මුල් පිටුවතෆ්සීර්Al-Qasas (28)

තෆ්සීර් Al-Qasas (28) — القصص

මක්කී · 88 වාක්‍ය

කියවන්න · අහන්නPDF ගොනුව

طسٓمٓ ﴿١﴾

(තා, සීන්, මීම්) සූරා බකරා ආරම්භයේදී මෙවැනි පාඨ පිළිබඳ විස්තර සඳහන් කර ඇත

تِلْكَ ءَايَـٰتُ ٱلْكِتَـٰبِ ٱلْمُبِينِ ﴿٢﴾

මෙය පැහැදිලි අල් කුර්ආනයේ පාඨ වෙයි

نَتْلُوا۟ عَلَيْكَ مِن نَّبَإِ مُوسَىٰ وَفِرْعَوْنَ بِٱلْحَقِّ لِقَوْمٍۢ يُؤْمِنُونَ ﴿٣﴾

මූසා හා ෆිර්අවුන්ගේ තොරතුරු කිසිදු සැකයකින් තොර ව දෙවියන් විශ්වාස කරන ජනයා වෙනුවෙන් සැබෑ ලෙස අපි නුඹට කියවා පෙන්වමු. සැබවින්ම ඔවුන් එහි ඇති දැයින් ප්රයෝජනය ලබන බැවිණි

إِنَّ فِرْعَوْنَ عَلَا فِى ٱلْأَرْضِ وَجَعَلَ أَهْلَهَا شِيَعًۭا يَسْتَضْعِفُ طَآئِفَةًۭ مِّنْهُمْ يُذَبِّحُ أَبْنَآءَهُمْ وَيَسْتَحْىِۦ نِسَآءَهُمْ ۚ إِنَّهُۥ كَانَ مِنَ ٱلْمُفْسِدِينَ ﴿٤﴾

සැබවින්ම ෆිර්අවුන් මිසර දේශයේ සීමාව ඉක්මවා අපරාධ සිදු කළේය. එහි ඔහු ආධිපත්යය දැරුවේය. එහි වැසියන් අතර විවිධ කණ්ඩායම් බවට පත් කළේය. ඔවුන් අතරින් පිරිසක් දුර්වලයින් බවට පත් කළේය. ඔවුන් ඉස්රාඊල් දරුවන් වෙති. ඔවුන්ගේ පිරිමි දරුවන් මරා දමා ඔවුන්ගේ ගැහැනු දරුවන් සේවය සඳහා තබා ගනිමින් ඔවුන් අතිශයින් අපහාසයට ලක් කළේය. සැබවින්ම ඔහු අපරාධ හා ඉක්මවා කටයුතු කරමින් මහ පොළොවේ ප්රචණ්ඩකාරීන් අතරින් කෙනෙකු විය

وَنُرِيدُ أَن نَّمُنَّ عَلَى ٱلَّذِينَ ٱسْتُضْعِفُوا۟ فِى ٱلْأَرْضِ وَنَجْعَلَهُمْ أَئِمَّةًۭ وَنَجْعَلَهُمُ ٱلْوَٰرِثِينَ ﴿٥﴾

ෆිර්අවුන් විසින් මිසර දේශයේ දුර්වලතාවට පත් කරනු ලැබූ ඉස්රාඊල් දරුවන්හට, ඔවුන්ගේ සතුරන් විනාශ කොට ඔවුන්ගෙන් අසරණකම් ඉවත් කොට, සත්යය තුළ ඔවුන් අනුගමනය කරන නායකයින් බවට ඔවුන්ව පත් කොට, ෆිර්අවුන්ගේ විනාශයෙන් පසු ව භාග්යලත් සිරියා දේශය උරුමකම් පාන්නට සලස්වා, අපි ඔවුනට ශ්රේෂ්ඨත්වය පිරිනමන්නට අපේක්ෂා කළෙමු. ඒ පිළිබඳ උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත: “දුර්වලතාවට පත් කරනු ලැබූ ජනයාට අපි සමෘද්ධිමත් කළ මහ පොළොවේ නැගෙනහිරවල් හා එහි බටහිරවල් අපි උරුම කර දුන්නෙමු.”

وَنُمَكِّنَ لَهُمْ فِى ٱلْأَرْضِ وَنُرِىَ فِرْعَوْنَ وَهَـٰمَـٰنَ وَجُنُودَهُمَا مِنْهُم مَّا كَانُوا۟ يَحْذَرُونَ ﴿٦﴾

ඔවුන් එහි ආධිපත්යය දරණ සගයින් ලෙස අප පත් කිරීමෙන් ඔවුනට මහ පොළොවේ පහසුකම් සලසා දෙන්නට අපි අපේක්ෂා කළෙමු. එමෙන්ම ෆිර්අවුන් හා රාජ්ය අනුග්රහය සැපයූ ප්රධානී හාමාන්ගේ මෙන්ම ඔවුන් දෙදෙනාගේ රාජ්ය සහායකයින් වූ ඔවුන් දෙදෙනාගේ සේනාවගේ රාජ්ය පාලනය ගිලිහී යෑම හා ඉස්රාඊල්ගේ දරුවන්ගෙන් වූ පිරිමි දරුවකුගේ දෑතින් එහි අවසානයට පත් වීම ගැන ඔවුන් බියට පත්වීම ගැන ඔවුනට පෙන්වන්නටද අපේක්ෂා කළෙමු. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

وَأَوْحَيْنَآ إِلَىٰٓ أُمِّ مُوسَىٰٓ أَنْ أَرْضِعِيهِ ۖ فَإِذَا خِفْتِ عَلَيْهِ فَأَلْقِيهِ فِى ٱلْيَمِّ وَلَا تَخَافِى وَلَا تَحْزَنِىٓ ۖ إِنَّا رَآدُّوهُ إِلَيْكِ وَجَاعِلُوهُ مِنَ ٱلْمُرْسَلِينَ ﴿٧﴾

"ෆිර්අවුන් හා ඔහුගේ ජනයා මූසා ව මරා දමනු ඇතැයි බිය වී, ඔහු ව පෙට්ටියක බහාලා නයිල් නදියේ හෙළනු තුරු ඔහුට කිරි දෙනු. එය දියේ ගිලීම ගැන හෝ ෆිර්වුන් ගැන හෝ බිය නොවනු. ඔහුගේ වෙන්වීම හේතුවෙන් නුඹ දුක් නොවනු. සැබවින්ම අපි නුඹ වෙත ජීවමාන ලෙස ඔහු ව නැවත ලබා දෙන්නෙමු. අල්ලාහ්ගේ මැවීම් වෙත එවන ලද ඔහුගේ දූතවරුන් අතරින් කෙනෙකු බවට අපි ඔහු පත් කරන්නෙමු." යැයි මූසාගේ මවට අපි දේව ප්රඥාව පහළ و කළෙමු

فَٱلْتَقَطَهُۥٓ ءَالُ فِرْعَوْنَ لِيَكُونَ لَهُمْ عَدُوًّۭا وَحَزَنًا ۗ إِنَّ فِرْعَوْنَ وَهَـٰمَـٰنَ وَجُنُودَهُمَا كَانُوا۟ خَـٰطِـِٔينَ ﴿٨﴾

ඔහු ව පෙට්ටිය බහාලා ගඟට දමන මෙන් ඇයට කළ දේව නියෝගය ඇය පිළිපැද්දාය. ෆිර්අවුන්ගේ පවුල එය දැක ඔහුව අර ගත්තෝය. සැබවින්ම එය, මූසා ෆිර්අවුන්ගේ සතුරකු බවට පත් වී ඔහුගේ දෑතින් ෆිර්අවුන්ගේ රාජ්යය පහ කිරීමටත්, ඔවුන්ගේ දුක ඉවත් කිරීමටත්, අල්ලාහ් අභිමත කළ දෑ තහවුරු කරනු වස්ය. සැබවින්ම ෆිර්අවුන් හා ඔහුගේ ඇමති හාමාන් ද ඔවුන් දෙදෙනාගේ සහායකයින්ද ඔවුන්ගේ දේව ප්රතික්ෂේපය මහ පොළොවේ ඔවුන් සිදු කළ ප්රචණ්ඩත්වය හා කලහකම් හේතුවෙන් පාපිෂ්ඨයින් බවට පත් වූහ

وَقَالَتِ ٱمْرَأَتُ فِرْعَوْنَ قُرَّتُ عَيْنٍۢ لِّى وَلَكَ ۖ لَا تَقْتُلُوهُ عَسَىٰٓ أَن يَنفَعَنَآ أَوْ نَتَّخِذَهُۥ وَلَدًۭا وَهُمْ لَا يَشْعُرُونَ ﴿٩﴾

ෆිර්අවුන් ඔහු ව ඝාතනය කිරීමට සිතූ කල්හි ඔහුගේ බිරිය ඔහුට, "මෙම දරුවා මටත් ඔබටත් සතුට ගෙන දෙන්නක් විය හැක. එහෙයින් නුඹලා ඔහු මරා නොදමනු. ඇතැම් විට මෙහෙකම් කිරීමෙන් ඔහු අපට ප්රයෝජනවත් වනු ඇත. එසේ නැතහොත් දරුවකු ලෙස අපි ඔහු හදාවඩා ගත හැක." යැයි පැවසුවාය. නමුත් ඔහුගේ දෑතින් ඔවුන්ගේ රාජ්යයට අත්වන්නට යන දෑ ඔවුහු නොදැන සිටියෝය

وَأَصْبَحَ فُؤَادُ أُمِّ مُوسَىٰ فَـٰرِغًا ۖ إِن كَادَتْ لَتُبْدِى بِهِۦ لَوْلَآ أَن رَّبَطْنَا عَلَىٰ قَلْبِهَا لِتَكُونَ مِنَ ٱلْمُؤْمِنِينَ ﴿١٠﴾

මූසා (අලයිහිස් සලාම්) තුමාගේ මවගේ හදවත, මූසා (අලයිහිස් සලාම්) තුමා හැර වෙනත් සියලුම ආකාරයේ ලෞකික කටයුතු වලින් හිස් වී තිබිණ. අල්ලාහ් කවර තීන්දුවක් තමන් වෙත නියම කර සිටියේ ද ඒ මත ඉවසිලිවන්තයින් ලෙස කටයුතු කරන තම පරමාධිපති මත සියල්ල පවරන දේව විශ්වාසීන් අතරට ඇය ද පත්වනු පිණිස අපි ඇයගේ හදවත ස්ථාවරත්වයෙන් හා ඉවසීමෙන් බැඳ නොතැබුවේ නම් තම දරුවා කෙරෙහි ඇති බැඳීමෙහි තීව්රතාව හේතුවෙන් ඔහු ඇගේ පුත්රයා බව හෙළි කිරීමට තරම් ඇය ඉවසිලිවන්ත නොවන්නට තිබිණ

وَقَالَتْ لِأُخْتِهِۦ قُصِّيهِ ۖ فَبَصُرَتْ بِهِۦ عَن جُنُبٍۢ وَهُمْ لَا يَشْعُرُونَ ﴿١١﴾

මූසා (අලයිහිස් සලාම්) තුමාගේ මව ඔහු ව ගඟෙහි දැමීමෙන් පසු ව ඔහුගේ සහෝදරියට මෙසේ පැවසුවාය. "ඔහුට කුමක් සිදු වන්නේ දැ?යි නුඹට දැනගත හැකි පරිදි ඔහුගේ මග සලකුණු ඔස්සේ ලුහුබැඳ යනු." පසු ව තමන් ඔහුගේ සහෝදරිය යන වගත් සැබවින්ම ඔහු ගැන තමන් තොරතුරු සොයන වගත් ෆිර්අවුන්ට හා ඔහුගේ ජනයාට නොහැඟෙන පරිදිත් තමන් ගැන හෙළි නොවන පරිදිත් ඇය දුරින් සිට ඔහු ගැන ඇය නිරීක්ෂා කළාය

۞ وَحَرَّمْنَا عَلَيْهِ ٱلْمَرَاضِعَ مِن قَبْلُ فَقَالَتْ هَلْ أَدُلُّكُمْ عَلَىٰٓ أَهْلِ بَيْتٍۢ يَكْفُلُونَهُۥ لَكُمْ وَهُمْ لَهُۥ نَـٰصِحُونَ ﴿١٢﴾

අපි ඔහුව ඔහුගේ මවට නැවත ලබා දීමට පෙර අල්ලාහ්ගේ සැලසුම අනුව කිරි දෙන කාන්තාවන්ගෙන් කිරි බීමෙන් මූසා වැළකී සිටියේය. ඔහුගේ සහෝදරිය ඔහුට කිරි පෙවීම සඳහා ඔවුන් දක්වන දැඩි කැමැත්ත දුටු කල්හි ඇය بلغ අල්-කුර්ආන් · තෆ්සීර් ඔවුනට: "ඔහුට කිරි දී ඔහු ව හදාවඩා ගන්නා නිවසක් වෙත මම නුඹලාට මග පෙන්වන්නද? ඔවුහු ඔහුට නිරන්තරයෙන්ම යහපත පතන්නෝقවෙති." යැයි විමසුවාය

فَرَدَدْنَـٰهُ إِلَىٰٓ أُمِّهِۦ كَىْ تَقَرَّ عَيْنُهَا وَلَا تَحْزَنَ وَلِتَعْلَمَ أَنَّ وَعْدَ ٱللَّهِ حَقٌّۭ وَلَـٰكِنَّ أَكْثَرَهُمْ لَا يَعْلَمُونَ ﴿١٣﴾

