ٱلرَّحْمَـٰنُ ﴿١﴾
විශාල කරුණා ගුණයෙන් යුත් මහා කාරුණිකය
මුල් පිටුව›තෆ්සීර්›Ar-Rahmaan (55)
මදනී · 78 වාක්‍ය
ٱلرَّحْمَـٰنُ ﴿١﴾
විශාල කරුණා ගුණයෙන් යුත් මහා කාරුණිකය
عَلَّمَ ٱلْقُرْءَانَ ﴿٢﴾
අල් කුර්ආනය පාඩම් කිරීමට හා එහි තේරුම වටහා ගැනීමට පහසු අයුරින් මිනිසාට ඔහු එය ඉගැන්වීය
خَلَقَ ٱلْإِنسَـٰنَ ﴿٣﴾
මනා සැකැස්මකින් හා අලංකාර ස්වරූපයකින් යුතුව මිනිසා ව ඔහු මැව්වේය
عَلَّمَهُ ٱلْبَيَانَ ﴿٤﴾
ඇතුළත ඇති දෑ පැහැදිලි කරනුයේ කෙසේදැ?යි කතාවෙන් හා ලිවීමෙන් ඔහු ඔහුට ඉගැන්වීය
ٱلشَّمْسُ وَٱلْقَمَرُ بِحُسْبَانٍۢ ﴿٥﴾
හිරු හා සදුට නියමිත ගණන් පිළිවෙතක් ඇති කළේය. වර්ෂ ගණන් හා කාලවේලාවන් මිනිසා හඳුනා ගනු පිණිස ඒ දෙක ඉතා සූක්ෂම ගණන් විලාසයකට අනුව ගමන් කරයි
وَٱلنَّجْمُ وَٱلشَّجَرُ يَسْجُدَانِ ﴿٦﴾
කඳන් නොමැති පැළෑටි (හේ තරු) හා ගස් ශුද්ධවන්තයාණන් වූ අල්ලාහ්ට අවනතව යටහත්ව සුජූද් - සිරස නමස්කාර - කරති
وَٱلسَّمَآءَ رَفَعَهَا وَوَضَعَ ٱلْمِيزَانَ ﴿٧﴾
අහස මහපොළොවට ඉහළින් එහි වියනක් සේ ඔසවා තැබුවේය. මහපොළොවේ යුක්තිය ස්ථාපිත කළේය. එය තම ගැත්තන්හට නියෝග කළේය
أَلَّا تَطْغَوْا۟ فِى ٱلْمِيزَانِ ﴿٨﴾
අහෝ ජනයිනි! නුඹලා වැරදි නොකරනු පිණිසත් කිරුම් මිණුම්වල වංචා නොකරනු පිණිසත් ඔහු යුක්තිය ස්ථාපිත කළේය
وَأَقِيمُوا۟ ٱلْوَزْنَ بِٱلْقِسْطِ وَلَا تُخْسِرُوا۟ ٱلْمِيزَانَ ﴿٩﴾
නුඹලා අතර සාධාරණ අයුරින් තුලනය ක්රියාත්මක කරනු. නුඹලා වෙනත් අයට කිරා දෙන විට හෝ මැන දෙන විට හෝ එම කිරුම් මිනුම් හි අඩුපාඩු නොකරනු. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
وَٱلْأَرْضَ وَضَعَهَا لِلْأَنَامِ ﴿١٠﴾
මහපොළොව මත ඇති මැවීම් පවතිනු පිණිස එය සූදානම් කර තබා ඇත්තෙමු
فِيهَا فَـٰكِهَةٌۭ وَٱلنَّخْلُ ذَاتُ ٱلْأَكْمَامِ ﴿١١﴾
පලතුරු හට ගන්වන ගස් ද එහි ඇත. ඉඳි හටගන්නා කොපු සහිත ඉඳි ගස් ද එහි ඇත
وَٱلْحَبُّ ذُو ٱلْعَصْفِ وَٱلرَّيْحَانُ ﴿١٢﴾
තවද එහි බාර්ලි හා තිරිඟු වැනි පිදුරු සහිත ධාන්යය ද නැවුම් සුවද ලබා දෙන පැළෑටි ද ඇත
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ﴿١٣﴾
අහෝ ජින් හා මිනිස් වර්ගයිනි, නුඹලා වෙත අධික ව පිරිනමා ඇති අල්ලාහ්ගේ කවර ආශිර්වාදයක් නුඹලා දෙදෙනා බොරු කර සිටින්නෙහුද?
