طسٓ ۚ تِلْكَ ءَايَـٰتُ ٱلْقُرْءَانِ وَكِتَابٍۢ مُّبِينٍ ﴿١﴾
(තා, සීන්) මෙවැනි පාඨ පිළිබඳ සූරා අල් බකරා හි ආරම්භයේ සඳහන් කර ඇත. නුඹ වෙත පහළ කරන ලද මෙම වදන් අල්කුර්ආනයේ හා කිසිදු මුසුවක් නැති පැහැදිලි ග්රන්ථයේ පාඨ වේ. කවරෙකු එය පරිශීලනය කරන්නේ ද සැබවින්ම එය අල්ලාහ්ගෙන් වූවක් යැයි ඔහු දැන ගනී. هدى وبشر للمؤمنين
هُدًۭى وَبُشْرَىٰ لِلْمُؤْمِنِينَ ﴿٢﴾
මෙම පාඨ සත්ය වෙත යොමු කරන්නකි. ඒ වෙත මග පෙන්වනකි. එමෙන්ම අල්ලාහ් ව හා ඔහුගේ දූතවරුන් විශ්වාස කළවුනට ශුභාරංචි දන්වන්නකි
ٱلَّذِينَ يُقِيمُونَ ٱلصَّلَوٰةَ وَيُؤْتُونَ ٱلزَّكَوٰةَ وَهُم بِٱلْـَٔاخِرَةِ هُمْ يُوقِنُونَ ﴿٣﴾
ඔවුන් වනාහි සලාතය පූර්ණවත් අයුරින් විධිමත් ව ඉටු කරන්නෝ වෙති. ඔවුන්ගේ ධනයෙන් වියදම් කළ යුතු කොටසක් එය වියදම් කළ යුතු අදාළ ස්ථානයට සකාත් වශයෙන් පිරිනමති. එමෙන්ම ඔවුහු මතු ලොවෙහි ඇති තිළිණ හා දඬුවම ගැන තරයේ විශ්වාස කරන්නෝ වෙති
إِنَّ ٱلَّذِينَ لَا يُؤْمِنُونَ بِٱلْـَٔاخِرَةِ زَيَّنَّا لَهُمْ أَعْمَـٰلَهُمْ فَهُمْ يَعْمَهُونَ ﴿٤﴾
සැබවින්ම මතු ලොව ගැනත් එහි ඇති තිළිණ හා දඬුවම් ගැනත් විශ්වාස නොකරන දේව ප්රතික්ෂේපකයින්හට ඔවුන්ගේ ක්රියාවන් අපි ඔවුනට අලංකාරවත් කර පෙන්වූයෙමු. ඔවුහු එම ක්රියාවෙහි අඛණ්ඩ ව නිරතවී සිටියෝය. එහෙයින් ඔවුන් ව්යාකූලත්වයට පත් වූවෝ වෙති. නිවැරදි දෑ හා යහ මග වෙත ඔවුන් මග නොලබති
أُو۟لَـٰٓئِكَ ٱلَّذِينَ لَهُمْ سُوٓءُ ٱلْعَذَابِ وَهُمْ فِى ٱلْـَٔاخِرَةِ هُمُ ٱلْأَخْسَرُونَ ﴿٥﴾
සඳහන් කරනු ලැබූ පරිදි එලෙස වර්ණනා කරනු ලැබූවන් වන මොවුන් ඝාතනය කිරීමෙන් හා සිරගත කිරීමෙන් නපුරු දඬුවමක් ඔවුන් මෙලොව සතු කර ගනු ඇත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නිරා ගින්නේ සදාතනිකයින් බවට පත්වීමෙන් ඔවුන් හා ඔවුන්ගේ පවුලේ උදවිය පාඩු විඳින පරිදි මතුලොව ජනයා අතර වඩාත් අලාභවන්තයෝ ඔවුන් ම වන්නෝය
وَإِنَّكَ لَتُلَقَّى ٱلْقُرْءَانَ مِن لَّدُنْ حَكِيمٍ عَلِيمٍ ﴿٦﴾
අහෝ දූතය! සැබැවින්ම නුඹ වෙත පහළ කරනු ලැබූ අල් කුර්ආනය, තම මැවීම් හි, තම සැලසුම් හි හා දහම් ගත කිරීමෙහි මහා ප්රඥාවන්තයාණන්ගෙන් සැබවින්ම නුඹ ලබා ඇත්තේය. ඔහුගේ ගැත්තන්ගේ කිසිදු යහපතක් ඔහුට සැඟවෙන්නේ නැත
إِذْ قَالَ مُوسَىٰ لِأَهْلِهِۦٓ إِنِّىٓ ءَانَسْتُ نَارًۭا سَـَٔاتِيكُم مِّنْهَا بِخَبَرٍ أَوْ ءَاتِيكُم بِشِهَابٍۢ قَبَسٍۢ لَّعَلَّكُمْ تَصْطَلُونَ ﴿٧﴾
අහෝ දූතය! මූසා (අලයිහිස් සලාම්) තුමා තම පවුලට පැවසූ අවස්ථාව මෙනෙහි කරනු. ඔහු, "සැබවින්ම මම ගින්නක් දුටිමි. එය ඇවිළෙන තැනින් අපට මාර්ගය පෙන්වා දෙන තොරතුරක් මම නුඹලා වෙත ගෙන එමි එසේ නැතහොත් සීතලෙන් අප ආරක්ෂා කර ගනු පිණිස ඉන් ගනු ලබන ගිනි පන්දමක් හෝ නුඹලා වෙත ගෙන එමි." بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
فَلَمَّا جَآءَهَا نُودِىَ أَنۢ بُورِكَ مَن فِى ٱلنَّارِ وَمَنْ حَوْلَهَا وَسُبْحَـٰنَ ٱللَّهِ رَبِّ ٱلْعَـٰلَمِينَ ﴿٨﴾
හෙතෙම ගින්න දුටු ස්ථානය වෙත ළඟා වූ කල්හි, ලෝවැසියන්ගේ පරමාධිපතිට ගරු බුහුමන් කිරීමක් වශයෙන් ද නොමග ගියවුන් ඔහු ව විස්තර කරන පරිදි ඔහුට නොගැළපෙන ගුණාංග වලින් ඔහු ව පිවිතුරු කිරීමක් වශයෙන් ද ගින්නේ සිටින්නා හා ඒ අවට සිටින මලක්වරුන් සුවිශුද්ධ කිරීමට අල්ලාහ් ඔහු ඇමතීය
يَـٰمُوسَىٰٓ إِنَّهُۥٓ أَنَا ٱللَّهُ ٱلْعَزِيزُ ٱلْحَكِيمُ ﴿٩﴾
අල්ලාහ් ඔහුට, "අහෝ මූසා! සැබවින්ම මම කිසිවකු විසින් අබිබවා යා නොහැකි, සර්ව බලධාරී අල්ලාහ් වෙමි. මාගේ මැවීමෙහි සැලසුම් කිරීමෙහි හා දහම් ගත කිරීමෙහි මම මහා ප්රඥාවන්තය."ن යැයි පැවසීය
وَأَلْقِ عَصَاكَ ۚ فَلَمَّا رَءَاهَا تَهْتَزُّ كَأَنَّهَا جَآنٌّۭ وَلَّىٰ مُدْبِرًۭا وَلَمْ يُعَقِّبْ ۚ يَـٰمُوسَىٰ لَا تَخَفْ إِنِّى لَا يَخَافُ لَدَىَّ ٱلْمُرْسَلُونَ ﴿١٠﴾
"ඔබේ සැරයටිය හෙළනු." එවිට මූසා එලෙස පිළිපැද්දේය. මූසා තුමා එය සර්පයකු මෙන් සෙල වී දඟලනු දුටු කල්හි එයින් පසු පසට හැරී දිව ගියේය. නැවත ඒ වෙත නොපැමිණියේය. එවිට අල්ලාහ් ඔහු අමතා, "නුඹ එයට බිය නොවනු. මා අබියස සිටින දූතවරු සර්පයකුට හෝ ඒ හැර වෙනත් දෑ ට හෝ බියවන්නේ නැත." යැයි පැවසීය
إِلَّا مَن ظَلَمَ ثُمَّ بَدَّلَ حُسْنًۢا بَعْدَ سُوٓءٍۢ فَإِنِّى غَفُورٌۭ رَّحِيمٌۭ ﴿١١﴾
නමුත් කවරෙකු පාපයක් සිදු කොට තමන්ටම අපරාධ කර ගත් පසු ව, ඒ වෙනුවෙන් පාප ක්ෂමාව ඇයද සිටින්නේ ද එවැන්නන් හැර. සැබවින්ම මම ඔහුට අති ක්ෂමාශීලීය. එමෙන්ම ඔහු කෙරෙහි ම මහා කරුණිකය
وَأَدْخِلْ يَدَكَ فِى جَيْبِكَ تَخْرُجْ بَيْضَآءَ مِنْ غَيْرِ سُوٓءٍۢ ۖ فِى تِسْعِ ءَايَـٰتٍ إِلَىٰ فِرْعَوْنَ وَقَوْمِهِۦٓ ۚ إِنَّهُمْ كَانُوا۟ قَوْمًۭا فَـٰسِقِينَ ﴿١٢﴾
فسقين පහත සඳහන් පරිදි ඔබේ කමිසයේ, ගෙල අසලින් පිහිටි විවෘත කොටස තුළට ඔබේ අත ඇතුළත් කරනු. නුඹ එය දැමුවායින් පසු කිසිදු ලාදුරු රෝගයක් මෙන් නොව පිනි කැට මෙන් සුදුවන් ලෙසින් බැහැර වනු ඇත. නුඹේ සත්යභාවයට සාක්ෂි දරණ ප්රාතිහාර්යයන් නවයක් (දෑතත් සමග සැරයටිය, නියමිත වසර ගණනාවක් ගත වීම, බවභෝග හිඟවීම, මහා ජල ගැල්ම, පළගැටියන්, උකුණන්, ගෙම්බන් හා රුධිරය යනාදී වශයෙන්) ෆිර්අවුන් හා ඔහුගේ ජනයා වෙත ගෙන හැර දැක්වීය. සැබවින්ම ඔවුන් දේව ප්රතික්ෂේපය හේතුවෙන් අල්ලාහ්ට අවනත වීමෙන් බැහැර වූ පිරිසක් වූහ
فَلَمَّا جَآءَتْهُمْ ءَايَـٰتُنَا مُبْصِرَةًۭ قَالُوا۟ هَـٰذَا سِحْرٌۭ مُّبِينٌۭ ﴿١٣﴾
මූසා තුමා ව අප ශක්තිමත් කළ අපගේ සංඥාවන් පැහැදිලි ලෙස ප්රසිද්ධියේ ඔවුන් වෙත පැමිණි කල්හි ඔවුහු, "මූසා ගෙන හා සංඥාවන් පැහැදිලි හූනියමකැ"යි පැවසූහ. و
وَجَحَدُوا۟ بِهَا وَٱسْتَيْقَنَتْهَآ أَنفُسُهُمْ ظُلْمًۭا وَعُلُوًّۭا ۚ فَٱنظُرْ كَيْفَ كَانَ عَـٰقِبَةُ ٱلْمُفْسِدِينَ ﴿١٤﴾
මෙම පැහැදිලි සංඥාවන් ඔවුහු ප්රතික්ෂේප කළෝය. සැබවින්ම ඒවා අල්ලාහ් අබියසින් වූවක් බව තමන් වටහා ගෙන සිටිය ද, ඔවුන්ගේ අපරාධකම් හේතුවෙන් හා සත්ය පිළිගැනීමට තිබූ අහංකාරය හේතුවෙන් ඒවා ඔවුන් පිළිගත්තේ නැත. එහෙයින් දූතය! කලහකාරීන්හට ඔවුන්ගේ පාපකම් හා දේව ප්රතික්ෂේපය හේතුවෙන් මහ بلغ අල්-කුර්ආන් · තෆ්සීර් පොළොවේ අත් වූ අවසාන විපාකය කෙසේ වී දැ?යි සිතා බලනු. සැබවින්ම අපි ඔවුන් විනාශ කළෙමු. ඔවුන් සියලු දෙනා මුලිනුපුටා දැමුවෙමු
وَلَقَدْ ءَاتَيْنَا دَاوُۥدَ وَسُلَيْمَـٰنَ عِلْمًۭا ۖ وَقَالَا ٱلْحَمْدُ لِلَّهِ ٱلَّذِى فَضَّلَنَا عَلَىٰ كَثِيرٍۢ مِّنْ عِبَادِهِ ٱلْمُؤْمِنِينَ ﴿١٥﴾
දාවූද්ට හා ඔහුගේ පුත් සුලෙයිමාන්ට අපි දැනුම පිරිනැමුවෙමු. පක්ෂීන් සමග කතා කිරීමේ දැනුම ද ඉන් එකකි. කීර්තිමත් අල්ලාහ්ට කෘතවේදී වෙමින් දාවුද් හා සුලෙයිමාන් යන දූතවරුන් දෙදෙනා මෙසේ පැවසූහ."තම විශ්වාසී ගැත්තන් බොහෝ දෙනාට වඩා ඥානය හා නබිත්වය සඳහා අප තෝරා ගෙන; අප උසස් කළ අල්ලාහ්ට ම සියලු ප්රශංසා."
