كٓهيعٓصٓ ﴿١﴾
(කාෆ්, හා, යා, අයින්, ස්වාද්.) සූරා බකරා ආරම්භයේදී මෙවැනි පාඨ පිළිබඳ විස්තර සඳහන් කර ඇත
මුල් පිටුව›තෆ්සීර්›Maryam (19)
මක්කී · 98 වාක්‍ය
كٓهيعٓصٓ ﴿١﴾
(කාෆ්, හා, යා, අයින්, ස්වාද්.) සූරා බකරා ආරම්භයේදී මෙවැනි පාඨ පිළිබඳ විස්තර සඳහන් කර ඇත
ذِكْرُ رَحْمَتِ رَبِّكَ عَبْدَهُۥ زَكَرِيَّآ ﴿٢﴾
මෙය නුඹේ පරමාධිපතිගේ ගැත්තෙකු වූ සකරිය්යා (අලයිහිස් සලාම්) තුමාණන්හට ඔහු දැක් වූ ආශිර්වාදයන් මෙනෙහි කිරීමකි. එමගින් පාඩම් ලැබිය හැකි පරිදි අපිي එය නුඹ වෙත කතාවක් වශයෙන් ඉදිරිපත් කරන්නෙමු
إِذْ نَادَىٰ رَبَّهُۥ نِدَآءً خَفِيًّۭا ﴿٣﴾
පිළිතුරු ලැබීම ඉතා සමීප අයුරින් පිහිටනු පිණිස සිහින් ප්රාර්ථනාවෙන් ඔහුගේ පරමාධිපතිට ප්රාර්ථනා කළ අවස්ථාව සිහියටي නගනු
قَالَ رَبِّ إِنِّى وَهَنَ ٱلْعَظْمُ مِنِّى وَٱشْتَعَلَ ٱلرَّأْسُ شَيْبًۭا وَلَمْ أَكُنۢ بِدُعَآئِكَ رَبِّ شَقِيًّۭا ﴿٤﴾
ඔහු, "අහෝ මාගේ පරමාධිපතියාණනි! සැබැවින්ම මාගේ අස්ථි දුර්වල වී ඇත. මාගේ හිසකෙස් පැහී ඇත. මා නුඹගෙන් ප්රාර්ථනා කර සිටියදී කිසිවිටෙක මා බලාපොරොත්තු සුන් කර ගත්තේ නැත. මා නුඹගෙන් ප්රාර්ථනා කළ සෑම විටම නුඹ මටي පිළිතුරු දී ඇත" යැයි පැවසීය
وَإِنِّى خِفْتُ ٱلْمَوَٰلِىَ مِن وَرَآءِى وَكَانَتِ ٱمْرَأَتِى عَاقِرًۭا فَهَبْ لِى مِن لَّدُنكَ وَلِيًّۭا ﴿٥﴾
ي
يَرِثُنِى وَيَرِثُ مِنْ ءَالِ يَعْقُوبَ ۖ وَٱجْعَلْهُ رَبِّ رَضِيًّۭا ﴿٦﴾
මාගේ සමීපතයින් මෙලොව කටයුතුවල කාර්යබහුලව සිටින බැවින් මාගේ මරණයෙන් පසු දහමේ වගකීම් ඔවුන් ඉටු නොකරනු ඇතැයි සැබැවින්ම මම බියවෙමි. එමෙන්ම මාගේ බිරිය දරුවන් ප්රසූත කළ නොහැකි වඳ කාන්තාවකි. එහෙයින් මට සහය වනيදරුවෙකු ඔබ වෙතින් මාහට පිරිනමනු මැනව!
يَـٰزَكَرِيَّآ إِنَّا نُبَشِّرُكَ بِغُلَـٰمٍ ٱسْمُهُۥ يَحْيَىٰ لَمْ نَجْعَل لَّهُۥ مِن قَبْلُ سَمِيًّۭا ﴿٧﴾
අල්ලාහ් ඔහුගේ ප්රාර්ථනාවට පිළිතුරු දී ඔහුට මෙසේ ආමන්ත්රණය කළේය. "අහෝ සකරිය්යා! සැබැවින්ම නුඹ සතුටට පත් වන දෑ අපි නුඹට දන්වන්නෙමු. නුඹේ ප්රාර්ථනාවට අපි පිළිතුරු දී ඇත්තෙමු. යහ්යා නම් දරුවෙකු අපි නුඹට පිරිනමමු. මීටي පෙර වෙනත් කිසිවෙකුට මෙම නම අපි නොතැබුවෙමු."
قَالَ رَبِّ أَنَّىٰ يَكُونُ لِى غُلَـٰمٌۭ وَكَانَتِ ٱمْرَأَتِى عَاقِرًۭا وَقَدْ بَلَغْتُ مِنَ ٱلْكِبَرِ عِتِيًّۭا ﴿٨﴾
අල්ලාහ්ගේ ශක්තිය පිළිබඳ පුදුමයට පත් ව සකරිය්යා, "සැබැවින්ම අස්ථි දුර්වල වූ වැඩිහිටි අවදියේ මා සිටියදී මාගේ බිරිය ද දරුවකු ප්රසූත කළ නොහැකි වඳ කාන්තාවක් ලෙස සිටියදී මට කෙසේ නම් දරුවකු වනු ඇත්දැ?" යි විමසීය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර් قال كذلك قال ربك هوعلى هين وقد خلقتك من قبل ولم تك شئا
قَالَ كَذَٰلِكَ قَالَ رَبُّكَ هُوَ عَلَىَّ هَيِّنٌۭ وَقَدْ خَلَقْتُكَ مِن قَبْلُ وَلَمْ تَكُ شَيْـًۭٔا ﴿٩﴾
සැබැවින්ම නුඹේ බිරිය දරුවන් ප්රසූත කරන තත්ත්වයේ නොසිටින බවත් සැබැවින්ම නුඹ අස්ථි දුර්වල වූ වයස්ගත අවසන් කාලයට ළඟා වී ඇති බවත් නුඹ පවසන කාරණාව සැබෑය. නමුත් නුඹේ පරමාධිපති, "වඳ මවකගෙන් හා අවසන් කාලය ළඟා වූ පියකුගෙන් යහ්යාව මැවීම නුඹේ පරමාධිපතිට පහසු කාර්යයකි. අහෝ සකරිය්යා මීට පෙර කිසිවක් නොමැති තත්ත්වයකي සිට සැබැවින් මම නුඹව මවා ඇත්තෙමි" යැයි පවසා සිටියේය
قَالَ رَبِّ ٱجْعَل لِّىٓ ءَايَةًۭ ۚ قَالَ ءَايَتُكَ أَلَّا تُكَلِّمَ ٱلنَّاسَ ثَلَـٰثَ لَيَالٍۢ سَوِيًّۭا ﴿١٠﴾
"මාගේ පරමාධිපතියාණනි! මා තැන්පත් වනු පිණිස මලක්වරුන් කවර ශුභාරංචියක් මාහට දන්වා සිටියේ ද එය සිදුවීම පෙන්වා දෙන සළකුණක් මා වෙත ඇති කරනු." යැයි සකරිය්යා පැවසුවේය. ඔහු, "කවර ශුභාරංචියක් නුඹට දන්වන ලද්දේ ද, එය ඇතිවීම පෙන්වා දෙන සළකුණ වනුයේ, කිසිදු හේතුවකින් තොර ව නුඹ මනා සෞඛ්යය තත්ත්වයෙන් සිටිය දී,يරාත්රී තුනක් මිනිසුන් සමග කතා කිරීමට නුඹට නොහැකි වීමය" යැයි පැවසීය
فَخَرَجَ عَلَىٰ قَوْمِهِۦ مِنَ ٱلْمِحْرَابِ فَأَوْحَىٰٓ إِلَيْهِمْ أَن سَبِّحُوا۟ بُكْرَةًۭ وَعَشِيًّۭا ﴿١١﴾
සකරිය්යා නැමදුම් කළ ස්ථානයෙන් බැහැර ව, තම ජනයා වෙත පැමිණ ඔවුන් සමග කිසිවක් කතා නොකර නුඹලා දහවල ආරම්භයේ හා එහි අවසානයේي පිවිතුරු අල්ලාහ්ව සුවිශුද්ධ කරන මෙන් ඇඟවීය
يَـٰيَحْيَىٰ خُذِ ٱلْكِتَـٰبَ بِقُوَّةٍۢ ۖ وَءَاتَيْنَـٰهُ ٱلْحُكْمَ صَبِيًّۭا ﴿١٢﴾
ඔහු දාව යහ්යා උපත ලැබුවේය. ඔහු කතා කරන වයසට එළැඹුණු කළ අපි ඔහුට, "අහෝ යහ්යා! ඉතා උවමනාවෙන් හා උනන්දුවෙන් තව්රාතය ජීවිතයට ගනු" යැයි පැවසුවෙමු. තවද ඔහුගේ කුඩා අවදියේම අපි ඔහුට අවබෝධය, උනන්දුව හා ස්ථාවරත්වය පිරිනැමුවෙමු.ي
وَحَنَانًۭا مِّن لَّدُنَّا وَزَكَوٰةًۭ ۖ وَكَانَ تَقِيًّۭا ﴿١٣﴾
අප වෙතින් වූ ආශිර්වාදයක් අපි ඔහුට ආශිර්වාද කළෙමු. ඔහුව අපි පාපකම්වලින් පිරිසිදු කළෙමු. ඔහු අල්ලාහ්ගේ නියෝග අනුව පාලනය කරන, ඔහු තහනම්ي කළ දැයින් වැළකී සිටින බැතිමත් අවංක අයකු විය. وبرا بولديه ولم يكن جبارا عص ا
