මුල් පිටුවතෆ්සීර්Al-Ankaboot (29)

තෆ්සීර් Al-Ankaboot (29) — العنكبوت

මක්කී · 69 වාක්‍ය

කියවන්න · අහන්නPDF ගොනුව

الٓمٓ ﴿١﴾

(අලිෆ්, ලාම්, මීම්) සූරා බකරා ආරම්භයේදී මෙවැනි පාඨ පිළිබඳ විස්තර සඳහන් කර ඇත

أَحَسِبَ ٱلنَّاسُ أَن يُتْرَكُوٓا۟ أَن يَقُولُوٓا۟ ءَامَنَّا وَهُمْ لَا يُفْتَنُونَ ﴿٢﴾

සැබවින්ම ජනයා, "අල්ලාහ්ව අපි විශ්වාස කළෙමු" යැයි පැවසූ විට ඔවුන් පැවසූ දෑ හි සත්යයභාවය පැහැදිලි කර ගනු වස් ඔවුන් සැබෑ ලෙසින්ම ඔවුන් දේව විශ්වාසීන් දැයි පරීක්ෂා නොකර අත හැර දමනු ඇතැයි සිතන්නෝ ද? කරුණ ඔවුන් සිතන පරිදි නැත

وَلَقَدْ فَتَنَّا ٱلَّذِينَ مِن قَبْلِهِمْ ۖ فَلَيَعْلَمَنَّ ٱللَّهُ ٱلَّذِينَ صَدَقُوا۟ وَلَيَعْلَمَنَّ ٱلْكَـٰذِبِينَ ﴿٣﴾

ඔවුනට පෙර සිටියවුන් ද සැබවින්ම අපි පරීක්ෂා කළෙමු. එවිට අල්ලාහ් ඔවුන් ගැන හොඳින් ම හඳුනා ගෙන සිටියේය. ඔවුන්ගේ විශ්වාසය තුළ සත්යවාදීන්ගේ සත්යභාවයත් එහි මුසාවාදීන්ගේ මුසාවාදයත් ඔහු නුඹලාට හෙළි කරනු ඇත

أَمْ حَسِبَ ٱلَّذِينَ يَعْمَلُونَ ٱلسَّيِّـَٔاتِ أَن يَسْبِقُونَا ۚ سَآءَ مَا يَحْكُمُونَ ﴿٤﴾

දේව ප්රතික්ෂේපය හා වෙනත් අපරාධ හේතුවෙන් පාපකම් සිදු කරන්නන් අප පරදවා අපගේ දඬුවමින් ආරක්ෂා වනු ඇතැයි සිතති. ඒ ගැන ඔවුන් තීන්දු කළ ඔවුන්ගේ තීරණය නපුරු විය. ඔවුන් දේව ප්රතික්ෂේපය මත මිය යැදුණේ නම් අල්ලාහ් ව පරාජය කිරීමට ඔවුනට නොහැකි අතර ම ඔහුගේ දඬුවමින් ඔවුන් මිදෙන්නේ ද නැත

مَن كَانَ يَرْجُوا۟ لِقَآءَ ٱللَّهِ فَإِنَّ أَجَلَ ٱللَّهِ لَـَٔاتٍۢ ۚ وَهُوَ ٱلسَّمِيعُ ٱلْعَلِيمُ ﴿٥﴾

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ කවරෙකු අල්ලාහ්ගේ හමු ව අපේක්ෂා කළේද ඒ සඳහා අල්ලාහ් ඔහුට දුන් ආයු කාලය සමීප කාලයකින් පැමිණෙනු ඇත. ඔහු තම ගැත්තන්ගේ ප්රකාශ වලට සවන් දෙන්නාය. ඔවුන්ගේ ක්රියාවන් පිළිබඳ මැනවින් දන්නාය. ඉන් කිසිවක් ඔහුට අතපසු වන්නේ නැත. ඒ සඳහා ඔහු ඔවුනට ප්රතිඵල පිරිනමනු ඇත

وَمَن جَـٰهَدَ فَإِنَّمَا يُجَـٰهِدُ لِنَفْسِهِۦٓ ۚ إِنَّ ٱللَّهَ لَغَنِىٌّ عَنِ ٱلْعَـٰلَمِينَ ﴿٦﴾

කවරෙකු එය දරාගෙන තමන් ව අවනත කරවිමන් හා පාපකම් වලින් දුරස් වෙමින් කැප වන්නේ ද තවද" අල්ලාහ්ගේ මාර්ගයේ කැප වන්නේ ද සැබවින්ම ඔහු කැපවනුයේ තමන් වෙනුවෙනි. සැබවින්ම එහි ප්රයෝජනය ඒ වෙත නැවත පැමිණෙන්නකි. අල්ලාහ් සියලු මැවීම් වල අවශ්යතාවන්ගෙන් තොරය. ඔවුන්ගේ අවනත වීම ඔහුට කිසිවක් වැඩි කරන්නේ නැත. එමෙන්ම ඔවුන් පාපකම් සිදු කිරීම ඔහුට කිසිවක් අඩු කරන්නේ ද නැත

وَٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّـٰلِحَـٰتِ لَنُكَفِّرَنَّ عَنْهُمْ سَيِّـَٔاتِهِمْ وَلَنَجْزِيَنَّهُمْ أَحْسَنَ ٱلَّذِى كَانُوا۟ يَعْمَلُونَ ﴿٧﴾

ඔවුන් දෙවියන් විශ්වාස කොට අප ඔවුනට කළ පරීක්ෂාවන් මත ඉවසීමෙන් දරා, දැහැමි ක්රියා කළවුන් වනාහි ඔවුන් සිදු කළ දැහැමි ක්රියාවන් හේතුවෙන් ඔවුන්ගේ පාපකම් අපි මකා දමන්නෙමු. මෙලොව ඔවුන් සිදුකරමින් සිටි වඩාත් යහපත් දෑ සඳහා මතු ලොවෙහි අපි ඔවුනට කුසල් පිරිනමන්නෙමු. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

وَوَصَّيْنَا ٱلْإِنسَـٰنَ بِوَٰلِدَيْهِ حُسْنًۭا ۖ وَإِن جَـٰهَدَاكَ لِتُشْرِكَ بِى مَا لَيْسَ لَكَ بِهِۦ عِلْمٌۭ فَلَا تُطِعْهُمَآ ۚ إِلَىَّ مَرْجِعُكُمْ فَأُنَبِّئُكُم بِمَا كُنتُمْ تَعْمَلُونَ ﴿٨﴾

فأنبئكم بما كنتمتعملون තම දෙමව්පියන්ට ඇප උපස්ථාන කරන මෙන්ද ඔවුන් වෙත යහපත සලසන මෙන් ද අපි මිනිසාට උපදෙස් දුනිමු. අහෝ මිනිස! (සඃද් ඉබ්නු අබී වක්කාස් (රළියල්ලාහු අන්හු) තුමාගේ මව එතුමාට සිදු කළාක් මෙන්) ආදේශයක් බව නුඹ නොදන්නා යමක් මට ආදේශ තබන මෙන් නුඹේ දෙමාපියන් නුඹට බලකරන්නට උත්සාහ කළේ නම්, එවිට නුඹ එහි දී ඔවුන් දෙදෙනාට අවනත නොවනු. ඊට හේතුව මැවුම්කරුට පිටිපාමින් කිසිදු මැවීමකට අවනත වීමක් නොමැති බැවිණි. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලා නැවත හැරී එනුයේ මා වෙතය. එවිට මෙලොවෙහි නුඹලා සිදු කරමින් සිටි දෑ ගැන තොරතුරු මම නුඹලාට දන්වමි. තවද ඒ සඳහා මම නුඹලාට ප්රතිඵල පිරිනමමි

وَٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّـٰلِحَـٰتِ لَنُدْخِلَنَّهُمْ فِى ٱلصَّـٰلِحِينَ ﴿٩﴾

අල්ලාහ් ව විශ්වාස කොට දැහැමි ක්රියාවන් කළවුන් වනාහි මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අපි ඔවුන් දැහැමියන් අතරට ප්රවේශ කරන්නෙමු. ඔවුන් සමග අපි ඔවුන් රැස් කරන්නෙමු. ඔවුන්ගේ කුසල් ඔවුනට පිරිනමන්නෙමු

وَمِنَ ٱلنَّاسِ مَن يَقُولُ ءَامَنَّا بِٱللَّهِ فَإِذَآ أُوذِىَ فِى ٱللَّهِ جَعَلَ فِتْنَةَ ٱلنَّاسِ كَعَذَابِ ٱللَّهِ وَلَئِن جَآءَ نَصْرٌۭ مِّن رَّبِّكَ لَيَقُولُنَّ إِنَّا كُنَّا مَعَكُمْ ۚ أَوَلَيْسَ ٱللَّهُ بِأَعْلَمَ بِمَا فِى صُدُورِ ٱلْعَـٰلَمِينَ ﴿١٠﴾

"සැබැවින්ම අපි අල්ලාහ් ව විශ්වාස කළෙමු." යැයි පවසන්නන් මිනිසුන් අතර සිටිති. ඔවුන්ගේ විශ්වාසයට එරෙහි ව දේව ප්රතික්ෂේපකයෝ ඔවුනට වද හිංසා කළ විට ඔවුන්ගේ දඬුවම අල්ලාහ්ගේ දඬුවම මෙන් සලකා, දේව ප්රතික්ෂේපකයින්ට අනුගත වෙමින් දේව විශ්වාසයෙන් හැරෙති. නුඹේ පරමාධිපතිගෙන් යම් ජයක් නුඹට ලැබුණේ නම් ඔවුහු අහෝ "දෙවියන් විශ්වාස කරන්නනි! සැබැවින්ම අපි නුඹලා සමග දේව විශ්වාසය මත සිටියෙමු" යැයි පවසති. මිනිසුන්ගේ හදවත් තුළ ඇති දෑ මැනවින් දන්නා අල්ලාහ් නොවේ ද? දේව ප්රතික්ෂේපය හෝ දේව විශ්වාසය හෝ කවර දෙයක් එහි තිබුණ ද එය අල්ලාහ්ට සැඟවෙන්නේ නැත. ඔවුන් ගැන අල්ලාහ් මැනවින් දන්නා ලෙස සිටියදී ඔවුන්ගේ හදවත් තුළ ඇති දෑ ඔවුන් කෙසේ නම් අල්ලාහ්ට දැනුම් දිය හැකිද?"