ඔහුගේ මව ළඟින් සිට ඔහු ව රැකබලා ගැනීමෙන් ඇයගේ නෙත් සිසිල්වත් වන පරිදි හා ඔහුගේ වෙන්වීම ගැන ඇය දුක් නොවන පරිදි ඇයට අපි මූසා ව නැවත ලබා දුනිමු. ඔහු ඇය වෙත නැවත ලබා දීම සම්බන්ධයෙන් අල්ලාහ් දුන් පොරොන්දුව කිසිදු සැකයකින් තොර සත්යයක් බව ඇය දැන ගත්තාය. නමුත් මෙම ප්රතිඥාව ගැන ඔවුන්ගෙන් බහුතරයක් දෙනා නොදනිති. සැබවින්ම ඇය ඔහුගේ මව බව කිසිවෙකු දැන සිටියේ නැත

وَلَمَّا بَلَغَ أَشُدَّهُۥ وَٱسْتَوَىٰٓ ءَاتَيْنَـٰهُ حُكْمًۭا وَعِلْمًۭا ۚ وَكَذَٰلِكَ نَجْزِى ٱلْمُحْسِنِينَ ﴿١٤﴾

ශරීරය වැඩී, වැඩි වියට පත් ව තම බලය ක්රියාත්මක කළ හැකි අවදියට පත් වූ කල්හි ඔහුට නබිත්වය පිරිනැමීමට පෙර ඉස්රාඊල් දරුවන්ගේ දහම සම්බන්ධයෙන් වූ දැනුම හා අවබෝධය අපි ඔහුට පිරිනැමුවෙමු. මූසා (අලයිහිස් සලාම්) තුමාගේ අවනතභාවය සඳහා අපි ඔහුට ප්රතිඵල පිරිනැමුවාක් සේම සෑම කාලයකම සෑම ස්ථානයකම පසුවන දැහැමියන්හට අපි ප්රතිඵල පිරිනමන්නෙමු

وَدَخَلَ ٱلْمَدِينَةَ عَلَىٰ حِينِ غَفْلَةٍۢ مِّنْ أَهْلِهَا فَوَجَدَ فِيهَا رَجُلَيْنِ يَقْتَتِلَانِ هَـٰذَا مِن شِيعَتِهِۦ وَهَـٰذَا مِنْ عَدُوِّهِۦ ۖ فَٱسْتَغَـٰثَهُ ٱلَّذِى مِن شِيعَتِهِۦ عَلَى ٱلَّذِى مِنْ عَدُوِّهِۦ فَوَكَزَهُۥ مُوسَىٰ فَقَضَىٰ عَلَيْهِ ۖ قَالَ هَـٰذَا مِنْ عَمَلِ ٱلشَّيْطَـٰنِ ۖ إِنَّهُۥ عَدُوٌّۭ مُّضِلٌّۭ مُّبِينٌۭ ﴿١٥﴾

و لى ى إنه عد م ض م بين ජනයා ඔවුන්ගේ නිවෙස් තුළ විවේකී ව සිටින වේලාවක මූසා නගරයට පිවිසීය. එවිට වාද කරමින් සණ්ඩුසරුවල් කරන මිනිසුන් දෙදෙනෙකු දුටුවේය. ඔවුන්ගෙන් එක් අයකු මූසා (අලයිහිස් සලාම්) තුමාගේ ප්රජාවේ ඉස්රාඊල් දරුවන්ගෙන් කෙනෙකු වූ අතර අනෙකා මූසාගේ සතුරුන් වූ ෆිර්අවුන්ගේ ජනයා වන කිබ්ති වංශයට අයත් කෙනෙකු විය. තම සතුරන් වන කිබ්ති වංශයේ මිනිසාට එරෙහි ව තමන්ට උපකාර කරන්නැයි ඔහුගේ ජනයා අතරින් වූ මිනිසා ඔහුගෙන් ඉල්ලා සිටියේය. එම කිබ්තී මිනිසාට තම අත මිට මොළොව මූසා පහරක් ගැසීය. එවිට එම පහරේ බලවත්භාවය හේතුවෙන් ඔහු මැරී වැටුණේය. මූසා (අලයිහිස් සලාම්) තුමා, "මෙය ෂෙයිතාන් විචිත්රවත් කළ දෙයකි. ඔහුගේ වංචාවකි. සැබවින්ම ෂෙයිතාන් ඔහු ව අනුගමනය කරන්නන් නොමග හරින්නාය. සැපැහිදිලි සතුරාය. එහෙයින් ඔහු මට මෙය ඇති කළේ ද ඔහුට මා සතුරු වීම හේතුවෙන් හා සැබවින්ම ඔහු මුළා කරන්නට අපේක්ෂා කරන්නන් ඔහු මුළා කරන්නෙකු ව සිටින බැවිණි." යැයි පැවසීය

قَالَ رَبِّ إِنِّى ظَلَمْتُ نَفْسِى فَٱغْفِرْ لِى فَغَفَرَ لَهُۥٓ ۚ إِنَّهُۥ هُوَ ٱلْغَفُورُ ٱلرَّحِيمُ ﴿١٦﴾

තමන්ගෙන් සිදු වූ වරද පිළිගනිමින් තම පරමාධිපතිගෙන් සමාව අයදිමින් මූසා, "මාගේ පරමාධපතියාණනි! සැබවින්ම මම මේ කිබ්ති වංශයේ මිනිසා ව ඝාතනය කිරීමෙන් මා මට ම අපරාධ කර ගත්තෙමි. එහෙයින් මාගේ පාපයන් සඳහා මට සමාව දෙනු මැනව." යැයි කීය. මූසා (අලයිහිස් සලාම්) තුමාට සමාව දීම ගැන අල්ලාහ් අපට එසේ පැහැදිලි කර සිටියේය. සැබවින්ම ඔහු ඔහුගේ ගැත්තන් අතරින් ඔහුගෙන් සමාව අයදින්නන්හට අති ක්ෂමාශීලී වන අතර ඔවුන් කෙරෙහි මහා කාරුණිකය

قَالَ رَبِّ بِمَآ أَنْعَمْتَ عَلَىَّ فَلَنْ أَكُونَ ظَهِيرًۭا لِّلْمُجْرِمِينَ ﴿١٧﴾

පසු ව මූසා (අලයිහිස් සලාම්) තුමාගේ ප්රාර්ථනාව පිළිබඳ තොරතුරු දිගට ම මෙසේ පවසා සිටියි. එහි එතුමා, "මාගේ පරමාධිපති මා වෙත පිරිනැමූ ශක්තිය, ප්රඥාව හා දැනුම හේතුවෙන් අපරාධකරුවන් සිදු කරන අපරාධ වලට بلغ අල්-කුර්ආන් · තෆ්සීර් කිසිවිටෙකى මම උදව් කරන්නෙකු නොවෙමි."

فَأَصْبَحَ فِى ٱلْمَدِينَةِ خَآئِفًۭا يَتَرَقَّبُ فَإِذَا ٱلَّذِى ٱسْتَنصَرَهُۥ بِٱلْأَمْسِ يَسْتَصْرِخُهُۥ ۚ قَالَ لَهُۥ مُوسَىٰٓ إِنَّكَ لَغَوِىٌّۭ مُّبِينٌۭ ﴿١٨﴾

කිබ්තී පුද්ගලයා ව මරා දැමීමේ සිදු වීම ඔහු විසින් සිදු වූ පසු, තමන් කුමක් කළ යුතු දැ යි සිතා බියෙන් යුතු ව නගරයේ අවධානයෙන් සැරිසැරීය. එවිට පෙර දින තම සතුරා වන කිබ්තී පුද්ගලයාට එරෙහි ව උදව් උපකාර ඉල්ලා පැමිණි පුද්ගලයා තවත් කිබ්තී මිනිසෙකුට එරෙහි ව ඔහුගෙන් උදව් ඉල්ලා සිටියේය. මූසා තුමා ඔහුට, "සැබවින්ම නුඹ ප්රචණ්ඩකාරී මෙන්ම පැහැදිලි නොමගෙහි සිටින්නෙකි." යැයි පවසාو සිටියේය

فَلَمَّآ أَنْ أَرَادَ أَن يَبْطِشَ بِٱلَّذِى هُوَ عَدُوٌّۭ لَّهُمَا قَالَ يَـٰمُوسَىٰٓ أَتُرِيدُ أَن تَقْتُلَنِى كَمَا قَتَلْتَ نَفْسًۢا بِٱلْأَمْسِ ۖ إِن تُرِيدُ إِلَّآ أَن تَكُونَ جَبَّارًۭا فِى ٱلْأَرْضِ وَمَا تُرِيدُ أَن تَكُونَ مِنَ ٱلْمُصْلِحِينَ ﴿١٩﴾

මූසා (අලයිහිස් සලාම්) තුමා ඔහුට හා ඉස්රාඊල මිනිසාට සතුරු වූ එම කිබ්තී පුද්ගලයා ව අල්ලා ගන්නට සිතූ කල්හි එම ඉස්රාඊලීය මිනිසා,"සැබවින්ම නුඹ පැහැදිලි අපරාධකරුවෙකි" යැයි ඔහු කළ ප්රකාශයට සවන් දුන් කල්හි, සැබැවින්ම තමන් අල්ලා ගන්නට යන බව සිතා මූසාට මෙසේ පැවසීය. "පෙර දින නුඹ මිනිසෙකු මරා දැමුවාක් මෙන් මා මරා දමන්නට නුඹ සිතන්නෙහි ද? සැබැවින්ම නුඹ මිනිසුන් මරා දමමින් ඔවුනට අපරාධ කරමින් බලහත්කාරකම් කරන්නකු වීමට මිස වෙනත් දෙයක් අපේක්ෂා නොකරන්නෙහිය. එමෙන්ම වාද කරන්නන් අතර සමතයට පත් කරන්නන් අතරින් කෙනෙකු වීමට ද නුඹ ප්රිය කරන්නේ නැත." යැයි පැවසීය

وَجَآءَ رَجُلٌۭ مِّنْ أَقْصَا ٱلْمَدِينَةِ يَسْعَىٰ قَالَ يَـٰمُوسَىٰٓ إِنَّ ٱلْمَلَأَ يَأْتَمِرُونَ بِكَ لِيَقْتُلُوكَ فَٱخْرُجْ إِنِّى لَكَ مِنَ ٱلنَّـٰصِحِينَ ﴿٢٠﴾

එම පුවත පැතිරී ගිය කල්හි නගරයේ කොනක සිටි මිනිසෙකු මූසාට අත් වූ විපාකය ගැන අනුකම්පා කරමින් වේගයෙන් දිව ඇවිත්, "අහෝ මූසා! සැබවින්ම ෆිර්අවුන්ගේ ජනයා අතර සිටින ප්රභූවරු ඔබ ව ඝාතනය කිරීමට සාකච්ඡා කරති. එහෙයින් නුඹ නගරයෙන් පිට ව යනු. ඔවුන් නුඹ ව අල්ලා නුඹ ව මරා දැමීම ගැන නුඹ කෙරෙහි වූ මාගේ අනුකම්පාව හේතුවෙන් සැබවින්ම මම නුඹට උපදෙස් දෙන්නෙක්මි" යැයි පැවසීය

فَخَرَجَ مِنْهَا خَآئِفًۭا يَتَرَقَّبُ ۖ قَالَ رَبِّ نَجِّنِى مِنَ ٱلْقَوْمِ ٱلظَّـٰلِمِينَ ﴿٢١﴾

උපදෙස් දුන් පුද්ගලයාගේ උපදෙස් මූසා (අලයිහිස් සලාම්) තුමා පිළිපැද්දේය. තමාට සිදු වන දෑ ගැන සිතමින් ඒ ගැන බියෙන් ඔහු නගරයෙන් පිට ව ගියේය. ඔහු ඔහුගේ පරමාධිපතිට ප්රාර්ථනා කරමින්, "මාගේ පරමාධිපතියාණනි! අපරාධකාරී ජනයාගෙන් මා මුදවා ගනු මැනව. ඔවුන් මට නපුරුක් ළඟා කර නොදිය යුතුය" යැයි පැවසීය

وَلَمَّا تَوَجَّهَ تِلْقَآءَ مَدْيَنَ قَالَ عَسَىٰ رَبِّىٓ أَن يَهْدِيَنِى سَوَآءَ ٱلسَّبِيلِ ﴿٢٢﴾

මද්යන් දෙසට මුහුණ ලා ගමන් ගත් කල්හි හෙතෙම, "මාගේ පරමාධිපති ශ්රේෂ්ඨ මාර්ගයක් වෙත මට මග පෙන්වනු ඇතැයි මම අපේක්ෂා කරමි. එවිට මම එයින් නොමග නොයමි." යැයි පැවසීය

وَلَمَّا وَرَدَ مَآءَ مَدْيَنَ وَجَدَ عَلَيْهِ أُمَّةًۭ مِّنَ ٱلنَّاسِ يَسْقُونَ وَوَجَدَ مِن دُونِهِمُ ٱمْرَأَتَيْنِ تَذُودَانِ ۖ قَالَ مَا خَطْبُكُمَا ۖ قَالَتَا لَا نَسْقِى حَتَّىٰ يُصْدِرَ ٱلرِّعَآءُ ۖ وَأَبُونَا شَيْخٌۭ كَبِيرٌۭ ﴿٢٣﴾

