إِذَا وَقَعَتِ ٱلْوَاقِعَةُ ﴿١﴾
කිසිදු සැකයකින් තොරව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය ක්රියාත්මක වූ විට, ليس لوقعتها كاذبة
මුල් පිටුව›තෆ්සීර්›Al-Waaqia (56)
මක්කී · 96 වාක්‍ය
إِذَا وَقَعَتِ ٱلْوَاقِعَةُ ﴿١﴾
කිසිදු සැකයකින් තොරව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය ක්රියාත්මක වූ විට, ليس لوقعتها كاذبة
لَيْسَ لِوَقْعَتِهَا كَاذِبَةٌ ﴿٢﴾
මෙලොවෙහි ඒ ගැන බොරුකර සිටියාක් මෙන් බොරු කර සිටින කිසිවකු නුඹ එහි නොදකිනු ඇත. خافضة ر افعة
خَافِضَةٌۭ رَّافِعَةٌ ﴿٣﴾
එය අපරාධකාරී දේව ප්රතික්ෂේපකයින් නිරා ගින්නට ඇතුළත් කිරීමෙන් ඔවුන් පහත් කරවන්නකි. බැතිමත් දේව විශ්වාසීන් ස්වර්ගයට ඇතුළත් කිරීමෙන් ඔවුන්جඋසස් කරවන්නකි
إِذَا رُجَّتِ ٱلْأَرْضُ رَجًّۭا ﴿٤﴾
මහපොළොව දැඩි කම්පනයකින් කම්පනය කරනුس ලැබූ විට,
وَبُسَّتِ ٱلْجِبَالُ بَسًّۭا ﴿٥﴾
කඳු කැබලි වලට සුනු විසුණු කරනු ලැබූ විට, ث
فَكَانَتْ هَبَآءًۭ مُّنۢبَثًّۭا ﴿٦﴾
සුනු විසුනු වීමෙන් එය ස්ථාවරයක් නැති විසිරුණු දූවිලි බවට පත් වනු ඇත. وكنتم أزوجا ثلثة
وَكُنتُمْ أَزْوَٰجًۭا ثَلَـٰثَةًۭ ﴿٧﴾
එදින නුඹලා කණ්ඩායම් තුනක් ලෙස සිටින්නෙහුය
فَأَصْحَـٰبُ ٱلْمَيْمَنَةِ مَآ أَصْحَـٰبُ ٱلْمَيْمَنَةِ ﴿٨﴾
ඔවුන්ගේ දකුණතට ඔවුන්ගේ ලේඛනය අතට ගත් දකුණු පස ජනයා. ඔවුන්ගේ නිලයේ උදාරත්වය හා උසස් බව කොතරම් අගනේද?!
وَأَصْحَـٰبُ ٱلْمَشْـَٔمَةِ مَآ أَصْحَـٰبُ ٱلْمَشْـَٔمَةِ ﴿٩﴾
ඔවුන්ගේ වමතින් ඔවුන්ගේ ලේඛනය අතට ගත් වම් පස ජනයා. ඔවුන්ගේ නිලයේ නපුරුකම හා අවමානය කෙතරම් බිහිසුණු ද?! بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
وَٱلسَّـٰبِقُونَ ٱلسَّـٰبِقُونَ ﴿١٠﴾
මෙලොවෙහි යහපත් ක්රියාවන් සිදු කොට ඉදිරියට ගිය පෙරටුගාමීන් වනාහි මතුලොවෙහි ස්වර්ගයට පිවිසීමේදී ද ඔවුහු පෙරට ගාමීහු වෙති
أُو۟لَـٰٓئِكَ ٱلْمُقَرَّبُونَ ﴿١١﴾
ඔවුහු අල්ලාහ් අබියස සමීපතයෝ වෙති
فِى جَنَّـٰتِ ٱلنَّعِيمِ ﴿١٢﴾
සුව පහසකම් සහිත උයන්හි විවිධ සැප විදිමින් සිටිති
ثُلَّةٌۭ مِّنَ ٱلْأَوَّلِينَ ﴿١٣﴾
මෙම සමූහයා අතරින් ද පෙර සමූහයන් අතරින් ද පිරිසක් වෙති
وَقَلِيلٌۭ مِّنَ ٱلْـَٔاخِرِينَ ﴿١٤﴾
අවසන් කාලයේ මිනිසුන් අතරින් සුළු පිරිසක් ද වෙති. ඔවුහු පෙරටුගාමී සමීපතයින් අතරින් වෙති. عل سرر موضونة