وَوَرِثَ سُلَيْمَـٰنُ دَاوُۥدَ ۖ وَقَالَ يَـٰٓأَيُّهَا ٱلنَّاسُ عُلِّمْنَا مَنطِقَ ٱلطَّيْرِ وَأُوتِينَا مِن كُلِّ شَىْءٍ ۖ إِنَّ هَـٰذَا لَهُوَ ٱلْفَضْلُ ٱلْمُبِينُ ﴿١٦﴾
නබිත්වය දැනුම හා රාජ්ය බලය යනාදියෙහි සුලෙයිමාන් තම පියාණන් වූ දාවූද්ගෙන් උරුම කර ගත්තේය. තමන් වෙත හා තම පියාණන් වෙත අල්ලාහ් පිරිනැමූ ආශිර්වාදයන් ගැන ඔහු කතා කරමින් මෙසේ පැවසීය. "අහෝ ජනයිනි! පක්ෂීන්ගේ හඬවල් වටහා ගැනීමේ දැනුම අල්ලාහ් අපට පිරිනමා ඇත. නබිවරුන් හා රජවරුන්හට ඔහු පිරිනමා ඇති සියලු දෑ ද අපට පිරිනමා ඇත. සැබවින්ම සුවිශුද්ධ අල්ලාහ් අපහට පිරිනමා ඇති දෑ ඉතා පැහැදිලි භාග්යයක්ම වන්නේය."
وَحُشِرَ لِسُلَيْمَـٰنَ جُنُودُهُۥ مِنَ ٱلْجِنِّ وَٱلْإِنسِ وَٱلطَّيْرِ فَهُمْ يُوزَعُونَ ﴿١٧﴾
සුලෙයිමාන් වෙනුවෙන් මිනිසුන් ජින්නුන් හා පක්ෂීන්ගෙන් යුත් සේනාවන් රැස් කරන ලදී. ඔවුන් පිළිවෙළකට මෙහෙයවා ගෙන යනු ලැබුවෝය
حَتَّىٰٓ إِذَآ أَتَوْا۟ عَلَىٰ وَادِ ٱلنَّمْلِ قَالَتْ نَمْلَةٌۭ يَـٰٓأَيُّهَا ٱلنَّمْلُ ٱدْخُلُوا۟ مَسَـٰكِنَكُمْ لَا يَحْطِمَنَّكُمْ سُلَيْمَـٰنُ وَجُنُودُهُۥ وَهُمْ لَا يَشْعُرُونَ ﴿١٨﴾
يشعرون (සිරියාවේ ස්ථානයක) කුහුඹුවන්ගෙන් යුත් මිටියාවත දක්වා ඔවුන් පැමිණෙන තෙක්ම ඔවුන් මෙහෙයවනු ලබමින් සිටියෝය. කුහුඹුවන් අතරින් එක් කුහුඹියක් මෙසේ පැවසීය. "අහෝ කුහුඹුවනි! සුලෙයිමාන් හා ඔහුගේ සේනාව නුඹලා ගැන නොදැනුවත් ව නුඹලා ව විනාශ නොකරනු වස් නුඹලා නුඹලාගේ නිවෙස් වලට පිවිසෙනු. නුඹලා පිළිබඳ ඔවුන් දැන ගත්තේ නම් ඔවුන් නුඹලා ව පාගා නොදමනු ඇත.’
فَتَبَسَّمَ ضَاحِكًۭا مِّن قَوْلِهَا وَقَالَ رَبِّ أَوْزِعْنِىٓ أَنْ أَشْكُرَ نِعْمَتَكَ ٱلَّتِىٓ أَنْعَمْتَ عَلَىَّ وَعَلَىٰ وَٰلِدَىَّ وَأَنْ أَعْمَلَ صَـٰلِحًۭا تَرْضَىٰهُ وَأَدْخِلْنِى بِرَحْمَتِكَ فِى عِبَادِكَ ٱلصَّـٰلِحِينَ ﴿١٩﴾
සුලෙයිමාන් ඇයගේ කතාවට සවන් දුන් කල්හි, ඇයගේ එම ප්රකාශය ගැන සිනාසීය. සුවිශුද්ධයාණන් වන ඔහුගේ පරමාධිපතිට ප්රාර්ථනා කරමින්, "මාගේ පරමාධිපතියාණනි! මට ආශිර්වාද කරනු මැනව! මා වෙත හා මාගේ දෙමාපියන් හට පිරිනැමූ ඔබේ ආශිර්වාදයන්ට මා කෘත ගුණ සැලකීමට මට අවකාශය දෙනු මැනව! එමෙන්ම නුඹ බලාපොරොත්තු වන අයුරින් දැහැමි ක්රියාවන් කිරීමටත් මට ආශිර්වාද කරනු මැනව! නුඹේ කරුණාව තුළින් නුඹේ දැහැමි ගැත්තන් අතරට මා ඇතුළත් කරනු මැනව!" යැයී කීය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
وَتَفَقَّدَ ٱلطَّيْرَ فَقَالَ مَا لِىَ لَآ أَرَى ٱلْهُدْهُدَ أَمْ كَانَ مِنَ ٱلْغَآئِبِينَ ﴿٢٠﴾
සුලෙයිමාන් පක්ෂියා ව සෙවීය. නමුත් හුද් හුද් ව දකින්නට නොලැබීය. එවිට ඔහු, "හුද් හුද් ව දකින්නට නැත්තේ ඇයි? ඔහු ව දැකීමෙන් කිසිවකු මා වැළැක්වූයේ ද? එසේ නැතහොත් ඌ සැඟවුණු අය අතරට පත් වූයේ ද?" යැයි කීය. لأعذبنه عذابا شديدا أو لأاذبحنه أو ليأتينى بسلطن مبين
لَأُعَذِّبَنَّهُۥ عَذَابًۭا شَدِيدًا أَوْ لَأَا۟ذْبَحَنَّهُۥٓ أَوْ لَيَأْتِيَنِّى بِسُلْطَـٰنٍۢ مُّبِينٍۢ ﴿٢١﴾
ඌ නොපැමිණි බව ඔහුට පැහැදිලි වූ කල්හි ඔහු "මම ඌට දැඩි දඬුවමකින් දඬුවම් කරමි. ඔහු නොපැමිණීම නිසා ඔහුට දඬුවමක් වශයෙන් මා ඌ කපා දමමි. එසේ නැතහොත් ඔහු නොපැමිණීමට නිදහසට කරුණු පැහැදිලි කරමින් පැහැදිලි සාක්ෂියක් ඌ මා වෙත ගෙන ආ යුතු වේ." යැයි පැවසීය. فمكث غيربعيد فقال أحطت بما لم تحط به وجئتك من سبإبنبإ يقين
فَمَكَثَ غَيْرَ بَعِيدٍۢ فَقَالَ أَحَطتُ بِمَا لَمْ تُحِطْ بِهِۦ وَجِئْتُكَ مِن سَبَإٍۭ بِنَبَإٍۢ يَقِينٍ ﴿٢٢﴾
නුදුරු කාලයක් හුද් හුද් රැඳී සිටියේය. පසු ව ඌ පැමිණි කල්හි සුලෙයිමාන් (අලයිහිස් සලාම්) තුමා වෙත, "නුඹ නිරීක්ෂණය නොකළ දෙයක් මාගේ නිරීක්ෂණයට ලක් විය. කිසිදු සැකයක් නැති සත්යය තොරතුරක් සමග සබඃ වාසීන් අතරින් මම නුඹ වෙත පැමිණියෙමි." යැයි පැවසීය
إِنِّى وَجَدتُّ ٱمْرَأَةًۭ تَمْلِكُهُمْ وَأُوتِيَتْ مِن كُلِّ شَىْءٍۢ وَلَهَا عَرْشٌ عَظِيمٌۭ ﴿٢٣﴾
"ඔවුන් පාලනය කරන කාන්තාවක් සැබවින්ම මම දුටුවෙමි. බලය රාජ්යය යනාදී සියලු සාධක මෙම කාන්තාවට පිරිනමනු ලැබ ඇත. ඇයට මහඟු කවිච්චියක් ඇත. ඇගේ ජනයාගේ කටයුතු ඊට ඉහළින් සිට ඇය කළමණාකරණය කරන්නීය."
