سَبَّحَ لِلَّهِ مَا فِى ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ ۖ وَهُوَ ٱلْعَزِيزُ ٱلْحَكِيمُ ﴿١﴾
අහස්හි හා මහපොළොවේ ඇති අල්ලාහ්ගේ මැවීම් ඔහු ව සුවි ශුද්ධ කරති. පිවිතුරු කරති. ඔහු කිසිවෙකු විසින් පරාජය කළ නොහැකි සර්වබලධාරියාණන්ය. ඔහුගේ මැවීමෙහි හා නියම කිරීමෙහි ඔහු මහා ප්රඥාවන්තය
لَهُۥ مُلْكُ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ ۖ يُحْىِۦ وَيُمِيتُ ۖ وَهُوَ عَلَىٰ كُلِّ شَىْءٍۢ قَدِيرٌ ﴿٢﴾
අහස්හි හා මහපොළොවේ ආධිපත්යය ඔහුට පමණක් සතුය. ඔහු ජීවත් කරවීමට අභිමත කරන අය ජීවත් කරවයි. ඔහු මරණයට පත් කරවීමට අභිමත කර අය මරණයට පත් කරයි. ඔහු සියලු දෑ කෙරෙහි සර්වබලධාරියාණන්ය. කිසිවකු විසින් ඔහු පරාජය කළ නොහැක
هُوَ ٱلْأَوَّلُ وَٱلْـَٔاخِرُ وَٱلظَّـٰهِرُ وَٱلْبَاطِنُ ۖ وَهُوَ بِكُلِّ شَىْءٍ عَلِيمٌ ﴿٣﴾
ඔහු, ඔහුට පෙර කිසිවකු නැති මූලාරම්භයාය. ඔහුට පසු කිසිවකු නැති අවසානයාය. ඔහුට ඉහළින් කිසිවකු නැති බාහිරයාය. ඔහුට ඇතුළතින් කිසිවෙකු නැති අභ්යන්තරයාය. ඔහු සියලු දෑ පිළිබඳ සර්ව ඥානීය. කිසිවක් ඔහුට මඟ හැරෙන්නේ නැත
هُوَ ٱلَّذِى خَلَقَ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضَ فِى سِتَّةِ أَيَّامٍۢ ثُمَّ ٱسْتَوَىٰ عَلَى ٱلْعَرْشِ ۚ يَعْلَمُ مَا يَلِجُ فِى ٱلْأَرْضِ وَمَا يَخْرُجُ مِنْهَا وَمَا يَنزِلُ مِنَ ٱلسَّمَآءِ وَمَا يَعْرُجُ فِيهَا ۖ وَهُوَ مَعَكُمْ أَيْنَ مَا كُنتُمْ ۚ وَٱللَّهُ بِمَا تَعْمَلُونَ بَصِيرٌۭ ﴿٤﴾
ه දින හයකින් අහස් හා මහපොළොව මැව්වේ ඔහුය. එය ඉරු දින ආරම්භ වී සිකුරාදා දින අවසන් විය. ඇසි පිළි ගැසීමටත් වඩා අඩු කාලයකින් ඒ දෙක මවන්නට ඔහු බලය ඇත්තා විය. පසු ව ඉහළට ආරෝහණය වී ඔහුට ගැළපෙන පරිදි අර්ෂ් මත ඉහළින් ස්ථාපිත විය. මහපොළොවට ඇද හැළෙන වර්ෂාව, එහි සිටුවනු ලබන බීජ හා ඒ තුළට බසින දෑ එයින් හට ගන්නා භෝග, ඛණිජ හා වෙනත් දෑ අහසින් පහළ වන වර්ෂාව, දේව පණිවිඩ හා වෙනත් දෑ ඒ තුළට ආරෝහණය වන මලක්වරුන්, ගැත්තන්ගේ ක්රියාවන් හා ඔවුන්ගේ ප්රාණ යනාදී සියලු දෑ ගැන ඔහු දනී. අහෝ ජනයිනි! නුඹලා කොතැනක සිටියත් ඔහුගේ දැනුමෙන් ඔහු නුඹලා සමගම සිටී. නුඹලා අතරින් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. නුඹලා සිදු කරන දෑ පිළිබඳ ඔහු සර්ව නිරීක්ෂකය. නුඹලාගේ ක්රියාවන්ගෙන් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඒ සඳහා ඔහු නුඹලාට ප්රතිඵල පිරිනමනු ඇත
لَّهُۥ مُلْكُ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ ۚ وَإِلَى ٱللَّهِ تُرْجَعُ ٱلْأُمُورُ ﴿٥﴾
අහස්හි ආධිපත්යයත් මහපොළොවේ ආධිපත්යයත් ඔහුට පමණක් සතුය. සියලු කරුණු නැවත හැරී යන්නේ ඔහු වෙතට පමණි. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සියලු මැවීම් විනිශ්චයට භාජනය කොට ඔවුන්ගේ ක්රියාවන්ට සරිලන පරිදි ඔහු ඔවුනට ප්රතිඵල පිරිනමනු ඇත
