මුල් පිටුවතෆ්සීර්Al-Qamar (54)

තෆ්සීර් Al-Qamar (54) — القمر

මක්කී · 55 වාක්‍ය

කියවන්න · අහන්නPDF ගොනුව

ٱقْتَرَبَتِ ٱلسَّاعَةُ وَٱنشَقَّ ٱلْقَمَرُ ﴿١﴾

අවසන් හෝරාවෙහි පැමිණීම ළඟා වී ඇත. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ යුගයේ සඳු පැළී ගියේය. එය පැළී යාම එතුමාණන්ගේ භෞතිකرප්රාතිහාර්යයන්ගෙන් එකක් විය. وإن يروا ءاية يعرضوا ويقولوا س حر م ستم

وَإِن يَرَوْا۟ ءَايَةًۭ يُعْرِضُوا۟ وَيَقُولُوا۟ سِحْرٌۭ مُّسْتَمِرٌّۭ ﴿٢﴾

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම) තුමාගේ සත්යභාවය සහතික කරන යම් සාක්ෂියක් හෝ සාධකයක් දෙවියන්ට ආදේශ කරන්නන් දුටුවේ නම් එය පිළිගැනීමට ප්රතික්ෂේප කරමින් ‘මෙම සාක්ෂි හා සාධක ව්යාජ මායාවක් වශයෙන් මිස අපි නොදකින්නෙමු’ යැයි පවසාر සිටිති

وَكَذَّبُوا۟ وَٱتَّبَعُوٓا۟ أَهْوَآءَهُمْ ۚ وَكُلُّ أَمْرٍۢ مُّسْتَقِرٌّۭ ﴿٣﴾

ඔවුන් වෙත පැමිණි සත්යය ඔවුන් බොරු කළෝය. ඔවුන් බොරු කිරීමෙහි ඔවුන්ගේ ආශාවන් ඔවුන් අනුගමනය කළෝය. යහපතක් හෝ අයහපතක් හෝ වේවා ඒ සෑම කටයුත්තක්ම එයට සුදුසු අයුරින් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සිදු වනු ඇත

وَلَقَدْ جَآءَهُم مِّنَ ٱلْأَنۢبَآءِ مَا فِيهِ مُزْدَجَرٌ ﴿٤﴾

ඔවුන්ගේ දේව ප්රතික්ෂේපයෙන් හා අපාරාධයෙන් ඔවුන් වැළකී සිටීම සඳහා ප්රමාණවත් වන අයුරින් දේව ප්රතික්ෂේපය හා අසාධාරණකම් හේතුවෙන් අල්ලාහ් විනාශ කර දැමූ සමූහයන්ගේ තොරතුරු සැබැවින්ම ඔවුන් වෙත පැමිණියේය

حِكْمَةٌۢ بَـٰلِغَةٌۭ ۖ فَمَا تُغْنِ ٱلنُّذُرُ ﴿٥﴾

ඔවුන් වෙත පැමිණි දෑහි ඔවුනට සාධක නිරූපණය කරනු පිණිස පූර්ණවත් ප්රඥාවක් විය. අල්ලාහ් හා අවසන් දිනය විශ්වාස නොකරන ජනයාට අවවාදය ප්රයෝනවත් වන්නේ නැත

فَتَوَلَّ عَنْهُمْ ۘ يَوْمَ يَدْعُ ٱلدَّاعِ إِلَىٰ شَىْءٍۢ نُّكُرٍ ﴿٦﴾

ඔවුන් යහමග නොලැබුවේ නම්, අහෝ දූතය! නුඹ ඔවුන් අතහැර දමනු. මීට පෙර එවන් මැවීමක් නුඹ නොදැන සිටි බිහිසුණු කරුණක් සඳහා හොරණෑවෙහි පිඹීමට භාර කරන ලද මලක්වරයාව ඇරයුම් කරනු ලබන දිනය ගැන බලාපොරොත්තුවෙන්, නුඹ ඔවුන් නොසලකා හරිනු