عَلَىٰ سُرُرٍۢ مَّوْضُونَةٍۢ ﴿١٥﴾
රනින් ගොතන ලද ඇඳන් මත වෙති. متكٔين عليها متقبلين
مُّتَّكِـِٔينَ عَلَيْهَا مُتَقَـٰبِلِينَ ﴿١٦﴾
ඔවුන් එකිනෙකාට මුහුණලමින් එම ඇඳන් මත හාන්සි වී සිටිති. ඔවුන් කිසිවෙකු අනෙකාගේ පසුපස නොදකිති. يطوف عليهم ولدن مخلدون
يَطُوفُ عَلَيْهِمْ وِلْدَٰنٌۭ مُّخَلَّدُونَ ﴿١٧﴾
ඔවුන්ගේ සේවය සඳහා ඔවුන් වටා දරුවන් සැරිසරති. ඔවුනට වයස්ගත වීමක් හෝ විනාශයක් හෝ නැත. بأ ك واب وأباريق وكأس من م عين
بِأَكْوَابٍۢ وَأَبَارِيقَ وَكَأْسٍۢ مِّن مَّعِينٍۢ ﴿١٨﴾
ස්වර්ගයේ නිමක් නැතිව ගලා යන මධු පානයෙන් පුරවන ලද අඬු රහිත පාත්ර හා අඬු සහිත කේතල් ද බීම සඳහා භාජන ද තම අතැතිව ඔවුහු ඔවුන් වටා සැරිසරති. لا يصدعون عنها ولا ينزفون
لَّا يُصَدَّعُونَ عَنْهَا وَلَا يُنزِفُونَ ﴿١٩﴾
එය මෙලොව මත්පැන් මෙන් නොවේ. එය පානය කරන්නාට හිසරදය හෝ බුද්ධි පහවීමක් හෝ ඇති නොවේ. بلغ අල්-කුර්ආන් · තෆ්සීර් وفكهة مما يتخيرون
وَفَـٰكِهَةٍۢ مِّمَّا يَتَخَيَّرُونَ ﴿٢٠﴾
ඔවුනට තෝරා ගත හැකි පරිදි පලතුරු සමග එම දරුවෝ ඔවුන් වටා සැරිසරති. ولحم طير مما يشتهون
وَلَحْمِ طَيْرٍۢ مِّمَّا يَشْتَهُونَ ﴿٢١﴾
ඔවුන් කැමති පරිදි භුක්ති විඳින්නට කුරුලු මස් සමග ඔවුහු ඔවුන් වටා සැරිසරති. وحور عين
وَحُورٌ عِينٌۭ ﴿٢٢﴾
අලංකාරයේ විහිදුණු නෙත් සහිත කුමරියන් එම ස්වර්ගයේ ඔවුනට ඇත
كَأَمْثَـٰلِ ٱللُّؤْلُؤِ ٱلْمَكْنُونِ ﴿٢٣﴾
ඔවුහු මුහුදු බෙල්ලෝ තුළ ආරක්ෂා කරන ලද මුතු මෙන් වෙති
جَزَآءًۢ بِمَا كَانُوا۟ يَعْمَلُونَ ﴿٢٤﴾
ඒවා ඔවුන් මෙලොවෙහි සිදු කරමින් ආ දැහැමි ක්රියාවන් සඳහා ඔවුනට තිළිණ වශයෙනි. لا يسمعون فيها لغوا ولا تأثيما
لَا يَسْمَعُونَ فِيهَا لَغْوًۭا وَلَا تَأْثِيمًا ﴿٢٥﴾
ස්වර්ගයේ අශීලාචාර කතාවට හෝ පුද්ගලයා වෙත පාපය සේන්දු කරවන ප්රකාශයට හෝ ඔවුහු සවන් නොදෙති. إلا قيلا سلما سلما
إِلَّا قِيلًۭا سَلَـٰمًۭا سَلَـٰمًۭا ﴿٢٦﴾
ඔවුන් වෙත මලක්වරුන්ගේ සලාම් -ශාන්තියේ ආචාරය- හා ඔවුනොවුන්ගේ සලාමය හැර වෙනත් කිසිවකට ඔවුන් සවන් නොදෙති
وَأَصْحَـٰبُ ٱلْيَمِينِ مَآ أَصْحَـٰبُ ٱلْيَمِينِ ﴿٢٧﴾
දකුණු පස ජනයා, - ඔවුන් වනාහි තම දකුණු අතට ඔවුන්ගේ වාර්තා පොත පිරිනමනු ලබන්නෝ වෙති- අල්ලාහ් අබියස ඔවුන්ගේ කටයුත්තේ හා ඔවුන්ගේ නිලයේ තරම ඉතා විශාලය! فى سدر مخضود