ى මද්යන් වාසීන්ට ජලය සපයන මද්යන්හි ජලාශ්රයක් වෙතට ඔහු ළඟා වූ කල්හි තම ගොවිපළ සතුන්ට ජලය සපයන මිනිසුන් පිරිසක් දුටුවේය. ඒ සමගම ජනයා ජලය සපයන තෙක් තම එළුවන්ට ජලය සැපයීමෙන් වැළකී සිටි بلغ අල්-කුර්ආන් · තෆ්සීර් කාන්තාවන් දෙදෙනකු ද ඔහු දුටුවේය. ඔවුන් දෙදෙනාගෙන් මූසා (අලයිහිස් සලාම්) තුමා මෙසේ විමසීය. "මිනිසුන් සමග එක් ව නුඹලා දෙදෙනා ජලය නොසපයන්නට තරම් නුඹලා දෙදෙනාගේ කාරණාව කුමක්දැ?"යි විමසීය. එම කාන්තාවන් දෙදෙනා ඔහුට "එසේ අපි පැමිණ, එඬේරුන් සමග මිශ්රවීමෙන් ප්රවේශම් වනු වස් ඔවුන් හැරී යන තෙක්ම අපි ජලය නොසැපයීම අපගේ සිරිතකි. අපගේ පියාණන් වයස්ගත මැහල්ලෙකි. ජලය සැපයීමට ඔහුට හැකියාවක් නැත. එහෙයින් අපගේ එළුවන්ට ජලය සැපයීමට අපි බල කරනු ලැබ ඇත්තෙමු." යැයි පැවසුවෝය

فَسَقَىٰ لَهُمَا ثُمَّ تَوَلَّىٰٓ إِلَى ٱلظِّلِّ فَقَالَ رَبِّ إِنِّى لِمَآ أَنزَلْتَ إِلَىَّ مِنْ خَيْرٍۢ فَقِيرٌۭ ﴿٢٤﴾

එවිට ඔහු ඔවුන් දෙදෙනාට අනුකම්පා කොට ඔවුන් දෙදෙනාගේ එළුවන්ට ජලය සැපයීය. පසු ව හෙවණකට ගොස් එහි විවේක ගත්තේය. තම අවශ්යතාව ඉදිරිපත් කරන මෙන් ඔහු තම පරමාධිපතිට ප්රාර්ථනා කළේය. "මාගේ පරමාධිපතියාණනි! මා වෙත නුඹ පහළ කළ දෑ හි කවර යහපතක් වුවද සැබවින්ම ඒ කෙරෙහි අවශ්යතාවෙන් පෙළෙන්නෙකි." යැයි පැවසීය

فَجَآءَتْهُ إِحْدَىٰهُمَا تَمْشِى عَلَى ٱسْتِحْيَآءٍۢ قَالَتْ إِنَّ أَبِى يَدْعُوكَ لِيَجْزِيَكَ أَجْرَ مَا سَقَيْتَ لَنَا ۚ فَلَمَّا جَآءَهُۥ وَقَصَّ عَلَيْهِ ٱلْقَصَصَ قَالَ لَا تَخَفْ ۖ نَجَوْتَ مِنَ ٱلْقَوْمِ ٱلظَّـٰلِمِينَ ﴿٢٥﴾

ඔවුන් (එම ස්ත්රීන්) දෙදෙනා නැවත හැරී ගිය කල්හි ඔවුන් දෙදෙනාගේ පියාට ඔහු ගැන තොරතුරු දන්වා සිටියෝය. ඔහු ව කැඳවා ගෙන එන්නට ඔවුන් දෙදෙනාගෙන් එක් අයකු ඔහු වෙත එවීය. එවිට ඇය ඔහු වෙත ලැජ්ජාවෙන් යුතු ව ගමන් කරමින් පැමිණ, "සැබවින්ම මාගේ පියාණන් ඔබ අපට ජලය සැපයීම වෙනුවෙන් ඔබේ කුලිය ඔබට පිරිනැමීමේ අපේක්ෂාවෙන් ඔහු වෙත පැමිණෙන මෙන් ඔහු ඔබට ඇරයුම් කළේ යැ"යි පැවසුවාය. මූසා තුමා ඔවුන් දෙදෙනාගේ පියාණන් වෙත පැමිණි කල්හි තම තොරතුරු පිළිබඳව ඔහුට දැනුම් දුන්නේය. එවිට ඔහු ඉතා තැන්පත් ව ඔහුට, "අපරාධකාරී ෆිරිඅවුන් හෝ ඔවුන්ගේ ප්රධානීන් අතර වූ සාකච්ඡාව ගැන නුඹ බිය නොවනු. මද්යන් දේශයේ ආධිපත්යය දරන්නට ඔවුනට ආධිපත්යයක් නැත. නුඹ වෙත නපුරක් කිරීමට ඔවුනට නොපුළුවන." යැයි පැවසුවේය

قَالَتْ إِحْدَىٰهُمَا يَـٰٓأَبَتِ ٱسْتَـْٔجِرْهُ ۖ إِنَّ خَيْرَ مَنِ ٱسْتَـْٔجَرْتَ ٱلْقَوِىُّ ٱلْأَمِينُ ﴿٢٦﴾

ඔහුගේ දියණියන් දෙදෙනාගෙන් එක් අයකු "මාගේ පියාණනි! අපගේ එළුවන් බලා ගන්නට කුලීකරුවකු ලෙස ඔහු පත් කරන්න. ශක්තිය හා විශ්වාසය යන කරුණු ඔහු තුළ එකට බැඳී ඇති බැවින් ඔහු ව කුලීකරුවකු ලෙස ගැනීම වඩාත් වැදගත්වේ. එවිට ඔහුගේ ශක්තිය තුළින් ඔහුට පවරනු ලබන දෑ ඔහු ඉටු කරනු ඇත. ඔහුගේ විශ්වාසය තුළින් ඔහු වෙත කවර දෙයක් විශ්වාසී ලෙස පවරනු ලැබුවේ ද එය ඔහු ආරක්ෂා කරනු ඇත." යැයි පැවසුවාය

قَالَ إِنِّىٓ أُرِيدُ أَنْ أُنكِحَكَ إِحْدَى ٱبْنَتَىَّ هَـٰتَيْنِ عَلَىٰٓ أَن تَأْجُرَنِى ثَمَـٰنِىَ حِجَجٍۢ ۖ فَإِنْ أَتْمَمْتَ عَشْرًۭا فَمِنْ عِندِكَ ۖ وَمَآ أُرِيدُ أَنْ أَشُقَّ عَلَيْكَ ۚ سَتَجِدُنِىٓ إِن شَآءَ ٱللَّهُ مِنَ ٱلصَّـٰلِحِينَ ﴿٢٧﴾

ه ඔවුන් දෙදෙනාගේ පියා මූසා (අලයිහිස් සලාම්) තුමාට කතා කරමින්, "මාගේ මේ දියණියන් දෙදෙනාගෙන් එකියකු නුඹට සරණපාවා දෙන්නට අපේක්ෂා කරමි. එය ඇයට දිය යුතු ‘මහර්’ විවාහ ත්යාගය ලෙස වසර අටක් අපගේ එළුවන් ඔබ රැක බලා ගැනීමේ පදනම යටතේය. නමුත් නුඹ වසර දහයක් ලෙස එය පූර්ණ කළේ නම්, එය ඔබෙන් සිදු වන ව්යතිරේකයකි. මම නුඹට ඒ ගැන බල නොකරමි. සැබවින්ම ගිවිසුම ඇත්තේ වසර අටකට පමණය. ඊට වැඩියෙන් ඇති දෑ අමතර ය. එහි නුඹ වෙත දුෂ්කරතාවක් බල කරන්නට මම ප්රිය නොකරමි. අල්ලාහ්ගේ අභිමතය පරිදි නුඹ ගිවිසුම් ඉටු කරන ප්රතිඥා කඩ නොකරන දැහැමියන් අතරින් කෙනෙකු බව මම නුඹ ව දකිමි" යැයි පැවසීය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

قَالَ ذَٰلِكَ بَيْنِى وَبَيْنَكَ ۖ أَيَّمَا ٱلْأَجَلَيْنِ قَضَيْتُ فَلَا عُدْوَٰنَ عَلَىَّ ۖ وَٱللَّهُ عَلَىٰ مَا نَقُولُ وَكِيلٌۭ ﴿٢٨﴾

මූසා අලයිහිස් සලාම්, "එය වනාහි මා අතර හා ඔබ අතර අප ගිවිස ගත් දෑ ය. නුඹට මා සේවය කළ යුතු කාලය කවර කාලයක් වුව ද එනම් වසර අටක් හෝ වසර දහයක් වුව ද මා වෙත පැවරූ දෑ මම සම්පූර්ණ කරන්නෙකු වෙමි. නමුත් ඊට අමතර කිසිවක් මගෙන් ඉල්ලා නොසිටිය යුතුය. කවර කරුණක් මත අපි ගිවිසුම් ඇති කර ගත්තෙමු ද අල්ලාහ් ඒ ගැන භාරකරුය. ඒ ගැන ආරක්ෂා කරන්නාය.’ යැයි පැවසීය

۞ فَلَمَّا قَضَىٰ مُوسَى ٱلْأَجَلَ وَسَارَ بِأَهْلِهِۦٓ ءَانَسَ مِن جَانِبِ ٱلطُّورِ نَارًۭا قَالَ لِأَهْلِهِ ٱمْكُثُوٓا۟ إِنِّىٓ ءَانَسْتُ نَارًۭا لَّعَلِّىٓ ءَاتِيكُم مِّنْهَا بِخَبَرٍ أَوْ جَذْوَةٍۢ مِّنَ ٱلنَّارِ لَعَلَّكُمْ تَصْطَلُونَ ﴿٢٩﴾

මූසා (අලයිහිස් සලාම්) තුමා එම කාල පරිච්ඡේදයන් දෙකින් වඩාත් පූර්ණවත් වසර දහය සම්පූර්ණ කළ කල්හි තම පවුල රැගෙන මද්යන් දේශයේ සිට මිසර දේශයට ගමන් ගත්තේය. ඔහු තූර් කන්ද අසලින් ගින්නක් දුටුවේය. තම පවුලට ඔහු මෙසේ පැවසීය. "නුඹලා රැඳී සිටිනු. සැබවින්ම මම ගින්නක් දුටිමි. එයින් යම් තොරතුරක් මම නුඹලා වෙත ගෙන එමි. එසේ නැතහොත් ගිනි මෙළවිය හැකි ගිනි පෙනෙල්ලක් මම නුඹලා වෙත ගෙන එමි. එවිට නුඹලා සීතලෙන් ආරක්ෂා විය හැකි වනන්නේය."

فَلَمَّآ أَتَىٰهَا نُودِىَ مِن شَـٰطِئِ ٱلْوَادِ ٱلْأَيْمَنِ فِى ٱلْبُقْعَةِ ٱلْمُبَـٰرَكَةِ مِنَ ٱلشَّجَرَةِ أَن يَـٰمُوسَىٰٓ إِنِّىٓ أَنَا ٱللَّهُ رَبُّ ٱلْعَـٰلَمِينَ ﴿٣٠﴾

තමන් දුටු ගින්න වෙත මූසා තුමා පැමිණි කල්හි උත්තරීතර සුවිශුද්ධයාණන් සමෘද්ධිමත් කළ මිටියාවතෙහි දකුණු දෙසින් පිහිටි ගසකින් මූසා තුමාට කතා කරන්නට විය. "අහෝ මූසා! සැබවින්ම මම සියලු මැවීම් හි පරමාධිපති වන අල්ලාහ් වෙමි." යැයි පැවසීය. ن

وَأَنْ أَلْقِ عَصَاكَ ۖ فَلَمَّا رَءَاهَا تَهْتَزُّ كَأَنَّهَا جَآنٌّۭ وَلَّىٰ مُدْبِرًۭا وَلَمْ يُعَقِّبْ ۚ يَـٰمُوسَىٰٓ أَقْبِلْ وَلَا تَخَفْ ۖ إِنَّكَ مِنَ ٱلْـَٔامِنِينَ ﴿٣١﴾

"ඔබේ සැරයටිය විසි කරනු." එවිට මූසා තම පරමාධිපතිගේ නියෝගය පිළිපදිමින් එය විසි කළේය. එය සර්පයකු මෙන් වේගයෙන් දගලනු පෙරළෙනු ඔහු දුටු කල්හි එයට බියෙන් පසුපස හැරී දිව්වේය. ඒ ගැන ඇති බියෙන් ඔහු නැවත හැරී ආවේ නැත. එවිට ඔහුගේ පරමාධිපති ඔහුට අමතා, අහෝ මූසා! ඉදිරියට යනු ඒ ගැන බිය නොවනු. සැබවින්ම නුඹ එයින් ද, ඒ ගැන නුඹ බිය වන වෙනත් දැයින් ද නුඹ රැකවරණය ලැබූවන් අතරින් කෙනෙකි." යැයි පැවසීය

ٱسْلُكْ يَدَكَ فِى جَيْبِكَ تَخْرُجْ بَيْضَآءَ مِنْ غَيْرِ سُوٓءٍۢ وَٱضْمُمْ إِلَيْكَ جَنَاحَكَ مِنَ ٱلرَّهْبِ ۖ فَذَٰنِكَ بُرْهَـٰنَانِ مِن رَّبِّكَ إِلَىٰ فِرْعَوْنَ وَمَلَإِي۟هِۦٓ ۚ إِنَّهُمْ كَانُوا۟ قَوْمًۭا فَـٰسِقِينَ ﴿٣٢﴾