خُشَّعًا أَبْصَـٰرُهُمْ يَخْرُجُونَ مِنَ ٱلْأَجْدَاثِ كَأَنَّهُمْ جَرَادٌۭ مُّنتَشِرٌۭ ﴿٧﴾

ඔවුන්ගේ බැල්ම පහත වැටී තිබේ. ඔවුන් මිණීවලවල්වලින් බැහැර වී විනිශ්චයේ ස්ථානය වෙත පිය නැගීම විසිරී යන පළගැටියන් මෙන් පවතී. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

مُّهْطِعِينَ إِلَى ٱلدَّاعِ ۖ يَقُولُ ٱلْكَـٰفِرُونَ هَـٰذَا يَوْمٌ عَسِرٌۭ ﴿٨﴾

එම ස්ථානය වෙත කැඳවන්නා වෙත ඔවුන් වේගයෙන් පැමිණෙයි. එහි ඇති බිහිසුණුකම් හා අර්බුධ හේතුවෙන් ‘මෙදින ඉතා දුෂ්කර දිනයකි’ යැයි දේව ප්රතික්ෂේපකයෝ පවසති

۞ كَذَّبَتْ قَبْلَهُمْ قَوْمُ نُوحٍۢ فَكَذَّبُوا۟ عَبْدَنَا وَقَالُوا۟ مَجْنُونٌۭ وَٱزْدُجِرَ ﴿٩﴾

අහෝ දූතය! නුඹේ ඇරයුම බොරු කළ මොවුනට පෙර නූහ්ගේ ජනයා ද ඔහුව බොරු කළෝය. අපගේ ගැත්තෙකු වූ නූහ් අලයිහිස් සලාම් තුමාව ඔවුන් වෙත අප එවූ කල්හි, ඔවුහු අපගේ ගැත්තාව බොරු කළෝය. ඔහු ගැන: ‘ඔහු උම්මත්තකයෙකි’ යැයි ඔවුහු පැවසූහ. ඔවුනට කරන ප්රචාරය ඔහු අත් නොහළ විට බැණ වදිමින්, දොස් නගමින්, තර්ජනය කරමින් ඔවුහු එතුමාට තරවටු කළෝය

فَدَعَا رَبَّهُۥٓ أَنِّى مَغْلُوبٌۭ فَٱنتَصِرْ ﴿١٠﴾

‘සැබැවින්ම මාගේ ජනයා මා අබිබවා ගොස් ඇත. මට ඔවුන් පිළිතුරු දුන්නේ නැත. එහෙයින් ඔවුන් වෙත දඬුවමක් පහළ කොට ඔවුන්ගෙන් මට ජය ලබා දෙනු මැනව!’යි පවසමින් නූහ් තුමා ඔහුගේ පරමාධිපතිට කණ්ණලව් කළේය

فَفَتَحْنَآ أَبْوَٰبَ ٱلسَّمَآءِ بِمَآءٍۢ مُّنْهَمِرٍۢ ﴿١١﴾

එවිට අඛණ්ඩව කඩා හැළෙන ජලයෙන් අපි අහසේ දොරටු විවෘත කළෙමු

وَفَجَّرْنَا ٱلْأَرْضَ عُيُونًۭا فَٱلْتَقَى ٱلْمَآءُ عَلَىٰٓ أَمْرٍۢ قَدْ قُدِرَ ﴿١٢﴾

මහපොළවේ පැළීම් ඇති කළෙමු. එවිට ජලය ගලා යන උල්පත් හට ගැණින. ඔවුන් අවමානයට පත් කිරීම සඳහා අල්ලාහ් සැලසුම් කළ පෙර නියමයට අනුව අහසින් වැටෙන ජලය මහපොළවෙන් උනන ජලය සමග එකතු විය. අල්ලාහ් මුදවා ගත් අය හැර සෙසු සියල්ලන්ම ජලයේ ගිලුණෝය. وحملنهعل ذات ألوح ودسر