وَلَيَعْلَمَنَّ ٱللَّهُ ٱلَّذِينَ ءَامَنُوا۟ وَلَيَعْلَمَنَّ ٱلْمُنَـٰفِقِينَ ﴿١١﴾

සැබෑ ලෙස අල්ලාහ් ව විශ්වාස කළවුන් පිළිබඳ ඔහු මැනවින් දන්නේය. එමෙන්ම දේව විශ්වාසය මතු පිටින් පෙන්වා දේව ප්රතික්ෂේපය ඇතුළාන්තයේ සඟවා ගෙන සිටින කුහකයින් පිළිබඳ ව ද මැනවින් දන්නේය

وَقَالَ ٱلَّذِينَ كَفَرُوا۟ لِلَّذِينَ ءَامَنُوا۟ ٱتَّبِعُوا۟ سَبِيلَنَا وَلْنَحْمِلْ خَطَـٰيَـٰكُمْ وَمَا هُم بِحَـٰمِلِينَ مِنْ خَطَـٰيَـٰهُم مِّن شَىْءٍ ۖ إِنَّهُمْ لَكَـٰذِبُونَ ﴿١٢﴾

إن هم لكذبون අල්ලාහ් ව ප්රතික්ෂේප කළවුන්, ඔහු ව විශ්වාස කළවුන් දෙස බලා, "අපගේ දහම හා අප කවර පිළිවෙතක් මත සිටින්නේ ද, එය නුඹලා පිළිපදිනු. අපි නුඹලාගෙන් තොර ව නුඹලාගේ පාපකම් නුඹලා වෙනුවෙන් උසුලා නුඹලාට ප්රතිඵල පිරිනමමු." යැයි පවසති. ඔවුන්ගේ පාපකම් කිසිවක් උසුලන්නන් ලෙස ඔවුහු නැත. සැබවින්ම ඔවුන්ගේ එම ප්රකාශයෙහි ඔවුන් මුසාවාදීහු වෙති. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

وَلَيَحْمِلُنَّ أَثْقَالَهُمْ وَأَثْقَالًۭا مَّعَ أَثْقَالِهِمْ ۖ وَلَيُسْـَٔلُنَّ يَوْمَ ٱلْقِيَـٰمَةِ عَمَّا كَانُوا۟ يَفْتَرُونَ ﴿١٣﴾

ඔවුන්ගේ ව්යාජ දෑ වෙත ඇරයුම් කරන මෙම දේව ආදේශකයින් ඔවුන් යෝජනා කළ ඔවුන්ගේ පාපය උසුලනු ඇත. එමෙන්ම ඔවුන්ගේ ඇරයුම පිළිපැද්දවුන්ගේ පාපය ද උසුලනු ඇත. එහිදී එසේ පිළිපැද්දවුන්ගේ පාපයෙන් කිසිවක් අඩු කරන්නේද නැත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මෙලොවෙහි ඔවුන් ගොතමින් සිටි ව්යාජ දෑ පිළිබඳ ඔවුන්ගෙන් විමසනු ලැබේ

وَلَقَدْ أَرْسَلْنَا نُوحًا إِلَىٰ قَوْمِهِۦ فَلَبِثَ فِيهِمْ أَلْفَ سَنَةٍ إِلَّا خَمْسِينَ عَامًۭا فَأَخَذَهُمُ ٱلطُّوفَانُ وَهُمْ ظَـٰلِمُونَ ﴿١٤﴾

සැබවින්ම අපි නූහ් ව ඔහුගේ සමූහයා වෙත දූතයකු ලෙස එව්වෙමු. ඔවුන් අතර ඔහු වසර නවසිය පනහක් රැඳී සිට අල්ලාහ්ගේ ඒකීයත්වය වෙත ඔවුන් ඇරයුම් කළේය. නමුත් ඔවුහු ඔහු ව බොරු කළ අතර ම ඔවුන් ප්රතික්ෂේපය මත අඛණ්ඩ ව සිටියෝය. මහා ජලගැල්මක් ඔවුන් ග්රහණය කළේය. ඔවුන් අල්ලාහ් ප්රතික්ෂේප කළ බැවින්ද ඔහුගේ දූතවරුන් බොරු යැයි පවසා සිටි බැවින් ද අපරාධකරුවන් වූහ. එහෙයින් දියේ ගිලී ඔවුහු විනාශ වූහ

فَأَنجَيْنَـٰهُ وَأَصْحَـٰبَ ٱلسَّفِينَةِ وَجَعَلْنَـٰهَآ ءَايَةًۭ لِّلْعَـٰلَمِينَ ﴿١٥﴾

එවිට නුහ් හා ඔහු සමග නැවේ සිටි දේව විශ්වාසීන් දියේ ගිලී විනාශ වී යාමෙන් අපි ඔවුන් මුදවා ගත්තෙමු. එය සලකා බලනු පිණිස එම නැව ජනයාට පාඩමක් වශයෙන් තැබුවෙමු

وَإِبْرَٰهِيمَ إِذْ قَالَ لِقَوْمِهِ ٱعْبُدُوا۟ ٱللَّهَ وَٱتَّقُوهُ ۖ ذَٰلِكُمْ خَيْرٌۭ لَّكُمْ إِن كُنتُمْ تَعْلَمُونَ ﴿١٦﴾

අහෝ දූතය! ඉබ්රාහීම් තුමාගේ කතාව ද මෙනෙහි කරනු. ඔහු තම ජනයාට, "අල්ලාහ් ව පමණක් නුඹලා නමදිනු. ඔහුගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකී සිටිමින්, ඔහුගේ දඬුවමට නුඹලා බිය වනු. නුඹලාට කවර දෙයක් නියෝග කරනු ලැබුවේ ද නුඹලා ඒ ගැන දන්නෙහු නම් එය නුඹලාට යහපත් වනු ඇත." යැයි පවසා සිටියේය

إِنَّمَا تَعْبُدُونَ مِن دُونِ ٱللَّهِ أَوْثَـٰنًۭا وَتَخْلُقُونَ إِفْكًا ۚ إِنَّ ٱلَّذِينَ تَعْبُدُونَ مِن دُونِ ٱللَّهِ لَا يَمْلِكُونَ لَكُمْ رِزْقًۭا فَٱبْتَغُوا۟ عِندَ ٱللَّهِ ٱلرِّزْقَ وَٱعْبُدُوهُ وَٱشْكُرُوا۟ لَهُۥٓ ۖ إِلَيْهِ تُرْجَعُونَ ﴿١٧﴾

"අහෝ දේවත්වයට ආදේශ කරන්නනි! නුඹලා නමදිනුයේ සෙත සැලසිය නොහැකි, එමෙන්ම හානිය ඇති කළ නොහැකි දෑ ට ය. සැබවින්ම ඒවා නැමදීමට සුදුසු යැයි නුඹලා විශ්වාස කරන අවස්ථාවේ නුඹලා ඒ ගැන බොරු ගොතා පවසන්නෙහුය. අල්ලාහ් හැර නුඹලා නමදිමින් සිටින අය වනාහි නුඹලාට පෝෂණය ලබා දීමට ඔවුන් සතුව පෝෂණ සම්පත් නොමැත. එහෙයින් නුඹලා පෝෂණ සම්පත් අල්ලාහ් වෙතින් පතනු. ඔහුය මහා පෝෂකයාණන්. නුඹලා ඔහුට පමණක් නැමදුම් කරනු. තවද නුඹලාට පිරිනැමූ පෝෂණ සම්පත් සඳහා නුඹලා ඔහුට කෘතඥ වනු. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ විනිශ්චය හා ප්රතිඵල සඳහා යොමු කරනු ලබනුයේ අල්ලාහ් වෙතය. නුඹලාගේ පිළිම වෙත නොවේ."

وَإِن تُكَذِّبُوا۟ فَقَدْ كَذَّبَ أُمَمٌۭ مِّن قَبْلِكُمْ ۖ وَمَا عَلَى ٱلرَّسُولِ إِلَّا ٱلْبَلَـٰغُ ٱلْمُبِينُ ﴿١٨﴾

"මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා කවර කරුණක් ගෙන ආවේ ද නුඹලා එය බොරු කර සිටියෙහු නම් නුඹලාට පෙර විසූ නූහ් තුමාගේ සමූහයා ද ආද් හා සමූද් ජනයා ද දූතවරුන් බොරු කළ බව දැනගනු. දූතයාණන් වෙත පැවරී ඇත්තේ පැහැදිලි ව දන්වා සිටීම පමණය. ඔහුගේ පරමාධිපති නුඹලාට කවර කරුණක් දන්වා සිටින මෙන් ඔහුට නියෝග කර ඇත්තේ ද සැබවින්ම ඔහු නුඹලාට එය දැන්වීය." بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

أَوَلَمْ يَرَوْا۟ كَيْفَ يُبْدِئُ ٱللَّهُ ٱلْخَلْقَ ثُمَّ يُعِيدُهُۥٓ ۚ إِنَّ ذَٰلِكَ عَلَى ٱللَّهِ يَسِيرٌۭ ﴿١٩﴾

අල්ලාහ් මැවීම් ප්රථමයෙන්ම උත්පාදනය කර පසු ව එය විනාශ වී ගිය පසු යළි එය ගෙන එනුයේ කෙසේදැ?යි මෙම බොරු කරන්නන් නොදුටුවේ ද? සැබවින්ම එය අල්ලාහ් වෙත ඉතා පහසුය. ඔහු බලය ඇත්තාය. කිසිවකු ඔහු පරාජය කළ නොහැක

قُلْ سِيرُوا۟ فِى ٱلْأَرْضِ فَٱنظُرُوا۟ كَيْفَ بَدَأَ ٱلْخَلْقَ ۚ ثُمَّ ٱللَّهُ يُنشِئُ ٱلنَّشْأَةَ ٱلْـَٔاخِرَةَ ۚ إِنَّ ٱللَّهَ عَلَىٰ كُلِّ شَىْءٍۢ قَدِيرٌۭ ﴿٢٠﴾

නැවත නැගිටුවනු ලැබීම බොරු කරන්නන්හට අහෝ දූතය! නුඹ මෙසේ පවසනු. "නුඹලා මහ පොළොවේ සැරිසරා අල්ලාහ් මැවීම් ප්රථමයෙන් උත්පාදනය කර ඇත්තේ කෙසේ දැයි සිතා බලනු. පසු ව අල්ලාහ් මිනිසුන් මිය ගිය පසු යළි අවදිවීමටත්, විනිශ්චයට භාජනය කිරීමටත් දෙවන වතාවට ජීවය ලබා දෙයි. සැබවින්ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි සර්ව බලධාරීය. කිසිවක් ඔහුව පරාජය කළ නොහැක. ඔවුන්ව ආරම්භයේ මැවීමට අල්ලාහ්ට අපොහොසත් නොවූ පරිදි ම මිනිසුන් යළි අවදි කිරීමට ඔහු අපොහොසත් නොවෙයි."

