මුල් පිටුවතෆ්සීර්Al-Mumtahana (60)

තෆ්සීර් Al-Mumtahana (60) — الممتحنة

මදනී · 13 වාක්‍ය

කියවන්න · අහන්නPDF ගොනුව

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لَا تَتَّخِذُوا۟ عَدُوِّى وَعَدُوَّكُمْ أَوْلِيَآءَ تُلْقُونَ إِلَيْهِم بِٱلْمَوَدَّةِ وَقَدْ كَفَرُوا۟ بِمَا جَآءَكُم مِّنَ ٱلْحَقِّ يُخْرِجُونَ ٱلرَّسُولَ وَإِيَّاكُمْ ۙ أَن تُؤْمِنُوا۟ بِٱللَّهِ رَبِّكُمْ إِن كُنتُمْ خَرَجْتُمْ جِهَـٰدًۭا فِى سَبِيلِى وَٱبْتِغَآءَ مَرْضَاتِى ۚ تُسِرُّونَ إِلَيْهِم بِٱلْمَوَدَّةِ وَأَنَا۠ أَعْلَمُ بِمَآ أَخْفَيْتُمْ وَمَآ أَعْلَنتُمْ ۚ وَمَن يَفْعَلْهُ مِنكُمْ فَقَدْ ضَلَّ سَوَآءَ ٱلسَّبِيلِ ﴿١﴾

අහෝ අල්ලාහ් ව විශ්වාස කොට ඔහු ඔවුනට ආගමානුගත කළ දෑ අනුව ක්රියා කරන්නනි! නුඹලා මිතුරුකම් පෑමටත් සෙනෙහස පෑමටත් මාගේ සතුරන් හා නුඹලාගේ සතුරන්ව, මිතුරන් ලෙස නොගනු. සැබැවින්ම නුඹලාගේ දූතයාණන්ගේ දෑතින් නුඹලා වෙත පැමිණි දහම ඔවුහු ප්රතික්ෂේප කළෝය. එම දූතයාව ඔහුගේ නිවසින් පිටුවහල් කළෝය. එමෙන්ම නුඹලාව ද මක්කාවේ පිහිටි නුඹලාගේ නිවෙස්වලින් නුඹලා ව පිටුවහල් කළෝය. එවිට නුඹලා අතර සිටින ඥාතීන් හෝ සෙනෙහෙවන්තයින් ගැන ඔවුන් සැලකිලිමත් වූයේ නැත. සැබැවින්ම ඒ සඳහා නුඹලා නුඹලාගේ පරමාධිපති වන අල්ලාහ් විශ්වාස කළ හේතුව මිස වෙන කිසිවක් ඔවුනට නොවීය. මාගේ තෘප්තිය අපේක්ෂාවෙන් හා මාගේ මාර්ගයේ ජිහාද් කිරීම අරමුණෙන් නුඹලා නික්ම ගියේ නම් නුඹලා එසේ මිතුරුකම් පාමින් කටයුතු නොකරනු. ඔවුන් ඇලුම් කරන මුස්ලිම්වරුන් පිළිබඳ තොරතුරු ඔවුන් වෙත ලබා දෙමින් නුඹලා ඔවුන් සතුටු කරවන්නෙහුය. නුඹලා සඟවා සිටින දෑ හා ප්රසිද්ධ කරන දෑ පිළිබඳ මම මැනවින් දනිමි. එය හා සෙසු අනෙකුත් දෑ කිසිවක් මට සැඟවෙන්නේ නැත. කවරෙකු එම සම්බන්ධකම් හා ආදරකම් දේව ප්රතික්ෂේපකයින් සමග සිදු කරන්නේ ද, සැබැවින්ම ඔහු මධ්යස්ත පිළිවෙතින් වෙනතකට විය. සත්යයෙන් නොමග විය. ඍජු මගින් දුරස් විය

إِن يَثْقَفُوكُمْ يَكُونُوا۟ لَكُمْ أَعْدَآءًۭ وَيَبْسُطُوٓا۟ إِلَيْكُمْ أَيْدِيَهُمْ وَأَلْسِنَتَهُم بِٱلسُّوٓءِ وَوَدُّوا۟ لَوْ تَكْفُرُونَ ﴿٢﴾

