وَٱلنَّجْمِ إِذَا هَوَىٰ ﴿١﴾
ශුද්ධවන්තයාණන් තාරකා වැටී යන විට ඒ මත දිවුරමින්. ما ضل صاحبكم وما غو
මුල් පිටුව›තෆ්සීර්›An-Najm (53)
මක්කී · 62 වාක්‍ය
وَٱلنَّجْمِ إِذَا هَوَىٰ ﴿١﴾
ශුද්ධවන්තයාණන් තාරකා වැටී යන විට ඒ මත දිවුරමින්. ما ضل صاحبكم وما غو
مَا ضَلَّ صَاحِبُكُمْ وَمَا غَوَىٰ ﴿٢﴾
අල්ලාහ්ගේ දූත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ යහමගින් හැරී නොගියහ. ඔහු නොමග ගිය අයකු ද නොවීය. නමුත් ඔහු යහමග පෙන්වා දෙන්නෙකු විය
وَمَا يَنطِقُ عَنِ ٱلْهَوَىٰٓ ﴿٣﴾
මෙම අල් කුර්ආනය ගැන තම ආශාවන්ට අනුව ඔහු කතා නොකරයි. إن هو إ ل اوحى يوحى
إِنْ هُوَ إِلَّا وَحْىٌۭ يُوحَىٰ ﴿٤﴾
මෙම අල් කුර්ආනය ජිබ්රීල් (අලයිහිස් සලාම්) තුමා හරහා ඔහු වෙත අල්ලාහ් පහළ කළ දේව පණිවිඩයක් මිස වෙනකක් නොවීය
عَلَّمَهُۥ شَدِيدُ ٱلْقُوَىٰ ﴿٥﴾
ඉතා බලවත් මලක්වරයා ඔහුට ඉගැන්වීය. එම මලක්වරයා ජිබ්රීල් (අලයිහිස් සලාම්) තුමා වූහ
ذُو مِرَّةٍۢ فَٱسْتَوَىٰ ﴿٦﴾
ජිබ්රීල් (අලයිහිස් සලාම්) තුමා අලංකාර හැඩයෙන් යුක්ත වූහ. අල්ලාහ් කවර හැඩයකින් එතුමාව මවා ඇත්තේ ද ඒ හැඩයෙන්ම එතුමා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ඉදිරියේ පෙනී සිටියේය
وَهُوَ بِٱلْأُفُقِ ٱلْأَعْلَىٰ ﴿٧﴾
ජිබ්රීල් තුමා ඉහළ අහසේ ක්ෂතිජයෙහි විය. ثم دنا فتدلى
ثُمَّ دَنَا فَتَدَلَّىٰ ﴿٨﴾
පසුව ජිබ්රීල් (අලයිහිස් සලාම්) තුමා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට සමීප විය. ඔහුට වඩාත් ළං විය. فكان قاب قوسين أو أدنى
فَكَانَ قَابَ قَوْسَيْنِ أَوْ أَدْنَىٰ ﴿٩﴾
ඔහුගේ ළං වීම දුනු දෙකක් අතර ප්රමාණයකින් හෝ ඊටත් වඩා සමීපයෙන් විය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
فَأَوْحَىٰٓ إِلَىٰ عَبْدِهِۦ مَآ أَوْحَىٰ ﴿١٠﴾
එවිට අබ්දුල්ලාහ්ගේ පුත් මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්හට පහළ කළ යුතු දේව පණිවිඩ ජිබ්රීල් තුමා විසින් පහළ කළේය
مَا كَذَبَ ٱلْفُؤَادُ مَا رَأَىٰٓ ﴿١١﴾
මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ සිත, ඔහු දෑසින් දුටු දෑ බොරු කළේ නැත. أفتمرونه عل ما ير
أَفَتُمَـٰرُونَهُۥ عَلَىٰ مَا يَرَىٰ ﴿١٢﴾
අහෝ දෙවියන්ට ආදේශ තබන්නනි! එතුමාණන්ව අරෝහණය කළ රාත්රියේ අල්ලාහ් එතුමාට පෙන්වා දුන් දෑ පිළිබඳ නුඹලා ඔහු සමග වාද කරන්නෙහු ද? ولقد رءاه نزلةأخر
وَلَقَدْ رَءَاهُ نَزْلَةً أُخْرَىٰ ﴿١٣﴾
මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ව ආරෝහණය කළ රාත්රියෙහි එතුමාණෝ ජිබ්රීල් (අලයිහිස් සලාම්) තුමාව නැවත වාරයක් ඔහුගේ සැබෑ ස්වරූපයෙන් දුටුහ
عِندَ سِدْرَةِ ٱلْمُنتَهَىٰ ﴿١٤﴾