"ඔබේ කමිසයේ විවෘත ව ඇති ගෙලට පහළින් වූ ප්රදේශය තුළට ඔබේ දකුණත ඇතුළත් කරනු. සමේ රොගයක් මෙන් නොව සුදුවන් ලෙස එය පිටතට එනු ඇත" යැයි පැවසීය. එවිට මූසා එය ඇතුළු කොට එළියට ගත්තේය. පිනි කැට මෙන් සුදුවන් ලෙස එය එළියට ආවේය. "ඔබේ බිය තුරන් වීම සඳහා ඔබේ අත ඔබ වෙත ළං කර ගනු." යැයි පැවසීය. මූසා තමන් වෙත එය ළං කර ගත්තේය. එවිට ඔහුගෙන් බිය පහ ව ගියේය. "සඳහන් කරනු ලැබූ ‘සැරයටිය හා අත’ යන කරුණු දෙක නුඹේ පරමාධිපති වෙතින් ෆිර්අවුන් හා ඔහුගේ ජනයා අතර සිටින ප්රභූවරුන් වෙත එවන ලද සාධක දෙකකි. සැබවින්ම ඔවුන් දේව ප්රතික්ෂේපය හා පාපකම් සිදු කරමින් අල්ලාහ්ට අවන වීමෙන් බැහැර වූ පිරිසක් වූවෝය." بلغ අල්-කුර්ආන් · තෆ්සීර් قال رب إنى قتلت منهم نفسا فأخاف أن يقتلون

قَالَ رَبِّ إِنِّى قَتَلْتُ مِنْهُمْ نَفْسًۭا فَأَخَافُ أَن يَقْتُلُونِ ﴿٣٣﴾

මූසා තුමා තම පරමාධිපති වෙත බැගෑපත් ව, "සැබවින්ම මම ඔවුන්ගෙන් වූ ජීවිතයක් ඝාතනය කර ඇත්තෙමි. නුඹ කවර දෙයක් මා වෙත එව්වේ ද එය මා ඔවුනට දන්වා සිටීම සඳහා මම ඔවුන් වෙත පැමිණියේ නම් ඔවුන් මා මරා දමනු ඇතැයි මම බිය වෙමි." යැයි පැවසීය

وَأَخِى هَـٰرُونُ هُوَ أَفْصَحُ مِنِّى لِسَانًۭا فَأَرْسِلْهُ مَعِىَ رِدْءًۭا يُصَدِّقُنِىٓ ۖ إِنِّىٓ أَخَافُ أَن يُكَذِّبُونِ ﴿٣٤﴾

"මාගේ සහෝදර හාරූන් මට වඩා පැහැදිලි ව කතා කරන්නෙකි. එහෙයින් මාගේ කතාවට අනුගත වෙමින් මට සහය දක්වන්නෙකු ලෙස ඔහු ව මා සමග එවනු මැනව! ෆිර්අවුන් හා ඔහුගේ ජනයා මා බොරු කළේ නම් මට පෙර දූතවරුන් එවනු ලැබූ සමූහයා සිරිතක් වශයෙන් ඔවුන් ඔවුන් ව බොරු කළ සිටියාක් මෙන් මොවුන් ද මා බොරු කාරයකු බවට පත් කරනු ඇත."

قَالَ سَنَشُدُّ عَضُدَكَ بِأَخِيكَ وَنَجْعَلُ لَكُمَا سُلْطَـٰنًۭا فَلَا يَصِلُونَ إِلَيْكُمَا ۚ بِـَٔايَـٰتِنَآ أَنتُمَا وَمَنِ ٱتَّبَعَكُمَا ٱلْغَـٰلِبُونَ ﴿٣٥﴾

මූසා තුමාගේ ප්රාර්ථනාවට ප්රතිචාර දක්වමින් අල්ලාහ්, "ඔබ සමග ඔබේ සහෝදරයා සහකාර දූතයකු ලෙස එවීමෙන් මම නුඹ ව ශක්තිමත් කරමි. නුඹලා දෙදෙනාට සාධකයක් හා තහවුරු කිරීමේ සාක්ෂියක් ඇති කරන්නෙමු. නුඹලා වෙත කවර සාධක අපි එව්වෙමු ද එම අපගේ ප්රාතිහාර්යයන් හේතුවෙන් නුඹලාට හා ජය ලබන දේව විශ්වාසීන් අතර සිටි නුඹ ව අනුගමනය කරන්නන්හට නුඹලා පිළිකුල් කරන නපුරක් ඇති කළ නොහැකිය."

فَلَمَّا جَآءَهُم مُّوسَىٰ بِـَٔايَـٰتِنَا بَيِّنَـٰتٍۢ قَالُوا۟ مَا هَـٰذَآ إِلَّا سِحْرٌۭ مُّفْتَرًۭى وَمَا سَمِعْنَا بِهَـٰذَا فِىٓ ءَابَآئِنَا ٱلْأَوَّلِينَ ﴿٣٦﴾

මූසා (අලයිහිස් සලාම්) තුමා අපගේ පැහැදිලි සාධක ඔවුන් වෙත ගෙන ආ කල්හි ඔවුහු, "මෙය මූසා විසින් ගෙතූ බොරුවක් මිස නැත. අපගේ මුල්කාලීන මුතුන් මිත්තන් අතර මෙය අප අසා නැත." යැයි පැවසූහ

وَقَالَ مُوسَىٰ رَبِّىٓ أَعْلَمُ بِمَن جَآءَ بِٱلْهُدَىٰ مِنْ عِندِهِۦ وَمَن تَكُونُ لَهُۥ عَـٰقِبَةُ ٱلدَّارِ ۖ إِنَّهُۥ لَا يُفْلِحُ ٱلظَّـٰلِمُونَ ﴿٣٧﴾

මූසා ෆිර්අවුන්ට කතා කරමින්, "සුවිශුද්ධයාණන් අබියසින් යහ මග රැගෙන ආ සත්යවාදියා කවුරුන් දැයි මාගේ පරමාධිපති දනී. මතු ලොවෙහි ප්රශංසනීය අවසානයක් අත්වන්නේ කවරෙකුටදැ යි ද ඔහු දනී." යැයි පැවසීය. සැබවින්ම අපරාධකරුවන් පතන දැයින් ඔහු ඔවුනට ජය ලබා දෙන්නේ නැත. ඔවුන් බිය වන දැයින් ඔවුන් මිදෙන්නේ ද නැත

وَقَالَ فِرْعَوْنُ يَـٰٓأَيُّهَا ٱلْمَلَأُ مَا عَلِمْتُ لَكُم مِّنْ إِلَـٰهٍ غَيْرِى فَأَوْقِدْ لِى يَـٰهَـٰمَـٰنُ عَلَى ٱلطِّينِ فَٱجْعَل لِّى صَرْحًۭا لَّعَلِّىٓ أَطَّلِعُ إِلَىٰٓ إِلَـٰهِ مُوسَىٰ وَإِنِّى لَأَظُنُّهُۥ مِنَ ٱلْكَـٰذِبِينَ ﴿٣٨﴾

ى ෆිර්අවුන් තම ජනයා අතර සිටින ප්රභූවරුන් අමතමින්, "අහෝ ප්රධානියනි! මා හැර නැමඳුම් ලබන වෙනත් කිසිවෙකු නුඹලාට ඇතැයි මා නොදනිමි. අහෝ හාමාන්! ගඩොල් ශක්තිමත් වන තරමට ඒවා පුලුුස්සනු. මූසා නමදින දෙවියන් මා දැකිය හැකි පරිදි උස් ගොඩනැගිල්ලක් මා වෙත ඉදි කරනු. මම ඒ මත නැග සිට ගනිමි. සැබවින්ම මූසා තමන් අල්ලාහ් වෙතින් මා වෙත හා මාගේ ජනයා වෙත එවන ලැබූවෙකි යැයි ඔහු තර්ක කරන විෂයයෙහි ඔහු බොරුකාරයකු යැයි සැබවින්ම මම හඟමි." යැයි පැවසීය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

وَٱسْتَكْبَرَ هُوَ وَجُنُودُهُۥ فِى ٱلْأَرْضِ بِغَيْرِ ٱلْحَقِّ وَظَنُّوٓا۟ أَنَّهُمْ إِلَيْنَا لَا يُرْجَعُونَ ﴿٣٩﴾

ෆිර්අවුන් හා ඔහුගේ සේනාව දැඩි ලෙස කටයුතු කළහ. උඩඟු වූහ. කිසිදු යුක්තියකින් තොර ව මිසර දේශයේ අහංකාරකම් පෑහ. නැවත නැගිටුවනු ලැබීම ප්රතික්ෂේප කළහ. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ විනිශ්චය හා ප්රතිවිපාක සඳහා නැවත නැගිටුවනු නොලබන්නෝ. යැයි සිතුවෝය

فَأَخَذْنَـٰهُ وَجُنُودَهُۥ فَنَبَذْنَـٰهُمْ فِى ٱلْيَمِّ ۖ فَٱنظُرْ كَيْفَ كَانَ عَـٰقِبَةُ ٱلظَّـٰلِمِينَ ﴿٤٠﴾

ඒ අනුව අපි ඔහු ග්රහණය කළෙමු. ඔහුගේ සේනාව ද ග්රහණය කළෙමු. ඔවුන් විනාශ වන තෙක් සාගරයේ ගිලෙන්නට ඔවුන් හෙළුවෙමු. එහෙයින් අහෝ දූතය! අපරාධකරුවන්ට සිදු වූ දෑ කෙසේ වී දැ යි ද ඔවුන්ගේ අවසානය කෙසේ වී දැ යි ද සිතා බලනු. ඒ අනුව සැබවින්ම ඔවුන්ට අත් වූයේ, ඔවුන්ගේ අවසානය වූයේ විනාශයයි

وَجَعَلْنَـٰهُمْ أَئِمَّةًۭ يَدْعُونَ إِلَى ٱلنَّارِ ۖ وَيَوْمَ ٱلْقِيَـٰمَةِ لَا يُنصَرُونَ ﴿٤١﴾

ප්රතික්ෂේපය හා මුළාව විකාශ කරමින් නිරය වෙත ඇරයුම් කරන අපරාධකරුවන් හා මුළා කරන්නන්හට පූර්වාදර්ශයක් බවට සැබවින්ම අපි ඔවුන් පත් කළෙමු. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දඬුවමින් ඔවුන් මුදවාලීමට උදව් කරනු නොලබති. නමුත් ඔවුන් කළ පාපකම් හා ඔවුන් කවර දෙයක් වෙත ඇරයුම් කළේ ද ඒ සඳහා වූ දඬුවම ඔවුනට ගුණ කර දෙනු ලැබේ. එය ක්රියාවට නැංවූ අයගේ බර ද එම ක්රියාවෙහි ඔවුන් අනුගමනය කළ අයගේ ක්රියාවන්හි බර ද ඔවුන් මත පටවා සටහන් කරනු ලැබේ

وَأَتْبَعْنَـٰهُمْ فِى هَـٰذِهِ ٱلدُّنْيَا لَعْنَةًۭ ۖ وَيَوْمَ ٱلْقِيَـٰمَةِ هُم مِّنَ ٱلْمَقْبُوحِينَ ﴿٤٢﴾

ඔවුන්ගේ දඬුවමට අමතර ව මෙලොව ජීවිතයේ අවමානය හා හෙළා දැකීම ඔවුන් පසුපස එවන්නෙමු. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුහු අල්ලාහ්ගේ කරුණා දයාවෙන් නෙරපා හරින ලද නීචයින් අතර සිටිති

وَلَقَدْ ءَاتَيْنَا مُوسَى ٱلْكِتَـٰبَ مِنۢ بَعْدِ مَآ أَهْلَكْنَا ٱلْقُرُونَ ٱلْأُولَىٰ بَصَآئِرَ لِلنَّاسِ وَهُدًۭى وَرَحْمَةًۭ لَّعَلَّهُمْ يَتَذَكَّرُونَ ﴿٤٣﴾

පෙර විසූ සමූහයන් වෙත අපි දූතවරුන් එවා ඔවුහු ඔවුන් බොරු කළ පසු ව, සැබවින්ම අපි මූසාට තව්රාතය පිරිනැමුවෙමු. ඔවුන් වෙනුවෙන් ඔවුන් විසින් ඔවුන් බොරු කර සිටීම හේතුවෙන් අපි ඔවුන් විනාශ කළෙමු. එහි ඒ දෙස බලන මිනිසුන්හට ප්රයෝජනවත් වන දෑ ඇති අතර ඒ අනුව ඔවුහු කටයුතු කරති. ඔවුනට හානිය ගෙන දුන් දෑ ද එහි ඇති අතර ඔවුහු එය අතහැර දමති. එමෙන්ම එහි යහපත වෙත එය මග පෙන්වීමක් ද ඇත. එය ආශිර්වාදයකි. ඊට හේතුව මෙලොව හා මතු ලොව යන දෙයාකාර යහපත එහි ඇති බැවිණි. එය ඔවුන් වෙත අල්ලාහ් පිරිනැමූ ආශිර්වාද මෙනෙහි කොට ඔහුට කෘතඥතාව පුද කොට ඔහු ව විශ්වාස කිරීමට හැකි වන පරිදිය

وَمَا كُنتَ بِجَانِبِ ٱلْغَرْبِىِّ إِذْ قَضَيْنَآ إِلَىٰ مُوسَى ٱلْأَمْرَ وَمَا كُنتَ مِنَ ٱلشَّـٰهِدِينَ ﴿٤٤﴾