ඔවුන් නුඹලාව ජය ගත්තේ නම් ඔවුන්ගේ හදවත් තුළ සඟවාගෙන සිටින සතුරුකම් හෙළි කරනු ඇත. නුඹලට පහර දීමටත් හිංසා කිරීමටත් ඔවුන්ගේ දෑත් නුඹලා වෙත දිගු කරනු ඇත. ඔවුන්ගේ කටින් බැණ වදිමින් හා දොස් නගමින් නුඹලාට පහර දෙනු ඇත. අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ප්රතික්ෂේප කොට ඔවුන් මෙන් නුඹලා ද පත්වීම ගැන ඔවුහු ආශා කරති

لَن تَنفَعَكُمْ أَرْحَامُكُمْ وَلَآ أَوْلَـٰدُكُمْ ۚ يَوْمَ ٱلْقِيَـٰمَةِ يَفْصِلُ بَيْنَكُمْ ۚ وَٱللَّهُ بِمَا تَعْمَلُونَ بَصِيرٌۭ ﴿٣﴾

දේවත්වය ප්රතික්ෂේප කළවුන් සමග නුඹලා සම්බන්ධකම් පවත් වන්නේ නම් ඔවුන් හේතුවෙන් නුඹලාගේ ඥාතීත්වය හෝ නුඹලාගේ දරුවන් හෝ නුඹලාට ප්රයෝජනවත් වන්නේම නැත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ් නුඹලා අතර වෙන් කරනු ඇත. එවිට ඔවුන් අතරින් ස්වර්ගවාසීන් ස්වර්ගයට පිවිසෙති. නිරා වාසීන් නිරයට පිවිසෙති. නුඹලා අතරින් කිසිවෙක් කිසිවෙකුට හෝ ප්රයෝජනවත් නොවනු ඇත. සැබැවින්ම නුඹලා කරමින් සිටින දෑ පිළිබඳ අල්ලාහ් නිරීක්ෂා කරන්නාය. නුඹලාගේ ක්රියාවන් අතරින් කිසිවක් ශුද්ධ වූ අල්ලාහ්ට සැඟවී යන්නේ නැත. ඒ සඳහා ඔහු නුඹලාට ප්රතිඵල පිරිනමනු ඇත

قَدْ كَانَتْ لَكُمْ أُسْوَةٌ حَسَنَةٌۭ فِىٓ إِبْرَٰهِيمَ وَٱلَّذِينَ مَعَهُۥٓ إِذْ قَالُوا۟ لِقَوْمِهِمْ إِنَّا بُرَءَٰٓؤُا۟ مِنكُمْ وَمِمَّا تَعْبُدُونَ مِن دُونِ ٱللَّهِ كَفَرْنَا بِكُمْ وَبَدَا بَيْنَنَا وَبَيْنَكُمُ ٱلْعَدَٰوَةُ وَٱلْبَغْضَآءُ أَبَدًا حَتَّىٰ تُؤْمِنُوا۟ بِٱللَّهِ وَحْدَهُۥٓ إِلَّا قَوْلَ إِبْرَٰهِيمَ لِأَبِيهِ لَأَسْتَغْفِرَنَّ لَكَ وَمَآ أَمْلِكُ لَكَ مِنَ ٱللَّهِ مِن شَىْءٍۢ ۖ رَّبَّنَا عَلَيْكَ تَوَكَّلْنَا وَإِلَيْكَ أَنَبْنَا وَإِلَيْكَ ٱلْمَصِيرُ ﴿٤﴾

