قَدْ سَمِعَ ٱللَّهُ قَوْلَ ٱلَّتِى تُجَـٰدِلُكَ فِى زَوْجِهَا وَتَشْتَكِىٓ إِلَى ٱللَّهِ وَٱللَّهُ يَسْمَعُ تَحَاوُرَكُمَآ ۚ إِنَّ ٱللَّهَ سَمِيعٌۢ بَصِيرٌ ﴿١﴾
(කව්ලා බින්ත් සඃලබා නම්) කාත්තාව ඇයගේ ස්වාමියා (වූ අවුස් ඉබ්නු අස්සාමිත්) පිළිබඳ විෂයයෙහි නුඹ සමග ඇය කළ වාදය ඇයගෙන් හෙළි වූ කල්හි අල්ලාහ් ඇයගේ ප්රකාශයට සවන් දුන්නේය. ඇයගේ සැමියා ඇයට කළ දෑ ගැන ඇය අල්ලාහ් වෙත පැමිණිලි කර සිටියාය. අල්ලාහ් නුඹලා දෙදෙනාගේ වාදයට සවන් දුන්නේය. ඔහුගෙන් කිසිවක් සැඟවිය නොහැක. සැබැවින්ම අල්ලාහ් ඔහුගේ ගැත්තන්ගේ ප්රකාශවලට සවන් දෙන්නාය. ඔවුන්ගේ ක්රියාවන් දෙස බලා සිටින්නාය. ඒවායින් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත
ٱلَّذِينَ يُظَـٰهِرُونَ مِنكُم مِّن نِّسَآئِهِم مَّا هُنَّ أُمَّهَـٰتِهِمْ ۖ إِنْ أُمَّهَـٰتُهُمْ إِلَّا ٱلَّـٰٓـِٔى وَلَدْنَهُمْ ۚ وَإِنَّهُمْ لَيَقُولُونَ مُنكَرًۭا مِّنَ ٱلْقَوْلِ وَزُورًۭا ۚ وَإِنَّ ٱللَّهَ لَعَفُوٌّ غَفُورٌۭ ﴿٢﴾
ජනයා අතරින් කිසිවෙකු තම බිරියට ‘ඔබ මට මාගේ මවගේ පිටට සමානය’ යැයි පවසමින් ‘ළිහාර්’ (අඹු සැමි ඇසුරෙන් ඈත් වන බවට) පවසා සිටන්නන් වනාහි, ඔවුන්ගේ එම ප්රකාශයේ ඔවුන් බොරු පවසා ඇත. ඔවුන්ගේ බිරියන් ඔවුන්ගේ මව්වරුන් මෙන් නැත. සැබැවින්ම ඔවුන්ගේ මව්වරුන් ඔවුන් බිහිකළ අය වෙති. සැබැවින්ම ඔවුන් එම ප්රකාශය පවසන විට ප්රකාශ කරන ඇත්තේ බරපතල ප්රකාශයක් මෙන්ම අසත්යය ප්රකාශයකි. සැබැවින්ම අල්ලාහ් අති ක්ෂමාශීලීය. එහෙයින් ඔවුන් පාපයෙන් පිරිසිදු කිරීම සඳහා ප්රතිකර්මයක් ඔහු ඔවුනට ආගමානුගත කළේය
وَٱلَّذِينَ يُظَـٰهِرُونَ مِن نِّسَآئِهِمْ ثُمَّ يَعُودُونَ لِمَا قَالُوا۟ فَتَحْرِيرُ رَقَبَةٍۢ مِّن قَبْلِ أَن يَتَمَآسَّا ۚ ذَٰلِكُمْ تُوعَظُونَ بِهِۦ ۚ وَٱللَّهُ بِمَا تَعْمَلُونَ خَبِيرٌۭ ﴿٣﴾
تعملون خبير මෙම බරපතල ප්රකාශය පවසන්නන් වනාහි, ඔවුන් අතරින් කවරෙකු ළිහාර් ප්රකාශ කළේද නැවතත් ඔවුන් සමග අඹු සැමි ඇසුර අපේක්ෂා කරති. එවිට ඔවුන් ඔවුන් සමග සංවාසයේ යෙදීමට පෙර ප්රතිකර්මයක් වශයෙන් වහලියක් නිදහස් කළ යුතුය. සඳහන් කරනු ලැබූ මෙම නීතිය නුඹලාට නියෝග කරනු ලැබ ඇත්තේ ළිහාර් ප්රකාශයෙන් නුඹලාව වැළැක්වීමක් වශයෙනි. නුඹලා සිදු කරන දෑ පිළිබඳ සියලු තොරතුරු අල්ලාහ් දන්නේය. නුඹලාගේ කිසිදු ක්රියාවක් ඔහුට සැඟ වී යන්නේ නැත