وَحَمَلْنَـٰهُ عَلَىٰ ذَاتِ أَلْوَٰحٍۢ وَدُسُرٍۢ ﴿١٣﴾

ලෑලි සහ ඇනවලින් යුත් නැවක් මත අපි නූහ්ව උසුළා ඔහු සහ ඔහු සමග සිටියවුන් ජලයේ ගිලීමෙන් අපි මුදවා ගත්තෙමු

تَجْرِى بِأَعْيُنِنَا جَزَآءًۭ لِّمَن كَانَ كُفِرَ ﴿١٤﴾

අපගේ අධීක්ෂණය හා ආරක්ෂාව යටතේ එකිනෙකට පෙරළා ගසන ජල රළ අතරින් එම නැව යාත්රා විය. එය නූහ් තුමාව බොරු කළ, එතුමා කවර කරුණක් අල්ලාහ් වෙතින් ගෙන ආවේ ද එය ප්රතික්ෂේප කළ, තම සමූහයාට පරාජයක් හා නූහ්ට ජයග්රහණයක් ලෙසිනි

وَلَقَد تَّرَكْنَـٰهَآ ءَايَةًۭ فَهَلْ مِن مُّدَّكِرٍۢ ﴿١٥﴾

කවර කරුණකින් අප ඔවුනට දඬුවම් කළේ ද එය පාඩමක් හා ආදර්ශයක් වශයෙන් අපි එය අතහැර දැමුවෙමු. එමගින් පාඩම් ලබන කිසිවෙකු හෝ වෙත් ද? بلغ අල්-කුර්ආන් · තෆ්සීර් فكيف كان عذابى ونذر

فَكَيْفَ كَانَ عَذَابِى وَنُذُرِ ﴿١٦﴾

බොරු කාරයින් හට මාගේ දඬුවම කෙසේ වී ද? මා ඔවුන් විනාශ කර දමමින් කළ අවවාදය කෙසේ වී ද?

وَلَقَدْ يَسَّرْنَا ٱلْقُرْءَانَ لِلذِّكْرِ فَهَلْ مِن مُّدَّكِرٍۢ ﴿١٧﴾

මෙනෙහි කිරීමට හා උපදෙස් ලබන්නට සැබැවින්ම අපි අල් කුර්ආනය පහසු කළෙමු. එහි ඇති පාඩම් හා උපදෙස් තුළින් පාඩම් ලබන කිසිවකු හෝ වෙත් ද? كذبت عاد فكيف كان عذابى ونذر

كَذَّبَتْ عَادٌۭ فَكَيْفَ كَانَ عَذَابِى وَنُذُرِ ﴿١٨﴾

ආද් සමූහයා හූද් (අලයිහිස් සලාම්) තුමාව බොරු කළෝය. ඔවුනට මාගේ දඬුවම කෙසේ වී දැයි ද? සෙසු අයට මාගේ අවවාදය කෙසේ වී දැයි ද? මක්කා වැසියනි! සිතා බලනු

إِنَّآ أَرْسَلْنَا عَلَيْهِمْ رِيحًۭا صَرْصَرًۭا فِى يَوْمِ نَحْسٍۢ مُّسْتَمِرٍّۢ ﴿١٩﴾

සැබැවින්ම ඔවුන් නිරය වෙත කැටුවාගෙන එන අභාග්යවන්ත කම හා නපුර ඔවුන් සමග නිරන්තරයෙන් පවතින දිනයක දැඩි සීත සහිත මහා සුළඟක් ඔවුන් වෙත අපි එව්වෙමු

تَنزِعُ ٱلنَّاسَ كَأَنَّهُمْ أَعْجَازُ نَخْلٍۢ مُّنقَعِرٍۢ ﴿٢٠﴾

එය මිනිසුන් මහපොළොවෙන් උගුලා, ඔවුන්ගේ හිස් මත වීසි කර දැමීය. එය රට ඉඳි මුල රෝපණය වී ඇති තැනින්ම උගුලා දමන්නක් මෙන් විය. فكيف كان عذابى ونذر