අහෝ දේවත්වය විශ්වාස කළවුනි! සැබැවින්ම ඉබ්රාහීම් (අලයිහිස් සලාම්) තුමා හා ඔහු සමග වූ දේව විශ්වාසීන් දේවත්වය ප්රතික්ෂේප කළ ඔවුන්ගේ ජනයාට: ‘නුඹලාගෙන් ද, අල්ලාහ් හැර නුඹලා නමදින පිළිමවලින් ද සැබැවින්ම අපි ඉවත් වන්නන් වෙමු. නුඹලා කවර දහමක සිටින්නේ ද එය අපි ප්රතික්ෂේප කළෙමු. අල්ලාහ් ව පමණක් නුඹලා بلغ අල්-කුර්ආන් · තෆ්සීර් විශ්වාස කොට ඔහුට කිසිවක් ආදේශ නොකරන තෙක් අප අතර හා නුඹලා අතර සතුරුකම හා පිළිකුළ හෙළි වී ඇත." යැයි පවසා සිටන අවස්ථාවේ නුඹලාට ඔවුන් තුළ පූර්වාදර්ශයක් විය. ඔවුන් මෙන් නුඹලා ද නුඹලාගේ දේව ප්රතික්ෂෙපකයින් ගෙන් ඉවත්වීම ද නුඹලාට එහි වීය. නමුත් ඉබ්රාහීම් අලයිහිස් සලාම් තුමා "ඔබ වෙනුවෙන් මා අල්ලාහ්ගෙන් පාපක්ෂමාව අයැද සිටිමි." යැයි තම පියාණන් වෙනුවෙන් කළ ප්රකාශයේ හැර. ඔහු සම්බන්ධයෙන් නුඹලා අනුකම්පා නොකරනු. ඉබ්රාහීම් අලයිහිස් සලාම් තුමා එසේ පවසා සිටියේ තම පියාණන් ගැන එතුමාගේ බලාපොරොත්තු සුන්වීමට පෙරය. දෙවියන්ට ආදේශ තබන කෙනෙකු වෙනුවෙන් දෙවියන්ගෙන් සමාව අයැද සිටීම දේව විශ්වාසී කෙනෙකුට සුදුසු නොවීය. අල්ලාහ්ගේ දඬුවමින් නුඹ ව වළක්වන්නට මට අයිතියක් නැත. අපගේ පරමාධිපතියාණනි! අපගේ සියලු කටයුතු වලදී අපි නුඹ වෙතම රැඳී සිටින්නෙමු. පාපක්ෂමාවෙහි නිරත ව නුඹ වෙතම යොමු වන්නෙමු. මළවුන් කෙරෙන් නැවත නැගිටුවනු ලබන දිනයේ නැවත යොමු වන ස්ථානය ඇත්තේ නුඹ වෙතය

رَبَّنَا لَا تَجْعَلْنَا فِتْنَةًۭ لِّلَّذِينَ كَفَرُوا۟ وَٱغْفِرْ لَنَا رَبَّنَآ ۖ إِنَّكَ أَنتَ ٱلْعَزِيزُ ٱلْحَكِيمُ ﴿٥﴾

"අපගේ පරමාධිපතියාණනි, දෙවියන් ප්රතික්ෂේප කළවුන් අප මත ආධිපත්යය දරමින් ඔවුන්ගේ අර්බුධයට ඔබ අපව ලක් නොකරනු මැනව! එවිට ඔවුහු, ‘ඔවුන් සත්ය මත සිටියෙහු නම් ඔවුනට එරෙහිව අපි ආධිපත්යය නොදරන්නට තිබුණි’ යැයි පවසා සිටිනු ඇත. අපගේ පරමාධිපතියාණනි! අපගේ පාපකම්වලට අපට සමාව දෙනු මැනව. සැබැවින්ම නුඹ කිසිවකු විසින් පරාජය කළ නොහැකි සර්වබලධාරියාණන්ය. නුඹේ මැවීම ආගමානුගත කිරීම හා නියමයෙහි නුඹ මහා ප්රඥාවන්තය." (යැයි පැවසීය)

لَقَدْ كَانَ لَكُمْ فِيهِمْ أُسْوَةٌ حَسَنَةٌۭ لِّمَن كَانَ يَرْجُوا۟ ٱللَّهَ وَٱلْيَوْمَ ٱلْـَٔاخِرَ ۚ وَمَن يَتَوَلَّ فَإِنَّ ٱللَّهَ هُوَ ٱلْغَنِىُّ ٱلْحَمِيدُ ﴿٦﴾

මෙම අලංකාරමත් ආදර්ශය වනාහි, එයට අනුගතව කටයුතු කරනුයේ මෙලොවෙහි හා මතුලොවෙහි යහපත අල්ලාහ්ගෙන් අපේක්ෂා කරන්නන් පමණි. මෙම අලංකාරමත් ආදර්ශයට කවරෙකු පිටුපාන්නේ ද සැබැවින්ම තම ගැත්තන් ගැන කිසිදු අවශ්යතාවක් අල්ලාහ්ට නැති බව ඔහු දැන ගත යුතුය. ඔවුන්ගේ අවනත වීම ඔහුට අවශ්ය වන්නේ නැත. සියලු තත්ත්වයන්හි ඔහු ප්රශංසා ලාබීය

