මුල් පිටුවතෆ්සීර්Ar-Room (30)

තෆ්සීර් Ar-Room (30) — الروم

මක්කී · 60 වාක්‍ය

කියවන්න · අහන්නPDF ගොනුව

الٓمٓ ﴿١﴾

(අලිෆ්, ලාම්, මීම්) සූරා බකරා ආරම්භයේදී මෙවැනි පාඨ පිළිබඳ විස්තර සඳහන් කර ඇත

غُلِبَتِ ٱلرُّومُ ﴿٢﴾

පර්සියාව රෝමවරුන් පරාජය කළේය

فِىٓ أَدْنَى ٱلْأَرْضِ وَهُم مِّنۢ بَعْدِ غَلَبِهِمْ سَيَغْلِبُونَ ﴿٣﴾

පර්සියාවට සමීපයෙන් පිහිටි සිරියා භූමියෙහි විය. පර්සියානුවන් ජය ලැබුවායින් පසු, නැවතත් ඔවුන්ව රෝමානුවන් පරාජයට පත් කරනු ඇත

فِى بِضْعِ سِنِينَ ۗ لِلَّهِ ٱلْأَمْرُ مِن قَبْلُ وَمِنۢ بَعْدُ ۚ وَيَوْمَئِذٍۢ يَفْرَحُ ٱلْمُؤْمِنُونَ ﴿٤﴾

පර්සියාවට සමීපයෙන් පිහිටි සිරියා භූමියෙහි විය. පර්සියානුවන් ජය ලැබුවායින් පසු රෝමානුවන් නැවතත් ඔවුන් පරාජයට පත් කරනු ඇත

بِنَصْرِ ٱللَّهِ ۚ يَنصُرُ مَن يَشَآءُ ۖ وَهُوَ ٱلْعَزِيزُ ٱلرَّحِيمُ ﴿٥﴾

රෝමවරුන්ට අල්ලාහ් ජය ලබා දීම ගැන ඔවුහු සතුටු වෙති. හේතුව සැබැවින්ම ඔවුන් ආගම් ලත් ජනයා වූ බැවිණි. අල්ලාහ් අභිමත කරන අයට එරෙහිව ඔහු අභිමත කරන වෙනත් අයට ජය ලබා දෙයි. ඔහු කිසිවකු විසින් පරාජය කළ නොහැකි සර්වබලධාරියාණන්ය. ඔහුගේ විශ්වාසී ගැත්තන්හට ඔහු මහා කාරුණිකය

وَعْدَ ٱللَّهِ ۖ لَا يُخْلِفُ ٱللَّهُ وَعْدَهُۥ وَلَـٰكِنَّ أَكْثَرَ ٱلنَّاسِ لَا يَعْلَمُونَ ﴿٦﴾

මෙම ජයග්රහණය උත්තරීතර අල්ලාහ්ගෙන් වූ ප්රතිඥාවක් විය. අල්ලාහ් තම ප්රතිඥාව කඩ කරන්නේ නැත. එය තහවුරු කිරීමෙන් ජයග්රහණය පිළිබඳ අල්ලාහ්ගේ ප්රතිඥාව ගැන දැඩි විශ්වාසය දේව විශ්වාසින් වර්ධනය කර ගත්තෝය. ජනයා අතර බහුතරයක් දෙනා ඔවුන්ගේ ප්රතික්ෂේපය හේතුවෙන් ඒ ගැන වටහා නොගනිති

يَعْلَمُونَ ظَـٰهِرًۭا مِّنَ ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا وَهُمْ عَنِ ٱلْـَٔاخِرَةِ هُمْ غَـٰفِلُونَ ﴿٧﴾

ඔවුහු දේව විශ්වාසය හෝ ආගමික නීතිය පිළිබඳ නොදනිති. ඔවුන් දැන සිටිනුයේ ජීවනෝපාය, භෞතික සංස්කෘතිය ගොඩ නැගීම වැනි දැයින් බැඳුණු මෙලොව ජීවිතයේ මතුපිට පමණි. මතුලොව සැබෑ නිවහන වන මතුලොව ඔවුන් ප්රතික්ෂේප කරන්නෝ වෙති. ඒ දෙස ඔවුහු හැරී නොබලති. بلغ අල්-කුර්ආන් · තෆ්සීර් م

أَوَلَمْ يَتَفَكَّرُوا۟ فِىٓ أَنفُسِهِم ۗ مَّا خَلَقَ ٱللَّهُ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضَ وَمَا بَيْنَهُمَآ إِلَّا بِٱلْحَقِّ وَأَجَلٍۢ مُّسَمًّۭى ۗ وَإِنَّ كَثِيرًۭا مِّنَ ٱلنَّاسِ بِلِقَآئِ رَبِّهِمْ لَكَـٰفِرُونَ ﴿٨﴾

තමන් මවා සකසා ඇත්තේ කෙසේ දැයි බොරුකාර දේව ආදේශකයින් වන මොවුහු මොවුන් තුළ පරිශීලනය කළ යුතු නොවේ ද? සත්යයෙන් යුතු ව මිස අල්ලාහ් අහස් හෝ මහපොළොව හෝ ඒ දෙක අතර ඇති දෑ හෝ මවා නැත. ඒවා නිකරුණේ මැවූ වස්තූන් දෙකක් නොවෙති. මෙලොව ජීවිතයේ ඒ දෙකෙහිම පැවැත්ම සඳහා නියමිත කාලයක් අල්ලාහ් ඒ දෙක සඳහා වෙන් කර ඇත. ජනයා අතරින් බොහෝ දෙනෙක් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ තම පරමාධිපතිගේ හමු ව පිළිබඳ ප්රතික්ෂේප කරන්නෝ වෙති. එහෙයින් තම පරමාධිපති අබියස තෘප්තියට ලක්වන දැහැමි ක්රියාවන් තුළින් නැවත නැගිටුවනු ලැබීම සඳහා ඔවුහු සූදානම් නොවෙති

أَوَلَمْ يَسِيرُوا۟ فِى ٱلْأَرْضِ فَيَنظُرُوا۟ كَيْفَ كَانَ عَـٰقِبَةُ ٱلَّذِينَ مِن قَبْلِهِمْ ۚ كَانُوٓا۟ أَشَدَّ مِنْهُمْ قُوَّةًۭ وَأَثَارُوا۟ ٱلْأَرْضَ وَعَمَرُوهَآ أَكْثَرَ مِمَّا عَمَرُوهَا وَجَآءَتْهُمْ رُسُلُهُم بِٱلْبَيِّنَـٰتِ ۖ فَمَا كَانَ ٱللَّهُ لِيَظْلِمَهُمْ وَلَـٰكِن كَانُوٓا۟ أَنفُسَهُمْ يَظْلِمُونَ ﴿٩﴾

ඔවුනට පෙර විසූ ජන සමූහයන්ගේ අවසානය කෙසේ වී දැ?යි සිතා බලනු පිණිස ඔවුන් මහපොළොවේ සැරිසරා බැලිය යුතු නොවේද? එම සමූහයන් මොවුනට වඩා බලවත් වූහ. කෘෂිකර්මය සඳහාත් ප්රතිසංස්කරණය සඳහාත් උචිත ලෙස ඔවුන් ඉඩම් පරිවර්තනය කළෝය. මොවුන් පාලනය කිරීමට වඩා අධික කාලයක් ඔවුන් එය පාලනය කළෝය. අල්ලාහ්ගේ ඒකීයත්වය සැල කරමින් පැහැදිළි සාධක හා සාක්ෂි සමග ඔවුන්ගේ දූතවරු ඔවුන් වෙත පැමිණියෝය. නමුත් ඔවුහු බොරු කළෝය. අල්ලාහ් ඔවුන් විනාශ කරන විට අපරාධකරුවකු නොවීය. නමුත් ඔවුන්ගේ ප්රතික්ෂේපය හේතුවෙන් විනාශයේ කරුණු ගෙන්වා ගනිමින් තමන්ටම අපරාධකර ගත්තෝ ඔවුහුමය

