الٓمٓ ﴿١﴾
(අලිෆ්, ලාම්, මීම්) සූරා බකරා ආරම්භයේදී මෙවැනි පාඨ පිළිබඳ විස්තර සඳහන් කර ඇත
මුල් පිටුව›තෆ්සීර්›Luqman (31)
මක්කී · 34 වාක්‍ය
الٓمٓ ﴿١﴾
(අලිෆ්, ලාම්, මීම්) සූරා බකරා ආරම්භයේදී මෙවැනි පාඨ පිළිබඳ විස්තර සඳහන් කර ඇත
تِلْكَ ءَايَـٰتُ ٱلْكِتَـٰبِ ٱلْحَكِيمِ ﴿٢﴾
අහෝ දූතය! නුඹ වෙත පහළ කරනු ලැබූ මෙම වදන් ප්රඥාව කතා කරන පුස්තකයේ පාඨ වෙති. هدى ورحمة للمح سنين
هُدًۭى وَرَحْمَةًۭ لِّلْمُحْسِنِينَ ﴿٣﴾
එමෙන්ම තම පරමාධිපතිගේ යුතුකම් හා ඔහුගේ ගැත්තන්ගේ යුතුකම් ක්රියාවට නංවමින් දැහැමි ක්රියාවන් සිදු කරන දැහැමියන් හට එය මග පෙන්වීමක් හා ආශිර්වාදයකි
ٱلَّذِينَ يُقِيمُونَ ٱلصَّلَوٰةَ وَيُؤْتُونَ ٱلزَّكَوٰةَ وَهُم بِٱلْـَٔاخِرَةِ هُمْ يُوقِنُونَ ﴿٤﴾
ඔවුන් වනාහි සලාතය පූර්ණවත් අයුරින් විධිමත්ව ඉටු කරන්නෝ වෙති. ඔවුන්ගේ ධනයෙන් සකාත් පිරිනමති. එමෙන්ම ඔවුහු මතුලොවෙහි සිදුවන යළි අවදි කරනු ලැබීම, විනිශ්චය, කුසල් හා දඬුවම් ගැන තරයේ විශ්වාස කරන්නෝ වෙති
أُو۟لَـٰٓئِكَ عَلَىٰ هُدًۭى مِّن رَّبِّهِمْ ۖ وَأُو۟لَـٰٓئِكَ هُمُ ٱلْمُفْلِحُونَ ﴿٥﴾
මෙම ගුණාංගවලින් වර්ණනා කරනු ලැබූවෝ ඔවුන්ගේ පරමාධිපතිගේ යහමග මත වෙති. ඔවුන් පතන දෑ හිමි කර ගනිමින් ඔවුන් බිය වූ දැයින් දුරස් වෙමින් ජයග්රහණය ලැබූවෝ ඔවුහු වෙති
وَمِنَ ٱلنَّاسِ مَن يَشْتَرِى لَهْوَ ٱلْحَدِيثِ لِيُضِلَّ عَن سَبِيلِ ٱللَّهِ بِغَيْرِ عِلْمٍۢ وَيَتَّخِذَهَا هُزُوًا ۚ أُو۟لَـٰٓئِكَ لَهُمْ عَذَابٌۭ مُّهِينٌۭ ﴿٦﴾
නළ්ර් ඉබ්නු අල් හාරිස් වැනි කිසිදු දැනුමකින් තොර ව අල්ලාහ්ගේ දහමින් ජනයා වෙනතකට යොමු කරනු පිණිස අවදානය වෙනස් කරවන ප්රකාශ තෝරා ගෙන, අල්ලාහ්ගේ වදන් හාස්යයට ගන්නා අය ද ජනයා අතර සිටිති. මෙවන් ගතිගුණවලින් වර්ණනා කරනු ලැබූවන්හට මතුලොවෙහි අවමානය ගෙන දෙන දඬුවමක් ඇත
وَإِذَا تُتْلَىٰ عَلَيْهِ ءَايَـٰتُنَا وَلَّىٰ مُسْتَكْبِرًۭا كَأَن لَّمْ يَسْمَعْهَا كَأَنَّ فِىٓ أُذُنَيْهِ وَقْرًۭا ۖ فَبَشِّرْهُ بِعَذَابٍ أَلِيمٍ ﴿٧﴾
ඔහු වෙත අපගේ වදන් පාරායනය කරනු ලැබූ විට, හඬවල් ඇසීමෙන් ඔහුගේ දෙකන්හි බිහිරිබව ඇත්තාක් සේ එය නොඇසුනාක් මෙන් එයට ඇහුන්කන් දීමට ඔහු උඬගු වී හැරී ගියේය. අහෝ දූතය! ඔහුව බලාපොරොත්තුවෙන් සිටින වේදනීය දඬුවම ගැන ඔබ ඔහුට සුභාරංචි දෙනු
إِنَّ ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّـٰلِحَـٰتِ لَهُمْ جَنَّـٰتُ ٱلنَّعِيمِ ﴿٨﴾
සැබැවින්ම අල්ලාහ් ව විශ්වාස කොට, දැහැමි ක්රියාවන් සිදු කළවුනට සැප පහසුකම් සහිත ස්වර්ග උයන් ඇත. අල්ලාහ් එහි ඔවුනට සූදානම් කර ඇති දෑ අතර ඔවුහු භුක්ති විදිති. بلغ අල්-කුර්ආන් · තෆ්සීර් ق
