මුල් පිටුවතෆ්සීර්Al-Hashr (59)

තෆ්සීර් Al-Hashr (59) — الحشر

මදනී · 24 වාක්‍ය

කියවන්න · අහන්නPDF ගොනුව

سَبَّحَ لِلَّهِ مَا فِى ٱلسَّمَـٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ ۖ وَهُوَ ٱلْعَزِيزُ ٱلْحَكِيمُ ﴿١﴾

අහස්හි හා මහපොළොවේ ඇති සියලුම මැවීම් ඔහුට අදාළ සියලුම ගුණාංගවලින් අල්ලාහ්ව පිරිසිදු කරයි. අල්ලාහ්ට ගරුබුහුමන් දක්වයි. ඔහු කිසිවකු විසින් පරාජය කළ නොහැකි සර්වබලධාරියාණන්ය. ඔහුගේ මැවීමෙහි ඔහුගේ ආගම්ගත කිරීමෙහි හා ඔහුගේ නියමයෙහි ඔහු මහා ප්රඥාවන්තය

هُوَ ٱلَّذِىٓ أَخْرَجَ ٱلَّذِينَ كَفَرُوا۟ مِنْ أَهْلِ ٱلْكِتَـٰبِ مِن دِيَـٰرِهِمْ لِأَوَّلِ ٱلْحَشْرِ ۚ مَا ظَنَنتُمْ أَن يَخْرُجُوا۟ ۖ وَظَنُّوٓا۟ أَنَّهُم مَّانِعَتُهُمْ حُصُونُهُم مِّنَ ٱللَّهِ فَأَتَىٰهُمُ ٱللَّهُ مِنْ حَيْثُ لَمْ يَحْتَسِبُوا۟ ۖ وَقَذَفَ فِى قُلُوبِهِمُ ٱلرُّعْبَ ۚ يُخْرِبُونَ بُيُوتَهُم بِأَيْدِيهِمْ وَأَيْدِى ٱلْمُؤْمِنِينَ فَٱعْتَبِرُوا۟ يَـٰٓأُو۟لِى ٱلْأَبْصَـٰرِ ﴿٢﴾

ه අල්ලාහ් ව ප්රතික්ෂේප කළ, ඔහුගේ දූත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ව බොරු කළ බනූ නළීර් නම් ගෝත්රය මදීනාවේ සිට එහි පිහිටි ඔවුන්ගේ නිවෙස්වලින් සිරියාව දක්වා ප්රථම වරට පිටුවහල් කළේ ඔහුය. ඔවුන් තව්රාතය හිමි යුදෙව් පිරිසක් විය. ඔවුන් ඔවුන්ගේ ගිවිසුම කඩ කිරීමෙන් හා දෙවියන්ට ආදේශ කරන්නන් සමග එක් ව කටයුතු කිරීමෙන් පසුව, ඔවුන්ව සිරියා දේශයට ඔහු පිටුවහල් කළේය. අහෝ දේවත්වය විශ්වාස කරන්නනි! ඔවුන් සතු උඩඟුකම හා සම්පත් හේතුවෙන් ඔවුන්ගේ නිවෙස්වලින් ඔවුන් බැහැර වී යනු ඇතැයි නුඹලා නො සිතුවෙහුය. එමෙන්ම ඔවුන් ශක්තිමත්ව ඉදි කළ ඔවුන්ගේ බලකොටු අල්ලාහ්ගේ දඬුවමින් හා විනාශයෙන් ඔවුන් වළක්වනු ඇතැයි නුඹලා සිතුවෙහුය. නමුත් අල්ලාහ් ඔවුන් සමග සටන් කරන මෙන් ද ඔවුන්ගේ නිවෙස්වලින් බැහැර කරන මෙන් ද ඔහුගේ දූතයාණන්ට නියෝග කළ අවස්ථාවේ එම දඬුවම ඔවුනට සැලසුම් කරනු නොලැබූ තත්ත්වයේ ඔවුන් වෙත පැමිණියේය. ඔවුන්ගේ හදවත් තුළ අල්ලාහ් දැඩි බියක් ඇති කළේය. ඔවුන් ඔවුන්ගේ දෑතින් මුස්ලිම්වරුන් ඔවුන්ගේ නිවෙස් තුළින් ප්රයෝජන නොලබන පරිදි එහි ඇතුළත තිබූ ඔවුන්ගේ නිවෙස් කඩා බිඳ දැම්මෝය. මුස්ලිම්වරු එහි පිටත ඇති දෑ විනාශ කර දැම්මෝය. අහෝ දැක්මක් ඇත්තනි! ඔවුන්ගේ ප්රතික්ෂේපය හේතුවෙන් ඔවුනට අත් වූ ඉරණමෙන් නුඹලා උපදෙස් ලබනු. එහෙයින් නුඹලා ඔවුන් මෙන් නොවනු. එවිට ඔවුන් කවර දඬුවමකින් දඬුවම් කරනු ලැබුවේ ද ඔවුන්ගේ එම දඬුවම හා ප්රතිවිපාකය නුඹලා අත් කර ගනු ඇත