يُولِجُ ٱلَّيْلَ فِى ٱلنَّهَارِ وَيُولِجُ ٱلنَّهَارَ فِى ٱلَّيْلِ ۚ وَهُوَ عَلِيمٌۢ بِذَاتِ ٱلصُّدُورِ ﴿٦﴾
දහවල මත රාත්රිය පිවිසෙන්නට ඉඩ හරියි. එවිට අඳුර පැමිණෙනු ඇත. මිනිසුන් නින්දට යනු ඇත. එමෙන්ම රාත්රිය මත දහවල පිවිසෙන්නට ඉඩ හරියි. එවිට ආලෝකය පැමිණෙනු ඇත. මිනිසුන් තම රාජකාරී කටයුතු වෙත පියනගති. තම ගැත්තන්ගේ හදවත් තුළ ඇති දෑ පිළිබඳ ඔහු සර්වඥානීය. ඔහුට කිසිවක් සැඟවෙන්නේ නැත. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
ءَامِنُوا۟ بِٱللَّهِ وَرَسُولِهِۦ وَأَنفِقُوا۟ مِمَّا جَعَلَكُم مُّسْتَخْلَفِينَ فِيهِ ۖ فَٱلَّذِينَ ءَامَنُوا۟ مِنكُمْ وَأَنفَقُوا۟ لَهُمْ أَجْرٌۭ كَبِيرٌۭ ﴿٧﴾
නුඹලා අල්ලාහ්ව විශ්වාස කරනු. ඔහුගේ දූතයාණන්ව ද විශ්වාස කරනු. අල්ලාහ් නුඹලාව නියෝජිතයින් බවට පත් කළ ධනයෙන් නුඹලා වියදම් කරනු. නුඹලාට ආගමානුගත කළ පරිදි එහි නුඹලා ගනුදෙනු කරනු. එහෙයින් නුඹලා අතරින් අල්ලාහ්ව විශ්වාස කොට තම ධනයෙන් අල්ලාහ්ගේ මාර්ගයේ වියදම් කළවුන් වනාහි, ඔවුනට ඔහු අබියස අති මහත් තිළිණ ඇත. එය ස්වර්ග උයනයි
وَمَا لَكُمْ لَا تُؤْمِنُونَ بِٱللَّهِ ۙ وَٱلرَّسُولُ يَدْعُوكُمْ لِتُؤْمِنُوا۟ بِرَبِّكُمْ وَقَدْ أَخَذَ مِيثَـٰقَكُمْ إِن كُنتُم مُّؤْمِنِينَ ﴿٨﴾
නුඹලා දේව විශ්වාසීන් ලෙස සිටියෙහු නම්, අල්ලාහ්ව විශ්වාස කිරීමෙන් නුඹලාව වළක්වනුයේ කවර කරුණක් ද? නුඹලාගේ පරමාධිපතියාණන්ව නුඹලා විශ්වාස කරනු ඇතැයි යන යහපත් අපේක්ෂාවෙන් දූතයාණන් අල්ලාහ් වෙතට නුඹලාව ඇරයුම් කරයි. නුඹලාගේ පියවරුන්ගෙන් නුඹලාව පිට කරන අවස්ථාවේ නුඹලා ඔහුව විශ්වාස කරන මෙන් නුඹලාගෙන් අල්ලාහ් ප්රතිඥාවක් ගෙන ඇත
هُوَ ٱلَّذِى يُنَزِّلُ عَلَىٰ عَبْدِهِۦٓ ءَايَـٰتٍۭ بَيِّنَـٰتٍۢ لِّيُخْرِجَكُم مِّنَ ٱلظُّلُمَـٰتِ إِلَى ٱلنُّورِ ۚ وَإِنَّ ٱللَّهَ بِكُمْ لَرَءُوفٌۭ رَّحِيمٌۭ ﴿٩﴾
ඔහුගේ ගැත්තා වන මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැහැදිළි පාඨ පහළ කරනුයේ ඔහුය. එය දේව ප්රතික්ෂේපයේ හා අඥානකමේ අඳුරෙන් දේව විශ්වාසය හා දැනුමේ ආලෝකය වෙත නුඹලාව බැහැර කරනු පිණිසය. සැබැවින්ම අල්ලාහ් ඔහුගේ නබිවරයාණන් මඟපෙන්වන්නෙකු හා ශුභාරංචි දන්වන්නෙකු සේ නුඹලා වෙත එවූ අවස්ථාවේ සැබැවින්ම අල්ලාහ් නුඹලා කෙරෙහි මහා කාරුණික හා දායලු විය
وَمَا لَكُمْ أَلَّا تُنفِقُوا۟ فِى سَبِيلِ ٱللَّهِ وَلِلَّهِ مِيرَٰثُ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ ۚ لَا يَسْتَوِى مِنكُم مَّنْ أَنفَقَ مِن قَبْلِ ٱلْفَتْحِ وَقَـٰتَلَ ۚ أُو۟لَـٰٓئِكَ أَعْظَمُ دَرَجَةًۭ مِّنَ ٱلَّذِينَ أَنفَقُوا۟ مِنۢ بَعْدُ وَقَـٰتَلُوا۟ ۚ وَكُلًّۭا وَعَدَ ٱللَّهُ ٱلْحُسْنَىٰ ۚ وَٱللَّهُ بِمَا تَعْمَلُونَ خَبِيرٌۭ ﴿١٠﴾