وَجَدتُّهَا وَقَوْمَهَا يَسْجُدُونَ لِلشَّمْسِ مِن دُونِ ٱللَّهِ وَزَيَّنَ لَهُمُ ٱلشَّيْطَـٰنُ أَعْمَـٰلَهُمْ فَصَدَّهُمْ عَنِ ٱلسَّبِيلِ فَهُمْ لَا يَهْتَدُونَ ﴿٢٤﴾
يهتدون "මෙම කාන්තාව හා ඇගේ ජනයා උත්තරීතර අල්ලාහ් හැර හිරුට නමස්කාර කරමින් සිටිනු මා දුටුවෙමි. පාපකම් හා ආදේශ තැබීම යනාදී වශයෙන් ඔවුන් කවර ක්රියාවක පසුවන්නේ ද එය ෂෙයිතාන් ඔවුනට අලංකාරවත් කර ඇත්තේ ය. සත්ය මාර්ගයෙන් ඔවුන් වෙනතකට හරවා ඇත්තේය. එහෙයින් ඔවුන් ඒ වෙත මග නොලබති
أَلَّا يَسْجُدُوا۟ لِلَّهِ ٱلَّذِى يُخْرِجُ ٱلْخَبْءَ فِى ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ وَيَعْلَمُ مَا تُخْفُونَ وَمَا تُعْلِنُونَ ﴿٢٥﴾
"පාප ක්රියා හා ආදේශ කිරීමේ කටයුතු ෂෙයිතාන් ඔවුනට අලංකාරවත් කළේය. එය අහසේ සැඟ ව ඇති දෑ වර්ෂාව මගින් මතු කරන මහ පොළොවේ පැළෑටි හට ගන්වන ඒකීය අල්ලාහ්ට ඔවුන් නමස්කාර නොකරනු පිණිසය. නුඹලා සඟවන කටයුතු හා නුඹලා හෙළි කරන කටයුතු ඔහු දනී. ඒ කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත."
ٱللَّهُ لَآ إِلَـٰهَ إِلَّا هُوَ رَبُّ ٱلْعَرْشِ ٱلْعَظِيمِ ۩ ﴿٢٦﴾
අල්ලාහ් වනාහී සැබෑ ලෙස නැමදුම් ලැබිය යුත්තා. ඔහු හැර වෙනත් අයකු නැත. ඔහු අතිමහත් රාජ්යයේ පරමාධිපතියාණන්ය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
۞ قَالَ سَنَنظُرُ أَصَدَقْتَ أَمْ كُنتَ مِنَ ٱلْكَـٰذِبِينَ ﴿٢٧﴾
සුලෙයිමාන් හුද් හුද්ට, "නුඹ වාද කරමින් සිටින දෑ හි නුඹ සත්යවාදියෙකු ද එසේ නැතහොත් නුඹ බොරුකාරයින් අතරින් දැ?යි අපි මතුවට නිරීක්ෂා කරන්නෙමු." යැයි පැවසීය
ٱذْهَب بِّكِتَـٰبِى هَـٰذَا فَأَلْقِهْ إِلَيْهِمْ ثُمَّ تَوَلَّ عَنْهُمْ فَٱنظُرْ مَاذَا يَرْجِعُونَ ﴿٢٨﴾
සුලෙයිමාන් ලිපියක් ලියා එය ඌට භාර දී, "මාගේ මේ ලිපිය ගෙන ගොස් එය සබඃ වාසීන් වෙත හෙළනු. එය ඔවුනටම භාර දෙනු. එම කරුණට ඔවුන් කුමන ප්රතිචාරයක් දෙන්නේ දැයි නුඹට සවන් දිය හැකි පරිදි ඔවුන්ගෙන් අහකට වී ඉවත් ව සිටිනු." යැයි කීය
قَالَتْ يَـٰٓأَيُّهَا ٱلْمَلَؤُا۟ إِنِّىٓ أُلْقِىَ إِلَىَّ كِتَـٰبٌۭ كَرِيمٌ ﴿٢٩﴾
රැජිනිය එම ලිපිය භාර ගත්තාය ඇය, "අහෝ ප්රධානියනි! සැබවින්ම මා වෙත කීර්තිමත් ගෞරවනීය ලිපියක් දමා ගොස් ඇතැ"යි පැවසුවාය
إِنَّهُۥ مِن سُلَيْمَـٰنَ وَإِنَّهُۥ بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ ﴿٣٠﴾
සුලෙයිමාන් විසින් එවන ලද මෙම ලිපිය ආරම්භයේ ‘බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම්’ -අපරමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන්- යැයි සඳහන් ව තිබුණි. أل اتعلوا على وأتونى مسلمين
أَلَّا تَعْلُوا۟ عَلَىَّ وَأْتُونِى مُسْلِمِينَ ﴿٣١﴾
"නුඹලා අහංකාර නොවනු. දේව ඒකීයත්වය පිළිබඳ නුඹලා ඒ සමග හිරුට වන්දනාමාන කරමින් නුඹලා කරන ආදේශය අතහැර දමන මෙන් ද, මා නුඹලාට කවර කරුණක් වෙත ඇරයුම් කළේ ද නුඹලා එයට යටහත් පහත් ව මා වෙත පැමිණෙනු."
قَالَتْ يَـٰٓأَيُّهَا ٱلْمَلَؤُا۟ أَفْتُونِى فِىٓ أَمْرِى مَا كُنتُ قَاطِعَةً أَمْرًا حَتَّىٰ تَشْهَدُونِ ﴿٣٢﴾
රැජිනිය මෙසේ පැවසුවාය. "අහෝ ප්රධානියනි! නායකයිනි! මාගේ විෂයයෙහි නිවැරදි ක්රමය මට පැහැදිලි කර දෙනු. නුඹලා මා වෙත කරුණක් ඉදිරිපත් කරන තෙක්, ඒ සම්බන්ධයෙන් නුඹලාගේ අදහස් ප්රකාශ කරන තෙක් මම ඒ ගැන තීන්දු දෙන්නියක් නොවෙමි."
قَالُوا۟ نَحْنُ أُو۟لُوا۟ قُوَّةٍۢ وَأُو۟لُوا۟ بَأْسٍۢ شَدِيدٍۢ وَٱلْأَمْرُ إِلَيْكِ فَٱنظُرِى مَاذَا تَأْمُرِينَ ﴿٣٣﴾
ඇයගේ ජනයා අතර සිටි ප්රභූවරු, "අපි වඩාත් බලවත් අය වෙමු. එමෙන්ම යුද්ධ කිරීමෙහි ශක්තිමත් අය වෙමු. අදහස විය යුත්තේ ඒ ගැන ඔබ දකින අදහසය. නුඹ අපට කවර කරුණක් අණ කරන්නීදැයි ඔබ ම නිරීක්ෂා කර බලන්න. එය ක්රියාත්මක කිරීමට අපි ශක්තිවන්තයෝ වෙමු." යැයි පැවසූහ
قَالَتْ إِنَّ ٱلْمُلُوكَ إِذَا دَخَلُوا۟ قَرْيَةً أَفْسَدُوهَا وَجَعَلُوٓا۟ أَعِزَّةَ أَهْلِهَآ أَذِلَّةًۭ ۖ وَكَذَٰلِكَ يَفْعَلُونَ ﴿٣٤﴾
එවිට රැජනිය, "සැබවින්ම රජවරු ගම්මාන අතරින් කිසියම් ගම්මානයකට ප්රවේශ වූ විට මිනිමැරුම්, කොල්ලකෑම් හා පැහැර ගැනීම් වැනි ක්රියාදාමයන් ඔවුන් සිදු කිරීම තුළින් එහි ප්රචණ්ඩත්වය පතුරුවති. එහි සිටින නායකයින් හා بلغ අල්-කුර්ආන් · තෆ්සීර් ප්රභූවරුන් ගෞරවයෙන් හා ආශිර්වාදයන් මත සිටි පසු ඉතා පහත් තත්ත්වයට පත් කරති. රජවරු කිසියම් ගම්මානයක වැසියන් අබිබවා ගිය විට ඔවුන් නිරතුරුව ම කටයුතු කරනුයේ එලෙසමය. එය ඔවුන් ආත්මාවන් තුළ බිය හා ත්රාසය වැපිරීම සඳහාය."
وَإِنِّى مُرْسِلَةٌ إِلَيْهِم بِهَدِيَّةٍۢ فَنَاظِرَةٌۢ بِمَ يَرْجِعُ ٱلْمُرْسَلُونَ ﴿٣٥﴾
"සැබවින්ම මම ලිපිය සතු අය වෙත හා ඔහුගේ ජනයා වෙත ත්යාගයක් එවමි. එම ත්යාගය එවීමෙන් පසු එම දූතවරු කවර පණිවිඩයක් රැගෙන එන්නේ දැ යි මා බලාපොරොත්තුවෙන් සිටිමි."