۞ عَسَى ٱللَّهُ أَن يَجْعَلَ بَيْنَكُمْ وَبَيْنَ ٱلَّذِينَ عَادَيْتُم مِّنْهُم مَّوَدَّةًۭ ۚ وَٱللَّهُ قَدِيرٌۭ ۚ وَٱللَّهُ غَفُورٌۭ رَّحِيمٌۭ ﴿٧﴾

අහෝ දෙවියන් විශ්වාස කරන්නනි! නුඹලා අතර හා නුඹලාට සතුරු වූ දේව ප්රතික්ෂේපකයින් අතර අල්ලාහ් ඔවුනට ඉස්ලාමය වෙත මග පෙන්වීම තුළින් සෙනෙහසක් ඇති කරන්නට පුළුවන. එහෙයින් ඔවුන් දහම තුළ නුඹලාට සහෝදරයන් වනු ඇත. ඔවුන්ගේ හදවත් දේව විශ්වාසය වෙත පෙරළීමේ බලය අල්ලාහ් සතු ව ඇත. ඔහුගේ ගැත්තන් අතරින් ඔහුගෙන් සමාව අයැදින්නන් හට අල්ලාහ් අතික්ෂමාශීලීය. ඔවුන් කෙරෙහි මහා කාරුණිකය

لَّا يَنْهَىٰكُمُ ٱللَّهُ عَنِ ٱلَّذِينَ لَمْ يُقَـٰتِلُوكُمْ فِى ٱلدِّينِ وَلَمْ يُخْرِجُوكُم مِّن دِيَـٰرِكُمْ أَن تَبَرُّوهُمْ وَتُقْسِطُوٓا۟ إِلَيْهِمْ ۚ إِنَّ ٱللَّهَ يُحِبُّ ٱلْمُقْسِطِينَ ﴿٨﴾

නුඹලා ඉස්ලාමය වැළඳ ගැනීම හේතුවෙන් නුඹලා සමග සටන් නොවදින, නුඹලාගේ නිවෙස්වලින් නුඹලාව බැහැර නොකරන අය වනාහි, ඔවුන් සමග නුඹලා උපකාරශීලීව කටයුතු කිරීමෙන් හා නුඹලා වෙත පැවරී ඇති ඔවුන් සතු උරුමයන්හි ඔවුන් අතර සාධාරණව කටයුතු කිරීමෙන් අල්ලාහ් නුඹලාව වළක්වන්නේ නැත. එය අස්මා බින්ත් අබී බක්ර් තුමිය තම දේව ප්රතික්ෂේපිත මව සමග කටයුතු කළාක් මෙනි. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ අවසරයෙන් පසු ව ඇයගේ මව ඇය වෙත පැමිණි කල්හි ඇය සමග සම්බන්ධකම් පවත්වන මෙන් එතුමා ඇයට නියෝග කළහ. සැබැවින්ම අල්ලාහ් ඔවුන් අතර ද ඔවුන්ගේ පවුලේ ඥාතීන් අතර ද ඔවුන් භාරව සිටින්නන් අතර ද සාධාරණව කටයුතු කරන සාධාරණීයයන් ප්රිය කරනු ඇත. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

إِنَّمَا يَنْهَىٰكُمُ ٱللَّهُ عَنِ ٱلَّذِينَ قَـٰتَلُوكُمْ فِى ٱلدِّينِ وَأَخْرَجُوكُم مِّن دِيَـٰرِكُمْ وَظَـٰهَرُوا۟ عَلَىٰٓ إِخْرَاجِكُمْ أَن تَوَلَّوْهُمْ ۚ وَمَن يَتَوَلَّهُمْ فَأُو۟لَـٰٓئِكَ هُمُ ٱلظَّـٰلِمُونَ ﴿٩﴾