خَـٰلِدِينَ فِيهَا ۖ وَعْدَ ٱللَّهِ حَقًّۭا ۚ وَهُوَ ٱلْعَزِيزُ ٱلْحَكِيمُ ﴿٩﴾
ඔවුහු එහි සදාකල් වෙසෙන්නෝ වෙති. ඒ ගැන අල්ලාහ් ස්ථීර ප්රතිඥාවක් ඔවුනට පොරොන්දු වී ඇත. එහි කිසිදු සැකයක් නැත. සුවිශුද්ධයාණන් වන ඔහු කිසිවකු විසින් පරාජය කළ නොහැකි සර්ව බලධාරියාණන්ය. ඔහුගේ මැවීමෙහි, නියම කිරීමෙහි හා දහම් ගත කිරීමෙහි ඔහු මහා ප්රඥාවන්තය
خَلَقَ ٱلسَّمَـٰوَٰتِ بِغَيْرِ عَمَدٍۢ تَرَوْنَهَا ۖ وَأَلْقَىٰ فِى ٱلْأَرْضِ رَوَٰسِىَ أَن تَمِيدَ بِكُمْ وَبَثَّ فِيهَا مِن كُلِّ دَآبَّةٍۢ ۚ وَأَنزَلْنَا مِنَ ٱلسَّمَآءِ مَآءًۭ فَأَنۢبَتْنَا فِيهَا مِن كُلِّ زَوْجٍۢ كَرِيمٍ ﴿١٠﴾
කුළුණු කිසිවක් නොමැති ව අහස් උසින් පිහිටන සේ උත්තරීතර අල්ලාහ් ඒවා මැව්වේය. නුඹලා කම්පනය නොවන්නට ඔහු මහ පොළොව මත ස්ථාවර කඳු පිහිටෙව්වේය. මහපොළොව මත ජීවී වර්ග විසිරුවා හැරියේය. අහසින් වැසි ජලය පහළ කොට මහපොළොවේ මිනිසුන් හා සිවුපාවුන් ප්රයෝජනයට ගන්නා දැකුම් කළු පැසුණු සෑම වර්ගයක්ම ඔහු හට ගැන්වීය
هَـٰذَا خَلْقُ ٱللَّهِ فَأَرُونِى مَاذَا خَلَقَ ٱلَّذِينَ مِن دُونِهِۦ ۚ بَلِ ٱلظَّـٰلِمُونَ فِى ضَلَـٰلٍۢ مُّبِينٍۢ ﴿١١﴾
මෙහි සඳහන් කරනු ලැබූ දෑ අල්ලාහ්ගේ මැවීම්ය. අහෝ දේව ආදේශකයිනි! අල්ලාහ් හැර නුඹලා නමදින දෑ මවා ඇත්තේ කුමක් දැ?යි අවධානයෙන් බලනු. එසේ නොව, අපරාධකරුවෝ ඔවුන් ද මවනු ලැබූ තත්ත්වයේ, කිසිවක් මවන්නට නොහැකි දෑ ඔවුන්ගේ පරමාධිපති සමග සමාන කොට සත්යයෙන් පෙරළී පැහැදිළි මුළාවෙහි සිටිති
وَلَقَدْ ءَاتَيْنَا لُقْمَـٰنَ ٱلْحِكْمَةَ أَنِ ٱشْكُرْ لِلَّهِ ۚ وَمَن يَشْكُرْ فَإِنَّمَا يَشْكُرُ لِنَفْسِهِۦ ۖ وَمَن كَفَرَ فَإِنَّ ٱللَّهَ غَنِىٌّ حَمِيدٌۭ ﴿١٢﴾
දහම පිළිබඳ අවබෝධය හා කරුණු පිළිබඳ වැටහීම සැබැවින්ම අපි ලුක්මාන්ට පිරිනැමුවෙමු. ඔහුට අපි මෙසේ ප්රකාශ කළෙමු. "අහෝ ලුක්මාන් කවර ආශිර්වාදයක් ඔහු නුඹට පිරිනමා ඇත්තේ ද එයට අවනත වනු පිණිස නුඹ නුඹේ පරමාධිපතිට කෘතඥ වනු. කවරෙකු තම පරමාධිපතිට කෘතඥ වන්නේ ද සැබැවින්ම එම කෘතඥතාවයේ ප්රතිඵල ඔහු වෙත නැවත හැරී එනු ඇත. ඔහුට කෘතඥතාව පුද කරනු ලැබීමේ කිසිදු අවශ්යතාවක් ඔහුට නැත. එමෙන්ම කවරෙකු අල්ලාහ්ගේ ආශිර්වාදයන් හෙළා දැක එමගින් සුවිශුද්ධයාණන්ව ප්රතික්ෂේප කළේ ද ඔහු කළ ප්රතික්ෂේපයේ විපාකය ඔහුට එරෙහිවම පිහිටනු ඇත. එමගින් කිසිදු හානියක් අල්ලාහ්ට සිදු වන්නේ නැත. ඔහු ඔහුගේ සියලු මැවීම්වල අවශ්යතාවන්ගෙන් තොරය. සෑම තත්ත්වයකම ඔහු ප්රශංසාලාභීය