فَلَمَّا جَآءَ سُلَيْمَـٰنَ قَالَ أَتُمِدُّونَنِ بِمَالٍۢ فَمَآ ءَاتَىٰنِۦَ ٱللَّهُ خَيْرٌۭ مِّمَّآ ءَاتَىٰكُم بَلْ أَنتُم بِهَدِيَّتِكُمْ تَفْرَحُونَ ﴿٣٦﴾
ඇයගේ දූතයා හා ඔහු සමග වූ සගයින් ත්යාග ඔසවාගෙන සුලෙයිමාන් වෙත පැමිණි කල්හි, සුලයිමාන් එවන ලද ත්යාග හෙළා දකිමින් ඔවුනට මෙසේ පැවසීය. "නුඹලාගෙන් මා වැළැක්වීම සඳහා නුඹලා මට අල්ලස් දෙන්නෙහු ද? නුඹලා පිරිනමන මේවාට වඩා අල්ලාහ් මට පිරිනැමූ නබිත්වය, රාජ්ය බලය හා ධනය අති උතුම්ය. නමුත් නුඹලා වෙත පිරිනමන ලද මෙලොව රොඩු පිළිබඳ නුඹලා සතුටු වන්නෙහුය." යැයි කීය
ٱرْجِعْ إِلَيْهِمْ فَلَنَأْتِيَنَّهُم بِجُنُودٍۢ لَّا قِبَلَ لَهُم بِهَا وَلَنُخْرِجَنَّهُم مِّنْهَآ أَذِلَّةًۭ وَهُمْ صَـٰغِرُونَ ﴿٣٧﴾
සුලෙයිමාන් (අලයිහිස් සලාම්) තුමා ඇයගේ දූතයාට තවදුරටත්, "නුඹ කවර තිළිණයක් ගෙන ආවේ ද එය ඔවුනට නැවත දෙනු. ඇය හා ඇයගේ ජනයාට මුහුණ දිය නොහැකි බලවත් සේනාවක් සමග සැබවින්ම අපි ඔවුන් වෙත පැමිණෙන්නෙමු. සබඃ දේශයෙන් අපි ඔවුන් පිටුවහල් කරමු. ඔවුන් මා වෙත අවනත වන්නන් ලෙස නොපැමිණියේ නම් ඔවුන් කවර ගෞරවයක් මත සිටින්නේ ද එකී තත්ත්වයෙන් පසු ඔවුන් අවමානයට පත් නිචයින් බවට පත් වන්නෝය." යැයි පැවසීය
قَالَ يَـٰٓأَيُّهَا ٱلْمَلَؤُا۟ أَيُّكُمْ يَأْتِينِى بِعَرْشِهَا قَبْلَ أَن يَأْتُونِى مُسْلِمِينَ ﴿٣٨﴾
සුලෙයිමාන් (අලයිහිස් සලාම්) තුමා තම පාලනය යටතේ සිටින උදව්කරුවන්හට කතා කරමින්, "අහෝ ප්රධානියනි! ඔවුන් මා වෙත යටහත් ව පැමිණීමට පෙර ඇයගේ රාජ්ය ආසනය මා වෙත ගෙන එන්නේ නුඹලා අතරින් කවරෙකු දැ?"යි විමසා සිටියහ
قَالَ عِفْرِيتٌۭ مِّنَ ٱلْجِنِّ أَنَا۠ ءَاتِيكَ بِهِۦ قَبْلَ أَن تَقُومَ مِن مَّقَامِكَ ۖ وَإِنِّى عَلَيْهِ لَقَوِىٌّ أَمِينٌۭ ﴿٣٩﴾
ජින්නුන් අතර සිටි යෝධ ජින්නුවෙකු, "ඔබ සිටින සභාවෙන් නැගිටීමට පෙර ඇයගේ රාජාසනය නුඹ වෙත මම ගෙන එමි. සැබවින්ම මා එය උසුලා ගෙන එන්නට ශක්තිය ඇත්තෙකි. එමෙන්ම එහි ඇති දෑ සම්බන්ධයෙන් මා විශ්වසනීය අයෙකි. ඉන් කිසිවක් මම අඩු නොකරමි" යැයි ඔහුට පිළිතුරු දුන්නේය
قَالَ ٱلَّذِى عِندَهُۥ عِلْمٌۭ مِّنَ ٱلْكِتَـٰبِ أَنَا۠ ءَاتِيكَ بِهِۦ قَبْلَ أَن يَرْتَدَّ إِلَيْكَ طَرْفُكَ ۚ فَلَمَّا رَءَاهُ مُسْتَقِرًّا عِندَهُۥ قَالَ هَـٰذَا مِن فَضْلِ رَبِّى لِيَبْلُوَنِىٓ ءَأَشْكُرُ أَمْ أَكْفُرُ ۖ وَمَن شَكَرَ فَإِنَّمَا يَشْكُرُ لِنَفْسِهِۦ ۖ وَمَن كَفَرَ فَإِنَّ رَبِّى غَنِىٌّۭ كَرِيمٌۭ ﴿٤٠﴾
සුලෙයිමාන් ළඟ සිටි දිව්ය පුස්තකය පිළිබඳ දැනුම තිබූ අල්ලාහ්ගේ අතිමහත් නාමය යෙදුනු, විද්වත් දැහැමි පුද්ගලයකු ඒ සඳහා ඇරයුම් කරනු ලැබූ විට එයට පිළිතුරු දෙමින් මෙසේ පැවසීය. "ඔබ ඇසිපිලි ගසන්නට මත්තෙන් ඇයගේ ආසනය මම ඔබ වෙ ගෙන එමි. එය මා අල්ලාහ්ට ඇරයුම් කිරීමෙනි." එවිට ඔහු ඉදිරියට පැමිණ ප්රාර්ථනා කළේය. ඔහුගේ ප්රාර්ථනාවට අල්ලාහ් පිළිතුරු දුන්නේය. සුලෙයිමාන් තුමා ඇයගේ ආසනය ඔහු අසල තිබෙනු දුටු بلغ අල්-කුර්ආන් · තෆ්සීර් කල්හි, ඔහු,"මෙය මාගේ සුවිශුද්ධයාණන් වූ පරමාධිපතිගේ භාග්යයකි. ඔහුගේ ආශිර්වාදයට මා කෘත ගුණ සලකන්නේද එසේ නැතහොත් එය ප්රතික්ෂේප කරන්නේ දැ?යි ඔහු මා පරීක්ෂණය කරනු පිණිසය? කවරෙකු අල්ලාහ්ට කෘතඥ වන්නේ ද සැබවින්ම එම කෘතඥතාවයේ ඵලය ඔහු වෙත නැවත හැරී එනු ඇත. අල්ලාහ් අවශ්යතාවන්ගෙන් තොරය. ගැත්තන් කෘතඥවීම ඔහුට කිසිවක් වැඩි කරන්නේ නැත. කවරෙකු අල්ලාහ්ගේ ආශිර්වාදය ප්රතික්ෂේප කොට එයට ගුණමකු වන්නේ ද සැබවින්ම මාගේ පරමාධිපති ඔහුගේ කෘතඥාභාවය ගැන අවශ්යතාවන්ගෙන් තොරය. ඒවා ප්රතික්ෂේප කරන්නන් හටත් දායාද කිරීම ඔහුගේ ත්යාගශීලී භාවයකි." යැයි පැවසීය
قَالَ نَكِّرُوا۟ لَهَا عَرْشَهَا نَنظُرْ أَتَهْتَدِىٓ أَمْ تَكُونُ مِنَ ٱلَّذِينَ لَا يَهْتَدُونَ ﴿٤١﴾
සුලෙයිමාන් (අලයිහිස් සලාම්) තුමා, "ඇයගේ රාජසනයෙහි ස්වරූපය ඇය සඳහා වෙනස් කරනු. සැබවින්ම එය ඇයගේ ආසනය යැයි ඇයට දැන ගැනීමට මග ලබන්නේ ද නැතහොත් ඇය තම වස්තූන් පිළිබඳ දැන ගැනීමට නොහැකි අය අතරට පත්වන්නී ද? යැයි බලමු" යැයි පැවසීය
فَلَمَّا جَآءَتْ قِيلَ أَهَـٰكَذَا عَرْشُكِ ۖ قَالَتْ كَأَنَّهُۥ هُوَ ۚ وَأُوتِينَا ٱلْعِلْمَ مِن قَبْلِهَا وَكُنَّا مُسْلِمِينَ ﴿٤٢﴾
සබඃ රැජින සුලෙයිමාන් වෙත පැමිණි කල්හි ඇයට පරීක්ෂණයක් ලෙසින් ඇයට මෙසේ පවසන ලැබීය. "මෙය ඔබේ සිංහාසනය මෙන් දැ"යි විමසීය. ඇය අදාළ ප්රශ්නයට පිළිතුරු දෙමින්, "එය හා සමානය" යැයි පැවසුවාය. එවිට සුලෙයිමාන් "මෙවන් කටයුතු වලදී අල්ලාහ්ගේ බලයෙන් ඇයට පෙර එම දැනුම අල්ලාහ් අපට පිරිනැමීය. එහෙයින් අපි අල්ලාහ්ට අවනත වන්නන් ලෙස ඔහුගේ නියෝගයට යටත්වන්නන් වූයෙමු" යැයි පැවසීය
وَصَدَّهَا مَا كَانَت تَّعْبُدُ مِن دُونِ ٱللَّهِ ۖ إِنَّهَا كَانَتْ مِن قَوْمٍۢ كَـٰفِرِينَ ﴿٤٣﴾
ඇය ඇයගේ ජනයා අනුකරණය කරමින් ඔවුන් ව අනුගමනය කරමින් අල්ලාහ් හැර නමදිමින් සිටි සෙසු දෑ අල්ලාහ් ව ඒකීයකරණය කිරීමෙන් ඇය ව වෙනතකට යොමු කර තිබිණ. සැබවින්ම ඇය අල්ලාහ් ව ප්රතික්ෂේප කරන ජනයා අතරින් වූවාය. ඔවුන් මෙන් දේව ප්රතික්ෂේනියක් වූවාය
قِيلَ لَهَا ٱدْخُلِى ٱلصَّرْحَ ۖ فَلَمَّا رَأَتْهُ حَسِبَتْهُ لُجَّةًۭ وَكَشَفَتْ عَن سَاقَيْهَا ۚ قَالَ إِنَّهُۥ صَرْحٌۭ مُّمَرَّدٌۭ مِّن قَوَارِيرَ ۗ قَالَتْ رَبِّ إِنِّى ظَلَمْتُ نَفْسِى وَأَسْلَمْتُ مَعَ سُلَيْمَـٰنَ لِلَّهِ رَبِّ ٱلْعَـٰلَمِينَ ﴿٤٤﴾
මතුපිට පෙනෙන ස්වරූපයක් මෙන් වූ "මන්දිරයට නුඹ ඇතුළු වනු" යැයි ඇයට කියනු ලැබීය. එවිට ඇය එය ජලය යැයි සිතා ඇය එය තරණය කිරීම සඳහා ඇයගේ කෙණ්ඩයෙන් වස්ත්රය ඉවත් කළාය. සුලෙයිමාන් (අලයිහිස් සලාම්) තුමා, "සැබවින්ම එය පළිඟු වලින් අලේප කරන ලද මන්දිරයකි.’ යැයි පවසා සිටි අතර ඇය ව ඉස්ලාමය වෙත ඇරයුම් කළේය. කවර කරුණක් වෙත ඇය ඇරයුම් කරනු ලැබුවේ ද එයට පිළිතුරු දෙමින් ඇය මෙසේ පැවසුවාය. "පරමාධිපතියාණනි! ඔබ සමග, ඔබ නොවන වෙනත් දෑ ට නැමදුම් කිරීමෙන් සැබවින්ම මම මට ම අපරාධ කර ගත්තෙමි. මම සුලෙයිමාන් සමග සියලු දෑ හි මැවුම්කරුවාණන් වන අල්ලාහ්ට යටත් වෙමි." යැයි පැවසුවාය
وَلَقَدْ أَرْسَلْنَآ إِلَىٰ ثَمُودَ أَخَاهُمْ صَـٰلِحًا أَنِ ٱعْبُدُوا۟ ٱللَّهَ فَإِذَا هُمْ فَرِيقَانِ يَخْتَصِمُونَ ﴿٤٥﴾
අපි සමූද් වැසියන් වෙත ඔවුන්ගේ පරම්පරාවෙන් සහෝදරයකු වූ සාලිහ් (අලයිහිස් සලාම්) තුමා ව, "නුඹලා අල්ලාහ්ට පමණක් නැමදුම් කරනු." යැයි අණ කරමින් එව්වෙමු. නමුත් ඔවුනට කළ එම ඇරයුමෙන් පසු ව කණ්ඩායම් දෙකක් ලෙස ඔවුහු බෙදුණහ. කණ්ඩායමක් දේව විශ්වාසී පිරිසක් වූ අතර අනෙක් කණ්ඩායම සත්ය මත සිටින්නේ කවරෙකු දැයි පවසා දබර කරන පිරිසක් වූූහ. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