فَمَن لَّمْ يَجِدْ فَصِيَامُ شَهْرَيْنِ مُتَتَابِعَيْنِ مِن قَبْلِ أَن يَتَمَآسَّا ۖ فَمَن لَّمْ يَسْتَطِعْ فَإِطْعَامُ سِتِّينَ مِسْكِينًۭا ۚ ذَٰلِكَ لِتُؤْمِنُوا۟ بِٱللَّهِ وَرَسُولِهِۦ ۚ وَتِلْكَ حُدُودُ ٱللَّهِ ۗ وَلِلْكَـٰفِرِينَ عَذَابٌ أَلِيمٌ ﴿٤﴾
නුඹලා අතරින් කිසිවෙකුට හෝ එසේ නිදහස් කළ හැකි කාන්තාවක් නොලැබුවේ නම් තමන් ලිහාර් කළ බිරිය සමග අඹු සැමි ඇසුරෙහි නිරත වීමට පෙර අඛණ්ඩ ව මාස දෙකක් උපවාසයේ නිරත විය යුතුයි. අඛණ්ඩ ව මාස දෙකක් උපවාසයේ නිරත වීමට හැකියාවක් නොමැත්තා, ඔහු දුප්පතුන් හැට දෙනෙකුට ආහාරය සැපයිය යුතුයි. අප මෙම තීන්දුව නියම කර ඇත්තේ සැබැවින්ම එය අල්ලාහ් නියෝග කළ බවට නුඹලා විශ්වාස කොට එම නියෝගය නුඹලා විසින් පිළිපැද ඔහුගේ දූතයාණන් අනුගමනය කිරීමටය. අපි නුඹලාට ආගමානුගත කළ නීතිරීති අල්ලාහ් තම ගැත්තන්හට නියම කළ සීමාවන් වේ. එබැවින් නුඹලා ඒවා කඩ නොකරනු. අල්ලාහ්ගේ නීතිය හා ඔහු නියම කළ සීමාවන් ප්රතික්ෂේප කරන්නන් හට වේදනීය දඬුවමක් ඇත. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
إِنَّ ٱلَّذِينَ يُحَآدُّونَ ٱللَّهَ وَرَسُولَهُۥ كُبِتُوا۟ كَمَا كُبِتَ ٱلَّذِينَ مِن قَبْلِهِمْ ۚ وَقَدْ أَنزَلْنَآ ءَايَـٰتٍۭ بَيِّنَـٰتٍۢ ۚ وَلِلْكَـٰفِرِينَ عَذَابٌۭ مُّهِينٌۭ ﴿٥﴾
م هين අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට විරුද්ධ ව කටයුතු කරන්නන් වනාහි, පෙර සමූහයින් අතරින් ඔහුට විරුද්ධ ව කටයුතු කළ වුන් අවමානයට හා අපහාසයට පත් වූ අයුරින්ම ඔවුන් ද අවමානයට හා අපාහසයට පත්වනු ඇත. සැබැවින්ම අපි පැහැදිලි සංඥාවන් පහළ කර ඇත්තෙමු. අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් මෙන්ම ඔහුගේ වදන් ප්රතික්ෂේප කරන්නන්හට නින්දා සහගත දඬුවමක් ඇත
يَوْمَ يَبْعَثُهُمُ ٱللَّهُ جَمِيعًۭا فَيُنَبِّئُهُم بِمَا عَمِلُوٓا۟ ۚ أَحْصَىٰهُ ٱللَّهُ وَنَسُوهُ ۚ وَٱللَّهُ عَلَىٰ كُلِّ شَىْءٍۢ شَهِيدٌ ﴿٦﴾
අල්ලාහ් ඔවුන් සියලු දෙනා යළි අවදි කරන දිනයෙහි ඔවුන් අතරින් කිසිවෙකුට කිසිදු අසාධාරණයක් ඔහු සිදු නොකරයි. මෙලොවෙහි ඔවුන් සිදු කළ අශීලාචාර ක්රියාවන් පිළිබඳ ඔහු ඔවුනට දන්වා සිටියි. අල්ලාහ් එය ඔවුන් සඳහා සටහන් කර ඇත. ඔවුන්ගේ කිසිදු ක්රියාවක් ඔහුට අතපසු වන්නේ නැත. නමුත් ඔවුහු එය අමතක කළෝය. සුළු හෝ විශාල කිසිදු දෙයක් අත් නොහැර සටහන් කර, ඇති ඔවුන්ගේ වාර්තාවන්හි ලියනු ලැබ තිබීම ඔවුහු දකිති. තවද අල්ලාහ් සියලු දෑ පිළිබඳ නිරීක්ෂාවෙන් සිටියි. ඔවුන්ගේ කිසිදු ක්රියාවක් ඔහුට සැඟවෙන්නේ නැත
