿١٢٠﴾
ෂෙයිතාන් ආදම්ට කුතුහලය ඇති කරමින් ඔහුට, "එයින් කවරෙකු අනුභව කළේ ද කිසිවිටෙක මරණයට පත් නොවන, සදාකල් ජීවත් වන, නැති වී නොයන, විසන්ධි වී නොයන සදා රාජ්යයක් හිමි වන ගසක් වෙත මම නුඹට මග පෙන්වන්න ද? යැයි පැවසුවේය
فَأَكَلَا مِنْهَا فَبَدَتْ لَهُمَا سَوْءَٰتُهُمَا وَطَفِقَا يَخْصِفَانِ عَلَيْهِمَا مِن وَرَقِ ٱلْجَنَّةِ ۚ وَعَصَىٰٓ ءَادَمُ رَبَّهُۥ فَغَوَىٰ ﴿١٢١﴾
අනුභව කිරීමට තහනම් කරන ලද ගසින් ආදම් හා හව්වා යන දෙදෙනා අනුභව කළෝය. ඔවුන් දෙදෙනාගේ රහස්ය පෙදෙස් ආවරණය කර තිබුවායින් පසු, ඒවා ඔවුන් දෙදෙනාට හෙළි විය. ස්වර්ග ගස්වල කොළ කඩා ඔවුන් දෙදෙනාගේ රහස්ය පෙදෙස් ආරවරණය කරන්නට වූහ. ගසින් අනුභව කිරීමෙන් වැළකී සිටින මෙන් අල්ලාහ් කළ නියෝගය පිළි නොපැද ඔහුට සුදුසු නොවන දෙයක් වෙත ඉක්මවා කටයුතු කළ අවස්ථාවේ ඔහු ඔහුගේ පරමාධිපතිට විරුද්ධ විය
ثُمَّ ٱجْتَبَـٰهُ رَبُّهُۥ فَتَابَ عَلَيْهِ وَهَدَىٰ ﴿١٢٢﴾
පසුව අල්ලාහ් ඔහු ව තෝරා ගත්තේය. ඔහුගේ පාපක්ෂමාව පිළිගත්තේය.و යහ මාර්ගය වෙත ඔහුට ආශිර්වාද කළේය
قَالَ ٱهْبِطَا مِنْهَا جَمِيعًۢا ۖ بَعْضُكُمْ لِبَعْضٍ عَدُوٌّۭ ۖ فَإِمَّا يَأْتِيَنَّكُم مِّنِّى هُدًۭى فَمَنِ ٱتَّبَعَ هُدَاىَ فَلَا يَضِلُّ وَلَا يَشْقَىٰ ﴿١٢٣﴾
අල්ලාහ් ආදම් හා හව්වා අමතා මෙසේ පැවැසුවේය. "නුඹලා දෙදෙනා හා ඉබ්ලීස් ස්වර්ගයෙන් පහළට බසිනු. ඔහු නුඹලා දෙදෙනාගේ සතුරාය. නුඹලා දෙදෙනා ඔහුගේ සතුරන් වන්නෙහුය. මා වෙතින් යම් විස්තරයක් නුඹලා වෙත පැමිණියේ නම් එය මාගේ මාර්ගයයි. නුඹලා අතරින් කවරෙකු මාගේ මාර්ගයේ පැහැදිලි කිරීම් අනුගමනය කර, ඒ අනුව ක්රියා කොට එයින් හැරී නොගියේ නම්, ඔහු සත්යයෙන් මුළා වන්නේ නැත. මතුලොවෙහි දඬුවමට ලක් වී අභාග්යවන්තභාවයට පත් නොවනු ඇත. එසේ නම් අල්ලාහ් ඔහු ව ස්වර්ගයට ඇතුළත් කරනු ඇත
وَمَنْ أَعْرَضَ عَن ذِكْرِى فَإِنَّ لَهُۥ مَعِيشَةًۭ ضَنكًۭا وَنَحْشُرُهُۥ يَوْمَ ٱلْقِيَـٰمَةِ أَعْمَىٰ ﴿١٢٤﴾
කවරෙකු මා මෙනෙහි කිරීමෙන් හැරුණේ ද, එය පිළි නොගත්තේ ද, එයට ප්රතිචාර නොදැක්වූයේ ද, සැබැවින්ම ඔහුට මෙලොවෙහි ද මිණීවල ජීවිතයෙහි ද පීඩිත ජීවිතයක් ඇත. බැල්ම හා සාධක අහිමිවූ අයකු සේ මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ජනයා එක්රැස් කරන ස්ථානයට ඇදගෙන යන්නෙමු