فِى سِدْرٍۢ مَّخْضُودٍۢ ﴿٢٨﴾
ඔවුන් කටු රහිත සිද්ර් හෙවත මසන් ගත් අතරෙහිය. එහි කිසිදු උවදුරක් නැත. وطلح م نضود
وَطَلْحٍۢ مَّنضُودٍۢ ﴿٢٩﴾
එකිනෙකටට ඇමුණුනු පෙළින් පෙළට ඇති කෙසෙල් අතරය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර් وظل م مدود
وَظِلٍّۢ مَّمْدُودٍۢ ﴿٣٠﴾
දිගු හරින ලද නිරන්තරයෙන්ම පවතින සෙවණැලි අතරය
وَمَآءٍۢ مَّسْكُوبٍۢ ﴿٣١﴾
නතර නොවී ගලා යන ජලය අතරය. وفكهةكثيرة
وَفَـٰكِهَةٍۢ كَثِيرَةٍۢ ﴿٣٢﴾
සීමාවක් නැති බොහෝ පලතුරු අතරය. لا مقطوعة ولا ممنوعة
لَّا مَقْطُوعَةٍۢ وَلَا مَمْنُوعَةٍۢ ﴿٣٣﴾
ඔවුන්ගෙන් කිසිවිටෙක කප්පාදු කරනු නොලැබේ. එයට වාරයක් හෝ කාලයක් නැත. පරිභෝජනය කිරීම සඳහා තමන් සිතන කවර වේලාවක හෝ වේවා එය වළක්වාලන කිසිදු විරෝධියෙකු නැත. وفرش م رفوعة
وَفُرُشٍۢ مَّرْفُوعَةٍ ﴿٣٤﴾
ඇඳන් මත උසින් තබන ලද උසස් ඝණයේ ඇතිරිලි අතරය
إِنَّآ أَنشَأْنَـٰهُنَّ إِنشَآءًۭ ﴿٣٥﴾
ඉහත සඳහන් කරන ලද කුමරියන් සැබැවින්ම අපි අසාමාන්ය ලෙස නිර්මාණය කර ඇත්තෙමු. فجعلنهن أ بكارا
فَجَعَلْنَـٰهُنَّ أَبْكَارًا ﴿٣٦﴾
මීට පෙර ස්පර්ශ නොකරන ලද කන්යා කුමරියන් බවට අපි ඔවුන් පත් කළෙමු. عربا أ ترابا
عُرُبًا أَتْرَابًۭا ﴿٣٧﴾
තම සහකරුවන්ට පෙමින් බැඳුණු සම වයසේ කන්යාවියන් වෙති
لِّأَصْحَـٰبِ ٱلْيَمِينِ ﴿٣٨﴾
ඔවුන්ගේ සුව පහසුකම් සංඛේතවත් කරමින් දකුණ දෙසින් ගනු ලැබූ දකුණු පස ජනයා වෙනුවෙන් අපි ඔවුන් නිර්මාණය කර ඇත්තෙමු
ثُلَّةٌۭ مِّنَ ٱلْأَوَّلِينَ ﴿٣٩﴾
ඔවුන් පෙර පැමිණි නබිවරුන්ගේ සමූහයන් අතර සිටි පිරිසකි. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
وَثُلَّةٌۭ مِّنَ ٱلْـَٔاخِرِينَ ﴿٤٠﴾
තවද මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ සමූහයා අතරින් වූ තවත් පිරිසකි. එය අවසන් ප්රජාව වන්නේය
وَأَصْحَـٰبُ ٱلشِّمَالِ مَآ أَصْحَـٰبُ ٱلشِّمَالِ ﴿٤١﴾
වම්පස ජනයා, -ඔවුන් වනාහි තම වමතට ඔවුන්ගේ වාර්තා පොත පිරිනමනු ලබන්නෝ වෙති.- ඔවුන්ගේ තත්ත්වය හා ඔවුන්ගේ නවාතැන ඉතා නපුරුය. فى سموم وحميم
فِى سَمُومٍۢ وَحَمِيمٍۢ ﴿٤٢﴾
දැඩි උණුසුමෙන් යුත් සුළං හා දැඩි උණුසුමෙන් යුත් ලෝ දිය අතරය. وظل من يحموم
وَظِلٍّۢ مِّن يَحْمُومٍۢ ﴿٤٣﴾