අහෝ දූතය! ෆිර්අවුන් හා ඔහුගේ ප්රධානීන් වෙත මූසා තුමා ව එවීමෙන් කටයුතු තීන්දු කළ අවස්ථාවේ කන්දේ බටහිර අසල නුඹ නොසිටියෙහිය. මේ පිළිබඳ තොරුතුරු හදාරන තෙක් නුඹ සම්මුඛ වූවන් අතරින් නොවූයෙහිය. එහෙයින් එය ජනයාට කියා පෙන්වනු. කවර දෙයක් නුඹ ඔවුනට පවසන්නේ ද එය නුඹ වෙත එවන ලද අල්ලාහ්ගේ දිව්ය පණිවුඩය වන්නේය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

وَلَـٰكِنَّآ أَنشَأْنَا قُرُونًۭا فَتَطَاوَلَ عَلَيْهِمُ ٱلْعُمُرُ ۚ وَمَا كُنتَ ثَاوِيًۭا فِىٓ أَهْلِ مَدْيَنَ تَتْلُوا۟ عَلَيْهِمْ ءَايَـٰتِنَا وَلَـٰكِنَّا كُنَّا مُرْسِلِينَ ﴿٤٥﴾

නමුත් අපි මූසාගෙන් පසු ව සමූහයන් හා මැවීම් බිහි කළෙමු. අල්ලාහ්ගේ ගිවිසුම් ඔවුන් අමතක කරන තෙක් ඔවුන් වෙත වූ කාලය දුරස් විය. අපගේ වදන ඔවුනට පාරායනය කරමින් මද්යන් වාසීන් අතර නුඹ පදිංචි වී නොසිටියෙහිය. නමුත් අපි නුඹ ව එව්වේ අප වෙතින්ය. එහෙයින් අපි නුඹ වෙත මූසාගේ තොරතුරු හා එතුමා මද්යන්හි වාසය කළ තොරතුරු දන්වා සිටියෙමු. ඒ ගැන අල්ලාහ් නුඹ වෙත කවර කරුණක් දන්වා සිටියේද එම තොරතුරු නුඹ මිනිසුනට දන්වා සිටිනු

وَمَا كُنتَ بِجَانِبِ ٱلطُّورِ إِذْ نَادَيْنَا وَلَـٰكِن رَّحْمَةًۭ مِّن رَّبِّكَ لِتُنذِرَ قَوْمًۭا مَّآ أَتَىٰهُم مِّن نَّذِيرٍۢ مِّن قَبْلِكَ لَعَلَّهُمْ يَتَذَكَّرُونَ ﴿٤٦﴾

يتذك رون ඒ ගැන තොරතුරු නුඹ දැන ගන්නා තෙක්, අප මූසා අමතන විට තූන් කන්ද අසල නුඹ නොසිටියෙහිය. දන්වා සිටිය යුතු දෑ අපි ඔහුට දන්වා සිටියෙමු. නමුත් අපි නුඹ ව මිනිසුන්හට නුඹේ පරමාධිපතිගෙන් වූ ආශිර්වාදයක් ලෙස එවා ඇත්තෙමු. ඒ පිළිබඳ තොරතුරු ද නුඹ වෙත දන්වා ඇත්තෙමු. එය නුඹට පෙර සිටි දූතයකු ඔවුන් වෙත නොපැමිණි පිරිසකට නුඹ අවවාද කරනු පිණිසත් ඔවුනට අවවාද කරනු පිණිසත්ය. එවිට ඔවුහු පාඩම් ලබා සුවිශුද්ධ අල්ලාහ් අබියසින් කවර කරුණක් නුඹ ඔවුන් වෙත ගෙන ආවේ ද ඒ ගැනි විශ්වාස කරන්නට හැකිය

وَلَوْلَآ أَن تُصِيبَهُم مُّصِيبَةٌۢ بِمَا قَدَّمَتْ أَيْدِيهِمْ فَيَقُولُوا۟ رَبَّنَا لَوْلَآ أَرْسَلْتَ إِلَيْنَا رَسُولًۭا فَنَتَّبِعَ ءَايَـٰتِكَ وَنَكُونَ مِنَ ٱلْمُؤْمِنِينَ ﴿٤٧﴾

ඔවුන් දේව ප්රතික්ෂේපය හා පාපකම්වල නිරත ව සිටි හේතුවෙන් දේව දඬුවමක් ඔවුනට අත් නොවන්නේ නම් ඔවුන් වෙත දූතයකු නොඑවූ බව පවසා තර්ක කරන්නන් ලෙස මෙසේ පවසති. "අප වෙත දූතයකු එවන්නට තිබුණා නොවේද? එවිට අපි නුඹේ සංඥාවන් පිළිපැද ඒ අනුව කටයුතු කරන්නට තිබුණි. එමෙන්ම තම පරමාධිපතිගේ නියෝග අනුව කටයුතු කළ දේව විශ්වාසීන් අතරට අප ද පත්වන්නට තිබුණි" යැයි පවසති. එය එසේ නොවී නම් ඔවුනට අපි දඬුවම ඉක්මන් කරන්නෝ වෙමු. නමුත් ඔවුන් වෙත දූතයකු එවීමෙන් අපි ඔවුනට අවවාද කරන තෙක් ඔවුන්ගෙන් දඬුවම අපි ප්රමාද කළෙමු

فَلَمَّا جَآءَهُمُ ٱلْحَقُّ مِنْ عِندِنَا قَالُوا۟ لَوْلَآ أُوتِىَ مِثْلَ مَآ أُوتِىَ مُوسَىٰٓ ۚ أَوَلَمْ يَكْفُرُوا۟ بِمَآ أُوتِىَ مُوسَىٰ مِن قَبْلُ ۖ قَالُوا۟ سِحْرَانِ تَظَـٰهَرَا وَقَالُوٓا۟ إِنَّا بِكُلٍّۢ كَـٰفِرُونَ ﴿٤٨﴾

මුහම්මද් කුරෙයිෂීන් වෙත තම පරමාධිපතිගෙන් වූ දූත පණිවිඩය ගෙන ආ කල්හි, ඒ ගැන යුදෙව්වෝ මෙසේ විමසා සිටියෝය. "සැබවින්ම මූසා තුමා තම පරමාධිපතිගෙන් වූ දූතයකු බව පෙන්වා දෙන සැරයටිය, අත වැනි සළකුණු එතුමාට පිරිනමනු ලැබුවාක් මෙන් මුහම්මද්ට පිරිනමනු ලැබිය යුතු නොවේ ද?" යැයි ඔවුනට තර්ක ඔවුහු ඉදිරිපත් කළෝය. අහෝ දූතය! ඔවුනට පිළිතුරු වශයෙන් නුඹ මෙසේ පවසනු. "මීට පෙර මූසාට දෙනු ලැබූ දෑ යුදෙව්වන් විසින් ප්රතික්ෂේප නොකළෝ ද?" ඔවුහු තව්රාතයේ ද කුර්ආනයේ ද "සැබවින්ම ඒ දෙක හූනියම් දෙකකි. ඒ එකිනෙකෙ අනෙකට උර දෙයි." යැයි පවසා සිටියෝය. තවද ඔවුහු: ‘සැබැවින්ම අපි තව්රාතය අල් කුර්ආනය යන සෑම එකක්ම ප්රතික්ෂේප කරන්නෝ වෙමු

قُلْ فَأْتُوا۟ بِكِتَـٰبٍۢ مِّنْ عِندِ ٱللَّهِ هُوَ أَهْدَىٰ مِنْهُمَآ أَتَّبِعْهُ إِن كُنتُمْ صَـٰدِقِينَ ﴿٤٩﴾

අහෝ දූතය! මොවුනට නුඹ මෙසේ පවසනු. "තව්රාතයට හා කුර්ආනයට වඩා වඩාත් යහ මගින් යුත් අල්ලාහ් වෙතින් පහළ කරනු ලැබූ පුස්තකයක් ගෙන එනු. නුඹලා එය ගෙන එන්නෙහු නම්, සැබවින්ම තව්රාතය හා කුර්ආනය හූනියම් දෙකක් බව නුඹලා කරන වාදයෙහි නුඹලා සත්යවාදීහු නම් මම එය පිළිපදින්නෙමි." යැයි නුඹ පවසනු. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

فَإِن لَّمْ يَسْتَجِيبُوا۟ لَكَ فَٱعْلَمْ أَنَّمَا يَتَّبِعُونَ أَهْوَآءَهُمْ ۚ وَمَنْ أَضَلُّ مِمَّنِ ٱتَّبَعَ هَوَىٰهُ بِغَيْرِ هُدًۭى مِّنَ ٱللَّهِ ۚ إِنَّ ٱللَّهَ لَا يَهْدِى ٱلْقَوْمَ ٱلظَّـٰلِمِينَ ﴿٥٠﴾

තව්රාතයට හා කුර්ආනයට වඩා යහ මගින් යුත් ග්රන්ථයක් ගෙන ඒම සම්බන්ධයෙන් කුරෙයිෂ්වරුන් වෙත ඉදිරිපත් කළ අභියෝගයට ඔවුන් පිළිතුරු නොදුන්නේ නම් සැබවින්ම ඔවුන් ඒ දෙක ගැන කිසිදු සාධකයක් නොමැති ව බොරු පවසා ඇතැයි තහවුරු වන්නේය. සැබවින්ම එය ආශාවන් පිළිපැදීමෙන් වූවකි. සුවිශුද්ධ අල්ලාහ්ගේ යහ මග හැර තම ආශාවන් පිළිපදින්නාට වඩා නොමග ගිය වෙනත් කිසිවකු නැත. අල්ලාහ්ව ප්රතික්ෂේප කිරීමෙන් තමන්ටම අපරාධ කර ගත් අයට සැබවින්ම අල්ලාහ් යහ මග හා ඍජු මග ආශිර්වාද කරන්නේ නැත

۞ وَلَقَدْ وَصَّلْنَا لَهُمُ ٱلْقَوْلَ لَعَلَّهُمْ يَتَذَكَّرُونَ ﴿٥١﴾

පෙර විසූ සමූහයන් පිළිබඳ විස්තර හා ඔවුන් අපගේ දූතවරුන් බොරු කළ බැවින් ඔවුනට අත් වූ දඬුවම් ගැන ඉස්රාඊල් දරුවන් අතර සිටි යුදෙව්වන් හා දේව ආදේශකයින්හට කියා පාමින් සැබවින්ම අපි ඉදිරිපත් කළෙමු. එය ඔවුනට අත් වූ විපාකය මෙන් මොවුනට අත් නොවී මොවුන් ඒ ගැන පාඩම් ලබා, එය විශ්වාස කිරීමේ අපේක්ෂාවෙනි

ٱلَّذِينَ ءَاتَيْنَـٰهُمُ ٱلْكِتَـٰبَ مِن قَبْلِهِۦ هُم بِهِۦ يُؤْمِنُونَ ﴿٥٢﴾

අල් කුර්ආනය පහළ වීමට පෙර තව්රාතය පිළිබඳ වූ විශ්වාසය මත රැඳි සිටියවුන් වනාහි, ඔවුන්ගේ එම පුස්තකයේ අල් කුර්ආනය පිළිබඳ තොරතුරු හා විස්තර ඔවුන් දැක ගන්නා බැවින් ඔවුන් අල් කුර්ආනය විශ්වාස කරන්නෝ වෙති

وَإِذَا يُتْلَىٰ عَلَيْهِمْ قَالُوٓا۟ ءَامَنَّا بِهِۦٓ إِنَّهُ ٱلْحَقُّ مِن رَّبِّنَآ إِنَّا كُنَّا مِن قَبْلِهِۦ مُسْلِمِينَ ﴿٥٣﴾

ඔවුන් වෙත (මෙම ග්රන්ථය) කියවා පෙන්වනු ලබන විට ඔවුහු "අපි ඒ ගැන විශ්වාස කළෙමු. සැබවින්ම එය සත්යයකි. එහි කිසිදු සැකයක් නැත. අපගේ පරමාධිපතිගෙන් පහළ වූවකි. සැබවින්ම මෙම අල් කුර්ආනයට පෙර සිටම ඊට පෙර දූතවරුන් කවර කරුණක් ගෙන ආවේ ද එය අප විශ්වාස කර සිටීම හේතුවෙන් අපි මුස්ලිම්වරුන් (අල්ලාහ්ට අවනත වන්නන්) ලෙස සිටියෙමු

أُو۟لَـٰٓئِكَ يُؤْتَوْنَ أَجْرَهُم مَّرَّتَيْنِ بِمَا صَبَرُوا۟ وَيَدْرَءُونَ بِٱلْحَسَنَةِ ٱلسَّيِّئَةَ وَمِمَّا رَزَقْنَـٰهُمْ يُنفِقُونَ ﴿٥٤﴾

සඳහන් කරනු ලැබූ පරිදි වර්ණනා කරනු ලැබූවන් වනාහි, ඔවුන්ගේ පුස්තකය විශ්වාස කිරීමෙහි ඔවුන් ඉවසීමෙන් රැඳී සිටි බැවින් ද, මුහම්මද් (සල්ලල්ලාහු අලයිහ් වසල්ලම්) තුමාණන් ව එවනු ලැබූ අවස්ථාවෙහි එතුමා ව ඔවුන් විශ්වාස කර සිටි බැවින් ද ඔවුන්ගේ ක්රියාවන්හි ප්රතිඵල දෙමුරයක් අල්ලාහ් ඔවුනට පිරිනමනු ඇත. ඔවුන්ගේ ක්රියාවන්හි දැහැමිකම් හේතුවෙන් ඔවුන් පාපය ඉපැයීමෙන් වැළකී සිටිති. අපි ඔවුනට පෝෂණය කළ දැයින් යහපත් කටයුතුවල ඔවුහු වියදම් කරති