وَلَوْلَآ أَن كَتَبَ ٱللَّهُ عَلَيْهِمُ ٱلْجَلَآءَ لَعَذَّبَهُمْ فِى ٱلدُّنْيَا ۖ وَلَهُمْ فِى ٱلْـَٔاخِرَةِ عَذَابُ ٱلنَّارِ ﴿٣﴾

ඔවුන්ගේ නිවෙස්වලින් ඔවුන් බැහැර වීම සඳහා සැබැවින්ම අල්ලාහ් ඔවුනට නියම නොකළේ නම්, ඔවුන් ද ඝාතනය කරනු ලැබීමෙන් හා සිරගත වීමෙන් ඔහු ඔවුනට දඬුවම් කරන්නට තිබුණි. ඔවුන් ව බලාපොරොත්තුවෙන් සිටින නිරා ගින්නේ දඬුවම මතුලොවෙහි ඔවුනට ඇත. එහි ඔවුන් සදාකල් වෙසෙන්නෝ වෙති

ذَٰلِكَ بِأَنَّهُمْ شَآقُّوا۟ ٱللَّهَ وَرَسُولَهُۥ ۖ وَمَن يُشَآقِّ ٱللَّهَ فَإِنَّ ٱللَّهَ شَدِيدُ ٱلْعِقَابِ ﴿٤﴾

ඔවුනට අත් විය යුතු දෑ අත් විය. එය ඔවුන්ගේ ප්රතික්ෂේපය හා ඔවුන් ගිවිසුම් කඩ කිරීම හේතුවෙන් අල්ලාහ්ට ඔවුන් සතුරු වූ බැවිණි. එමෙන්ම ඔහුගේ දූතයාණන්ටත් සතුරු වූ බැවිණි. කවරෙකු අල්ලාහ්ට සතුරු වූයේ ද, සැබැවින්ම අල්ලාහ් දඬුවම් දීමෙහි ඉතා දැඩි බව දැනගත යුතුය. ඔහුගේ දැඬි දඬුවම ඔහු අත්කර ගනු ඇත

مَا قَطَعْتُم مِّن لِّينَةٍ أَوْ تَرَكْتُمُوهَا قَآئِمَةً عَلَىٰٓ أُصُولِهَا فَبِإِذْنِ ٱللَّهِ وَلِيُخْزِىَ ٱلْفَـٰسِقِينَ ﴿٥﴾

දේව විශ්වාසී ජනයිනි! බනූ නළීර් යුද්ධයේදී අල්ලාහ්ගේ සතුරන් කෝපයට පත් කිරීම සඳහා නුඹලා කවර ඉඳි ගසක් කපා දැමුව ද, නුඹලා ප්රයෝජන ලබනු පිණිස එහි කවර ඉදි ගසක් තිබෙන්නට හැරිය ද එය අල්ලාහ්ගේ නියෝගයකි. بلغ අල්-කුර්ආන් · තෆ්සීර් නුඹලා සිතුවාක් මෙන් එය මහපොළොවේ කලහාකරීත්වයක් නොවීය. එමෙන්ම ගිවිසුම් කඩ කළ, එය ඉටු කිරීමේ වංචනික මාර්ග තෝරාගත් යුදෙව්වන් අතර සිටි අල්ලාහ්ට අවනත වීමෙන් බැහැරවූවන් එමගින් අල්ලාහ් නින්දාවට පත් කරනු පිණිසය

وَمَآ أَفَآءَ ٱللَّهُ عَلَىٰ رَسُولِهِۦ مِنْهُمْ فَمَآ أَوْجَفْتُمْ عَلَيْهِ مِنْ خَيْلٍۢ وَلَا رِكَابٍۢ وَلَـٰكِنَّ ٱللَّهَ يُسَلِّطُ رُسُلَهُۥ عَلَىٰ مَن يَشَآءُ ۚ وَٱللَّهُ عَلَىٰ كُلِّ شَىْءٍۢ قَدِيرٌۭ ﴿٦﴾