සිද්රතුල් මුන්තහා හෙවත් සත්වැනි අහසේ ඉතා විශාල ගසක් අබියසය
عِندَهَا جَنَّةُ ٱلْمَأْوَىٰٓ ﴿١٥﴾
එම ගස අසළ ජන්නතුල් මඃවා හෙවත් ස්වර්ග උයන විය
إِذْ يَغْشَى ٱلسِّدْرَةَ مَا يَغْشَىٰ ﴿١٦﴾
සිද්රා නම් ගස අල්ලාහ්ගේ කටයුතු ආවරණය කරන විට එහි යථාර්ථය අල්ලාහ් හැර වෙනත් කිසිවකු නොදනීය
مَا زَاغَ ٱلْبَصَرُ وَمَا طَغَىٰ ﴿١٧﴾
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ බැල්ම දකුණට හෝ වමට හෝ නැඹුරු වූයේ නැත. සීමාවෙන් එහා ඒ බැල්ම ඉක්මවා ගියේ නැත
لَقَدْ رَأَىٰ مِنْ ءَايَـٰتِ رَبِّهِ ٱلْكُبْرَىٰٓ ﴿١٨﴾
මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්)තුමාණන් කැටුව ගිය මිඃරාජ් රාත්රියේ අල්ලාහ්ගේ බලය පෙන්වා දෙන අතිමහත් සාධක එතුමාණෝ දුටුහ. ස්වර්ගය දුටුහ. නිරය හා වෙනත් දෑ ද දුටුහ. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
أَفَرَءَيْتُمُ ٱللَّـٰتَ وَٱلْعُزَّىٰ ﴿١٩﴾
අහෝ දෙවියන්ට අදේශ තබන්නනි! අල්ලාහ් හැර නුඹලා නමදින ලාත් හා උස්සා නම් පිළිම නුඹලා දුටුවෙහු ද?
وَمَنَوٰةَ ٱلثَّالِثَةَ ٱلْأُخْرَىٰٓ ﴿٢٠﴾
නුඹලාගේ පිළිම අතරින් තුන්වැන්නා මනාත්ය. නුඹලාට සෙතක් සැලසීමට හෝ උවදුරක් කිරීමට හෝ ඔවුනට හැකියාවක් ඇත්දැ?යි නුඹලා මට දන්වා සිටිනු
أَلَكُمُ ٱلذَّكَرُ وَلَهُ ٱلْأُنثَىٰ ﴿٢١﴾
අහෝ දෙවියන්ට ආදේශ කරන්නනි! නුඹලා ප්රිය කරන පිරිමි දරුවන් නුඹලාටත් නුඹලා පිළිකුල් කරන ගැහැණු දරුවන් ශුද්ධවන්තයාණන්ටත් ආරෝපණය කරන්නෙහු ද?
تِلْكَ إِذًۭا قِسْمَةٌۭ ضِيزَىٰٓ ﴿٢٢﴾
නුඹලාගේ ආශාවන්ට අනු ව නුඹලා එසේ බෙදන එම බෙඳීම ඉතා අසාධාරණය
إِنْ هِىَ إِلَّآ أَسْمَآءٌۭ سَمَّيْتُمُوهَآ أَنتُمْ وَءَابَآؤُكُم مَّآ أَنزَلَ ٱللَّهُ بِهَا مِن سُلْطَـٰنٍ ۚ إِن يَتَّبِعُونَ إِلَّا ٱلظَّنَّ وَمَا تَهْوَى ٱلْأَنفُسُ ۖ وَلَقَدْ جَآءَهُم مِّن رَّبِّهِمُ ٱلْهُدَىٰٓ ﴿٢٣﴾
මෙම පිළිම අර්ථයක් නැති හිස් නාමයන් මිස නැත. දේවත්වයේ ගුණාංගවල ඒවාට කිසිදු කොටසක් නැත. නුඹලා හා නුඹලාගේ මුතුන් මිත්තන් ඒවාට නම් තැබුවේ නුඹලා විසින්මය. ඒවා සඳහා කිසිදු සාධකයක් අල්ලාහ් පහළ කළේ නැත. දෙවියන්ට ආදේශ තබන්නන් ඔවුන්ගේ විශ්වාසය තුළ අනුමාන හා ඔවුන්ගේ සිත් තුළ ෂෙයිතාන් අලංකාරවත් කළ දැයින් ඔවුන් ආශා කරන දෑ මිස වෙනකක් පිළිපදින්නේ නැත. ඔවුන්ගේ පරමාධිපති වෙතින් ඔහුගේ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ දිවෙන් ඔවුන් වෙත යහමග පැමිණියේය. නමුත් ඔවුන් එමගින් යහමග ලැබුවේ නැත. أم للإنسن ما تمن
أَمْ لِلْإِنسَـٰنِ مَا تَمَنَّىٰ ﴿٢٤﴾
එසේ නැතහොත් අල්ලාහ් වෙත මෙම පිළිම මැඳිහත් වී කතා කිරීමෙන් මිනිසා ආශා කරන දෑ මිනිසාට ලැබේ ද?