وَإِذْ قَالَ لُقْمَـٰنُ لِٱبْنِهِۦ وَهُوَ يَعِظُهُۥ يَـٰبُنَىَّ لَا تُشْرِكْ بِٱللَّهِ ۖ إِنَّ ٱلشِّرْكَ لَظُلْمٌ عَظِيمٌۭ ﴿١٣﴾
අහෝ දූතය! ලුක්මාන් තුමා තම පුතණුවන්ට යහපත කිරීමට දිරිගන්වමින් හා අයහපත් දෑ පිළිබඳ අවවාද කරමින් උපදෙස් දුන් අවස්ථාව මෙනෙහි කර බලනු. ඔහු, "මාගේ ආදරණීය පුතණුවනි! අල්ලාහ් සමග වෙනත් අයකු නොනමදිනු. අල්ලාහ් සමග වෙනත් දෑ නමදිනු ලැබීම, නිරා ගින්නට සදාතනිකයකු බවට පත් කරවන මහා පාපයන්ගෙන් තමන්ට කර ගන්නා මහා අපරාධයකි." යැයි පැවසීය
وَوَصَّيْنَا ٱلْإِنسَـٰنَ بِوَٰلِدَيْهِ حَمَلَتْهُ أُمُّهُۥ وَهْنًا عَلَىٰ وَهْنٍۢ وَفِصَـٰلُهُۥ فِى عَامَيْنِ أَنِ ٱشْكُرْ لِى وَلِوَٰلِدَيْكَ إِلَىَّ ٱلْمَصِيرُ ﴿١٤﴾
තම දෙමාපියන්ට අවනත වන මෙන් ද, අල්ලාහ් වෙනුවෙන් පාපයක් සිදු නොවන ක්රියාවන්හි ඔවුන් දෙපළට ඇප උපස්ථාන කරන මෙන් ද අපි මිනිසාට උපදෙස් දුනිමු. ඔහුගේ මව දුෂ්කතරාවකින් පසු දුෂ්කරතාවකට මුහුණ දෙමින් ඇයගේ කුස තුළ ඔහු ව ඉසිළුවාය. වසර දෙකක කාලය තුළ කිරි දී අවසන් කළාය. තවද අපි ඔහුට මෙසේ පැවසුවෙමු. "නුඹ වෙත කවර ආශිර්වාදයක් අල්ලාහ් පිරිනමා ඇත්තේ ද ඒ සඳහා නුඹ ඔහු ට කෘතඥ වනු. පසු ව بلغ අල්-කුර්ආන් · තෆ්සීර් නුඹව ඇති දැඩි කිරීමෙහි හා නුඹ ව රැකබලාගැනීමෙහි නිරත වූ නුඹේ දෙමව්පියන්ට කෘතඥ වනු. නැවත හැරීම ඇත්තේ මා වෙතය. එවිට ඒ සෑම කෙනෙකු වෙනුවෙන්ම ඔවුනොවුන්ට සුදුසු ප්රතිඵල මම පිරිනමමි."
وَإِن جَـٰهَدَاكَ عَلَىٰٓ أَن تُشْرِكَ بِى مَا لَيْسَ لَكَ بِهِۦ عِلْمٌۭ فَلَا تُطِعْهُمَا ۖ وَصَاحِبْهُمَا فِى ٱلدُّنْيَا مَعْرُوفًۭا ۖ وَٱتَّبِعْ سَبِيلَ مَنْ أَنَابَ إِلَىَّ ۚ ثُمَّ إِلَىَّ مَرْجِعُكُمْ فَأُنَبِّئُكُم بِمَا كُنتُمْ تَعْمَلُونَ ﴿١٥﴾
ඔවුන් දෙදෙනා විසින් පනවන නීතියක් ලෙස අල්ලාහ් නොවන දෑ ඔහුට ආදේශ කිරීම සඳහා ඔවුන් දෙදෙනා නුඹ මත පටවන්නට උත්සාහ කළේ නම් එහිදී නුඹ ඔවුන් දෙදෙනාට අවනත නොවනු. හේතුව මැවුම්කරුට පිටුපා මැවීම්වලට අවනත විය යුතු නොවන බැවිණි. මෙලොවෙහි නුඹ ඔවුන් දෙදෙනාට ඇප උපස්ථාන කරනු. මව්පිය සම්බන්ධකම් පවත් වනු. උපකාර කරනු. දේව ඒකීයත්වය පිළිගනිමින් හා අවනත වෙමින් මා වෙත යොමු වන්නන්ගේ මාර්ගය පිළිපදිනු. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලා සියලු දෙනාගේම හැරීම ඇත්තේ මා වෙතය. එවිට මෙලොවෙහි නුඹලා කවර ක්රියාවක් සිදු කරමින් සිටියේ ද ඒ ගැන මම නුඹලාට දැනුම් දෙන්නෙමි. ඒ සඳහා මම නුඹලාට ප්රතිඵල පිරිනමමි
يَـٰبُنَىَّ إِنَّهَآ إِن تَكُ مِثْقَالَ حَبَّةٍۢ مِّنْ خَرْدَلٍۢ فَتَكُن فِى صَخْرَةٍ أَوْ فِى ٱلسَّمَـٰوَٰتِ أَوْ فِى ٱلْأَرْضِ يَأْتِ بِهَا ٱللَّهُ ۚ إِنَّ ٱللَّهَ لَطِيفٌ خَبِيرٌۭ ﴿١٦﴾