قَالَ يَـٰقَوْمِ لِمَ تَسْتَعْجِلُونَ بِٱلسَّيِّئَةِ قَبْلَ ٱلْحَسَنَةِ ۖ لَوْلَا تَسْتَغْفِرُونَ ٱللَّهَ لَعَلَّكُمْ تُرْحَمُونَ ﴿٤٦﴾
සාලිහ් (අලයිහිස් සලාම්) තුමා ඔවුන් දෙස බලා," කරුණාවට පෙර දඬුවම ඉක්මන් කරන්නැයි නුඹලා පතනුයේ මන්ද? අල්ලාහු නුඹලාට කරුණා කරනු වස් නුඹලාගේ පාපකම් සඳහා නුඹලා අල්ලාහ්ගෙන් සමාව ඇයද සිටිය යුතු නොවේද?" යැයි පවසා සිටියේය
قَالُوا۟ ٱطَّيَّرْنَا بِكَ وَبِمَن مَّعَكَ ۚ قَالَ طَـٰٓئِرُكُمْ عِندَ ٱللَّهِ ۖ بَلْ أَنتُمْ قَوْمٌۭ تُفْتَنُونَ ﴿٤٧﴾
සත්යය පිළිගැනීමට මුරණ්ඩු වූ ඔහුගේ ජනයා ඔහුට, "නුඹ හා නුඹ සමග සිටින දේව විශ්වාසීන් නිසාවෙන් අපට අසුබක් ඇති වී ඇතැ"යි පැවසීය. සාලිහ් (අලයිහිස් සලාම්) තුමා ඔවුන් දෙස බලා, "නුඹලාට අත් වූ පිළිකුල හේතුවෙන් අසුබත්වයෙන් නුඹලා තරවටු කරනු ලබන්නේ නැත. ඒ පිළිබඳ දැනුම අල්ලාහ් සතු වූවකි. ඒ කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. නුඹලාට ඔහු ව්යාප්ත ව පිරිනමන යහපතින් හා නුඹලාට අත්වන නපුරෙන් නුඹලා පරීක්ෂාවට ලක් කරනු ලබන පිරිසක් වූහ." යැයි කීය
وَكَانَ فِى ٱلْمَدِينَةِ تِسْعَةُ رَهْطٍۢ يُفْسِدُونَ فِى ٱلْأَرْضِ وَلَا يُصْلِحُونَ ﴿٤٨﴾
හිජ්ර් නගරයේ දේව ප්රතික්ෂේපය හා පාපකම් හේතුවෙන් මහ පොළොවේ කලහකාරී ලෙස හැසිරෙන කණ්ඩායම් නවයක් වූහ. දේව විශ්වාසය හා දැහැමි ක්රියාවන් තුළින් ඔවුහු තම වරද හරිගැස්වුයේ නැත
قَالُوا۟ تَقَاسَمُوا۟ بِٱللَّهِ لَنُبَيِّتَنَّهُۥ وَأَهْلَهُۥ ثُمَّ لَنَقُولَنَّ لِوَلِيِّهِۦ مَا شَهِدْنَا مَهْلِكَ أَهْلِهِۦ وَإِنَّا لَصَـٰدِقُونَ ﴿٤٩﴾
ඔවුන්ගෙන් ඇතැමෙක් ඇතැමෙකු දෙස බලා, "නුඹලා අතරින් සෑම කෙනෙකුම අල්ලාහ් මත දිවුරා සිටිය යුතුයි. සැබැවින්ම අපි රාත්රියේ ඔහුගේ නිවසට ගොස් ඔහු හා ඔහුගේ පවුලේ උදවිය මරා දමන්නෙමු. පසුව එහි ප්රාණ අයිතිකරුට: "සාලිහ් හා ඔහුගේ නිවැසියන් ඝාතනය කරන අවස්ථාවේ අපි නොසිටියෙමු. සැබවින්ම අපි පවසන දෑ හි සත්යවාදීන් වෙමු." යැයි පවසා සිටිමු යැයි පැවසූහ. ومكروامكرا ومكرنا مكرا وهم لا يشعرون
وَمَكَرُوا۟ مَكْرًۭا وَمَكَرْنَا مَكْرًۭا وَهُمْ لَا يَشْعُرُونَ ﴿٥٠﴾
සාලිහ් හා එතුමා ව අනුගමනය කළ දේව විශ්වාසීන් විනාශ කිරීමට ඔවුහු කූට සැලසුමක් කුමන්ත්රණය කළෝය. ඔහුට උදව් කිරීමටත් ඔවුන්ගේ කුමන්ත්රණයෙන් ඔහු ව මුදවාලන්නටත් ඔවුන් නොදැනුවත් ව සිටිය දී ඔහුගේ ජනයා අතරින් වූ දේව ප්රතික්ෂේපකයින් විනාශ කර දැමීමටත් අපි සැලසුම් යෙදුවෙමු
فَٱنظُرْ كَيْفَ كَانَ عَـٰقِبَةُ مَكْرِهِمْ أَنَّا دَمَّرْنَـٰهُمْ وَقَوْمَهُمْ أَجْمَعِينَ ﴿٥١﴾
අහෝ දූතය! ඔවුන්ගේ සැලසුමෙහි හා කුමන්ත්රණයෙහි විපාකය කෙසේ වී දැ?යි නුඹ සිතා බලනු. අපගෙන් වූ දඬුවමකින් අපි ඔවුන් මුලිනුපුටා දමා ඔවුන්ගේ අන්තිම පුද්ගලයා දක්වා විනාශ කළෙමු
فَتِلْكَ بُيُوتُهُمْ خَاوِيَةًۢ بِمَا ظَلَمُوٓا۟ ۗ إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَةًۭ لِّقَوْمٍۢ يَعْلَمُونَ ﴿٥٢﴾
ඔවුන්ගේ අපරාධකම් හේතුවෙන් එහි බිත්ති, එහි වහලවල් සමග ගරා වැටුණු එහි වැසියන්ගෙන් ශේෂ වී ඉතිරි වූ ඔවුන්ගේ නිවෙස් මේවාය. ඔවුන්ගේ අපරාධකම් හේතුවෙන් ඔවුනට අත් වූ දඬුවම තුළ සැබවින්ම විශ්වාස කරන ජනයාහට පාඩමක් ඇත. මෙම පාඨ තුළින් ඔවුහු පාඩම් ලබන්නෝ වෙති. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
وَأَنجَيْنَا ٱلَّذِينَ ءَامَنُوا۟ وَكَانُوا۟ يَتَّقُونَ ﴿٥٣﴾
සාලිහ් (අලයිහිස් සලාම්) තුමාගේ ජනයා අතරින් අල්ලාහ් ව විශ්වාස කළ අයවලුන් අපි මුදවා ගත්තෙමු. ඔවුහු අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඔහුට භක්තිමත් ව කටයුතු කළෝය
وَلُوطًا إِذْ قَالَ لِقَوْمِهِۦٓ أَتَأْتُونَ ٱلْفَـٰحِشَةَ وَأَنتُمْ تُبْصِرُونَ ﴿٥٤﴾
අහෝ දූතය! ලූත් තුමා තම ජනයා පිළිකුල් කරමින් හා ඔවුන් හෙළා දකිමින්, "නුඹලාගේ සමාජ ශාලාවන්හි ප්රසිද්ධියේම නුඹලා එකිනෙකා දෙස බලමින් අශීලාචාර කරුණ වෙත යන්නෙහු ද?" (එය සමලිංගිකත්වයයි). යැයි ඇසීය
أَئِنَّكُمْ لَتَأْتُونَ ٱلرِّجَالَ شَهْوَةًۭ مِّن دُونِ ٱلنِّسَآءِ ۚ بَلْ أَنتُمْ قَوْمٌۭ تَجْهَلُونَ ﴿٥٥﴾
"සැබවින්ම නුඹලා කාන්තාවන් අතහැර දමා ආශාවන් ඉටු කිරීමේ මාර්ගයක් ලෙස නුඹලා පිරිමින් වෙත යන්නෙහු ද? නුඹලා ප්රිය කරනුයේ නිර්මලකම හෝ දරුවකු හෝ නොව තිරිසන් රාගය ඉෂ්ට කර ගැනීමය. නුඹලා දේව විශ්වාසය, පිරිසිදුකම හා පාපකම් වලින් දුරස්වීම යනාදිය තුළින් නුඹලා වෙත කවර කරුණක් අනිවාර්යය කර ඇත්තේ ද ඒගැන නුඹලා නොදන්නා පිරිසකි
۞ فَمَا كَانَ جَوَابَ قَوْمِهِۦٓ إِلَّآ أَن قَالُوٓا۟ أَخْرِجُوٓا۟ ءَالَ لُوطٍۢ مِّن قَرْيَتِكُمْ ۖ إِنَّهُمْ أُنَاسٌۭ يَتَطَهَّرُونَ ﴿٥٦﴾
"නුඹලාගේ ගම්මානයෙන් ලූත්ගේ ජනයා නුඹලා පිටුවහල් කරනු. සැබවින්ම ඔවුන් කිලිටි හා අපවිත්ර දැයින් පිරිසිදු කරන මිනිසුන් පිරිසකි" යැයි ඔහුගේ ජනයා වෙනුවෙන් ඔවුන් ප්රකාශ කර සිටියා මිස ඔවුන්ගේ වෙනත් පිළිතුර නොවීය. ඔවුන් එය ප්රකාශ කළේ ඔවුන් සිදු කරමින් ආ අශීලාචාර ක්රියාවන්හි ඔවුනට හවුල් නොවූ ලූත්ගේ ජනයාට අපහාස කිරීමක් ලෙසිනි. ඔවුනට එරෙහි ව ඔවුහු එම වැරැද්ද පිළිකුල් කළෝය
فَأَنجَيْنَـٰهُ وَأَهْلَهُۥٓ إِلَّا ٱمْرَأَتَهُۥ قَدَّرْنَـٰهَا مِنَ ٱلْغَـٰبِرِينَ ﴿٥٧﴾
අපි ඔහු මුදවා ගත්තෙමු. ඔහුගේ බිරිය හැර ඔහුගේ පවුල සෙස්සන් මුදවා ගත්තෙමු. ඇය විනාශ කරනු ලැබූවන් අතරින් කෙනෙකු වනු පිණිස දඬුවමෙහි රැඳී සිටින්නන් අතර ඇය ද පත්වීමට අපි තීන්දු කළෙමු
وَأَمْطَرْنَا عَلَيْهِم مَّطَرًۭا ۖ فَسَآءَ مَطَرُ ٱلْمُنذَرِينَ ﴿٥٨﴾
අපි ඔවුන් මත අහසින් වූ ගල් වර්ෂාවක් පහළ කළෙමු. දඬුවම ගැන බිය ගන්වනු ලැබ, එයට ප්රතිචාර නොදැක්වූවන්හට එය විනාශකාරී හානිදායක වර්ෂාවක් විය
قُلِ ٱلْحَمْدُ لِلَّهِ وَسَلَـٰمٌ عَلَىٰ عِبَادِهِ ٱلَّذِينَ ٱصْطَفَىٰٓ ۗ ءَآللَّهُ خَيْرٌ أَمَّا يُشْرِكُونَ ﴿٥٩﴾
"අහෝ දූතය! ඔහු පිරිනැමූ ඔහුගේ ආශිර්වාද සඳහාත් ලූත් හා සාලිහ්ගේ සමූහයාට කවර දඬුවමක් දෙනු ලැබුවේ ද එවන් දඬුවමින් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ සහගාමීන්හට ආරක්ෂාව සැලසීම සඳහාත් සියලු ප්රශංසා හිමි විය යුත්තේ අල්ලාහ්ටම යැ"යි නුඹ පවසනු. "උතුම් වනුයේ සියලු දෑ හි යහපත තමන් සතු ව ඇති සැබෑ ලෙස නැමදුම් ලබන අල්ලාහ් ද? එසේ නැතහොත් කිසිදු සෙතක් හෝ හානියක් හෝ සිදු කිරීමට නොහැකි දේව ආදේශකයින් විසින් නැමදුම් ලබන දෑ ද?" යැයි විමසනු. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