فَكَيْفَ كَانَ عَذَابِى وَنُذُرِ ﴿٢١﴾

එවිට ඔවුනට මාගේ දඬුවම කෙසේ වී දැයි ද? සෙසු අයට මාගේ අවවාදය කෙසේ වී දැයි ද? මක්කා වැසියනි! සිතා බලනු

وَلَقَدْ يَسَّرْنَا ٱلْقُرْءَانَ لِلذِّكْرِ فَهَلْ مِن مُّدَّكِرٍۢ ﴿٢٢﴾

මෙනෙහි කිරීමට හා උපදෙස් ලබන්නට සැබැවින්ම අපි අල් කුර්ආනය පහසු කළෙමු. එහි ඇති පාඩම් හා උපදෙස් තුළින් පාඩම් ලබන කිසිවකු හෝ වෙත් ද?

كَذَّبَتْ ثَمُودُ بِٱلنُّذُرِ ﴿٢٣﴾

සමූද් ජනයා වෙත සාලිහ් (අලයිහිස් සලාම්) තුමා කළ අවවාදය ඔවුන් බොරු කර සිටියෝය

فَقَالُوٓا۟ أَبَشَرًۭا مِّنَّا وَٰحِدًۭا نَّتَّبِعُهُۥٓ إِنَّآ إِذًۭا لَّفِى ضَلَـٰلٍۢ وَسُعُرٍ ﴿٢٤﴾

ඔවුන් හෙළා දකිමින්, ‘අපගේ ජාතියෙන් වූ මිනිසෙකු අපි අනුගමනය කරන්නෙමු ද? මේ තත්ත්වයේ සැබැවින්ම අපි ඔහුව අනුගමනය කළේ නම් එවිට නිවැරදි භාවයෙන් දුරස්ව එයින් හැරී දැඩි දුෂ්කරතාවය මත පසුවන්නට සිදු වේ’ යැයි ඔවුහු පැවසූහ. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

أَءُلْقِىَ ٱلذِّكْرُ عَلَيْهِ مِنۢ بَيْنِنَا بَلْ هُوَ كَذَّابٌ أَشِرٌۭ ﴿٢٥﴾

අප සියලු දෙනා හැර දමා ඔහු තනි පුද්ගලයෙකුව සිටිය දී ඔහුව පමණක් විශේෂ කොට ඔහු වෙත දේව පණිවිඩ පහළ වූයේ ද?! නැත! ඔහු ගර්වයෙන් යුත් මහා බොරුකාරයෙකි

سَيَعْلَمُونَ غَدًۭا مَّنِ ٱلْكَذَّابُ ٱلْأَشِرُ ﴿٢٦﴾

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ගර්වයෙන් යුත් මහා බොරුකාරයා සාලිහ් ද නැතහොත් ඔවුන් දැයි ඔවුන් මතු දැනගනු ඇත

إِنَّا مُرْسِلُوا۟ ٱلنَّاقَةِ فِتْنَةًۭ لَّهُمْ فَٱرْتَقِبْهُمْ وَٱصْطَبِرْ ﴿٢٧﴾

සැබැවින්ම අපි ඔටු දෙන ගල් පර්වතයෙන් බැහැර කරන්නන් වෙමු. ඔවුනට ඌ පරීක්ෂණයක් ලෙස එවන්නෙමු. අහෝ සාලිහ්! ඔවුන් ඌට සිදු කරනුයේ කුමක් දැයි ද, ඔවුන් තුළින් ඌට සිදුවනුයේ කුමක් දැයි ද අධීක්ෂණයෙන් බලා සිටිනු. ඔවුන්ගේ හිංසාවන් ඉවසීමෙන් දරා ගනු

وَنَبِّئْهُمْ أَنَّ ٱلْمَآءَ قِسْمَةٌۢ بَيْنَهُمْ ۖ كُلُّ شِرْبٍۢ مُّحْتَضَرٌۭ ﴿٢٨﴾