ثُمَّ كَانَ عَـٰقِبَةَ ٱلَّذِينَ أَسَـٰٓـُٔوا۟ ٱلسُّوٓأَىٰٓ أَن كَذَّبُوا۟ بِـَٔايَـٰتِ ٱللَّهِ وَكَانُوا۟ بِهَا يَسْتَهْزِءُونَ ﴿١٠﴾

අල්ලාහ්ට ආදේශ කිරීමෙන් හා පාපකම් සිදු කිරීමෙන් තම ක්රියාවන් නරක් කර ගත්තවුන්ගේ අවසානය යනාහි එය නපුරෙන් ඉතා ගැඹුරුම අවසානය විය. ඊට හේතු ව සැබැවින්ම ඔවුන් අල්ලාහ්ගේ වදන් ප්රතික්ෂේප කළ බැවිණි. ඔවුන් ඒවාට සරදම් කළෝය. ඒවා හාස්යයට ලක් කළෝය

ٱللَّهُ يَبْدَؤُا۟ ٱلْخَلْقَ ثُمَّ يُعِيدُهُۥ ثُمَّ إِلَيْهِ تُرْجَعُونَ ﴿١١﴾

පූර්ව ආදර්ශයකින් තොර ව අල්ලාහ් මැවීම් උත්පාදනය කරයි. පසු ව ඔහු එය විනාශ කරයි. පසු ව නැවතත් එය ගෙන එයි. පසුව නැවතත් හරවා ගනියි. පසු ව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ විනිශ්චය හා ප්රතිඵල සඳහා ඔහු වෙත පමණක් නුඹලා යොමු කරනු ලබන්නෙහුය

وَيَوْمَ تَقُومُ ٱلسَّاعَةُ يُبْلِسُ ٱلْمُجْرِمُونَ ﴿١٢﴾

අවසන් හෝරාව සිදුවන දිනයේ අපරාධකරුවන් අල්ලාහ්ගේ කරුණාව ගැන බලාපොරොත්තු සුන් කර ගනිති. අල්ලාහ්ව ප්රතික්ෂේපය කිරීම සම්බන්ධයෙන් ඔවුන් සතු සාධක නොමැති වීම හේතුවෙන් ඔවුන්ගේ ආශාවන් එහි බිඳී යනු ඇත

وَلَمْ يَكُن لَّهُم مِّن شُرَكَآئِهِمْ شُفَعَـٰٓؤُا۟ وَكَانُوا۟ بِشُرَكَآئِهِمْ كَـٰفِرِينَ ﴿١٣﴾

මෙලොවෙහි ඔවුන් නමදිමින් සිටි, ඔවුන්ගේ හවුල්කරුවන් ඔවුන් දඬුවමින් මුදවා ගැනීම සඳහා ඔවුන් වෙනුවෙන් මැදිහත් වන්නන් අතරින් නොවනු ඇත. (එහෙත්) ඔවුන්ගේ හවුල්කරු වන් ප්රතික්ෂේප කරන්න්නෝ වෙති. ඔවුනට අවශ්ය වූ වේලාවේ ඔවුහු ඔවුන්ගෙන් වෙන්ව යති. ඔවුන් සියලු දෙනාම විනාශයේ සමානයන් වෙති. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

وَيَوْمَ تَقُومُ ٱلسَّاعَةُ يَوْمَئِذٍۢ يَتَفَرَّقُونَ ﴿١٤﴾

එම දිනයේ අවසන් හෝරාව සිදුවන දිනයේ ජනයා මෙලොව කළ ක්රියාවන්ට අනුකූලව ප්රතිඵල පිරිනැමීම සඳහා ඉල්ලීය්යීන් වෙත උසස් කරනු ලබමින් ද පහත් අය අතරින් ඉතා පහත් තත්ත්වයට පත් කරනු ලබමින් ද වෙන් වෙන්ව යති

فَأَمَّا ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّـٰلِحَـٰتِ فَهُمْ فِى رَوْضَةٍۢ يُحْبَرُونَ ﴿١٥﴾

අල්ලාහ්ව විශ්වාස කොට; ඔහු අබියස පිළිගනු ලබන දැහැමි ක්රියාවන් සිදු කළවුන් වනාහි, ස්වර්ගයේ කිසි දිනක විසන්ධි වී නොයන ඔවුන් ලබන සුව පහසුකම් පිළිබඳ ඔවුහු සතුටට පත් වෙති

وَأَمَّا ٱلَّذِينَ كَفَرُوا۟ وَكَذَّبُوا۟ بِـَٔايَـٰتِنَا وَلِقَآئِ ٱلْـَٔاخِرَةِ فَأُو۟لَـٰٓئِكَ فِى ٱلْعَذَابِ مُحْضَرُونَ ﴿١٦﴾

අල්ලාහ් ව ප්රතික්ෂේප කොට, අපගේ දූතවරුන්හට පහළ කරන ලද වදන් බොරු කොට, යළි අවදි කරනු ලැබීම හා විනිශ්චය බොරු කළවුන් වනාහි, ඔවුහ්මය දඬුවම සඳහා ඔවුන් ඉදිරිපත් කරනු ලබන්නෝ. ඔවුහු එයට අනිවාර්යය වූවෝ වෙති

فَسُبْحَـٰنَ ٱللَّهِ حِينَ تُمْسُونَ وَحِينَ تُصْبِحُونَ ﴿١٧﴾

නුඹලා සවස් කාලයට පිවිසෙන විට අල්ලාහ් සුවිශුද්ධ කරනු. එය මග්රිබ් හා ඉෂා සලාත් දෙක අතර කාලයයි. එමෙන්ම අලුයම් කාලයට පිවිසෙන විට දيඔහු ව සුවිශුද්ධ කරනු. එය ෆජ්ර් සලාතයේ වේලාවයි

وَلَهُ ٱلْحَمْدُ فِى ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ وَعَشِيًّۭا وَحِينَ تُظْهِرُونَ ﴿١٨﴾

සියලු පැසසුම් සුවිශුද්ධයාණන් වූ ඔහුට පමණක් සතුය. ඔහුගේ මලක්වරුන් ඔහු ව අහසේදී ප්රශංසාවට පත් කරයි. එමෙන්ම ඔහුගේ මැවීම් ඔහු ව මහපොළොවේ ප්රශංසාවට පත් කරයි. නුඹලා සැන්දෑ කාලයට පිවිසෙන විට ද ඔහුව සුවිශුද්ධ කරනු. එය අසර් සලාතයේ වේලාවයි. එමෙන්ම ලුහර් කාලයට පිවිසෙන විට ද නුඹලා ඔහු ව සුවිශුද්ධ කරනු

يُخْرِجُ ٱلْحَىَّ مِنَ ٱلْمَيِّتِ وَيُخْرِجُ ٱلْمَيِّتَ مِنَ ٱلْحَىِّ وَيُحْىِ ٱلْأَرْضَ بَعْدَ مَوْتِهَا ۚ وَكَذَٰلِكَ تُخْرَجُونَ ﴿١٩﴾

මිනිසා ව ශුක්රාණුවෙන් ද, කුරුළු පැටියා බිත්තරයෙන් මතු කරන්නාක් මෙන් ද අජීවී දැයින් ජීවී දෑ ඔහු බිහි කරයි. මිනිසාගෙන් ශුක්රාණුව ද කිකිලිගෙන් බිත්තරය ද මතු කරන්නාක් මෙන් ජීවී දැයි අජීවී දෑ ඔහු බිහි කරයි. මහපොළොව වියළී ගිය පසුව වර්ෂාව පහළ කොට ගහකොළ හට ගන්වා එය ජීවමාන කරයි. එසේ මහපොළොවේ පැලෑටි හට ගන්වා එය ජීවමාන කරන්නාක් මෙන්ම විනිශ්චය හා ප්රතිඵල සඳහා නුඹලා නුඹලාගේ මිණීවල්වල්වලින් බැහැර කරනු ලබන්නෙහුය

وَمِنْ ءَايَـٰتِهِۦٓ أَنْ خَلَقَكُم مِّن تُرَابٍۢ ثُمَّ إِذَآ أَنتُم بَشَرٌۭ تَنتَشِرُونَ ﴿٢٠﴾

අහෝ ජනයිනි! නුඹලාගේ පියාණන් පසින් මවනු ලැබූ අවස්ථාවේ අල්ලාහ්ගේ ශක්තිය හා ඔහුගේ ඒකීයත්වය පෙන්වා දෙන ඔහුගේ අතිමහත් සංඥාවක් විය. පසු ව ප්රජනන ක්රියාවලිය තුළින් අධික පරම්පරාවන්ගෙන් සමන්විත මිනිස් සමූහයක් බවට පත්ව මහපොළොවේ නැගෙනහිරවල් හා බටහිරවල් අතර නුඹලා විසිරී ජීවත් වන්නෙහුය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

وَمِنْ ءَايَـٰتِهِۦٓ أَنْ خَلَقَ لَكُم مِّنْ أَنفُسِكُمْ أَزْوَٰجًۭا لِّتَسْكُنُوٓا۟ إِلَيْهَا وَجَعَلَ بَيْنَكُم مَّوَدَّةًۭ وَرَحْمَةً ۚ إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَـٰتٍۢ لِّقَوْمٍۢ يَتَفَكَّرُونَ ﴿٢١﴾

لقوم يتفك رون අල්ලාහ්ගේ ශක්තිය හා ඔහුගේ ඒකීයත්වය පෙන්වා දෙන තවත් අති වැදගත් සාධකයක් වන්නේ, අහෝ පිරිමි පුද්ගලයිනි! නුඹලාගේ ආත්මාවන් ඔවුන් වෙත ගොස් සම්බන්ධකම් ඇති කරමින් සැනසුම ලබනු පිණිස නුඹලාගේ වර්ගයාගෙන්ම නුඹලා වෙනුවෙන් බිරියන් මවා නුඹලා අතර හා ඔවුන් අතර ආදරය හා කරුණාව ඇති කර තිබීමය. සඳහන් කරනු ලැබූ දෑහි වටහා ගන්නා ජනයාට පැහැදිළි සාධක හා සාක්ෂි ඇත. සැබැවින්ම ඔවුන්ගේ බුද්ධිය ක්රියාත්මක කිරීම තුළින් ප්රයෝජනය ලබනුයේ ඔවුන් වන බැවිණි

وَمِنْ ءَايَـٰتِهِۦ خَلْقُ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ وَٱخْتِلَـٰفُ أَلْسِنَتِكُمْ وَأَلْوَٰنِكُمْ ۚ إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَـٰتٍۢ لِّلْعَـٰلِمِينَ ﴿٢٢﴾

අල්ලාහ්ගේ ශක්තිය හා ඔහුගේ ඒකීයත්වය පෙන්වා දෙන තවත් අති වැදගත් සාධකයක් වනුයේ, අහස් හා මහපොළොව මැවීමය. ඒ අතර නුඹලාගේ භාෂාවන්හි වෙනස්කම් ද නුඹලාගේ වර්ණයේ වෙනස්කම් ද පිහිටා ඇත. දැනුමැති හා දැක්මැති ජනයාට සඳහන් කරනු ලැබූ දෑහි සාක්ෂි හා සාධක ඇත

وَمِنْ ءَايَـٰتِهِۦ مَنَامُكُم بِٱلَّيْلِ وَٱلنَّهَارِ وَٱبْتِغَآؤُكُم مِّن فَضْلِهِۦٓ ۚ إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَـٰتٍۢ لِّقَوْمٍۢ يَسْمَعُونَ ﴿٢٣﴾

අල්ලාහ්ගේ ශක්තිය හා ඔහුගේ ඒකීයත්වය පෙන්වා දෙන තවත් අති වැදගත් සාධකයක් වන්නේ, නුඹලාගේ රාත්රී නින්ද සහ දහවල් කාලයේ නුඹලාගේ වැඩ කටයුතු වලින් මදක් විවේක ගැනීම සඳහා නුඹලාගේ දහවල් සුළු නින්දය. එමෙන්ම ඔහුගේ තවත් සංඥාවක් වනුයේ නුඹලාගේ පරමාධිපතිගෙන් නුඹලා පෝෂණය සොයමින් සැරිසරනු පිණිස දහවල් කාලය ඔහු වෙන් කර තිබීමයි. පරිශීලනාත්මකව සවන් දෙන, පිළිගන්නා අයුරින් සවන් දෙන ජනයාහට සඳහන් කරනු ලැබූ දෑහි සාක්ෂි හා සාධක ඇත

وَمِنْ ءَايَـٰتِهِۦ يُرِيكُمُ ٱلْبَرْقَ خَوْفًۭا وَطَمَعًۭا وَيُنَزِّلُ مِنَ ٱلسَّمَآءِ مَآءًۭ فَيُحْىِۦ بِهِ ٱلْأَرْضَ بَعْدَ مَوْتِهَآ ۚ إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَـٰتٍۢ لِّقَوْمٍۢ يَعْقِلُونَ ﴿٢٤﴾

لٔايت لقوم يعقلون ඔහුගේ ශක්තිය හා ඔහුගේ ඒකීයත්වය පෙන්වා දෙන තවත් සාධකයක් වන්නේ, අහසෙහි නුඹලා දකින අකුණු එළියයි. අකුණු සැර හේතුවෙන් බිය ද වර්ෂාව පිළිබඳ සතුට ද යන කාරණා දෙකම එහි නුඹලාට මුසු කර ඇත. ඔහු නුඹලා වෙනුවෙන් අහසින් වැසි ජලය පහළ කරයි. මහපොළොව වියළී ගිය පසුව එමගින් පැළෑටි හට ගන්වා එය ප්රාණවත් කරයි. සැබැවින්ම වටහා ගන්නා ජනයාහට එහි පැහැදිලි සාධක හා සාක්ෂි ඇත. ඔවුහු එමගින් විනිශ්චය හා ප්රතිඵල සඳහා මරණින් පසු අවදි කරනු ලබනු ඇතැයි සාධක කර ගනිති

وَمِنْ ءَايَـٰتِهِۦٓ أَن تَقُومَ ٱلسَّمَآءُ وَٱلْأَرْضُ بِأَمْرِهِۦ ۚ ثُمَّ إِذَا دَعَاكُمْ دَعْوَةًۭ مِّنَ ٱلْأَرْضِ إِذَآ أَنتُمْ تَخْرُجُونَ ﴿٢٥﴾

අල්ලාහ්ගේ ශක්තිය හා ඔහුගේ ඒකීයත්වය පෙන්වා දෙන ඔහුගේ තවත් සාධකයක් වනුයේ, ඔහුගේ අනුහසින් අහස නොවැටී පැවතීම හා මහපොළොව නොපැළී පැවතීමයි. අනතුරු ව සූර් හොරණෑවෙහි මලක්වරයා පිඹීමෙන් කරන ඇරයුම තුළින් සුවිශුද්ධයාණන් නුඹලා ව ඇරයුම් කරන විට, නුඹලා විනිශ්චය හා ප්රතිඵල සඳහා නුඹලාගේ මිණීවලවල් වලින් නුඹලා බැහැර කරනු ලබනුل ඇත

وَلَهُۥ مَن فِى ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ ۖ كُلٌّۭ لَّهُۥ قَـٰنِتُونَ ﴿٢٦﴾

හිමිකාරත්වයෙන් මැවීමෙන් හා ප්රමාණ කිරීමෙන් අහස්හි ඇති දෑ ඔහුට පමණක් සතුය. මහපොළොවේ ඇති දෑ ද ඔහුට පමණක් සතුය. ඔහුගේ මැවීම් අතරින් අහස්හි ඇති සියලු දෑ ද මහපොළොවේ ඇති සියලු දෑ ද ඔහුගේ بلغ අල්-කුර්ආන් · තෆ්සීර් නියෝගයට යටන් වන්නන් ලෙසින් ඔහුට අවනත වූවෝ වෙති