فَلِلَّهِ ٱلْـَٔاخِرَةُ وَٱلْأُولَىٰ ﴿٢٥﴾
නැත, ඔහු ආශා කරන දෑ ඔහුට නැත. මෙලොව හා මතුලොව අල්ලාහ්ට පමණක් සතුය. ඒ දෙකෙහිම ඔහු අභිමත කරන දෑ පිරිනමන අතර ඔහු අභිමත කරන දෑ වළක්වන්නේය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
۞ وَكَم مِّن مَّلَكٍۢ فِى ٱلسَّمَـٰوَٰتِ لَا تُغْنِى شَفَـٰعَتُهُمْ شَيْـًٔا إِلَّا مِنۢ بَعْدِ أَن يَأْذَنَ ٱللَّهُ لِمَن يَشَآءُ وَيَرْضَىٰٓ ﴿٢٦﴾
අහස්හි කොපමණක් මලක්වරුන් සිටිත් ද? ඔවුන් කිසිවෙකු වෙනුවෙන් මැදිහත් වීමට සිතුවේ නම් ඔවුන් අතරින් අල්ලාහ් අභිමත කරන මැදිහත්වනු ලබන අය ගැන ඔහු තෘප්තිමත් වන අය වෙනුවෙන් එසේ මැදිහත් වීමට අවසර දීමෙන් පසුව මිස ඔවුන්ගේ මැදිහත් වීම ප්රයෝජනවත් වන්නේ නැත. අල්ලාහ්ට ආදේශ තැබූවන් වෙනුවෙන් මැදිහත් වීමට අල්ලාහ් අවසර දෙන්නේ නැත. අල්ලාහ් හැර වෙනත් දෑ නමදිමින් සිටින්නන්ගේ මැදිහත් වීම ද ඔහු පිළිගන්නේ නැත
إِنَّ ٱلَّذِينَ لَا يُؤْمِنُونَ بِٱلْـَٔاخِرَةِ لَيُسَمُّونَ ٱلْمَلَـٰٓئِكَةَ تَسْمِيَةَ ٱلْأُنثَىٰ ﴿٢٧﴾
සැබැවින්ම මතුලොවෙහි නැවත නැගිටුවනු ලැබීම ගැන විශ්වාස නොකරන්නන් වනාහි, සැබැවින්ම ඔවුන් මලක්වරුන් අල්ලාහ්ගේ දූවරුන් යැයි විශ්වාසයෙන් යුතුව ගැහැණු නාමයන්ගෙන් මලක්වරුන්ට නම් තබති. ඔවුන් පවසන දැයින් අල්ලාහ් උත්තරීතරය අති උසස්ය
وَمَا لَهُم بِهِۦ مِنْ عِلْمٍ ۖ إِن يَتَّبِعُونَ إِلَّا ٱلظَّنَّ ۖ وَإِنَّ ٱلظَّنَّ لَا يُغْنِى مِنَ ٱلْحَقِّ شَيْـًۭٔا ﴿٢٨﴾
ඒවාට ගැහැණු නාමයන් නම් කිරීමෙන් ඒ වෙත විශ්වාසය කරන කිසිදු දැනුමක් ඔවුනට නොවීය. එහිදී ඔවුන් අනුමානය හා උපකල්පනය මිස වෙනත් කිසිවක් අනුගමනය නොකරති. සැබැවින්ම අනුමානය යනු එහි නියම ස්ථානයේ පිහිටන තෙක් සත්යයට කිසිදු අවශ්යතාවක් නැත
فَأَعْرِضْ عَن مَّن تَوَلَّىٰ عَن ذِكْرِنَا وَلَمْ يُرِدْ إِلَّا ٱلْحَيَوٰةَ ٱلدُّنْيَا ﴿٢٩﴾
එහෙයින්, අහෝ දූතය! අල්ලාහ්ව මෙනෙහි කිරීමෙන් පසුබසින්නන්ව නුඹ නොසලකා හරිනු. එමගින් (ඔහු)හැඩ ගැසුනේ නැත. මෙලොව ජීවිතය මිස වෙනත් කිසිවක් අපේක්ෂා කළේ ද නැත. ඔහු ඔහුගේ මතු ජීවිතය වෙනුවෙන් ක්රියා කරන්නේ ද නැත. හේතුව සැබැවින්ම ඔහු ඒ ගැන විශ්වාස නොකරන බැවිණි