وَبَرًّۢا بِوَٰلِدَيْهِ وَلَمْ يَكُن جَبَّارًا عَصِيًّۭا ﴿١٤﴾
ඔහු තම දෙමාපියන්ට ඇප උපස්ථාන කරන්නෙකු විය. ඔවුන් දෙදෙනා සම්බන්ධයෙන් ඉතා කාරුණික විය. ඔවුන් දෙදෙනා සමග යහපත් අයුරින් කටයුතු කරන්නෙකු විය. ඔහුගේ පරමාධිපතිට අවනත වීමටත් ඔවුන් දෙදෙනාට කීකරු වීමටත් ඔහු උඬඟු නොවීය.ي ඔහුගේ පරමාධිපතිට හෝ ඔහුගේ දෙමාපියන්ට හෝ ඔහු පිටුපාන්නෙකු නොවීය. وسلم عليه يوم ولدويوم يموت ويوم يبعث ح ا
وَسَلَـٰمٌ عَلَيْهِ يَوْمَ وُلِدَ وَيَوْمَ يَمُوتُ وَيَوْمَ يُبْعَثُ حَيًّۭا ﴿١٥﴾
ඔහු උපත ලැබූ දින ද, මිය යන දින ද මිය ගිය පසු මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ජීවමානව ඔහුව යළි අවදි කරන දින ද අල්ලාහ්ගෙන් වූ ශාන්තිය හා ඔහුගෙන් වූ ආරක්ෂාව ඔහුට හිමිය. මෙම අවස්ථා තුන මිනිසෙකු තරණය කළ යුතු ඉතා බැරූරුම් අවස්ථාවන්ය. ඒ අවස්ථාවන්හි සුරක්ෂිත වූයේ නම් ඒ හැර අනෙක් විෂයයන්හි ඔහු කෙරෙහි බියක් නැත. بلغ අල්-කුර්ආන් · තෆ්සීර් ي
وَٱذْكُرْ فِى ٱلْكِتَـٰبِ مَرْيَمَ إِذِ ٱنتَبَذَتْ مِنْ أَهْلِهَا مَكَانًۭا شَرْقِيًّۭا ﴿١٦﴾
අහෝ දූතය! නුඹ වෙත පහළ කරන ලද අල් කුර්ආනයේ සඳහන් මර්යම් (අලයිහස් සලාම්) තුමිය, ඇයගේ පවුලෙන් ඈත් වී නැගෙනහිර දිශාවේي ස්ථානයකට වෙන්ව ගිය සිද්ධිය පිළිබඳ තොරතුරු මෙනෙහි කරනු
فَٱتَّخَذَتْ مِن دُونِهِمْ حِجَابًۭا فَأَرْسَلْنَآ إِلَيْهَا رُوحَنَا فَتَمَثَّلَ لَهَا بَشَرًۭا سَوِيًّۭا ﴿١٧﴾
ඇය තම පරමාධිපතිට ඉටු කරන නැමදුම් තත්ත්වයන් ඇයගේ ජනයාට නොපෙනෙන සේ ඔවුන්ගෙන් තොර ව ආවරණයක් ඇය වෙනුවෙන් සකසා ගත්තාය. එවිට අපි ඇය වෙත ජිබ්රීල් (අලයිහිස් සලාම්) තුමාව අපි එව්වෙමු. පූර්ණවත් හැඩයෙන් යුත් මිනිසෙකුගේ හැඩරුවෙන් ඇය ඉදිරියේ ඔහු දිස්විය. ඇයට යම් හිංසාවක් කරනු ඇතැයි ඇය බිය වූවාය. ي
قَالَتْ إِنِّىٓ أَعُوذُ بِٱلرَّحْمَـٰنِ مِنكَ إِن كُنتَ تَقِيًّۭا ﴿١٨﴾
පූර්ණ මිනිසෙකුගේ හැඩයෙන් යුතු ව ඔහු ඇය වෙත ඉදිරියට එනු දුටු ඇය, "අහෝ! ඔබ අල්ලාහ්ට බැතිමත් අයකු නම් ඔහුට බියවනු. නුඹෙන් මට ඇත්විය හැකි හානියෙන් සැබැවින්ම මම ආරක්ෂාව මහාකාරුණිකයාණන් වෙත පතමි" යැයි පැවසුවාය. ي
قَالَ إِنَّمَآ أَنَا۠ رَسُولُ رَبِّكِ لِأَهَبَ لَكِ غُلَـٰمًۭا زَكِيًّۭا ﴿١٩﴾
ජිබ්රීල් (අලයිහිස් සලාම්) තුමා, "මම මිනිසෙකු නොවෙමි. සැබැවින්ම නුඹට දැහැමි පිවිතුරු දරුවෙකු පරිත්යාග කිරීම (ගැන දන්වනු) සඳහා සැබැවින්ම මම නුඹගේ පරමාධිපති වෙතින් නුඹ වෙත එවනු ලැබූ දේව දූතයෙකු වෙමි"යැයි ي පැවසීය. قالت أنى يكون لى غلم ولم يمسسنى بشر ولم أك بغا
قَالَتْ أَنَّىٰ يَكُونُ لِى غُلَـٰمٌۭ وَلَمْ يَمْسَسْنِى بَشَرٌۭ وَلَمْ أَكُ بَغِيًّۭا ﴿٢٠﴾
මර්යම් තුමිය පුදුමයෙන් යුතු ව, "සහකරුවෙකු හෝ වෙනත් කිසිවෙකු හෝ මා වෙත ළංව නොසිටියදී මට දරුවකු ඇති වනුයේيකෙසේද? මට දරුවෙකු ඇති වන තරමට මම දුරාචාරයේ යෙදුණු කාන්තාවක් නොවූයෙමි" යැයි පැවසුවාය
قَالَ كَذَٰلِكِ قَالَ رَبُّكِ هُوَ عَلَىَّ هَيِّنٌۭ ۖ وَلِنَجْعَلَهُۥٓ ءَايَةًۭ لِّلنَّاسِ وَرَحْمَةًۭ مِّنَّا ۚ وَكَانَ أَمْرًۭا مَّقْضِيًّۭا ﴿٢١﴾
ජිබ්රීල් (අලයිහිස් සලාම්) තුමා ඇයට, "සහකරුවෙකු හෝ වෙනත් කිසිවෙකු හෝ ඔබව ස්පර්ශ කර නොමැති බවත් ඔබ දුරාචාරයේ යෙදුණු කාන්තාවක් නොවන බවත් ඔබ සඳහන් කළ පරිදි එය එසේමය. නමුත් නුඹේ පරමාධිපතියාණන්: ‘පියෙකු තොරව දරුවකු මැවීම මා වෙත පහසු කාර්යයක්' යැයි පවසා සිටියි. ඔබට ත්යාග වශයෙන් පිරිනමනු ලබන දරුවා අල්ලාහ්ගේ ශක්තිය මිනිසුනට පෙන්වා දෙන සළකුණක් වන්නේය. එමෙන්ම අප වෙතින් නුඹට හා ඔහුව විශ්වාස කරන ජනයාට පිරිනමන ආශිර්වාදයකි. නුඹට දරුවකු බිහිවීම ගැන අල්ලාහ් විසින් නියම කරන ලද ‘ලව්හුල් මහ්ෆූල්’ නම්ي ආරක්ෂිත පුවරුවේ ලියන ලද අල්ලාහ්ගේ තීන්දුව විය පැවසුවේය
۞ فَحَمَلَتْهُ فَٱنتَبَذَتْ بِهِۦ مَكَانًۭا قَصِيًّۭا ﴿٢٢﴾
මලක්වරයා ඇය මත පිඹීමෙන් පසුව ඇය එය උසුලාගෙන මිනිසුන්ගෙන් ඈත් වූ දුර තැනකට වෙන් ව ගියාය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර් ي
فَأَجَآءَهَا ٱلْمَخَاضُ إِلَىٰ جِذْعِ ٱلنَّخْلَةِ قَالَتْ يَـٰلَيْتَنِى مِتُّ قَبْلَ هَـٰذَا وَكُنتُ نَسْيًۭا مَّنسِيًّۭا ﴿٢٣﴾
විලිරුදාව ඇයට අත්විය. ඉඳි ගසක කඳක් වෙත ඇය ව යොමු කළේය. මර්යම් (අලයිහිස් සලාම්) තුමිය, "මෙදිනට පෙර මා මිය යා යුතු නොවේද! මට නපුරක් නොවනු ඇතැයි නොසිතන තරමට මෙනෙහි නොකරන ලද්දක් බවට මා පත්විය යුතු නොවේදැ?"යි පැවසුවාය.ي
فَنَادَىٰهَا مِن تَحْتِهَآ أَلَّا تَحْزَنِى قَدْ جَعَلَ رَبُّكِ تَحْتَكِ سَرِيًّۭا ﴿٢٤﴾
ඇයගේ පාද දෙක යටින් ඊසා (අලයිහිස් සලාම්) තුමා ඇය ව අමතා, "ඔබ දුක් නොවනු. ඔබ ජලය පානය කිරීම සඳහා දිය උල්පතක් ඔබට පහළින් ඔබේي පරමාධිපති ඇති කළේය." යැයි පැවසීය
وَهُزِّىٓ إِلَيْكِ بِجِذْعِ ٱلنَّخْلَةِ تُسَـٰقِطْ عَلَيْكِ رُطَبًۭا جَنِيًّۭا ﴿٢٥﴾
"ඔබي ඉඳි ගස් කඳ අල්ලාගෙන සොලවනු. ඒ මෙහොතේම නෙළන ලද නැවුම් ඉඳි නුඹ මත වැටෙනු ඇත."