قَالَ رَبِّ لِمَ حَشَرْتَنِىٓ أَعْمَىٰ وَقَدْ كُنتُ بَصِيرًۭا ﴿١٢٥﴾
මෙනෙහි කිරීමට පිටුපෑ මිනිසා, "මාගේ පරමාධිපතියාණනි! අද දින අන්ධයකු සේ නුඹ මා අවදි කළේ ඇයි? සැබැවින්ම මම මෙලොවෙහි පෙනුමැත්තෙකු ලෙස සිටියෙමි" යැයි පවසා සිටියි
قَالَ كَذَٰلِكَ أَتَتْكَ ءَايَـٰتُنَا فَنَسِيتَهَا ۖ وَكَذَٰلِكَ ٱلْيَوْمَ تُنسَىٰ ﴿١٢٦﴾
උත්තරීතර අල්ලාහ් ඔහුට ප්රතිචාර දක්වමින්, "නුඹ මෙලොවෙහි කටයුතු කළේ මෙලසය. අපගේ වදන් නුඹ වෙත පැමිණියේය. නමුත් නුඹ ඒවා පිටු දැක අතහැර දැමුවෙහිය. එහෙයින් සැබැවින්ම නුඹ අද දින එලෙසම දඬුවම තුළ අතහැර දමනු ලබන්නෙහිය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
وَكَذَٰلِكَ نَجْزِى مَنْ أَسْرَفَ وَلَمْ يُؤْمِنۢ بِـَٔايَـٰتِ رَبِّهِۦ ۚ وَلَعَذَابُ ٱلْـَٔاخِرَةِ أَشَدُّ وَأَبْقَىٰٓ ﴿١٢٧﴾
තහනම් කරන ලද ආශාවන්හි ගිලී සිටිමින් තම පරමාධිපතිගෙන් වූ පැහැදිළි සාධක තුළින් විශ්වාස කිරීමට පිටුපා ගියවුනට මෙම ප්රතිවිපාකය හා සමාන ප්රතිවිපාක පිරිනමමු. මතුලොව ජීවිතයේ දඬුවම මෙලොව හා මිණීවලෙහි පීඩිත ජීවිතයට වඩා ඉතා කුරීරුය. සදාතනිකය
أَفَلَمْ يَهْدِ لَهُمْ كَمْ أَهْلَكْنَا قَبْلَهُم مِّنَ ٱلْقُرُونِ يَمْشُونَ فِى مَسَـٰكِنِهِمْ ۗ إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَـٰتٍۢ لِّأُو۟لِى ٱلنُّهَىٰ ﴿١٢٨﴾
ඔවුනට පෙර අපි විනාශ කළ බොහෝ සමූහයන් පිළිබඳ ඔහු දේව ආදේශකයින්හට පැහැදිලි නොකළේ ද? ඔවුහු එම විනාශ කරනු ලැබූ සමූහයන්ගේ වාස්සස්ථාන අතර ගමන් කරති. ඔවුන් ට අත් වූ ඉරණමෙහි සළකුණු ඔවුහු ඔවුන්ගේ දෑසින්ම දකිති. බොහෝ සමූහයන්ට මෙලෙස අත් වූ විනාශය හා ව්යසනය තුළ බුද්ධිමත් ජනයාහට සැබැවින්ම පාඩමක් ඇත. م ولولا كلمة سبقت من ر بك لكان لزاما وأجل مس ى
وَلَوْلَا كَلِمَةٌۭ سَبَقَتْ مِن رَّبِّكَ لَكَانَ لِزَامًۭا وَأَجَلٌۭ مُّسَمًّۭى ﴿١٢٩﴾