මාගේ ආදරණීය පුතණුවනි! සැබැවින්ම නපුර හෝ යහකම හෝ වේවා, එය අබ ඇටයක තරම් කුඩාවට තිබුණ ද, එය කිසිවකු විසින් එබී බැලිය නොහැකි කළු ගල් පර්වතයක් තුළ තිබුණ ද, අහස් හි හෝ මහපොළොවේ හෝ කවර ස්ථානයක තිබුණ ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සැබැවින්ම අල්ලාහ් එය ගෙන එනු ඇත. ඒ සඳහා ගැත්තාට ඔහු ප්රතිඵල පිරිනමනු ඇත. සැබැවින්ම අල්ලාහ් සියුම් ඥානීය. කරුණුවල සියුම් දෑ කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. එම කරුණුවල යථාර්ථයන් හා ඒවායෙහි ස්ථාන පිළිබඳ ඔහු සර්ව ඥානීය
يَـٰبُنَىَّ أَقِمِ ٱلصَّلَوٰةَ وَأْمُرْ بِٱلْمَعْرُوفِ وَٱنْهَ عَنِ ٱلْمُنكَرِ وَٱصْبِرْ عَلَىٰ مَآ أَصَابَكَ ۖ إِنَّ ذَٰلِكَ مِنْ عَزْمِ ٱلْأُمُورِ ﴿١٧﴾
"මාගේ ආදරණීය පුතණුවනි! සලාතය පූර්ණ ලෙස විධිමත් ව ඉටු කරනු. යහපත නියෝග කරනු. අයහපතින් වළක්වනු. එහිදී නුඹට අත්වන පිළිකුල් සහගත දෑ ඉවසා දරා ගනු. සැබැවින්ම මේවා අතරින් නුඹට අණ කරනු ලැබූ දෑ වනාහි ඒවා නුඹ ඉටු කිරීම සඳහා අල්ලාහ් නුඹ මත ස්ථීර කළ දෑ වෙයි. එහි නුඹට තෝරා ගැනීමේ නිදහසක් නැත
وَلَا تُصَعِّرْ خَدَّكَ لِلنَّاسِ وَلَا تَمْشِ فِى ٱلْأَرْضِ مَرَحًا ۖ إِنَّ ٱللَّهَ لَا يُحِبُّ كُلَّ مُخْتَالٍۢ فَخُورٍۢ ﴿١٨﴾
අහංකාරකමින් නුඹේ මුහුණු මිනිසුන්ගෙන් නොහරවනු. නුඹ ගැන නුඹ ම උදම් අනමින් සතුටින් මහපොළොව මත ගමන් නොකරනු. සැබැවින්ම තම ගමනෙහි උඩඟුකම් පාන, තමන්ට පිරිනැමූ ආශිර්වාදයන් ගැන අහංකාර වී ඒ සඳහා අල්ලාහ්ට කෘතඥ නොවී ආඩම්භරයෙන් ගමන් කරන සෑම කෙනෙකුවම සැබැවින්ම අල්ලාහ් ප්රිය කරන්නේ නැත
وَٱقْصِدْ فِى مَشْيِكَ وَٱغْضُضْ مِن صَوْتِكَ ۚ إِنَّ أَنكَرَ ٱلْأَصْوَٰتِ لَصَوْتُ ٱلْحَمِيرِ ﴿١٩﴾
ගමනෙහි අභිමානවත් ලෙස වේගය හා මන්දගාමී අතර මධ්යස්ථභාවය රකිමින් ගමන් ගනු. ඔබේ හඬ පහත් කරනු. හිංසා ඇති වන පරිදි එය උස් නොකරනු. සැබැවින්ම හඬවල් අතරින් වඩාත් කැතම හඬ වනුයේ බූරුවාගේ හඬය. හේතුව එය හඬවල් අතරින් උස් හඬක් වන බැවිණි. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
أَلَمْ تَرَوْا۟ أَنَّ ٱللَّهَ سَخَّرَ لَكُم مَّا فِى ٱلسَّمَـٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ وَأَسْبَغَ عَلَيْكُمْ نِعَمَهُۥ ظَـٰهِرَةًۭ وَبَاطِنَةًۭ ۗ وَمِنَ ٱلنَّاسِ مَن يُجَـٰدِلُ فِى ٱللَّهِ بِغَيْرِ عِلْمٍۢ وَلَا هُدًۭى وَلَا كِتَـٰبٍۢ مُّنِيرٍۢ ﴿٢٠﴾