وَهُوَ ٱلَّذِى يَبْدَؤُا۟ ٱلْخَلْقَ ثُمَّ يُعِيدُهُۥ وَهُوَ أَهْوَنُ عَلَيْهِ ۚ وَلَهُ ٱلْمَثَلُ ٱلْأَعْلَىٰ فِى ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ ۚ وَهُوَ ٱلْعَزِيزُ ٱلْحَكِيمُ ﴿٢٧﴾

කිසිදු පූර්වාදර්ශයකින් තොර ව මැවීම් උත්පාදනය කරන්නා සුවිශුද්ධ අල්ලාහ්ය. එය විනාශ වූ පසු ඔහු එය යළි ගෙන එයි. (ප්රථම වරට) උත්පාදනය කිරීමට වඩා යමක් නැවත ගෙන ඒම වඩාත් පහසුය. ඒ දෙකම ඔහුට පහසුය. ඊට හේතුව ඔහු යමකට ‘කුන්’ - වනු - යැයි පැවසූ වහාම එය සිදුවන බැවිනි. කීර්තිමත් හා පූර්ණවත් ගුණාංග අතරින් ඔහු කවර ගුණාංගයකින් වර්ණනා කරනු ලබන්නේ ද ඒ සියලු ගුණාංගවලට වඩා ඉහළ ගුණාංග ඔහු සතුය. ඔහු කිසිවකු පරාජය කළ නොහැකි සර්වබලධාරීය. ඔහුගේ මැවීමෙහි හා සැලසුම් කිරීමෙහි ඔහු මහා ප්රඥාවන්තය

ضَرَبَ لَكُم مَّثَلًۭا مِّنْ أَنفُسِكُمْ ۖ هَل لَّكُم مِّن مَّا مَلَكَتْ أَيْمَـٰنُكُم مِّن شُرَكَآءَ فِى مَا رَزَقْنَـٰكُمْ فَأَنتُمْ فِيهِ سَوَآءٌۭ تَخَافُونَهُمْ كَخِيفَتِكُمْ أَنفُسَكُمْ ۚ كَذَٰلِكَ نُفَصِّلُ ٱلْـَٔايَـٰتِ لِقَوْمٍۢ يَعْقِلُونَ ﴿٢٨﴾

අහෝ දේවත්වය ආදේශ කරන්නනි! නුඹලා තුළින්ම අල්ලාහ් නුඹලාට උපමාවක් ගෙන හැර පෑවේය. නුඹලාගේ මෙහෙකරුවන් හා වහලුන් අතරින් නුඹලාගේ ධනයෙහි නුඹලාට සමානුපාතිකව හවුල්වන කිසිදු හවුල්කරුවකු නුඹලාට වෙත්ද? නුඹලා අතරින් ඇතැමුන් තමන්ට හවුල් වූ නිදහස් පුද්ගලයකු සමග ධනය බෙඳනු ලැබීම නුඹලා බියවන්නාක් මෙන්ම නුඹලා සමග වූ නුඹලාගේ ධනය ඔවුන් අතර බෙදී යාම ගැන නුඹලා බිය වන්නෙහුය. මේ හේතුවෙන් නුඹලාගේ වහලුන් නුඹලා වෙනුවෙන් පිළිගන්නෙහු ද? සැබැවින්ම නුඹලා එය පිළි නොගන්නා බවට කිසිදු සැකයක් නැත. එසේ නම් තම මැවීම් හා තම ගැත්තන් අතරින් තම පාලනයේ කිසිදු හවුල් කරුවකු නොවීමට වඩාත් සුදුස්සා අල්ලාහ්ය. මෙවැනි උදාහරණ හා වෙනත් උදාහරණ ඉදිරිපත් කරමින් නොයෙකුත් සාක්ෂි හා සාධක වටහා ගන්නා ජනයාට අපි පැහැදිලි කරන්නෙමු. ඊට හේතුව එමගින් ප්රයෝජනය ලබන්නෝ ඔවුන් වන බැවිණි

بَلِ ٱتَّبَعَ ٱلَّذِينَ ظَلَمُوٓا۟ أَهْوَآءَهُم بِغَيْرِ عِلْمٍۢ ۖ فَمَن يَهْدِى مَنْ أَضَلَّ ٱللَّهُ ۖ وَمَا لَهُم مِّن نَّـٰصِرِينَ ﴿٢٩﴾

ඔවුන්ගේ මුළාවට හේතුව සාක්ෂි හා සාධකවල හිඟකම හෝ ඒවා පැහැදිලි නොකර තිබීම නොවේ. සැබැවින්ම එය ඔවුන් ආශාවන්ට වහල් වීම හා ඔවුන් මත වූ අල්ලාහ්ගේ වගකීම් පිළිබඳ නොදැනුවත්කමින් ඔවුන්ගේ මුතුන්මිත්තන්ව ඔවුන් අනුගමනය කිරීමය. අල්ලාහ් කවරෙකු නොමග යන්නට ඉඩ හැරියේ ද ඔහුට මග ලබනු පිණිස ආශිර්වාද කරනුයේ කවු ද? අල්ලාහ්ගේ දඬුවම ඔවුන්ගෙන් වළක්වන්නට උදව්කරුවන් කිසිවකු ඔවුනට නොවනු ඇත

فَأَقِمْ وَجْهَكَ لِلدِّينِ حَنِيفًۭا ۚ فِطْرَتَ ٱللَّهِ ٱلَّتِى فَطَرَ ٱلنَّاسَ عَلَيْهَا ۚ لَا تَبْدِيلَ لِخَلْقِ ٱللَّهِ ۚ ذَٰلِكَ ٱلدِّينُ ٱلْقَيِّمُ وَلَـٰكِنَّ أَكْثَرَ ٱلنَّاسِ لَا يَعْلَمُونَ ﴿٣٠﴾

නුඹ සියලු දහම්වලින් හැරී අල්ලාහ් කවර දහමක් වෙත හැරෙන්නැයි නුඹට නියම කර ඇත්තේ ද එම දහම වෙත නුඹ හා නුඹ සමග වූවන් මුහුණලනු. එය මිනිසාගේ සහජත්වය නිරූපණය කරන ඉස්ලාම් දහමය. අල්ලාහ්ගේ මැවීමට කිසිදු විකෘති කිරීමක් නැත. එය ඇද නැති ඍජු දහමය. නමුත් ජනයා අතරින් බහුතරයක් දෙනා සැබැවින්ම සත්යය දහම මෙම දහම බව නොහදුනති. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

۞ مُنِيبِينَ إِلَيْهِ وَٱتَّقُوهُ وَأَقِيمُوا۟ ٱلصَّلَوٰةَ وَلَا تَكُونُوا۟ مِنَ ٱلْمُشْرِكِينَ ﴿٣١﴾

නුඹලාගේ පව්වලට සමාව අයැද, සුවිශුද්ධයාණන් වෙත නුඹලා යොමු වනු. අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඔහුට බැතිමත්ව කටයුතු කරනු. සලාතය පූර්ණවත් අයුරින් ඉටු කරනු. තවද නුඹලා සහජ ස්වභාවයට පටහැනිව තමන්ගේ නැමදුම් අතර අල්ලාහ් සමග වෙනත් දේ ආදේශ තබන්නන් අතරට නුඹලා පත් නොවනු

مِنَ ٱلَّذِينَ فَرَّقُوا۟ دِينَهُمْ وَكَانُوا۟ شِيَعًۭا ۖ كُلُّ حِزْبٍۭ بِمَا لَدَيْهِمْ فَرِحُونَ ﴿٣٢﴾

ඔවුන්ගේ දහම විකෘති කොට; ඉන් කොටසක් විශ්වාස කොට; තවත් කොටසක් ප්රතික්ෂේප කළ දේව ආදේශකයින් අතරට නුඹලා පත් නොවනු. ඔවුන් විවිධ කණ්ඩායම් හා කොටස් බවට වෙන් වූහ. ඒ සෑම කණ්ඩායමක්ම ඔවුන් කවර ව්යාජ කරුණක සිටින්නේ ද ඒ ගැන සතුටු වෙමින් සිටියෝය. සත්යය මත පදනම්ව සිටින්නේ ඔවුන් පමණක් බවත් තමන් හැර සෙසු සියළු අය ව්යාජ දෑ මත සිටින බවත් ඔවුහු සිතා ගත්හ. ر