අහෝ දූතය! නුඹේ පරමාධිපතිගෙන් වූ වචනය පෙරටු නොවූයේ නම් කිසිවෙකු වෙත පැහැදිළි සාධක ඉදිරිපත් කිරීමට පෙර ඔහුට දඬුවම් නොකරන්නට තිබුණි. අල්ලාහ් අභියස නියම කරන කාලයක් නොවී නම් ඔවුන් වෙනුවෙන් දඬුවම ඉක්මනින් පැමිණෙනු ඇත. එය ඔවුනට උරුම වන්නට තිබුණි
فَٱصْبِرْ عَلَىٰ مَا يَقُولُونَ وَسَبِّحْ بِحَمْدِ رَبِّكَ قَبْلَ طُلُوعِ ٱلشَّمْسِ وَقَبْلَ غُرُوبِهَا ۖ وَمِنْ ءَانَآئِ ٱلَّيْلِ فَسَبِّحْ وَأَطْرَافَ ٱلنَّهَارِ لَعَلَّكَ تَرْضَىٰ ﴿١٣٠﴾
ى අහෝ දූතය! ව්යාජ ගුණාංග ආරූඪ කරමින් නුඹ ගැන බොරුකාරයින් පවසා සිටින දෑ මත නුඹ ඉවසා සිටිනු. හිරු උදාවීමට පෙර ෆජ්ර් සලාතයේදී ද එය අවරට යෑමට පෙර අසර් සලාතයේදී ද රාත්රී කාලවල මග්රිබ් හා ඉෂා සලාතයන්හි ද දහවල් කාලයේ ආරම්භ භාගයේ අවසානයෙන් පසු හිරු අවරට යන අවස්ථාවේ ලුහර් සලාතයේදී ද එහි දෙවන භාගයේ අවසන් වීමෙන් පසු මග්රිබ් සලාතයේදී ද අල්ලාහ් අබියස නුඹ තෘප්තියට පත්වන පරිදි තිළිණ ලබා ගැනීමේ යහපත් අපේක්ෂාවෙන් නුඹ නුඹේ පරමාධිපතිට ප්රශංසා කොට ඔහු ව සුවිශුද්ධ කරනු
وَلَا تَمُدَّنَّ عَيْنَيْكَ إِلَىٰ مَا مَتَّعْنَا بِهِۦٓ أَزْوَٰجًۭا مِّنْهُمْ زَهْرَةَ ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا لِنَفْتِنَهُمْ فِيهِ ۚ وَرِزْقُ رَبِّكَ خَيْرٌۭ وَأَبْقَىٰ ﴿١٣١﴾
එම බොරුකාර පිරිස් පරීක්ෂාවට ලක් කරනු පිණිස මෙලොව ජීවිතයේ සතුට විඳීම සඳහා ඔවුනට අපි ඇති කළ භුක්ති විඳීම් දෙස නුඹ නොබලනු. සැබැවින්ම අපි ඔවුනට ඇති කළ දෑ විනාශ වී යන්නකි. නමුත් නුඹේ පරමාධිපති නුඹ තෘප්තියට පත්වන තරමට ප්රතිඥා දී ඇති තිළිණ මෙලොවෙහි ඔවුන් භුක්ති විඳින, විනාශ වී යන දෑට වඩා උතුම්ය. සදාතනිකය. ඊට හේතුව සැබැවින්ම එහි කප්පාදුවක් නොවන බැවිණි
وَأْمُرْ أَهْلَكَ بِٱلصَّلَوٰةِ وَٱصْطَبِرْ عَلَيْهَا ۖ لَا نَسْـَٔلُكَ رِزْقًۭا ۖ نَّحْنُ نَرْزُقُكَ ۗ وَٱلْعَـٰقِبَةُ لِلتَّقْوَىٰ ﴿١٣٢﴾
අහෝ දූතය! සලාතය ඉටු කරන මෙන් නුඹ නුඹේ පවුලට අණ කරනු. නුඹ ද එය ඉටු කිරීමෙහි රැඳී සිටිනු. නුඹ වෙනුවෙන් හා නුඹ නොවන අය වෙනුවෙන් අපි කිසිදු සම්පතක් නුඹගෙන් නොපතමු. නුඹේ පෝෂණ සම්පත් භාරගෙන ඇත්තේ අපමය. අල්ලාහ්ට බිය වී ඔහුගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඔහුට බැතිමත් වූ ජනයාහට මෙලොවෙහි හා මතුලොවෙහි ප්රශංසනීය අවසානයක් ඇත. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