أَلَمْ تَرَ أَنَّ ٱللَّهَ يَعْلَمُ مَا فِى ٱلسَّمَـٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ ۖ مَا يَكُونُ مِن نَّجْوَىٰ ثَلَـٰثَةٍ إِلَّا هُوَ رَابِعُهُمْ وَلَا خَمْسَةٍ إِلَّا هُوَ سَادِسُهُمْ وَلَآ أَدْنَىٰ مِن ذَٰلِكَ وَلَآ أَكْثَرَ إِلَّا هُوَ مَعَهُمْ أَيْنَ مَا كَانُوا۟ ۖ ثُمَّ يُنَبِّئُهُم بِمَا عَمِلُوا۟ يَوْمَ ٱلْقِيَـٰمَةِ ۚ إِنَّ ٱللَّهَ بِكُلِّ شَىْءٍ عَلِيمٌ ﴿٧﴾
بكل شىء عليم සැබැවින්ම අල්ලාහ් අහස්හි ඇති දෑ දනියි. එමෙන්ම මහපොළොවේ ඇති දෑ ද දනී. ඒ දෙකෙහි ඇති කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. තිදෙනෙකුගේ රහසිගත කතාවක ඒ ගැන දන්නා සිව්වැන්නා ලෙස අල්ලාහ් සිටියි. එමෙන්ම පස් දෙනෙකුගේ රහසිගත කතාවක ඒ ගැන දන්නා සයවැන්නා ලෙස අල්ලාහ් සිටියි. එම සංඛ්යාව අඩු වුව ද ඊට වඩා වැඩි වුව ද ඔවුන් කොතැනක සිටිය ද ඒ ගැන දැනුවත්ව ඔවුන් සමගම ඔහු සිටියි. ඔවුන්ගේ කිසිදු කතාවක් ඔහුට සැඟවෙන්නේ නැත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් සිදු කළ දෑ පිළිබඳ සියලු තොරතුරු ඔහු ඔවුනට දන්වා සිටියි. සැබැවින්ම අල්ලාහ් සියලු දෑ පිළිබඳ දන්නාය. කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත
أَلَمْ تَرَ إِلَى ٱلَّذِينَ نُهُوا۟ عَنِ ٱلنَّجْوَىٰ ثُمَّ يَعُودُونَ لِمَا نُهُوا۟ عَنْهُ وَيَتَنَـٰجَوْنَ بِٱلْإِثْمِ وَٱلْعُدْوَٰنِ وَمَعْصِيَتِ ٱلرَّسُولِ وَإِذَا جَآءُوكَ حَيَّوْكَ بِمَا لَمْ يُحَيِّكَ بِهِ ٱللَّهُ وَيَقُولُونَ فِىٓ أَنفُسِهِمْ لَوْلَا يُعَذِّبُنَا ٱللَّهُ بِمَا نَقُولُ ۚ حَسْبُهُمْ جَهَنَّمُ يَصْلَوْنَهَا ۖ فَبِئْسَ ٱلْمَصِيرُ ﴿٨﴾
අහෝ ධර්ම දූතය! යුදෙව්වන් දේවත්වය විශ්වාස කරන අයෙකු දුටු විට රහසිගතව එකිනෙකා කතා කරනු ඔබ නොදුටුවෙහි ද? එසේ රහසින් කතා කිරීම අල්ලාහ් ඔවුනට තහනම් කළේය. ඉන්පසුවත් අල්ලාහ් ඔවුනට තහනම් කළ දෑ වෙත ඔවුහු නැවත යොමු වෙති. ඔවුන් අතර දේවත්වය විශ්වාස කරන ජනයා පිළිබඳ අඩුපාඩුකම් ඔවුනට විරුද්ධ කටයුතු හා දූතයාණන්හට පිටුපෑම වැනි පාපතර රහස් සාකච්ඡාවන්හි ඔවුහු නිරත වෙති. අහෝ ධර්ම දූතය! ඔවුන් නුඹලා වෙත පැමිණි විට අල්ලාහ් නුඹට සුභ නොපතන දැයින් ඔවුහු නුඹට සුභ පතති. එය ඔවුන් ඔබට මරණය අපේක්ෂා කරමින් ‘අස්සාම් අලයික’ යනුවෙන් පවසමිනි. නබි (සල්ලල්ලාහු අලයිහ් වසල්ලම්) තුමාණන්ව බොරු