وَإِذَا مَسَّ ٱلنَّاسَ ضُرٌّۭ دَعَوْا۟ رَبَّهُم مُّنِيبِينَ إِلَيْهِ ثُمَّ إِذَآ أَذَاقَهُم مِّنْهُ رَحْمَةً إِذَا فَرِيقٌۭ مِّنْهُم بِرَبِّهِمْ يُشْرِكُونَ ﴿٣٣﴾

දේව ආදේශකයින්හට දැඩි රෝගයක් හෝ දිළිඳුභාවයක් හෝ සාගින්නක් හෝ ඇති වූ විට තමන්ට අත් වූ ඉරණම පහ කරන මෙන් ඔවුන්ගේ පරමාධිපති වෙත යොමු වී බැගෑපත්ව ඇරයුම් කරති. ඔවුනට අත් වූ ඉරණම පහ කොට ඔවුනට අල්ලාහ් කරුණාව දැක් වූ විට ඔවුන් අතරින් පිරිසක් ඇරයුම් කිරීමෙහි අල්ලාහ් හැර දමා ඔහු සමග හවුල්කළවුන් වෙත යොමු වෙති

لِيَكْفُرُوا۟ بِمَآ ءَاتَيْنَـٰهُمْ ۚ فَتَمَتَّعُوا۟ فَسَوْفَ تَعْلَمُونَ ﴿٣٤﴾

ඔවුන් අල්ලාහ්ගේ ආශිර්වාද ප්රතික්ෂේප කොට - උවදුරු ඉවත් කිරීම ද ඉන් එකකි- මෙලොව ජීවිතයේ ඔවුන් අතර ඇති දෑ භුක්ති විඳිමින් සිටියේ නම්, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සැබැවින්ම තමන් පැහැදිලි මුළාවෙහි සිටි බව ඔවුන්ගේ දෑස් තුළින්ම ඔවුන් දැක ගනු ඇත. أم أنزلنا عليهم سلطنا فهويتكلمبما كانوابه يشركون

أَمْ أَنزَلْنَا عَلَيْهِمْ سُلْطَـٰنًۭا فَهُوَ يَتَكَلَّمُ بِمَا كَانُوا۟ بِهِۦ يُشْرِكُونَ ﴿٣٥﴾

ඔවුන්ට සාක්ෂි නැති තත්වය යටතේ අල්ලාහ්ට ආදේශ කිරීමට ඔවුන්ව පෙලඹවූයේ කුමක් ද ? ඔවුහු අල්ලාහ්ට ආදේශ කිරීම වස්, සාක්ෂි ඉදිරිපත් කිරීම සඳහා සාක්ෂි ඇතුලත් ග්රන්ථයක් අප විසින් ඔවුන් වෙත පහළ නොකළ අතර, ඔවුන්ගේ ආදේශභාවය ගැන විස්තර කරන සහ ඔවුන් සිටින්නා වූ ඔවුන්ගේ අවිශ්වාස තත්වයේ වලංගු භාවය ස්තීර කරන පොතක් ඔවුන් සතුව නැත

وَإِذَآ أَذَقْنَا ٱلنَّاسَ رَحْمَةًۭ فَرِحُوا۟ بِهَا ۖ وَإِن تُصِبْهُمْ سَيِّئَةٌۢ بِمَا قَدَّمَتْ أَيْدِيهِمْ إِذَا هُمْ يَقْنَطُونَ ﴿٣٦﴾

නීරෝගීභාවය, පොහොසත්කම වැනි අපගේ ආශිර්වාද අතරින් එක් ආශිර්වාදයක් මිනිසුන්ට භුක්ති විඳින්නට සැළැස්වූ විට, ඒ ගැන ආඩම්බරයෙන් ඔවුහු සතුටු වෙති. අහංකාරකම් පාති. ඔවුන්ගේ අත්වලින් ඔවුන් සිදු කරගත් පාපකම් හේතුවෙන් ඔවුනට ලෙඩක් හෝ දිළිඳුකමක් වැනි ඔවුනට නපුරක් වන පරිදි යමක් ඔවුනට අත් වූ විට අල්ලාහ්ගේ කරුණා ව පිළිබඳ බලාපොරොත්තු සුන් කර ගනිති. ඔවුනට අත් වූ නපුර ඉවත් වීම ගැන අපේක්ෂාව ඔවුහු අතහරිති. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

أَوَلَمْ يَرَوْا۟ أَنَّ ٱللَّهَ يَبْسُطُ ٱلرِّزْقَ لِمَن يَشَآءُ وَيَقْدِرُ ۚ إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَـٰتٍۢ لِّقَوْمٍۢ يُؤْمِنُونَ ﴿٣٧﴾

සැබැවින්ම අල්ලාහ්, ඔහු අභිමත කරන ඔහුගේ ගැත්තන්හට ඔවුන් කෘතගුණ සළකන්නේද එසේ නැතහොත් ගුණමකුවන්නේදැයි පරීක්ෂා කරනු පිණිස පෝෂණ සම්පත් ව්යාප්ත කර දීම ඔවුහු නොදුටුවෝ ද? එමෙන්ම ඔවුන් ඉවසීමෙන් සිටින්නේද එසේ නැතහොත් කෝපාවිශ්ඨ වන්නේ දැයි පරීක්ෂා කරනු පිණිස ඔවුන් අතරින් ඔහු අභිමත කරන අයට පෝෂණ සම්පත් සීමා කරනු ඇත. ඇතැමුන්ට පෝෂණ සම්පත් විස්තීරණ කිරීමෙහි හා ඇතැමුන්ට ඒවා සීමා කිරීමෙහි අල්ලාහ්ගේ කරුණාව හා දයාව පිළිබඳ සාධක දේව විශ්වාසීන්හට ඇත

فَـَٔاتِ ذَا ٱلْقُرْبَىٰ حَقَّهُۥ وَٱلْمِسْكِينَ وَٱبْنَ ٱلسَّبِيلِ ۚ ذَٰلِكَ خَيْرٌۭ لِّلَّذِينَ يُرِيدُونَ وَجْهَ ٱللَّهِ ۖ وَأُو۟لَـٰٓئِكَ هُمُ ٱلْمُفْلِحُونَ ﴿٣٨﴾

අහෝ මුස්ලිම්වරය! සමීප ඥාතියාට උපකාර කිරීම, සම්බන්ධකම් පැවැත්වීම යනාදී ඔහුට උරුම විය යුතු අයිතිය පිරිනමනු. එමෙන්ම අවශ්යතාවෙන් පෙළෙන්නන්හට ඔවුන්ගේ අවශ්යතාව සපුරා ගන්නා දෑ පිරිනමනු. තම දේශයට යාමට නොහැකිව අතරමං වූ අසරණයාට ද නුඹ පිරිනමනු. අල්ලාහ්ගේ තෘප්තිය බලාපොරොත්තුවන්නන්හට මෙවන් මාර්ගවල වියදම් කිරීම උතුම් වන්නේය. මෙවන් උපකාර හා උරුමයන් පිළිගන්වන්නන් වනාහි, ඔවුහුමය ස්වර්ගයේ ඔවුන් පතන දෑ හිමි කර ගනිමින් ඔවුන් බියවන දඬුවමින් ආරක්ෂාව ලබමින් ජයග්රහණය ලබන්නෝ

وَمَآ ءَاتَيْتُم مِّن رِّبًۭا لِّيَرْبُوَا۟ فِىٓ أَمْوَٰلِ ٱلنَّاسِ فَلَا يَرْبُوا۟ عِندَ ٱللَّهِ ۖ وَمَآ ءَاتَيْتُم مِّن زَكَوٰةٍۢ تُرِيدُونَ وَجْهَ ٱللَّهِ فَأُو۟لَـٰٓئِكَ هُمُ ٱلْمُضْعِفُونَ ﴿٣٩﴾