සැබැවින්ම ඔවුන්ගේ ළිං ජලය, ඔටු දෙනට දිනක් හා ඔවුනට දිනක් වශයෙන් ඔවුන් අතර හා එම ඔටු දෙන අතර බෙදා වෙන්කර ඇති බව ඔවුනට දන්වා සිටියේය. සෑම කොටසක්ම නියම කරන ලද දිනයේ දී අදාළ පාර්ශවය වෙත ඉදිරිපත් කරනු ලැබ ඇත. فنادوا صاحبهم فتعاط فعقر

فَنَادَوْا۟ صَاحِبَهُمْ فَتَعَاطَىٰ فَعَقَرَ ﴿٢٩﴾

එම ඔටු දෙන මරා දැමීම සඳහා ඔවුහු ඔවුන් අතර සිටි සගයකු ඇරයුම් කළෝය. ඔහු ඔහුගේ ජනයාගේ නියෝගය පිළිපදිමින් කඩුව අමෝරා ගොස්, ඌ මාරා දැමීය. فكيف كان عذابى ونذر

فَكَيْفَ كَانَ عَذَابِى وَنُذُرِ ﴿٣٠﴾

එවිට ඔවුනට මාගේ දඬුවම කෙසේ වී දැයි ද? සෙසු අයට මාගේ අවවාදය කෙසේ වී දැයි ද? මක්කා වැසියනි! සිතා බලනු

إِنَّآ أَرْسَلْنَا عَلَيْهِمْ صَيْحَةًۭ وَٰحِدَةًۭ فَكَانُوا۟ كَهَشِيمِ ٱلْمُحْتَظِرِ ﴿٣١﴾

සැබැවින්ම අපි ඔවුන් වෙත බිහිසුණු මහා හඬක් එව්වෙමු. එය ඔවුන් විනාශ කර දැමීය. එළුවන් ගාල් කරන එළු කොටුවෙන් ගන්නා ලද පෑගුණු වියළී ගිය ගස් මෙන් ඔවුහු පත්වූහ

وَلَقَدْ يَسَّرْنَا ٱلْقُرْءَانَ لِلذِّكْرِ فَهَلْ مِن مُّدَّكِرٍۢ ﴿٣٢﴾

මෙනෙහි කිරීමට හා උපදෙස් ලබන්නට සැබැවින්ම අපි අල් කුර්ආනය පහසු කළෙමු. එහි ඇති පාඩම් හා උපදෙස් තුළින් පාඩම් ලබන කිසිවකු හෝ වෙත් ද? بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

كَذَّبَتْ قَوْمُ لُوطٍۭ بِٱلنُّذُرِ ﴿٣٣﴾

ලූත්ගේ ජනයා වෙත ලූත් (අලයිහිස් සලාම්) තුමා කළ අවවාදය ඔවුන් බොරු කර සිටියෝය

إِنَّآ أَرْسَلْنَا عَلَيْهِمْ حَاصِبًا إِلَّآ ءَالَ لُوطٍۢ ۖ نَّجَّيْنَـٰهُم بِسَحَرٍۢ ﴿٣٤﴾

සැබැවින්ම අපි ඔවුන් වෙත සුළඟක් එව්වෙමු. ලූත්ගේ පවුල හැර සෙසු අය වෙත එය ගල් ගෙනැවිත් හෙළීය. ඔවුනට එම දඬුවම අත් වූයේ නැත. සැබැවින් අපි ඔවුන් එයින් මුදවා ගත්තෙමු. එවිට රාත්රිය අවසන් භාගයේ දඬුවම ඇති වීමට පෙර රාත්රියේම ඔවුන්ව පිටත් ගියේය

نِّعْمَةًۭ مِّنْ عِندِنَا ۚ كَذَٰلِكَ نَجْزِى مَن شَكَرَ ﴿٣٥﴾

ඔවුනට අප වෙතින් වූ ආශිර්වාදයක් වශයෙන් අපි ඔවුන් දඬුවමින් මුදවා ගත්තෙමු. කවරෙකු අල්ලාහ්ගේ ආශිර්වාදයට කෘතඥ වූයේ ද ලූත්ට පිරිනැමූ මෙන් ප්රතිඵලයක් අපි ඔහුට පිරිනමන්නෙමු