فَكُلِى وَٱشْرَبِى وَقَرِّى عَيْنًۭا ۖ فَإِمَّا تَرَيِنَّ مِنَ ٱلْبَشَرِ أَحَدًۭا فَقُولِىٓ إِنِّى نَذَرْتُ لِلرَّحْمَـٰنِ صَوْمًۭا فَلَنْ أُكَلِّمَ ٱلْيَوْمَ إِنسِيًّۭا ﴿٢٦﴾
නුඹ පිරිසිදු නැවුම් දෙයින් අනුභව කරනු. මෙම ජලයෙන් පානය කරනු. නුඹට ඉපදුණු දරුවා පිළිබඳ සතුටු වනු. නුඹ දුක් නොවනු. ජනයා අතරින් කිසිවෙකුව නුඹ දැක ඉපදුණු දරුවා පිළිබඳ නුඹෙන් අසා සිටියේ නම් නුඹ ඔහුට: ‘කතා කිරීමෙන් නිහඬ වීමට මම මාගේ පරමාධිපති ට බැඳී සිටිමි. එබැවින් අද දින මිනිසුන් අතරින් කිසිවෙකු සමග මම කතා නොකරමි’ යැයි (සංඥාවෙන්ي දන්වනු) පවසනු
فَأَتَتْ بِهِۦ قَوْمَهَا تَحْمِلُهُۥ ۖ قَالُوا۟ يَـٰمَرْيَمُ لَقَدْ جِئْتِ شَيْـًۭٔا فَرِيًّۭا ﴿٢٧﴾
මර්යම් ඇයගේ දරුවා උසුලාගෙන ඇයගේ සමූහයා වෙත පැමිණියාය. එවිට ඇයගේ සමූහයා ඇය හෙළා දකිමින්, "අහෝ මර්යම්! පියකු නොමැතිي දරුවකු ගෙනැවින් සැබැවින් ඔබ බරපතළ කරුණක් සිදු කර ඇත්තාය" යැයි පැවසීය
يَـٰٓأُخْتَ هَـٰرُونَ مَا كَانَ أَبُوكِ ٱمْرَأَ سَوْءٍۢ وَمَا كَانَتْ أُمُّكِ بَغِيًّۭا ﴿٢٨﴾
"අහෝ නැමදුමෙහි හාරූන්ට සමාන තැනැත්තියනි!" (ඔහු දැහැමි මිනිසෙකු විය.) නුඹේ පියාණන් සල්ලාලයෙකු නොවීය. නුඹේ මව ද දුරාචාරයේ යෙදුනු කාන්තාවක් නොවීය. ඔබත් දැහැමි කටයුතු කරන පිවිතුරු නිවැසියන් අතර කෙනෙකි. එසේනම්, පියකු නොමැති වيදරුවෙකු නුඹ ගෙන එනුයේ කෙසේද?
فَأَشَارَتْ إِلَيْهِ ۖ قَالُوا۟ كَيْفَ نُكَلِّمُ مَن كَانَ فِى ٱلْمَهْدِ صَبِيًّۭا ﴿٢٩﴾
එවිට ඇය ඇයගේ පුත් ඊසා (අලයිහිස් සලාම්) තුමා ව පෙන්වීය. ඔහු තොටිල්ලෙහි විය. එවිට ඇයගේ සමූහයා පුදුමයෙන් යුතුව: "දරුවා තොටිල්ලෙහිي සිටියදී අප ඔහු සමග කතා කළ හැක්කේ කෙසේදැ?"යි විමසා සිටියෝය
قَالَ إِنِّى عَبْدُ ٱللَّهِ ءَاتَىٰنِىَ ٱلْكِتَـٰبَ وَجَعَلَنِى نَبِيًّۭا ﴿٣٠﴾
ඊසා (අලයිහිස් සලාම්) තුමා, "සැබැවින්ම මම අල්ලාහ්ගේ ගැත්තෙකු වෙමි. මා වෙත ඔහු ඉන්ජීලය පිරිනමා ඇත. එමෙන්ම ඔහුගේ නබිවරුන් අතරින් නබිවරයකු ලෙස ඔහු මා පත් කර ඇත." යැයි පැවසීය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර් ي
وَجَعَلَنِى مُبَارَكًا أَيْنَ مَا كُنتُ وَأَوْصَـٰنِى بِٱلصَّلَوٰةِ وَٱلزَّكَوٰةِ مَا دُمْتُ حَيًّۭا ﴿٣١﴾
"මා කොතැනක සිටිය ද, ගැත්තන්හට අධික ලෙස සෙත සලසන්නෙකු බවට ඔහු මා පත් කර ඇත. එමෙන්ම මාගේ ජීවිතාන්තය දක්වාම සලාතය ඉටු කරනي මෙන් ද සකාත් පිරිනමන මෙන් ද ඔහු මට නියෝග කර ඇත." وبرا بولدتى ولم يجعلنى جبارا شقا
وَبَرًّۢا بِوَٰلِدَتِى وَلَمْ يَجْعَلْنِى جَبَّارًۭا شَقِيًّۭا ﴿٣٢﴾
තවද මාගේ මවට ඇප උපස්ථාන කරන්නෙකු ලෙස ද ඔහු මා පත් කර ඇත. මාගේ පරමාධිපතිට අවනත වීමෙන් අහංකාරයකු ලෙස හෝ ඔහුටي පාපකම් සිදු කරන්නෙකු ලෙස හෝ ඔහු මා පත් කර නැත
وَٱلسَّلَـٰمُ عَلَىَّ يَوْمَ وُلِدتُّ وَيَوْمَ أَمُوتُ وَيَوْمَ أُبْعَثُ حَيًّۭا ﴿٣٣﴾
මා උපන් දිනයේත් මා මිය යන දිනයේදීත් මා යළිත් ජීමානව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේත් ෂෙයිතාන් හා ඔහුගේ උදව්කරුවන්ගෙන් ආරක්ෂාව මා වෙත විය. මේ විශේෂිත සංසිද්ධීන් තුනෙහිම ෂෙයිතාන් මා ස්පර්ශ කළේ නැත
ذَٰلِكَ عِيسَى ٱبْنُ مَرْيَمَ ۚ قَوْلَ ٱلْحَقِّ ٱلَّذِى فِيهِ يَمْتَرُونَ ﴿٣٤﴾
මෙම ගුණාංග වලින් වර්ණනා කරනු ලැබූ දැහැමියා මර්යම්ගේ පුත් ඊසාය. මෙම ප්රකාශය එතුමා සම්බන්ධයෙන් වූ සත්යය ප්රකාශයකි. මෙය ඔහු සම්බන්ධයෙන් සැක කරන, මතභේද ඇති කරන, නොමඟ ගියවුන් පවසන ප්රකාශයක් නොවේ
مَا كَانَ لِلَّهِ أَن يَتَّخِذَ مِن وَلَدٍۢ ۖ سُبْحَـٰنَهُۥٓ ۚ إِذَا قَضَىٰٓ أَمْرًۭا فَإِنَّمَا يَقُولُ لَهُۥ كُن فَيَكُونُ ﴿٣٥﴾
කිසිදු දරුවෙකු ගැනීමේ අවශ්යතාවක් අල්ලාහ්ට නොවීය. ඔහු එයින් පිවිතුරුය. සුවි ශුද්ධය. ඔහු යම් කටයුත්තක් සිතූ විට, ශුද්ධවන්තයාණන් වන ඔහු එම කරුණට ‘කුන්’ - වනු යැය පැවසීම ප්රමාණවත්ය. එවිට කිසිදු සැකයකින් තොරව එය සිදුවන්නේය. එසේ කටයුතු කරන්නා දරුවන්ගෙන් තොර පිවිතුරු වූවෙකි
وَإِنَّ ٱللَّهَ رَبِّى وَرَبُّكُمْ فَٱعْبُدُوهُ ۚ هَـٰذَا صِرَٰطٌۭ مُّسْتَقِيمٌۭ ﴿٣٦﴾
"සැබැවින්ම සුවිශුද්ධ අල්ලාහ් මාගේ පරමාධිපතිය. නුඹලා සියල්ලන්ගේ පරමාධිපතිය. එහෙයින් ඔහුට පමණක් අවංකව නැමදුම් ඉටු කරනු. නුඹලාට මෙනෙහි කරන ලද මෙය අල්ලාහ්ගේ තෘප්තිය වෙත ළඟා කරවන ඍජු මාර්ගයයි." (යැයි ඊසා පැවසීය)
فَٱخْتَلَفَ ٱلْأَحْزَابُ مِنۢ بَيْنِهِمْ ۖ فَوَيْلٌۭ لِّلَّذِينَ كَفَرُوا۟ مِن مَّشْهَدِ يَوْمٍ عَظِيمٍ ﴿٣٧﴾
ඊසා (අලයිහිස් සලාම්) තුමාගේ කරුණ සම්බන්ධයෙන් මතභේද ඇති කර ගත්තවුන් මතභේද ඇතිකර ගත්තෝය. එහෙයින් ඔහුගේ ප්රජාව අතර විවිධ කණ්ඩායම් බිහි වූහ. ඒ අනුව ඔවුන්ගෙන් ඇතැමෙකු ඔහුව විශ්වාස කොට, "ඔහු දහම් දූතයෙකි." යැයි පැවසූහ. ඔහු සම්බන්ධයෙන් ඇතැම් පිරිස් අතිශයෝක්තියෙන් "ඔහුය අල්ලාහ්" යැයි පැවසුවාක් මෙන්ම, යුදෙව්වන් ඔහුව ප්රතික්ෂේප කළෝය. තවත් පිරිසක් "ඔහු අල්ලාහ්ගේ පුත්රයා" යැයි පැවසූහ. ඒවායින් අල්ලාහ් උත්තරීතරය. ඔහු විෂයයෙහි මෙසේ මත ගැටුම් ඇති කර ගත්තවුනට මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන අතිමහත් දිනයේ ඇති දර්ශන, විනිශ්චය හා දඬුවම දැකීමෙන් විනාශයක්ම වන්නේය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