ذَٰلِكَ مَبْلَغُهُم مِّنَ ٱلْعِلْمِ ۚ إِنَّ رَبَّكَ هُوَ أَعْلَمُ بِمَن ضَلَّ عَن سَبِيلِهِۦ وَهُوَ أَعْلَمُ بِمَنِ ٱهْتَدَىٰ ﴿٣٠﴾
මෙම දේව ආදේශකයින් පවසන දෑ මෙයයි. -එනම් මලක්වරුන්ට ගැහැණු නම් තබමින් පවසන නාමයන්- එය ඔවුන් ලබා ඇති ඔවුන්ගේ දැනුමේ තරමයි. එය ඔවුන් අඥානයින් බැවිණි. ස්ථාවරත්වය වෙත ඔවුන් ළඟා වූයේ නැත. අහෝ ධර්ම දූතය! සැබැවින්ම නුඹගේ පරමාධිපති, සත්ය මාර්ගයෙන් කැපී යන්නේ කවුරුන් දැයි මැනවින් දන්නාය. එමෙන්ම එම මාර්ගය වෙත මග ලබන්නා කවුරුන් දැයි ද මැනවින් දන්නාය. ඒ ගැන කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත
وَلِلَّهِ مَا فِى ٱلسَّمَـٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ لِيَجْزِىَ ٱلَّذِينَ أَسَـٰٓـُٔوا۟ بِمَا عَمِلُوا۟ وَيَجْزِىَ ٱلَّذِينَ أَحْسَنُوا۟ بِٱلْحُسْنَى ﴿٣١﴾
පාලනය කිරීමෙන්, මැවීමෙන් හා සැලසුම් කිරීමෙන් අහස්හි ඇති දෑ අල්ලාහ්ට පමණක් සතුය. එමෙන්ම මහපොළොවේ ඇති දෑද ඔහුට පමණක් සතුය. මෙලොව තම ක්රියාවන් පාපකම් බවට පත් කර ගත්තන්හට ඔවුනට සුදුසු දඬුවමින් ඔහු ප්රතිවිපාක දෙනු ඇත. එමෙන්ම තම ක්රියාවන් යහකම් බවට පත් කරගත් දේව විශ්වාසීන් හට ඔහු ස්වර්ගය පිරිනමනු ඇත. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
ٱلَّذِينَ يَجْتَنِبُونَ كَبَـٰٓئِرَ ٱلْإِثْمِ وَٱلْفَوَٰحِشَ إِلَّا ٱللَّمَمَ ۚ إِنَّ رَبَّكَ وَٰسِعُ ٱلْمَغْفِرَةِ ۚ هُوَ أَعْلَمُ بِكُمْ إِذْ أَنشَأَكُم مِّنَ ٱلْأَرْضِ وَإِذْ أَنتُمْ أَجِنَّةٌۭ فِى بُطُونِ أُمَّهَـٰتِكُمْ ۖ فَلَا تُزَكُّوٓا۟ أَنفُسَكُمْ ۖ هُوَ أَعْلَمُ بِمَنِ ٱتَّقَىٰٓ ﴿٣٢﴾
මහා පාපකම් හා අශීලාචාර පාපක්රියාවලින් දුරස් වී, සුළු පාපකම් පමණක් සිදු කළවුන් වනාහි. ඔවුනට ඒ සඳහා සමාව ලැබෙනුයේ මහා පාපකම් අතහැර දැමීමෙන් හා අධික ලෙස අවනත වීමෙනි. අහෝ ධර්ම දූතය! සැබැවින්ම නුඹේ පරමාධිපති අතික්ෂමාශීලීය. තම ගැත්තා ඒ ගැන පසුතැවිලි වී පාපක්ෂමාව අයැද සිටින්නේ නම් ඔහුට සමාව දෙනු ඇත. නුඹලාගේ පියාණන් ආදම්ව පසින් මැවූ අවස්ථාවේ ද, නුඹලාගේ මව් කුස තුළ නුඹලාව උසුලන්නට සළස්වා මැවීමකින් පසු තවත් මැවීමක් ලෙස මවනු ලබන අවස්ථාවේ ද, නුඹලාගේ කටයුතු හා නුඹලාගේ තත්ත්වයන් පිළිබඳ ශුද්ධවන්තයාණන් මැනවින් දැන සිටින්නාය. ඒ කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. එහෙයින්, නුඹලාගේ ආත්මයේ භක්තිමක් භාවය ගැන පැසසුමට ලක් කරමින් නුඹලා නුඹලාව ඇගයීමට ලක් නොකරනු. සැබැවින්ම ඔහුගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකී ඔහුට භක්තිමත් වූවන් කවුරුන්දැ?යි ශුද්ධවන්තයාණන් මැනවින් දන්නාය
أَفَرَءَيْتَ ٱلَّذِى تَوَلَّىٰ ﴿٣٣﴾
ඉස්ලාමය වෙත සමීප වීමෙන් පසුව, එය පිටුපාන්නන්ගේ නපුරු තත්ත්වය නුඹ දුටුවෙහි ද?
وَأَعْطَىٰ قَلِيلًۭا وَأَكْدَىٰٓ ﴿٣٤﴾
ඔහු ධනයෙන් සුළු ප්රමාණයක් පිරිනමා, පසු ව ඔහුගේ ලෝබී චරිතය හේතුවෙන් එයින් වැළකුණේය. ඒ සමගම ඔහු ඔහුවම පිරිසිදු කර ගනී
أَعِندَهُۥ عِلْمُ ٱلْغَيْبِ فَهُوَ يَرَىٰٓ ﴿٣٥﴾
ඔහු සතු ව ගුප්ත ඥානය තිබී; ඔහු එය දැක; ඒ ගැන කතා කරන්නේද? أم لم ينبأ بما فى صحف موس
أَمْ لَمْ يُنَبَّأْ بِمَا فِى صُحُفِ مُوسَىٰ ﴿٣٦﴾
එසේ නැතිනම්, ඔහු අල්ලාහ් කෙරෙහි බොරු ගොතා පවසන්නේ ද? එසේත් නැතිනම් අල්ලාහ් මත බොරු ගොතන්නා හට මූසා (අලයිහිස් සලාම්) තුමා වෙත අල්ලාහ් පහළ කළ ආරම්භක ලේඛනයේ ඇති දෑ ඔහුට දන්වනු නොලැබුවේද?
وَإِبْرَٰهِيمَ ٱلَّذِى وَفَّىٰٓ ﴿٣٧﴾
තම පරමාධිපති විසින් පවරන ලද සියලු වගකීම් ඉටු කළ, එය පූර්ණවත් කළ ඉබ්රාහීම්ගේ ලේඛනයේ ඇති දෑ ඔහුට දන්වනු නොලැබුවේ ද? ألا تزر وازرة وزر أخر
أَلَّا تَزِرُ وَازِرَةٌۭ وِزْرَ أُخْرَىٰ ﴿٣٨﴾
සැබැවින්ම කරුණ නම්, මිනිසා තවත් කෙනෙකුගේ පව්බර උසුලන්නේ නැත. وأن ليس للإنسن إلا ما سعى
وَأَن لَّيْسَ لِلْإِنسَـٰنِ إِلَّا مَا سَعَىٰ ﴿٣٩﴾
ඔහු සිදු කළ ඔහුගේ ක්රියාවෙහි කුසල් මිස වෙනත් කිසිවක් මිනිසාට හිමි නැත. بلغ අල්-කුර්ආන් · තෆ්සීර් وأن سعيهسوف ير
وَأَنَّ سَعْيَهُۥ سَوْفَ يُرَىٰ ﴿٤٠﴾
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සැබැවින්ම ඔහුගේ ක්රියාව දෑසින්ම ඔහු දැක ගනු ඇත
ثُمَّ يُجْزَىٰهُ ٱلْجَزَآءَ ٱلْأَوْفَىٰ ﴿٤١﴾