කරමින්, ‘අප පවසන දෑ සඳහා අල්ලාහ් අපට දඬුවම් කළ යුතු නොවේ ද? සැබැවින්ම තමන් නබිවරයෙකු බව ඔහු කරන වාදයෙහි ඔහු සත්යවාදියෙකු නම් ඔහු ගැන අප කතා කරන දෑ හේතුවෙන් අපහට අල්ලාහ් දඬුවම් කරනු ඇතැ’යි හාස්යයෙන් කතා කරති. ඔවුන් පවසා සිටින දෑ සඳහා දඬුවම් වශයෙන් ඔවුනට නිරය ප්රමාණවත් වේ. එහි උෂ්ණය ඔවුහු විදිති. ඔවුන් යොමු වන ස්ථානය ඉතා පිළිකුල් සහගතය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ إِذَا تَنَـٰجَيْتُمْ فَلَا تَتَنَـٰجَوْا۟ بِٱلْإِثْمِ وَٱلْعُدْوَٰنِ وَمَعْصِيَتِ ٱلرَّسُولِ وَتَنَـٰجَوْا۟ بِٱلْبِرِّ وَٱلتَّقْوَىٰ ۖ وَٱتَّقُوا۟ ٱللَّهَ ٱلَّذِىٓ إِلَيْهِ تُحْشَرُونَ ﴿٩﴾
අහෝ අල්ලාහ් ව විශ්වාස කොට ඔහු ආගමානුගත කළ දෑ අනුගමනය කරන්නනි! පාපය, සතුරුකම හා දූතයාණන්ට පිටුපෑම යනාදී කරුණු නුඹලා අතර රහසින් සාකච්ඡා කොට නුඹලා යුදෙව්වන් බවට පත් නොවනු. අල්ලාහ්ට අවනත වීම ඔහුට පාපකම් කිරීමෙන් වැළැක්වීම යනාදී කරුණු නුඹලා අතර සාකච්ඡා කරනු. අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකී ඔහුට බැතිමත් ව කටයුතු කරනු. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ විනිශ්චය හා ප්රතිඵල සඳහා නුඹලා රැස් කරනු ලබනුයේ ඔහු වෙතමය
إِنَّمَا ٱلنَّجْوَىٰ مِنَ ٱلشَّيْطَـٰنِ لِيَحْزُنَ ٱلَّذِينَ ءَامَنُوا۟ وَلَيْسَ بِضَآرِّهِمْ شَيْـًٔا إِلَّا بِإِذْنِ ٱللَّهِ ۚ وَعَلَى ٱللَّهِ فَلْيَتَوَكَّلِ ٱلْمُؤْمِنُونَ ﴿١٠﴾
සැබැවින්ම පාපකම, සතුරුකම හා දූතයාණන්ට විරුද්ධවීම යනාදී කරුණු ඇතුළත් රහසිගත සාකච්ඡා වනාහි ෂෙයිතාන් විසින් තම මිතුරන් සඳහා අලංකරණය කරන ලද හා කුකුස් ඇති කරන ලද්දක් වේ. එය සැබැවින්ම දේව විශ්වාසීන්ට සමීප ව සිට ඔවුනට දුක ගෙන දෙනු පිණිසය. ෂෙයිතාන් හෝ ඔහුගේ අලංකරණය අල්ලාහ්ගේ අභිමතය හා කැමැත්ත නොමැති ව කිසිවකින් දේව විශ්වාසීන්ට හානියක් ඇති නොවන්නේය. තවද දේව විශ්වාසීන් ඔවුන්ගේ සියලු කටයුතු වලදී අල්ලාහ් මත රැඳී සිටිති
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ إِذَا قِيلَ لَكُمْ تَفَسَّحُوا۟ فِى ٱلْمَجَـٰلِسِ فَٱفْسَحُوا۟ يَفْسَحِ ٱللَّهُ لَكُمْ ۖ وَإِذَا قِيلَ ٱنشُزُوا۟ فَٱنشُزُوا۟ يَرْفَعِ ٱللَّهُ ٱلَّذِينَ ءَامَنُوا۟ مِنكُمْ وَٱلَّذِينَ أُوتُوا۟ ٱلْعِلْمَ دَرَجَـٰتٍۢ ۚ وَٱللَّهُ بِمَا تَعْمَلُونَ خَبِيرٌۭ ﴿١١﴾