සැබැවින්ම අල්ලාහ් නුඹලාව වළක්වා ඇත්තේ නුඹලාගේ විශ්වාසය හේතුකොටගෙන නුඹලා සමග සටන් වැද, නුඹලාගේ නිවෙස්වලින් නුඹලාව පිටුවහල් කර; එසේ නුඹලාව පිටහුවහල් කිරීම සඳහා ඔවුනට උදව් උපකාර කළ අයගෙනි. නුඹලා ඔවුන් සමඟ මිතුරුකම් පෑම හෝ භාරකරුවන් ලෙස ගැනීම අල්ලාහ් නුඹලාට තහනම් කළේය. නුඹලා අතරින් කවරෙකු ඔවුන් භාරකරුවන් ලෙස ගෙන ඇත්තේ ද සැබැවින්ම අල්ලාහ්ගේ නියෝගයට විරුද්ධ වීම හේතුවෙන් විනාශයේ සාධක ගෙනැවිත් තමන්ටම අපරාධාකර ගත්තන් වන්නේ ඔවුන්මය

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ إِذَا جَآءَكُمُ ٱلْمُؤْمِنَـٰتُ مُهَـٰجِرَٰتٍۢ فَٱمْتَحِنُوهُنَّ ۖ ٱللَّهُ أَعْلَمُ بِإِيمَـٰنِهِنَّ ۖ فَإِنْ عَلِمْتُمُوهُنَّ مُؤْمِنَـٰتٍۢ فَلَا تَرْجِعُوهُنَّ إِلَى ٱلْكُفَّارِ ۖ لَا هُنَّ حِلٌّۭ لَّهُمْ وَلَا هُمْ يَحِلُّونَ لَهُنَّ ۖ وَءَاتُوهُم مَّآ أَنفَقُوا۟ ۚ وَلَا جُنَاحَ عَلَيْكُمْ أَن تَنكِحُوهُنَّ إِذَآ ءَاتَيْتُمُوهُنَّ أُجُورَهُنَّ ۚ وَلَا تُمْسِكُوا۟ بِعِصَمِ ٱلْكَوَافِرِ وَسْـَٔلُوا۟ مَآ أَنفَقْتُمْ وَلْيَسْـَٔلُوا۟ مَآ أَنفَقُوا۟ ۚ ذَٰلِكُمْ حُكْمُ ٱللَّهِ ۖ يَحْكُمُ بَيْنَكُمْ ۚ وَٱللَّهُ عَلِيمٌ حَكِيمٌۭ ﴿١٠﴾