සැබැවින්ම අල්ලාහ් අහස්හි ඇති හිරු, සඳු හා ග්රහ තාරකා වැනි දැයින් ප්රයෝජනය ලබන්නට ඒවා නුඹලාට වසඟ කර තිබීමත් මහපොළොවේ ඇති සතා, සිව්පාවා, ගහකොළ පැලෑටී වැනි දෑ වසඟ කර තිබීමත් අහෝ ජනයිනි! නුඹලා නොදුටුවෙහු ද? ඒවා ගැන අධීක්ෂණය නොකළෙහු ද? හැඩ අලංකාරය, කඩවසම් ස්වරූපය වැනි දෑස ට විද්යාමාන වන ඔහුගේ බාහිර ආශිර්වාදයන් ඔහු නුඹලාට පූර්ණවත් කළේය. එමෙන්ම බුද්ධිය හා දැනුම වැනි ඔහුගේ අභ්යන්තර ආශිර්වාදයන් ද අලංකාරවත් කළේය. මෙම ආශිර්වාද මෙසේ තිබියදී අල්ලාහ්ගෙන් වූ පණිවිඩ වෙත ළඟා වන්නට කිසිදු දැනුමක් හෝ ආලෝකය ගෙන දෙන බුද්ධියක් හෝ අල්ලාහ්ගෙන් පහළ කරන ලද පැහැදිලි පුස්තකයක් හෝ නොමැති ව ඔහුගේ ඒකීයත්වය පිළිබඳ තර්ක කරන්නන් ද මිනිසුන් අතර සිටිති
وَإِذَا قِيلَ لَهُمُ ٱتَّبِعُوا۟ مَآ أَنزَلَ ٱللَّهُ قَالُوا۟ بَلْ نَتَّبِعُ مَا وَجَدْنَا عَلَيْهِ ءَابَآءَنَآ ۚ أَوَلَوْ كَانَ ٱلشَّيْطَـٰنُ يَدْعُوهُمْ إِلَىٰ عَذَابِ ٱلسَّعِيرِ ﴿٢١﴾
අල්ලාහ්ගේ ඒකීයත්වය පිළිබඳ තර්ක කරන මොවුනට ‘අල්ලාහ් ඔහුගේ දූතයා වෙත පහළ කළ දිව්ය පණිවිඩ පිළිපදිනු යැයි පවසනු ලැබූ විට ඔවුහු, "අපි එය පිළිනොපදිමු. අපි පිළිපදින්නේ අපගේ මුතුන් මිත්තන් කවර දෙවිවරුන්ට නමදිමින් සිටියේ ද ඒවාය." යැයි පැවසුවෝය. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ෂෙයිතාන් (ඔවුන් නොමග යවන පිළිම වන්දනාව තුළින්) ඇවිළෙන ගින්නේ දඬුවම වෙත ඇරයුම් කරමින් සිටියද, ඔවුහු ඔවුන්ගේ මුතුන් මිත්තන් අනුගමනය කරන්නෝද?
۞ وَمَن يُسْلِمْ وَجْهَهُۥٓ إِلَى ٱللَّهِ وَهُوَ مُحْسِنٌۭ فَقَدِ ٱسْتَمْسَكَ بِٱلْعُرْوَةِ ٱلْوُثْقَىٰ ۗ وَإِلَى ٱللَّهِ عَـٰقِبَةُ ٱلْأُمُورِ ﴿٢٢﴾
කවරෙකු නැමදුම් කිරීමෙහි අල්ලාහ්ට අවංක ලෙසත්, තම ක්රියාවෙහි දැහැමියෙකු ලෙසත් ඔහු ඉදිරියට පැමිණෙන්නේ ද, ඔහු ග්රහණය කළ දෑ කප්පාදු වීම ගැන බියකින් තොරව ජයග්රහණය අපේක්ෂා කරන්නන් බන්ධනය කළ ශක්තිමත් බන්ධනයක් ඔහු හසු කර ගත්තේය. සියලු කරුණු යොමු වනුයේ ඔහු වෙත පමණය. ඒ සෑම දෙයකටම ගැළපෙන පරිදි ඔහු ප්රතිඵල පිරිනමනු ඇත
وَمَن كَفَرَ فَلَا يَحْزُنكَ كُفْرُهُۥٓ ۚ إِلَيْنَا مَرْجِعُهُمْ فَنُنَبِّئُهُم بِمَا عَمِلُوٓا۟ ۚ إِنَّ ٱللَّهَ عَلِيمٌۢ بِذَاتِ ٱلصُّدُورِ ﴿٢٣﴾
කවරෙකු අල්ලාහ් ව ප්රතික්ෂේප කළේ ද අහෝ දූතය! ඔහුගේ ප්රතික්ෂේපය නුඹ ව දුකට පත් නොකළ යුතුය. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් නැවත හැරී එනුයේ අප වෙතමය. එවිට ඔවුන් මෙලොව සිදු කරමින් සිටි නපුරුකම් අපි ඔවුනට දන්වමු. ඒ සඳහා අපි ඔවුනට ප්රතිඵල පිරිනමමු. සැබැවින්ම අල්ලාහ් හදවත් තුළ ඇති දෑ පිළිබඳ මැනවින් දන්නාය. එහි ඇති කිසිවක් ඔහුට සැඟ වී යන්නේ නැත. نمتعهم قليلا ثم نضطرهم إلىعذاب غليظ