කළු පැහැති දුමාරයෙන් යුත් හෙවණක් අතරය. لا بارد ولا كريم
لَّا بَارِدٍۢ وَلَا كَرِيمٍ ﴿٤٤﴾
හමන සුළඟේ නැවුම් බවක් නැත. අලංකාර දර්ශණයක් ද නැත. إن هم كانواقبل ذلك مترفين
إِنَّهُمْ كَانُوا۟ قَبْلَ ذَٰلِكَ مُتْرَفِينَ ﴿٤٥﴾
ඔවුන් දඬුවමට ලක් වීමට පෙර සැබැවින්ම ඔවුහු මෙලොවෙහි භුක්තිවිඳිමින් සිටියෝය. ඔවුන්ගේ ආත්මාශාවන් මිස වෙනත් අරමුණක් ඔවුනට එහි නොවීය
وَكَانُوا۟ يُصِرُّونَ عَلَى ٱلْحِنثِ ٱلْعَظِيمِ ﴿٤٦﴾
අල්ලාහ්ව ප්රතික්ෂේප කිරීමේ හා ඔහු හැර වෙනත් පිළිමවලට වන්දනාමාන කිරීමෙහි හිතුවක්කාර ලෙස නිරත ව සිටියෝය. وكانوايقولون أ ذا متنا وكنا ترابا وعظما أءنا لمبعوثون
وَكَانُوا۟ يَقُولُونَ أَئِذَا مِتْنَا وَكُنَّا تُرَابًۭا وَعِظَـٰمًا أَءِنَّا لَمَبْعُوثُونَ ﴿٤٧﴾
සැබැවින්ම ඔවුන් නැවත නැගිටුවනු ලැබීම හාස්යට ගනිමින් හා ඉන් දුරස් වන්නට බලමින් එය හෙළා දැක, ‘අපි මිය ගොස්; පස් බවට පත්ව; අස්ථි ද දිරා ගිය විට ඉන්පසු නැවත අපි නැගිටුවනු ලබන්නෙමු ද?’ යැයි විමසා සිටියෝය
أَوَءَابَآؤُنَا ٱلْأَوَّلُونَ ﴿٤٨﴾
අපට පෙර මිය ගිය අපගේ ප්රාරම්භක මුතුන් මිත්තන් යළි අවදි කරනු ලබන්නේ ද? بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
قُلْ إِنَّ ٱلْأَوَّلِينَ وَٱلْـَٔاخِرِينَ ﴿٤٩﴾
අහෝ දූතය! යළි අවදි කරනු ලැබීම හෙළා දකින්නන්හට නුඹ මෙසේ පවසනු: "සැබැවින්ම ජනයා අතරින් මුල් කාලීනයන් ද ඔවුන් අතරින් පසු කාලීනයන් ද වෙති." لمجموعون إلى ميقت يوم معلوم
لَمَجْمُوعُونَ إِلَىٰ مِيقَـٰتِ يَوْمٍۢ مَّعْلُومٍۢ ﴿٥٠﴾
කිසිදු සැකයකින් තොර ව විනිශ්චය හා ප්රතිඵල සඳහා මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් එක්රැස් කරනු ලබති
ثُمَّ إِنَّكُمْ أَيُّهَا ٱلضَّآلُّونَ ٱلْمُكَذِّبُونَ ﴿٥١﴾
පසුව සැබැවින්ම නුඹලා -ඍජු මාර්ගයෙන් මුළාවූ මළවුන් කෙරෙන් නැගිටුවනු ලැබීම බොරු යැයි පවසන්නනි! සැබැවින්ම නුඹලා මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සක්කූම් නම් ගසින් අනුභව කරන්නෝ වෙති. එය ශාකවලින් ඉතා දරුණු මෙන්ම කිලිටි ශාකයකි. لٔاكلون من شجر من زقوم
لَـَٔاكِلُونَ مِن شَجَرٍۢ مِّن زَقُّومٍۢ ﴿٥٢﴾