يُعَذِّبُ مَن يَشَآءُ وَيَرْحَمُ مَن يَشَآءُ ۖ وَإِلَيْهِ تُقْلَبُونَ ﴿٢١﴾

ඔහුගේ මැවීම් අතරින් ඔහු අභිමත කරන්නන්හට සාධාරණනීය ලෙස දඬුවම් කරයි. එමෙන්ම ඔහුගේ මැවීම් අතරින් ඔහු අභිමත කරන්නන්හට ඔහුගේ භාග්යයයෙන් ආශිර්වාද කරයි. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලාගේ මිනීවළවල්වලින් ජීවී ව අවදි කරවා විනිශ්චය සඳහා නුඹලා ඔහු වෙත යොමු කරනු ලබන්නෙහුය

وَمَآ أَنتُم بِمُعْجِزِينَ فِى ٱلْأَرْضِ وَلَا فِى ٱلسَّمَآءِ ۖ وَمَا لَكُم مِّن دُونِ ٱللَّهِ مِن وَلِىٍّۢ وَلَا نَصِيرٍۢ ﴿٢٢﴾

නුඹලා නුඹලාගේ පරමාධිපතිව පරාජය කරන්නන් නොවන්නෙහුය. අහසේ හෝ මහ පොළොවේ හෝ ඔහුගේ දඬුවමින් නුඹලා මිදෙන්නන් නොවෙන්නෙහුය. නුඹලාගේ කරුණු භාරගන්නට අල්ලාහ් හැර වෙනත් භාරකරුවකු නුඹලාට නැත. ඔහුගේ දඬුවමින් නුඹලා ඉවත් කරන්නට අල්ලාහ් හැර වෙනත් උදව්කරුවකු නුඹලාට නැත

وَٱلَّذِينَ كَفَرُوا۟ بِـَٔايَـٰتِ ٱللَّهِ وَلِقَآئِهِۦٓ أُو۟لَـٰٓئِكَ يَئِسُوا۟ مِن رَّحْمَتِى وَأُو۟لَـٰٓئِكَ لَهُمْ عَذَابٌ أَلِيمٌۭ ﴿٢٣﴾

සුවිශුද්ධයාණන් අල්ලාහ්ගේ වදන් හා මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔහුගේ හමු ව ප්රතික්ෂේප කළවුන් වනාහි, මාගේ කරුණාව පිළිබඳ බලාපොරොත්තු සුන් කර ගත්තෝ ඔවුහුමය. ඔවුන්ගේ ප්රතික්ෂේපය හේතුවෙන් ඔවුන් කිසිවිටෙක ස්වර්ගයට පිවිසෙන්නේ නැත

فَمَا كَانَ جَوَابَ قَوْمِهِۦٓ إِلَّآ أَن قَالُوا۟ ٱقْتُلُوهُ أَوْ حَرِّقُوهُ فَأَنجَىٰهُ ٱللَّهُ مِنَ ٱلنَّارِ ۚ إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَـٰتٍۢ لِّقَوْمٍۢ يُؤْمِنُونَ ﴿٢٤﴾

අල්ලාහ්ට පමණක් නමදින මෙන් ද, ඔහු හැර අනෙකුත් පිළිම වන්දනාවන් අතහැර දමන මෙන් ද ඉබ්රාහීම් තුමා තම ජනයාට නියෝග කළ පසු, ඔහුගේ ජනයාගේ පිළිතුරු වූයේ, "නුඹලා ඔහු ව මරා දමනු. නුඹලාගේ දෙවිවරුන්ට ජය අත්පත් කර දෙනු පිණිස ඔහු ව ගින්නට හෙළනු." යන්නයි. එවිට අල්ලාහ් ඔහුට ගින්නෙන් ආරක්ෂාව සැලසීය. ඔහු ව ගින්නට හෙළූ පසු ව ඉන් ආරාක්ෂාව ඔහු ලැබීමෙහි සැබවින්ම විශ්වාස කරන ජනයාට පාඩමක් ඇත. ඊට හේතුව සැබැවින්ම එම පාඩම තුළින් ප්රයෝජන ලබනුයේ ඔවුන් වන බැවිණි. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

وَقَالَ إِنَّمَا ٱتَّخَذْتُم مِّن دُونِ ٱللَّهِ أَوْثَـٰنًۭا مَّوَدَّةَ بَيْنِكُمْ فِى ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا ۖ ثُمَّ يَوْمَ ٱلْقِيَـٰمَةِ يَكْفُرُ بَعْضُكُم بِبَعْضٍۢ وَيَلْعَنُ بَعْضُكُم بَعْضًۭا وَمَأْوَىٰكُمُ ٱلنَّارُ وَمَا لَكُم مِّن نَّـٰصِرِينَ ﴿٢٥﴾

ඉබ්රාහීම් (අලයිහිස් සලාම්) තුමා තම ජනයාට මෙසේ පවසා සිටියේය. "සැබවින්ම නුඹලා මෙලොව ජීවිතයේ එකිනෙකා හඳුනා ගන්නටත් සෙනෙහස පාන්නටත් දෙවිවරුන් වශයෙන් පිළිම තෝරාගත්තෙහුය. පසු ව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලා අතර පවතින එම ආදරය විසන්ධි වී යනු ඇත. දඬුවම දෑසින් දකින අවස්ථාවේ නුඹලාගේ ඇතැමෙක් ඇතැමෙකුගෙන් ඉවත් ව යයි. නුඹලා එකිනෙකා දොස් පවරා ගනියි. නුඹලා යොමු වන නවාතැන නිරා ගින්නය. අල්ලාහ්ගේ දඬුවමින් නුඹලා ව ආරක්ෂා කරන උදව්කරුවන් හෝ ඔහු හැර නුඹලා නමදිමින් සිටින නුඹලාගේ පිළිම හෝ ඒ හැර වෙනත් දෑ ද නුඹලාට නොමැත

۞ فَـَٔامَنَ لَهُۥ لُوطٌۭ ۘ وَقَالَ إِنِّى مُهَاجِرٌ إِلَىٰ رَبِّىٓ ۖ إِنَّهُۥ هُوَ ٱلْعَزِيزُ ٱلْحَكِيمُ ﴿٢٦﴾

ලූත් (අලයිහිස් සලාම්) තුමා එතුමා ව විශ්වාස කළහ. ඉබ්රාහීම් තුමා මෙසේ පවසා සිටියේය. "සැබැවින්ම මම මාගේ පරමාධිපති වෙතට සමෘද්ධිමත් සිරියා දේශයට නික්ම යමි. සැබැවින්ම ඔහු කිසිවකු විසින් පරාජය කළ නොහැකි සර්ව බලධාරියාණන්ය. ඔහු වෙත නික්ම යන්නන් ඔහු අවමානයට පත් කරන්නේ නැත. ඔහුගේ සැලැස්මෙහි හා න්යායයෙහි ඔහු මහා ප්රඥාවන්තය."

وَوَهَبْنَا لَهُۥٓ إِسْحَـٰقَ وَيَعْقُوبَ وَجَعَلْنَا فِى ذُرِّيَّتِهِ ٱلنُّبُوَّةَ وَٱلْكِتَـٰبَ وَءَاتَيْنَـٰهُ أَجْرَهُۥ فِى ٱلدُّنْيَا ۖ وَإِنَّهُۥ فِى ٱلْـَٔاخِرَةِ لَمِنَ ٱلصَّـٰلِحِينَ ﴿٢٧﴾

අපි ඉබ්රාහීම්ට ඉස්හාක් හා ඔහුගේ පුත් යඃකූබ් ව පිරිනැමුවෙමු. ඔහුගේ දරුවන් අතර අපි දූත ධූරය හා අල්ලාහ් වෙතින් පහළ කරන ලද ග්රන්ථ ද ඇති කළෙමු. මෙලොවෙහි ඔහු සත්යය මත ඉවසීමෙන් සිටි හේතුවෙන් ඔහුට පිරිනැමෙන කුසල් වශයෙන් ඔහුගේ දරුවන් දැහැමියන් ලෙසත් යහපත් ඇගැයීමට ලක් වන ලෙසත් අපි ඔහු ව පත් කළෙමු. සැබවින්ම මතු ලොවෙහි දැහැමියන් සඳහා වූ ප්රතිඵල පිරිනමනු ලැබේ. මතු ලොවෙහි ඔහු වෙනුවෙන් සූදානම් කර ඇති ගෞරවනීය ප්රතිඵල මෙලොවෙහි පිරිනමනු ලැබූ ප්රතිඵලය හේතුවෙන් කිසිදු අඩුවක් වන්නේ නැත

وَلُوطًا إِذْ قَالَ لِقَوْمِهِۦٓ إِنَّكُمْ لَتَأْتُونَ ٱلْفَـٰحِشَةَ مَا سَبَقَكُم بِهَا مِنْ أَحَدٍۢ مِّنَ ٱلْعَـٰلَمِينَ ﴿٢٨﴾

අහෝ දූතය! ලූත් තුමා තම ජනයාට පැවසූ අවස්ථාව ද මෙනෙහි කරනු. එතුමා, "සැබවින්ම නුඹලා අශීලාචාර පාපයක් සිදු කරමින් පැමිණෙන්නෙහුය. නුඹලාට පෙර ලෝවැසියන් ගෙන් කිසිවකු එවන් දෙයක් සිදු කළේ නැත. සහජ දහමට පිටුපාමින් මෙම පාපය මුලින්ම සිදු කර ඇත්තේ නුඹලාය."