ජනයා අතරින් කෙනෙකුට නුඹලා ධනය පිරිනමා එමගින් නුඹලා අපරාධීකාරී ලෙස අධික ව බලාපොරොත්තු වන්නේ ද එය අල්ලාහ් ඉදිරියේ කුසලින් වර්ධනය වන්නේ නැත. නමුත් අවශ්යතාවක් සඳහා ජනයාගෙන් කිසිදු ලාබයක් හෝ නිලයක් හෝ බලාපොරොත්තුවෙන් තොර ව අල්ලාහ්ගේ තෘප්තිය පමණක් බලාපොරොත්තුවෙන් අවශ්යතාව ඇත්තන්හට නුඹලාගේ ධනයෙන් නුඹලා පිරිනමන දෑ වනාහි, සැබැවින් අල්ලාහ් අබියස එම කුසල ගුණ කර දෙනු ලබන්නෝ ඔවුහුමය

ٱللَّهُ ٱلَّذِى خَلَقَكُمْ ثُمَّ رَزَقَكُمْ ثُمَّ يُمِيتُكُمْ ثُمَّ يُحْيِيكُمْ ۖ هَلْ مِن شُرَكَآئِكُم مَّن يَفْعَلُ مِن ذَٰلِكُم مِّن شَىْءٍۢ ۚ سُبْحَـٰنَهُۥ وَتَعَـٰلَىٰ عَمَّا يُشْرِكُونَ ﴿٤٠﴾

وتعل عما يشركون ى නුඹලාව ඔහු තනිව මවා පසුව නුඹලාට පෝෂණය පිරිනමා පසුව නුඹලා මියගිය පසුව නැවත නැගිටුවනු ලැබීම සඳහා ජීවය ලබා දෙන්නේ අල්ලාහ් වන ඔහු පමණය. මේවා කිසිවක් හෝ සිදු කළ හැකි අල්ලාහ් නොවන වෙනත් පිළිම නුඹලා සතු තිබේ ද? දේව ආදේශකයින් පවසා සිටින දැයින් හා ඔවුන් විශ්වාස කර සිටින දැයින් අල්ලාහ් පිවිතුරුය

ظَهَرَ ٱلْفَسَادُ فِى ٱلْبَرِّ وَٱلْبَحْرِ بِمَا كَسَبَتْ أَيْدِى ٱلنَّاسِ لِيُذِيقَهُم بَعْضَ ٱلَّذِى عَمِلُوا۟ لَعَلَّهُمْ يَرْجِعُونَ ﴿٤١﴾

මිනිසා කළ පාපකම් හේතුවෙන් නියඟය, වර්ෂාව හිඟවීම, නොයෙකුත් ලෙඩ රෝග හා වසංගතයන් වැනි දෑ මහපොළොවේ හා සාගරයේ මතු විය. මෙලොව ජීවිතයේ ඔවුන් සිදු කළ නපුරුකම් සඳහා විපාක විදිනු පිණිසත් පාපක්ෂමාවෙහි නිරිත වී, ඔවුන් නැවත හැරීමේ අපේක්ෂාවෙන් ඒවා මතු වී ඇත

قُلْ سِيرُوا۟ فِى ٱلْأَرْضِ فَٱنظُرُوا۟ كَيْفَ كَانَ عَـٰقِبَةُ ٱلَّذِينَ مِن قَبْلُ ۚ كَانَ أَكْثَرُهُم مُّشْرِكِينَ ﴿٤٢﴾

අහෝ දූතය! මෙම දේව ආදේශකයින්ට නුඹ මෙසේ පවසනු. ‘නුඹලා මහපොළොවේ සැරිසරා නුඹලාට පෙර විසූ ජන සමූහයන්ගේ අවසානය කෙසේ වී දැයි සිතා බලනු. එය නරක අවසානයක් විය. ඔවුන්ගෙන් බහුතරයක් දෙනා අල්ලාහ් بلغ අල්-කුර්ආන් · තෆ්සීර් සමග වෙනත් අය නමදිමින් ඔහුට ආදේශ කරන්නන් වූහ. ඔවුන් අල්ලාහ්ට ආදේශ කිරීම හේතුවෙන් ඔවුන් විනාශ කරනු ලැබුවෝය

فَأَقِمْ وَجْهَكَ لِلدِّينِ ٱلْقَيِّمِ مِن قَبْلِ أَن يَأْتِىَ يَوْمٌۭ لَّا مَرَدَّ لَهُۥ مِنَ ٱللَّهِ ۖ يَوْمَئِذٍۢ يَصَّدَّعُونَ ﴿٤٣﴾

අහෝ දූතය! මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය පැමිණීමට පෙර කිසිදු ඇදයක් නැති ඍජු ඉස්ලාම් දහම වෙත ඔබේ මුහුණ පිහුටවනු. එදින පැමිණි විට එය හෙළා දකින්නට කිසිවක් නැත. එදින මිනිසා වෙන් කරනු ලබනු ඇත. පිරිසක් ස්වර්ගයේ සුවපහසුකම් විඳිමින් සිටිති තවත් පිරිසක් නිරයේ දඬුවම් ලබමින් සිටිති

مَن كَفَرَ فَعَلَيْهِ كُفْرُهُۥ ۖ وَمَنْ عَمِلَ صَـٰلِحًۭا فَلِأَنفُسِهِمْ يَمْهَدُونَ ﴿٤٤﴾

කවරෙකු අල්ලාහ්ව ප්රතික්ෂේප කළේ ද ඔහුගේ ප්රතික්ෂේපයේ හානිය ඔහු වෙත නැවත හැරී එනු ඇත. -එය නිරා ගින්නේ සදාකල් වෙසෙන්නෙකු ලෙස පත් වීමයි- කවරෙකු අල්ලාහ්ගේ තෘප්තිය අපේක්ෂාවෙන් දැහැමි ක්රියාවක් සිදු කළේ ද ස්වර්ගයට පිවිසීම හා සදාතනිකයින් ලෙස එහි ඇති දෑ භුක්ති විදීම ඔවුන් වෙනුවෙන් ඔවුන් ම සූදානම් කර ගනිති

لِيَجْزِىَ ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّـٰلِحَـٰتِ مِن فَضْلِهِۦٓ ۚ إِنَّهُۥ لَا يُحِبُّ ٱلْكَـٰفِرِينَ ﴿٤٥﴾

අල්ලාහ්ව විශ්වාස කොට තම පරමාධිපති තෘප්තියට පත්කරන දැහැමි ක්රියාවන් සිදු කළවුනට ඔහුගේ භාග්යයෙන් හා ඔහුගේ උපකාරයෙන් ප්රතිඵල පිරිනමනු පිණිසය. සැබැවින්ම අල්ලාහ් ඔහු හා ඔහුගේ දූතවරුන් ප්රතික්ෂේප කරන්නන් ප්රිය කරන්නේ නැත. ඒ වෙනුවට ඔහු ඔවුන් කෙරෙහි දැඩි සේ කෝප වන්නේය. මළවුන් කෙරෙන් නැගිටවනු ලබන දිනයේ ඔහු ඔවුනට දඬුවම් කරනු ඇත

وَمِنْ ءَايَـٰتِهِۦٓ أَن يُرْسِلَ ٱلرِّيَاحَ مُبَشِّرَٰتٍۢ وَلِيُذِيقَكُم مِّن رَّحْمَتِهِۦ وَلِتَجْرِىَ ٱلْفُلْكُ بِأَمْرِهِۦ وَلِتَبْتَغُوا۟ مِن فَضْلِهِۦ وَلَعَلَّكُمْ تَشْكُرُونَ ﴿٤٦﴾

ولعل كم تشكرون අල්ලාහ්ගේ ශක්තිය හා ඔහුගේ ඒකීයත්වය පෙන්වා දෙන ඔහුගේ තවත් මහඟු සංඥාවක් වන්නේ වර්ෂාව පහළවීම සමීපයෙන් සිදු වන බවට ගැත්තන්හට ශුභාරංචි ගෙන දෙන සුළං එවීමය. අහෝ ජනයිනි! එය, වර්ෂාවෙන් පසු ඔහුගේ කරුණාවෙන් හට ගන්නා සංශ්රිකත්වය හා සතුට නුඹලාට භුක්ති විඳීමට ඔහු සලස්වනු පිණිසය. එමෙන්ම ඔහුගේ අභිමතය පරිදි මුහුදේ නැව් ගමන් කරවනු පිණිසය. එය ඔහුගේ භාග්යයෙන් සාගරයේ ගමන් කොට ව්යාපාර කටයුතු කිරීම සඳහාය. නුඹලා වෙත අල්ලාහ් ආශිර්වාද කළ ආශිර්වාදයන්ට කෘතඥ වී එමගින් ඔහු නුඹලාට අධිකව පිරිනමනු හැකිවනු පිණිසය