أَمَّنْ خَلَقَ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضَ وَأَنزَلَ لَكُم مِّنَ ٱلسَّمَآءِ مَآءًۭ فَأَنۢبَتْنَا بِهِۦ حَدَآئِقَ ذَاتَ بَهْجَةٍۢ مَّا كَانَ لَكُمْ أَن تُنۢبِتُوا۟ شَجَرَهَآ ۗ أَءِلَـٰهٌۭ مَّعَ ٱللَّهِ ۚ بَلْ هُمْ قَوْمٌۭ يَعْدِلُونَ ﴿٦٠﴾
එසේ නැතහොත් අහස් හා මහ පොළොව කිසිදු පූර්වාදර්ශයකින් තොර ව මැවූ මැවුම්කරුවාණන් ද? අහෝ ජනයිනි! ඔහු නුඹලාට අහසින් වැසි ජලය පහළ කොට අලංකාර හා සාරවත් වතු එමගින් ඔහු නුඹලාට හට ගැන්වීය. නුඹලාගේ නොහැකියාව හේතුවෙන් මෙම වතු වල ගස් වැවීමට නුඹලාට හැකි නොවීය. එය හට ගැන්වූයේ අල්ලාහ්ය. අල්ලාහ් සමග මෙය සිදු කරන නැමදුම් ලබන වෙනත් කෙනෙක් සිටී ද? නැත ඔවුන් සත්යයෙන් පෙරළී යන සමූහයක් විය. ඔවුන් අපරාධකාරී ලෙස මැවුම්කරුට මැවීම් සමාන කරති
أَمَّن جَعَلَ ٱلْأَرْضَ قَرَارًۭا وَجَعَلَ خِلَـٰلَهَآ أَنْهَـٰرًۭا وَجَعَلَ لَهَا رَوَٰسِىَ وَجَعَلَ بَيْنَ ٱلْبَحْرَيْنِ حَاجِزًا ۗ أَءِلَـٰهٌۭ مَّعَ ٱللَّهِ ۚ بَلْ أَكْثَرُهُمْ لَا يَعْلَمُونَ ﴿٦١﴾
بل أكثرهم لا يعلمون මහ පොළොව මත වෙසෙන්නන් නොසෙලවෙන පරිදි එය ස්ථාවර ලෙස රඳවා, එහි අභ්යන්තරයේ ගංගාවන් ගලා යන්නට සලස්වා ඒ වෙනුවෙන් ස්ථාවර කඳු පිහිටුවා පානය කරන්නන්හට සුදුසු නොවන පරිදි කරදිය හා මිරිදිය මිශ්ර නොවන අයුරින් කරදිය හා මිරිදිය වෙන් වෙන් වශයෙන් ඇති කළ අය ද?. අල්ලාහ් සමග ඒවා සිදු කළ නැමදුම් ලැබිය හැකි වෙනත් අය සිටී ද? නමුත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා ඒ බව නොදනිති. ඔවුන් දැන සිටියේ නම් ඔහුගේ මැවීම් අතරින් කිසිවකු ඔවුන් ඔහුට ආදේශ නොකරති
أَمَّن يُجِيبُ ٱلْمُضْطَرَّ إِذَا دَعَاهُ وَيَكْشِفُ ٱلسُّوٓءَ وَيَجْعَلُكُمْ خُلَفَآءَ ٱلْأَرْضِ ۗ أَءِلَـٰهٌۭ مَّعَ ٱللَّهِ ۚ قَلِيلًۭا مَّا تَذَكَّرُونَ ﴿٦٢﴾
කවරෙකු ඔහුගේ යම් කටයුත්තක හිර වී එය දරුණු වූ විට ඒ ගැන ඔහු ප්රාර්ථනා කළ අවස්ථාවේ එයට පිළිතුරු දී මිනිසාට අත්වන රෝගාබාධය, දිළිඳුකම හා වෙනත් උවදුරු ඉවත් කරන්නා ද? යුගයෙන් යුගය නුඹලාගෙන් පිරිසක් තවත් පිරිසක් පාලනය කරන පරිදි මහ පොළොවේ නියෝජිතයින් බවට ඔහු නුඹලාව පත් කළේය. අල්ලාහ් සමග මේවා සිදු කරන වෙනත් දෙවියකු සිටිත් ද? නැත. නුඹලා උපදෙස් ලබනුයේ ද පාඩම් ලබනුයේ ද ස්වල්පයක් පමණි
أَمَّن يَهْدِيكُمْ فِى ظُلُمَـٰتِ ٱلْبَرِّ وَٱلْبَحْرِ وَمَن يُرْسِلُ ٱلرِّيَـٰحَ بُشْرًۢا بَيْنَ يَدَىْ رَحْمَتِهِۦٓ ۗ أَءِلَـٰهٌۭ مَّعَ ٱللَّهِ ۚ تَعَـٰلَى ٱللَّهُ عَمَّا يُشْرِكُونَ ﴿٦٣﴾
يشركون එසේ නැතහොත් ගොඩබිමේ අන්ධකාරයන් තුළ හා මුහුදේ අන්ධකාරයන් තුළ නුඹලාට තාරකාවන් හා සලකුණු පිහිටවමින් නුඹලාට මග පෙන්වන්නා ද? එමෙන්ම තම ගැත්තන්හට ආශිර්වාද කරන වර්ෂාව පහළ වීමට ළඟා කරන ශුභාරංචිදායක සුළං එවන්නා ද? අල්ලාහ් සමග මේවා සිදු කරන වෙනත් දෙවියෙකු සිටිත් ද? අල්ලාහ් සුවිශුද්ධය. ඔහුගේ මැවීම් අතරින් ඔවුන් ඔහුට තබන ආදේශයන්ගෙන් ඔහු පිවිතුරුය
أَمَّن يَبْدَؤُا۟ ٱلْخَلْقَ ثُمَّ يُعِيدُهُۥ وَمَن يَرْزُقُكُم مِّنَ ٱلسَّمَآءِ وَٱلْأَرْضِ ۗ أَءِلَـٰهٌۭ مَّعَ ٱللَّهِ ۚ قُلْ هَاتُوا۟ بُرْهَـٰنَكُمْ إِن كُنتُمْ صَـٰدِقِينَ ﴿٦٤﴾
صدقين එසේ නැතහොත් අදියරයකින් පසු ව අදියරයක් ලෙස ගර්භාෂයන් තුළ මැවීම් උත්පාදනය කරන්නා ද? පසු ව ඔහු මිය ගිය පසු ව ඔහුට යළි ජීවය ලබා දෙයි. අහසින් පහළ කරනු ලබන වාර්ෂාවෙන් ඔහු නුඹලා ව පෝෂණය කරයි. අල්ලාහ් සමග ඒවා සිදු කරන වෙනත් දෙවියකු සිටිත් ද?" සැබවින්ම නුඹලා සත්යය මත සිටින බව කරන වාදයෙහි නුඹලා සත්යවාදීන් ලෙස සිටියෙහු නම් නුඹලා කවර ආදේශයක් මත පිහිටා සිටින්නේ ද ඒ සඳහා නුඹලාගේ සාධක ගෙන එනු." යැයි අහෝ දූතය! මෙම ආදේශකයින්හට නුඹ පවසනු. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
قُل لَّا يَعْلَمُ مَن فِى ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ ٱلْغَيْبَ إِلَّا ٱللَّهُ ۚ وَمَا يَشْعُرُونَ أَيَّانَ يُبْعَثُونَ ﴿٦٥﴾
"අහෝ දූතය! අහස්හි සිටින මලක්වරු හෝ මහ පොළොවේ වෙසෙන ජනයා ගුප්ත දෑ පිළිබඳ නොදනී. ඒ පිළිබඳ දන්නේ අල්ලාහ් පමණය. ප්රතිඵල සඳහා ඔවුන් අවදි කරනු ලබනුයේ කවදාදැ?යි අල්ලාහ් හැර අහස් හි සිටින හා මහ පොළොවේ සිටින සියලු දෙනා නොදනිති." යැයි පවසනු
بَلِ ٱدَّٰرَكَ عِلْمُهُمْ فِى ٱلْـَٔاخِرَةِ ۚ بَلْ هُمْ فِى شَكٍّۢ مِّنْهَا ۖ بَلْ هُم مِّنْهَا عَمُونَ ﴿٦٦﴾
ඔවුන්ගේ දැනුම මතු ලොව දක්වා ළඟා වී ඒ ගැන ඔවුහු විශ්වාස කරන්නෝද? නැත. ඔවුන් මතු ලොව පිළිබඳ සැකයෙහි හා ව්යාකූලත්වයේ පසු වෙති. ඒ ගැන ඔවුන්ගේ බැල්ම අන්ධ වී ඇත්තේය
وَقَالَ ٱلَّذِينَ كَفَرُوٓا۟ أَءِذَا كُنَّا تُرَٰبًۭا وَءَابَآؤُنَآ أَئِنَّا لَمُخْرَجُونَ ﴿٦٧﴾
දෙවියන් ප්රතික්ෂේප කළවුන් එය හෙළා දකින්නන් ලෙසින් "අපි මියගොස් පස් බවට පත් වූ විට ජීවමාන ව අප අවදි කරනු ලැබීම විය හැක්කක් දැ?"යි විමසා සිටියෝය
لَقَدْ وُعِدْنَا هَـٰذَا نَحْنُ وَءَابَآؤُنَا مِن قَبْلُ إِنْ هَـٰذَآ إِلَّآ أَسَـٰطِيرُ ٱلْأَوَّلِينَ ﴿٦٨﴾
අපි සියලු දෙනා අවදි කරනු ලැබීමට පෙර සැබවින්ම අප ප්රතිඥා දෙනු ලැබුවෙමු. අපගේ මුතුන් මිත්තන් ද ප්රතිඥා දෙනු ලැබුහ. එම ප්රතිඥාව සඳහා සහතිකයක් අපි නොදුටුවෙමු. අපට කවර කරුණක් ප්රතිඥා දෙනු ලැබුවේ ද ඒ සියලු ප්රතිඥා අපගේ මුතුන් මිත්තන්ගේ පුස්තක වල නොමැති ඔවුන්ගේ ප්රබන්ධයන් මිස නැත
قُلْ سِيرُوا۟ فِى ٱلْأَرْضِ فَٱنظُرُوا۟ كَيْفَ كَانَ عَـٰقِبَةُ ٱلْمُجْرِمِينَ ﴿٦٩﴾
අහෝ දූතය! යළි නැගිටුවනු ලැබීම හෙළා දකින මොවුනට "මහ පොළොවේ කවර දෙසකට හෝ ගමන් කර නැවත නැගිටුවනු ලැබීම බොරු යැයි පවසා සිටි අපරාධකරුවන්ගේ අවසානය කෙසේ වී දැයි සිතා බලනු. ඔවුන් එය ප්රතික්ෂේප කළ හේතුවෙන් අපි ඔවුන් විනාශ කළෙමු." යැයි පවසනු. ولا تحزن عليهم ولا تكن فى ضيق مما يمكرون
وَلَا تَحْزَنْ عَلَيْهِمْ وَلَا تَكُن فِى ضَيْقٍۢ مِّمَّا يَمْكُرُونَ ﴿٧٠﴾
දේව ආදේශකයින් නුඹේ ඇරයුම ප්රතික්ෂේප කිරීම හේතුකොටගෙන නුඹ දුක් නොවනු. ඔවුන්ගේ කුමන්ත්රණ හේතුවෙන් නුඹේ හදවත පීඩනයට පත් කර නොගනු. සැබවින්ම ඔවුනට එරෙහි ව අල්ලාහ් නුඹට උදව් කරන්නාය
وَيَقُولُونَ مَتَىٰ هَـٰذَا ٱلْوَعْدُ إِن كُنتُمْ صَـٰدِقِينَ ﴿٧١﴾
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය හෙළා දකින දේව ආදේශකයින් මෙසේ පවසා සිටියි. "නුඹලා කවර කරුණක් පිළිබඳ වාද කරමින් සිටින්නෙහු ද එහි නුඹලා සත්යවාදීහු නම් නුඹ හා දේව විශ්වාසීන් අපට ප්රතිඥා දුන් දඬුවම තහවුරු වනුයේ කවදා ද?"