ى බනූ නළීර් ගෝත්රයේ සම්පත් අතරින් ඔහුගේ දූතයාණන් වෙත අල්ලාහ් පෙරළා ලබා දුන් දෑ වනාහි, ඒවා සොයා අශ්වයකු මත හෝ ඔටුවකු මත හෝ නුඹලා වේගයෙන් ගියේ නැත. එමෙන්ම එහි දී අපහසුතාවක් නුඹලාට අත් වූයේ ද නැත. නමුත් අල්ලාහ් ඔහු අභිමත කරන ඔහුගේ ධර්ම දූතයකුට ආධිපත්යය දරන්නට සලස්වන්නේය. බනූ නළීර් ගෝත්රය මත ආධිපත්යය දරන්නට සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් පත් කළේය. කිසිදු යුද්ධයකින් තොර ව ඔවුන්ගේ දේශය අත්පත් කර ගත්හ. අල්ලාහ් සියලු දෑ කිරීමෙහි බලවතාය. කිසිවකුට ඔහු පරාජය කළ නොහැක

مَّآ أَفَآءَ ٱللَّهُ عَلَىٰ رَسُولِهِۦ مِنْ أَهْلِ ٱلْقُرَىٰ فَلِلَّهِ وَلِلرَّسُولِ وَلِذِى ٱلْقُرْبَىٰ وَٱلْيَتَـٰمَىٰ وَٱلْمَسَـٰكِينِ وَٱبْنِ ٱلسَّبِيلِ كَىْ لَا يَكُونَ دُولَةًۢ بَيْنَ ٱلْأَغْنِيَآءِ مِنكُمْ ۚ وَمَآ ءَاتَىٰكُمُ ٱلرَّسُولُ فَخُذُوهُ وَمَا نَهَىٰكُمْ عَنْهُ فَٱنتَهُوا۟ ۚ وَٱتَّقُوا۟ ٱللَّهَ ۖ إِنَّ ٱللَّهَ شَدِيدُ ٱلْعِقَابِ ﴿٧﴾

ه කිසිදු යුද්ධයකින් තොරව අල්ලාහ් තම ධර්ම දූතයාණන් වෙත ආශිර්වාද කළ එම ගම්වාසීන්ගේ සම්පත් අල්ලාහ් සතුය. ඔහු අභිමත කරන අයට එය නියම කරයි. එමෙන්ම එහි අයිතිය දූතයාණන්ට හා සදකා නොහොත් දානමාන ගැනීමෙන් වළක්වනු ලැබූ එතුමාණන්ගේ සමීප ඥාතීන් වූ බනූ හාෂිම්, බනූ මුත්තලිබ්වරුන්ට, එයට ප්රතිකර්මයක් ලෙස ඔවුනට ද හිමිය. තවද ආනථයින්ට, දිළිඳුන්ට හා ජීවන වියදම් අහිමි වූ අතරමං වූවන්ට ද ඇත. එය එම ධනය දිළිඳුන් හැර දමා, පොහොසතුන් අතර පමණක් ගැවසීම සීමා නොකරනු පිණිසය. අහෝ දේවත්වය විශ්වාස කළවුනි! යුද පිටියේ සතුරා විසින් දමා ගිය වස්තුවෙන්, දූතයාණන් නුඹලා වෙත කවර දෙයක් පිරිනැමුවේ ද එය ගනු. කවර දෙයක් තහනම් කළේ ද එයින් වැළකී සිටිනු. අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකී සිටිමින් ඔහුට භක්තිමත් ව කටයුතු කරනු. සැබැවින්ම දඬුවම් දීමෙහි අල්ලාහ් ඉතා බලවත්ය. එහෙයින් ඔහුගේ දඬුවමින් ප්රවේසම් වනු

لِلْفُقَرَآءِ ٱلْمُهَـٰجِرِينَ ٱلَّذِينَ أُخْرِجُوا۟ مِن دِيَـٰرِهِمْ وَأَمْوَٰلِهِمْ يَبْتَغُونَ فَضْلًۭا مِّنَ ٱللَّهِ وَرِضْوَٰنًۭا وَيَنصُرُونَ ٱللَّهَ وَرَسُولَهُۥٓ ۚ أُو۟لَـٰٓئِكَ هُمُ ٱلصَّـٰدِقُونَ ﴿٨﴾

මෙම වස්තුවෙන් කොටසක් අල්ලාහ්ගේ මාර්ගයේ හිජ්රත් කළ -නික්ම ගිය- අය අතර ද බෙදා හරිනු ලැබේ. ඔවුන් වනාහි, ඔවුන්ගේ ධනය හා ඔවුන්ගේ දරුවන් අතහැර දැමීමට බල කරනු ලැබුවෝය. ඔවුනට අල්ලාහ් මෙලොවෙහි ජීවන සම්පත් හා මතුලොවෙහි තෘප්තිය ද ආශිර්වාද කරනු ඇතැයි අපේක්ෂා කළෝය. ඔවුන් අල්ලාහ්ගේ මාර්ගයේ කැපවෙමින් අල්ලාහ් වෙනුවෙන් උදව් කළ අතර, ඔහුගේ දූතයාණන්ට ද උදව් කළෝය. මෙම ගුණාංගවලින් විස්තර කරනු ලැබූ මොවූහුමය දේව විශ්වාසයේ සැබෑ ලෙසින්ම ස්ථාවරත්වය ලැබූවන් වන්නෝ