ه ى ه අල්ලාහ්ගේ මාර්ගයේ වියදම් කිරීමෙන් නුඹලාව වළක්වනුයේ කුමක් ද? අහස්හි හා මහපොළොවේ උරුමයන් අල්ලාහ් සතුය. අහෝ දේව විශ්වාසී අයවලුනි! අල්ලාහ්ගේ තෘප්තිය අපේක්ෂාවෙන් මක්කා ජයග්රහණයට පෙර ඔහුගේ මාර්ගයේ තම ධනය වියදම් කොට ඉස්ලාමයේ ජයග්රහණය උදෙසා දෙවියන් ප්රතික්ෂේප කළවුන් සමග සටන් කළවුන් වනාහි, මක්කා ජයග්රහණයට පසු වියදම් කොට දේව ප්රතික්ෂේපකයින් සමග සටන් කළවුන් සමඟ සමාන වන්නේ නැත. මක්කා ජයග්රහණයට පෙර වියදම් කොට අල්ලාහ්ගේ මාර්ගයේ සටන් කළවුන් මක්කා ජයග්රහණයෙන් පසු ඔහුගේ මාර්ගයේ තම ධනය වියදම් කොට දේව ප්රතික්ෂේපකයින් සමග සටන් කළවුනට වඩා අල්ලාහ් අබියස තරාතිරමෙන් වඩාත් උසස්ය. නමුත් අල්ලාහ් ඔවුන් දෙපිරිසටම ස්වර්ගය හිමි බව ප්රතිඥා දී ඇත්තේය. නුඹලා සිදු කරන දෑ පිළිබඳ තොරතුරු අල්ලාහ් මැනවින් දන්නාය. නුඹලාගේ ක්රියාවන් කිසිවක් අල්ලාහ්ට සැඟවී යන්නේ නැත. ඒ සඳහා ඔහු නුඹලාට ප්රතිඵල පිරිනමනු ඇත
مَّن ذَا ٱلَّذِى يُقْرِضُ ٱللَّهَ قَرْضًا حَسَنًۭا فَيُضَـٰعِفَهُۥ لَهُۥ وَلَهُۥٓ أَجْرٌۭ كَرِيمٌۭ ﴿١١﴾
කවරෙකු අල්ලාහ්ගේ තෘප්තිය උදෙසා තම සිතට එකඟව තම ධනයෙන් වියදම් කරන්නේ ද, ඔහු වියදම් කළ ධනය සඳහා කුසල් අල්ලාහ් ගුණ කර ඔහුට පිරිනමයි. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔහුට ගෞරවණීය තිළිණයක් ඇත. එය ස්වර්ග උයනයි. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
يَوْمَ تَرَى ٱلْمُؤْمِنِينَ وَٱلْمُؤْمِنَـٰتِ يَسْعَىٰ نُورُهُم بَيْنَ أَيْدِيهِمْ وَبِأَيْمَـٰنِهِم بُشْرَىٰكُمُ ٱلْيَوْمَ جَنَّـٰتٌۭ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَـٰرُ خَـٰلِدِينَ فِيهَا ۚ ذَٰلِكَ هُوَ ٱلْفَوْزُ ٱلْعَظِيمُ ﴿١٢﴾
දේව විශ්වාසීන් හා දේව විශ්වාස කරන්නියන් ඔවුන්ගේ ආලෝකය ඔවුන් ඉදිරියෙන් ද ඔවුනට දකුණු පසින් ද පෙරට යනු දකිනු ඇත. එදින ඔවුනට මෙසේ පවසනු ලැබේ. ‘අද දින නුඹලාගේ ශුභාරංචිය වනුයේ, එහි මාලිගා හා ගස් යටින් ගංගාවන් ගලා බස්නා ස්වර්ග උයන්ය. එහි නුඹලා සදා රැඳෙනු ඇත. එම ප්රතිඵලය කිසිදු ජයග්රහණයකට ලඟා කළ නොහැකි අතිමහත් ජයග්රහණයයි.’
يَوْمَ يَقُولُ ٱلْمُنَـٰفِقُونَ وَٱلْمُنَـٰفِقَـٰتُ لِلَّذِينَ ءَامَنُوا۟ ٱنظُرُونَا نَقْتَبِسْ مِن نُّورِكُمْ قِيلَ ٱرْجِعُوا۟ وَرَآءَكُمْ فَٱلْتَمِسُوا۟ نُورًۭا فَضُرِبَ بَيْنَهُم بِسُورٍۢ لَّهُۥ بَابٌۢ بَاطِنُهُۥ فِيهِ ٱلرَّحْمَةُ وَظَـٰهِرُهُۥ مِن قِبَلِهِ ٱلْعَذَابُ ﴿١٣﴾
එදින කුහකයින් හා කුහක කාන්තාවන් දේව විශ්වාසීන් දෙස බලා, ‘සිරාත් පාලම තරණය කිරීමේදී අපට උදව්වන පරිදි නුඹලාගේ ආලෝකයෙන් යමක් ලබා ගත හැකැයි අපේක්ෂාවෙන් අපි නුඹලාව බලාපොරොත්තුවෙන් සිටියෙමු’ යැයි පවසා සිටිති. එවිට කුහකයින් හාස්යයට ලක් කරමින් ඔවුනට මෙසේ පවසනු ලැබේ. ‘නුඹලාගේ පසුපසට හැරී ගොස් එමගින් ආලෝකය පැතිය හැකි ආලෝකයක් සොයනු. එවිට ඔවුන් අතර පවුරක් යොදනු ලැබේ. එම පවුරට දොරක් ඇත. එහි අභ්යන්තරය දේව විශ්වාසීන්ට සමීපව පවතී. එහි කරුණාව ඇත. එහි මතුපිට කුහකයින්ට සමීපව පවතී. එහි දඬුවම ඇත