أَئِنَّكُمْ لَتَأْتُونَ ٱلرِّجَالَ وَتَقْطَعُونَ ٱلسَّبِيلَ وَتَأْتُونَ فِى نَادِيكُمُ ٱلْمُنكَرَ ۖ فَمَا كَانَ جَوَابَ قَوْمِهِۦٓ إِلَّآ أَن قَالُوا۟ ٱئْتِنَا بِعَذَابِ ٱللَّهِ إِن كُنتَ مِنَ ٱلصَّـٰدِقِينَ ﴿٢٩﴾

සැබවින්ම නුඹලා පිරිමින් වෙත නුඹලාගේ කාමාශාවන් ඉටු කර ගැනීම සඳහා ඔවුන්ගේ පශ්චාත් භාගය තුළට පැමිණෙන්නෙහු ය. මගීන්ගේ මාර්ග හරස් කොට ඔවුන්ට බාධා කරන්නෙහු ය.නුඹලා සිදු කරන අශීලාචාර පාපය නිසාවෙන් නුඹලාට බියෙන් ඔවුන් පසු කර යන්නේ නැත. එමෙන්ම නුඹලා අසභ්ය දර්ශන පෙන්වන නුඹලා පසු කර යන්නන්හට ප්රකාශයෙන් හා ක්රියාවෙන් වේදනා ගෙන දෙන පිළිකුල් සහගත ක්රියාවන් සිදු වන සභාවන්ට නුඹලා යන්නෙහු ද? එම පිළිකුල් සහගත ක්රියාවෙන් ඔහු ඔවුන් වැළැක්වීමෙන් පසු ව ඔහුගේ ජනයාගේ පිළිතුරු වූයේ, "නුඹ තර්ක කරන වාදයෙහි සත්යවාදියෙකු නම් නුඹ අපට කවර කරුණක් පිළිබඳ තර්ජනය කළෙහි ද එම අල්ලාහ්ගේ දඬුවම අප වෙත ගෙන එනු." යැයි පැවසීම මිස වෙනකක් නොවීය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

قَالَ رَبِّ ٱنصُرْنِى عَلَى ٱلْقَوْمِ ٱلْمُفْسِدِينَ ﴿٣٠﴾

ලූත් තුමා තම ජනයාගේ මුරණ්ඩුකම හා ඔවුන් වෙත පහළ කරන දඬුවම ගැන හෑල්ලුවට ලක් කොට එය පහළ කරන මෙන් ඔවුන් ඉල්ලා සිටීමෙන් පසු ව තම පරමාධිපතිට ඇරයුම් කරමින් මෙසේ ප්රාර්ථනා කර සිටියේය. "මාගේ පරමාධිපතියාණනි! දේව ප්රතික්ෂේපය, අශීලාචාරය පාපය පතුරුවාලමින් මහ පොළොවේ කලහකාරීන් ලෙස හැසිරෙන ජනයාට එරෙහි ව මට නුඹ උදව් කරනු මැනව!"

وَلَمَّا جَآءَتْ رُسُلُنَآ إِبْرَٰهِيمَ بِٱلْبُشْرَىٰ قَالُوٓا۟ إِنَّا مُهْلِكُوٓا۟ أَهْلِ هَـٰذِهِ ٱلْقَرْيَةِ ۖ إِنَّ أَهْلَهَا كَانُوا۟ ظَـٰلِمِينَ ﴿٣١﴾

ඉබ්රාහීම්ට ඉස්හාක් හා ඔහුගෙන් පසු ඔහුගේ පුත්රයා යඃකූබ් ගැන ශුභාරංචි දන්වමින් අප එවූ මලක්වරුන් පැමිණි කල්හි, ඔවුහු ඔහුට, "ලූත් තුමාගේ ජනයාගේ නගරය වන ‘සදූම්’ නම් නගරවාසීන් සැබැවින්ම අපි විනාශ කරන්නෝ වෙමු. සැබැවින්ම එහි ජනයා අශීලාචාර ක්රියාවන් සිදු කරමින් අපරාධකරුවන් බවට පත්ව සිටිති" යැයි පැවසුවෝය

قَالَ إِنَّ فِيهَا لُوطًۭا ۚ قَالُوا۟ نَحْنُ أَعْلَمُ بِمَن فِيهَا ۖ لَنُنَجِّيَنَّهُۥ وَأَهْلَهُۥٓ إِلَّا ٱمْرَأَتَهُۥ كَانَتْ مِنَ ٱلْغَـٰبِرِينَ ﴿٣٢﴾

ඉබ්රාහීම් (අලයිහිස් සලාම්) තුමා මලක්වරුන්හට, "නුඹලා නගර වාසීන් විනාශ කිරීමට අපේක්ෂා කරන නගරයෙහි ලූත් තුමා සිටියි. ඔහු අපරාධකරුවන් අතරින් නොවේ" යැයි පැවසීය. එයට මලක්වරු, "එහි සිටින්නන් පිළිබඳ අපි මැනවින් දනිමු. එම ගම් වැසියන්ට පහළ වන දඬුවමින් ඔහුගේ බිරිය හැර ඔහු හා ඔහුගේ සෙසු පවුලේ සාමාජිකයින් මුදවා ගන්නෙමු. ඇය විනාශ වී යන්නන් අතරට පත්වූවාය. ඔවුන් සමගම අපි ඇය විනාශ කරන්නෙමු’ යැයි පැවසූහ

وَلَمَّآ أَن جَآءَتْ رُسُلُنَا لُوطًۭا سِىٓءَ بِهِمْ وَضَاقَ بِهِمْ ذَرْعًۭا وَقَالُوا۟ لَا تَخَفْ وَلَا تَحْزَنْ ۖ إِنَّا مُنَجُّوكَ وَأَهْلَكَ إِلَّا ٱمْرَأَتَكَ كَانَتْ مِنَ ٱلْغَـٰبِرِينَ ﴿٣٣﴾

අපි එවූ මලක්වරුන් ලූත්ගේ සමූහයා විනාශ කිරීමට ලූත් වෙත පැමිණි කල්හි ඔහුගේ ජනයාගේ කිලිටි සිරිත ඔවුන් මත ද වනු ඇතැයි බියෙන් ඔවුන්ගේ පැමිණිම ගැන ඔහුට නපුරක් විය. එය ඔහු දුකට පත් කළේය. සැබැවින්ම එම මලක්වරුන් පිරිමින්ගේ හැඩරුවෙන් පැමිණියේය. කාන්තාවන්ගෙන් තොරව පහස විදීම සඳහා ඔවුහු පිරිමින් වෙත පැමිණියෝය. මලක්වරුන් ඔහුට, "නුඹ බිය නොවනු. මාගේ ජනයා නුඹ වෙත නපුරක් ගෙන දෙන්නේ නැත. ඔවුන් විනාශ කිරීම ගැන අපි නුඹට දැනුම් දී තිබීම ගැන නුඹ දුක් නොවනු. සැබැවින්ම අපි නුඹ ව හා නුඹේ පවුල විනාශයෙන් මුදවා ගන්නන් වෙමු. නමුත් නුඹේ බිරිය හැර ඇය විනාශ වන්නන් අතරින් වන්නීය. අපි ඔවුන් සමගම ඇයව ද විනාශ කරන්නෙමු."

إِنَّا مُنزِلُونَ عَلَىٰٓ أَهْلِ هَـٰذِهِ ٱلْقَرْيَةِ رِجْزًۭا مِّنَ ٱلسَّمَآءِ بِمَا كَانُوا۟ يَفْسُقُونَ ﴿٣٤﴾

අශීලාචාර ක්රියාවන්හි නිරත වූ මෙම ගම්වාසීන් මත සැබැවින්ම අපි අහසින් දඬුවමක් පහළ කරන්නෝ වෙමු. එය රත් වූ ගල් වර්ෂාවකි. එය එම අශීලාචාර පාප ක්රියාවන්හි ඔවුන් නිරතවී, අල්ලාහ්ට අවනත වීමෙන් ඔවුන් බැහැර වූ හේතුවෙන් ඔවුනට දඬුවමක් වශයෙනි. එනම් කාමාශාවන් සංසිදුවා ගන්නට කාන්තාවන් හැරදමා ඔවුන් පිරිමින් වෙත පැමිණීමය

وَلَقَد تَّرَكْنَا مِنْهَآ ءَايَةًۢ بَيِّنَةًۭ لِّقَوْمٍۢ يَعْقِلُونَ ﴿٣٥﴾

අප විනාශ කළ එම නගරයෙහි පැහැදිලි සංඥාවක් අපි අතහැර දැමුවේ, වටහා ගන්නා ජනයා වෙනුවෙනි. ඊට හේතුව එම සංඥාවන් තුළින් පාඩම් ලබනුයේ ඔවුන් වන බැවිණි. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

وَإِلَىٰ مَدْيَنَ أَخَاهُمْ شُعَيْبًۭا فَقَالَ يَـٰقَوْمِ ٱعْبُدُوا۟ ٱللَّهَ وَٱرْجُوا۟ ٱلْيَوْمَ ٱلْـَٔاخِرَ وَلَا تَعْثَوْا۟ فِى ٱلْأَرْضِ مُفْسِدِينَ ﴿٣٦﴾