وَلَقَدْ أَنذَرَهُم بَطْشَتَنَا فَتَمَارَوْا۟ بِٱلنُّذُرِ ﴿٣٦﴾

සැබැවින්ම අපගේ දඬුවම ගැන ලූත් (අලෙයිහිස් සලාම්) තුමා ඔවුනට බිය ගැන්වීය. නමුත් මාගේ අවවාදය ගැන ඔවුන් තර්ක කරන්නට වුහ. එය ඔවුන් බොරු කළෝය

وَلَقَدْ رَٰوَدُوهُ عَن ضَيْفِهِۦ فَطَمَسْنَآ أَعْيُنَهُمْ فَذُوقُوا۟ عَذَابِى وَنُذُرِ ﴿٣٧﴾

ලූත්ගේ ජනයා ඔහුට, අශීලාචාර ක්රියාවෙහි නිරත වීම සඳහා ඔවුන් අතර හා ඔහුගේ ආගන්තුක මලක්වරුන් අතර තනි වෙන්නට ඉඩ හරින්නැයි සැල කළෝය. එවිට ඔවුන්ගේ ඇස් අපි අන්ධ කළෙමු. එහෙයින් ඔවුන් දෙස බලන්නට නොහැකි විය. එවිට අපි ඔවුනට: ‘නුඹලා මාගේ දඬුවම හා මා නුඹලාට කළ අවවාදයේ ප්රතිඵලය නුඹලා භුක්ති විඳනු’ යැයි පැවසුවෙමු. ر ولقد صبحهم بكرةعذاب مستق

وَلَقَدْ صَبَّحَهُم بُكْرَةً عَذَابٌۭ مُّسْتَقِرٌّۭ ﴿٣٨﴾

උදෑසන කාලයේ ඔවුන් මතුලොවට සේන්දු වී ඔවුනට එහි දඬුවම පැමිණෙන තරමට ඔවුන් සමග වෙළුණු දඬුවම ඔවුන් වෙත පැමිණියේය. فذوقوا عذابى ونذر

فَذُوقُوا۟ عَذَابِى وَنُذُرِ ﴿٣٩﴾

‘නුඹලා වෙත මා පහළ කළ මාගේ දඬුවම හා නුඹලාට ලූත් තුමා කළ අවවාදයේ ප්රතිඵලය නුඹලා භුක්ති විඳිනු’ යැයි ඔවුනට පවසනු ලැබීය

وَلَقَدْ يَسَّرْنَا ٱلْقُرْءَانَ لِلذِّكْرِ فَهَلْ مِن مُّدَّكِرٍۢ ﴿٤٠﴾

මෙනෙහි කිරීමට හා උපදෙස් ලබන්නට සැබැවින්ම අපි අල් කුර්ආනය පහසු කළෙමු. එහි ඇති පාඩම් හා උපදෙස් තුළින් පාඩම් ලබන කිසිවකු හෝ වෙත් ද? بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

وَلَقَدْ جَآءَ ءَالَ فِرْعَوْنَ ٱلنُّذُرُ ﴿٤١﴾

මූසා හා හාරූන් (අලයිහිමස් සලාම්) යන දෙදෙනාගේ මුවින් සැබැවින්ම අපගේ අවවාදය ෆිර්අවුන් පැළැන්තියට පැමිණියේය. كذبوا بٔايتنا كلها فأخذنهم أخذ عزيز م قتدر

كَذَّبُوا۟ بِـَٔايَـٰتِنَا كُلِّهَا فَأَخَذْنَـٰهُمْ أَخْذَ عَزِيزٍۢ مُّقْتَدِرٍ ﴿٤٢﴾