وَٱلَّذِينَ تَبَوَّءُو ٱلدَّارَ وَٱلْإِيمَـٰنَ مِن قَبْلِهِمْ يُحِبُّونَ مَنْ هَاجَرَ إِلَيْهِمْ وَلَا يَجِدُونَ فِى صُدُورِهِمْ حَاجَةًۭ مِّمَّآ أُوتُوا۟ وَيُؤْثِرُونَ عَلَىٰٓ أَنفُسِهِمْ وَلَوْ كَانَ بِهِمْ خَصَاصَةٌۭ ۚ وَمَن يُوقَ شُحَّ نَفْسِهِۦ فَأُو۟لَـٰٓئِكَ هُمُ ٱلْمُفْلِحُونَ ﴿٩﴾

අන්සාර්වරුන් වනාහි, මදීනාවට ගොඩ වැදුණු මුහාජිර්වරුන්ට පෙර අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් විශ්වාස කිරීම ඔවුහු තෝරා ගත්තෝය. මක්කාවෙන් නික්ම ඔවුන් වෙත ආ මුහාජිර්වරුන්ට ආදරය කළෝය. යුද්ධයෙන් අත්පත් කර ගත් සම්පත් ඔවුනට ලබා නොදී අල්ලාහ්ගේ මාර්ගයේ හිජ්රත් කළ මුහාජිර්වරුන්ට ලබා දීම සම්බන්ධයෙන් ඔවුන්ගේ بلغ අල්-කුර්ආන් · තෆ්සීර් හදවත් තුළ කිසිදු ක්රෝධයක් හෝ ඊර්ෂ්යාවක් හෝ නොවීය. ඔවුන් දිළිඳුන් හා අවශ්යතාවෙන් පෙළෙන්නන් යැයි හඳුන්වනු ලැබුව ද ඔවුන් සතු ලෞකික පංගුවෙන් එම මුහාජිර්වරුන්හට ද පිළිගැන්වූහ. ධනය කෙරෙහි වූ ආත්ම ආශාවෙන් අල්ලාහ් කවරෙකු ආරක්ෂා කරන්නේ ද ඔහුගේ මාර්ගයේ ඔහු එය වියදම් කරනු ඇත. තමන්ට අවශ්ය දේ ලබා ගෙනل තමන් බියවන දැයින් ආරක්ෂාව ලැබූ ජයග්රහකයෝ ඔවුහුමය

وَٱلَّذِينَ جَآءُو مِنۢ بَعْدِهِمْ يَقُولُونَ رَبَّنَا ٱغْفِرْ لَنَا وَلِإِخْوَٰنِنَا ٱلَّذِينَ سَبَقُونَا بِٱلْإِيمَـٰنِ وَلَا تَجْعَلْ فِى قُلُوبِنَا غِلًّۭا لِّلَّذِينَ ءَامَنُوا۟ رَبَّنَآ إِنَّكَ رَءُوفٌۭ رَّحِيمٌ ﴿١٠﴾

ඔවුනට පසු පැමිණි, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය තෙක් දැහැමි අයුරින් ඔවුන් පිළිපැද්දවුන් වනාහි, ‘අපගේ පරමාධිපතියාණනි! අපහටත් අපට පෙර අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් විශ්වාස කළ අපගේ පෙරටුගාමීන් හටත් සමාව දෙනු මැනව! අපගේ හදවත් තුළ දෙව් විශ්වාසී කිසිවෙකු සම්බන්ධයෙන් අමනාපයක් හෝ ක්රෝධයක් ඇති නොකරනු මැනව. අපගේ පරමාධිපතියාණනි! සැබැවින්ම ඔබ ඔබේ ගැත්තන්හට මහා දයාලුය. ඔවුන් කෙරෙහි මහා කාරුණිකය.’ යැයි ප්රාර්ථනා කරති