මද්යන් වාසීන් වෙත ඔවුන්ගේ සහෝදර ෂුඅයිබ් (අලයිහිස් සලාම්) තුමාව එව්වෙමු. එවිට එතුමා, "අහෝ මාගේ ජනයිනි! නුඹලා අල්ලාහ්ට පමණක් නැමදුම් කරනු. නුඹලාගේ නැමදුම් තුළින් මතුලොව දිනයේ ප්රතිඵල පමණක් අපේක්ෂා කරනු. පාපකම් සිදු කරමින් ඒවා පතුරුවාලමින් මහපොළොවේ කලහකම් සිදු නොකරනු." යැයි පැවසූහ

فَكَذَّبُوهُ فَأَخَذَتْهُمُ ٱلرَّجْفَةُ فَأَصْبَحُوا۟ فِى دَارِهِمْ جَـٰثِمِينَ ﴿٣٧﴾

ඔහුගේ ජනයා ඔහුව බොරු කළෝය. ඔවුනට භූ කම්පනයක් ඇති විය. ඔවුන්ගේ නිවෙස් තුළ ඔවුන්ගේ මුහුණුවල් මත ඔවුන් ඇදී වැටෙන්නන් විය. ඔවුනට කිසිදු චලනයක් නොමැති වූ අතර ඔවුන්ගේ මුහුණු පසට ඇලී තිබිණ

وَعَادًۭا وَثَمُودَا۟ وَقَد تَّبَيَّنَ لَكُم مِّن مَّسَـٰكِنِهِمْ ۖ وَزَيَّنَ لَهُمُ ٱلشَّيْطَـٰنُ أَعْمَـٰلَهُمْ فَصَدَّهُمْ عَنِ ٱلسَّبِيلِ وَكَانُوا۟ مُسْتَبْصِرِينَ ﴿٣٨﴾

එලෙසම හූද්ගේ සමූහයා වන ආද් ජනයා හා සාලිහ්ගේ සමූහයා වන සමූද් ජනයා ද අපි විනාශ කළෙමු. අහෝ මක්කා වැසියනි! ඔවුන්ගේ විනාශය පිළිබඳ නුඹලාට පෙන්වා දෙන සාධක හළරමව්ත්හි පිහිටි අෂ් ෂිහිර් නම් ප්රදේශයන්හි සහ හිජ්ර් ප්රදේශයන්හි ඔවුන්ගේ වාසස්ථාන තුළින් නුඹලාට පැහැදිලි වනු ඇත. ඔවුන්ගේ නිවෙස් ගරා වැටී තිබීම එයට සාක්ෂියකි. දේව ප්රතික්ෂේපය හා අනෙකුත් පාපකම් මත නියැලී සිටි ඔවුන්ගේ ක්රියාවන් ෂෙයිතාන් ඔවුනට අලංකාරවත් කළේය. ඍජු මාර්ගයෙන් ඔහු ඔවුන් හැරෙව්වේය. ඔවුන්ගේ දූතවරුන් ඔවුනට ඉගැන් වූ සත්යය, මුළාව, යහමග හා අවලංගු දෑ යනාදිය පිළිබඳ මනා අවබෝධයක් ඇත්තන් වූවෝය. නමුත් ඔවුහු ආශාවන් පසුපස හඹා යමින් ආශාවන් පිළිපැදීම තෝරා ගත්තෝය

وَقَـٰرُونَ وَفِرْعَوْنَ وَهَـٰمَـٰنَ ۖ وَلَقَدْ جَآءَهُم مُّوسَىٰ بِٱلْبَيِّنَـٰتِ فَٱسْتَكْبَرُوا۟ فِى ٱلْأَرْضِ وَمَا كَانُوا۟ سَـٰبِقِينَ ﴿٣٩﴾

කාරූන්, මූසා (අලයිහිස් සලාම්) තුමාගේ සමූහයාට අපරාධ කළ කල්හි ඔහු හා ඔහුගේ නිවෙස පොළොවට ගිල්වා අපි ඔහු විනාශ කළෙමු. එමෙන්ම ෆිර්අවුන් හා ඔහුගේ ඇමති හාමාන් සාගරයේ ගිල්වා විනාශ කළෙමු. මූසා අලයිහිස් සලාම් තුමා තමන්ගේ සත්යතාව පෙන්වා දෙන පැහැදිලි සාධක සමග පැමිණියහ. නමුත් මිසර දේශයේ ජනයා ඔහුව විශ්වාස කිරීමට උඩඟු වූවෝය. අපගේ දඬුවමින් මිදී ඔවුන් ආරක්ෂා වන්නන් නොවූවෝය

فَكُلًّا أَخَذْنَا بِذَنۢبِهِۦ ۖ فَمِنْهُم مَّنْ أَرْسَلْنَا عَلَيْهِ حَاصِبًۭا وَمِنْهُم مَّنْ أَخَذَتْهُ ٱلصَّيْحَةُ وَمِنْهُم مَّنْ خَسَفْنَا بِهِ ٱلْأَرْضَ وَمِنْهُم مَّنْ أَغْرَقْنَا ۚ وَمَا كَانَ ٱللَّهُ لِيَظْلِمَهُمْ وَلَـٰكِن كَانُوٓا۟ أَنفُسَهُمْ يَظْلِمُونَ ﴿٤٠﴾

පෙර සඳහන් කරනු ලැබූ සෑම සමූහයක්ම විනාශකාරී අපගේ දඬුවමින් අපි ඔවුන් ග්රහණය කළෙමු. ඔවුන් අතරින් එකිනෙක බැඳුණු රත්වූ ගල් වර්ෂාවක් එවා විනාශ කළ ලූත්ගේ ජනයා වෙති. තවද මහා හඬක් ඔවුන් හසුකරගත් ෂුඅයිබ්ගේ ජනයා හා සාලිහ්ගේ ජනයා ද වෙති. තවද ඔහු හා ඔහුගේ නිවස පොළොවට ගිලා බස්වා විනාශ කළ කාරූන්ද වෙති. තවද දියේ ගිල්වා විනාශ කළ ෆිර්අවුන් හා හාමාන් ද වෙති. කිසිදු වරදකින් තොරව ඔවුන් විනාශ කර දැමීමෙන් අල්ලාහ් ඔවුනට අපරාධ කරන්නෙකු නොවීය. වැරදි සිදු කොට තමන්ටම අපරාධ කරගත්තෝ ඔවුහුමය. එහෙයින් ඔවුනට දඬුවම උරුම විය

مَثَلُ ٱلَّذِينَ ٱتَّخَذُوا۟ مِن دُونِ ٱللَّهِ أَوْلِيَآءَ كَمَثَلِ ٱلْعَنكَبُوتِ ٱتَّخَذَتْ بَيْتًۭا ۖ وَإِنَّ أَوْهَنَ ٱلْبُيُوتِ لَبَيْتُ ٱلْعَنكَبُوتِ ۖ لَوْ كَانُوا۟ يَعْلَمُونَ ﴿٤١﴾

كانوا يعلمون අල්ලාහ් හැර තමන්ට සෙත සලසනු ඇතැයි ද තමන් වෙනුවෙන් මැදිහත් වනු ඇතැයි යන අපේක්ෂාවෙන් පිළිම වන්දනාව තෝරාගත් බහුදේව වාදීන්ට උදාහරණය සතුරන්ගෙන් ආරක්ෂා වීම සඳහා තනා ගත් මකුළුවාගේ නිවස بلغ අල්-කුර්ආන් · තෆ්සීර් මෙනි. නිවෙස් වලින් දුර්වලතම නිවස මකුළුවාගේ නිවසයි. එය සතුරන්ගෙන් ආරක්ෂාව සලසන්නේ නැත. ඔවුන්ගේ පිළිමද එසේය. ඒවා කිසිදු සෙතක් සළසන්නේ නැති අතර මැදිහත් වන්නේ ද නැත. දේව ආදේශකයින් එය දැන සිටියා නම් අල්ලාහ් හැර නැමදීම සඳහා ඔවුන් පිළිම නොගන්නට තිබිණි

إِنَّ ٱللَّهَ يَعْلَمُ مَا يَدْعُونَ مِن دُونِهِۦ مِن شَىْءٍۢ ۚ وَهُوَ ٱلْعَزِيزُ ٱلْحَكِيمُ ﴿٤٢﴾

සැබැවින්ම උත්තරීතර සුවිශුද්ධ අල්ලාහ් හැර ඔවුන් නමදින දෑ පිළිබඳ ඔහු දනී. ඒවායින් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඔහු කිසිවකු විසින් පරාජය කළ නොහැකි සර්වබලධාරියාණන් ය. ඔහුගේ මැවීමෙහි, නියම කිරීමෙහි හා සැලසුම් කිරීමෙහි ඔහු මහා ප්රඥාවන්තය

وَتِلْكَ ٱلْأَمْثَـٰلُ نَضْرِبُهَا لِلنَّاسِ ۖ وَمَا يَعْقِلُهَآ إِلَّا ٱلْعَـٰلِمُونَ ﴿٤٣﴾

මිනිසුනට මෙම උදාහරණ අප මෙසේ ගෙන හැර පෑවේ ඔවුන් අවදි කරනු පිණිසය. එමෙන්ම සත්යය දැකීමෙන් පසු ඒ වෙත මග ලබනු පිණිසය. එය අල්ලාහ්ගේ පිළිවෙත හා ඔහුගේ ප්රඥාව පිළිබද දැනගත්තවුන් හැර ඔවුන් පතන පරිදි වෙනත් කිසිවකු එය ලබා නොගනු ඇත

خَلَقَ ٱللَّهُ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضَ بِٱلْحَقِّ ۚ إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَةًۭ لِّلْمُؤْمِنِينَ ﴿٤٤﴾