අප වෙතින් ඔවුන් වෙත පැමිණි සාක්ෂි හා සාධක ඔවුන් බොරු කළෝය. ඔවුන් බොරු කරමින් සිටි බැවින් කිසිවකු විසින් ජය ගත නොහැකි සර්ව බලධාරීයාණන්ගේ දඬුමකින් අපි ඔවුන් දඬුවමට ලක් කළෙමු. ඔහු කිසිදු නොහැකියාවක් නැති බලධාරියාය

أَكُفَّارُكُمْ خَيْرٌۭ مِّنْ أُو۟لَـٰٓئِكُمْ أَمْ لَكُم بَرَآءَةٌۭ فِى ٱلزُّبُرِ ﴿٤٣﴾

අහෝ මක්කා වැසියනි! සඳහන් කරන ලද නූහ්, ආද් හා සමූද් සමූහයා, ලූත්ගේ සමූහයා, ෆිර්අවුන් හා ඔහුගේ සමූහයා වැනි ප්රතික්ෂේපකයින්ට වඩා නුඹලා අතර සිටින ප්රතික්ෂේපකයින් උතුම් ද? එසේ නැතහොත් අල්ලාහ්ගේ දඬුවමින් නුඹලා නිදහස් බව සඳහන් දිව්යමය ග්රන්ථයක් නුඹලා වෙත තිබේ ද? أم يقولون نحن جميع منتصر

أَمْ يَقُولُونَ نَحْنُ جَمِيعٌۭ مُّنتَصِرٌۭ ﴿٤٤﴾

එසේ නැතහොත්, මක්කා වාසීන් අතර සිටින මෙම දේව ප්රතික්ෂේපකයෝ: ‘නපුරක් කරන්නට අපේක්ෂා කරන, අපගේ එකමුතුකම වෙන් කරන්නට බලන අයගෙන් අපි ජය ලබන්නන් වෙමු’ යැයි පවසන්නෝද?

سَيُهْزَمُ ٱلْجَمْعُ وَيُوَلُّونَ ٱلدُّبُرَ ﴿٤٥﴾

දෙවියන් ප්රතික්ෂේප කළ මෙම පිරිස පරාජයට පත් වනු ඇත. දේව විශ්වාසීන් හමුවේ ඔවුන් පසුපස හැරී පළා යනු ඇත. සැබැවිම් බද්ර් දිනයේ එය සිදු විය

بَلِ ٱلسَّاعَةُ مَوْعِدُهُمْ وَٱلسَّاعَةُ أَدْهَىٰ وَأَمَرُّ ﴿٤٦﴾

ඔවුන් බොරු කරමින් සිටි අවසන් හෝරාව වනාහි ඔවුන් දඬුවම් විඳින ඔවුනට ප්රතිඥා දෙන ලද්දකි. බද්ර් දිනයේ ඔවුන් මුහුණ දුන් මෙලොව දඬුවමට වඩා එම හෝරාව වඩාත් කුරීරුය. දරුණුය

إِنَّ ٱلْمُجْرِمِينَ فِى ضَلَـٰلٍۢ وَسُعُرٍۢ ﴿٤٧﴾

දේව ප්රතික්ෂේපය හා පාපකම් තුළින් සැබැවින්ම අපරාධකළවුන් වනාහි, ඔවුහු සත්යයෙන් පෙරළුණු මුළාවෙහි ද වේදනා හා වධහිංසා තුළ ද පසුවෙති

يَوْمَ يُسْحَبُونَ فِى ٱلنَّارِ عَلَىٰ وُجُوهِهِمْ ذُوقُوا۟ مَسَّ سَقَرَ ﴿٤٨﴾

එය ඔවුන්ගේ මුහුණු මතින් නිරා ගින්න වෙත ඇදගෙන යනු ලබන දිනයකි. ඔවුන් හෙළා දකිමින් ‘නුඹලා නිරා ගින්නේ දඬුවම විඳවනු’ යැයි ඔවුනට පවසනු ලැබේ. بلغ අල්-කුර්ආන් · තෆ්සීර් إنا كل شىء خلقنه بقدر