وَقَالُوا۟ لَوْلَا يَأْتِينَا بِـَٔايَةٍۢ مِّن رَّبِّهِۦٓ ۚ أَوَلَمْ تَأْتِهِم بَيِّنَةُ مَا فِى ٱلصُّحُفِ ٱلْأُولَىٰ ﴿١٣٣﴾
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් බොරු කරමින් සිටි මෙම ප්රතික්ෂේපකයෝ, "මුහම්මද්ගේ සත්යතාව හා සැබැවින්ම ඔහු දූතයකු යන වග පෙන්වා දෙන සළකුණක් ඔහුගේ පරමාධිපතිගෙන් ඔහු අප වෙත ගෙන ආ යුතු නොවේ ද?" යැයි විමසා සිටිති. මෙම බොරුකාරයින් වෙත ඔහුට පෙර පැවති දිව්යමය පුස්තක තහවුරු කරන අල් කුර්ආනය නොපැමිණියේද?
وَلَوْ أَنَّآ أَهْلَكْنَـٰهُم بِعَذَابٍۢ مِّن قَبْلِهِۦ لَقَالُوا۟ رَبَّنَا لَوْلَآ أَرْسَلْتَ إِلَيْنَا رَسُولًۭا فَنَتَّبِعَ ءَايَـٰتِكَ مِن قَبْلِ أَن نَّذِلَّ وَنَخْزَىٰ ﴿١٣٤﴾
ونخز ى නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ගැන බොරු පවසන ඔවුන් වෙත දූතයකු අපි එවීමට පෙර හෝ ඔවුන් වෙත පුස්තකයක් පහළ කිරීමට පෙර ඔවුන්ගේ දේව ප්රතික්ෂේපය හා මුරණ්ඩුකම හේතුවෙන් ඔවුන් වෙත දඬුවමක් පහළ කිරීමෙන් අපි ඔවුන් විනාශ කළේ නම්, ඔවුහු ඔවුන්ගේ දේව ප්රතික්ෂේපයට නිදහසට කරුණු දක්වමින්, "අපගේ පරමාධිපතියාණනි! මෙලොවෙහි අප වෙත දූතයකු ඔබ එවිය යුතු නොවේ ද? එසේ නම් අපි ඔහු විශ්වාස කරන්නෙමු. ඔබේ දඬුවමින් අපහට අත්වන අවමානය හා අපහාසයට පෙර ඔහු ගෙන ආ වදන් අපි පිළිපදින්නෙමු."යැයි පවසනු ل ඇත
قُلْ كُلٌّۭ مُّتَرَبِّصٌۭ فَتَرَبَّصُوا۟ ۖ فَسَتَعْلَمُونَ مَنْ أَصْحَـٰبُ ٱلصِّرَٰطِ ٱلسَّوِىِّ وَمَنِ ٱهْتَدَىٰ ﴿١٣٥﴾
අහෝ දූතය! මෙම බොරුකාරයින්ට, "අප හා නුඹලා අතරින් සෑම කෙනෙකුම අල්ලාහ් තමන්ට ගෙනැවිත් දෙන දෑ බලාපොරොතුත්වෙන් සිටියි. එහෙයින් නුඹලා ද බලාපොරොත්තුවෙන් සිටිනු. කිසිදු සැකයකින් තොරව ඍජු මාර්ගයේ සිටින්නේ කවුරුන් දැයි ද යහමඟ සිටින්නේ කවුරුන් දැයි ද අප ද නුඹලා ද යන්න වග නුඹලා මතු දැන ගනු ඇත" යැයි පවසනු. මූලාශ්‍රය: අල්-මුඃතසර් ෆී තෆ්සීරිල් කුර්ආන්
අනුගමනය · පුනරාවර්තනය · පැවසීම · ලියාපදිංචිය අවශ්‍ය නැත