۞ أَلَمْ تَرَ إِلَى ٱلَّذِينَ نَافَقُوا۟ يَقُولُونَ لِإِخْوَٰنِهِمُ ٱلَّذِينَ كَفَرُوا۟ مِنْ أَهْلِ ٱلْكِتَـٰبِ لَئِنْ أُخْرِجْتُمْ لَنَخْرُجَنَّ مَعَكُمْ وَلَا نُطِيعُ فِيكُمْ أَحَدًا أَبَدًۭا وَإِن قُوتِلْتُمْ لَنَنصُرَنَّكُمْ وَٱللَّهُ يَشْهَدُ إِنَّهُمْ لَكَـٰذِبُونَ ﴿١١﴾

අහෝ දූතය! දේව ප්රතික්ෂේපය සඟවා, දේව විශ්වාසය මතුපිටින් පෙන්වන කුහකයින් දෙස නුඹ නොබැලුවෙහි ද? විකෘති කරන ලද තව්රාතය පිළිපැද්දා වූ යුදෙව්වන් අතර සිටි දේව ප්රතික්ෂේපයේ සහෝදරයින්හට ඔවුහු, ‘නුඹලා නුඹලාගේ නිවෙස් තුළම රැඳී සිටිනු. කිසිවිටෙක අපි නුඹලාව පහත් නොකරන්නෙමු. නුඹලා ව යටත් නොකරන්නෙමු. මුස්ලිම්වරු නුඹලා ව එයින් පිටුවහල් කළේ නම්, නුඹලා සමග එක් ව අපද පිටත් වෙමු. නුඹලා සමග පිටත්වීම අප වළක්වන්නට සිතන කිසිවෙකුට අපි අවනත නොවෙමු. ඔවුන් නුඹලා සමග සටන් කළේ නම් ඔවුනට විරුද්ධව අපි නුඹලාට උදව් කරමු.' යැයි පවසා සිටියෝය. යුදෙව්වන් පිටුවහල් කරනු ලැබුවේ නම් ඔවුන් සමග තමන් ද බැහැරව එන බවටත්, ඔවුන් සටන් කරනු ලැබුවේ නම් ඔවුන් සමග එක්ව සටන් කරන බවටත් එම කුහකයින් කරන වාදයේ සැබැවින්ම ඔවුන් බොරුකාරයින් බව අල්ලාහ් සාක්ෂි දරනු ඇත

لَئِنْ أُخْرِجُوا۟ لَا يَخْرُجُونَ مَعَهُمْ وَلَئِن قُوتِلُوا۟ لَا يَنصُرُونَهُمْ وَلَئِن نَّصَرُوهُمْ لَيُوَلُّنَّ ٱلْأَدْبَـٰرَ ثُمَّ لَا يُنصَرُونَ ﴿١٢﴾

මුස්ලිම්වරු විසින් යුදෙව්වන් පිටුවහල් කරනු ලැබුවේ නම් ඔවුන් සමග මොවුන් පිටත් ව යන්නේ නැත. ඔවුන් සමග යුද වැදුණේ නම් ඔවුනට උදව් උපකාර කරන්නේද නැත. එසේ මුස්ලිම්වරුන්ට එරෙහි ව මොවූහු ඔවුනට උදව් උපකාර කළේ නම් ඔවුන්ගෙන් පළා යනු ඇත. ඉන් පසු එම කුහකයින් උදව් කරනු නොලබති. අල්ලාහ් ඔවුන් අවමානයට ලක් කරන අතර ඔවුන් පහත් කරනු ඇත

لَأَنتُمْ أَشَدُّ رَهْبَةًۭ فِى صُدُورِهِم مِّنَ ٱللَّهِ ۚ ذَٰلِكَ بِأَنَّهُمْ قَوْمٌۭ لَّا يَفْقَهُونَ ﴿١٣﴾

අහෝ දෙවියන් විශ්වාස කළවුනි! කුහකයින් හා යුදෙව්වන්ගේ සිත් තුළ බිය ගැන්වීමෙන් නුඹලාට හා අල්ලාහ්ට වඩා අධිකය. එසේ පවසන්නට හේතුව නුඹලා ගැන බිය ඔවුන් තුළ අධික ව පිහිටි බැවින් හා අල්ලාහ් පිළිබඳ බිය දුර්වල ව පිහිටි බැවිණි. ඊට හේතුව ද සැබැවින්ම ඔවුන් වටහා නොගන්නා, තේරුම් නොගන්නා පිරිසක් වූ බැවිණි. ඔවුන් නිසි ලෙස වටහා ගන්නන් ලෙස සිටියෙහු නම් සැබැවින්ම බිය හා භීතිය ඇති කර ගන්නට වඩාත් සුදුස්සා අල්ලාහ් යැයි ඔවුන් වටහා ගනු ඇත. ඔවුන් මත නුඹලා ආධිපත්යය දරන්නට සැලැස්වූයේ ඔහුය. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