يُنَادُونَهُمْ أَلَمْ نَكُن مَّعَكُمْ ۖ قَالُوا۟ بَلَىٰ وَلَـٰكِنَّكُمْ فَتَنتُمْ أَنفُسَكُمْ وَتَرَبَّصْتُمْ وَٱرْتَبْتُمْ وَغَرَّتْكُمُ ٱلْأَمَانِىُّ حَتَّىٰ جَآءَ أَمْرُ ٱللَّهِ وَغَرَّكُم بِٱللَّهِ ٱلْغَرُورُ ﴿١٤﴾
කුහකයෝ දේව විශ්වාසීන් අමතා, ‘ඉස්ලාමය තුළත් අවනත වීමේදීත් අපි නුඹලා සමග නොසිටියෙම් දැ?’යි විමසා සිටියෝය. එවිට මුස්ලිම්වරුන් ඔවුනට ‘එසේය, නුඹලා අප සමග සිටියෙහුය. නමුත් නුඹලා කුහකත්වය හේතුවෙන් අර්බුධ ඇති කළෙහුය. නුඹලා එය විනාශ කළෙහුය. දේව විශ්වාසීන් පරාජය වීම නුඹලා බලාපොරොත්තු වූහ. එවිට නුඹලාගේ දේව ප්රතික්ෂේපය නුඹලා හෙළි කළහ. දේව විශ්වාසීන්ට හිමිවන අල්ලාහ්ගේ උදව්ව ගැන ද මිය ගිය පසු යළි අවදි කරනු ලැබීම ගැන ද නුඹලා සැක කළෙහුය. නුඹලාට මරණය පැමිණෙන තෙක් බොරු අභිලාෂයන් නුඹලා ව රවටා දැමීය. ඒ මතම නුඹලා රැඳී සිටියෙහුය. අල්ලාහ් පිළිබඳව ෂෙයිතාන් නුඹලා රවටා දැමීය.' යැයි පවසති
فَٱلْيَوْمَ لَا يُؤْخَذُ مِنكُمْ فِدْيَةٌۭ وَلَا مِنَ ٱلَّذِينَ كَفَرُوا۟ ۚ مَأْوَىٰكُمُ ٱلنَّارُ ۖ هِىَ مَوْلَىٰكُمْ ۖ وَبِئْسَ ٱلْمَصِيرُ ﴿١٥﴾
එහෙයින් අද දින අහෝ කුහකයිනි! අල්ලාහ්ගේ දඬුවම වෙනුවෙන් කිසිදු වන්දියක් නුඹලාගෙන් ගනු නොලැබේ. අල්ලාහ් ව ප්රසිද්ධියේ ප්රතික්ෂේප කළ අයගෙන් ද වන්දියක් ගනු නොලැබේ. නුඹලාගේ නවාතැන ද, දේව ප්රතික්ෂේපකයින්ගේ නවාතැන ද නිරය වේ. නුඹලාට එය වඩාත් සුදුසුය. නුඹලා ද එයට වඩාත් සුදුසුය. ඔවුන් යොමු වන ස්ථානය නපුරු විය
۞ أَلَمْ يَأْنِ لِلَّذِينَ ءَامَنُوٓا۟ أَن تَخْشَعَ قُلُوبُهُمْ لِذِكْرِ ٱللَّهِ وَمَا نَزَلَ مِنَ ٱلْحَقِّ وَلَا يَكُونُوا۟ كَٱلَّذِينَ أُوتُوا۟ ٱلْكِتَـٰبَ مِن قَبْلُ فَطَالَ عَلَيْهِمُ ٱلْأَمَدُ فَقَسَتْ قُلُوبُهُمْ ۖ وَكَثِيرٌۭ مِّنْهُمْ فَـٰسِقُونَ ﴿١٦﴾
ශුද්ධ වූ අල් කුර්ආනය මෙනෙහි කිරීම හේතුවෙන් ද අල් කුර්ආනනයෙහි පහළ වු ප්රතිඥා හා අවවාද හේතුවෙන් ද අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් විශ්වාස කළවුනට ඔවුන්ගේ හදවත් තැන්පත් කරන, එය සැනසීමට පත් කරන වේලාවක් නොපැමිණියේද? ඔවුහු තව්රාතය දෙනු ලැබූ යුදෙව්වන් හා ඉන්ජීලය දෙනු ලැබූ කිතුනුවන් මෙන් සිත් තුළ දැඩිභාවය ඇත්තන් මෙන් නොවෙති. එය ඔවුන් අතර හා එවනු ලැබූ ඔවුන්ගේ නබිවරුන් අතර දිගු කාලයක් ගෙවී යත්ම ඒ හේතුවෙන් ඔවුන්ගේ හදවත් ගල් විය. ඔවුන්ගෙන් බහුතරයක් දෙනා අල්ලාහ්ට අවනත වීමෙන් දුරස් වී بلغ අල්-කුර්ආන් · තෆ්සීර් පාපකම් වෙත බැහැර ව ගිය අය වෙති
ٱعْلَمُوٓا۟ أَنَّ ٱللَّهَ يُحْىِ ٱلْأَرْضَ بَعْدَ مَوْتِهَا ۚ قَدْ بَيَّنَّا لَكُمُ ٱلْـَٔايَـٰتِ لَعَلَّكُمْ تَعْقِلُونَ ﴿١٧﴾