خَلَقَ ٱلْإِنسَـٰنَ مِن صَلْصَـٰلٍۢ كَٱلْفَخَّارِ ﴿١٤﴾
පුච්චන ලද මැටි මෙන් දඟලන හඩක් ඇසෙන වියළි මැටියෙන් ඔහු ආදම් (අලයිහිස් සලාම්) තුමාව මැව්වේය
وَخَلَقَ ٱلْجَآنَّ مِن مَّارِجٍۢ مِّن نَّارٍۢ ﴿١٥﴾
පිරිසිදු ගිනි දැල්ලෙන් ඔහු ජින්නුන්ගේ පියාව මැව්වේය
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ﴿١٦﴾
අහෝ ජින් හා මිනිස් වර්ගයිනි, නුඹලා වෙත අධික ව පිරිනමා ඇති අල්ලාහ්ගේ කවර ආශිර්වාදයක් නුඹලා දෙදෙනා බොරු කර සිටින්නෙහුද?
رَبُّ ٱلْمَشْرِقَيْنِ وَرَبُّ ٱلْمَغْرِبَيْنِ ﴿١٧﴾
ශීත ඍතුවෙන් හා ග්රීෂ්ම ඍතුවෙන් හිරු උදාවන නැගෙනහිරවල් දෙකෙහි හා එය අවරට යන බටහිරවල් දෙකෙහි හිමිපාණන්ය
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ﴿١٨﴾
අහෝ ජින් හා මිනිස් වර්ගයිනි, නුඹලා වෙත අධික ව පිරිනමා ඇති අල්ලාහ්ගේ කවර ආශිර්වාදයක් නුඹලා දෙදෙනා බොරු කර සිටින්නෙහුද?
مَرَجَ ٱلْبَحْرَيْنِ يَلْتَقِيَانِ ﴿١٩﴾
දෑසට පෙනෙන සේ කරදිය හා මිරිදිය සාගර දෙක එකිනෙකට එකතු වන සේ අල්ලාහ් යා කළේය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර් بينهما برزخ لا يبغيان
بَيْنَهُمَا بَرْزَخٌۭ لَّا يَبْغِيَانِ ﴿٢٠﴾
කරදිය ලුණු ද්රාවණයෙන් හා මිරිදිය මිහිරි බවින් තිබෙන්නට හැර එකක් අනෙක ඉක්මවා නොයන පරිදි ඒ දෙකින් සෑම එකක්ම වළක්වාලන බාධකයක් ඒ දෙක අතර පවතී
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ﴿٢١﴾
අහෝ ජින් හා මිනිස් වර්ගයිනි, නුඹලා වෙත අධික ව පිරිනමා ඇති අල්ලාහ්ගේ කවර ආශිර්වාදයක් නුඹලා දෙදෙනා බොරු කර සිටින්නෙහුද?
يَخْرُجُ مِنْهُمَا ٱللُّؤْلُؤُ وَٱلْمَرْجَانُ ﴿٢٢﴾
සමස්ත මුහුදු දෙකින්ම ලොකු කුඩා මුතු හා පබළු මතු වෙයි
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ﴿٢٣﴾
අහෝ ජින් හා මිනිස් වර්ගයිනි, නුඹලා වෙත අධික ව පිරිනමා ඇති අල්ලාහ්ගේ කවර ආශිර්වාදයක් නුඹලා දෙදෙනා බොරු කර සිටින්නෙහුද?