لَا يُقَـٰتِلُونَكُمْ جَمِيعًا إِلَّا فِى قُرًۭى مُّحَصَّنَةٍ أَوْ مِن وَرَآءِ جُدُرٍۭ ۚ بَأْسُهُم بَيْنَهُمْ شَدِيدٌۭ ۚ تَحْسَبُهُمْ جَمِيعًۭا وَقُلُوبُهُمْ شَتَّىٰ ۚ ذَٰلِكَ بِأَنَّهُمْ قَوْمٌۭ لَّا يَعْقِلُونَ ﴿١٤﴾

ذلك بأنهم قوم لا يعقلون අහෝ දෙවියන් විශ්වාස කරන්නනි! තාප්ප වලින් වටවුණු ගම්මානයක් තුළ සිට හෝ ප්රාකාරයක් පසුපස සිට හෝ මිස යුදෙව්වන් එක්වී නුඹලා සමග සටන් නොවදිති. ඔවුන්ගේ දුර්වලකම හේතුවෙන් නුඹලාට මුහුණ දීමට ඔවුනට නුපුළුවන. ඔවුන් අතර පවතින සතුරුකම හේතුවෙන් ඔවුන් තුළ වූ ව්යසනය බලවත්ය. සැබැවින්ම ඔවුන් එකම පාඨයක සිටින බවත්, ඔවුන්ගේ බලඇණිය එකම බවත් නුඹ සිතනු ඇත. නමුත් ඔවුන්ගේ හදවත් විරුද්ධ මත දරන බෙදුම්වාදීන් වෙති. එම මතභේද හා ප්රතිවිරෝධය ඔවුන් නිසි ලෙස අවබෝධකර නොගත් හේතුවෙනි. ඔවුන් අවබෝධ කර ගනිමින් සිටියෙහු නම් සත්යය වටහා ගෙන එහි මතභේද ඇති නොකොට එය පිළිපදින්නට තිබුණි

كَمَثَلِ ٱلَّذِينَ مِن قَبْلِهِمْ قَرِيبًۭا ۖ ذَاقُوا۟ وَبَالَ أَمْرِهِمْ وَلَهُمْ عَذَابٌ أَلِيمٌۭ ﴿١٥﴾

ප්රතික්ෂේපභාවයේ සිටින මෙම යුදෙව්වන් හා ඔවුනට අත් වූ දඬුවමට උපමාව ඔවුනට පෙර සමීප කාලයේ මක්කාවේ විසූ දේව ආදේශකයින්ට සමානය. ඔවුන්ගේ ප්රතික්ෂේපය හේතුවෙන් නපුරු දඬුවම ඔවුන් භුක්ති වින්දෝය. බද්ර් දිනයේ ඔවුන් අතරින් ඝාතනය විය යුතු අය ඝාතනය විය. සිරගත කරනු ලැබිය යුතු අය සිරගත කරනු ලැබීය. මතුලොවෙහි ද ඔවුනට වේදනීය දඬුවමක් ඇත

كَمَثَلِ ٱلشَّيْطَـٰنِ إِذْ قَالَ لِلْإِنسَـٰنِ ٱكْفُرْ فَلَمَّا كَفَرَ قَالَ إِنِّى بَرِىٓءٌۭ مِّنكَ إِنِّىٓ أَخَافُ ٱللَّهَ رَبَّ ٱلْعَـٰلَمِينَ ﴿١٦﴾

කුහකයින් සවන් දීමේදී ඔවුනට උපමාව දෙවියන් ප්රතික්ෂේප කිරීම මිනිසුන්ට අලංකාරවත් කර පෙන්වන ෂෙයිතාන්ගේ උපමාව හා සමානය. ඔහුට දේව ප්රතික්ෂේපය අලංකාරවත් කර පෙන්වීම හේතුවෙන් ඔවුන් ප්රතික්ෂේප කරන සෑම අවස්ථාවකම ඔහු, ‘සැබැවින්ම නුඹ ප්රතික්ෂේප කළ දැයින් මම නුඹෙන් නිදොස් වෙමි. සැබැවින්ම සියලු මැවීම්හි පරමාධිපති වන අල්ලාහ්ට බිය වෙමි’ යැයි පවසයි

فَكَانَ عَـٰقِبَتَهُمَآ أَنَّهُمَا فِى ٱلنَّارِ خَـٰلِدَيْنِ فِيهَا ۚ وَذَٰلِكَ جَزَٰٓؤُا۟ ٱلظَّـٰلِمِينَ ﴿١٧﴾