أَسْمِعْ بِهِمْ وَأَبْصِرْ يَوْمَ يَأْتُونَنَا ۖ لَـٰكِنِ ٱلظَّـٰلِمُونَ ٱلْيَوْمَ فِى ضَلَـٰلٍۢ مُّبِينٍۢ ﴿٣٨﴾
සවන් දීම ඔවුනට ප්රයෝජනවත් නොවන පරිදි සවන් දුන් ඔවුන්ගේ ශ්රවණය ද, දැකීම ඔවුනට ප්රයෝජනවත් නොවන පරිදි බැලු ඔවුන්ගේ බැල්ම ද පුදුමසහගතය. කෙසේ වෙතත් අපරාධකරුවෝ මෙලොවෙහි ඍජු මාර්ගයෙන් දුරස්ව පැහැදිළි නොමගෙහි පසුවූවෝය. ඔවුන් අපරාධකරමින් සිටියදී ඔවුන් වෙත එකවර පැමිණෙන මතුලොව සඳහා ඔවුහු සූදානම් නොවන්නෝය
وَأَنذِرْهُمْ يَوْمَ ٱلْحَسْرَةِ إِذْ قُضِىَ ٱلْأَمْرُ وَهُمْ فِى غَفْلَةٍۢ وَهُمْ لَا يُؤْمِنُونَ ﴿٣٩﴾
අහෝ දූතය! දුෂ්ඨයා ඔහුගේ දුෂ්ඨකම් මත පසුතැවෙන, දැහැමියා අවනතවීමෙහි වැඩි කාලයක් ගත නොකිරීම ගැන පසුතැවෙන එම පසුතැවීමේ දිනය ගැන ජනයාට අනතුරු අඟවනු. ගැත්තන්ගේ ලේඛන දිගු හරිනු ලැබ, ඔවුන්ගේ විනිශ්චය අවසන් වූ විට සියලු දෙනාම ඔහු ඉදිරිපත් කළ දෑ වෙතට පත් වෙති. ඔවුන් ඔවුන්ගේ මෙලොව ජීවිතයෙහි රවටනු ලැබූවන් වෙති. මතුලොව පිළිබඳ නොසැලකිල්ලෙන් පසුවෙති. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය ගැන විශ්වාස නොකරති
إِنَّا نَحْنُ نَرِثُ ٱلْأَرْضَ وَمَنْ عَلَيْهَا وَإِلَيْنَا يُرْجَعُونَ ﴿٤٠﴾
මැවීම් විනාශ වී ගිය පසුව ඉතිරි වනුයේ අප පමණය. මහපොළොවේ උරුමය අප සතුය. ඒ මත විසූවන් ද විනාශ වී අප පමණක් ඉතිරිවන බැවින් ඒවා ද අප සතුය. අපි ඔවුනට ඒවා භාර කළෙමු. අපි අභිමත කරන පිරිදි ඔවුන් විශයෙහි කටයුතු කරන්නෙමු. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ විනිශ්චය හා ප්රතිඵල සඳහා ඔවුන් නැවත හැරී පැමිණෙනුයේ අප වෙතමය
وَٱذْكُرْ فِى ٱلْكِتَـٰبِ إِبْرَٰهِيمَ ۚ إِنَّهُۥ كَانَ صِدِّيقًۭا نَّبِيًّا ﴿٤١﴾
අහෝ දූතය! නුඹ වෙත පහළ කරනු ලැබූ අල් කුර්ආනයේ ඉබ්රාහීම් (අලයිහිස් සලාම්) තුමා පිළිබඳ සඳහන් තොරතුරු මෙනෙහි කර බලනු. සැබැවින්ම ඔහු වඩාත් සත්යවාදියෙකු හා අල්ලාහ්ගේ වදන් තහවුරු කරන්නෙකු විය. එමෙන්ම අල්ලාහ් වෙතින් වූ නබිවරයකු ද විය
إِذْ قَالَ لِأَبِيهِ يَـٰٓأَبَتِ لِمَ تَعْبُدُ مَا لَا يَسْمَعُ وَلَا يُبْصِرُ وَلَا يُغْنِى عَنكَ شَيْـًۭٔا ﴿٤٢﴾
ඔහු ඔහුගේ පියා ආසර්ගෙන්, "ඔබ ඇරයුම් කර සිටිය ද ඔබේ ඇරයුමට සවන් නොදෙන, ඔබ ගැතිකම් කළ ද ඔබේ නැමදුම බලා නොසිටින, ඔබට ඇතිවන උවදුරු ඔබෙන් ඉවත් නොකරන, ඔබට කිසිදු ප්රයෝජනයක් ගෙන නොදෙන පිළිමයකට ඔබ වැඳුම්ي පිඳුම් කරනුයේ ඇයි දැ?"යි විමසීය
يَـٰٓأَبَتِ إِنِّى قَدْ جَآءَنِى مِنَ ٱلْعِلْمِ مَا لَمْ يَأْتِكَ فَٱتَّبِعْنِىٓ أَهْدِكَ صِرَٰطًۭا سَوِيًّۭا ﴿٤٣﴾
"මාගේ පියාණනි, ඔබ වෙත නොපැමිණි දේව පණිවිඩ මඟින් සැබැවින්ම මා වෙත ඥානය පැමිණ ඇත. එහෙයින් ඔබ මා අනුගමනය කරන්න. මමي ඔබට ඍජු මාර්ගය වෙත මඟ පෙන්වමි."
يَـٰٓأَبَتِ لَا تَعْبُدِ ٱلشَّيْطَـٰنَ ۖ إِنَّ ٱلشَّيْطَـٰنَ كَانَ لِلرَّحْمَـٰنِ عَصِيًّۭا ﴿٤٤﴾
"අහෝ මාගේ පියාණනි! ෂෙයිතාන්ට අවනත වී ඔහුට ගැතිකම් නොකරනු. සැබැවින්ම ෂෙයිතාන් වනාහි, මහා කරුණාන්විතයාණන් ආදම්ට සුජූද් කරන මෙන් ඔහුට නියෝග කළ විට ඔහු සුජූද් නොකිරීම හේතුවෙන් රහ්මාන්ට පිටුපාන්නෙකු විය." بلغ අල්-කුර්ආන් · තෆ්සීර් ي
يَـٰٓأَبَتِ إِنِّىٓ أَخَافُ أَن يَمَسَّكَ عَذَابٌۭ مِّنَ ٱلرَّحْمَـٰنِ فَتَكُونَ لِلشَّيْطَـٰنِ وَلِيًّۭا ﴿٤٥﴾
මාගේ පියාණනි! ඔබ දේවත්වය ප්රතික්ෂේප කරන තත්ත්වය මතම මිය යැදුණේ නම් මහාකාරුණිකයාණන්ගෙන් වූ දඬවමක් ඔබට අත්වීම ගැන සැබැවින්ම මම බිය වෙමි. එවිට ඔබ ඔහු සමග සමීපයෙන් කටයුතු කළ බැවින් දඬුවම් ලැබීමෙහි ඔබ ෂෙයිතාන්ටي සමීපතයෙකු බවට පත් වන්නෙහිය."
قَالَ أَرَاغِبٌ أَنتَ عَنْ ءَالِهَتِى يَـٰٓإِبْرَٰهِيمُ ۖ لَئِن لَّمْ تَنتَهِ لَأَرْجُمَنَّكَ ۖ وَٱهْجُرْنِى مَلِيًّۭا ﴿٤٦﴾
ආසර් තම පුත් ඉබ්රාහීම්ට, "අහෝ ඉබ්රාහීම්! මා නමදින මාගේ පිළිමවලට නුඹ පිටු පාන්නෙහිද? මාගේ පිළිමවලට දොස් නැගීමෙන් නුඹ නොවැළකුනෙහි නම් සැබැවින්ම මම නුඹව ගල් ගසා මරා දමමි. නුඹ මා ළඟින් දීර්ඝ කාලයක් වෙන්ව යනු. මා සමග කතාيනොකරනු. මා සමග එකතු නොවනු" යැයි පැවසීය
قَالَ سَلَـٰمٌ عَلَيْكَ ۖ سَأَسْتَغْفِرُ لَكَ رَبِّىٓ ۖ إِنَّهُۥ كَانَ بِى حَفِيًّۭا ﴿٤٧﴾
ඉබ්රාහීම් (අලයිහිස් සලාම්) තුමා තම පියාණන්ට, "මා ඔබට ශාන්තිය පතමි. මා ගැන ඔබ පිළිකුල් කරන කිසිවක් ඔබ ලබන්නේ නැත. ඔබ වෙනුවෙන් පාපක්ෂමාව හා යහමඟ මම මාගේ පරමාධිපතිගෙන් ඉල්ලා සිටිමි. සැබැවින්ම ඔහු සුවිශුද්ධය.يඔහු මා කෙරහි දායලුය." යැයි පැවසීය
وَأَعْتَزِلُكُمْ وَمَا تَدْعُونَ مِن دُونِ ٱللَّهِ وَأَدْعُوا۟ رَبِّى عَسَىٰٓ أَلَّآ أَكُونَ بِدُعَآءِ رَبِّى شَقِيًّۭا ﴿٤٨﴾
"මම නුඹලාගෙන් වෙන්වෙමි. එමෙන්ම අල්ලාහ් හැර දමා නුඹලා නමදිමින් සිටින නුඹලාගේ දෙවිවරුන්ගෙන් ද වෙන්වෙමි. මම මාගේ පරමාධිපති පමණක් ඇරයුම් කරමි. ඔහුට කිසිවක් ආදේශ නොකරමි. මම ඔහුට ඇරයුම් කර සිටින විට එමيප්රාර්ථනාවلතුළින් දුර්භාග්යයකු වීමෙන් මා වළක්වා ගතහැකි වන්නේය."