وَلَهُ ٱلْجَوَارِ ٱلْمُنشَـَٔاتُ فِى ٱلْبَحْرِ كَٱلْأَعْلَـٰمِ ﴿٢٤﴾
සාගරයේ යාත්රා කරන, කඳු මෙන් වූ නැවු සක්මන් කරවීම ශුද්ධවන්තයාණන් වූ ඔහුට පමණක් සතුය
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ﴿٢٥﴾
අහෝ ජින් හා මිනිස් වර්ගයිනි, නුඹලා වෙත අධික ව පිරිනමා ඇති අල්ලාහ්ගේ කවර ආශිර්වාදයක් නුඹලා දෙදෙනා බොරු කර සිටින්නෙහුද? كل من عليهافان
كُلُّ مَنْ عَلَيْهَا فَانٍۢ ﴿٢٦﴾
මහපොළොව මත පවතින සියලු මැවීම් කිසිදු සැකයකින් තොර ව විනාශ වී යනු ඇත
وَيَبْقَىٰ وَجْهُ رَبِّكَ ذُو ٱلْجَلَـٰلِ وَٱلْإِكْرَامِ ﴿٢٧﴾
අහෝ දූතය! තම ගැත්තන් හට භාග්ය පිරිනමන, උපකාර කරන, තේජාන්විතභාවයෙන් යුත් නුඹේ පරමාධිපතියාණන්ගේ මුහුණ පමණක් ශේෂව පවතී. එහෙයින් ඔහුට කිසිවිටෙක විනාශයක් අත් වන්නේ නැත
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ﴿٢٨﴾
අහෝ ජින් හා මිනිස් වර්ගයිනි, නුඹලා වෙත අධික ව පිරිනමා ඇති අල්ලාහ්ගේ කවර ආශිර්වාදයක් නුඹලා දෙදෙනා බොරු කර සිටින්නෙහුද? بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
يَسْـَٔلُهُۥ مَن فِى ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ ۚ كُلَّ يَوْمٍ هُوَ فِى شَأْنٍۢ ﴿٢٩﴾
අහස්වල සිටින සෑම මලක්වරයකු ම, මහපොළොවේ සිටින ජින්නුන් හා මිනිසුන් ද ඔවුන්ගේ අවශ්යතාවන් ඔහුගෙන් ඉල්ලා සිටිති. සෑම දිනකම ජීවය ලබා දීම, මරණයට පත් කිරීම, පෝෂණ සම්පත් ලබා දීම හා ඒ හැර ඔහුගේ ගැත්තන්ගේ වෙනත් කටයුතු අතරින් යම් කටයුත්තක ඔහු නිරතවෙමින් සිටියි
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ﴿٣٠﴾
අහෝ ජින් හා මිනිස් වර්ගයිනි, නුඹලා වෙත අධික ව පිරිනමා ඇති අල්ලාහ්ගේ කවර ආශිර්වාදයක් නුඹලා දෙදෙනා බොරු කර සිටින්නෙහුද?
سَنَفْرُغُ لَكُمْ أَيُّهَ ٱلثَّقَلَانِ ﴿٣١﴾
අහෝ ජින් හා මිනිස් වර්ගයිනි! නුඹලාගේ විනිශ්චය සඳහා (කාල වේලාවක්) අපි වෙන් කර ඇත්තෙමු. එවිට ඒ සෑම කෙනෙකුටම ඔවුනොවුනට සුදුසු කුසල් හෝ දඬුවම් අපි පිරිනමන්නෙමු
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ﴿٣٢﴾
අහෝ ජින් හා මිනිස් වර්ගයිනි, නුඹලා වෙත අධික ව පිරිනමා ඇති අල්ලාහ්ගේ කවර ආශිර්වාදයක් නුඹලා දෙදෙනා බොරු කර සිටින්නෙහුද?
يَـٰمَعْشَرَ ٱلْجِنِّ وَٱلْإِنسِ إِنِ ٱسْتَطَعْتُمْ أَن تَنفُذُوا۟ مِنْ أَقْطَارِ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ فَٱنفُذُوا۟ ۚ لَا تَنفُذُونَ إِلَّا بِسُلْطَـٰنٍۢ ﴿٣٣﴾
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මිනිසුන් හා ජින්නුන් ඒකරාශී වන විට අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි: ‘අහෝ ජින් හා මිනිස් වර්ගයිනි! අහස් හා මහපොළොවේ පැතිකඩවලින් එක් පැත්තකින් පිවිසුම් මාර්ගයක් නුඹලා ලබන්නට හැකි නම් එසේ සිදු කර ගනු. දැඩි බලයකින් හා ශ්රමයකින් මිස එසේ සිදු කිරීමට නුඹලාට නොහැකිය. නුඹලාට එසේ විය හැක්කේ කෙසේ ද?'