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ෂෙයිතාන් හා ඔහුට අවනත වූ අයගේ අවසානය වනාහි, සැබැවින්ම (පිළිපදිනු ලබන ෂෙයිතාන් හා පිළිපදින මිනිසා) යන දෙදෙනා නිරා ගින්නේ සදා වෙසෙන්නන් වෙති. ඔවුන් දෙදෙනා බලාපොරොත්තු වන එම ප්රතිඵලය අල්ලාහ්ගේ සීමාව ඉක්මවා යමින් තමන්ටම අපරාධ කර ගත් අය සතු ප්රතිවිපාකයයි

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ ٱتَّقُوا۟ ٱللَّهَ وَلْتَنظُرْ نَفْسٌۭ مَّا قَدَّمَتْ لِغَدٍۢ ۖ وَٱتَّقُوا۟ ٱللَّهَ ۚ إِنَّ ٱللَّهَ خَبِيرٌۢ بِمَا تَعْمَلُونَ ﴿١٨﴾

අල්ලාහ් ව විශ්වාස කොට ඔහු ඔවුනට ආගමානුගත කළ දෑ ඉටු කළවුනි! ඔහුගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් අල්ලාහ් කෙරෙහි බිය හැඟීමෙන් කටයුතු කරනු. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය වෙනුවෙන් තමන් පෙර කළ දැහැමි ක්රියාවන් පිළිබඳ සෑම ආත්මයක්ම කල්පනා කර බලත්වා! තවද අල්ලාහ්ට බිය හැඟීමෙන් කටයුතු කරනු. සැබැවින්ම නුඹලා සිදු කරන දෑ පිළිබඳ සියලු තොරතුරු සැබැවින්ම අල්ලාහ් දනී. නුඹලාගේ ක්රියාවන් කිසිවක් ඔහුට සැඟවී යන්නේ නැත. ඒ සඳහා ඔහු නුඹලාට ප්රතිඵල පිරිනමනු ඇත

وَلَا تَكُونُوا۟ كَٱلَّذِينَ نَسُوا۟ ٱللَّهَ فَأَنسَىٰهُمْ أَنفُسَهُمْ ۚ أُو۟لَـٰٓئِكَ هُمُ ٱلْفَـٰسِقُونَ ﴿١٩﴾

අල්ලාහ්ගේ නියෝග පිළිපැදීම හා ඔහු තහනම් කළ දැයින් වැළකීම යන කරුණ අතහැර දමා අල්ලාහ්ව අමතක කළවුන් මෙන් නුඹලා ද නොවනු. අල්ලාහ් ඔවුන්ව අමතක කර දැමුවේය. අල්ලාහ්ගේ කෝපය හා ඔහුගේ දඬුවමින් بلغ අල්-කුර්ආන් · තෆ්සීර් මිදෙන ක්රියාවන් ඔවුහු ඉටු නොකළෝය. අල්ලාහ්ගේ නියෝග නොපිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් නොවැළකිමින් අල්ලාහ්ව අමතක කළවුන් වනාහි, ඔවුහුමය අල්ලාහ්ට අවනත වීමෙන් බැහැරවූවන් වන්නෝ

لَا يَسْتَوِىٓ أَصْحَـٰبُ ٱلنَّارِ وَأَصْحَـٰبُ ٱلْجَنَّةِ ۚ أَصْحَـٰبُ ٱلْجَنَّةِ هُمُ ٱلْفَآئِزُونَ ﴿٢٠﴾

ස්වර්ග වාසීන් හා අපාය වාසීන් එක සමාන නොවෙති. මෙලොවෙහි ඔවුන්ගේ ක්රියාවන් වෙනස්ව පිහිටුනු සේම ඔවුන්ගේ ප්රතිඵලවලද ඔවුන් වෙනස්කම් ඇත්තන් වෙති. ස්වර්ගවාසීන් වනාහි ඔවුන් පතන දෑ ලබමින් හා ඔවුන් බිය වූ දැයින් මිදී ජයග්රහාකයන් වන්නේ ඔවුහුමය

لَوْ أَنزَلْنَا هَـٰذَا ٱلْقُرْءَانَ عَلَىٰ جَبَلٍۢ لَّرَأَيْتَهُۥ خَـٰشِعًۭا مُّتَصَدِّعًۭا مِّنْ خَشْيَةِ ٱللَّهِ ۚ وَتِلْكَ ٱلْأَمْثَـٰلُ نَضْرِبُهَا لِلنَّاسِ لَعَلَّهُمْ يَتَفَكَّرُونَ ﴿٢١﴾