මහපොළොව වියළී ගිය පසු ව, පැලෑටි හටගන්වා එය ප්රාණවත් කරන්නේ අල්ලාහ් බව නුඹලා දැනගනු. අහෝ ජනයිනි! නුඹලා වටහා ගනු පිණිස අල්ලාහ්ගේ බලය හා ඔහුගේ ඒකීයභාවය පෙන්වා දෙන සාක්ෂි හා සාධක සැබැවින්ම අපි නුඹලාට පැහැදිළි කළෙමු. එවිට මහපොළොව මිය ගිය පසු ව යළි ප්රාණවත් කරන්නා, නුඹලා මිය ගිය පසු නැවත නැගිටුවීමට ශක්තිය ඇත්තා බවත් නුඹලාගේ හදවත් දරුණු වූ පසු, ඒවා සැහැල්ලු කිරීමට ශක්තිය ඇත්තා බවත් නුඹලා වටහා ගනු ඇත
إِنَّ ٱلْمُصَّدِّقِينَ وَٱلْمُصَّدِّقَـٰتِ وَأَقْرَضُوا۟ ٱللَّهَ قَرْضًا حَسَنًۭا يُضَـٰعَفُ لَهُمْ وَلَهُمْ أَجْرٌۭ كَرِيمٌۭ ﴿١٨﴾
සැබැවින්ම තම ධනයෙන් කොටසක් දන් දෙන පිරිමින් හා තම ධනයෙන් කොටසක් දන් දෙන කාන්තාවන් වනාහි, ඔවුන් කිසිදු කියා පෑමක් හෝ හිංසාවක් කිරීමේ බලාපොරොත්තුවෙන් තොර ව තම ආත්ම පිරිසිදු භාවයෙන් යුතුව දන් දෙති. ඔවුන්ගේ ක්රියාවන් සඳහා කුසල් ඔවුනට ගුණ කර දෙනු ලැබේ. එක් කුසලක් ඒ හා සමාන කුසල් දහයේ සිට හත්සීය ගුණය දක්වාත්, ඊටත් වඩා වැඩි ගුණයක් දක්වාත් ගුණ කර දෙනු ලැබේ. ඒ සමගම අල්ලාහ් අබියස ගෞරවණීය තිළිණයක් ද ඇත. එය ස්වර්ගයයි
وَٱلَّذِينَ ءَامَنُوا۟ بِٱللَّهِ وَرُسُلِهِۦٓ أُو۟لَـٰٓئِكَ هُمُ ٱلصِّدِّيقُونَ ۖ وَٱلشُّهَدَآءُ عِندَ رَبِّهِمْ لَهُمْ أَجْرُهُمْ وَنُورُهُمْ ۖ وَٱلَّذِينَ كَفَرُوا۟ وَكَذَّبُوا۟ بِـَٔايَـٰتِنَآ أُو۟لَـٰٓئِكَ أَصْحَـٰبُ ٱلْجَحِيمِ ﴿١٩﴾
අල්ලාහ්ව විශ්වාස කොට, ඔහුගේ දූතවරුන් ද ඔවුන් අතර කිසිදු වෙනසකින් තොර ව විශ්වාස කළවුන් වනාහි, ඔවුහුමය සත්යවාදීහු. එමෙන්ම ඔවුන්ගේ පරමාධිපති අබියස දිවි පිදූවෝ. ඔවුන් වෙනුවෙන් සූදානම් කරන ලද ගෞරවනීය ප්රතිඵල ඔවුනට සතුය. එමෙන්ම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් ඉදිරියේ හා ඔවුනට දකුණතින් දිව යන ඔවුන්ගේ ආලෝකය ද ඔවුනට සතුය. අල්ලාහ්ව හා ඔහුගේ දූතවරුන් ප්රතික්ෂේප කොට, අපගේ දූතයාණන් වෙත පහළ කරනු ලැබූ අපගේ වදන් බොරුකළවුන් වනාහි, ඔවුන්මය නිරයෝ සගයෝ වන්නේ. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුහු එහි පිවිස සදා වෙසෙති. ඉන් බැහැර නොවෙති
ٱعْلَمُوٓا۟ أَنَّمَا ٱلْحَيَوٰةُ ٱلدُّنْيَا لَعِبٌۭ وَلَهْوٌۭ وَزِينَةٌۭ وَتَفَاخُرٌۢ بَيْنَكُمْ وَتَكَاثُرٌۭ فِى ٱلْأَمْوَٰلِ وَٱلْأَوْلَـٰدِ ۖ كَمَثَلِ غَيْثٍ أَعْجَبَ ٱلْكُفَّارَ نَبَاتُهُۥ ثُمَّ يَهِيجُ فَتَرَىٰهُ مُصْفَرًّۭا ثُمَّ يَكُونُ حُطَـٰمًۭا ۖ وَفِى ٱلْـَٔاخِرَةِ عَذَابٌۭ شَدِيدٌۭ وَمَغْفِرَةٌۭ مِّنَ ٱللَّهِ وَرِضْوَٰنٌۭ ۚ وَمَا ٱلْحَيَوٰةُ ٱلدُّنْيَآ إِلَّا مَتَـٰعُ ٱلْغُرُورِ ﴿٢٠﴾