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ﴿٣٤﴾
අහෝ ජින් හා මිනිස් වර්ගයිනි, නුඹලා වෙත අධික ව පිරිනමා ඇති අල්ලාහ්ගේ කවර ආශිර්වාදයක් නුඹලා දෙදෙනා බොරු කර සිටින්නෙහුද? يرسل عليكما شواظ من نار ونحاس فلا تنتصران
يُرْسَلُ عَلَيْكُمَا شُوَاظٌۭ مِّن نَّارٍۢ وَنُحَاسٌۭ فَلَا تَنتَصِرَانِ ﴿٣٥﴾
අහෝ ජින් හා මිනිස් වර්ගයිනි! දුමෙන් තොර ගිනි ජාලයක් ද එහි ගිනි ජාලාවක් නැති දුමක් ද ඔහු නුඹලා දෙපළ වෙත එවනු ඇත. එයින් වැළකෙන්නට නුඹලා දෙවර්ගයටම නොහැකිය
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ﴿٣٦﴾
අහෝ ජින් හා මිනිස් වර්ගයිනි, නුඹලා වෙත අධික ව පිරිනමා ඇති අල්ලාහ්ගේ කවර ආශිර්වාදයක් නුඹලා දෙදෙනා බොරු කර සිටින්නෙහුද? بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
فَإِذَا ٱنشَقَّتِ ٱلسَّمَآءُ فَكَانَتْ وَرْدَةًۭ كَٱلدِّهَانِ ﴿٣٧﴾
මලක්වරුන් එයින් පහළවීම සඳහා අහස පැළී ගිය විට, එහි වර්ණ දීප්තිය තෙල් මෙන් රතුපැහැ ගැණෙනු ඇත
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ﴿٣٨﴾
අහෝ ජින් හා මිනිස් වර්ගයිනි, නුඹලා වෙත අධික ව පිරිනමා ඇති අල්ලාහ්ගේ කවර ආශිර්වාදයක් නුඹලා දෙදෙනා බොරු කර සිටින්නෙහුද? ن
فَيَوْمَئِذٍۢ لَّا يُسْـَٔلُ عَن ذَنۢبِهِۦٓ إِنسٌۭ وَلَا جَآنٌّۭ ﴿٣٩﴾
ඒ මහත් දිනයේ ඔවුන්ගේ ක්රියාවන් පිළිබඳ අල්ලාහ් මැනවින් දන්නා බැවින් කිසිදු ජින්නුවෙකු හො මිනිසෙකු හෝ ඔවුනොවුන්ගේ පාපකම් පිළිබඳ විමසනු නොලැබේ
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ﴿٤٠﴾
අහෝ ජින් හා මිනිස් වර්ගයිනි, නුඹලා වෙත අධික ව පිරිනමා ඇති අල්ලාහ්ගේ කවර ආශිර්වාදයක් නුඹලා දෙදෙනා බොරු කර සිටින්නෙහුද?
يُعْرَفُ ٱلْمُجْرِمُونَ بِسِيمَـٰهُمْ فَيُؤْخَذُ بِٱلنَّوَٰصِى وَٱلْأَقْدَامِ ﴿٤١﴾
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ වැරදිකරුවන් ඔවුන්ගේ සළකුණු තුළින් හඳුනා ගනු ලබති. එය කළු වී ගිය මුහුණු හා නිල්වී ගිය ඇස් තුළිනි. ඔවුන්ගේ ඉදිරි නළල් රෝම ඔවුන්ගේ පාද සමග අමුණා නිරය වෙත වීසි කරනු ලබති
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ﴿٤٢﴾
අහෝ ජින් හා මිනිස් වර්ගයිනි, නුඹලා වෙත අධික ව පිරිනමා ඇති අල්ලාහ්ගේ කවර ආශිර්වාදයක් නුඹලා දෙදෙනා බොරු කර සිටින්නෙහුද?
