මුල් පිටුවතෆ්සීර්As-Saff (61)

තෆ්සීර් As-Saff (61) — الصف

මදනී · 14 වාක්‍ය

කියවන්න · අහන්නPDF ගොනුව

سَبَّحَ لِلَّهِ مَا فِى ٱلسَّمَـٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ ۖ وَهُوَ ٱلْعَزِيزُ ٱلْحَكِيمُ ﴿١﴾

උත්තරීතර ශුද්ධවන්තයාණන් වන අල්ලාහ්ට අදාළ නොවන සියලු දැයින් අහස්හි ඇති දෑ ද මහපොළොවේ ඇති දෑ ද ඔහුව පිවිතුරු කරති. සුවිශුද්ධ කරති. ඔහු කිසිවෙකු විසින් පරාජය කළ නොහැකි සර්වබලධාරියාණන්ය. ඔහුගේ මැවීමෙහි ඔහුගේ නියමයෙහි හා ඔහු ආගමානුගත කිරීම්හි ඔහු මහා ප්රඥාවන්තය

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لِمَ تَقُولُونَ مَا لَا تَفْعَلُونَ ﴿٢﴾

අහෝ අල්ලාහ් ව විශ්වාස කළවුනි! අප සිදු කළ දෙයක් වර්තමානයේ නුඹලා සිදු නොකළ තත්ත්වයෙන් නුඹලා ඒ ගැන පවසනුයේ ඇයි. එය නුඹලා අතරින් කිසිවෙකු, ඔහු තම අසිපතින් සටන් කර පහර නොදුන් තත්ත්වයක මම මාගේ අසිපතින් සටන් කළෙමි. පහර දුනිමි යැයි පවසනවාක් මෙනි

كَبُرَ مَقْتًا عِندَ ٱللَّهِ أَن تَقُولُوا۟ مَا لَا تَفْعَلُونَ ﴿٣﴾

අල්ලාහ් ඉදිරියේ ද්වේශසහගත එම ක්රියාව බරපතළ කරුණක් විය. එනම් නුඹලා සිදු නොකරන දෑ පවසා සිටීමය. දේව විශ්වාසියෙකුට, ඔහු සිදු කරන ක්රියාව, ඔහුගේ ප්රකාශය තහවුරු කරමින් අල්ලාහ් ට සත්යවාදියෙකු ලෙස සිටීම මිස වෙනකක්فසුදුසු නොවන්නේය

إِنَّ ٱللَّهَ يُحِبُّ ٱلَّذِينَ يُقَـٰتِلُونَ فِى سَبِيلِهِۦ صَفًّۭا كَأَنَّهُم بُنْيَـٰنٌۭ مَّرْصُوصٌۭ ﴿٤﴾

සැබැවින්ම අල්ලාහ් එකිනෙකට බැඳුණු ගොඩනැගිල්ලක් සේ පෙළින් පෙළට සිට ඔහුගේ තෘප්තිය අපේක්ෂාවෙන් ඔහුගේ මාර්ගයේ සටන් කරන දේව විශ්වාසීන් ප්රිය කරයි

وَإِذْ قَالَ مُوسَىٰ لِقَوْمِهِۦ يَـٰقَوْمِ لِمَ تُؤْذُونَنِى وَقَد تَّعْلَمُونَ أَنِّى رَسُولُ ٱللَّهِ إِلَيْكُمْ ۖ فَلَمَّا زَاغُوٓا۟ أَزَاغَ ٱللَّهُ قُلُوبَهُمْ ۚ وَٱللَّهُ لَا يَهْدِى ٱلْقَوْمَ ٱلْفَـٰسِقِينَ ﴿٥﴾