ه ه අහෝ අල්ලාහ්ව විශ්වාස කොට ඔහු ඔවුනට ආගමානුගත කළ දෑ අනුව කටයුතු කළවුනි! ‘සභාවන්හි විවෘත වනු යැයි නුඹලාට පවසනු ලැබූ විට නුඹලා එහි විවෘත වූයෙහුය. නුඹලාගේ මෙලොව හා මතුලොව ජීවිතයේ ඔහු නුඹලාට විවෘත කර දෙනු ඇත. උසස් අය වාඩි වීම සඳහා ඇතැම් සභාවන්ගෙන් නැගී සිටින මෙන් නුඹලාට පවසනු ලැබූ විට එයින් නුඹලා නැගී සිටියහ. නුඹලා අතරින් විශ්වාස කළවුන් හා දැනුම දෙනු ලැබූවන් මහඟු තරාතිරම්වලින් අල්ලාහ් උසස් කර ඇත. නුඹලා සිදු කරන දෑහි තොරතුරු අල්ලාහ් දන්නාය. නුඹලාගේ ක්රියාවන්ගෙන් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ إِذَا نَـٰجَيْتُمُ ٱلرَّسُولَ فَقَدِّمُوا۟ بَيْنَ يَدَىْ نَجْوَىٰكُمْ صَدَقَةًۭ ۚ ذَٰلِكَ خَيْرٌۭ لَّكُمْ وَأَطْهَرُ ۚ فَإِن لَّمْ تَجِدُوا۟ فَإِنَّ ٱللَّهَ غَفُورٌۭ رَّحِيمٌ ﴿١٢﴾
නබි තුමාණන්ගේ සහගාමීන් බහුතරයක් දෙනා එතුමාණන්ව අධික ලෙස මුණ ගැසෙන්නට පටන් ගත් කල්හි අල්ලාහ් මෙසේ පැවසීය: "අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා දූතයාණන් සමග රහසිගත පුද්ගලික කරණු කතා කරන්නට සිතන්නේ නම් නුඹලා පුද්ගලිකව එතුමා සමග කතා කිරීම සඳහා දානයක් පිළිගන්වනු. එසේ දානයක් පිළිගැන්වීම තුළ හදවත් පිරිසිදු කරන පරිදි අල්ලාහ්ට අවනත වීමක් ඇති බැවින් නුඹලාට එය උතුම්ය. එමෙන්ම වඩාත් පිවිතුරුය. එසේ දානයක් පිළිගැන්වීමට කිසිවක් නුඹලාට නොලැබුණේ නම් එසේ කිසිවක් පිළිනොගන්වා එතුමා සමග පුද්ගලික කතාවෙහි නිරතවීමෙහි වරදක් නැත. සැබැවින්ම අල්ලාහ් තම ගැත්තන්ගේ පාපකම්වලට පාපක්ෂමාව පිරිනමන්නාය. ඔවුනට ඉසිලිය හැකි දෑ පමණක් මිස වෙනත් කිසිවක් ඔවුන් මත නොපටවන සේ ඔහු ඔවුන් කෙරෙහි මහා කාරුණිකය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්
ءَأَشْفَقْتُمْ أَن تُقَدِّمُوا۟ بَيْنَ يَدَىْ نَجْوَىٰكُمْ صَدَقَـٰتٍۢ ۚ فَإِذْ لَمْ تَفْعَلُوا۟ وَتَابَ ٱللَّهُ عَلَيْكُمْ فَأَقِيمُوا۟ ٱلصَّلَوٰةَ وَءَاتُوا۟ ٱلزَّكَوٰةَ وَأَطِيعُوا۟ ٱللَّهَ وَرَسُولَهُۥ ۚ وَٱللَّهُ خَبِيرٌۢ بِمَا تَعْمَلُونَ ﴿١٣﴾
දූතයාණන් සමග නුඹලා පුද්ගලිකව කතා කරන විට දානය පිළිගැන්වීම හේතුවෙන් දිළිඳුභාවයට නුඹලා බිය වන්නෙහු ද? අල්ලාහ් නියෝග කළ දෑ ඉටු කිරීමට නුඹලාට නොහැකි වූ විට එය අතහැර දැමීමට ඔහු නුඹලාට අවකාශය සලසා දී ඔහු නුඹලාට සමාව දුන්නේය. එහෙයින් නුඹලා සලාතය පූර්ණවත් පරිදි ඉටු කරනු. නුඹලාගේ ධනයෙන් සකාත් ගෙවනු. අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට අවනත වනු. නුඹලා සිදු කරන දෑ පිළිබඳ සියලු තොරතුරු අල්ලාහ් දන්නේය. නුඹලාගේ ක්රියාවන්ගෙන් කිසිවක් ඔහුට සැගවෙන්නේ නැත. ඒ සඳහා ඔහු ඔවුනට ප්රතිඵල පිරිනමනු ඇත