هَـٰذِهِۦ جَهَنَّمُ ٱلَّتِى يُكَذِّبُ بِهَا ٱلْمُجْرِمُونَ ﴿٤٣﴾
ඔවුන් හෙළා දකිමින් ඔවුනට, ‘මෙලොවෙහි වැරදිකරුවන්ගේ දෑස් ඉදිරිපිට එය පිළිකුල් කිරීමට නොහැකි ඔවුන් බොරු යැයි පවසා සිටි නිරය මෙය වේ’ යැයි පවසනු ලැබේ. يطوفون بينها وبين حميم ءان
يَطُوفُونَ بَيْنَهَا وَبَيْنَ حَمِيمٍ ءَانٍۢ ﴿٤٤﴾
ඒ අතර හා දැඩි උෂ්ණත්වයෙන් යුත් ලෝදිය අතර ඔවුන් තටමති
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ﴿٤٥﴾
අහෝ ජින් හා මිනිස් වර්ගයිනි, නුඹලා වෙත අධික ව පිරිනමා ඇති අල්ලාහ්ගේ කවර ආශිර්වාදයක් නුඹලා දෙදෙනා බොරු කර සිටින්නෙහුද? بلغ අල්-කුර්ආන් · තෆ්සීර් ولمن خاف مقام ربه جنتان
وَلِمَنْ خَافَ مَقَامَ رَبِّهِۦ جَنَّتَانِ ﴿٤٦﴾
මතුලොවෙහි තම පරමාධිපති ඉදිරියේ සිට ගැනීමට බිය වී ඔහුව විශ්වාස කොට දැහැමි ක්රියාවන් කළවුනට ස්වර්ග උයන් දෙකක් ඇත
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ﴿٤٧﴾
අහෝ ජින් හා මිනිස් වර්ගයිනි, නුඹලා වෙත අධික ව පිරිනමා ඇති අල්ලාහ්ගේ කවර ආශිර්වාදයක් නුඹලා දෙදෙනා බොරු කර සිටින්නෙහුද?
ذَوَاتَآ أَفْنَانٍۢ ﴿٤٨﴾
මේවා සාරවත් පලදෙන අති විශාල අතු සහිත උයන් දෙකකි
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ﴿٤٩﴾
අහෝ ජින් හා මිනිස් වර්ගයිනි, නුඹලා වෙත අධික ව පිරිනමා ඇති අල්ලාහ්ගේ කවර ආශිර්වාදයක් නුඹලා දෙදෙනා බොරු කර සිටින්නෙහුද? فيهما عينان تجريان
فِيهِمَا عَيْنَانِ تَجْرِيَانِ ﴿٥٠﴾
එම උයන් දෙකෙහි ඒ දෙක අතරින් ජලය ගලා යන උල්පත් දෙකක් ඇත
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ﴿٥١﴾
අහෝ ජින් හා මිනිස් වර්ගයිනි, නුඹලා වෙත අධික ව පිරිනමා ඇති අල්ලාහ්ගේ කවර ආශිර්වාදයක් නුඹලා දෙදෙනා බොරු කර සිටින්නෙහුද? فيهما من كل فكهة زوجان
فِيهِمَا مِن كُلِّ فَـٰكِهَةٍۢ زَوْجَانِ ﴿٥٢﴾
හට ගන්නා සෑම පළතුරු වර්ගයකින්ම ජොඩුවක් වශයෙන් ඒ දෙකෙහි ඇත
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ﴿٥٣﴾
අහෝ ජින් හා මිනිස් වර්ගයිනි, නුඹලා වෙත අධික ව පිරිනමා ඇති අල්ලාහ්ගේ කවර ආශිර්වාදයක් නුඹලා දෙදෙනා බොරු කර සිටින්නෙහුද?