පසුව ඔහුගේ ක්රියාවෙහි ප්රතිඵල කිසිදු අඩුවකින් තොර ව පූර්ණ ව පිරිනමනු ලැබේ
وَأَنَّ إِلَىٰ رَبِّكَ ٱلْمُنتَهَىٰ ﴿٤٢﴾
අහෝ දූතය! ගැත්තන් නැවත හැරීයාම හා ඔවුන්ගේ මරණයෙන් පසු නැවත යොමුවීම ඇත්තේ නුඹේ පරමාධිපති වෙතමය. وأنه هوأض حك وأبكى
وَأَنَّهُۥ هُوَ أَضْحَكَ وَأَبْكَىٰ ﴿٤٣﴾
සැබැවින්ම ඔහු අභිමත කරන අය ප්රීතියට පත් කර සිනහවන්නට සලස්වයි. ඔහු අභිමත කරන අය දුකට පත්කර හඩා වැළපෙන්නට සලස්වයි. وأنه هو أمات وأحيا
وَأَنَّهُۥ هُوَ أَمَاتَ وَأَحْيَا ﴿٤٤﴾
සැබැවින්ම ඔහු මෙලොවෙහි ජීවත් වන්නන් මරණයට පත් කරයි. මරණයට පත්වූවන් යළි නැගිටුවා ඔවුනට ජීවය ලබා දෙයි
وَأَنَّهُۥ خَلَقَ ٱلزَّوْجَيْنِ ٱلذَّكَرَ وَٱلْأُنثَىٰ ﴿٤٥﴾
සැබැවින්ම ඔහු පිරිමියා හා කාන්තාව යන වර්ග දෙකක් මැව්වේය. من نطفة إذا تمن
مِن نُّطْفَةٍ إِذَا تُمْنَىٰ ﴿٤٦﴾
ශුක්රාණුව ගර්භාෂය තුළ තබනු ලබන විට, එමගිනි (නුඹලාව නිර්මාණය කරන්නේය)
وَأَنَّ عَلَيْهِ ٱلنَّشْأَةَ ٱلْأُخْرَىٰ ﴿٤٧﴾
ඔවුන් දෙපළ මිය ගිය පසු, නැවත නැගිටුවනු ලැබීම සඳහා ඔවුන් දෙපළගේ නිර්මාණය නැවත සිදු කිරීම ඔහු සතු වගකීමකි. وأنه هو أغن وأقن
وَأَنَّهُۥ هُوَ أَغْنَىٰ وَأَقْنَىٰ ﴿٤٨﴾
සැබැවින්ම ඔහු අභිමත කරන ඔහුගේ ගැත්තන් හට ධනය උරුම කර දී පොහොසත් කරවන්නේය. මිනිසුන්ගෙන් ඔවුන් නොගන්නා තරමට ඔහු ඔවුනට ප්රමාණවත් ධනය පිරිනමන්නේය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
وَأَنَّهُۥ هُوَ رَبُّ ٱلشِّعْرَىٰ ﴿٤٩﴾
සැබැවින්ම ඔහු ‘අෂ්-ෂිඃරා නම් තාරකාවෙහි ද පරමාධිපතිය. එය අල්ලාහ් හැරදමා දේවත්වයට ආදේශ තබන ඇතැමුන් විසින් නමදිමින් සිටි වස්තුවකි
وَأَنَّهُۥٓ أَهْلَكَ عَادًا ٱلْأُولَىٰ ﴿٥٠﴾
පෙර විසූ ආද් සමූහයා ඔවුන්ගේ ප්රතික්ෂේපය මත අඛණ්ඩව නිරත වූ කල්හි සැබැවින්ම ඔහු ඔවුන් විනාශ කර දැමීය. ඔවුන් හූද්ගේ ජන සමූහයා වෙති
وَثَمُودَا۟ فَمَآ أَبْقَىٰ ﴿٥١﴾
සාලිහ්ගේ සමූහයා වන සමූද් ජනයා ද ඔහු විනාශ කළේය. ඔවුන්ගෙන් කිසිවකු ඔහු ඉතිරි කළේ නැත
وَقَوْمَ نُوحٍۢ مِّن قَبْلُ ۖ إِنَّهُمْ كَانُوا۟ هُمْ أَظْلَمَ وَأَطْغَىٰ ﴿٥٢﴾