ඍජු මාර්ගයෙන් මුළාවූ මළවුන් කෙරෙන් නැගිටුවනු ලැබීම බොරු කරන්නනි! නුඹලා සැබැවින්ම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සක්කූම් නම් ගසින් අනුභව කරන්නෝ වෙති. එය ඉතා දරුණු මෙන්ම කිලිටි ගසකි
فَمَالِـُٔونَ مِنْهَا ٱلْبُطُونَ ﴿٥٣﴾
එම තිත්ත කටුක ගසින් නුඹලාගේ හිස් බඩවල් පුරවා ගන්නන් වෙති
فَشَـٰرِبُونَ عَلَيْهِ مِنَ ٱلْحَمِيمِ ﴿٥٤﴾
දැඩි උණුසුමෙන් යුත් ලෝ දියෙන් ඒ මත පානය කරන්නන් වෙති
فَشَـٰرِبُونَ شُرْبَ ٱلْهِيمِ ﴿٥٥﴾
පිපාසිත රෝගයෙන් පෙළෙන ඔටුවා අධික ලෙස පානය කරන්නාක් මෙන් අධිකව පානය කරන්නෝ වෙති
هَـٰذَا نُزُلُهُمْ يَوْمَ ٱلدِّينِ ﴿٥٦﴾
සඳහන් කරන ලද මේ තිත්ත ආහාරය හා උණුසුම් පානය ප්රතිඵල පිරිනමනු ලබන දියේ ඔවුන් පිළිගනු ලබන ඔවුන්ගේ සංග්රහය වේ. نحن خلقنكم فلولا تصدقون
نَحْنُ خَلَقْنَـٰكُمْ فَلَوْلَا تُصَدِّقُونَ ﴿٥٧﴾
අහෝ බොරු කරන්නනි! නුඹලා පැවත්මක් නොමැතිව සිටියෝය. පසුව නුඹලාව මැව්වේ අපය. එහෙයින්, නුඹලාගේ මරණයෙන් පසු අප නුඹලාට යළි ජීවය දී, යළි අවදි කිරීම නුඹලා සැබෑවක් ලෙස පිළිගත යුතු නොවේ ද? بلغ අල්-කුර්ආන් · තෆ්සීර් أفرءيتم ما تمنون
أَفَرَءَيْتُم مَّا تُمْنُونَ ﴿٥٨﴾
නුඹලාගේ කාන්තාවන්ගේ ගර්භාෂයන් තුළ නුඹලා හළන ශුක්රාණු දෙස නුඹලා සිතා නොබැලුවෙහු ද?
ءَأَنتُمْ تَخْلُقُونَهُۥٓ أَمْ نَحْنُ ٱلْخَـٰلِقُونَ ﴿٥٩﴾
එම ශුක්රාණු මවන්නේ නුඹලා ද එසේ නැත්නම් එය මවන්නා වූ අප ද?
نَحْنُ قَدَّرْنَا بَيْنَكُمُ ٱلْمَوْتَ وَمَا نَحْنُ بِمَسْبُوقِينَ ﴿٦٠﴾
නුඹලා අතර මරණය නිර්ණය කළේ අපය. නුඹලා අතරින් සෑම කෙනෙකුටම නියමිත කාලයක් ඇත. එය කල් ඇතිව හෝ ප්රමාද වී හෝ සිදු වන්නේ නැත. අප දුර්වලයින් නොවෙමු
عَلَىٰٓ أَن نُّبَدِّلَ أَمْثَـٰلَكُمْ وَنُنشِئَكُمْ فِى مَا لَا تَعْلَمُونَ ﴿٦١﴾
නුඹලා දන්නා හඳුනන කවර හැඩයක් හා රූපයක් මත වන්නෙහු ද එය වෙනස් කර නුඹලා නොහඳුනන හැඩයක් හා රූපයක් බවට නිර්මාණය කිරීමට අපට ශක්තිය ඇත
وَلَقَدْ عَلِمْتُمُ ٱلنَّشْأَةَ ٱلْأُولَىٰ فَلَوْلَا تَذَكَّرُونَ ﴿٦٢﴾
අප නුඹලාව මැවූ මුල් මැවීම ගැන සැබැවින්ම නුඹලා දන්නෙහුය. මුල් වරට නුඹලා මැවූ ඔහුට නුඹලාගේ මරණයෙන් පසුව නුඹලාව යළි නැගිටුවීමට ඔහු බලය දරන බව නුඹලා මෙමගින් පාඩම් ලබා ඒ ගැන දැනගත යුතු නොවේ ද? أفرءيتم ما تحرثون
أَفَرَءَيْتُم مَّا تَحْرُثُونَ ﴿٦٣﴾
නුඹලා මහපොළොවේ වපුරන දෑ දෙස නොබැලුවෙහු ද?