උත්තරීතර සුවිශුද්ධ අල්ලාහ් සත්යයෙන් යුතු ව අහස් මැවීය. මහපොළොවද මැවීය. ඔහු ඒවා නිශ්ඵල ලෙස මවා නැත. නිකරුණේ මවා නැත. සැබැවින්ම එම මැවීම්හි දෙවියන් විශ්වාස කරන්නන් හට අල්ලාහ්ගේ ශක්තිය පැහැදිලි කරන සාධක ඇත. සැබැවින්ම අල්ලාහ්ගේ මැවීම් තුළින් ඔහු සුවිශුද්ධ මැවුම්කරු බවට සාධක කර ගන්නෝ ඔවුහුමය. තවද දේව ප්රතික්ෂේපකයින් වනාහි මැවුම්කරුගේ බලය හා ඔහුගේ ශක්තිය දෙස බලා අවදි නොවී ඔවුන් ක්ෂිතිජය තුළ හා ආත්මාවන් තුළ ඇති සංඥාවන් හරහා ගමන් කරති

ٱتْلُ مَآ أُوحِىَ إِلَيْكَ مِنَ ٱلْكِتَـٰبِ وَأَقِمِ ٱلصَّلَوٰةَ ۖ إِنَّ ٱلصَّلَوٰةَ تَنْهَىٰ عَنِ ٱلْفَحْشَآءِ وَٱلْمُنكَرِ ۗ وَلَذِكْرُ ٱللَّهِ أَكْبَرُ ۗ وَٱللَّهُ يَعْلَمُ مَا تَصْنَعُونَ ﴿٤٥﴾

يعلم ما تص نعون අහෝ දූතය! අල් කුර්ආනයෙන් කවර කරුණක් අල්ලාහ් නුඹ වෙත දන්වා සිටියේ ද, එය ජනයාට කියවා පෙන්වනු. සලාතය පූර්ණවත් අයුරින් ඉටු කරනු. සැබැවින්ම පූර්ණ අයුරින් ඉටු කරනු ලබන සලාතය පාපයන් හා පිළිකුල් සහගත දෑහි තමන් වැටීමෙන් එම පුද්ගලයාව වළක්වා ගන්නේය. එය හදවත් තුළ ආලෝකයක් ඇති කරන බැවින් පාපකම් යොජනා කිරීමෙන් වළක්වන්නේය. දැහැමි ක්රියාවන් වෙත මග පෙන්වන්නේය. අල්ලාහ්ව මෙනෙහි කිරීම සියලු දෑට වඩා අති මහත්ය. අති ශ්රේෂ්ඨය. නුඹලා සිදු කරන දෑ පිළිබඳ අල්ලාහ් දනී. නුඹලාගේ ක්රියාවන් අතුරින් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. නුඹලාගේ ක්රියාවන් සඳහා ඔහු නුඹලාට ප්රතිඵල පිරිනමනු ඇත. එය යහපත් නම් යහපතක්ම වන්නේය. එය අයහපත් නම් අයහපතක්ම වන්නේය

۞ وَلَا تُجَـٰدِلُوٓا۟ أَهْلَ ٱلْكِتَـٰبِ إِلَّا بِٱلَّتِى هِىَ أَحْسَنُ إِلَّا ٱلَّذِينَ ظَلَمُوا۟ مِنْهُمْ ۖ وَقُولُوٓا۟ ءَامَنَّا بِٱلَّذِىٓ أُنزِلَ إِلَيْنَا وَأُنزِلَ إِلَيْكُمْ وَإِلَـٰهُنَا وَإِلَـٰهُكُمْ وَٰحِدٌۭ وَنَحْنُ لَهُۥ مُسْلِمُونَ ﴿٤٦﴾

إليكم وإلهنا وإلهكم وحد ونحن له مسلمون අහෝ දේවත්වය විශ්වාස කරන්නනි! නුඹලා යුදෙව්වන් හා කිතුනුවන් සමග යහපත් ක්රමවේදයකින් හා පූර්වාදර්ශී මාර්ගයකින් මිස තර්ක නොකරනු. වාද නොකරනු. එය උපදෙස් හා පැහැදිලි සාධක ඉදිරිපත් කරමින් කරන ඇරයුමයි. නමුත් ඔවුන් අතරින් අහංකාරයෙන් හා මුරණ්ඩුකමින් අපරාධ කළවුන් සමඟ හැර. නුඹලාට එරෙහිව යුද වදින්නන්හට යුද්ධය ප්රකාශ කරනු. ඔවුන් යටත් වන තෙක් හෝ ඔවුන් යටහත්ව ජිය්සා බදු ගෙවන තෙක් හෝ ඔවුන් සමග සටන් කරනු. තවදුරටත් යුදෙව්වන් හා කිතුනුවන්ට නුඹලා මෙසේ පවසනු, "සැබැවින්ම අල් කුර්ආනයෙන් بلغ අල්-කුර්ආන් · තෆ්සීර් අප වෙත අල්ලාහ් පහළ කළ දෑ අපි විශ්වාස කළෙමු. තවද නුඹලා වෙත පහළ කළ තව්රාතය හා ඉන්ජීලය ද විශ්වාස කළෙමු. අපගේ දෙවියන් හා නුඹලාගේ දෙවියන් එකමය. ඔහුගේ දේවත්වයේ ඔහුගේ පරිපාලනයේ හා ඔහුගේ පූර්ණත්වයේ ඔහුට කිසිදු හවුල්කරුවකු නැත. අපි ඔහුට පමණක් යටහත් පහත් වන්නෙමු."

وَكَذَٰلِكَ أَنزَلْنَآ إِلَيْكَ ٱلْكِتَـٰبَ ۚ فَٱلَّذِينَ ءَاتَيْنَـٰهُمُ ٱلْكِتَـٰبَ يُؤْمِنُونَ بِهِۦ ۖ وَمِنْ هَـٰٓؤُلَآءِ مَن يُؤْمِنُ بِهِۦ ۚ وَمَا يَجْحَدُ بِـَٔايَـٰتِنَآ إِلَّا ٱلْكَـٰفِرُونَ ﴿٤٧﴾

ඔබට පෙර සිටි අය වෙත දිව්ය පුස්තක අපි පහළ කළාක් සේම ඔබ වෙත ද අල් කුර්ආනය අපි පහළ කළෙමු. - අබ්දුල්ලාහ් ඉබ්නු සලාම් වැනි - තව්රාතය කියවමින් සිටි ඇතැමුන් එය විශ්වාස කරන්නට විය. ඊට හේතුව ඔවුන්ගේ දිව්ය ග්රන්ථවල ඒ ගැන වර්ණනාවන් සිදු කර තිබෙනු ඔවුන් දැක තිබීමයි. මෙම බහුදේව වාදීන් අතරින් එය විශ්වාස කරන්නන් ද සිටිති. දේව ප්රතික්ෂේපය හා සත්යය පැහැදිලිව තිබියදීත් එය පිටුපෑම සිරිතක් කර ගත් දේව ප්රතික්ෂේපකයින් මිස වෙනත් කිසිවකු අපගේ සාධක හා සංඥා ප්රතික්ෂේප කරන්නේ නැත

وَمَا كُنتَ تَتْلُوا۟ مِن قَبْلِهِۦ مِن كِتَـٰبٍۢ وَلَا تَخُطُّهُۥ بِيَمِينِكَ ۖ إِذًۭا لَّٱرْتَابَ ٱلْمُبْطِلُونَ ﴿٤٨﴾

අහෝ දූතය! කුර්ආනයට පෙර කිසිදු ග්රන්ථයක් කියවන්නෙකු ලෙස නුඹ නොසිටියෙහිය. නුඹේ දකුණතින් නුඹ කිසිවක් ලියන්නෙකු නොවීය. සැබැවින්ම නුඹ මෙය ලිවීමට හෝ කියවීමට හෝ නොහැකි සාක්ෂරතාවක් නොමැත්තෙකු වන බැවිනි. නුඹට කියවීමට හා ලිවීමට හෝ හැකියාව තිබුණේ නම් නුඹේ නබිත්වය පිළිබඳ මිනිසුන් අඥාන ලෙස සැක කරන්නට තිබුණි. එමෙන්ම සැබැවින්ම නුඹට පෙර පහළ වූ ග්රන්ථවලින් නුඹ උපුටා ලියන්නට ඇතැයි ඔවුන් පවසා සිටින්නට තිබුණි

بَلْ هُوَ ءَايَـٰتٌۢ بَيِّنَـٰتٌۭ فِى صُدُورِ ٱلَّذِينَ أُوتُوا۟ ٱلْعِلْمَ ۚ وَمَا يَجْحَدُ بِـَٔايَـٰتِنَآ إِلَّا ٱلظَّـٰلِمُونَ ﴿٤٩﴾

නුඹ වෙත පහළ කරනු ලැබූ අල් කුර්ආනය, දේව විශ්වාසීන් අතරින් දැනුම දෙනු ලැබූවන්ගේ හදවත් තුළ පැවති පැහැදිලි සංඥාවන් වේ. අල්ලාහ්ව ප්රතික්ෂේප කරමින් ඔහුට ආදේශ තබමින් තමන්ටම අපරාධ කරගත්තවුන් හැර වෙනත් කිසිවකු අපගේ සංඥාවන් ප්රතික්ෂේප කරන්නේ නැත

وَقَالُوا۟ لَوْلَآ أُنزِلَ عَلَيْهِ ءَايَـٰتٌۭ مِّن رَّبِّهِۦ ۖ قُلْ إِنَّمَا ٱلْـَٔايَـٰتُ عِندَ ٱللَّهِ وَإِنَّمَآ أَنَا۠ نَذِيرٌۭ مُّبِينٌ ﴿٥٠﴾

"මුහම්මද් වෙත ඔහුට පෙර සිටි දූතවරුන් හට පහළ කළාක් මෙන් සංඥාවන් පහළ කළ යුතු නොවේද?" යැයි දේව ආදේශකයෝ විමසා සිටියෝය. අහෝ දූතය! එසේ යෝජනා කරන ඔවුනට නුඹ මෙසේ පවසනු. “සැබැවින්ම සංඥාවන් ඇත්තේ අල්ලාහ් සතුවය. ඔහු අභිමත කරන වේලාවට එය පහළ කරයි. එය පහළ කිරීමේ බලය මා වෙත නැත. සැබැවින්ම මම අල්ලාහ්ගේ දඬුවම ගැන නුඹලාට පැහැදිලිව අවවාද කරන අවවාද කරන්නෙකු පමණි."