نُمَتِّعُهُمْ قَلِيلًۭا ثُمَّ نَضْطَرُّهُمْ إِلَىٰ عَذَابٍ غَلِيظٍۢ ﴿٢٤﴾
මෙලොවෙහි ස්වල්ප කාලයක් භුක්ති විඳින්නට පිරිනැමූ දෑ ඔවුන් භුක්ති විඳින්නට අපි ඔවුනට ඉඩ හරිමු. පසු ව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නිරා ගින්නේ දඬුවම වන දැඩි දඬුවමක් වෙත අපි ඔවුන් යොමු කරන්නෙමු
وَلَئِن سَأَلْتَهُم مَّنْ خَلَقَ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضَ لَيَقُولُنَّ ٱللَّهُ ۚ قُلِ ٱلْحَمْدُ لِلَّهِ ۚ بَلْ أَكْثَرُهُمْ لَا يَعْلَمُونَ ﴿٢٥﴾
"අහෝ දූතය! අහස් මැව්වේ කවුරුන් ද? මහ පොළොව මැව්වේ කවුරුන් ද?" යැයි නුඹ එම දේව ආදේශකයින්ගෙන් විමසන්නේ නම් ඔවුහු, "ඒවා මැව්වේ අල්ලාහ්" යැයි පවසති. නුඹ ඔවුනට, "නුඹලාට මෙම සාධක විද්යාමාන කළ بلغ අල්-කුර්ආන් · තෆ්සීර් අල්ලාහ්ටම සියලු ප්රශංසා!" යැයි පවසනු. නමුත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා ඔවුන්ගේ අඥානකම හේතුවෙන් ප්රශංසාවට සුදුස්සා ගැන හඳුනා නොගනිති
لِلَّهِ مَا فِى ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ ۚ إِنَّ ٱللَّهَ هُوَ ٱلْغَنِىُّ ٱلْحَمِيدُ ﴿٢٦﴾
අහස්හි ඇති දෑ ද මහපොළොවේ ඇති දෑ ද මැවීමෙන්, පාලනයෙන් මෙන්ම සැලසුම් කිරීමෙන් අල්ලාහ්ට පමණක් සතු වන්නේය. සැබැවින්ම අල්ලාහ් ඔහුගේ සියලු මැවීම්වල අවශ්යතාවන්ගෙන් තොරය. ඔහු මෙලොව මෙන්ම මතු ලොවෙහි ප්රශංසාලාභීය
وَلَوْ أَنَّمَا فِى ٱلْأَرْضِ مِن شَجَرَةٍ أَقْلَـٰمٌۭ وَٱلْبَحْرُ يَمُدُّهُۥ مِنۢ بَعْدِهِۦ سَبْعَةُ أَبْحُرٍۢ مَّا نَفِدَتْ كَلِمَـٰتُ ٱللَّهِ ۗ إِنَّ ٱللَّهَ عَزِيزٌ حَكِيمٌۭ ﴿٢٧﴾
حكيم සැබැවින්ම මහපොළොවේ ඇති ගස් කපා; ඒවායින් පන්හිදවල් සාදා; ඒ සඳහා තීන්ත වශයෙන් සාගරය පත් කොට එයට තවත් සාගර හතක් එකතු කළ ද අල්ලාහ්ගේ වදන් නිමා නොවන බැවින් ඒවා අවසන් වී යන්නේ නැත. සැබැවින්ම අල්ලාහ් සර්ව බලධාරීය. කිසිවකු විසින් ඔහු පරාජය කළ නොහැක. ඔහුගේ මැවීමෙහි හා සැලසුම් කිරීමෙහි ඔහු මහා ප්රඥාවන්තය
مَّا خَلْقُكُمْ وَلَا بَعْثُكُمْ إِلَّا كَنَفْسٍۢ وَٰحِدَةٍ ۗ إِنَّ ٱللَّهَ سَمِيعٌۢ بَصِيرٌ ﴿٢٨﴾
අහෝ ජනයිනි! නුඹලා ව මැවීම හෝ විනිශ්චය හා ප්රතිඵල සඳහා මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලා ව අවදි කිරීම එක ආත්මයක් මවා එය අවදි කරන්නාක් මෙන් පහසු කාර්යයක් මිස නැත. සැබැවින්ම අල්ලාහ් සර්ව ශ්රාවකය. වෙනත් දෙයකට සවන් දෙන විට සවන් කාර්යබහුල වන පරිදි ඔහුගේ සවන කාර්යය බලහු වන්නේ නැත. ඔහු සර්ව නිරීක්ෂකය. වෙනත් දෙයක් බැලීමෙන් බැල්ම කාර්යබහුල වන පරිදි ඔහුගේ බැල්ම කාර්යබහුල වන්නේ නැත. එලෙසම එක් ආත්මයක් මැවීම හෝ අවදි කිරීම තවත් ආත්මයක් මැවීමෙන් හෝ එය අවදි කිරීමෙන් ඔහු කාර්යබහුලත්වයටم පත් වන්නේل නැත