فَلَمَّا ٱعْتَزَلَهُمْ وَمَا يَعْبُدُونَ مِن دُونِ ٱللَّهِ وَهَبْنَا لَهُۥٓ إِسْحَـٰقَ وَيَعْقُوبَ ۖ وَكُلًّۭا جَعَلْنَا نَبِيًّۭا ﴿٤٩﴾
ඔහු ඔවුන් හා අල්ලාහ් හැරදමා ඔවුන් නමදිමින් සිටි ඔවුන්ගේ දෙවිවරුන් අතහැර දැමූ කල්හි, ඔහුට ඔහුගේ පවුල අහිමි වීම වෙනුවට අපි ඔහුට ඉස්හාක් නම් පුතෙකු පිරිනැමුවෙමු. තවද ඔහුගේ මුණුපුරු යඃකූබ්ව ද අපි ඔහුට පිරිනැමුවෙමු. ඔවුන් දෙදෙනාගෙන්ي සෑම කෙනෙකුවම නබිවරයකු බවට පත් කළෙමු. ووهبنا لهم من رحمتنا وجعلنا لهم لسان صدق علا
وَوَهَبْنَا لَهُم مِّن رَّحْمَتِنَا وَجَعَلْنَا لَهُمْ لِسَانَ صِدْقٍ عَلِيًّۭا ﴿٥٠﴾
අපගේ ආශිර්වාදයෙන් අපි ඔවුනට නබිත්වය සමගම අධික යහපත ද පිරිනැමුවෙමු. ගැත්තන්ගේ මුවින් පැසසුමට ලක් කරන නිරන්තර යහපත් ප්රශංසාවක්ي අපි ඔවුනට ඇති කළෙමු
وَٱذْكُرْ فِى ٱلْكِتَـٰبِ مُوسَىٰٓ ۚ إِنَّهُۥ كَانَ مُخْلَصًۭا وَكَانَ رَسُولًۭا نَّبِيًّۭا ﴿٥١﴾
අහෝ දූතය! නුඹ වෙත පහළ කරනු ලැබූ අල් කුර්ආනයේ මූසා (අලයිහිස් සලාම්) පිළිබඳ සඳහන් තොරතුරු මෙනෙහි කර බලනු. සැබැවින්ම ඔහු තෝරා ගනු විශේෂිතයෙකු විය. එමෙන්ම නබිවරයකු මෙන්ම දූතයෙකු ද විය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර් ي
وَنَـٰدَيْنَـٰهُ مِن جَانِبِ ٱلطُّورِ ٱلْأَيْمَنِ وَقَرَّبْنَـٰهُ نَجِيًّۭا ﴿٥٢﴾
මූසා අලයිහිස් සලාම් තුමාගේ ස්ථානයට යාබද ව දකුණු දෙසින් පිහිටි කන්දක් දෙසින් අපි ඔහුව ඇමතුවෙමු. අල්ලාහ්ගේ කතාව ඔහුගේ සවනටيවැකෙන පරිදි ඔහු සමග කතා කිරීමට අපි ඔහුව සමීප කළෙමු
وَوَهَبْنَا لَهُۥ مِن رَّحْمَتِنَآ أَخَاهُ هَـٰرُونَ نَبِيًّۭا ﴿٥٣﴾
අපගේ කරුණාවෙන් හා අප ඔහුට පිරිනැමූ ආශිර්වාදයෙන් ඔහුගේ සහෝදර හාරූන් අලයිහිස් සලාම් තුමා ව නබිවරයකු ලෙස අපි ඔහුට පිරිනැමුවෙමු. එය ඔහු ඔහුගේ පරමාධිපතිගෙන් ඒ ගැන විමසා සිටි අවස්ථාවේදී ඔහුගේ ප්රාර්ථනාවට පිළිතුරුيවශයෙනි
وَٱذْكُرْ فِى ٱلْكِتَـٰبِ إِسْمَـٰعِيلَ ۚ إِنَّهُۥ كَانَ صَادِقَ ٱلْوَعْدِ وَكَانَ رَسُولًۭا نَّبِيًّۭا ﴿٥٤﴾
අහෝ දූතය! නුඹ වෙත පහළ කරන ලද අල් කුර්ආනයේ ඉස්මාඊල් (අලයිහිස් සලාම්) තුමා පිළිබඳ සඳහන් තොරතුරු ද මෙනෙහි කර බලනු. සැබැවින්ම හෙතෙම ප්රතිඥාව තහවුරු කන්නෙකු විය. යම් කිසි ප්රතිඥාවක් දෙනු ලැබූ විට එය ඉටු කළේය. එමෙන්මيඔහු නබිවරයකු මෙන්ම දූතයකු විය
وَكَانَ يَأْمُرُ أَهْلَهُۥ بِٱلصَّلَوٰةِ وَٱلزَّكَوٰةِ وَكَانَ عِندَ رَبِّهِۦ مَرْضِيًّۭا ﴿٥٥﴾
සලාතය විධිමත්ව ඉටු කරන මෙන් ද සකාතය පිරිනමන මෙන් ද ඔහුගේ පවුලට ඔහු නියෝග කරන්නෙකු විය. එමෙන්ම ඔහු ඔහුගේ පරමාධිපතිي අබියස පිළිගැනීමට ලක්වූ අයකු විය
وَٱذْكُرْ فِى ٱلْكِتَـٰبِ إِدْرِيسَ ۚ إِنَّهُۥ كَانَ صِدِّيقًۭا نَّبِيًّۭا ﴿٥٦﴾
අහෝ දූතය! නුඹ වෙත පහළ කරනු ලැබූ අල් කුර්ආනයේ ඉදිරීස් (අලයිහිස් සලාම්) තුමා පිළිබඳ සඳහන් තොරතුරු මෙනෙහි කර බලනු. සැබැවින්ම ඔහු වඩාත් සත්යවාදියෙකු හා ඔහුගේ පරමාධිපතිගේ වදන් තහවුරු කරන්නෙකු විය. තවද, අල්ලාහ්ගේ නබිවරුන් අතරින් නබිවරයකු ද විය. ورفعنه مكانا عليا
وَرَفَعْنَـٰهُ مَكَانًا عَلِيًّا ﴿٥٧﴾
ඔහුට අපි නබිත්වය පිරිනැමීම තුළින් අපි ඔහුව මෙනෙහි කිරීම උසස් කළෙමු. එහෙයින් ඔහු උසස් නිලයක් ඇත්තෙකු විය
أُو۟لَـٰٓئِكَ ٱلَّذِينَ أَنْعَمَ ٱللَّهُ عَلَيْهِم مِّنَ ٱلنَّبِيِّـۧنَ مِن ذُرِّيَّةِ ءَادَمَ وَمِمَّنْ حَمَلْنَا مَعَ نُوحٍۢ وَمِن ذُرِّيَّةِ إِبْرَٰهِيمَ وَإِسْرَٰٓءِيلَ وَمِمَّنْ هَدَيْنَا وَٱجْتَبَيْنَآ ۚ إِذَا تُتْلَىٰ عَلَيْهِمْ ءَايَـٰتُ ٱلرَّحْمَـٰنِ خَرُّوا۟ سُجَّدًۭا وَبُكِيًّۭا ۩ ﴿٥٨﴾
ى මෙම සූරාවෙහි සකරිය්යා ගෙන් ආරම්භ කොට ඉද්රීස්ගෙන් (අලයිහිමස් සලාම්) අවසන් කරමින් සඳහන් කරනු ලැබූ මොවුහු වනාහි, ආදම්ගේ දරුවන් අතරින් ද නූහ් (අලයිහිස් සලාම්) සමග නැවෙහි ප්රවාහනය කෙරෙව්වා වූ අය අතරින්ද ඉබ්රාහීම්ගේ දරුවන් අතරින්ද යඃකූබ්ගේ දරුවන් අතරින්ද එමෙන්ම ඉස්ලාමය හා යහමඟ වෙත ආශිර්වාද කළවුන් අතරින් ද නබිත්වය ප්රදානය කිරීමෙන් අල්ලාහ් ඔවුනට ආශිර්වාද කළ අය වෙති. අපි ඔවුන්ව තෝරා ගත්තෙමු. අපි ඔවුන් නබිවරුන් බවට පත් කළෙමු. පාරායනය කරනු ලැබූ අල්ලාහ්ගේ වදන්වලට ඔවුහු සවන් දුන් විට ඔහුට ඇති බියෙන් හඬමින් ඔහුට සිරස නමා නමස්කාර කරන්නන් වූහ. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
۞ فَخَلَفَ مِنۢ بَعْدِهِمْ خَلْفٌ أَضَاعُوا۟ ٱلصَّلَوٰةَ وَٱتَّبَعُوا۟ ٱلشَّهَوَٰتِ ۖ فَسَوْفَ يَلْقَوْنَ غَيًّا ﴿٥٩﴾