قُلْ عَسَىٰٓ أَن يَكُونَ رَدِفَ لَكُم بَعْضُ ٱلَّذِى تَسْتَعْجِلُونَ ﴿٧٢﴾
අහෝ දූතය! නුඹ ඔවුනට මෙසේ පවසනු. "නුඹලා ඉක්මනින් පතන දඬුවමින් සමහරක් නුඹලාට සමීපයෙන්ම සිදු විය හැක." بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
وَإِنَّ رَبَّكَ لَذُو فَضْلٍ عَلَى ٱلنَّاسِ وَلَـٰكِنَّ أَكْثَرَهُمْ لَا يَشْكُرُونَ ﴿٧٣﴾
අහෝ දූතය! සැබැවින්ම නුඹේ පරමාධිපතියාණන් මිනිසුන් දේව ප්රතික්ෂේපයේ හා පාපකම්හි නිරත ව සිටියදී දඬුවම ඉක්මන් නොකර එය අතහැර දමමින් ඔහු ඔවුන් කෙරෙහි අනුග්රහශීලී විය. නමුත් ජනයා අතරින් බහුතරයක් දෙනා අල්ලාහ් ඔවුනට පිරිනමන ආශිර්වාද සඳහා කෘතවේදී නොවෙති. وإن ربك ليعلمما تكن صدورهم وما يعلنون
وَإِنَّ رَبَّكَ لَيَعْلَمُ مَا تُكِنُّ صُدُورُهُمْ وَمَا يُعْلِنُونَ ﴿٧٤﴾
සැබැවින්ම නුඹේ පරමාධිපති තම ගැත්තන්ගේ හදවත් තුළ සැඟ වී ඇති දෑ ද, ඔවුන් හෙළි කරන දෑ ද මැනවින් දන්නාය. එයින් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඒ සඳහා ඔහු ඔවුනට කුසල් පිරිනමනු ඇත
وَمَا مِنْ غَآئِبَةٍۢ فِى ٱلسَّمَآءِ وَٱلْأَرْضِ إِلَّا فِى كِتَـٰبٍۢ مُّبِينٍ ﴿٧٥﴾
අහසේ මිනිසුනට සැගවුණු කිසිවක් හෝ මහ පොළොවේ ඔවුනට සැඟවුණු කිසිවක් හෝ පැහැදිලි ග්රන්ථයේ සඳහන් ව මිස නැත. එය ලව්හුල් මහ්ෆූල් නම් සටහන් ඵලකයයි
إِنَّ هَـٰذَا ٱلْقُرْءَانَ يَقُصُّ عَلَىٰ بَنِىٓ إِسْرَٰٓءِيلَ أَكْثَرَ ٱلَّذِى هُمْ فِيهِ يَخْتَلِفُونَ ﴿٧٦﴾
සැබැවින්ම මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා වෙත පහළ කරනු ලැබූ අල් කුර්ආනය ඉස්රාඊල් දරුවන්හට ඔවුන් කවර කරුණු සම්බන්ධයෙන් මතභේද ඇති කර ගත්තේ ද ඒවා බොහෝමයක් ගැන කතා කරයි. එමෙන්ම ඔවුන්ගේ නොමගයෑම් ගැන හෙළි කරයි. وإنه لهدى ورحمة للمؤمنين
وَإِنَّهُۥ لَهُدًۭى وَرَحْمَةٌۭ لِّلْمُؤْمِنِينَ ﴿٧٧﴾
තවද එහි සඳහන් දේ සමඟ කටයුතු කරන ඇදහිලිවන්තයන්ට එය මඟ පෙන්වීමක් හා දයාවක් වේ
إِنَّ رَبَّكَ يَقْضِى بَيْنَهُم بِحُكْمِهِۦ ۚ وَهُوَ ٱلْعَزِيزُ ٱلْعَلِيمُ ﴿٧٨﴾
අහෝ දූතය! සැබවින්ම නුඹේ පරමාධිපති මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔහුගේ යුක්ති ධර්මය අනුව ජනයා අතර සිටින දේවත්වය විශ්වාස කරන්නන් හා දේවත්වය ප්රතික්ෂේප කරන්නන් අතර තීන්දු දෙන්නේය. දේව විශ්වාසියාට ආශිර්වාද කරන අතර දේව ප්රතික්ෂේපකයාට ඔහු දඬුවම් දෙනු ඇත. ඔහු ඔහුගේ සතුරන් හට සම ප්රතිචාර දක්වන සර්ව බලධාරියාය. කිසිවකු ඔහු අබිබවා යා නො හැක. සත්යවාදියා අසත්යවාදියා සමග මුසු නොකර ඒ ගැන මැනවින් දන්නාය
فَتَوَكَّلْ عَلَى ٱللَّهِ ۖ إِنَّكَ عَلَى ٱلْحَقِّ ٱلْمُبِينِ ﴿٧٩﴾
එහෙයින් නුඹ අල්ලාහ් මත සියල්ල භාර කරනු. නුඹේ සියලු කටයුතු වලදී නුඹ ඔහු මත ම රැඳී සිටිනු. සැබවින්ම නුඹ පැහැදිලි සත්යය මත සිටින්නෙහිය
إِنَّكَ لَا تُسْمِعُ ٱلْمَوْتَىٰ وَلَا تُسْمِعُ ٱلصُّمَّ ٱلدُّعَآءَ إِذَا وَلَّوْا۟ مُدْبِرِينَ ﴿٨٠﴾
අහෝ දූතය! සැබවින්ම අල්ලාහ් ව ප්රතික්ෂේප කිරීම හේතුවෙන් හදවත් මිය ගිය මළවුනට ඇසෙන්නට සැලැස්වීමට නුඹට නොහැක. එමෙන්ම නුඹ කවර කරුණක් වෙත ඔවුන්ට ඇරයුම් කරන්නෙහි ද ඒ ගැන නුඹට පිටුපාමින් ඔවුන් بلغ අල්-කුර්ආන් · තෆ්සීර් හැරී ගිය විට, සත්යයට සවන් දීමෙන් අල්ලාහ් ඔහුගේ ශ්රවණ ශක්තිය නැති කළ අයට ඇසෙන්නට සැලැස්වීමට ද නුඹට නො හැක
وَمَآ أَنتَ بِهَـٰدِى ٱلْعُمْىِ عَن ضَلَـٰلَتِهِمْ ۖ إِن تُسْمِعُ إِلَّا مَن يُؤْمِنُ بِـَٔايَـٰتِنَا فَهُم مُّسْلِمُونَ ﴿٨١﴾
සත්යය දැකීමෙන් අන්ධවූවන්හට මග පෙන්වන්නෙකු ලෙස නුඹ නැත. එහෙයින් ඔවුන් ගැන නුඹ දුක් නොවනු. නුඹ නො තැවෙනු. අපගේ වදන් විශ්වාස කරන්නන්හට හැර වෙනත් කිසිවකුට සත්යය වටහා දෙන්නට නුඹට නො හැකිය. අල්ලාහ්ගේ නියෝගවලට යටත් වන්නෝ (විශ්වාසී) ඔවුහුමය
۞ وَإِذَا وَقَعَ ٱلْقَوْلُ عَلَيْهِمْ أَخْرَجْنَا لَهُمْ دَآبَّةًۭ مِّنَ ٱلْأَرْضِ تُكَلِّمُهُمْ أَنَّ ٱلنَّاسَ كَانُوا۟ بِـَٔايَـٰتِنَا لَا يُوقِنُونَ ﴿٨٢﴾
ඔවුන් ඔවුන්ගේ ප්රතික්ෂේපය හා පාපකම් මත අඛණ්ඩ ව නිරත ව සිටි බැවින් දඬුවම අනිවාර්යය වී ඔවුනට එය ස්ථීර වී; නපුරු ජනයා ඉතිරි වූ විට අවසන් හෝරාව ළඟා වන අවස්ථාවේ ඔවුනට අපි එහි ප්රධාන සලකුණු අතරින් එක් සලකුණක් මතු කරන්නෙමු. එය ‘සැබවින්ම මිනිසුන් අපගේ නබි තුමාණන් වෙත පහළ කරනු ලැබූ අපගේ සංඥාවන් සත්ය බව තහවුරු කරන්නෝ නොවැතැයි’ මිනිසුන් වටහා ගන්නා පරිදි ඔවුන් සමග කතා කරන මහ පොළොවේ සිටින සත්වයකි. ويومنحشرمن كل أمة فوجا ممن يكذب بٔايتنا فهم يوزعون
وَيَوْمَ نَحْشُرُ مِن كُلِّ أُمَّةٍۢ فَوْجًۭا مِّمَّن يُكَذِّبُ بِـَٔايَـٰتِنَا فَهُمْ يُوزَعُونَ ﴿٨٣﴾
අහෝ දූතය! සමූහයන් අතරින් අපගේ වදන් බොරු කළ සෑම සමූහයකින් ම ඔවුන්ගේ ප්රධානීන්ගෙන් පිරිසක් එක් රැස් කරනු ලබන දිනය ගැන මෙනෙහි කරනු. ඔවුන්ගේ පළමුවැන්නා සිට අවසානයා දක්වා හරවා එවනු ලබති. පසු ව විනිශ්චය සඳහා කැටුවා ගෙන යනු ලබති
حَتَّىٰٓ إِذَا جَآءُو قَالَ أَكَذَّبْتُم بِـَٔايَـٰتِى وَلَمْ تُحِيطُوا۟ بِهَا عِلْمًا أَمَّاذَا كُنتُمْ تَعْمَلُونَ ﴿٨٤﴾
ඔවුන් විනිශ්චයට භාජනය කරනු ස්ථානය දක්වා පැමිණෙන තෙක්ම ඔවුන් කැටුවාගෙන යමින් පවතී. අල්ලාහ් ඔවුන් හෙළා දකිමින්, "මාගේ ඒකීයත්වය පෙන්වා දෙන, එමෙන්ම මාගේ පිළිවෙත ආවරණය වී ඇති මාගේ සංඥාවන් නුඹලා බොරු කළෙහු ද? සැබැවින්ම එය නිෂ්ඵල දෙයක් බවට වූ දැනුමක් නුඹලාට නොවීය. බොරු කිරීම නුඹලා වෙනුවෙන්ම සිදු විය. එසේ නැතහොත් සත්ය කරමින් හා බොරු කරමින් නුඹලා ඒ ගැන සිදු කරමින් සිටියේ කුමක් ද?" යැයි අසනු ඇත