අහෝ දූතය! ‘සැබැවින්ම මම නුඹලා වෙත එවන ලද අල්ලාහ්ගේ දූතයා බව නුඹලා දැන දැනම මාගේ නියෝගයට විරුද්ධ ව කටයුතු කරමින් මා වේදනාවට පත් කරනුයේ ඇයි?’ දැයි මූසා තම සමූහයාගෙන් විමසා සිටි අවස්ථාව මෙනෙහි කර බලනු. ඔවුන් වෙත කවර සත්යයක් පැමිණියේ ද එයින් ඔවුන් හැරී, වෙනතකට නැඹුරු වූ කල්හි අල්ලාහ් ද ඔවුන්ගේ හදවත් සත්යයෙන් හා නිවැරදි මාර්ගයෙන් වෙනතකට යොමු වන්නට ඉඩ හැරියේය. අල්ලාහ් ඔහුට අවනත වීමෙන් බැහැර වූ ජනයාට සත්යය සඳහා ආශිර්වාද නොකරනු ඇත. بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

وَإِذْ قَالَ عِيسَى ٱبْنُ مَرْيَمَ يَـٰبَنِىٓ إِسْرَٰٓءِيلَ إِنِّى رَسُولُ ٱللَّهِ إِلَيْكُم مُّصَدِّقًۭا لِّمَا بَيْنَ يَدَىَّ مِنَ ٱلتَّوْرَىٰةِ وَمُبَشِّرًۢا بِرَسُولٍۢ يَأْتِى مِنۢ بَعْدِى ٱسْمُهُۥٓ أَحْمَدُ ۖ فَلَمَّا جَآءَهُم بِٱلْبَيِّنَـٰتِ قَالُوا۟ هَـٰذَا سِحْرٌۭ مُّبِينٌۭ ﴿٦﴾

"අහෝ ඉස්රාඊල් දරුවනි! සැබැවින්ම මට පෙර පහළ වූ තව්රාතය තහවුරු කරන්නෙකු ලෙස සැබැවින්ම මා නුඹලා වෙත එවන ලැබූ අල්ලාහ්ගේ දූතයකු වෙමි. මම අලුතින් බිහි වූ දූතයෙකු නොවෙමි. එමෙන්ම මගෙන් පසුව පැමිණෙන්නට නියමිත, නමින් අහ්මද් වන දූතයකු පිළිබඳ ශුභාරංචි දන්වන්නෙකු ලෙස ද පැමිණ ඇත්තෙමි" යැයි මූසා බනූ ඉස්රාඊල් සමූහයා අමතා පවසා සිටි අවස්ථාව, අහෝ දූතය! මෙනෙහි කර බලනු. තම සත්යභාවය තහවුරු කරන පැහැදිළි සාධක සමග ඊසා ඔවුන් වෙත පැමිණි කල්හි ඔවුහු: ‘මෙය පැහැදිලි හූනියමකි. කිසිවිටෙක අපි මෙය අනුගමනය නොකරන්නෙමු’ යැයි පැවසූහ

وَمَنْ أَظْلَمُ مِمَّنِ ٱفْتَرَىٰ عَلَى ٱللَّهِ ٱلْكَذِبَ وَهُوَ يُدْعَىٰٓ إِلَى ٱلْإِسْلَـٰمِ ۚ وَٱللَّهُ لَا يَهْدِى ٱلْقَوْمَ ٱلظَّـٰلِمِينَ ﴿٧﴾

අල්ලාහ්ට අවංක ව ඒකීතයත්වයේ දහම වෙත ඇරයුම් කරනු ලබමින් සිටිය දී, නැමදීම සඳහා ඔහුට සමානයන් තබා, අල්ලාහ් මත බොරු ගොතා පවසන්නන්ට වඩා මහත් දරුණු අපරාධකරුවකු වෙනත් නැත. දේව ප්රතික්ෂේපය හා පාපකම් හේතුවෙන් තමන්ටම අපරාධකර ගත් ජනයාට ඔවුන්ගේ යහමග හා ඔවුන්ගේ නිවැරදි මග ඇතුළත් දෑ වෙත ආශිර්වාද කරන්නේ නැත

يُرِيدُونَ لِيُطْفِـُٔوا۟ نُورَ ٱللَّهِ بِأَفْوَٰهِهِمْ وَٱللَّهُ مُتِمُّ نُورِهِۦ وَلَوْ كَرِهَ ٱلْكَـٰفِرُونَ ﴿٨﴾