أَلَمْ تَرَ أَنَّ ٱللَّهَ يُولِجُ ٱلَّيْلَ فِى ٱلنَّهَارِ وَيُولِجُ ٱلنَّهَارَ فِى ٱلَّيْلِ وَسَخَّرَ ٱلشَّمْسَ وَٱلْقَمَرَ كُلٌّۭ يَجْرِىٓ إِلَىٰٓ أَجَلٍۢ مُّسَمًّۭى وَأَنَّ ٱللَّهَ بِمَا تَعْمَلُونَ خَبِيرٌۭ ﴿٢٩﴾
සැබැවින්ම අල්ලාහ් දහවල වැඩි කරනු පිණිස රාත්රිය අඩු කිරීමත් රාත්රිය වැඩි කරනු පිණිස දහවල අඩු කිරීමත් නුඹ නොදුටුවෙහි ද? එමෙන්ම ඔහු හිරු හා සඳුගේ ගමන් මාර්ගය නිර්ණය කළේය. ඒ සෑම එකක්ම තම ගමන් වාරයේ නියමිත සීමාවක් වෙත එකිනෙක ගමන් කරයි. සැබැවින්ම අල්ලාහ් නුඹලා සිදු කරන දෑ පිළිබඳ අභිඥානවන්තය. නුඹලාගේ ක්රියාවන් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඒ සඳහා ඔහු නුඹලාට ප්රතිඵල පිරිනමනු ඇත
ذَٰلِكَ بِأَنَّ ٱللَّهَ هُوَ ٱلْحَقُّ وَأَنَّ مَا يَدْعُونَ مِن دُونِهِ ٱلْبَـٰطِلُ وَأَنَّ ٱللَّهَ هُوَ ٱلْعَلِىُّ ٱلْكَبِيرُ ﴿٣٠﴾
මෙසේ සැලසුම් කර තිබීමත්, නිර්ණය කර තිබීමත් සැබැවින්ම අල්ලාහ් ඒකීය සත්යය බව සාක්ෂි දරනු ඇත. ඔහුගේ පැවැත්ම, ඔහුගේ ගුණාංග හා ඔහුගේ ක්රියාවන්හි ඔහු සත්යය වේ. ඔහු හැර දේව ආදේශකයින් නැමදුම් කරන දෑ කිසිදු පදනමක් නැති නිෂ්ඵල දෑය. සැබැවින්ම අල්ලාහ් ඔහුගේ පැවැත්මෙන් ඔහුගේ බලාධිකාරයෙන් හා ඔහුගේ ශක්තියෙන් ඔහුගේ සියලු මැවීම් වලට වඩා ඔහු උසස්ය. ඔහුට වඩා උසස් වෙනත් කිසිවක් නැත. සියලු දෑට වඩා ඔහු අති ශ්රේෂ්ඨය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
أَلَمْ تَرَ أَنَّ ٱلْفُلْكَ تَجْرِى فِى ٱلْبَحْرِ بِنِعْمَتِ ٱللَّهِ لِيُرِيَكُم مِّنْ ءَايَـٰتِهِۦٓ ۚ إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَـٰتٍۢ لِّكُلِّ صَبَّارٍۢ شَكُورٍۢ ﴿٣١﴾
සුවිශුද්ධයාණන්ගේ බලය හා ඔහුගේ කරුණාව පෙන්වා දෙන සංඥා නුඹලාට ඉදිරිපත් කරනු පිණිස අහෝ ජනයිනි! ඔහුගේ කරුණාව හා ඔහු වසඟ කර දී ඇති, සාගරයේ යාත්රා කරන නැව් නුඹ නොදුටුවෙහි ද? හිංසා පීඩාවන් මත ඉවසීමෙන් කටයුතු කරන, ආශිර්වාද සඳහා කෘතවේදී වන සෑම කෙනෙකුටම ඔහුගේ බලය පිළිබඳ සාධක මෙහි ඇත
وَإِذَا غَشِيَهُم مَّوْجٌۭ كَٱلظُّلَلِ دَعَوُا۟ ٱللَّهَ مُخْلِصِينَ لَهُ ٱلدِّينَ فَلَمَّا نَجَّىٰهُمْ إِلَى ٱلْبَرِّ فَمِنْهُم مُّقْتَصِدٌۭ ۚ وَمَا يَجْحَدُ بِـَٔايَـٰتِنَآ إِلَّا كُلُّ خَتَّارٍۢ كَفُورٍۢ ﴿٣٢﴾