۞ أَلَمْ تَرَ إِلَى ٱلَّذِينَ تَوَلَّوْا۟ قَوْمًا غَضِبَ ٱللَّهُ عَلَيْهِم مَّا هُم مِّنكُمْ وَلَا مِنْهُمْ وَيَحْلِفُونَ عَلَى ٱلْكَذِبِ وَهُمْ يَعْلَمُونَ ﴿١٤﴾
අහෝ දූතය! ප්රතික්ෂේපය හා පිටුපෑම හේතුවෙන් අල්ලාහ්ගේ කෝපයට ලක් වූ යුදෙව්වන් තම මිතුරන් ලෙස ගත් කුහකයින් නුඹ නොදුටුවෙහි ද? එම කුහකයින් දේව විශ්වාසීන් සමගත් නැත. යුදෙව්වන් සමගත් නැත. ඔවුහු ඔවුන් වෙතත් මොවුන් වෙතත් කට්ටිපනිමින් කටයුතු කරති. සැබැවින්ම තමන් මුස්ලිම්වරුන් බවත් මුස්ලිම්වරුන්ගේ තොරතුරු යුදෙව්වන්ට දන්වා නොසිටින බවත් සහතික කර පවසති. නමුත් ඔවුන්ගේ දිවුරුමෙහි ඔවුන් බොරුකාරයෝය
أَعَدَّ ٱللَّهُ لَهُمْ عَذَابًۭا شَدِيدًا ۖ إِنَّهُمْ سَآءَ مَا كَانُوا۟ يَعْمَلُونَ ﴿١٥﴾
මතුලොවෙහි ඔවුනට දැඩි දඬුවමක් අල්ලාහ් සූදානම් කර ඇත. එය ඔවුන් නිරා ගින්නේ පහත්ම තලයට ඇතුළත් කිරීමෙනි. මෙලොවෙහි ඔවුන් සිදුකරමින් පැමිණි දෙවියන් ප්රතික්ෂේප කරන ක්රියාවන් අශීලාචාරය විය
ٱتَّخَذُوٓا۟ أَيْمَـٰنَهُمْ جُنَّةًۭ فَصَدُّوا۟ عَن سَبِيلِ ٱللَّهِ فَلَهُمْ عَذَابٌۭ مُّهِينٌۭ ﴿١٦﴾
දේව ප්රතික්ෂේපය හේතුකොට ගෙන තමන් ඝාතනය කරනු ලැබීමට බියෙන් දිවුරා පවසන්නට ගත්තෝය. ඔවුන්ගේ රුධිරය හා ඔවුන්ගේ ධනය ඔවුන් ආරක්ෂා කරනු පිණිස එසේ දිවුරා ඔවුන් ඉස්ලාමය මතුපිටින් පෙන්වීය. මුස්ලිම්වරුන් අධෛර්යට පත් කිරීමටත්, ඔවුන් දුර්වල කිරීමටත්, ඔවුන් කටයුතු කරමින් සිටි බැවින් ඔවුන් මිනිසුන් වෙනතකට යොමු කරන්නට තැත් කළෝය. ඔවුන් අවමානයට හා අපහාසයට පත් කරන නින්දනීය දඬුවමක් ඔවුනට ඇත
لَّن تُغْنِىَ عَنْهُمْ أَمْوَٰلُهُمْ وَلَآ أَوْلَـٰدُهُم مِّنَ ٱللَّهِ شَيْـًٔا ۚ أُو۟لَـٰٓئِكَ أَصْحَـٰبُ ٱلنَّارِ ۖ هُمْ فِيهَا خَـٰلِدُونَ ﴿١٧﴾
ඔවුන්ගේ ධනය හෝ ඔවුන්ගේ දරුවන් අල්ලාහ්ගෙන් වූ කිසිවකට ප්රයෝජනවත් නොවීය. ඔවුන් නිරා ගින්නේ වැසියෝ වෙති. ඔවුන් එහි පිවිස සදා රුඳෙති. ඔවුන්ගෙන් දඬුවම විසන්ධි කරනු නොලැබේ
يَوْمَ يَبْعَثُهُمُ ٱللَّهُ جَمِيعًۭا فَيَحْلِفُونَ لَهُۥ كَمَا يَحْلِفُونَ لَكُمْ ۖ وَيَحْسَبُونَ أَنَّهُمْ عَلَىٰ شَىْءٍ ۚ أَلَآ إِنَّهُمْ هُمُ ٱلْكَـٰذِبُونَ ﴿١٨﴾