එම බොරුකාරයින්, ඔවුන්ගෙන් මතුවන නපුරු ප්රකාශයන් හා සත්යය විකෘති කිරීම් හේතුවෙන් අල්ලාහ්ගේ ආලෝකය නිමා දමන්නට අපේක්ෂා කරයි. අල්ලාහ් ඔවුන් විනාශ කරමින් මහපොළොවේ නැගෙනහිර හා බටහිර දේශයන්හි ඔහුගේ දහම ප්රසිද්ධ කරමින් හා ඔහුගේ වදන උසස් කරමින් ඔහුගේ ආලෝකය සම්පූර්ණ කරන්නාය

هُوَ ٱلَّذِىٓ أَرْسَلَ رَسُولَهُۥ بِٱلْهُدَىٰ وَدِينِ ٱلْحَقِّ لِيُظْهِرَهُۥ عَلَى ٱلدِّينِ كُلِّهِۦ وَلَوْ كَرِهَ ٱلْمُشْرِكُونَ ﴿٩﴾

ඉස්ලාම් දහම සමග මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඔහුගේ දූතයා ලෙස එව්වේ අල්ලාහ්ය. එය යහපතට මග පෙන්වන යහමගකි. එය ප්රයෝජනවත් දැනුමෙහි හා දැහැමි ක්රියාවෙහි පිළිවෙතයි. එයට මහපොළොවේ ඉඩක් ලැබීම හෙළා දකින දේව ආදේශකයින් විනාශ කර දමා සියලු දහම්වලට ඉහළින් එය ඔසවා තබණු ඇත

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ هَلْ أَدُلُّكُمْ عَلَىٰ تِجَـٰرَةٍۢ تُنجِيكُم مِّنْ عَذَابٍ أَلِيمٍۢ ﴿١٠﴾

අල්ලාහ්ව විශ්වාස කොට, ඔහු ඔවුනට ආගමානුගත කළ දෑ අනුව කටයුතු කරන්නනි, වේදනා සහගත දඬුවමින් නුඹලාව මුදවා ගන්නා ලාභදායී ව්යාපාරයක් වෙත මම නුඹලාට මග පෙන්වන්න ද? بلغ අල්-කුර්ආන් · තෆ්සීර්

تُؤْمِنُونَ بِٱللَّهِ وَرَسُولِهِۦ وَتُجَـٰهِدُونَ فِى سَبِيلِ ٱللَّهِ بِأَمْوَٰلِكُمْ وَأَنفُسِكُمْ ۚ ذَٰلِكُمْ خَيْرٌۭ لَّكُمْ إِن كُنتُمْ تَعْلَمُونَ ﴿١١﴾

එම ලාභදායී ව්යාපාරය වනුයේ අල්ලාහ් ඔහුගේ දූතයාණන්ව නුඹලා විශ්වාස කොට, ඔහුගේ තෘප්තිය උදෙසා නුඹලාගේ ධනය වියදම් කරමින් හා නුඹලාගේ ජීවිත පරදුවට තබමින්, ඔහුගේ මාර්ගයේ නුඹලා කැපවීමය. සඳහන් කරන ලද එම ක්රියාවන් නුඹලාට යහපතකි. නුඹලා ඒ ගැන දන්නෙහු නම් ඒ වෙත නුඹලා ඉක්මන් වනු ඇත

يَغْفِرْ لَكُمْ ذُنُوبَكُمْ وَيُدْخِلْكُمْ جَنَّـٰتٍۢ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَـٰرُ وَمَسَـٰكِنَ طَيِّبَةًۭ فِى جَنَّـٰتِ عَدْنٍۢ ۚ ذَٰلِكَ ٱلْفَوْزُ ٱلْعَظِيمُ ﴿١٢﴾

එම ව්යාපාරයේ ලාභය වනුයේ නුඹලාගේ පව්වලට අල්ලාහ් නුඹලාට සමාව දී, ස්වර්ග මාලිගා හා ගස් යටින් ගංගාවන් ගලා බස්නා උයන්වලට ඇතුළු කර, විතැන් වීමකින් තොරව සදා උයන්හි යහපත් ජීවිතයක් ගත කරන නවාතැනකට ඇතුලු කිරීමය. සඳහන් කරන ලද එම ප්රතිඵලය කිසිදු ජයග්රහණකට සමීප කළ නොහැකි අතිමහත් ජයග්රහණයකි