ه අහෝ අල්ලාහ්ව විශ්වාස කොට ඔහු ආගමානුගත කළ දෑ අනුව ක්රියා කරන්නනි! දේව ප්රතික්ෂේපකයින් සිටින භූමියේ සිට ඉස්ලාමීය භූමිය වෙත නික්ම වී දේවත්වය විශ්වාස කරන කාන්තාවන් පැමිණි විට ඔවුන්ගේ දේව විශ්වසය සහතික කර ගැනීම සඳහා ඔවුන් පරීක්ෂණයකට ලක් කරනු. ඔවුන්ගේ විශ්වාසය පිළිබඳ මැනවින් දන්නා අල්ලාහ්ය. ඔවුන්ගේ හදවත් කවර කරුණක් පිළිබඳ සම්බන්ධකම් පවත්වන්නේ ද එය ඔහුට සැඟවී යන්නේ නැත. ඔවුන් පරීක්ෂණයට ලක් කිරීමෙන් පසු ව ඔවුන්ගේ සත්යභාවය සනාථ වී ඔවුන් දෙවියන් විශ්වාස කරන කාන්තාවන් බව නුඹලා දැන ගත්තෙහු නම්, ඔවුන්ගේ දේව ප්රතික්ෂේපිත සැමියන් වෙත නැවත ඔවුන් හරවා නො යවනු. සැබැවින්ම දේව විශ්වාසී කාන්තාවන්ට දේව ප්රතික්ෂේපකයින් විවාහ වීම අනුමත නොවන්නේය. දේව ප්රතික්ෂේපකයින්ට දේව විශ්වාසී කාන්තාවන් විවාහ කර දීම ද අනුමත නො වන්නේය. ඔවුන් දේව ප්රතික්ෂේපිත සැමියන්ගෙන් ලබා ගත් මහර්වලින් වියදම් කළ දෑ ඔවුන්ගේ සැමියන්ට ලබා දෙනු. එම කාන්තාවන්ට ඔවුන්ගේ මහර්- විවාහ ත්යාගය ලබා දෙන්නේ නම් ඔවුන්ගේ ඉද්දා -පොරොත්තු කාලය අවසන් වීමෙන් පසු නුඹලා ඔවුන් විවාහ කර ගැනීමෙහි නුඹලාට වරදක් නැත. කවරෙකුගේ බිරිය දේව ප්රතික්ෂේපිත කාන්තාවක වූවාද එසේ නැතිනම් ඉස්ලාමයෙන් ඉවත් වූවා ද ඇය ව රඳවා තබා නො ගනු. එය ඇයගේ දේව ප්රතික්ෂේපය හේතුවෙන් ඔවුන් දෙදෙනාගෙන් විවාහ සම්බන්ධකම බිඳී යන බැවිණි. ඉස්ලාමය හැර දමා ගිය නුඹලාගේ බිරියන් වෙනුවෙන් නුඹලා වියදම් කළ මහර් එම දේව ප්රතික්ෂේපකයින්ගෙන් ඉල්ලා ගනු. ඉස්ලාමය වැළඳගත් ඔවුන්ගේ බිරියන් වෙනුවෙන් වියදම් කළ ඔවුන්ගේ මහරය -විවාහ ත්යාගය- ඔවුන් ඉල්ලා ගනිත්වා! නුඹලාගේ පාර්ශවයෙන් හා ඔවුන්ගේ පාර්ශවයෙන් මහර් නැවත හරවා දීම ගැන සඳහන් කරනු ලැබූ මෙය අල්ලාහ්ගේ තීන්දුවයි. ශුද්ධ වූ අල්ලාහ් ඔහු අභිමත කරන පරිදි නුඹලා අතර තීන්දු කරයි. ඔහුගේ ගැත්තන්ගේ තත්ත්වයන් හා ඔවුන්ගේ ක්රියාවන් පිළිබඳ අල්ලාහ් සර්වඥානීය. ඒවායින් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඔහු තම ගැත්තන්හට ආගමානුගත කරන දෑහි ඔහු මහා ප්රඥාවන්තය

وَإِن فَاتَكُمْ شَىْءٌۭ مِّنْ أَزْوَٰجِكُمْ إِلَى ٱلْكُفَّارِ فَعَاقَبْتُمْ فَـَٔاتُوا۟ ٱلَّذِينَ ذَهَبَتْ أَزْوَٰجُهُم مِّثْلَ مَآ أَنفَقُوا۟ ۚ وَٱتَّقُوا۟ ٱللَّهَ ٱلَّذِىٓ أَنتُم بِهِۦ مُؤْمِنُونَ ﴿١١﴾

නුඹලාගේ බිරියන්ගෙන් ඇතැමෙකු දේව විශ්වාසය අතහැර දමා දේව ප්රතික්ෂේපකයින් වෙත යෑම අනිවාර්යය වී, නුඹලා ඔවුන් වෙනුවෙන් වියදම් කළ විවාහ ත්යාග මුදල් එම ප්රතික්ෂේපකයින්ගෙන් ඉල්ලා සිට ඔවුහු එය ලබා නොදුන්නේ නම් දේව ප්රතික්ෂේපකයින්ගෙන් ගන්නා ලද ඝනීමත් -යුද පිටියේ සතුරා විසින් දමා ගොස් අන් සතු කළ සම්පතින්- ඔවුන්ගේ බිරියන් දහම අතහැර දමා ඔවුන්ගෙන් ඉවත්ව ගිය ස්වාමි පුරුෂයින් හට ඔවුන් වියදම් කළ මහර් ප්රමාණය මෙන් ප්රමාණයක් ඔවුනට පිරිනමනු. අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් بلغ අල්-කුර්ආන් · තෆ්සීර් වැළකෙමින් අල්ලාහ් පිළිබඳ විශ්වාසයෙන් සිට ඔහු බිය හැඟීමෙන් යුතුව කටයුතු කරනු