يتفك رون අහෝ ධර්ම දූතය! මෙම අල් කුර්ආනය කන්දක් මත පහළ කළේ නම් එහි ඇති දැඩි උපදෙස් හා බලවත් අවවාද නිසාවෙන්, කන්ද බලවත්ව තිබුණ ද අල්ලාහ් කෙරෙහි පවත්නා දැඩි භීතිය හේතුවෙන් කම්පනයට පත්ව යටත් වනු නුඹ දකිනු ඇත. අප මෙම උදාහරණ ජනයාට ගෙන හැර පානුයේ ඔවුන්ගේ බුද්ධිය ඔවුන් ක්රියා කරවා එම පාඨවල අන්තර්ගතව ඇති උපදෙස් හා පාඩම් තුළින් උපදෙස් ලබන පිණිසය

هُوَ ٱللَّهُ ٱلَّذِى لَآ إِلَـٰهَ إِلَّا هُوَ ۖ عَـٰلِمُ ٱلْغَيْبِ وَٱلشَّهَـٰدَةِ ۖ هُوَ ٱلرَّحْمَـٰنُ ٱلرَّحِيمُ ﴿٢٢﴾

هُوَ ٱللَّهُ ٱلَّذِى لَآ إِلَـٰهَ إِلَّا هُوَ ٱلْمَلِكُ ٱلْقُدُّوسُ ٱلسَّلَـٰمُ ٱلْمُؤْمِنُ ٱلْمُهَيْمِنُ ٱلْعَزِيزُ ٱلْجَبَّارُ ٱلْمُتَكَبِّرُ ۚ سُبْحَـٰنَ ٱللَّهِ عَمَّا يُشْرِكُونَ ﴿٢٣﴾

يشركون සැබැවින්ම නැමදුම් ලබන්නට සුදුස්සා අල්ලාහ්ය. ඔහු හැර වෙනත් කිසිවෙකු නැත. සැඟවී තිබෙන දෑ හා පෙනෙන්නට තිබෙන දෑ පිළිබඳ ඔහු මැනවින් දන්නාය. ඒ කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. මෙලොවෙහි හා මතුලොවෙහි දයාන්විතය. ඒ දෙකෙහිම අසමසම කරුණාන්විතය. ලෝ වැසියන් කෙරෙහි වූ ඔහුගේ දයාව පුළුල්ය. ඔහු රජුය. සියලු අඩුපාඩුවලින් පිරිසිදු වූ සුවිශුද්ධවන්තය. සියලු දොස්වලින් නිදොස්ය. පැහැදිලි ප්රාතිහාර්යයන් තුළින් ඔහුගේ දූතයින් සනාථ කර සිටියේය. ඔහුගේ ගැත්තන්ගේ ක්රියාවන් දෙස අධීක්ෂකය. ඔහු කිසිවකු විසින් පරාජය කළ නොහැකි සර්වබලධාරීය. සියල්ල ඔහුගේ බලමහිමයෙන් මඩලන්නාය. මහෝදරය. දෙවියන්ට ආදේශ තබන්නෝ පිළිම හා වෙනත් දෑ අතරින් කවර කරුණක් ඔහු සමග ආදේශ කරන්නේ ද එවන් දැයින් අල්ලාහ් පිවිතුරුය. සුවිශුද්ධය

هُوَ ٱللَّهُ ٱلْخَـٰلِقُ ٱلْبَارِئُ ٱلْمُصَوِّرُ ۖ لَهُ ٱلْأَسْمَآءُ ٱلْحُسْنَىٰ ۚ يُسَبِّحُ لَهُۥ مَا فِى ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ ۖ وَهُوَ ٱلْعَزِيزُ ٱلْحَكِيمُ ﴿٢٤﴾

අල්ලාහ් වන ඔහු සියලු දේ මැවූ මැවුම්කරුවාණන්ය. සියලු දෑ උත්පාදනය කරන්නාය. ඔහුගේ සියලු මැවීම් ඔහු අභිමත කරන පරිදි මූර්තිමත් කරන්නාය. සුවිශුද්ධ ඔහුට උසස් ගුණාංග සපිරුණු අලංකාර නාමයන් ඇත. අහස්හි ඇති දෑ හා මහපොළොවේ ඇති දෑ සියලු අඩුපාඩුවලින් ඔහු ව පිවිතුරු කරයි. ඔහු කිසිවකු විසින් පරාජය කළ නොහැකි සර්වබලධාරියාණන්ය. ඔහුගේ මැවීමෙහි ආගමානුගත කිරීමෙහි හා නියමයෙහි ඔහු මහා ප්රඥාවන්තය. මූලාශ්‍රය: අල්-මුඃතසර් ෆී තෆ්සීරිල් කුර්ආන්

ඉගෙන ගන්න · Al-Hashr — الحشر

අනුගමනය · පුනරාවර්තනය · පැවසීම · ලියාපදිංචිය අවශ්‍ය නැත

තෆ්සීර් · 31 භාෂා