තෝරා ගනු ලැබූ මෙම නබිවරුන්ගෙන් පසුව නොමඟ හා නපුර අනුගමනය කළවුන් පැමිණියෝය. ඔවුන් සලාතය අපතේ යැව්වෝය. එය අපේක්ෂා කරන පරිදි ඉටු කළේ නැත. ඔවුන්ගේ ආත්මාවන් ආශා කරන පරිදි අපචාරය වැනි පාපකම් සිදු කළෝය. එහෙයින් නිරයේ නපුර හා බිහිසුණු භාවයට ඔවුන් මුහුණ දෙනු ඇත
إِلَّا مَن تَابَ وَءَامَنَ وَعَمِلَ صَـٰلِحًۭا فَأُو۟لَـٰٓئِكَ يَدْخُلُونَ ٱلْجَنَّةَ وَلَا يُظْلَمُونَ شَيْـًۭٔا ﴿٦٠﴾
නමුත් ඔවුන් සිදු කළ වැරදි හා අඩුපාඩු හැඩගස්වා ගනිමින් පාපක්මාවේ නිරතව, අල්ලාහ් ව විශ්වාස කොට; දැහැමි ක්රියාවන් සිදු කළ අය හැර. මෙම ගුණාංගවලින් වර්ණනා කරනු ලැබූවෝ, ස්වර්ගයට පිවිසෙති. ඔවුන්ගේ ප්රතිඵල කිසිවක් සුළු ප්රමාණයකින්ي හෝ අඩු කරන්නේ නැත
جَنَّـٰتِ عَدْنٍ ٱلَّتِى وَعَدَ ٱلرَّحْمَـٰنُ عِبَادَهُۥ بِٱلْغَيْبِ ۚ إِنَّهُۥ كَانَ وَعْدُهُۥ مَأْتِيًّۭا ﴿٦١﴾
දෙවියන් නොදකින තත්ත්වයේ හිද, දැහැමි ක්රියාවන් සිදු කළ තම දැහැමි ගැත්තන්හට සැබැවින්ම ඔවුන්ව ස්වර්ගයට ඇතුළත් කරන බවට මහා කාරුණිකයාණන් ප්රතිඥා දුන් සදා පවත්නා ස්වර්ග උයන් ඔවුනට ඇත. ඔවුහු එය දැක තිබුණේ නැති නමුත් ඒ ගැන විශ්වාස කළෝය. එහෙයින් ස්වර්ගය ගැන වූ අල්ලාහ්ගේ ප්රතිඥාව -අදෘශ්යමාන වුව ද- එය කිසිදු සැකයකින් තොරي ව ඉටු කරනු ලබන්නකි
لَّا يَسْمَعُونَ فِيهَا لَغْوًا إِلَّا سَلَـٰمًۭا ۖ وَلَهُمْ رِزْقُهُمْ فِيهَا بُكْرَةًۭ وَعَشِيًّۭا ﴿٦٢﴾
ඔවුහු වැඩකට නැති අමතර දෑට හෝ පරුෂ වචනවලට හෝ සවන් නොදෙති. ඒ වෙනුවට ඔවුනොවුන් අතර හුවමාරු කර ගන්නා ශාන්තියේ ප්රකාශය වන සලාමයට සවන් දෙති. ඔවුන් මත මලක්වරුන්ගේ සලාමය පවතී. ඔවුන් ප්රිය කරන ආහාර උදේ සවස එහි ඔවුනටي ගෙන දෙනු ඇත
تِلْكَ ٱلْجَنَّةُ ٱلَّتِى نُورِثُ مِنْ عِبَادِنَا مَن كَانَ تَقِيًّۭا ﴿٦٣﴾
මෙම වර්ණනාවන්ගෙන් විස්තර කරනු ලැබූ මෙම ස්වර්ගය වනාහි, දේව නියෝග පිළිපදිමින් හා තහනම් කළ දැයින් වැළකෙමින්يකටයුතු කළ අපගේ ගැත්තන් හට අප උරුම කර දෙන ස්වර්ග උයන වෙයි
وَمَا نَتَنَزَّلُ إِلَّا بِأَمْرِ رَبِّكَ ۖ لَهُۥ مَا بَيْنَ أَيْدِينَا وَمَا خَلْفَنَا وَمَا بَيْنَ ذَٰلِكَ ۚ وَمَا كَانَ رَبُّكَ نَسِيًّۭا ﴿٦٤﴾
අහෝ ජිබ්රීල්! නුඹ මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාට මෙසේ පවසනු. "සැබැවින්ම මලක්වරුන් ඔවුන් විසින්ම පහළ වන්නේ නැත. සැබැවින්ම ඔවුන් පහළ වනුයේ අල්ලාහ්ගේ නියෝගය අනුවය. අප අනාගතයේ මුහුණ දෙන්නට තිබෙන මතුලොව කටයුතු ද, අප පසුපසින් එන්නට තිබෙන මෙලොව කටයුතු ද, මෙලොව හා මතුලොව අතර පවතින කටයුතු ද යන සියල්ල අල්ලාහ්ටම සතුය. අහෝ දූතය! නුඹේ පරමාධිපති කිසිවක් අමතක කරන්නෙකු ي නොවීය
رَّبُّ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ وَمَا بَيْنَهُمَا فَٱعْبُدْهُ وَٱصْطَبِرْ لِعِبَـٰدَتِهِۦ ۚ هَلْ تَعْلَمُ لَهُۥ سَمِيًّۭا ﴿٦٥﴾
ඔහු අහස්හි මැවුම්කරුය. මහපොළෙවෙහි මැවුම්කරුය. ඒ දෙකෙහි පාලකයාය. ඒ දෙකෙහි කටයුතු සැලසුම් සම්පාදනය කරන්නාය. එමෙන්ම ඒ දෙක අතර ඇති දෑහි ද මැවුම්කරුය. එහි පාලකයාය. එය සැලසුම් කරන්නාය. එහෙයින් නුඹ අල්ලාහ්ට පමණක් නමදිනු. නැමදුමට සුදුස්සා ඔහුය. ඔහුට නැමදුම් කිරීමෙහි ස්ථාවරව සිටිනු. නැමදුමෙහි ඔහු සමග හවුල් වන, ඔහුට සමාන කිසිදු සමානයකු හෝ දැක්මක් හෝ නැත. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
وَيَقُولُ ٱلْإِنسَـٰنُ أَءِذَا مَا مِتُّ لَسَوْفَ أُخْرَجُ حَيًّا ﴿٦٦﴾
නැවත නැගිටුවනු ලැබීම හෙළා දකින දේව ප්රතික්ෂේපකයා, මෙය සමච්චලටය ගනිමින්, "මා මිය ගිය විට මාගේ මිණීවළෙන් දෙවන වතාවට ප්රාණය ලබා ජීවමානව බැහැර කරනු ලබන්නෙම් ද? එය අන්ත මුළාවකි" යැයි පවසයි
أَوَلَا يَذْكُرُ ٱلْإِنسَـٰنُ أَنَّا خَلَقْنَـٰهُ مِن قَبْلُ وَلَمْ يَكُ شَيْـًۭٔا ﴿٦٧﴾
නැවත නැගිටුවනු ලැබීම හෙළා දකින්නා මීට පෙර ඔහු කිසිවක් ලෙස නොසිටියදී සැබැවින්ම අප ඔහු මවා තිබීම ගැන මෙනෙහි නොකරන්නේද? එම මැවීම දෙවන මැවීමට වඩා සුලබ හා පහසු දෙයක් වන අතරම ඒ අනුව පළමු මැවීම දෙවන මැවීමට සාධකයක්ي වන්නේය
فَوَرَبِّكَ لَنَحْشُرَنَّهُمْ وَٱلشَّيَـٰطِينَ ثُمَّ لَنُحْضِرَنَّهُمْ حَوْلَ جَهَنَّمَ جِثِيًّۭا ﴿٦٨﴾
අහෝ දූතය! නුඹේ පරමාධිපති මත දිවුරා පවසමි. සැබැවින්ම ඔවුන් නොමග යැවූ ඔවුන්ගේ නපුරු බලවේග ෂාතානුන් සමග එක් කරමින් මහ්ෂර් නම් රැස් කිරීමේ පිටිය වෙත ඔවුන්ව ඔවුන්ගේ මිණිවළවල්වලින් බැහැර කරන්නෙමු. පසුව නින්දිත නිරය වෙත ඔවුන් දණي ගස්වමින් අපි ඔවුන් ඇදගෙන යන්නෙමු