وَلَقَدْ أَرْسَلْنَا مِن قَبْلِكَ رُسُلًا إِلَىٰ قَوْمِهِمْ فَجَآءُوهُم بِٱلْبَيِّنَـٰتِ فَٱنتَقَمْنَا مِنَ ٱلَّذِينَ أَجْرَمُوا۟ ۖ وَكَانَ حَقًّا عَلَيْنَا نَصْرُ ٱلْمُؤْمِنِينَ ﴿٤٧﴾

අහෝ දූතය! සැබැවින්ම නුඹට පෙර අපි දූතවරුන් ඔවුන්ගේ සමූහයන් වෙත එව්වෙමු. ඔවුහු තම සත්යයභාවය පෙන්වා දෙන පැහැදිලි සාධක හා සාක්ෂි සමග ඔවුන් වෙත පැමිණියහ. නමුත් ඔවුන්ගේ දූතවරු ගෙන ආ දෑ ඔවුහු ප්රතික්ෂේප කළෝය. එවිට නපුරකම් සිදු කොට පාපකම් කළවුනට අපි ප්රතිචාර දැක්වූයෙමු. අපගේ දඬුවමින් අපි ඔවුන් විනාශ කළෙමු. දූතවරුන් හා ඔවුන්ව විශ්වාස කළවුන්ව එම විනාශයෙන් අපි මුදවා ගත්තෙමු. එමෙන්ම දේව විශ්වාසීන් මුදවා ගැනීමත් ඔවුනට උපකාර කිරීමත් අප වෙත අප අනිවාර්යය කර ගත්තා වූ උරුමයක් විය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

ٱللَّهُ ٱلَّذِى يُرْسِلُ ٱلرِّيَـٰحَ فَتُثِيرُ سَحَابًۭا فَيَبْسُطُهُۥ فِى ٱلسَّمَآءِ كَيْفَ يَشَآءُ وَيَجْعَلُهُۥ كِسَفًۭا فَتَرَى ٱلْوَدْقَ يَخْرُجُ مِنْ خِلَـٰلِهِۦ ۖ فَإِذَآ أَصَابَ بِهِۦ مَن يَشَآءُ مِنْ عِبَادِهِۦٓ إِذَا هُمْ يَسْتَبْشِرُونَ ﴿٤٨﴾

සුළං මෙහෙයවන්නේ ද, එය එවන්නේ ද සුවිශුද්ධයාණන් වන අල්ලාහ්ය. එම සුළං වළාකුළුවලට බලපෑම් ඇති කර එහි කම්පනයක් ඇති කරයි. එවිට එය අහසෙහි අල්ලාහ් අභිමත කරන පරිදි සුළු වශයෙන් හෝ අධික වශයෙන් හෝ ව්යාප්ත වී යයි. එමෙන්ම එය කොටස් බවටත් පත් කරයි. අධීක්ෂණය කර බලන්නනි! එවිට එම වළාකුළු අතරින් වර්ෂාව පහළ වනු නුඹ දකිනු ඇත. ඔහු අභිමත කරන ගැත්තන් හට වර්ෂාව ලැබුණු විට වර්ෂාව පහළ කිරීමෙන් පසු ඔවුන්ට හා ඔවුන්ගේ සිව්පාවුන්ට අවශ්ය වන දෑ මහපොළොව හට ගැන්වීමෙන් අල්ලාහ් ඔවුනට කළ ආශිර්වාදය ගැන සතුටු වෙති. وإن كانوامن قبل أن ينزل عليهم من قبله لمبلسين

وَإِن كَانُوا۟ مِن قَبْلِ أَن يُنَزَّلَ عَلَيْهِم مِّن قَبْلِهِۦ لَمُبْلِسِينَ ﴿٤٩﴾

අල්ලාහ් ඔවුන් වෙත වර්ෂාව පහළ කිරීමට පෙර එය ඔවුන් වෙත පහළ වීම ගැන ඔවුහු බලාපොරොත්තු සුන් කරගත්තන් ලෙස සිටියෝය

فَٱنظُرْ إِلَىٰٓ ءَاثَـٰرِ رَحْمَتِ ٱللَّهِ كَيْفَ يُحْىِ ٱلْأَرْضَ بَعْدَ مَوْتِهَآ ۚ إِنَّ ذَٰلِكَ لَمُحْىِ ٱلْمَوْتَىٰ ۖ وَهُوَ عَلَىٰ كُلِّ شَىْءٍۢ قَدِيرٌۭ ﴿٥٠﴾

අහෝ දූතය! අල්ලාහ් ආශිර්වාදයක් ලෙස තම ගැත්තන් හට පහළ කළ වර්ෂාවේ බලපෑම දෙස අධීක්ෂණය කර බලනු. මහපොළොව වියළී ගිය පසු ව විවිධ පැලෑටි වර්ග ඒ මත හට ගන්වා එය අල්ලාහ් ජීවමාන කරනුයේ කෙසේ දැයි බලනු. සැබැවින්ම වියළී ගිය පොළොව ජීවමාන කරන්නා මළවුන් ජීවමානව යළි අවදි කරන්නාය. සැබැවින්ම ඔහු සියලු දෑ කෙරෙහි සර්වබලධාරීය. කිසිවකු විසින් ඔහුرව පරාජය කළ නොහැක. ولئن أرسلنا ريحا فرأوه مصف الظلوا من بعده يكفرون

وَلَئِنْ أَرْسَلْنَا رِيحًۭا فَرَأَوْهُ مُصْفَرًّۭا لَّظَلُّوا۟ مِنۢ بَعْدِهِۦ يَكْفُرُونَ ﴿٥١﴾

අපි ඔවුන්ගේ වගාවන් හා ඔවුන්ගේ පැලෑටි මත ඔවුනට හානියක් වන පරිදි සුළගක් ඔවුන්ගේ වගාවන් සාරවත් ලෙස වැඩුණු පසු ව ඒවා කහපැහැගැන්වී තිබෙනු දුටුවේ නම් ඔවුන් ඒවා දෑසින් දුටු පසුව මීට පෙර අධිකව ලබා දුන් ආශිර්වාද ප්රතික්ෂේප කරන්නන් බවට පත් වූහ

فَإِنَّكَ لَا تُسْمِعُ ٱلْمَوْتَىٰ وَلَا تُسْمِعُ ٱلصُّمَّ ٱلدُّعَآءَ إِذَا وَلَّوْا۟ مُدْبِرِينَ ﴿٥٢﴾

නුඹ මියගියවුනට සවන් වැකෙන්නට සැලැස්විය නොහැකි සේම බිහිරන්ට සවන් වැකෙන්නට සැලැස්විය නොහැක. ඔවුන් සවන් නොදෙන බව ස්ථීර කරගත් බැවින් ඔවුහු නුඹගෙන් දුරස්ව ගියෝය. මොවුන් මෙන්ම පිටුදකින, ප්රයෝජන නොලබන අයට ද මග පෙන්වීමට නුඹට නොහැකිය

وَمَآ أَنتَ بِهَـٰدِ ٱلْعُمْىِ عَن ضَلَـٰلَتِهِمْ ۖ إِن تُسْمِعُ إِلَّا مَن يُؤْمِنُ بِـَٔايَـٰتِنَا فَهُم مُّسْلِمُونَ ﴿٥٣﴾