وَإِذَا سَمِعُوا۟ ٱللَّغْوَ أَعْرَضُوا۟ عَنْهُ وَقَالُوا۟ لَنَآ أَعْمَـٰلُنَا وَلَكُمْ أَعْمَـٰلُكُمْ سَلَـٰمٌ عَلَيْكُمْ لَا نَبْتَغِى ٱلْجَـٰهِلِينَ ﴿٥٥﴾

ආගම් ලත් ජනයා අතරින් වූ මෙම විශ්වාසීන් අසත්ය ප්රකාශයකට සවන් දුන් විට, ඒ දෙස හැරී නොබලාම එය පිටුදකිති. ඔවුහු එයට අදාළ පිරිසට කතා කරමින් "අපට අපගේ ක්රියාවන් සඳහා වූ ප්රතිඵල ඇත. නුඹලාට නුඹලාගේ ක්රියාවන් සඳහා වූ ප්රතිඵල ඇත. දොස් නැගීමෙන් හා හිංසා කිරීමෙන් නුඹලා අපෙන් ආරක්ෂාව ලැබුවෙහුය. දහමට හා මෙලොවට හිංසා පීඩා ඇති බැවින් අඥාන ජනයා සමග මිත්රකම්පෑමට අපට අවශ්ය වන්නේ නැත." යැයි පැවසූහ. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

إِنَّكَ لَا تَهْدِى مَنْ أَحْبَبْتَ وَلَـٰكِنَّ ٱللَّهَ يَهْدِى مَن يَشَآءُ ۚ وَهُوَ أَعْلَمُ بِٱلْمُهْتَدِينَ ﴿٥٦﴾

අහෝ දූතය! සැබවින් නුඹ ප්රිය කරන අබූතාලිබ් හා වෙනත් අය මෙන් කිසිවෙකුට දේව විශ්වාසය වෙත ආශිර්වාද කරමින්, යහ මග පෙන්වීමට නුඹට නොහැක. නමුත් තමන් යහ මග අභිමත කරන්නන්හට ආශිර්වාද කරනුයේ අල්ලාහ් වන ඔහු පමණය. සැබවින්ම යමෙකු ඍජු මාර්ගය වෙත මග පෙන්වනු ලැබූවන් අතරින් යැයි ඔහුගේ පූර්ව දැනුමෙහි ඇත්තන් පිළිබඳ ඔහු මැනවින් දන්නාය

وَقَالُوٓا۟ إِن نَّتَّبِعِ ٱلْهُدَىٰ مَعَكَ نُتَخَطَّفْ مِنْ أَرْضِنَآ ۚ أَوَلَمْ نُمَكِّن لَّهُمْ حَرَمًا ءَامِنًۭا يُجْبَىٰٓ إِلَيْهِ ثَمَرَٰتُ كُلِّ شَىْءٍۢ رِّزْقًۭا مِّن لَّدُنَّا وَلَـٰكِنَّ أَكْثَرَهُمْ لَا يَعْلَمُونَ ﴿٥٧﴾

من لدنا ولكن أكثرهم لا يعلمون ඉස්ලාමය පිළිපැදීම හා එය විශ්වාස කිරීම සඳහා නිදහසට කරුණු දක්වමින් මක්කාවාසීන් අතර සිටින දේව ආදේශකයින් මෙසේ පවසා සිටියහ. "නුඹ කවර කරුණක් ගෙන ආවෙහි ද එම ඉස්ලාමය අපි අනුගමනය කළේ නම් අපගේ සතුරන් අප ව මෙම භූමියෙන් ඉතා ඉක්මණින් ඉවත් කරනු ඇත."අපරාධ කිරීමට හෝ ජීවිත විනාශ කිරීමට හෝ තහනම් කරන ලද මෙම හරම් සීමාවෙහි, මෙම දේව ආදේශකයින්ට අපි ඉඩ සලසා නොදුන්නෙමු ද? ඔවුන් කෙරෙහි වෙනත් අය වැටලීමෙන් එහි ඔවුන් සුරක්ෂිත ව ගත කළෝය. අප වෙතින් ඔවුනට සපයන පෝෂණ සම්පත් වශයෙන් සෑම පලතුරක්ම ඒ වෙත ගෙන දෙන ලදී. නමුත් ඔවුන් කෙරෙහි අල්ලාහ් ආශිර්වාද කර ඇති දෑ පිළිබඳ ඔවුන්ගෙන් බහුතරයක් දෙනා නොදනිති. එමෙන්ම ඒ සඳහා ඔවුහු ඔහුට කෘතඥ නොවෙති

وَكَمْ أَهْلَكْنَا مِن قَرْيَةٍۭ بَطِرَتْ مَعِيشَتَهَا ۖ فَتِلْكَ مَسَـٰكِنُهُمْ لَمْ تُسْكَن مِّنۢ بَعْدِهِمْ إِلَّا قَلِيلًۭا ۖ وَكُنَّا نَحْنُ ٱلْوَٰرِثِينَ ﴿٥٨﴾

අල්ලාහ්ගේ ආශිර්වාද ප්රතික්ෂේප කොට, පාපකම්හි හා අපරාධ වල ඉක්මවා ගිය ගම්මාන කොපමණ අධික සංඛ්යාවක් වීද? එවිට අපි ඒ වෙත දඬුවමක් එවා එමගින් ඒවා විනාශ කළෙමු. ඔවුන්ගේ පාළු වී ගිය එම වාසස්ථාන මත මිනිසුන් ගමන් කරති. එම වැසියන්ට පසු ව එහි වාසය කළේ එය තරණය කළ ස්වල්ප දෙනෙකු පමණි. අහස්හි හා මහ පොළොවෙහි ද ඒ දෙක අතර සිටින ජීවීන්ගේ ද උරුමක්කරුවන් වන්නේ අපි වෙමු

وَمَا كَانَ رَبُّكَ مُهْلِكَ ٱلْقُرَىٰ حَتَّىٰ يَبْعَثَ فِىٓ أُمِّهَا رَسُولًۭا يَتْلُوا۟ عَلَيْهِمْ ءَايَـٰتِنَا ۚ وَمَا كُنَّا مُهْلِكِى ٱلْقُرَىٰٓ إِلَّا وَأَهْلُهَا ظَـٰلِمُونَ ﴿٥٩﴾

ظلمون අහෝ දූතය! මව් නගරය වන මක්කාවට නුඹ ව දූතයකු ලෙස එවනු ලැබූවාක් මෙන්, ගම්මාන වැසියන් අතරින් එහි ප්රධාන නගරය වෙත ඔවුන් නිදහසට කරුණු දැක්විය හැකි පිරිදි දූතයකු එවන තුරු එම ගම්මානය විනාශ කිරීමට නුඹේ පරමාධිපතිට යුතු නොවීය. ගම්මාන වැසියන් සත්යය මත ස්ථාවර ව සිටියදී අපි ඔවුන් විනාශ කරන්නට නොවීමු. සැබවින්ම අපි ඔවුන් විනාශ කරනුයේ ඔවුන් දේව ප්රතික්ෂේපය හා පාපකම් සිදු කරමින් අපරාධකරුවන් ලෙස සිටියේ නම් පමණි

وَمَآ أُوتِيتُم مِّن شَىْءٍۢ فَمَتَـٰعُ ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا وَزِينَتُهَا ۚ وَمَا عِندَ ٱللَّهِ خَيْرٌۭ وَأَبْقَىٰٓ ۚ أَفَلَا تَعْقِلُونَ ﴿٦٠﴾

නුඹලාගේ පරමාධිපති නුඹලාට කවර දෙයක් පිරිනැමුවේ ද එයින් නුඹලා භුක්ති විඳින්නෙහුය. ජීවිතයේ අලංකාරවත් කර ගන්නෙහුය. පසු ව ඒවා විනාශ වී යනු ඇත. මතු ලොවෙහි අල්ලාහ් අබියස ඇති මහඟු තිළිණ ඉතා උතුම්ය. මෙලොව පවතින භුක්ති විඳීමට හා අලංකාරයට වඩා ස්ථීර පැවැත්මක් එයට ඇත. ඒ ගැන නුඹලා වටහා නොගන්නෙහු ද? එහෙයින් නුඹලා විනාශ වී යන දෑ වෙනුවට වඩා පැවැත්මක් ඇති දෑ තෝරා ගනු. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

أَفَمَن وَعَدْنَـٰهُ وَعْدًا حَسَنًۭا فَهُوَ لَـٰقِيهِ كَمَن مَّتَّعْنَـٰهُ مَتَـٰعَ ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا ثُمَّ هُوَ يَوْمَ ٱلْقِيَـٰمَةِ مِنَ ٱلْمُحْضَرِينَ ﴿٦١﴾

මතු ලොවෙහි ස්වර්ගය හා එහි ඇති සදාතනික සැප පහසුකම් පිළිබඳ අපි ප්රතිඥා දී පසුව කිසිදු සැකයකින් තොරව ඒ වෙතට නැඹුරු වූ කෙනෙක්, මෙලොව ජීවිතයේ සම්පත් හා අලංකාරය භුක්ති විඳීමට අවශ්ය දෑ ඔහුට පිරිනමනු ලැබ පසු ව මළවුන් කෙරන් නැගිටුවනු ලබන දිනයේ නිරා ගින්න වෙත සම්මුඛවන්නන් අතරට පත් වන අයකු මෙන් වේද?

وَيَوْمَ يُنَادِيهِمْ فَيَقُولُ أَيْنَ شُرَكَآءِىَ ٱلَّذِينَ كُنتُمْ تَزْعُمُونَ ﴿٦٢﴾

ඔවුන්ගේ පරමාධිපති අමතන දිනයේ ඔවුනට කතා කරමින්, "මා හැර දමා නුඹලා නමදිමින් සිටි මා හට හවුල් කළවුන් කොහේ ද? මාගේ හවුල්කරුවන් ලෙස නුඹලා විශ්වාස කරමින් සිටියවුන් කොහේදැ?"යි විමසා සිටියි

قَالَ ٱلَّذِينَ حَقَّ عَلَيْهِمُ ٱلْقَوْلُ رَبَّنَا هَـٰٓؤُلَآءِ ٱلَّذِينَ أَغْوَيْنَآ أَغْوَيْنَـٰهُمْ كَمَا غَوَيْنَا ۖ تَبَرَّأْنَآ إِلَيْكَ ۖ مَا كَانُوٓا۟ إِيَّانَا يَعْبُدُونَ ﴿٦٣﴾

දේව ප්රතික්ෂේපය වෙත ඇරයුම් කරන්නන් අතරින් දඬුවම නියම වූ අය, "අපගේ පරමාධිපතියාණනි! අප නොමග යැවූ අය මොවූහුය. අප නොමග ගියාක් මෙන්ම අප ඔවුන්ව ද නොමඟ හැරියෙමු. ඔවුන්ගෙන් අපි නිදොස් වී ඔබ වෙතට හැරෙන්නෙමු. ඔවුන් අප නමදින්නන් ලෙස සිටියේ නැත. සැබවින්ම ඔවුන් නමදිමින් සිටියේ ෂෙයිතානුන්වය." යැයි පවසති

وَقِيلَ ٱدْعُوا۟ شُرَكَآءَكُمْ فَدَعَوْهُمْ فَلَمْ يَسْتَجِيبُوا۟ لَهُمْ وَرَأَوُا۟ ٱلْعَذَابَ ۚ لَوْ أَنَّهُمْ كَانُوا۟ يَهْتَدُونَ ﴿٦٤﴾

"නුඹලා කවර අවමානයක සිටින්නේ ද, එයින් නුඹලා ආරක්ෂා වනු පිණිස නුඹලාගේ හවුල්කරුවන් නුඹලා කැඳවනු." යැයි පවසනු ලැබේ. එවිට ඔවුහු ඔවුන්ගේ හවුල්කරුවන් කැඳවුවද, ඔවුන්ගේ කැඳවුමට ඔවුහු පිළිතුරු නොදෙති. ඔවුන් වෙනුවෙන් සූදානම් කරනු ලැබූ දඬුවම ඔවුන් දෑසින් දැක්කෝය. සැබවින්ම තමන් මෙලොව සත්යය වෙත මග ලැබූවන් ලෙස සිටියේ නම්! යැයි ආශා කරති

وَيَوْمَ يُنَادِيهِمْ فَيَقُولُ مَاذَآ أَجَبْتُمُ ٱلْمُرْسَلِينَ ﴿٦٥﴾

ඔවුන්ගේ පරමාධිපති, "නුඹලා වෙත එවූ මාගේ දූතවරුන්ට නුඹලා කවර පිළිතුරක් දුන්නෙහුද?" යැයි පවසමින් ඔවුන් අමතන දිනයේ

فَعَمِيَتْ عَلَيْهِمُ ٱلْأَنۢبَآءُ يَوْمَئِذٍۢ فَهُمْ لَا يَتَسَآءَلُونَ ﴿٦٦﴾

කවර කරුණක් ඔවුන් සාධක කර ගත්තේ ද එය ඔවුන්ගෙන් සැඟ වී ඇත. කිසිවක් ඔවුහු මෙනෙහි නොකරති. දඬුවම සමග ඔවුන් ඔහු වෙත යන බව තරයේ විශ්වාස කළ බැවින් ඇති වන ගැටලුවෙහි බිහිසුණුකම හේතුවෙන් ඔවුන්ගෙන් කිසිවෙක් කිසිවකුගෙන් කිසිවක් විමසා සිටින්නේ නැත