ثُمَّ لَنَنزِعَنَّ مِن كُلِّ شِيعَةٍ أَيُّهُمْ أَشَدُّ عَلَى ٱلرَّحْمَـٰنِ عِتِيًّۭا ﴿٦٩﴾
නොමග ගිය පිරිස් අතරින් වඩාත් දරුණු ලෙස පිටු පෑ සෑම කණ්ඩායමක්ම ඉතා දරුණු හා දැඩි ලෙස සැබැවින්ම අපි ඔවුන් උදුරා ගන්නෙමු. ඔවුහු ඔවුන්ගේي නායකයෝ වෙති
ثُمَّ لَنَحْنُ أَعْلَمُ بِٱلَّذِينَ هُمْ أَوْلَىٰ بِهَا صِلِيًّۭا ﴿٧٠﴾
පසු ව නිරා ගින්නට පිවිසීමට වඩාත් සුදුසු, එහි උණුසුම හා එහි පීඩා විඳීමට වඩාත් සුදුසු අය කවුරුන්දැයි අපි මැනවින් දනිමු. ي
وَإِن مِّنكُمْ إِلَّا وَارِدُهَا ۚ كَانَ عَلَىٰ رَبِّكَ حَتْمًۭا مَّقْضِيًّۭا ﴿٧١﴾
නිරය මධ්යයේ ඉදි කරනු ලැබ ඇති පාලමට ඉහළින් තරණය කිරීමට නුඹලා අතරින් කිසිවකුට නොහැක. එසේ තරණය කිරීම අල්ලාහ් නියම කළيස්ථීර තීන්දුවකි. ඔහුගේ තීන්දුවට කිසිදු ප්රතික්ෂේප කිරීමක් නැත
ثُمَّ نُنَجِّى ٱلَّذِينَ ٱتَّقَوا۟ وَّنَذَرُ ٱلظَّـٰلِمِينَ فِيهَا جِثِيًّۭا ﴿٧٢﴾
එම පාලම තරණය කිරීමෙන් පසු ව අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඔවුන්ගේ පරමාධිපතිට බැතියෙන් කටයුතු කරන්නන් අපි මුදවා ගනිමු. අපරාධකරුවන් ඔවුන්ගේ දණින් වැටී සිටීමට අත හරිමු. එයින් පළා යන්නට ඔවුහු ශක්තිය නොදරති. بلغ අල්-කුර්ආන් · තෆ්සීර් ي
وَإِذَا تُتْلَىٰ عَلَيْهِمْ ءَايَـٰتُنَا بَيِّنَـٰتٍۢ قَالَ ٱلَّذِينَ كَفَرُوا۟ لِلَّذِينَ ءَامَنُوٓا۟ أَىُّ ٱلْفَرِيقَيْنِ خَيْرٌۭ مَّقَامًۭا وَأَحْسَنُ نَدِيًّۭا ﴿٧٣﴾
අපගේ දූතයාණන් වෙත පහළ කරනු ලැබූ අපගේ පාඨ, පැහැදිලි ව ජනයා වෙත පාරායනය කරනු ලැබූ විට, දේව ප්රතික්ෂේපකයින් දේව විශ්වාසීන්හට, “අපගේ කණ්ඩායම් දෙකින් කවර කණ්ඩායමක් පැවැත්මෙන් හා නවාතැනින් උතුම් ද? එමෙන්ම සභාවෙන් හා ප්රජාවෙන් දැහැමිද? අපගේ කණ්ඩායම ද එසේ නැතහොත් නුඹලාගේ කණ්ඩායමද?” යැයි විමසා සිටිති. وكم أهلكنا قبلهم من قرن هم أحسن أثثا ورءيا
وَكَمْ أَهْلَكْنَا قَبْلَهُم مِّن قَرْنٍ هُمْ أَحْسَنُ أَثَـٰثًۭا وَرِءْيًۭا ﴿٧٤﴾
භෞතික සම්පත් තුළ හිඳිමින් උඩඟුකමින් කටයුතු කළ දේව ප්රතික්ෂේපකයින්ට පෙර, කොපමණ සමූහයන් අපි විනාශ කර ඇත්තෙමුද? එම සමූහයා මොවුනට වඩා ධනයෙන් සමෘද්ධිමත් විය. ඔවුන්ගේ ඇඳුම් පැළඳුම් වඩාත් දැකුම්කළු විය. එමෙන්ම ඔවුන්ගේ ශරීර වඩාත් හොඳින් වැඩී තිබිණි
قُلْ مَن كَانَ فِى ٱلضَّلَـٰلَةِ فَلْيَمْدُدْ لَهُ ٱلرَّحْمَـٰنُ مَدًّا ۚ حَتَّىٰٓ إِذَا رَأَوْا۟ مَا يُوعَدُونَ إِمَّا ٱلْعَذَابَ وَإِمَّا ٱلسَّاعَةَ فَسَيَعْلَمُونَ مَنْ هُوَ شَرٌّۭ مَّكَانًۭا وَأَضْعَفُ جُندًۭا ﴿٧٥﴾
من هوش مكانا وأضعف جندا අහෝ දූතය! කවරෙකු මුළාවෙහි ගිලී සිටින්නේ ද, මහා කාරුණිකයාණන් මුළාව වැඩි කරන තෙක් ඔහුව ඒ වෙත නැඹුරු කරවනු ඇත. එය ඔවුනට කවර දඬුවමක් ප්රතිඥා දුන්නේ ද, එය මෙලොවෙහි කල් ඇති ව හෝ, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ප්රමාද වී හෝ ඔවුන් දෑසින් දකින තරමට වනු ඇත. එවිට නවාතැනින් නපුරු කවුරුන් දැ?යි ද, උදව්කරුවන්ගෙන් වඩාත් අඩු කවුරුන්දැ?යි ද, තමන් ඔවුන්ගේ පිරිසෙන් කෙනෙක් ද, එසේ නැතහොත් දේවත්වය විශ්වාස කරන්නන්ගේ පිරිසෙන් කෙනෙක් ද යන්න වග ඔවුහු දැනගනු ඇත
وَيَزِيدُ ٱللَّهُ ٱلَّذِينَ ٱهْتَدَوْا۟ هُدًۭى ۗ وَٱلْبَـٰقِيَـٰتُ ٱلصَّـٰلِحَـٰتُ خَيْرٌ عِندَ رَبِّكَ ثَوَابًۭا وَخَيْرٌۭ مَّرَدًّا ﴿٧٦﴾
මුළා ව ඔවුන් වර්ධනය කර ගැනීම සඳහා ඔවුන්හට කල් දීමට සමගාමීව යහමඟ ගියවුන්හට දේව විශ්වාසයෙන් හා අවනත වීමෙන් හා සදා සතුට වෙත ගෙන යන දැහැමි ක්රියාවන්ගෙන් අල්ලාහ් වර්ධනය කරනු ඇත. අහෝ දූතය! ප්රතිඵලයෙන් හා යහපත් අවසානයෙන් නුඹේ පරමාධිපති ඉදිරියේ වඩාත් ප්රයෝජනවත්ය
أَفَرَءَيْتَ ٱلَّذِى كَفَرَ بِـَٔايَـٰتِنَا وَقَالَ لَأُوتَيَنَّ مَالًۭا وَوَلَدًا ﴿٧٧﴾
අහෝ දූතය! අපගේ සාධක ප්රතික්ෂේප කොට, අපගේ අවවාදය හෙළා දැක, "මා මිය ගොස් යළි අවදි කරනු ලබන්නේ නම්, මා වෙත අධික ධනය හා දරුවන් පිරිනමනු ලබනු ඇත" යැයි පවසන තැනැත්තා නුඹ නොදුටුවෙහි ද?
أَطَّلَعَ ٱلْغَيْبَ أَمِ ٱتَّخَذَ عِندَ ٱلرَّحْمَـٰنِ عَهْدًۭا ﴿٧٨﴾
ගුප්තය ගැන දැනගෙන, සාක්ෂිය ගැන පවසන යමක් ඔහු පැවසුවේද? එසේ නැතහොත් ඔහු ව ස්වර්ගයට ඇතුළත් කර, ඔහුට ධනය හා දරුවන් පිරිනැමීමد සඳහා ඔහුගේ පරමාධිපති වෙතින් යම් ගිවිසුමක් ගෙන තිබේ ද?