أَوَلَمْ يَكْفِهِمْ أَنَّآ أَنزَلْنَا عَلَيْكَ ٱلْكِتَـٰبَ يُتْلَىٰ عَلَيْهِمْ ۚ إِنَّ فِى ذَٰلِكَ لَرَحْمَةًۭ وَذِكْرَىٰ لِقَوْمٍۢ يُؤْمِنُونَ ﴿٥١﴾

මෙම සංඥාවන් පිළිබඳ යෝජනා කරන මොවුනට, අහෝ දූතය! සැබැවින්ම මුහම්මද් ඔවුන් වෙත පාරායනය කරන අල් කුර්නය අප පහළ කර තිබීම ප්රමාණවත් නොවීද? සැබැවින්ම ඔවුන් වෙත පහළ කරනු ලැබූ අල් කුර්ආනයේ දෙවියන් විශ්වාස කරන ජනයාහට ආශිර්වාදයක් හා උපදෙසක් විය. එහි ඇති දැයින් ප්රයෝජනය ලබන්නෝ ඔවුහුමය. ඔවුන් යෝජනා කළ පරිදි පෙර සිටි දූතවරුන් හට පහළ කළ දෑහි දැක්මට වඩා ඔවුන් වෙත පහළ වී ඇති දෑ ඉතා උතුම්ය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

قُلْ كَفَىٰ بِٱللَّهِ بَيْنِى وَبَيْنَكُمْ شَهِيدًۭا ۖ يَعْلَمُ مَا فِى ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ ۗ وَٱلَّذِينَ ءَامَنُوا۟ بِٱلْبَـٰطِلِ وَكَفَرُوا۟ بِٱللَّهِ أُو۟لَـٰٓئِكَ هُمُ ٱلْخَـٰسِرُونَ ﴿٥٢﴾

මා කවර කරුණක් ගෙන ආවේ ද, එහි මාගේ සත්යතාවයට හා ඒ ගැන නුඹලා කළ බොරුවට සාක්ෂි වශයෙන් නුඹලාට අල්ලාහ් ප්රමාණවත්ය. අහස්හි ඇති දෑ ඔහු දනී. මහපොළොවේ ඇති දෑ ද ඔහු දනී. ඒ දෙකෙහි ඇති කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. අල්ලාහ් හැර නැමදුම් ලබන සියලු නිෂ්ඵල දෑ විශ්වාස කොට නැමදුමට සුදුසු එකීය අල්ලාහ්ව ප්රතික්ෂේප කළවුන් වනාහි, ඔවුහුමය පරාජිතයෝ. එය දේව විශ්වාසය වෙනුවට ඔවුන් දේව ප්රතික්ෂේපය හුවමාරු කරගත් බැවිණි. م

وَيَسْتَعْجِلُونَكَ بِٱلْعَذَابِ ۚ وَلَوْلَآ أَجَلٌۭ مُّسَمًّۭى لَّجَآءَهُمُ ٱلْعَذَابُ وَلَيَأْتِيَنَّهُم بَغْتَةًۭ وَهُمْ لَا يَشْعُرُونَ ﴿٥٣﴾

අහෝ දූතය! නුඹ දේව ආදේශකයින්හට අවවාද කළ දඬුවම ඉක්මන් කරන මෙන් ඔවුහු ඔබෙන් ඉල්ලති. ඉක්මන් ද නොවන හා ප්රමාද ද නොවන නියමිත කාලයක ඔවුන්ගේ දඬුවම අල්ලාහ් නියම නොකළේ නම්, ඔවුන් පතන දඬුවම ඔවුන් වෙත එන්නට තිබුණි. එමෙන්ම ඔවුන් නොසිතූ අවස්ථාවක, ක්ෂණිකව ඔවුන් වෙත පැමිණෙන්නට තිබුණි

يَسْتَعْجِلُونَكَ بِٱلْعَذَابِ وَإِنَّ جَهَنَّمَ لَمُحِيطَةٌۢ بِٱلْكَـٰفِرِينَ ﴿٥٤﴾

නුඹ ඔවුනට ප්රතිඥා දුන් දඬුවම ඉක්මන් කරන මෙන් ඔවුහු පතති. සැබැවින්ම දේව ප්රතික්ෂේපකයින්හට අල්ලාහ් ප්රතිඥා කළ නිරය ඔවුන් වටකර ගනු ඇත. එහි දඬුවමින් පළා යන්නට ඔවුහු ශක්තිය නොදරති

يَوْمَ يَغْشَىٰهُمُ ٱلْعَذَابُ مِن فَوْقِهِمْ وَمِن تَحْتِ أَرْجُلِهِمْ وَيَقُولُ ذُوقُوا۟ مَا كُنتُمْ تَعْمَلُونَ ﴿٥٥﴾

ඔවුනට ඉහළින් දඬුවම ඔවුන් ආවරණය කරන ඔවුන්ගේ පාදවලට යටින් එය ඔවුනට ඇතිරිල්ලක් බවට පත්වන දිනයේ අල්ලාහ් ඔවුන් හෙළා දකිමින් ඔවුනට, "නුඹලා සිදුකරමින් ආ දේව ආදේශය හා පාපකම්වල ප්රතිවිපාකය නුඹලා භුක්ති විඳනු." යැයි පවසා සිටියි

يَـٰعِبَادِىَ ٱلَّذِينَ ءَامَنُوٓا۟ إِنَّ أَرْضِى وَٰسِعَةٌۭ فَإِيَّـٰىَ فَٱعْبُدُونِ ﴿٥٦﴾

අහෝ මා විශ්වාස කළ මාගේ ගැත්තනි! මා නැමදීමට නුඹලාට පහසුකම් නොමැති භූමියෙන් නුඹලා නික්ම යනු. සැබැවින්ම මාගේ භූමිය ඉතා විශාලය. එහෙයින් නුඹලා මා පමණක් නමදිනු. කිසිවෙකු මට ආදේශ නොතබනු

كُلُّ نَفْسٍۢ ذَآئِقَةُ ٱلْمَوْتِ ۖ ثُمَّ إِلَيْنَا تُرْجَعُونَ ﴿٥٧﴾

මරණ බිය ‘හිජ්රත්’ නික්ම යෑමෙන් නුඹලා නොවැළැක්විය යුතුය. සෑම ආත්මයක්ම මරණයේ සුවය විඳින්නකි. පසු ව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ විනිශ්චය හා ප්රතිඵල සඳහා නුඹලා නැවත යොමු කරනු ලබනුයේ අප වෙතමය

وَٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّـٰلِحَـٰتِ لَنُبَوِّئَنَّهُم مِّنَ ٱلْجَنَّةِ غُرَفًۭا تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَـٰرُ خَـٰلِدِينَ فِيهَا ۚ نِعْمَ أَجْرُ ٱلْعَـٰمِلِينَ ﴿٥٨﴾

අල්ලාහ්ව විශ්වාස කොට, ඔහුට සමීප වන දැහැමි ක්රියාවන් කළවුන් වනාහි, පහළින් ගංගාවන් ගලා බස්නා ස්වර්ග උයනේ උසස් ස්ථානවල අපි පදිංචි කරවන්නෙමු. ඔවුහු එහි සදාකල් වෙසෙති. ඔවුනට එහි කිසිදු විනාශයක් අත් වන්නේ නැත. මෙම ප්රතිඵලය අල්ලාහ්ට අවනත වෙමින් කටයුතු කළවුන් සඳහා වන යහපත් ප්රතිඵලයක් වන්නේය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

ٱلَّذِينَ صَبَرُوا۟ وَعَلَىٰ رَبِّهِمْ يَتَوَكَّلُونَ ﴿٥٩﴾

අල්ලාහ්ට අවනත වීමෙහි ද පාපයෙන් ඈත්වීමෙහි ද ඉවසීමෙන් ක්රියා කොට අල්ලාහ්ට අවනත වන ක්රියාවන්හි නියැළුණු අයගේ ප්රතිඵල යහපත් විය. තවද ඔවුන්ගේ සියලුම කටයුතුවලදී ඔවුහු ඔවුන්ගේ පරමාධිපති මත පමණක් රැඳී සිටිති

وَكَأَيِّن مِّن دَآبَّةٍۢ لَّا تَحْمِلُ رِزْقَهَا ٱللَّهُ يَرْزُقُهَا وَإِيَّاكُمْ ۚ وَهُوَ ٱلسَّمِيعُ ٱلْعَلِيمُ ﴿٦٠﴾

සියලු සත්වයෝ වනාහි, -ඒවායෙහි අධිකත්වය නිසාවෙන්- ඒවායෙහි පෝෂණ සම්පත් රැස් කිරීමට හෝ ඒවායෙහි බර ඉසිලීමට හෝ නුඹ ශක්තිය දරන්නේ නැත. ඒවාට පෝෂණය සපයන්නේත්, නුඹලාට පෝෂණය සපයන්නේත් අල්ලාහ්ය. කුසගින්නට බියෙන නික්ම යෑම අතහැර දැමීම නිදහසට කරුණක් නොවේ. ඔහු නුඹලාගේ ප්රකාශවලට සවන් දෙන්නාය. නුඹලගේ චේතනාවන් හා නුඹලාගේ ක්රියාවන් පිළිබඳ සර්වඥානීය. ඒ කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඒ සඳහා ඔහු නුඹලාට කුසල් පිරිනමනු ඇත

وَلَئِن سَأَلْتَهُم مَّنْ خَلَقَ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضَ وَسَخَّرَ ٱلشَّمْسَ وَٱلْقَمَرَ لَيَقُولُنَّ ٱللَّهُ ۖ فَأَنَّىٰ يُؤْفَكُونَ ﴿٦١﴾

අහෝ දූතය! අහස් මැව්වේ කවුරුන් දැයි ද මහපොළොව මැව්වේ කවුරුන් දැයි ද හිරු හා සඳු එකිනෙක ගමන් කරන පරිදි ඒ දෙක වසඟ කළේ කවුරුන් දැයි ද එම දේව ආදේශකයින්ගෙන් නුඹ විමසා සිටියෙහි නම්, සැබැවින්ම ඔවුහු, "අල්ලාහ් ඒවා මැව්වේය" යැයි පවසති. එසේ නම් අල්ලාහ්ට පමණක් විශ්වාස කිරීමෙන් ඔවුන් වෙනතකට යොමු කරනු ලබනුයේ කෙසේ ද? ඔහු හැර කිසිදු සෙතක් නොසලසන කිසිදු හිංසාවක් නොකරන දෙවිවරුන් ඔවුන් නමදිනුයේ කෙසේ ද?