مُتَّكِـِٔينَ عَلَىٰ فُرُشٍۭ بَطَآئِنُهَا مِنْ إِسْتَبْرَقٍۢ ۚ وَجَنَى ٱلْجَنَّتَيْنِ دَانٍۢ ﴿٥٤﴾
ඇතුළත ඝන සේද රෙද්දෙන් යුත් ඇතිරිලි මත ඔවුන් හාන්සි වී සිටිති. එම උයන්වලින් ඔවුන් නෙළන පළතුරු සිටගෙන ද වාඩිවී ද හාන්සිවී ද පරිහරනය කළ හැකි තරමට ඉතා සමීපයෙන් පවතී. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ﴿٥٥﴾
අහෝ ජින් හා මිනිස් වර්ගයිනි, නුඹලා වෙත අධික ව පිරිනමා ඇති අල්ලාහ්ගේ කවර ආශිර්වාදයක් නුඹලා දෙදෙනා බොරු කර සිටින්නෙහුද? ن
فِيهِنَّ قَـٰصِرَٰتُ ٱلطَّرْفِ لَمْ يَطْمِثْهُنَّ إِنسٌۭ قَبْلَهُمْ وَلَا جَآنٌّۭ ﴿٥٦﴾
ඒවායෙහි ඔවුන්ගේ සහකරුවන් දෙස දමිත බැල්මෙන් බලන කන්යා කුමරියන් වෙති. ඔවුන්ගේ සහකරුවන්ට පෙර කිසිදු මිනිසෙකු හෝ ජින්නුවෙකු හෝ ඔවුන්ගේ කන්යාභාවය බිද දමා නැත
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ﴿٥٧﴾
අහෝ ජින් හා මිනිස් වර්ගයිනි, නුඹලා වෙත අධික ව පිරිනමා ඇති අල්ලාහ්ගේ කවර ආශිර්වාදයක් නුඹලා දෙදෙනා බොරු කර සිටින්නෙහුද?
كَأَنَّهُنَّ ٱلْيَاقُوتُ وَٱلْمَرْجَانُ ﴿٥٨﴾
ඔවුන් පිවිතුරභාවයෙන් හා අලංකාරයෙන් මුතු මැණික් හා පබළු මෙන් වෙති
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ﴿٥٩﴾
අහෝ ජින් හා මිනිස් වර්ගයිනි, නුඹලා වෙත අධික ව පිරිනමා ඇති අල්ලාහ්ගේ කවර ආශිර්වාදයක් නුඹලා දෙදෙනා බොරු කර සිටින්නෙහුද?
هَلْ جَزَآءُ ٱلْإِحْسَـٰنِ إِلَّا ٱلْإِحْسَـٰنُ ﴿٦٠﴾
තම පරමාධිපතිට අවනත වීමෙන් අලංකාර ලෙස කටයුතු කළ අයට හිමි ප්රතිඵලය අල්ලාහ් අලංකාර ලෙස පිරිනමන ප්රතිඵලයක් මිස නැත
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ﴿٦١﴾
අහෝ ජින් හා මිනිස් වර්ගයිනි, නුඹලා වෙත අධික ව පිරිනමා ඇති අල්ලාහ්ගේ කවර ආශිර්වාදයක් නුඹලා දෙදෙනා බොරු කර සිටින්නෙහුද? ومن دونهما جنتان
وَمِن دُونِهِمَا جَنَّتَانِ ﴿٦٢﴾
සඳහන් කරන ලද එම උයන් දෙකට අමතරව තවත් උයන් දෙකක් ඇත
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ﴿٦٣﴾
අහෝ ජින් හා මිනිස් වර්ගයිනි, නුඹලා වෙත අධික ව පිරිනමා ඇති අල්ලාහ්ගේ කවර ආශිර්වාදයක් නුඹලා දෙදෙනා බොරු කර සිටින්නෙහුද? بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
مُدْهَآمَّتَانِ ﴿٦٤﴾
ඒ දෙකෙහි සාරවත් කොළ පැහැය ඝණ ව පවතී
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ﴿٦٥﴾
අහෝ ජින් හා මිනිස් වර්ගයිනි, නුඹලා වෙත අධික ව පිරිනමා ඇති අල්ලාහ්ගේ කවර ආශිර්වාදයක් නුඹලා දෙදෙනා බොරු කර සිටින්නෙහුද? فيهما عينان نض اختان
فِيهِمَا عَيْنَانِ نَضَّاخَتَانِ ﴿٦٦﴾