ءَأَنتُمْ تَزْرَعُونَهُۥٓ أَمْ نَحْنُ ٱلزَّٰرِعُونَ ﴿٦٤﴾
වපුරන එය හටගන්වනුයේ නුඹලා ද? එසේ නැතහොත් එය හටගන්වන අප ද?
لَوْ نَشَآءُ لَجَعَلْنَـٰهُ حُطَـٰمًۭا فَظَلْتُمْ تَفَكَّهُونَ ﴿٦٥﴾
අපි එම වගාවන් වැඩකට නැති මුඩු බවට පත් කරන්නට අභිමත කරන්නේ නම් හොඳින් පැහී වැඩෙන්නට ඔන්න මෙන්න තිබුණායින් පසු එය ඉපැණැලි බවට පත් කරන්නෙමු. පසුව නුඹලා එයට අත්වූ දෑ පිළිබඳ පුදමයට පත් වන්නෙහුය. إ ن المغرمون
إِنَّا لَمُغْرَمُونَ ﴿٦٦﴾
‘අප වියදම් කළ දෑහි විනාශය හේතුවෙන් සැබැවින්ම අපි දඬුවම් කරනු ලැබුවෝ වෙමු’ යැයි පවසන්නෙහුය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර් بل نحن محرومون
بَلْ نَحْنُ مَحْرُومُونَ ﴿٦٧﴾
එසේ නොව, අප පෝෂණ සම්පත් තහනම් කරනු ලැබුවෝ වෙමු
أَفَرَءَيْتُمُ ٱلْمَآءَ ٱلَّذِى تَشْرَبُونَ ﴿٦٨﴾
නුඹලා පිපාසයට පත් වූ විට පානය කරන ජලය ගැන සිතා බැලුවෙහු ද?
ءَأَنتُمْ أَنزَلْتُمُوهُ مِنَ ٱلْمُزْنِ أَمْ نَحْنُ ٱلْمُنزِلُونَ ﴿٦٩﴾
අහසේ ඇති වළාවෙන් එය පහළ කළේ නුඹලා ද එසේ නැතහොත් එය පහළ කළ අප ද?
لَوْ نَشَآءُ جَعَلْنَـٰهُ أُجَاجًۭا فَلَوْلَا تَشْكُرُونَ ﴿٧٠﴾
බීමට හෝ සැපයීමට හෝ ප්රයෝජනවත් නොවන දැඩි ලුණු ද්රාවණය සහිතව එම ජලය වෙනස් කරන්නට අපි අභිමත කරන්නේ නම් දැඩි ලුණු ද්රාවණය සහිත බවට අපි එය පත් කන්නෙමු. නුඹලාට ආශිර්වාදයක් ලෙස අල්ලාහ් නුඹලා වෙත මිහිරි ජලය පහළ කර තිබීම සඳහා නුඹලා ඔහුට කෘතඥ විය යුතු නොවේ ද?
أَفَرَءَيْتُمُ ٱلنَّارَ ٱلَّتِى تُورُونَ ﴿٧١﴾
නුඹලාගේ ප්රයෝජන සඳහා නුඹලා දල්වන ගින්න ගැන නුඹලා සිතා නොබැලුවෙහු ද?