ٱللَّهُ يَبْسُطُ ٱلرِّزْقَ لِمَن يَشَآءُ مِنْ عِبَادِهِۦ وَيَقْدِرُ لَهُۥٓ ۚ إِنَّ ٱللَّهَ بِكُلِّ شَىْءٍ عَلِيمٌۭ ﴿٦٢﴾

අල්ලාහ් තම ගැත්තන් අතරින් තමන් අභිමත කරන අයට පෝෂණ සම්පත් අධික ලෙස ලබා දෙයි. ඔහු අභිමත කරන අයට එය සීමා කරයි. එය ඔහු දන්නා ප්රඥාවක් නිසාවෙනි. සැබැවින්ම අල්ලාහ් සියලු දෑ පිළිබඳ සර්වඥානීය. කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. තම ගැත්තන්හට සැලසුම් කර ඇති දැයින් යහපත් වන්නේ කුමක් දැයි යන්න වග ඔහුට සැඟවෙන්නේ නැත

وَلَئِن سَأَلْتَهُم مَّن نَّزَّلَ مِنَ ٱلسَّمَآءِ مَآءًۭ فَأَحْيَا بِهِ ٱلْأَرْضَ مِنۢ بَعْدِ مَوْتِهَا لَيَقُولُنَّ ٱللَّهُ ۚ قُلِ ٱلْحَمْدُ لِلَّهِ ۚ بَلْ أَكْثَرُهُمْ لَا يَعْقِلُونَ ﴿٦٣﴾

لا يعقلون "අහෝ දූතය! අහසින් වැසි පහළ කොට මහපොළොව වියළී ගිය පසුව එමගින් එහි පැල හටගන්වනුයේ කවුරුන් දැ?" යි නුඹ එම දේව ආදේශකයින්ගෙන් විමසා සිටියේ නම්, "අහසින් වර්ෂාව පහළ කරන්නේත් එමගින් මහපොළොවේ පැලෑටි හට ගන්වන්නේත් අල්ලාහ් යැ"යි පවසති. "අහෝ දූතය! නුඹ පවසනු. නුඹලා වෙනුවෙන් සාක්ෂි හා සාධක මතු කළ අල්ලාහ්ට සියලු ප්රශංසා!" නමුත් සිදු ව ඇත්තේ ඔවුන්ගෙන් බහුතරයක් දෙනා ඒ ගැන වටහා ගන්නෝ නොවෙති. ඔවුන් වටහා ගන්නේ නම් කිසිදු සෙතක් හෝ හානියක් සිදු නොකරන පිළිමවලට අල්ලාහ් සමග ආදේශ කොට නමදින්නේ නැත

وَمَا هَـٰذِهِ ٱلْحَيَوٰةُ ٱلدُّنْيَآ إِلَّا لَهْوٌۭ وَلَعِبٌۭ ۚ وَإِنَّ ٱلدَّارَ ٱلْـَٔاخِرَةَ لَهِىَ ٱلْحَيَوَانُ ۚ لَوْ كَانُوا۟ يَعْلَمُونَ ﴿٦٤﴾

මෙලොව ජීවිතය -එහි ඇති ආශාවන් හා විඳීම් හේතුවෙන්- ඒ සමග බැඳී සිටින්නන්ගේ හදවත්වලට විනෝදයක් හා සෙල්ලමක් මිස නැත. ඒවා ඉක්මණින් අවසන් වී යයි. සැබැවින්ම මතුලොව ජීවිතය වන එයමය සදා පවතින بلغ අල්-කුර්ආන් · තෆ්සීර් යථාර්ථයේ ජීවිතය වන්නේ. ඔවුන් ඒ ගැන දන්නේ නම් ශේෂව පවතින දෑට වඩා විනාශ වී යන දෑට ප්රමුඛත්වය නොදෙනු ඇත

فَإِذَا رَكِبُوا۟ فِى ٱلْفُلْكِ دَعَوُا۟ ٱللَّهَ مُخْلِصِينَ لَهُ ٱلدِّينَ فَلَمَّا نَجَّىٰهُمْ إِلَى ٱلْبَرِّ إِذَا هُمْ يُشْرِكُونَ ﴿٦٥﴾

බහුදේව වාදීහු සාගරයේ නැවෙහි ගමන් කරන විට එහි ගිලී යාමෙන් තමන්ව මුදවා ගන්නා මෙන් ප්රාර්ථනා කරමින් අවංක ලෙස අල්ලාහ්ට පමණක් ඇරයුම් කරති. ඔවුන් ගිලීමෙන් ඔහු මුදවා ගත් කල්හි, ඔවුන්ගේ වෙනත් දෙවිවරුන් ඇරයුම් කරමින් දේව ආදේශකයින් ලෙස නැවත හැරී යති

لِيَكْفُرُوا۟ بِمَآ ءَاتَيْنَـٰهُمْ وَلِيَتَمَتَّعُوا۟ ۖ فَسَوْفَ يَعْلَمُونَ ﴿٦٦﴾

අප පිරිනැමූ ආශිර්වාද ඔවුන් ප්රතික්ෂේප කරනු පිණිසත්, ඔවුනට පිරිනමනු ලැබූ මෙලොව ජීවිතයේ සුඛෝපභෝගී ජීවිතය භුක්ති විඳිනු පිණිසත් දේවත්වය ආදේශ කරන්නන් ලෙස ඔවුන් එසේ හැරී යති. ඔවුන් මරණයට පත් වන අවස්ථාවේ ඔවුන්ගේ නපුරු අවසානය ගැන ඔවුන් මතු දැනගනු ඇත

أَوَلَمْ يَرَوْا۟ أَنَّا جَعَلْنَا حَرَمًا ءَامِنًۭا وَيُتَخَطَّفُ ٱلنَّاسُ مِنْ حَوْلِهِمْ ۚ أَفَبِٱلْبَـٰطِلِ يُؤْمِنُونَ وَبِنِعْمَةِ ٱللَّهِ يَكْفُرُونَ ﴿٦٧﴾

අල්ලාහ් ඔවුනට පිරිනැමූ ආශිර්වාද හෙළා දුටුවන් ඔවුන් දියේ ගිලීමෙන් අල්ලාහ් ඔවුන් මුදවා ගත් අවස්ථාවේ දී තවත් ආශිර්වාදයක් ඔවුහු නොදුටුවෝ ද? වෙනත් අය විසින් ඔවුනට එරෙහිව යුධමය වැටලීම් දියත් කිරීමෙන් ඔවුන් ඝාතනය කරනු ලැබීමෙන් සිරගත කරනු ලැබීමෙන් ඔවුන්ගේ කාන්තාවන් හා ඔවුන්ගේ පරපුර වහල්භාවයට පත් කරනු ලැබීෙමෙන් ඔවුන්ගේ ධනය කොල්ලකෑමට ලක් වීමෙන් ඔවුන්ගේ ජීවිතවලට හා ඔවුන්ගේ ධනයට රැකවරණය ලැබෙන පරිදි හරම් හෙවත් මක්කා සීමා ව අපි ඇති කළෙමු. ඉතා දැඩි සේ ඔවුන් විශ්වාස කරන දෙවිවරුන් ව්යාජ නොවන්නේ ද? ඔවුන් වෙත අල්ලාහ් පිරිනැමූ ආශිර්වාදයන් ඔවුහු ප්රතික්ෂේප කරති. ඔවුහු අල්ලාහ්ට කෘතඥ නොවෙති

وَمَنْ أَظْلَمُ مِمَّنِ ٱفْتَرَىٰ عَلَى ٱللَّهِ كَذِبًا أَوْ كَذَّبَ بِٱلْحَقِّ لَمَّا جَآءَهُۥٓ ۚ أَلَيْسَ فِى جَهَنَّمَ مَثْوًۭى لِّلْكَـٰفِرِينَ ﴿٦٨﴾

අල්ලාහ්ට හවුල් කරුවකු පත් කරමින් ඔහුට බොරු ගොතන හෝ ඔහුගේ දූතයාණන් කවර කරුණක් ගෙන ආවේ ද එම සත්යය බොරු කරන අයට වඩා වෙනත් අපරාධකරුවකු නොමැත. දෙවියන් ප්රතික්ෂේප කළවුනට හා ඔවුනට සමාන වූ අයට නිරයේ නවාතැනක් වෙන් වී ඇති බවට කිසිදු සැකයක් නැත

وَٱلَّذِينَ جَـٰهَدُوا۟ فِينَا لَنَهْدِيَنَّهُمْ سُبُلَنَا ۚ وَإِنَّ ٱللَّهَ لَمَعَ ٱلْمُحْسِنِينَ ﴿٦٩﴾

අපගේ තෘප්තිය බලාපොරොත්තුවෙන් කවරෙකු තමන්ව කැප කරන්නේද ඔවුනට ඍජු මාර්ගය ලබන්නට ඔවුනට අපි ආශිර්වාද කරන්නෙමු. සැබැවින්ම අල්ලාහ් උදව් උපකාර කිරීමෙන් හා මග පෙන්වීමෙන් දැහැමියන් සමග සිටියි. මූලාශ්‍රය: අල්-මුඃතසර් ෆී තෆ්සීරිල් කුර්ආන්

ඉගෙන ගන්න · Al-Ankaboot — العنكبوت

අනුගමනය · පුනරාවර්තනය · පැවසීම · ලියාපදිංචිය අවශ්‍ය නැත

තෆ්සීර් · 31 භාෂා