كل ختار كفور වළාකුළු හා කඳු මෙන් වූ විශාල රළ සෑම පැත්තකින්ම ඔවුන් වට කළ විට අල්ලාහ්ට පමණක් අවංක ව ප්රාර්ථනා කරමින් හා නැමදුම් කරමින් කණ්ණලව් කළෝය. අල්ලාහ් ඔවුනට පිළිතුරු දී ගිලී යෑමෙන් ඔවුන් ආරක්ෂා කොට ගොඩ බිම වෙත ඔවුන් මුදවා ගෙන ආ කල්හි, ඔහුට පූර්ණ ලෙස කෘතඥතාව පුද කරන්නට අනිවාර්යය වූ දෑ ක්රියාත්මක නොකර පරිස්සම්සහගතව කටයුතු කරන්නන් ඔවුන් අතර වෙති. එමෙන්ම අල්ලාහ්ගේ ආශිර්වාදයන් හෙළා දකින්නන් ද වෙති. ද්රෝහී සෑම කෙනෙකුම මිස අපගේ වදන් හෙළා දකින්නේ නැත. (ඔහු අල්ලාහ් සමග ගිවිසුමක් ඇති කර ගත් පසු ඔහුට කෘතඥ විය යුතු අයෙකි.) නමුත් අල්ලාහ්ගේ ආශිර්වාද ඔහු ප්රතික්ෂේප කරනු ඇත. අල්ලාහ් ඔහුට කවර ආශිර්වාදයක් පිරිනමා ඇත්තේද ඒ සඳහා අල්ලාහ්ට කෘතඥ නොවනු ඇත
يَـٰٓأَيُّهَا ٱلنَّاسُ ٱتَّقُوا۟ رَبَّكُمْ وَٱخْشَوْا۟ يَوْمًۭا لَّا يَجْزِى وَالِدٌ عَن وَلَدِهِۦ وَلَا مَوْلُودٌ هُوَ جَازٍ عَن وَالِدِهِۦ شَيْـًٔا ۚ إِنَّ وَعْدَ ٱللَّهِ حَقٌّۭ ۖ فَلَا تَغُرَّنَّكُمُ ٱلْحَيَوٰةُ ٱلدُّنْيَا وَلَا يَغُرَّنَّكُم بِٱللَّهِ ٱلْغَرُورُ ﴿٣٣﴾
අහෝ ජනයිනි! නුඹලාගේ පරමාධිපතිගේ නියෝග අනුගමනය කරමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් නුඹලා ඔහුට භක්තිමත් ව කටයුතු කරනු. පියෙක් තම දරුවකුට හෝ දරුවෙක් තම පියාට හෝ පිහිටක් නොවන දිනයක දඬුවමට බිය වනු. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ් ප්රතිඵල පිරිනමන බවට දුන් පොරොන්දු ව කිසිදු සැකයකින් තොරව සිදුවන්නකි. මෙලොවෙහි ඇති ආශාවන් හා පුහු දේවල් හේතුවෙන් නුඹලාගේ මෙලොව ජීවිතය නුඹලා ව රවටා නොදැමිය යුතුයි. එමෙන්ම නුඹලා වෙත අල්ලාහ් පිළිබඳ ව්යාජ සිහින මවමින් නුඹලාගෙන් ඔහු දඬුවම් ප්රමාද කරන බවට පෙන්වා ෂෙයිතාන් නුඹලා ව රවටා නොදැමිය යුතුය
إِنَّ ٱللَّهَ عِندَهُۥ عِلْمُ ٱلسَّاعَةِ وَيُنَزِّلُ ٱلْغَيْثَ وَيَعْلَمُ مَا فِى ٱلْأَرْحَامِ ۖ وَمَا تَدْرِى نَفْسٌۭ مَّاذَا تَكْسِبُ غَدًۭا ۖ وَمَا تَدْرِى نَفْسٌۢ بِأَىِّ أَرْضٍۢ تَمُوتُ ۚ إِنَّ ٱللَّهَ عَلِيمٌ خَبِيرٌۢ ﴿٣٤﴾
අවසන් හෝරාව පිළිබඳ දැනුම ඇත්තේ සැබැවින්ම අල්ලාහ් වෙත පමණි. එය සිදු වනුයේ කවදාදැ?යි ඔහු දනී. එමෙන්ම ඔහු අභිමත කරන මොහොතක වර්ෂාව පහළ කරයි. ගර්භාෂවල ඇත්තේ පිරිමි දරුවන් ද ගැහැණු දරුවන් ද යන වගත් එය භාග්ය සම්පන්නද අභාග්ය සම්පන්න ද යන වගත් ඔහු පමණක් දනී. කෙනෙකු හෙට දින උපයන යහපත හෝ අයහපත පිළිබඳ නොදනී. එමෙන් කවර භූමියක මරණයට පත්වන්නේදැයි ද නොදනී. නමුත් ඒ සියල්ලම දන්නේ අල්ලාහ් පමණය. ඒ සියලු දෑ පිළිබඳ තොරතුරු ඔහු මැනවින් දන්නාය. ඒ කිසිවක් ඔහුට සැඟ වී යන්නේ නැත. මූලාශ්‍රය: අල්-මුඃතසර් ෆී තෆ්සීරිල් කුර්ආන්
අනුගමනය · පුනරාවර්තනය · පැවසීම · ලියාපදිංචිය අවශ්‍ය නැත