وَوَقَعَ ٱلْقَوْلُ عَلَيْهِم بِمَا ظَلَمُوا۟ فَهُمْ لَا يَنطِقُونَ ﴿٨٥﴾
අල්ලාහ් ව ප්රතික්ෂේප කිරීම. ඔහුගේ වදන් බොරු කිරීම, යනාදී ඔවුන්ගේ අපරාධකම් හේතුවෙන් ඔවුන් වෙත දඬුවම පතිත විය. ඔවුන්ගේ තර්ක වල අවලංගුභාවය හා ඔවුන්ගේ නොහැකියාව නිසාවෙන් තමන් වෙනුවෙන් ඔවුන් කතා කළ නොහැක්කන් වෙති
أَلَمْ يَرَوْا۟ أَنَّا جَعَلْنَا ٱلَّيْلَ لِيَسْكُنُوا۟ فِيهِ وَٱلنَّهَارَ مُبْصِرًا ۚ إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَـٰتٍۢ لِّقَوْمٍۢ يُؤْمِنُونَ ﴿٨٦﴾
යළි නැගිටුවනු ලැබීම බොරු යැයි පවසන්නන්, ඔවුන් නින්දට යමින් එහි කල් ගත කිරීම සඳහා අපි රාත්රිය මවා ඇති බවත් දහවල එහි දසුන් දැක ගැනීම සඳහා ආලෝකයක් බවට පත් කර ඇති බවත් නොදුටුවෝ ද? ඔවුන් ඔවුන්ගේ ක්රියාවන් වෙත යුහුසුලු ව ගමන් කරති. සැබවින්ම නැවත නැවත මරණයට පත්වීම (නින්ද) පසුව යළි අවදි වීම යන්නෙහි දෙවියන් විශ්වාස කරන ජනයාට පැහැදිලි සාධක ඇත. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
وَيَوْمَ يُنفَخُ فِى ٱلصُّورِ فَفَزِعَ مَن فِى ٱلسَّمَـٰوَٰتِ وَمَن فِى ٱلْأَرْضِ إِلَّا مَن شَآءَ ٱللَّهُ ۚ وَكُلٌّ أَتَوْهُ دَٰخِرِينَ ﴿٨٧﴾
අහෝ දූතය! දෙවන පිඹුම පිඹින හොරණෑවෙහි එයට භාර මලක්වරයා පිඹින දිනය ගැන මෙනෙහි කරනු. එවිට අල්ලාහ්ගෙන් වූ භාග්යයක් ලෙස ව්යතිරේකයක් බවට පත් කළ අය හැර අහස්හි හා මහ පොළොවේ ඇති සෙසු සියලු දෙනා තැති ගනිති. අල්ලාහ්ගේ මැවීම් සියල්ල එදින යටහත් පහත් ව අවනතව ඔහු වෙත පැමිණෙනු ඇත
وَتَرَى ٱلْجِبَالَ تَحْسَبُهَا جَامِدَةًۭ وَهِىَ تَمُرُّ مَرَّ ٱلسَّحَابِ ۚ صُنْعَ ٱللَّهِ ٱلَّذِىٓ أَتْقَنَ كُلَّ شَىْءٍ ۚ إِنَّهُۥ خَبِيرٌۢ بِمَا تَفْعَلُونَ ﴿٨٨﴾
එදින නුඹලා නොසෙලවෙනසේ ස්ථාවර ව ඇතැයි සිතන කඳු දකිනු ඇත. ඒවා එම කරුණ සිදුවන අවස්ථාවේ වලාකුළ් මෙන් ගමනින් වේගයෙන් ගමන් කරනු ඇත. එය අල්ලාහ්ගේ නිර්මාණයකි. එය චලනය කරනුයේ ඔහුය. සැබවින්ම නුඹලා සිදු කරන දෑ පිළිබඳ ඔහු අභිඥානවන්තය. නුඹලාගේ ක්රියාවන් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඒ සඳහා ඔහු නුඹලාට ප්රතිඵල පිරිනමනු ඇත
مَن جَآءَ بِٱلْحَسَنَةِ فَلَهُۥ خَيْرٌۭ مِّنْهَا وَهُم مِّن فَزَعٍۢ يَوْمَئِذٍ ءَامِنُونَ ﴿٨٩﴾
දේව විශ්වාසය හා දැහැමි ක්රියාවන් සමග කවරෙකු මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ පැමිණෙන්නේ ද ඔහුට ස්වර්ගය ඇත. ඔවුහු වනාහි මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ පවතින තැතිගැන්මෙන් අල්ලාහ් ආරක්ෂාව සලසා එමගින් සුරක්ෂිතභාවය ලබන්නෝ වෙති
وَمَن جَآءَ بِٱلسَّيِّئَةِ فَكُبَّتْ وُجُوهُهُمْ فِى ٱلنَّارِ هَلْ تُجْزَوْنَ إِلَّا مَا كُنتُمْ تَعْمَلُونَ ﴿٩٠﴾
කවරෙකු දේව ප්රතික්ෂේපය හා පාපකම් සමග පැමිණෙන්නේ ද ඔවුනට අපා ගින්න ඇත. ඔවුන් මුණිනතට පෙරළා එහි හෙළනු ලබති. ඔවුනට අපහාස කරමින් මෙසේ පවසනු ලැබේ. "දේව ප්රතික්ෂේපය හා පාපකම් හේතුවෙන් මෙලොව නුඹලා කරමින් සිටී දෑ ට මිස වෙනත් කිසිවකට ප්රතිවිපාක පිරිනමනු ලැබනු ඇත් ද?"
إِنَّمَآ أُمِرْتُ أَنْ أَعْبُدَ رَبَّ هَـٰذِهِ ٱلْبَلْدَةِ ٱلَّذِى حَرَّمَهَا وَلَهُۥ كُلُّ شَىْءٍۢ ۖ وَأُمِرْتُ أَنْ أَكُونَ مِنَ ٱلْمُسْلِمِينَ ﴿٩١﴾
අහෝ දූතය! නුඹ ඔවුනට මෙසේ පවසනු. 'සැබවින්ම මම අණ කරනු ලැබුවේ, අල්ලාහ් සුවිශුද්ධ කළ, එහි ප්රාණ ඝාතනය තහනම් කරන ලද, කිසිවකුට අපරාධයක් සිදු කරනු නොලබන, එහි දඩයම් කර සතුන් මරා නොදමන, එහි ගස් කපා නොහරින මක්කාවේ හිමිපාණන්ට නැමදුම් කිරීමටය. සියලු දෑ හි ආධිපත්යය ඔහු සතුය. අල්ලාහ්ට අවනත වී යටත් වන, ඔහු වෙනුවෙන් අවනතවන්නන් අතරින් මා ද වීමට මම අණ කරනු ලැබුවෙමි.'
وَأَنْ أَتْلُوَا۟ ٱلْقُرْءَانَ ۖ فَمَنِ ٱهْتَدَىٰ فَإِنَّمَا يَهْتَدِى لِنَفْسِهِۦ ۖ وَمَن ضَلَّ فَقُلْ إِنَّمَآ أَنَا۠ مِنَ ٱلْمُنذِرِينَ ﴿٩٢﴾
මිනිසුන් වෙත අල් කුර්ආනය කියවා පෙන්වීමටත් මම අණ කරනු ලැබුවෙමි. එහෙයින් කවරෙකු එම මග පෙන්වීම තුළින් යහ මග ලබා, එහි ඇති දෑ අනුව කටයුතු කළේ ද එවිට ඔහුගේ මග පෙන්වීම ඔහුට ප්රයෝජනවත් වනු ඇත. තවද කවරෙකු නොමග ගොස් එයින් හැරී, එය හෙළා දැක, එහි ඇති දෑ අනුව කටයුතු නොකළේ ද එවිට නුඹ ඔවුනට සැබවින්ම "මම නුඹලාට අල්ලාහ්ගේ දඬුවම ගැන අවවාද කරන්නන් අතරින් කෙනෙකු වෙමි. නුඹලාගේ යහ මග මාගේ අතේ නැත" යැයි පවසනු
وَقُلِ ٱلْحَمْدُ لِلَّهِ سَيُرِيكُمْ ءَايَـٰتِهِۦ فَتَعْرِفُونَهَا ۚ وَمَا رَبُّكَ بِغَـٰفِلٍ عَمَّا تَعْمَلُونَ ﴿٩٣﴾
අහෝ දූතය! ගණන් කළ නොහැකි අල්ලාහ්ගේ ආශිර්වාද සඳහා ඔහුටමය ප්රශංසා! නුඹලා තුළ ද, අහස් හා මහ පොළොව තුළ ද, නුඹලාගේ පෝෂණය තුළ ද ඔහුගේ සංඥාවන් ඔහු නුඹලාට පෙන්වනු ඇත. එවිට සත්ය වෙත بلغ අල්-කුර්ආන් · තෆ්සීර් කෙරෙන ඇරයුම වෙත නුඹලා මග ලබන දැනුම නුඹලා හඳුනා ගනු ඇත. නුඹලා සිදු කරන දෑ පිළිබඳව නුඹගේ පරමාධිපති අනවධානියෙකු නොවේ. ඔහු ඒ දෙස බලා සිටියි. ඒ කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඒ සඳහා ඔහු නුඹලාට මතු ප්රතිඵල පිරිනමනු ඇත. මූලාශ්‍රය: අල්-මුඃතසර් ෆී තෆ්සීරිල් කුර්ආන්