ى නුඹලා දැනගනු! සැබැවින්ම මෙලොව ජීවිතය යනු ශරීර සෙල්ලම් කරන කෙළි දෙළකි. හදවත් විනෝදයට පත් වන හාස්යයකි. අලංකාරය ඉස්මතු කර පෙන්වන අලංකාරයකි. බලය හා වස්තුව පිළිබඳ ඔබ අතර පුරසාරම් දොඩන්නකි. අධික ධනය හා අධික දරුවන් තුළින් ඉහවහා යන්නකි. එය ගොවියා ඔහුගේ පැලෑටි දැක පුදුම කරවන වර්ෂාව මෙනි. පසුව මෙම කොළවර්ණැති පැලෑටි වේළී යනු ඇත. අහෝ නිරීක්ෂාවෙන් බලන්නනි! එය කොළපැහැ ගැන්වීමෙන් පසු කහ බවට පත් වනු නුඹ දකිනු ඇත. පසුව එය කඩා දැමිය හැකි කැබැලි බවට අල්ලාහ් පත් කරයි. දෙවියන් ප්රතික්ෂේප කරන්නන් හා කුහකයින්හට මතුලොවෙහි දැඩි දඬුවමක් ඇත. අල්ලාහ්ගේ විශ්වාසී ගැත්තන්ගේ පාපකම් වලට ඔහුගෙන් වූ සමාව ඇත. එමෙන්ම තෘප්තිය ද ඇත. මෙලොව ජීවිතය යනු පැවැත්මක් නැති ඉතා පහත් බුක්ති විඳීමක් මිස නැත. මතුලොව සුවපහසුකම්වලට වඩා කවරෙකු මෙලොවෙහි පහත් වින්දනය තෝරා ගත්තේද ඔහු ඉතා නින්දිත අලාභවන්තයෙකි. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
سَابِقُوٓا۟ إِلَىٰ مَغْفِرَةٍۢ مِّن رَّبِّكُمْ وَجَنَّةٍ عَرْضُهَا كَعَرْضِ ٱلسَّمَآءِ وَٱلْأَرْضِ أُعِدَّتْ لِلَّذِينَ ءَامَنُوا۟ بِٱللَّهِ وَرُسُلِهِۦ ۚ ذَٰلِكَ فَضْلُ ٱللَّهِ يُؤْتِيهِ مَن يَشَآءُ ۚ وَٱللَّهُ ذُو ٱلْفَضْلِ ٱلْعَظِيمِ ﴿٢١﴾
ه අහෝ ජනයිනි! නුඹලාගේ පාපකම් සඳහා සමාව ලැබිය හැකි තව්බාව හා ඔහු වෙත සමීප කරවන වෙනත් දැහැමි ක්රියාවන් ඉටු කිරීමට තරග වඳිනු. එමගින් අහස හා පොළොව තරම් විශාලත්වයෙන් යුත් උයනක් නුඹලා ලබනු ඇත. එම ස්වර්ග උයන අල්ලාහ් විශ්වාස කොට ඔහුගේ දූතයාණන් විශ්වාස කළවුනට ඔහු සූදානම් කර ඇත්තේය. එම ප්රතිඵලය අල්ලාහ්ගෙන් වූ භාග්යයකි. ඔහු අභිමත කරන ඔහුගේ ගැත්තන් හට ඔහු පිරිනමයි. ශුද්ධවන්ත අල්ලාහ් තම දේව විශ්වාසී ගැත්තන් හට අතිමහත් සේ භාග්ය දානය කරන්නාය
مَآ أَصَابَ مِن مُّصِيبَةٍۢ فِى ٱلْأَرْضِ وَلَا فِىٓ أَنفُسِكُمْ إِلَّا فِى كِتَـٰبٍۢ مِّن قَبْلِ أَن نَّبْرَأَهَآ ۚ إِنَّ ذَٰلِكَ عَلَى ٱللَّهِ يَسِيرٌۭ ﴿٢٢﴾
නියගය හෝ එවැනි වෙනත් යම් ව්යසනයක් මහපොළොවෙහි මිනිසාට අත්වන්නේ නම් හෝ ඔවුන් තුළම යම් අභාග්යයක් ඔවුනට අත්වන්නේ නම් හෝ එය සියලු මැවීම් මැවීමට පෙරම සුරක්ෂිත ඵලකයේ සඳහන්ව තිබුණාක් මිස නැත. සැබැවින්ම එය අල්ලාහ් වෙත පහසු කාර්යයකි
لِّكَيْلَا تَأْسَوْا۟ عَلَىٰ مَا فَاتَكُمْ وَلَا تَفْرَحُوا۟ بِمَآ ءَاتَىٰكُمْ ۗ وَٱللَّهُ لَا يُحِبُّ كُلَّ مُخْتَالٍۢ فَخُورٍ ﴿٢٣﴾
අහෝ ජනයිනි! එය නුඹලාට මග හැරෙන දෑ ගැන නුඹලා දුක් නොවනු පිණිසය. එමෙන්ම නුඹලාට පිරිනමන ලද දෑ ගැන ඉහවහා ගොස් ප්රීති නොවනු පිණිසය. සැබැවින්ම අල්ලාහ් විසින් පිරිනැමූ දෑ ගැන ජනයා අතර උඩඟුවෙන් හා අහංකාරයෙන් පුරසාරම් දොඩමින් ගමන් කරන සෑම කෙනෙකුටම අල්ලාහ් ප්රිය කරන්නේ නැත
ٱلَّذِينَ يَبْخَلُونَ وَيَأْمُرُونَ ٱلنَّاسَ بِٱلْبُخْلِ ۗ وَمَن يَتَوَلَّ فَإِنَّ ٱللَّهَ هُوَ ٱلْغَنِىُّ ٱلْحَمِيدُ ﴿٢٤﴾