وَأُخْرَىٰ تُحِبُّونَهَا ۖ نَصْرٌۭ مِّنَ ٱللَّهِ وَفَتْحٌۭ قَرِيبٌۭ ۗ وَبَشِّرِ ٱلْمُؤْمِنِينَ ﴿١٣﴾

එම ව්යාපාරයේ ලාභයෙන් තවත් කරුණක් වන්නේ, මෙලොවදීම කල් ඇතිව නුඹලාගේ සතුරන්ට එරෙහිව අල්ලාහ් නුඹලාට උදව් කිරීම ගැන නුඹලා සතුටු වීමය. නුඹලාට ජය ලබා දෙන ජයග්රහණය ඉතා සමීපව ඇත. එය මක්කා ජයග්රහණය හා සෙසු ජයග්රහණයන්ය. අහෝ දූතය! ඔවුන් සතුටු කරවන මෙලොවෙහි, ඔවුන් සතු ජයග්රහණය හා මතුලොවෙහි ස්වර්ග උයනින් ලබන ජයග්රහණය පිළිබඳ ඔවුනට තොරතුරු දන්වා සිටිනු

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ كُونُوٓا۟ أَنصَارَ ٱللَّهِ كَمَا قَالَ عِيسَى ٱبْنُ مَرْيَمَ لِلْحَوَارِيِّـۧنَ مَنْ أَنصَارِىٓ إِلَى ٱللَّهِ ۖ قَالَ ٱلْحَوَارِيُّونَ نَحْنُ أَنصَارُ ٱللَّهِ ۖ فَـَٔامَنَت طَّآئِفَةٌۭ مِّنۢ بَنِىٓ إِسْرَٰٓءِيلَ وَكَفَرَت طَّآئِفَةٌۭ ۖ فَأَيَّدْنَا ٱلَّذِينَ ءَامَنُوا۟ عَلَىٰ عَدُوِّهِمْ فَأَصْبَحُوا۟ ظَـٰهِرِينَ ﴿١٤﴾

ى عدوهم فأ صبحوا ظهرين අහෝ අල්ලාහ්ව විශ්වාස කොට, ඔහු ඔවුනට ආගමානුගත කළ දෑ අනුව ක්රියා කළවුනි! නුඹලාගේ දූතයාණන් නුඹලා වෙත කවර දහමක් ගෙන ආවේ ද ඊසා (අලයිහිස් සලාම්) තුමාගේ අනුගාමිකයින් මෙන් නුඹලා එයට උදව් කරමින්, අල්ලාහ්ගේ සහයකයින් බවට පත් වනු. එතුමා තම අනුගාමිකයින්ගෙන් ‘අල්ලාහ් වෙත උදව් කරන්නන් කවුරුන් දැ’යි විමසා සිටි විට ඔවුන් පෙරටැවිත් ‘අල්ලාහ්ගේ උදව්කරුවන් අපි වෙමු’ යැයි පවසා ඉස්රාඊල් දරුවන්ගෙන් පිරිසක් ඊසා (අලයිහිස් සලාම්) තුමාව විශ්වාස කළ අතර, තවත් පිරිසක් එතුමා ව ප්රතික්ෂේප කළෝය. ඊසා (අලයිහිස් සලාම්) තුමාව විශ්වාස කළවුන් දෙවියන් ප්රතික්ෂේප කළවුනට වඩා ඉහළින් ශක්තිමත් කළෙමු. ඔවුන් අභිබවා යන්නන් බවට ඔවුහු පත් වූහ. මූලාශ්‍රය: අල්-මුඃතසර් ෆී තෆ්සීරිල් කුර්ආන්

ඉගෙන ගන්න · As-Saff — الصف

අනුගමනය · පුනරාවර්තනය · පැවසීම · ලියාපදිංචිය අවශ්‍ය නැත

තෆ්සීර් · 31 භාෂා