ජලය ඉමහත් සේ උතුරා ගලා යන උල්පත් දෙකක් එම උයන් දෙකෙහි ඇත. උතුරා ගලා යන එම ජලය කප්පාදු නොවනු ඇත
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ﴿٦٧﴾
අහෝ ජින් හා මිනිස් වර්ගයිනි, නුඹලා වෙත අධික ව පිරිනමා ඇති අල්ලාහ්ගේ කවර ආශිර්වාදයක් නුඹලා දෙදෙනා බොරු කර සිටින්නෙහුද? فيهما فكهة ونخل ورمان
فِيهِمَا فَـٰكِهَةٌۭ وَنَخْلٌۭ وَرُمَّانٌۭ ﴿٦٨﴾
එම උයන් දෙකෙහි අධික වශයෙන් පලතුරු ද විශාල වශයෙන් ඉඳි, දෙළුම් ද ඇත
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ﴿٦٩﴾
අහෝ ජින් හා මිනිස් වර්ගයිනි, නුඹලා වෙත අධික ව පිරිනමා ඇති අල්ලාහ්ගේ කවර ආශිර්වාදයක් නුඹලා දෙදෙනා බොරු කර සිටින්නෙහුද? فيهن خيرت حسان
فِيهِنَّ خَيْرَٰتٌ حِسَانٌۭ ﴿٧٠﴾
රූ සපුවෙන් පිරි දැහැමි ගුණාංගයෙන් යුත් කාන්තාවන් එම උයන්හි වෙති
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ﴿٧١﴾
අහෝ ජින් හා මිනිස් වර්ගයිනි, නුඹලා වෙත අධික ව පිරිනමා ඇති අල්ලාහ්ගේ කවර ආශිර්වාදයක් නුඹලා දෙදෙනා බොරු කර සිටින්නෙහුද?
حُورٌۭ مَّقْصُورَٰتٌۭ فِى ٱلْخِيَامِ ﴿٧٢﴾
ඔවුනට ආරක්ෂාව සලසන කූඩාරම් තුළ සඟවා තබන ලද ලලනාවන්ය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ﴿٧٣﴾
අහෝ ජින් හා මිනිස් වර්ගයිනි, නුඹලා වෙත අධික ව පිරිනමා ඇති අල්ලාහ්ගේ කවර ආශිර්වාදයක් නුඹලා දෙදෙනා බොරු කර සිටින්නෙහුද? ن
لَمْ يَطْمِثْهُنَّ إِنسٌۭ قَبْلَهُمْ وَلَا جَآنٌّۭ ﴿٧٤﴾
ඔවුන්ගේ සහකරුවන්ට පෙර කිසිදු මිනිසකු හෝ ජින්නුවකු හෝ ඔවුනට සමීප වී නැත
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ﴿٧٥﴾
අහෝ ජින් හා මිනිස් වර්ගයිනි, නුඹලා වෙත අධික ව පිරිනමා ඇති අල්ලාහ්ගේ කවර ආශිර්වාදයක් නුඹලා දෙදෙනා බොරු කර සිටින්නෙහුද? متكٔينعل رفرف خضروعبقرى حسان
مُتَّكِـِٔينَ عَلَىٰ رَفْرَفٍ خُضْرٍۢ وَعَبْقَرِىٍّ حِسَانٍۢ ﴿٧٦﴾
අලංකාර මෙට්ට හා කොළ පැහැති ඇතිරිල්ලෙන් ආවරණය කරන ලද කොට්ට මත හාන්සි වී සිටිති
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ﴿٧٧﴾
අහෝ ජින් හා මිනිස් වර්ගයිනි, නුඹලා වෙත අධික ව පිරිනමා ඇති අල්ලාහ්ගේ කවර ආශිර්වාදයක් නුඹලා දෙදෙනා බොරු කර සිටින්නෙහුද?
تَبَـٰرَكَ ٱسْمُ رَبِّكَ ذِى ٱلْجَلَـٰلِ وَٱلْإِكْرَامِ ﴿٧٨﴾
තම ගැත්තන්හට භාග්යය පිරිනමා, උපකාර කළ, තේජාන්විතභාවයෙන් යුත් නුඹේ පරමාධිපතිගේ නාමය ශ්රේෂ්ට විය. උදාර විය. උත්කෘෂ්ට විය. මූලාශ්‍රය: අල්-මුඃතසර් ෆී තෆ්සීරිල් කුර්ආන්
අනුගමනය · පුනරාවර්තනය · පැවසීම · ලියාපදිංචිය අවශ්‍ය නැත