كَلَّا ۚ سَنَكْتُبُ مَا يَقُولُ وَنَمُدُّ لَهُۥ مِنَ ٱلْعَذَابِ مَدًّۭا ﴿٧٩﴾
කරුණ ඔහු පවසන පරිදි නොවේ. ඔහු පවසන දෑ හා ඔහු සිදු කරන දෑ අපි සටහන් කර ගන්නෙමු. ඔහු ව්යාජ දෑ ගැන වාද කරමින් සිටින බැවින් ඔහුගේ දඬුවමට ඉහළින් දඬුවමක් අපි අධික කරන්නෙමු. بلغ අල්-කුර්ආන් · තෆ්සීර් ونرثه ما يقول ويأتينا فردا
وَنَرِثُهُۥ مَا يَقُولُ وَيَأْتِينَا فَرْدًۭا ﴿٨٠﴾
අප ඔහුව විනාශ කළ පසුව ඔහු හැර දමා ගිය ධනය හා දරුවන් අපි උරුම කර ගන්නෙමු. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින ඔහු තනි ව අප වෙත පැමිණෙයි. ඔහු භුක්ති විඳිමින් සිටි ධනය හා සම්පත් ඔහුගෙන් උදුරා ගනු ලබයි. ز
وَٱتَّخَذُوا۟ مِن دُونِ ٱللَّهِ ءَالِهَةًۭ لِّيَكُونُوا۟ لَهُمْ عِزًّۭا ﴿٨١﴾
දේව ආදේශකයින් අල්ලාහ් හැර නැමදුමට ලක්වන (වෙනත්) දෑ ඔවුනට සහය දෙන උදව් කරුවන් හා සහායකියන් ලෙස වනු පිණිස ඔවුහු ඒවා පත් කර ගත්තෝය
كَلَّا ۚ سَيَكْفُرُونَ بِعِبَادَتِهِمْ وَيَكُونُونَ عَلَيْهِمْ ضِدًّا ﴿٨٢﴾
ඔවුන් සිතූ පරිදි කරුණ නැත. අල්ලාහ් හැරදමා ඔවුන් නමදින මෙම දෙවිවවරුන් වනාහි, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දේව ආදේශකයින් ඒවාට කළ නැමදුම් ප්රතික්ෂේප කරනු ඇත. ඔවුන්ගෙන් වෙන්වනු ඇත. ඔවුනට එරෙහි වන්නන් වනු ඇත. ز
أَلَمْ تَرَ أَنَّآ أَرْسَلْنَا ٱلشَّيَـٰطِينَ عَلَى ٱلْكَـٰفِرِينَ تَؤُزُّهُمْ أَزًّۭا ﴿٨٣﴾
අහෝ දූතය! සැබැවින්ම අපි ෂාතානුන් එවා ඇත්තෙමු. පාපකම් සිදු කිරීමට හා අල්ලාහ්ගේ දහමින් ජනයා වැළැක්වීමට දේව ප්රතික්ෂේපකයින් පොළඹවන පරිදි ඔවුන් මත ආධිපත්යය දරන්නට අපි ඔවුන් පත්කර තිබීම නුඹ නොදුටුවෙහි ද? د
فَلَا تَعْجَلْ عَلَيْهِمْ ۖ إِنَّمَا نَعُدُّ لَهُمْ عَدًّۭا ﴿٨٤﴾
අහෝ දුතය! ඔවුනට විනාශය ඉක්මන් කරනු යැයි අල්ලාහ්ගෙන් ප්රාර්ථනා කිරීමට නුඹ ඉක්මන් නොවනු. ඔවුන්ගේ ආයු කාලය අපි ගණනය කරමින් සිටින්නෙමු. එය ඔවුනට දුන් අවාකශය අවසන් වන තෙක් පමණි. පසුව ඔවුනට සුදුසු දැයින් අපි ඔවුන් දඬුවමට ලක් කරන්නෙමු
يَوْمَ نَحْشُرُ ٱلْمُتَّقِينَ إِلَى ٱلرَّحْمَـٰنِ وَفْدًۭا ﴿٨٥﴾
අහෝ දූතය! මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය පිළිබඳ නුඹ මෙනෙහි කරනු. එය වනාහි අල්ලාහ්ට - ඔහුගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් - බැතිමත්ව කටයුතු කළවුන් ඔවුන්ගේ පරමාධිපති වන ඔහු වෙත ගෞරවනීය, සම්භාවනීය කණ්ඩායමක් ලෙස අපි ඔවුන් එක්රැස් කරන දිනයයි
وَنَسُوقُ ٱلْمُجْرِمِينَ إِلَىٰ جَهَنَّمَ وِرْدًۭا ﴿٨٦﴾
දේව ප්රතික්ෂේපකයින් පිපාසිතයින් ලෙස නිරයට අපි දක්කාගෙන යන්නෙමු. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
لَّا يَمْلِكُونَ ٱلشَّفَـٰعَةَ إِلَّا مَنِ ٱتَّخَذَ عِندَ ٱلرَّحْمَـٰنِ عَهْدًۭا ﴿٨٧﴾
අල්ලාහ් ගැන හා ඔහුගේ දූතයාණන් ගැන විශ්වාසය පදනම් කර ගනිමින් මෙලොවෙහි අල්ලාහ් අබියස ගිවිසුමක් ගත් අය හැර මෙම දේව ආදේශකයින් විසින් ඔවුන්ගෙන් ඇතැමෙකු වෙනුවෙන් මැදිහත් වීම සඳහා කිසිදු අයිතියක් ඔවුන් සතු නොවනු ඇත
وَقَالُوا۟ ٱتَّخَذَ ٱلرَّحْمَـٰنُ وَلَدًۭا ﴿٨٨﴾
යුදෙව්වන්, කිතුනුවන් හා දේවත්වය ආදේශ කරනد ඇතැමුන්: "මහාකරුණන්විතයාණන් දරුවකු ගෙන ඇත"යි පැවසීය. لقد جئتمشئا إ ا
لَّقَدْ جِئْتُمْ شَيْـًٔا إِدًّۭا ﴿٨٩﴾
මෙසේ පවසන්නනි! සැබැවින්ම නුඹලා අති භයානක කරුණක් ගෙනැවිත් ඇත්තෙහුය
تَكَادُ ٱلسَّمَـٰوَٰتُ يَتَفَطَّرْنَ مِنْهُ وَتَنشَقُّ ٱلْأَرْضُ وَتَخِرُّ ٱلْجِبَالُ هَدًّا ﴿٩٠﴾
මෙම පිළිකුල් සහගත ප්රකාශය හේතුවෙන් අහස් පැළෙන්නට බලයි. මහපොළොව දෙදෙරන්නට බලයි. කඳු සුණු විසුණු වී කඩා වැටෙන්නට බලයි. أن دعوا للرحمن ولدا
أَن دَعَوْا۟ لِلرَّحْمَـٰنِ وَلَدًۭا ﴿٩١﴾
මේ සියල්ල මහා කරුණාන්විතයාණන්හට දරුවකු ඇතැයි ඔවුන් ආරෝපණය කළ බැවිනි. අල්ලාහ් ඉන් ඉවත් වූ ඉමහත් උසස් භාවයෙන් උත්තරීතරය. وما ينبغى للرحمن أن يتخذ ولدا
وَمَا يَنۢبَغِى لِلرَّحْمَـٰنِ أَن يَتَّخِذَ وَلَدًا ﴿٩٢﴾
මහා කරුණාන්විතයාණන් එයින් පිරිසිදු බැවින් ඔහු දරුවකු ගැනීම සුදුසු නොවීය
إِن كُلُّ مَن فِى ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ إِلَّآ ءَاتِى ٱلرَّحْمَـٰنِ عَبْدًۭا ﴿٩٣﴾
අහස්හි හා මහපොළොවේ සිටින සියලුම මලක්වරුන් ද මිනිසුන් මෙන්ම ජින්නුන් ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන්ගේ පරමාධිපති වෙත යටහත්دපහත්ව පැමිණෙන්නන් මිස නැත. لقد أحصىهم وعدهم ع ا
لَّقَدْ أَحْصَىٰهُمْ وَعَدَّهُمْ عَدًّۭا ﴿٩٤﴾
සැබැවින්ම ඔහු ඔවුන්ව දැනුමෙන් ආවරණය කර ඇත. ඔවුන්ව ගණන් බලා තබා ඇත. ඔවුන්ගෙන් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත
وَكُلُّهُمْ ءَاتِيهِ يَوْمَ ٱلْقِيَـٰمَةِ فَرْدًا ﴿٩٥﴾
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් සෑම කෙනෙකුම තනි තනිව පැමිණෙනු ඇත. ඔහුට කිසිදු උදව්කරුවකු හෝ ධනය හෝ නොවනු ඇත. بلغ අල්-කුර්ආන් · තෆ්සීර් د
إِنَّ ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّـٰلِحَـٰتِ سَيَجْعَلُ لَهُمُ ٱلرَّحْمَـٰنُ وُدًّۭا ﴿٩٦﴾
සැබැවින්ම අල්ලාහ් ව විශ්වාස කොට අල්ලාහ් අබියස පිළිගනු ලබන දැහැමි ක්රියාවන් සිදු කළවුන් වනාහි, ඔවුනට ඔහුගේ ආදරයත් ඔහුගේ ගැත්තන්د වෙත වූ ඔවුන්ගේ ආදරයත් අල්ලාහ් ඔවුනට ඇති කරයි
فَإِنَّمَا يَسَّرْنَـٰهُ بِلِسَانِكَ لِتُبَشِّرَ بِهِ ٱلْمُتَّقِينَ وَتُنذِرَ بِهِۦ قَوْمًۭا لُّدًّۭا ﴿٩٧﴾
අහෝ දූතය! සැබැවින්ම අපි මෙම අල් කුර්ආනය ඔබේ බසින්ම පහළ කර ඇත්තේ මාගේ නියෝග පිළිපදිමින් හා මා තහනම් කළ දැයින් වැළකී මට බැතිමත්ව කටයුතු කරන්නන්හට ඔබ ශුභාරංචි දන්වනු පිණිසය. එමෙන්ම සත්යය දැන ගැනීමේදි තර්ක කිරීමෙහි හා අහංකාරභාවයෙහි දැඩි ව සිටි ජනයාහට ඔබ බිය ගන්වනු පිණිසය. وكم أهلكنا قبلهم من قرن هل تحس منهم من أحد أو تسمع لهم ركزا
وَكَمْ أَهْلَكْنَا قَبْلَهُم مِّن قَرْنٍ هَلْ تُحِسُّ مِنْهُم مِّنْ أَحَدٍ أَوْ تَسْمَعُ لَهُمْ رِكْزًۢا ﴿٩٨﴾
ඔබේ සමූහයාට පෙර ජීවත් වූ කොපමණක් සමූහයන් අපි විනාශ කර ඇත්තෙමුද? අද දින එම සමූහයන් පිළිබඳ ඔබට හැඟෙන්නේ ද? ඔවුන් වෙනුවෙන් වූ සිහින් හඬක් හෝ ඔබට ඇසෙන්නේද? ඔවුනට අත් වූ ඉරණම අල්ලාහ් අවසරය දුන් විට ඔවුන් හැර වෙනත් අයට ද අත් වනු ඇත. මූලාශ්‍රය: අල්-මුඃතසර් ෆී තෆ්සීරිල් කුර්ආන්
අනුගමනය · පුනරාවර්තනය · පැවසීම · ලියාපදිංචිය අවශ්‍ය නැත