يَـٰٓأَيُّهَا ٱلنَّبِىُّ إِذَا جَآءَكَ ٱلْمُؤْمِنَـٰتُ يُبَايِعْنَكَ عَلَىٰٓ أَن لَّا يُشْرِكْنَ بِٱللَّهِ شَيْـًۭٔا وَلَا يَسْرِقْنَ وَلَا يَزْنِينَ وَلَا يَقْتُلْنَ أَوْلَـٰدَهُنَّ وَلَا يَأْتِينَ بِبُهْتَـٰنٍۢ يَفْتَرِينَهُۥ بَيْنَ أَيْدِيهِنَّ وَأَرْجُلِهِنَّ وَلَا يَعْصِينَكَ فِى مَعْرُوفٍۢ ۙ فَبَايِعْهُنَّ وَٱسْتَغْفِرْ لَهُنَّ ٱللَّهَ ۖ إِنَّ ٱللَّهَ غَفُورٌۭ رَّحِيمٌۭ ﴿١٢﴾

අහෝ නබිවරය! -මක්කාහ් ජයග්රාහී අවස්ථාවේ සිදු වූවාක් මෙන්- දේව විශ්වාසී කාන්තාවන්, තමන් අල්ලාහ්ට කිසිවක් ආදේශ නොකර ඔහුට පමණක් නමදින බවටත්, ඔවුන් සොරකම් නොකරන බවටත්, ඔවුන් අපචාරයේ නොයෙදෙන බවටත්, අඥානයින්ගේ සිරිතක් ලෙස ඔවුන්ගේ දරුවන් මරා නොදමන බවටත්, දුරාචාරයෙන් බිහි වූ දරුවන් ඔවුන්ගේ සැමියන්ට සම්බන්ධ නොකරන බවටත්, යහපත් කටයුතුවලදී නුඹට ඔවුන් පිටු නොපාන බවටත්, -උදාහරණ වශයෙන් විලාප නගා හැඬීම, හිස මුඩු කිරීම, ඇඳුම් ඉරා ගැනීම වැනි දෑ- දිවුරමින් ප්රතිඥා දෙන්නට නුඹ වෙත පැමිණියේ නම්, නුඹ ඔවුනට ප්රතිඥා දෙනු. ඔවුන් නුඹට ප්රතිඥා දුන් පසු ඔවුන්ගේ පාපකම් සඳහා ඔවුන් වෙනුවෙන් අල්ලාහ්ගෙන් සමාව අයැද සිටින මෙන් ඔවුන්ගෙන් ඉල්ලා සිටිනු. ඔහුගේ ගැත්තන් අතරින් පාපක්ෂමාව අයැද ඔහු වෙත යොමුවනන්හට අල්ලාහ් අති ක්ෂමාශීලීය. ඔවුන් කෙරෙහි මහා කාරුණිකය

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لَا تَتَوَلَّوْا۟ قَوْمًا غَضِبَ ٱللَّهُ عَلَيْهِمْ قَدْ يَئِسُوا۟ مِنَ ٱلْـَٔاخِرَةِ كَمَا يَئِسَ ٱلْكُفَّارُ مِنْ أَصْحَـٰبِ ٱلْقُبُورِ ﴿١٣﴾

අහෝ අල්ලාහ්ව විශ්වාස කොට, ඔහු ඔවුනට ආගමානුගත කළ දෑ අනුව ක්රියා කළවුනි! අල්ලාහ්ගේ කෝපය ඔවුන් කෙරෙහි බල පැවැත්වුණු, පරමාන්ත දිනය ගැන විශ්වාස නොකරන පිරිසක් නුඹලා භාරකරුවන් ලෙස නොගනු. ඔවුන් යළි අවදි කරනු ලැබීම ප්රතික්ෂේප කළ හේතුවෙන් ඔවුන් මිය ගිය පසු යළි අවදි කිරීම ගැන බලාපොරොත්තු සුන් කර ගත්තාක් මෙන් මොවුන් බලාපොරොත්තු සුන් කර ගත්තවුන් වෙති. මූලාශ්‍රය: අල්-මුඃතසර් ෆී තෆ්සීරිල් කුර්ආන්

ඉගෙන ගන්න · Al-Mumtahana — الممتحنة

අනුගමනය · පුනරාවර්තනය · පැවසීම · ලියාපදිංචිය අවශ්‍ය නැත

තෆ්සීර් · 31 භාෂා