ءَأَنتُمْ أَنشَأْتُمْ شَجَرَتَهَآ أَمْ نَحْنُ ٱلْمُنشِـُٔونَ ﴿٧٢﴾
දැල්වීම සඳහා ගනු ලබන ගස් නිර්මාණය කළේ නුඹලා ද එසේ නැතහොත් නුඹලා වෙත පවතින ලෙන්ගතු කම නිසා එය නිර්මාණය කළ අප ද? نحن جعلنها تذكرة ومتعا للمقوين
نَحْنُ جَعَلْنَـٰهَا تَذْكِرَةًۭ وَمَتَـٰعًۭا لِّلْمُقْوِينَ ﴿٧٣﴾
මෙම ගින්න නුඹලාට මෙනෙහි කිරීමක් බවට පත් කළෙමු. එය මතුලොව ගින්නෙහි ස්වරූපය ගැන නුඹලාට මතක් කර දෙයි. නුඹලා අතරින් ගමන් යන මගීන් සඳහා ප්රයෝජනය ලබන්නක් බවට අපි එය පත් කර ඇත්තෙමු
فَسَبِّحْ بِٱسْمِ رَبِّكَ ٱلْعَظِيمِ ﴿٧٤﴾
අහෝ දූතය! සර්වබලාරියාණන් වන නුඹේ පරමාධිපතිට නොගැලපෙන දැයින් මුදවාලමින් ඔහු ව පිවිතුරු කරනු
۞ فَلَآ أُقْسِمُ بِمَوَٰقِعِ ٱلنُّجُومِ ﴿٧٥﴾
තාරකාවන්හි ස්ථාන හා ඒවායෙහි නවාතැන් මත අල්ලාහ් දිවුරමින් بلغ අල්-කුර්ආන් · තෆ්සීර් وإنه لقسم لو تعلمون عظيم
وَإِنَّهُۥ لَقَسَمٌۭ لَّوْ تَعْلَمُونَ عَظِيمٌ ﴿٧٦﴾
එම ස්ථානවල මහඟු බව නුඹලා දන්නෙහු නම්, එහි ඇති ප්රාතිහාර්යයන් හා සීමා කළ නොහැකි පාඩම් හේතුවෙන් ඒවා මත දිවුරා සිටීම අති මහත් කරුණක් වන්නේය. إنه لقرءان كريم
إِنَّهُۥ لَقُرْءَانٌۭ كَرِيمٌۭ ﴿٧٧﴾
අහෝ ජනයිනි! නියත වශයෙන්ම නුඹලා වෙත පාරායනය කරනු ලැබූ අල් කුර්ආනය වනාහි එහි ඇති අතිමහත් ප්රයෝජන හේතුවෙන් එය ගෞරවනීය පාරායනයකි. فى كتب مكنون
فِى كِتَـٰبٍۢ مَّكْنُونٍۢ ﴿٧٨﴾
මිනිස් දෑසට නොපෙනන සේ ආරක්ෂා කරන ලද ලේඛනයෙහි විය. එය ‘ලව්හුල් මහ්ෆූල්’ හෙවත් ආරක්ෂක පුවරුවයි
لَّا يَمَسُّهُۥٓ إِلَّا ٱلْمُطَهَّرُونَ ﴿٧٩﴾
අඩුපාඩු හා පාපකම්වලින් පිවිතුරු මලක්වරුන් මිස වෙනත් කිසිවෙකු එය ස්පර්ශ කරන්නේ නැත
تَنزِيلٌۭ مِّن رَّبِّ ٱلْعَـٰلَمِينَ ﴿٨٠﴾
සියලු මැවීම්හි පරමාධිපති වෙතින් මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා වෙත පහළ කරන ලද්දකි
أَفَبِهَـٰذَا ٱلْحَدِيثِ أَنتُم مُّدْهِنُونَ ﴿٨١﴾
අහෝ දෙවියන්ට ආදේශ තබන්නනි! මෙම දිව්යමය වදන නුඹලා තහවුරු නොකරන, බොරු කරන්නන් ලෙස සිටින්නෙහු ද? وتجعلون رزقكم أنكم تكذبون
وَتَجْعَلُونَ رِزْقَكُمْ أَنَّكُمْ تُكَذِّبُونَ ﴿٨٢﴾
අල්ලාහ් නුඹලාට කළ ආශිර්වාදයන් සඳහා ඔහුට නුඹලා කරන කෘතවේදීත්වය සැබැවින්ම නුඹලා ඔහුව බොරු කරන්නක් බවට පත් කර ගත්තෙහුය. වර්ෂාව වෙනත් යම් දෙයකට ආරෝපණය කරමින් මේ හේතුවෙන් අපට වර්ෂාව ලැබුණි මේ නිසා අපට වර්ෂාව ලැබුණි යැයි නුඹලා පවසන්නෙහුද?