فَأَمَّا مَن تَابَ وَءَامَنَ وَعَمِلَ صَـٰلِحًۭا فَعَسَىٰٓ أَن يَكُونَ مِنَ ٱلْمُفْلِحِينَ ﴿٦٧﴾

මෙම දේව ආදේශකයින් අතරින් කවරෙකු තම ප්රතික්ෂේපය හේතුවෙන් පාප ක්ෂමාවේ නිරත ව, අල්ලාහ් ව හා ඔහුගේ දූතවරුන් විශ්වාස කොට, දැහැමි ක්රියාවන් සිදු කළේ ද ඔවුන් වනාහි ඔවුන් පතන දැයින් ජයග්රාහණය ලබන්නන් ලෙසත් ඔවුන් බිය වන දැයින් ආරක්ෂා වන්නන් ලෙසත් වන්නට පුළුවන. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

وَرَبُّكَ يَخْلُقُ مَا يَشَآءُ وَيَخْتَارُ ۗ مَا كَانَ لَهُمُ ٱلْخِيَرَةُ ۚ سُبْحَـٰنَ ٱللَّهِ وَتَعَـٰلَىٰ عَمَّا يُشْرِكُونَ ﴿٦٨﴾

අහෝ දූතය! නුඹේ පරමාධිපති මැවීමට අභිමත කරන දෑ මවන්නේය. ඔහුට අවනත වන්නටත් ඔහුගේ දූත මෙහෙවර දරන්නටත් ඔහු අභිමත කරන අය තෝරා ගන්නේය. දේව ආදේශකයින් අල්ලාහ්ට විරුද්ධ වුව ද ඔවුනට කිසිදු තේරීමක අයිතියක් නොමැත. ඔවුන් ඔහු සමග හවුලේ තබමින් නැමදුම් කරමින් සිටි දැයින් අල්ලාහ් සුවිශුද්ධය, පිවිතුරුය. وربك يعلمما تكن صدورهم وما يعلنون

وَرَبُّكَ يَعْلَمُ مَا تُكِنُّ صُدُورُهُمْ وَمَا يُعْلِنُونَ ﴿٦٩﴾

සැබවින්ම නුඹේ පරමාධිපති ඔවුන්ගේ හදවත් තුළ සැඟ වී ඇති දෑ ද, ඔවුන් හෙළි කරන දෑ ද මැනවින් දන්නාය. එයින් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඒ සඳහා ඔහු ඔවුනට කුසල් පිරිනමනු ඇත

وَهُوَ ٱللَّهُ لَآ إِلَـٰهَ إِلَّا هُوَ ۖ لَهُ ٱلْحَمْدُ فِى ٱلْأُولَىٰ وَٱلْـَٔاخِرَةِ ۖ وَلَهُ ٱلْحُكْمُ وَإِلَيْهِ تُرْجَعُونَ ﴿٧٠﴾

සුවිශුද්ධයාණන් වන අල්ලාහ් ඔහුය. ඔහු හැර සැබෑ ලෙස නැමදුම් ලබන්නට වෙනත් කිසිවකු නැත. මෙලොවෙහි සියලු පැසසුම් ඔහුට පමණක් සතුය. මතු ලොවෙහි ද සියලු පැසසුම් ඔහුට පමණක් සතුය. නැවත හැරවීමක් නැති ඵලදායී තීන්දුව ද ඔහු සතුය. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ විනිශ්චය හා ප්රතිඵල සඳහා නුඹලා යොමු කරනු ලබනුයේ ඔහු වෙත පමණය

قُلْ أَرَءَيْتُمْ إِن جَعَلَ ٱللَّهُ عَلَيْكُمُ ٱلَّيْلَ سَرْمَدًا إِلَىٰ يَوْمِ ٱلْقِيَـٰمَةِ مَنْ إِلَـٰهٌ غَيْرُ ٱللَّهِ يَأْتِيكُم بِضِيَآءٍ ۖ أَفَلَا تَسْمَعُونَ ﴿٧١﴾

අහෝ දූතය! මෙම දේව ආදේශකයින්ට පවසනු. "මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින තෙක් කිසිදු විසන්ධියකින් තොර ව නුඹලාට රාත්රිය අඛණ්ඩ ව පවතින්නක් බවට අල්ලාහ් පත් කළේ නම් දහවලෙහි ආලෝකය මෙන් ආලෝකයක් නුඹලා වෙත ගෙන එන්නේ අල්ලාහ් හැර නැමදුම් ලබන වෙනත් කවර දෙවියකු ද? මෙම සාධක වලට නුඹලා සවන් නොදෙන්නෙහු ද? නුඹලා වෙත එය ගෙන එන්නේ නැමදුමට සුදුසු අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නොවන බව නුඹලා නොදන්නෙහු ද?"

قُلْ أَرَءَيْتُمْ إِن جَعَلَ ٱللَّهُ عَلَيْكُمُ ٱلنَّهَارَ سَرْمَدًا إِلَىٰ يَوْمِ ٱلْقِيَـٰمَةِ مَنْ إِلَـٰهٌ غَيْرُ ٱللَّهِ يَأْتِيكُم بِلَيْلٍۢ تَسْكُنُونَ فِيهِ ۖ أَفَلَا تُبْصِرُونَ ﴿٧٢﴾

تبصرون අහෝ දූතය! නුඹ තවදුරටත් ඔවුන්ගෙන් මෙසේ විමසනු. ‘මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින තෙක් දහවල අඛණ්ඩ ව පවතින්නක් බවට අල්ලාහ් නුඹලාට පත් කළේ නම් දහවල් කාලයේ දුෂ්කර කාර්යයන්හි නිරත වී විවේකය ලබා සැනසුම ලබන්නට රාත්රිය නුඹලා වෙත ගෙන එන්නේ අල්ලාහ් හැර නැමදුම් ලබන වෙනත් කවර දෙවියකු ද? මෙම සංඥාවන් දෙස නුඹලා අධීක්ෂණයෙන් නොබලන්නෙහු ද? නුඹලා වෙත ඒ සියල්ල ගෙන එන්නේ නැමදුමට සුදුසු අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නොවන බව නුඹලා නොදන්නෙහු ද?

وَمِن رَّحْمَتِهِۦ جَعَلَ لَكُمُ ٱلَّيْلَ وَٱلنَّهَارَ لِتَسْكُنُوا۟ فِيهِ وَلِتَبْتَغُوا۟ مِن فَضْلِهِۦ وَلَعَلَّكُمْ تَشْكُرُونَ ﴿٧٣﴾

අහෝ ජනයිනි! දහවල් කාලයේ වැඩ කටයුතු වල නිරත වීමෙන් පසු ව නුඹලා සැනසුම ලබනු පිණිස නුඹලාට රාත්රිය අන්ධකාරය ලෙසත් නුඹලා පෝෂණ සම්පත් සොයා යනු පිණිස දහවල ආලෝකය ලෙසත් පත් කර තිබීම සුවිශුද්ධයාණන්ගේ ආශිර්වාදයකි. එය අල්ලාහ් නුඹලාට කළ ආශිර්වාද වලට කෘතඥ විය හැකි වනු පිණිස හා ඒවාට නුඹලා ගුණමකු නොවනු පිණිසය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

وَيَوْمَ يُنَادِيهِمْ فَيَقُولُ أَيْنَ شُرَكَآءِىَ ٱلَّذِينَ كُنتُمْ تَزْعُمُونَ ﴿٧٤﴾

ඔවුන්ගේ පරමාධිපති ඔවුනට කතා කරමින් අමතන දිනයේ, "මා හැර දමා නුඹලා නමදිමින් සිටි මා වෙත හවුල් කළවුන් කොහේ ද? මාගේ හවුල්කරුවන් ලෙස නුඹලා විශ්වාස කරමින් සිටියවුන් කොහේදැ?" යි විමසා සිටියි

وَنَزَعْنَا مِن كُلِّ أُمَّةٍۢ شَهِيدًۭا فَقُلْنَا هَاتُوا۟ بُرْهَـٰنَكُمْ فَعَلِمُوٓا۟ أَنَّ ٱلْحَقَّ لِلَّهِ وَضَلَّ عَنْهُم مَّا كَانُوا۟ يَفْتَرُونَ ﴿٧٥﴾

කවර දේව ප්රතික්ෂේපයක හා බොරු කිරීමක සිටියේද ඒ ගැන සාක්ෂි දැරීම සඳහා සෑම සමූහයකින්ම එහි නබිවරයා සම්මුඛ කරවා, එම සමූහයා අතර සිටි බොරුකාරයින්ට අපි මෙසේ පවසන්නෙමු. "නුඹලා කවර ප්රතික්ෂේපයක හා බොරු කිරීමක සිටියෙහු ද ඒ සඳහා නුඹලාගේ සාක්ෂි හා තර්ක ගෙන එනු." නමුත් ඔවුන්ගේ තර්ක විසන්ධි වී යනු ඇත. කිසිදු සැකයක් නැති සත්යය අල්ලාහ් සතු බව ඔවුන් තරයේ විශ්වාස කරති. ඔවුන් අල්ලාහ්ට හවුල් තබමින්, බොරු ගොතමින් සිටියවුන් ඔවුන්ගෙන් සැඟ වී යනු ඇත

۞ إِنَّ قَـٰرُونَ كَانَ مِن قَوْمِ مُوسَىٰ فَبَغَىٰ عَلَيْهِمْ ۖ وَءَاتَيْنَـٰهُ مِنَ ٱلْكُنُوزِ مَآ إِنَّ مَفَاتِحَهُۥ لَتَنُوٓأُ بِٱلْعُصْبَةِ أُو۟لِى ٱلْقُوَّةِ إِذْ قَالَ لَهُۥ قَوْمُهُۥ لَا تَفْرَحْ ۖ إِنَّ ٱللَّهَ لَا يُحِبُّ ٱلْفَرِحِينَ ﴿٧٦﴾

සැබවින්ම කාරූන් මූසාගේ සමූහයා අතරින් විය. ඔහු ඔවුන් මත අහංකාරයෙන් කටයුතු කළේය. අපි ඔහුට ධන නිධන් පිරිනැමුවෙමු. සැබවින්ම ඔහුගේ භාණ්ඩාගාරයේ යතුරු බලවත් පිරිසක් විසින් ඔසවන තරමට බරින් විය. එවිට ඔහුගේ සමූහයා ඔහුට මෙසේ පැවසීය. "නුඹ අහංකාර ලෙස සතුටු නොවනු. අහංකාරයෙන් සතුටුවන්නන් අල්ලාහ් ප්රිය කරන්නේ නැත." එනමුත් ඔහු ඔවුන් කෙරෙහි කෝප වන අතර ම ඒ සඳහා ඔහු ඔවුනට දඬුවම් පමුණුවනු ඇත

وَٱبْتَغِ فِيمَآ ءَاتَىٰكَ ٱللَّهُ ٱلدَّارَ ٱلْـَٔاخِرَةَ ۖ وَلَا تَنسَ نَصِيبَكَ مِنَ ٱلدُّنْيَا ۖ وَأَحْسِن كَمَآ أَحْسَنَ ٱللَّهُ إِلَيْكَ ۖ وَلَا تَبْغِ ٱلْفَسَادَ فِى ٱلْأَرْضِ ۖ إِنَّ ٱللَّهَ لَا يُحِبُّ ٱلْمُفْسِدِينَ ﴿٧٧﴾

අල්ලාහ් නුඹට පිරිනැමූ ධනය යහපත් අයුරින් වියදම් කොට, මතු ලොව නිවහනෙහි කුසල් අපේක්ෂා කරනු. ආහාර පාන ඇඳුම් පැලදුම් හා වෙනත් ආශිර්වාදයන් කිසිදු නාස්තියකින් හෝ අංහකාරයෙන් තොර ව ලබන්නට අමතක නොකළ යුතුය. එමෙන්ම සුවිශුද්ධයාණන් නුඹ සමග යහපත් අයුරින් කටයුතු කළාක් මෙන්ම ඔබේ පරමාධිපති හා ඔහුගේ ගැත්තන් සමග යහපත් අයුරින් ගනු දෙනු කළ යුතුය. පාපකම් සිදු කරමින් හා අවනතවීම් අතහැර දමමින් මහ පොළොවේ කලහකම් කරන්නට නුඹ නොපතනු. සැබවින්ම එලෙස මහ පොළොවේ කලහකම් කරන්නන්හට අල්ලාහ් ප්රිය නොකරන අතර ඔහු ඔවුන් කෙරෙහි කෝප වනු ඇත

قَالَ إِنَّمَآ أُوتِيتُهُۥ عَلَىٰ عِلْمٍ عِندِىٓ ۚ أَوَلَمْ يَعْلَمْ أَنَّ ٱللَّهَ قَدْ أَهْلَكَ مِن قَبْلِهِۦ مِنَ ٱلْقُرُونِ مَنْ هُوَ أَشَدُّ مِنْهُ قُوَّةًۭ وَأَكْثَرُ جَمْعًۭا ۚ وَلَا يُسْـَٔلُ عَن ذُنُوبِهِمُ ٱلْمُجْرِمُونَ ﴿٧٨﴾