ආද් හා සමූද්ගේ ජනයාට පෙර නූහ්ගේ ජනයාව ද අල්ලාහ් විනාශ කළේය. සැබැවින්ම නූහ්ගේ ජනයා දරුණු අපරාධකරුවන් වූහ. ආද් හා සමූද් ජනයාට වඩා සීමාව ඉක්මවා ගියවුන් වූහ. ඊට හේතුව නූහ් (අලයිහිස් සලාම්) තුමා ඔවුන් අතර වසර දහසකට වසර පනහක් අඩුවෙන් (එනම් අවුරුදු නවසියපනහක්) රැඳී සිට අල්ලාහ්ගේ ඒකීයත්වය වෙත ඔවුන්ට ඇරයුම් කළේය. නමුත් ඔවුන් ඔහුට පිළිතුරු දුන්නේ නැත
وَٱلْمُؤْتَفِكَةَ أَهْوَىٰ ﴿٥٣﴾
තවද ලූත්ගේ ජනයා විසූ ගම්මනාය ඔහු අහස දෙසට ඔසවා පසුව පෙරළා පොළාව වෙත හෙළීය. فغش ىها ما غش
فَغَشَّىٰهَا مَا غَشَّىٰ ﴿٥٤﴾
අහස දෙසට ඔසවනු ලැබ පොළව මතට හෙළීමෙන් පසුව එම ගම්මානය ආවරණය වන පරිදි ගල් වර්ෂාවක් ඇති කළේය. එය ආවරණය කළේය
فَبِأَىِّ ءَالَآءِ رَبِّكَ تَتَمَارَىٰ ﴿٥٥﴾
එහෙයින්, අහෝ මිනිස! නුඹේ පරමාධිපතිගේ බලය පෙන්වා දෙන ඔහුගේ කවර සාධකයක් ගැන නුඹ වාද කරන්නෙහි ද? එමගින් නුඹ උපදෙස් ලැබිය යුතු නොවේ ද?
هَـٰذَا نَذِيرٌۭ مِّنَ ٱلنُّذُرِ ٱلْأُولَىٰٓ ﴿٥٦﴾
නුඹලා වෙත එවනු ලැබූ මෙම දූත පණිවිඩය පෙර තිබූ දූත පණිවිඩ වර්ගයෙන් එකකි
أَزِفَتِ ٱلْـَٔازِفَةُ ﴿٥٧﴾
සමීපයෙන් පවතින මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය සමීප වී ඇත. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
لَيْسَ لَهَا مِن دُونِ ٱللَّهِ كَاشِفَةٌ ﴿٥٨﴾
එය වළක්වාලන්නට කිසිවකු නැත. එය නිරාවරණය කොට බලන්නට අල්ලාහ් හැර වෙනත් කෙනෙකු නැත
أَفَمِنْ هَـٰذَا ٱلْحَدِيثِ تَعْجَبُونَ ﴿٥٩﴾
එහෙයින් නුඹලා වෙත පාරායනය කරනු ලබන මෙම අල් කුර්ආනය අල්ලාහ් වෙතින් වීම ගැන නුඹලා පුදුමු වන්නෙහු ද? وتضحكون ولا تبكون
وَتَضْحَكُونَ وَلَا تَبْكُونَ ﴿٦٠﴾
නුඹලා එය හාස්යයට ගෙන සිනාසෙන්නෙහුය. එහි ඇති උපදෙස්වලට නුඹලා සවන් දී හඬන්නේ නැත. وأ نتم سمدون
وَأَنتُمْ سَـٰمِدُونَ ﴿٦١﴾
නුඹලා ඒ ගැන නොසැලකිල්ලෙන් පසුවූහ. ඒ ගැන ගණන් ගත්තේ නැත
فَٱسْجُدُوا۟ لِلَّهِ وَٱعْبُدُوا۟ ۩ ﴿٦٢﴾
එහෙයින් නුඹලා අල්ලාහ්ට පමණක් සුජූද් කර; ඔහුට පමණක් අවංක ව ගැතිකම් කරනු. මූලාශ්‍රය: අල්-මුඃතසර් ෆී තෆ්සීරිල් කුර්ආන්
අනුගමනය · පුනරාවර්තනය · පැවසීම · ලියාපදිංචිය අවශ්‍ය නැත