අල්ලාහ් සියල්ලන් යළි අවදි කරන දින ප්රතිඵල පිරිනැමීම සඳහා ඔවුන් අතරින් කිසිවෙකු අවදි නොකරවා අතහැර දමන්නේ නැත. සැබැවින්ම තමන් දේව ප්රතික්ෂේපයේ හා කුහකත්වයේ නොසිටි බවත්, සැබැවින්ම තමන් අල්ලාහ්ට තෘප්තිය ගෙන දෙන දෑ ඉටු කරන දේව විශ්වාසීන් ලෙස සිටි බවත්, අල්ලාහ්ට දිවුරා පවසති. අහෝ විශ්වාස කළවුනි! සැබැවින්ම තමන් මුස්ලිම්වරුන් යැයි මෙලොවෙහි ඔවුන් නුඹලාට දිවුරා සිටියාක් මෙන් මතුලොවෙහි ඔහුට ඔවුහු දිවුරා සිටිති. සැබැවින්ම ඔවුන් අල්ලාහ්ට දිවුරා සිටින මෙම දිවුරුම තමන්ට යම් යහපතක් ගෙන දෙන හෝ අයහපත තමන්ගෙන් වළක්වන බව සිතති. දැන ගනු! මෙලොවෙහි ඔවුන් කළ දිවුරුමෙහි හා මතුලොව ඔවුන් කළ දිවුරුමෙහි بلغ අල්-කුර්ආන් · තෆ්සීර් ඔවුන් සැබෑ ලෙසින්ම මුසාවාදීහු වෙති
ٱسْتَحْوَذَ عَلَيْهِمُ ٱلشَّيْطَـٰنُ فَأَنسَىٰهُمْ ذِكْرَ ٱللَّهِ ۚ أُو۟لَـٰٓئِكَ حِزْبُ ٱلشَّيْطَـٰنِ ۚ أَلَآ إِنَّ حِزْبَ ٱلشَّيْطَـٰنِ هُمُ ٱلْخَـٰسِرُونَ ﴿١٩﴾
ෂෙයිතාන් ඔවුන් මත ආධිපත්යය දැරීය. ඔහුගේ කුකුස හේතුවෙන් අල්ලාහ්ව මෙනෙහි කිරීමෙන් ඔවුන්ව වැළැක්වීය. එහෙයින් ඔහු පිළිගන්නා දෑ ඔවුහු නොකළෝය. ඔවුන් සිදු කළේ ඔහුට කෝපය ඇති කරන දෑය. මෙම ගුණාංගවලින් වර්ණනා කරනු ලැබූ මොවූහු ඉබ්ලීස්ගේ සේනාව හා ඔහු ව අනුගමනය කළවුන් වෙති. දැනගනු! සැබැවින්ම ඉබ්ලීස්ගේ සේනාව හා ඔහු ව අනුගමනය කළවුන් වනාහි මෙලොව හා මතුලොව පරාජිතයෝ වෙති. සැබැවින්ම ඔවුන් මුළාව වෙනුවට යහමගත් නිරය වෙනුවට ස්වර්ගයත් විකුණා දැමීය
إِنَّ ٱلَّذِينَ يُحَآدُّونَ ٱللَّهَ وَرَسُولَهُۥٓ أُو۟لَـٰٓئِكَ فِى ٱلْأَذَلِّينَ ﴿٢٠﴾
සැබැවින්ම අල්ලාහ්ට සතුරු වූවන් හා ඔහුගේ දූතයාණන්ට සතුරු වූවන් වනාහි, මෙලොවෙහි හා මතුලොවෙහි අල්ලාහ් අවමානයට ලක් කළ පිරිස අතර ද, ඔහු නින්දාවට පත් කළ දේව ප්රතික්ෂේපිත සමූහයා අතර ද වෙති
كَتَبَ ٱللَّهُ لَأَغْلِبَنَّ أَنَا۠ وَرُسُلِىٓ ۚ إِنَّ ٱللَّهَ قَوِىٌّ عَزِيزٌۭ ﴿٢١﴾
අල්ලාහ් ඔහුගේ පූර්ව දැනුමෙහි, ‘අපගේ සතුරන්ට එරෙහිව මා හා මාගේ දූතයාණන් සැබැවින්ම ජය ගන්නෙමු' යැයි අල්ලාහ් තීන්දු කළේය. සැබැවින්ම අල්ලාහ් ඔහුගේ දූතයාණන්ට උදව් කිරීමට ශක්තිය ඇත්තාය. සර්වබලධාරීය. ඔවුන්ගේ සතුරන්ගෙන් ඔහු පළි ගනු ඇත
لَّا تَجِدُ قَوْمًۭا يُؤْمِنُونَ بِٱللَّهِ وَٱلْيَوْمِ ٱلْـَٔاخِرِ يُوَآدُّونَ مَنْ حَآدَّ ٱللَّهَ وَرَسُولَهُۥ وَلَوْ كَانُوٓا۟ ءَابَآءَهُمْ أَوْ أَبْنَآءَهُمْ أَوْ إِخْوَٰنَهُمْ أَوْ عَشِيرَتَهُمْ ۚ أُو۟لَـٰٓئِكَ كَتَبَ فِى قُلُوبِهِمُ ٱلْإِيمَـٰنَ وَأَيَّدَهُم بِرُوحٍۢ مِّنْهُ ۖ وَيُدْخِلُهُمْ جَنَّـٰتٍۢ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَـٰرُ خَـٰلِدِينَ فِيهَا ۚ رَضِىَ ٱللَّهُ عَنْهُمْ وَرَضُوا۟ عَنْهُ ۚ أُو۟لَـٰٓئِكَ حِزْبُ ٱللَّهِ ۚ أَلَآ إِنَّ حِزْبَ ٱللَّهِ هُمُ ٱلْمُفْلِحُونَ ﴿٢٢﴾