"මෙම සම්පත් මාහට දෙනු ලැබ ඇත්තේ මා සතු ව ඇති දැනුම හා ශක්තිය හේතුවෙනි. ඒ සඳහා මම සුදුසු අයකු වෙමි." යැයි කාරූන් පැවසීය. සැබවින්ම ඔහුට පෙර සිටි සමූහයන් අතරින් වඩාත් බලවත් හා සම්පත් රැසක් තිබූ ජනයා අල්ලාහ් විනාශ කර තිබීම කාරූන් නොදන්නේ ද? ඔවුන්ගේ බලය හා ඔවුන්ගේ සම්පත් ඔවුනට ප්රයෝජනවත් නොවීය. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අපරාධකරුවන් ඔවුන්ගේ පාපකම් ගැන අල්ලාහ් දන්නා නිසාවෙන් විමසනු ලබන්නේ නැත. සැබවින්ම ඔවුන්ගේ විනිශ්චය බිහිසුණු මෙන්ම විනාශකාරී විනිශ්චයක් වන්නේය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

فَخَرَجَ عَلَىٰ قَوْمِهِۦ فِى زِينَتِهِۦ ۖ قَالَ ٱلَّذِينَ يُرِيدُونَ ٱلْحَيَوٰةَ ٱلدُّنْيَا يَـٰلَيْتَ لَنَا مِثْلَ مَآ أُوتِىَ قَـٰرُونُ إِنَّهُۥ لَذُو حَظٍّ عَظِيمٍۢ ﴿٧٩﴾

عظيم කාරූන් මතු පිටින් තමන් ආකර්ෂණය වන පරිදි අලංකාරයෙන් යුතු ව පිටත් ව ගියේය. කාරූන්ගේ සගයින් අතරින් මෙලොව ජීවිතයේ අලංකාරය ගැන ආශා කරන්නන්, "කාරූන්ට දෙනු ලැබුවාක් මෙන් මෙලොව අලංකාරය අප වෙතත් දෙනු ලැබුවේ නම් කෙතරම් අගනේද? සැබවින් ම කාරූන් භාග්යය සම්පන්න ඉමහත් පූර්ණ අයෙකි." යැයි පැවසුවෝය

وَقَالَ ٱلَّذِينَ أُوتُوا۟ ٱلْعِلْمَ وَيْلَكُمْ ثَوَابُ ٱللَّهِ خَيْرٌۭ لِّمَنْ ءَامَنَ وَعَمِلَ صَـٰلِحًۭا وَلَا يُلَقَّىٰهَآ إِلَّا ٱلصَّـٰبِرُونَ ﴿٨٠﴾

දැනුම දෙනු ලැබූවන් කාරූන් ව ඔහුගේ ආකර්ෂණීය පෙනුමෙන් දැක ඔවුන්ගේ සගයින් ආශා කරන දෑ ට සවන් දුන් කල්හි, "නුඹලාට විනාශය අත්වේවා! අල්ලාහ්ගේ තිළිණ මතු ලොව ඇත. ඔහු ව විශ්වාස කොට දැහැමි ක්රියාවන් කළවුනට සූදානම් කර ඇති සැප පහසුකම් මෙලොව අලංකාරයෙන් කාරූන්ට දෙනු ලැබූ දෑ ට වඩා උතුම් ය."යැයි පැවසුහ. එම ප්රකාශයට හා එය අපේක්ෂා කරන ක්රියාවට ඉවසිලිවන්තයින් මිස වෙනත් කිසිවෙකු ආශීර්වාද කරනු නොලබන්නේය. ඔවුන් වනාහි මෙලොව ඉතා පහත් භුක්ති විඳීම් වලට වඩා අල්ලාහ් අබියස ඇති කුසල් තෝරා ගැනීමේ දී ඔවුහු ඉවසිලිමත් ව කටුයුතු කරති

فَخَسَفْنَا بِهِۦ وَبِدَارِهِ ٱلْأَرْضَ فَمَا كَانَ لَهُۥ مِن فِئَةٍۢ يَنصُرُونَهُۥ مِن دُونِ ٱللَّهِ وَمَا كَانَ مِنَ ٱلْمُنتَصِرِينَ ﴿٨١﴾

එවිට අපි ඔහුගේ අපරාධය හේතුවෙන් ඔහුට ප්රතිචාර දැක්වීමක් වශයෙන් ඔහු මෙන්ම ඔහුගේ නිවස හා එහි සිටි වැසියන් මහ පොළොවට ගිල්වීමු. ඔහුට උදව් කිරීමට අල්ලාහ් හැර වෙනත් පිරිසක් නොවීය. එමෙන්ම ඔවුන් විසින්ම ඔවුනට උදව් කර ගන්නට ද නොවීය

وَأَصْبَحَ ٱلَّذِينَ تَمَنَّوْا۟ مَكَانَهُۥ بِٱلْأَمْسِ يَقُولُونَ وَيْكَأَنَّ ٱللَّهَ يَبْسُطُ ٱلرِّزْقَ لِمَن يَشَآءُ مِنْ عِبَادِهِۦ وَيَقْدِرُ ۖ لَوْلَآ أَن مَّنَّ ٱللَّهُ عَلَيْنَا لَخَسَفَ بِنَا ۖ وَيْكَأَنَّهُۥ لَا يُفْلِحُ ٱلْكَـٰفِرُونَ ﴿٨٢﴾

කාරූන් පොළොවෙහි ගිලීමට පෙර අලංකාරයට හා ධනයට ආශා කළවුන් කනගාටුවෙන් යුතු ව මෙසේ පවසන්නන් බවට පත් වූහ. එනම්, "සැබවින්ම අල්ලාහ් තමන් අභිමත කරන ගැත්තන්හට පෝෂණ සම්පත් ව්යාප්ත කරන බවත්, ඔවුන්ගෙන් ඔහු අභිමත කරන අයට එය සීමා කරන බවත් අප නොදැන සිටියා නොවේ ද? අප පැවසූ දෑ සඳහා අල්ලාහ් අපට දඬුවම් නොකර ඔහු අපට ආශිර්වාද නොකළා නම්, කාරූන් පොළවට ගිල්වනු ලැබුවාක් මෙන් අප ද ගිල්වනු ලබන්නට තිබුණි. සැබවින්ම දේව ප්රතික්ෂේපකයෝ ජය නොලබති. මෙලොවත් මතු ලොවෙත් ජය නොලබති. සැබවින්ම ඔවුන් යොමු වන ස්ථානය හා ඔවුන්ගේ ඉරණමو ඒ දෙකෙහිම කනගාටුදායකය."

تِلْكَ ٱلدَّارُ ٱلْـَٔاخِرَةُ نَجْعَلُهَا لِلَّذِينَ لَا يُرِيدُونَ عُلُوًّۭا فِى ٱلْأَرْضِ وَلَا فَسَادًۭا ۚ وَٱلْعَـٰقِبَةُ لِلْمُتَّقِينَ ﴿٨٣﴾

සත්යය විශ්වාස කිරීමෙන්, එය පිළිපැදීමෙන් මහ පොළොවේ අහංකාරකම් පෑමට ප්රිය නොකළ, එහි කලහකම් සිදු කිරීමට අපේක්ෂා නොකළවුනට පිරිනමනු ලබන සංග්රහයකින් යුත් සැප පහසුකම් සහිත නිවහනක් බවට එම මතු ලොව නිවහන අපි පත් කරන්නෙමු. ප්රශංසනීය අවසානයකි. එය ස්වර්ගයේ ඇති සුව පහසුකම් හේතුවෙනි. අල්ලාහ්ගේ තෘප්තිය එහි ඇති වනුයේ ඔහුගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකී සිටිමින් ඔහුට බැතිමත් ව කටයුතු කරන්නන්හටය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

مَن جَآءَ بِٱلْحَسَنَةِ فَلَهُۥ خَيْرٌۭ مِّنْهَا ۖ وَمَن جَآءَ بِٱلسَّيِّئَةِ فَلَا يُجْزَى ٱلَّذِينَ عَمِلُوا۟ ٱلسَّيِّـَٔاتِ إِلَّا مَا كَانُوا۟ يَعْمَلُونَ ﴿٨٤﴾

සත්යය විශ්වාස කිරීමෙන් එය පිළිපැදීමෙන් මහ පොළොවේ අහංකාරකම් පෑමට ප්රිය නොකළ එහි කලහකම් සිදු කිරීමට අපේක්ෂා නොකළවුනට පිරිනමනු ලබන සංග්රහයකින් යුත් සැප පහසුකම් සහිත නිවහනක් බවට එම මතු ලොව නිවහන අපි පත් කරන්නෙමු. ප්රශංසනීය අවසානයකි. එය ස්වර්ගයේ ඇති සුව පහසුකම් හේතුවෙනි. අල්ලාහ්ගේ තෘප්තිය එහි ඇති වනුයේ ඔහුගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකී සිටිමින් ඔහුට බැතිමත් ව කටයුතු කරන්නන්හටය

إِنَّ ٱلَّذِى فَرَضَ عَلَيْكَ ٱلْقُرْءَانَ لَرَآدُّكَ إِلَىٰ مَعَادٍۢ ۚ قُل رَّبِّىٓ أَعْلَمُ مَن جَآءَ بِٱلْهُدَىٰ وَمَنْ هُوَ فِى ضَلَـٰلٍۢ مُّبِينٍۢ ﴿٨٥﴾

සැබවින්ම අල්කුර්ආනය නුඹ වෙත පහළ කර, එය ප්රචාරය කරන මෙන් හා එහි ඇති දෑ අනුව ක්රියා කරන මෙන් නුඹට අනිවාර්යය කළ අල්ලාහ්, සැබැවින්ම ඔහු මක්කාවේ ජය නුඹ වෙත නැවත ළඟා කර දෙන්නාය. අහෝ දූතය! දේව ආදේශකයින්ට නුඹ මෙසේ පවසනු. "කවරෙකු යහ මග සමග පැමිණ ඇත්තේ දැ යි ද යහ මගින් හා සත්යයෙන් දුරස් ව පැහැදිලි මුළාවෙහි සිටින්නේ දැ යි ද මාගේ පරමාධිපති මැනවින් දන්නාය."

وَمَا كُنتَ تَرْجُوٓا۟ أَن يُلْقَىٰٓ إِلَيْكَ ٱلْكِتَـٰبُ إِلَّا رَحْمَةًۭ مِّن رَّبِّكَ ۖ فَلَا تَكُونَنَّ ظَهِيرًۭا لِّلْكَـٰفِرِينَ ﴿٨٦﴾

අහෝ දූතය! නබිත්වයට පෙර තත්ත්වය සිතා බලන්න. අල්ලාහ්ගෙන් වූ දිව්ය පණිවිඩ නුඹ වෙත පහළ කරනු ලබන්නෙකු ලෙස නුඹ නොසිටියෙහිය. නමුත් ඔහුගෙන් වූ ආශිර්වාදයක් ලෙස නුඹ වෙත එය පහළ කිරීම තීන්දු කරනු ලැබීය. දේව ප්රතික්ෂේපකයින් කවර මුළාවක සිටින්නේ ද එයට උදව්කරුවකු ලෙස නුඹ නොවන්න

وَلَا يَصُدُّنَّكَ عَنْ ءَايَـٰتِ ٱللَّهِ بَعْدَ إِذْ أُنزِلَتْ إِلَيْكَ ۖ وَٱدْعُ إِلَىٰ رَبِّكَ ۖ وَلَا تَكُونَنَّ مِنَ ٱلْمُشْرِكِينَ ﴿٨٧﴾

මෙම දේව ආදේශකයින් නුඹ වෙත අල් කුර්ආනය පහළ කිරීමෙන් පසු ව අල්ලාහ්ගේ වදන් වලින් නුඹ ව වෙනතකට යොමු කොට, එය කියවීමෙන් හා එය ප්රචාරය කිරීමෙන් නුඹ අතහැර නොදැමිය යුතුය. අල්ලාහ් ව විශ්වාස කිරීම, ඔහු ව ඒකීයත්වයට පත් කිරීම හා ඔහුගේ පිළිවෙත අනුව ක්රියා කිරීම සඳහා ඔවුනට නුඹ ඇරයුම් කරනු. අල්ලාහ් සමඟ වෙනත් දෙවිවරුන් නමදිමින් සිටින දේව ආදේශකයින් අතර ට නුඹ පත් නොවනු. අල්ලාහ් හැර වෙනත් කිසිවකු නොනමදිනු. ඔහු ඒකීයකරණයට පත් කරන්නන් සමග වනු

وَلَا تَدْعُ مَعَ ٱللَّهِ إِلَـٰهًا ءَاخَرَ ۘ لَآ إِلَـٰهَ إِلَّا هُوَ ۚ كُلُّ شَىْءٍ هَالِكٌ إِلَّا وَجْهَهُۥ ۚ لَهُ ٱلْحُكْمُ وَإِلَيْهِ تُرْجَعُونَ ﴿٨٨﴾

අල්ලාහ් සමග ඔහු හැර වෙනත් දෙවිවරුන් නොනමදිනු. සැබෑ ලෙස නැමදුම් ලබන්නට ඔහු හැර වෙනත් දෙවියකු නැත. අල්ලාහ් හැර සෙසු සියලු දෑ විනාශ වී යන්නකි. නීතිය ඔහුට පමණක් සතුය. ඔහු අභිමත කරන දෑ තීන්දු කරනු ඇත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ විනිශ්චය හා ප්රතිඵල සඳහා නුඹලා යොමු කරනු ලබනුයේ ඔහු වෙතමය. මූලාශ්‍රය: අල්-මුඃතසර් ෆී තෆ්සීරිල් කුර්ආන්

ඉගෙන ගන්න · Al-Qasas — القصص

අනුගමනය · පුනරාවර්තනය · පැවසීම · ලියාපදිංචිය අවශ්‍ය නැත

තෆ්සීර් · 31 භාෂා