إِنَّا كُلَّ شَىْءٍ خَلَقْنَـٰهُ بِقَدَرٍۢ ﴿٤٩﴾

විශ්වයේ ඇති සෑම දෙයක්ම සැබැවින්ම අපි අපගෙන් වූ පූර්ව නිර්ණයකින් යුතුව ද අපගේ දැනුම හා අපගේ අභිමතයට අනුකූලව ද අපි මවා ඇත්තෙමු. එය අපි ආරක්ෂිත පුවරුවේ කුමක් සටහන් කළේ ද ඒ අනුවය

وَمَآ أَمْرُنَآ إِلَّا وَٰحِدَةٌۭ كَلَمْحٍۭ بِٱلْبَصَرِ ﴿٥٠﴾

අප යම් දෙයක් සිතූ විට අපගේ නියෝගය කුන් -වනු- යැයි ප්රකාශ කිරීම පමණි. එවිට ඇසි පිය ගසන වේගයෙන් අප සිතූ දෑ සිදුවනු ඇත

وَلَقَدْ أَهْلَكْنَآ أَشْيَاعَكُمْ فَهَلْ مِن مُّدَّكِرٍۢ ﴿٥١﴾

දේව ප්රතික්ෂේපයේ සිටි නුඹලා මෙන් වූ ඉකුත් වී ගිය සමූහයන් සැබැවින්ම අපි විනාශ කළෙමු. එමගින් පාඩම් ලබා එම දේව ප්රතික්ෂේපයෙන් දුරස් වන කිසිවෙකු හෝ වෙත් ද?

وَكُلُّ شَىْءٍۢ فَعَلُوهُ فِى ٱلزُّبُرِ ﴿٥٢﴾

ගැත්තන් සිදු කළ සියලු ක්රියාවන් ආරක්ෂිත ලේඛනයේ සටහන් කරනු ලබනු ඇත. ඔවුන් ගැන කිසිවක් එහි මග හැරී යන්නේ නැත. وكل صغير وكبير مستطر

وَكُلُّ صَغِيرٍۢ وَكَبِيرٍۢ مُّسْتَطَرٌ ﴿٥٣﴾

ක්රියා හා ප්රකාශ අතරින් සියලුම සුළු හා මහා දෑ ක්රියා ලේඛනයන්හි හා ආරක්ෂිත පුවරුවේ සටහන් කරනු ලැබ ඇත. ඒ සඳහා ඔවුනට මතු ප්රතිඵල පිරිනමනු ඇත

إِنَّ ٱلْمُتَّقِينَ فِى جَنَّـٰتٍۢ وَنَهَرٍۢ ﴿٥٤﴾

සැබැවින්ම ඔවුන්ගේ පරමාධිපතිගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඔහුට බැතිමත්ව කටයුතු කළවුන් වනාහි, සුවපහසුකම් විඳින ස්වර්ග උයන් හා ගලා යන ගංගාවන් අතර සිටිති. فى مقعد صدق عند مليك مقتدر

فِى مَقْعَدِ صِدْقٍ عِندَ مَلِيكٍۢ مُّقْتَدِرٍۭ ﴿٥٥﴾

ඔවුන් සැබෑ සභා ගර්භයේ සිටිති. එහි කිසිදු හාස්යයක් හෝ පාපයක් හෝ නැත. සියලු දේ සතු රජු අබියසය. කිසිවෙකු විසින් පරාජය කළ නොහැකි සර්වබලධාරී අබියසය. ඔහුගෙන් ඔවුන් ලබන සදාතනික සුවපහසුකම් ගැන විමසනු නොලබනු ඇත. මූලාශ්‍රය: අල්-මුඃතසර් ෆී තෆ්සීරිල් කුර්ආන්

ඉගෙන ගන්න · Al-Qamar — القمر

අනුගමනය · පුනරාවර්තනය · පැවසීම · ලියාපදිංචිය අවශ්‍ය නැත

තෆ්සීර් · 31 භාෂා