වියදම් කිරීමට අනිවාර්යය කටයුතු සඳහා වියදම් කිරීමෙන් මසුරු වී, මසුරුකම පිළිබඳ වෙනත් අයටද නියෝග කරන්නන් වනාහි, ඔවුහු පරාජිතයෝ වෙති. අල්ලාහ්ට අවනත වීමෙන් කවරෙකු හැරෙන්නේ ද, ඔහු අල්ලාහ්ට කිසිදු ආකාරයකින් හානියක් ගෙන දෙන්නේ නැත. එසේ හානිකර ගනුයේ ඔහුටමය. සැබැවින්ම අල්ලාහ් අවශ්යතාවන්ගෙන් තොරය. ඔහුගේ ගැත්තන්ට යටත් වීමට කිසිදු අවශ්යතාවක් නැත. සියලු තත්ත්වයන්හිම ඔහු ප්රශංසනීයය
لَقَدْ أَرْسَلْنَا رُسُلَنَا بِٱلْبَيِّنَـٰتِ وَأَنزَلْنَا مَعَهُمُ ٱلْكِتَـٰبَ وَٱلْمِيزَانَ لِيَقُومَ ٱلنَّاسُ بِٱلْقِسْطِ ۖ وَأَنزَلْنَا ٱلْحَدِيدَ فِيهِ بَأْسٌۭ شَدِيدٌۭ وَمَنَـٰفِعُ لِلنَّاسِ وَلِيَعْلَمَ ٱللَّهُ مَن يَنصُرُهُۥ وَرُسُلَهُۥ بِٱلْغَيْبِ ۚ إِنَّ ٱللَّهَ قَوِىٌّ عَزِيزٌۭ ﴿٢٥﴾
සැබැවින්ම අපි පැහැදිලි සාධක හා පැහැදිලි සාක්ෂි සමග අපගේ දූතවරුන් එව්වෙමු. ඔවුන් සමග දිව්යමය පුස්තක ද පහළ කළෙමු. ඔවුන් සමග නිර්ණායක ද පහළ කළෙමු. එය ජනයා අතර යුක්ති ගරුක ව කටයුතු කිරීම සඳහාය. තවද අපි ඉතා ශක්තිමත් භාවයෙන් යුත් යකඩ ද පහළ කළෙමු. එමගින් ආයුධ තනනු ලැබේ. එමෙන්ම එහි මිනිසාගේ නිර්මාණයන් හා ඒවා වාත්තු කිරීම සඳහා ඔවුනට ප්රයෝජනවත් වන දෑද ඇත. තවද අල්ලාහ් තම ගැත්තන් අතර ගුප්තව සිටිය දී, ඔහුට උදව් කරන්නන් කවුරුන් දැයි ගැත්තන්ගෙන් හෙළිවීම දැන ගැනීම සඳහාය. සැබැවින්ම අල්ලාහ් සර්වබලධාරීය. ශක්තිවන්තය. කිසිවෙකුට ඔහු පරාජය කළ නොහැක. කිසිවක් ඔහුට නොහැකි නොවන්නේය
وَلَقَدْ أَرْسَلْنَا نُوحًۭا وَإِبْرَٰهِيمَ وَجَعَلْنَا فِى ذُرِّيَّتِهِمَا ٱلنُّبُوَّةَ وَٱلْكِتَـٰبَ ۖ فَمِنْهُم مُّهْتَدٍۢ ۖ وَكَثِيرٌۭ مِّنْهُمْ فَـٰسِقُونَ ﴿٢٦﴾
අපි නූහ් හා ඉබ්රාහීම් (අලයිහිමස් සලාම්) යන දූතවරුන් එව්වෙමු. ඔවුන්ගේ පරම්පරාව තුළ නබිත්වය හා දිව්යමය පුස්තක පහළ කළෙමු. ඔවුන් දෙදෙනාගේ පරපුරින් ඍජු මාර්ගය වෙත මග ලැබූ ආශිර්වාදය ලද්දන් වූ අතරම ඔවුන් අතරින් බහුතරයක් දෙනා අල්ලාහ්ට අවනත වීමෙන් බැහැර වූවෝ වූහ. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
ثُمَّ قَفَّيْنَا عَلَىٰٓ ءَاثَـٰرِهِم بِرُسُلِنَا وَقَفَّيْنَا بِعِيسَى ٱبْنِ مَرْيَمَ وَءَاتَيْنَـٰهُ ٱلْإِنجِيلَ وَجَعَلْنَا فِى قُلُوبِ ٱلَّذِينَ ٱتَّبَعُوهُ رَأْفَةًۭ وَرَحْمَةًۭ وَرَهْبَانِيَّةً ٱبْتَدَعُوهَا مَا كَتَبْنَـٰهَا عَلَيْهِمْ إِلَّا ٱبْتِغَآءَ رِضْوَٰنِ ٱللَّهِ فَمَا رَعَوْهَا حَقَّ رِعَايَتِهَا ۖ فَـَٔاتَيْنَا ٱلَّذِينَ ءَامَنُوا۟ مِنْهُمْ أَجْرَهُمْ ۖ وَكَثِيرٌۭ مِّنْهُمْ فَـٰسِقُونَ ﴿٢٧﴾