فَلَوْلَآ إِذَا بَلَغَتِ ٱلْحُلْقُومَ ﴿٨٣﴾
ප්රාණය උගුරු දණ්ඩ දක්වා ලඟා වූ විට, එහි තත්ත්වය කෙසේ නම් විය හැකි ද? وأنتم حينئ ذ تنظرون
وَأَنتُمْ حِينَئِذٍۢ تَنظُرُونَ ﴿٨٤﴾
එම වේලාවෙහි නුඹලා අතර සම්මුඛ වන දෑ නුඹලා දැක ගන්නෙහුය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර් ونحن أقرب إليهمنكم ولكن لا تبصرون
وَنَحْنُ أَقْرَبُ إِلَيْهِ مِنكُمْ وَلَـٰكِن لَّا تُبْصِرُونَ ﴿٨٥﴾
අපගේ දැනුමෙන් අපගේ බලයෙන් හා අපගේ මලක්වරුන්ගෙන් අපි නුඹලා අතර මිය යන පුද්ගලයාට වඩාත් සමීපයෙන් සිටින්නෙමු. නමුත් නුඹලා එම මළක්වරුන් දකින්නේ නැත
فَلَوْلَآ إِن كُنتُمْ غَيْرَ مَدِينِينَ ﴿٨٦﴾
නුඹලාගේ ක්රියාවන් සඳහා නුඹලාට ප්රතිඵල පිරිනැමීමට නුඹලා යළි අවදි කරනු නොලබන්නේ යැයි නුඹලා විශ්වාස කරන පරිදි නුඹලා සිටියේ නම්, තත්ත්වය කෙසේ නම් වනු ඇත් ද!
تَرْجِعُونَهَآ إِن كُنتُمْ صَـٰدِقِينَ ﴿٨٧﴾
නුඹලා සත්යවාදීන් නම් නුඹලා අතර මිය ගිය තැනැත්තාගෙන් බැහැර වූ ප්රාණය නුඹලා නැවත ගෙන එනු. එයට නුඹලා ශක්තිය නොදරනු ඇත
فَأَمَّآ إِن كَانَ مِنَ ٱلْمُقَرَّبِينَ ﴿٨٨﴾
මිය ගිය තැනැත්තා යහපත් දේ වෙත පෙරටුගාමීව කටයුතු කළවුන් අතරින් වී නම්, فروح وريحان وجنت نعيم
فَرَوْحٌۭ وَرَيْحَانٌۭ وَجَنَّتُ نَعِيمٍۢ ﴿٨٩﴾
ඉන් පසු ඔහුට වෙහෙසක් නැති සැනසුම ද යහපත් ආහාර ද ආශිර්වාදය ද ඇත. එමෙන්ම ඔහු කැමති පරිදි භුක්ති විඳින ස්වර්ග උයන් ද ඇත
وَأَمَّآ إِن كَانَ مِنْ أَصْحَـٰبِ ٱلْيَمِينِ ﴿٩٠﴾
فَسَلَـٰمٌۭ لَّكَ مِنْ أَصْحَـٰبِ ٱلْيَمِينِ ﴿٩١﴾
මිය ගිය තැනැත්තා දකුණු පස සගයින් අතරින් කෙනෙකු වී නම්, ඔවුන්ගේ කටයුතු සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතු නැත. හේතුව සැබැවින්ම ඔවුනට සැනසුම හා ආරක්ෂාව හිමිවන බැවිණි
وَأَمَّآ إِن كَانَ مِنَ ٱلْمُكَذِّبِينَ ٱلضَّآلِّينَ ﴿٩٢﴾
මිය ගිය තැනැත්තා, දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ගෙන ආ දෑ බොරු කොට; ඍජු මාර්ගයෙන් නොමග ගිය අයකු වී නම්, فنزل من حميم
فَنُزُلٌۭ مِّنْ حَمِيمٍۢ ﴿٩٣﴾
ජලයෙන් පිළිගන්වනු ලබන ඔහුගේ සත්කාරය දැඩි උණුසුම් සහිත ලෝ දියයි. وتص لية جحيم
وَتَصْلِيَةُ جَحِيمٍ ﴿٩٤﴾
නිරා ගින්නෙන් පිළිස්සීම ඔහු සතු වන්නේය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
إِنَّ هَـٰذَا لَهُوَ حَقُّ ٱلْيَقِينِ ﴿٩٥﴾
අහෝ දූතය! සැබැවින්ම නුඹ වෙත අප පවසා සිටි මේ කතාව කිසිදු සැකයකින් තොර ස්ථීර සත්ය කතාවකි
فَسَبِّحْ بِٱسْمِ رَبِّكَ ٱلْعَظِيمِ ﴿٩٦﴾
එහෙයින් සර්වබලධාරියාණන් වූ නුඹේ පරමාධිපතිගේ නාමය පිවිතුරු කරනු. සියලු අඩුපාඩුවලින් ඔහු ශුද්ධ කරනු. මූලාශ්‍රය: අල්-මුඃතසර් ෆී තෆ්සීරිල් කුර්ආන්
අනුගමනය · පුනරාවර්තනය · පැවසීම · ලියාපදිංචිය අවශ්‍ය නැත