ඍජු මාර්ගයෙන් නොමග ගියවුන්ට යහමාර්ගය වෙත ආශිර්වාද කරන්නෙකු ලෙස නුඹ නැත. එමෙන්ම එමගින් ප්රයෝජන ලබන අයුරින් ඔවුනට සවන් වැකෙන්නට සැලැස්විය ද නොහැක. නමුත් අපගේ වදන් විශ්වාස කරන්නන් හැර නුඹ පවසන දැයින් ප්රයෝජනය ලබන්නේ එවැන්නන්ය. ඔවුහු අපගේ නියෝගවලට අවනත වන, එයට යටත් වන අය වෙති. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

۞ ٱللَّهُ ٱلَّذِى خَلَقَكُم مِّن ضَعْفٍۢ ثُمَّ جَعَلَ مِنۢ بَعْدِ ضَعْفٍۢ قُوَّةًۭ ثُمَّ جَعَلَ مِنۢ بَعْدِ قُوَّةٍۢ ضَعْفًۭا وَشَيْبَةًۭ ۚ يَخْلُقُ مَا يَشَآءُ ۖ وَهُوَ ٱلْعَلِيمُ ٱلْقَدِيرُ ﴿٥٤﴾

අහෝ මිනිසුනි! අල්ලාහ් වනාහි, අල්ප ජලයෙන් නුඹලාව මවා, නුඹලාගේ දුර්වල ළදුරු අවදියෙන් පසු ශක්තිමත් මිනිස් අවදියටත්, අනතුරුව ශක්තිමත් මිනිස් අවදියෙන් පසු වැඩිහිටි වයෝවෘද්ධ දුබල අවදියටත් පත් කරනුයේ ඔහුය. දුර්වල දැයින් හා ශක්තිමත් දැයින් අල්ලාහ් අභිමත කරන දෑ ඔහු මවන්නේය. ඔහු සියලු දෑ පිළිබඳ සර්වඥානීය. ඔහුට කිසිවක් සැඟවෙන්නේ නැත. ඔහු කිසිවකු විසින් පරාජය කළ නොහැකි සර්වබලධාරියාණන්ය

وَيَوْمَ تَقُومُ ٱلسَّاعَةُ يُقْسِمُ ٱلْمُجْرِمُونَ مَا لَبِثُوا۟ غَيْرَ سَاعَةٍۢ ۚ كَذَٰلِكَ كَانُوا۟ يُؤْفَكُونَ ﴿٥٥﴾

මළවුන් කෙරෙන් නැගිටුවනු ලැබීම සිදුවන දිනයේ තමන්ගේ මිනීවළවල්වල මොහොතක් මිස රැඳී නොසිටි බව වැරදිකරුවෝ දිවුරා සිටිති. ඔවුන්ගේ මිනීවළවල් තුළ රැඳී සිටි කාල ප්රමාණය පිළිබඳ දැනුමෙන් ඔවුන් වෙනතකට හරවනු ලැබුවාක් මෙන් ඔවුහු මෙලොවෙහි සත්යයෙන් වෙනතකට යොමුවෙමින් සිටියෝය

وَقَالَ ٱلَّذِينَ أُوتُوا۟ ٱلْعِلْمَ وَٱلْإِيمَـٰنَ لَقَدْ لَبِثْتُمْ فِى كِتَـٰبِ ٱللَّهِ إِلَىٰ يَوْمِ ٱلْبَعْثِ ۖ فَهَـٰذَا يَوْمُ ٱلْبَعْثِ وَلَـٰكِنَّكُمْ كُنتُمْ لَا تَعْلَمُونَ ﴿٥٦﴾

تعلمون අල්ලාහ් දැනුම පිරිනැමූ නබිවරු හා මලක්වරු, "අල්ලාහ් තමන් සතු පූර්ව දැනුමෙහි සටහන් කර ඇති පරිදි, නුඹලා මැවීමේ දින පටන් නුඹලා පිළිකුල් කළ නුඹලාව නැවත අවදි කිරීමේ දිනය දක්වා සැබැවින්ම නුඹලා රැඳී සිට ඇත. මෙය ජනයා ඔවුන්ගේ මිනීවළවල්වලින් අවදි කරනු ලබන දිනයයි. නමුත් සැබැවින්ම නැවත නැගිටුවනු ලැබීම සිදුවන්නක් බව නුඹලා නොදැන සිටියෙහුය. නුඹලා එය ප්රතික්ෂේප කළෙහුය." යැයි පවසති

فَيَوْمَئِذٍۢ لَّا يَنفَعُ ٱلَّذِينَ ظَلَمُوا۟ مَعْذِرَتُهُمْ وَلَا هُمْ يُسْتَعْتَبُونَ ﴿٥٧﴾

විනිශ්චය හා ප්රතිඵල සඳහා අල්ලාහ් සියලු මැවීම් යළි අවදි කරන දිනයේ, ඔවුන් නිදහසට බොරු ගොතා පවසන දෑ ප්රයෝනවත් වන්නේ නැත. එම නියමිත කාලය අතපසු වී ඇති බැවින් පාපක්ෂමාව අයැද අල්ලාහ් වෙත යොමු වී ඔහුගේ තෘප්තිය සොයන මෙන් ඔවුන්ගෙන් ඉල්ලා සිටිනු නොලැබේ

وَلَقَدْ ضَرَبْنَا لِلنَّاسِ فِى هَـٰذَا ٱلْقُرْءَانِ مِن كُلِّ مَثَلٍۢ ۚ وَلَئِن جِئْتَهُم بِـَٔايَةٍۢ لَّيَقُولَنَّ ٱلَّذِينَ كَفَرُوٓا۟ إِنْ أَنتُمْ إِلَّا مُبْطِلُونَ ﴿٥٨﴾

මිනිසුනට අවධාරණය කරමින් සෑම උපමාවක්ම අපි අල් කුර්ආනයේ ගෙනහැර පෑවෙමු. එය ඔවුනට අසත්යයෙන් සත්යය පැහැදිලි වනු පිණිසය. අහෝ දූතය! නුඹේ සත්යයභාවය තහවුරු කරමින් ඔවුන් වෙත නුඹ සාධක ගෙන ආ කල්හි අල්ලාහ්ව ප්රතික්ෂේප කළවුන්, "නුඹළා කවර කරුණක් ගෙන ආවෙහි ද එහි නුඹල අසත්යවාදීහු මිස නැතැයි" යැයි පවසා සිටියෝය

كَذَٰلِكَ يَطْبَعُ ٱللَّهُ عَلَىٰ قُلُوبِ ٱلَّذِينَ لَا يَعْلَمُونَ ﴿٥٩﴾

නුඹ ඔවුන් වෙත සාධකය ගෙන ආ විට එය විශ්වාස නොකර සිටියවුන්ගේ හදවත් මත මුද්රා කරනු ලැබුවාක් මෙන් නුඹ ඔවුන් වෙත ගෙන ආ දෑ සත්යය බව වටහා නොගන්නා සෑම කෙනෙකුගේම හදවත් මත අල්ලාහ් මුද්රා තබන්නේය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර් ق

فَٱصْبِرْ إِنَّ وَعْدَ ٱللَّهِ حَقٌّۭ ۖ وَلَا يَسْتَخِفَّنَّكَ ٱلَّذِينَ لَا يُوقِنُونَ ﴿٦٠﴾

නුඹේ ජනයා නුඹව බොරු කිරීම සම්බන්ධයෙන් නුඹ ඉවසනු. උදව් පිරිනමන බවටත්, පහසුකම් සලසන බවටත් අල්ලාහ් නුඹට කළ ප්රතිඥාව කිසිදු සැකයකින් තොරව ස්ථීරවම සිදුවන්නකි. සැබැවින්ම තමන් යළි අවදි කරනු නොලබන බව තරයේ විශ්වාස කරන උදවිය නුඹ ඉක්මන්වීම හෝ ඉවසීම අතහැර දමන තරමට නුඹව අතහැර නොදැමිය යුතුය. මූලාශ්‍රය: අල්-මුඃතසර් ෆී තෆ්සීරිල් කුර්ආන්

ඉගෙන ගන්න · Ar-Room — الروم

අනුගමනය · පුනරාවර්තනය · පැවසීම · ලියාපදිංචිය අවශ්‍ය නැත

තෆ්සීර් · 31 භාෂා