ه අහෝ දූතය! අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට විරුද්ධ වූ සතුරන් ප්රිය කරන, ඔවුන් සමීප ඇසුරට ගන්නා අල්ලාහ්ව විශ්වාස කරන, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය විශ්වාස කරන පිරිසක් නුඹ නොදකිනු ඇත. අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට විරුද්ධ වූ සතුරන් ඔවුන්ගේ පියවරුන් වුව ද, ඔවුන්ගේ දරුවන් වුව ද, ඔවුන්ගේ සහෝදරයන් වුව ද, ඊට අදාළ ඔවුන්ගේ සමීප ඥාතීන් වුව ද එසේමය. ඊට හේතුව සැබැවින්ම දේව විශ්වාසය වනාහි, එය අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්ට සතුරු වූවන් සමග සම්බන්ධකම් පැවැත්වීම වළක්වාලන බැවිණි. එමෙන්ම දේව විශ්වාසයේ සම්බන්ධතාව සෙසු සියලුම සම්බන්ධතාවන්ට වඩා උසස් වන බැවණි. විරුද්ධවන අවස්ථාවේ එයට ප්රමුඛත්වය දිය යුතු වන්නේය. අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට සතුරුවූවන් -ඔවුන්ගේ සමීප ඥාතීන් වුවද- මිතුරන් ලෙස නොගත් අය වනාහි, ඔවුන්ගේ හදවත් තුළ අල්ලාහ් දේව විශ්වාසය ස්ථාපිත කළේය. එහෙයින් වෙනසක් සිදු නොවනු ඇත. ඔහුගෙන් වූ පැහැදිළි සාධක හා ආලෝකය මගින් ඔහු ඔවුන් ශක්තිමත් කර ඇත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ස්වර්ග මාලිගා හා ගස්වලට පහළින් ගංගාවන් ගලා බස්නා අද්න් නම් උසස් ඝණයේ උයන්වලට ඔහු ඔවුන් ඇතුළත් කරනු ඇත. ඔවුහු එහි සදාකල් වෙසෙති. එහි ඇති සුවපහසුකම් කිසිවිටක විසන්ධි වන්නේ නැත. ඒවා විනාශ වී යන්නේ ද නැත. අල්ලාහ් ඔවුන් පිළිගත්තේය. එය ඉන් පසු කිසිවිටෙක ඔවුන් සමග කෝප නොවන පිළිගැනීමකි. ඔවුනට පිරිනැමූ අහිමි වී නොයන සැප පහසුකම් වෙනුවෙන් ඔවුහු ද ඔහු ව පිළිගත්තෝය. ඔහු ව දැකීම ද ඒ අතරින් එකකි. සඳහන් කරනු ලැබූ දැයින් වර්ණනා කරනු ලැබූ මොවුහු, අල්ලාහ්ගේ නියෝග පිළිපදමින්, ඔහු තහනම් කළ දැයින් වැළකී සිටිමින් කටයුතු කළ අල්ලාහ්ගේ සේනාව වන්නේය. දැනගනු! සැබැවින්ම අල්ලාහ්ගේ සේනාව වන ඔවුහුමය මෙලොවෙහි හා මතුලොවෙහි ඔවුනට අත්වන බිහිසුණු දෙයින් මිදීමෙන් හා ඔවුන් අපේක්ෂා කරන දෑ ලබමින් ජයග්රහණය ලැබූවන් වන්නේ. මූලාශ්‍රය: අල්-මුඃතසර් ෆී තෆ්සීරිල් කුර්ආන්