පසුව තම සමූහයාට සත්ය පැහැදිලි කර දෙනු පිණිස අපි අපගේ දූතවරුන් අනුපිළිවෙලින් යැව්වෙමු. ඒ අතර මර්යම්ගේ පුත් ඊසා ව ද යැව්වෙමු. ඔහුට ඉන්ජීලය අපි පිරිනැමුවෙමු. ඔහු ව විශ්වාස කොට අනුගමනය කළවුන්ගේ හදවත් තුළ සෙනෙහස හා කරුණාව අපි ඇති කළෙමු. ඒ අනුව ඔවුන් එකිනෙකා අතර සෙනෙහසින් හා කරුණාවෙන් කටයුතු කරන්නන් වූහ. නමුත් ඔවුන්ගේ දහම තුළ ඉක්මවා යමින් ඔවුහු අලුත් දෑ එකතු කළෝය. ඔවුනට අල්ලාහ් අනුමත කළ විවාහය හා ඇතැම් වින්දනයන් අතහැර දැමූහ. එය අපි ඔවුන්ගෙන් නොපැතුවෙමු. දහම තුළ එවන් දෑ අලුතින් නිර්මාණය කර ගනිමින් අනිවාර්යය කර ගත්තේ ඔවුන් විසින්මය. සැබැවින්ම අපි ඉල්ලා සිටියේ අල්ලාහ්ගේ තෘප්තිය අනුගමනය කරන මෙන් පමණය. නමුත් ඔවුන් එසේ කටයුතු නො කළෝය. ඔවුන් අතර විශ්වාස කළවුන්ට ඔවුන්ගේ කුසල් අපි පිරිනැමුවෙමු. ඔවුන්ගෙන් බහුතරයක් දෙනා ඔවුන් වෙත තම දූත මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමා ගෙන ආ දෑ බොරු කරමින් අල්ලාහ්ට අවනත වීමෙන් බැහැර වූවෝය
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ ٱتَّقُوا۟ ٱللَّهَ وَءَامِنُوا۟ بِرَسُولِهِۦ يُؤْتِكُمْ كِفْلَيْنِ مِن رَّحْمَتِهِۦ وَيَجْعَل لَّكُمْ نُورًۭا تَمْشُونَ بِهِۦ وَيَغْفِرْ لَكُمْ ۚ وَٱللَّهُ غَفُورٌۭ رَّحِيمٌۭ ﴿٢٨﴾
අහෝ අල්ලාහ්ව විශ්වාස කොට ඔහු ඔවුනට ආගමානුගත කළ දෑ අනු ව කටයුතු කළවුනි! ඔහුගේ නියෝග පිළිපදමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් අල්ලාහ්ට බැතිමත්ව කටයුතු කරනු. ඔහුගේ දූතයා ද විශ්වාස කරනු. නුඹලා මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් විශ්වාස කළ බැවින් ද, එතුමාණන්ට පෙර පැමිණි දූතවරුන් විශ්වාස කළ බැවින් ද, කුසල් හා ප්රතිඵල දෙගුණයක් ඔහු නුඹලාට පිරිනමනු ඇත. මෙලොව ජීවිතයේ යහමග ලබන්නටත් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඍජු මාර්ගය වෙත එළිය ලබන්නටත් ඔහු නුඹලාට ආලෝකයක් ඇති කරයි. නුඹලාගේ පාපකම්වලට ඔහු සමාව දී ඒවා සගවනු ඇත. එමගින් අල්ලාහ් නුඹලා ව ග්රහණය කරන්නේ නැත. තවද අල්ලාහ් තම ගැත්තන් හට අති ක්ෂමාශීලීය. ඔවුන් කෙරෙහි මහා කාරුණිකය
لِّئَلَّا يَعْلَمَ أَهْلُ ٱلْكِتَـٰبِ أَلَّا يَقْدِرُونَ عَلَىٰ شَىْءٍۢ مِّن فَضْلِ ٱللَّهِ ۙ وَأَنَّ ٱلْفَضْلَ بِيَدِ ٱللَّهِ يُؤْتِيهِ مَن يَشَآءُ ۚ وَٱللَّهُ ذُو ٱلْفَضْلِ ٱلْعَظِيمِ ﴿٢٩﴾
අහෝ දෙවියන් විශ්වාස කළවුනි! අප නුඹලාට සූදානම් කර ඇති දෙගුණයකින් යුත් කුසල් අතරින් අතිමහත් භාග්යයන් පිළිබඳ සැබැවින්ම අපි නුඹලාට පැහැදිලි කර ඇත්තෙමු. එය නුඹට පෙර ආගම් ලත් යුදෙව් හා කිතුනු ජනයා අල්ලාහ් පිරිනැමූ කිසියම් භාග්යයක් තමන් අභිමත කරන විට එය පිරිනැමීමට හෝ තමන් අභිමත කරන විට එය වැළැක්වීමට හෝ තමන්ට හැකියාවක් නැති බව ඔවුන් දැන ගනු පිණිසය. එමෙන්ම සැබැවින්ම සියලු භාග්යයන් අල්ලාහ් සතු බවත් ඔහු අභිමත කරන ගැත්තන් හට එය පිරිනමන බවත් අල්ලාහ් තමන් අභිමත කරන අයට සුවේශේෂී භාග්ය පිරිනමන මහා භාග්ය දානය කරන්නා බවත් ඔවුන් දැනගනු පිණිසය. මූලාශ්‍රය: අල්-මුඃතසර් ෆී තෆ්සීරිල් කුර්ආන්